පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) ඉවත දැමීය.
බුවනෙක අළුවිහාරේ, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවු අවස්ථාවේදී එහි පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා පෙත්සම අස්කර ගන්නා බව දැනුම් දුන්නේය.
හිටපු ජනපතිට ලබාදී ඇති ආරක්ෂාව නිසා සෙසු අපේක්ෂකයින්ට අසාධාරණයක් සිදු වන හෙයින් ලබාදී ඇති එම ආරාක්ෂාව අඩු කරන්නැයි ඉල්ලා සමසමාජ පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක නීතිඥ සේනක පෙරේරා මහතා පෙත්සම ගොනු කර තිබිණි.මෙම පෙත්සමේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, මැතිවරණ කොමසාරිස්වරයා, මහජන සාමය පිළිබඳ අමාත්‍ය ,ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අද පෙරවරු 6.00 අවසන් වීමට නියමිතව තිබූ ඇඳිරි නීතිය අද දහවල් 12.00 දක්වා දික් කළ බව පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්දට එරෙහි පෙත්සම අස්කර ගනී
රෝහිත Saturday, 15 August 2015 08:59 AM
හොඳ තීරණයක් (නි)
කරුණාරත්න Saturday, 15 August 2015 12:18 AM
හොඳ තීරණයක් (නි)
තිලක් Friday, 14 August 2015 05:53 PM
හොඳ නීතිඥයොත් ලංකාවේ ඉන්නවා (නි)
අබේරත්න-ටෝකියෝ Sunday, 16 August 2015 05:05 PM
ගාස්තුවට යටත්කර ඉවත් කරන්න ඕනෑ. (නි)
අසංක Friday, 14 August 2015 08:41 PM
බුද්ධිමත් තීරණයක් (නි)
ප්‍රින්ස් Friday, 14 August 2015 09:22 PM
මේ තීරණය ගැන මට නම් සතුටුයි (නි)