IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි

(රංජන් කස්තුරි)

හිටපු  ජනපති  මහින්ද රාජපක්ෂ මහතාට  සහ රාජපක්ෂ පවුලේ  සාමාජිකයන්ට  එරෙහිව එල්ලවී  ඇති  චෝදනා සම්බන්ධයෙන්  සිදුකැරෙන පරික්ෂණ කඩිනම්  කිරිමට  රජය තීරණය කර  ඇතැයි වාර්තා වේ.

රජය මෙම තීරණය එළබී ඇත්තේ  හිටපු  ජනාධිපතිවරයාට  සහ ඔහුගේ  පවුලේ  සාමාජිකයන්ට එරෙහිව එල්ලවී  ඇති  චෝදනා  පිළිබඳ පරික්ෂණ ඉතාම මන්දගාමී  ලෙස සිදුකෙරෙන බව එක්සත්  ජාතික පක්ෂයේ  පසු පෙළ මන්ත්‍රීවරුන් පිරිසක්  දිගින් දිගටම කරුණූ  දැක්වීමේ ප්‍රතිළුලයක්  වශයෙන් දැනගන්නට  තිබේ.

යහපාලන රජය බලයට  පත්වී  මේ  වන විට  වසර  දෙකහමාරක්  ගතවී  ඇතත් හිටපු  ජනපතිට සහ ඔහුගේ පවුලේ  සාමාජිකයන්ට  එරෙහිව කිසිදු  පරික්ෂණයක්  තවමත්  අවසන් වී  නැති  බවද ඔවුන්  පෙන්වාදී  ඇත.

පසුගිය සතියේ  පැවති  කැබිනට්  රැස්වීමේදීත්  ඇමැතිවරුන් කීප දෙනෙකු  මේ සම්බන්ධයෙන්  අදහස්  දක්වා  ඇතැයි වාර්තාවේ.



අදහස් (40)

මහින්දට එරෙහි පරික්ෂණ ඉක්මන් කරයි

Rizwan Dubai Monday, 14 August 2017 04:22 AM

එහෙම සිද්දවෙනවානම් නියමයි .

:       4267       5012

SathyayaaMonday, 14 August 2017 11:26 PM

දඬුවම් කිරීමේදී පුද්ගලයන්ගේ නම් සඳහන් කරමින් කතා කරනවාට වඩා කළ වැරැද්ද හා එහි බරපතළකම ගැන අවධානය යොමුකර රටට අහිමිවූ ධනය මේ පුද්ගලයින්ගෙන් පොලිත් සමග අය කරගත යුතුයි.

:       0       81

ජයසිරි Monday, 14 August 2017 04:23 AM

ජන්දයක් ලඟද?

:       828       1002

amaa Monday, 14 August 2017 04:30 AM

චන්දෙ ලග ඇති

:       683       720

Nuwan Monday, 14 August 2017 04:41 AM

මේ ගොල්ලෝ තාම බයයි . බහුතරය සිංහල ඉන්නේ හිටපු කට්ටියගේ පැත්තෙනේ. ඒ නිසා මුකුත් කරන්න බයයි

:       1270       1300

sachith Monday, 14 August 2017 04:44 AM

ඉස්සර මට මතකයි, චන්දයක් ලග එනකොට සුරියකන්ද, බටලන්ද කොමිසම් එනවා. චන්දෙ ඉවර වෙනකම් විතරයි වැඩ, ඊට පස්සේ වෙච්ච දෙයක් නෑ.. මේවත් හරියට ඒවා වගේම තමා. බොරුවට මිනිස්සු රවට්ටලා චන්ද ගන්නවා.

:       94       392

raveendra Monday, 14 August 2017 04:48 AM

කව්රු මහජන මුදල් අවබවිත කලාද ඔහු හෝ ඇයට දඩුවම් කලයුතුමය . එසේ අපගේ මුදල් හොරකම්කලේ මහින්දද , රනිල්ද , මෛත්‍රී ද ජෝන්ද රවියද යන්න පුරවැසියන් වන අපට අදාල නැත. නිල්, රතු , කොළ මොන පක්ෂයේ වුනත් හොරානම් හොරාට දඩුවම් කලයුතුමය.

:       5       1010

LakviduMonday, 14 August 2017 11:45 AM

යාලුවා, අමතක කරන්න එපා.. මේ සිරි ලංකාව.

:       0       7

dias Monday, 14 August 2017 04:50 AM

එහෙම විය යුතුයි . වැරදි නම් දඬුවම් දිය යුතුයි. නැත්නම් නිදොස්කොට ජනතාවට කිවයුතුයි.

:       1       526

nuwan Monday, 14 August 2017 05:03 AM

හොරුන්ට දඬුවම් දෙන්ඩ බැරි නම් ආණ්ඩුව ගෙදර යා යුතුයි. ඉක්මන්කරපල්ලා.

:       2       662

niresh Monday, 14 August 2017 05:17 AM

හොරකන් කරේ කවුද කියන එක නෙමේ ප්‍රශ්නේ. එහෙම කරප කාටවත් දඩුවම් දෙන්නේ නැති එක. මහජනතාවට දැනෙන්න දඩුවම් දෙන්න ඕනේ. ඕනෙම හොරෙක් එක හා සමානව සලකල දැඩි දඩුවම් දෙන්න ඕනේ. නැත්තන් අපේ රට තම කාලකන්නි වෙන්නේ. අනාගත ළම්යින්ටවත් ආදර්ශයක් වෙන්නේ ඕනේ අඩුම තරමින්.

:       1       532

විරාජ් Monday, 14 August 2017 05:20 AM

ජනතා විමුක්ති පෙරමුණ බස් ගිනිතියල පාලම් බෝක්කු පුපුරවල රාජ්‍ය ආයතන ගිනිතියල මේ රටට කරපු හානිය ගැන දැන් කිසිම කතාවක් නැත.ඔවුන් හැසිරෙන්නෙ තව්තිසාවෙන් බැහපු ශුද්ධ දේවතාවන් සේය.ඒ අලාභය අයකරගන්න ක්‍රමවේදයක් අවශ්‍යයි.අඩුම තරමෙ අලාභෙ ප්‍රමාණයවත් ජාතියට හෙළිවිය යුතුයි.

:       857       1000

surangaMonday, 14 August 2017 05:46 AM

ජවිපෙ 88/89 කල විනාසයත් එජාපයේ සහ නිදහස් පක්සේ කට්ටිය කල හොරකම් ටිකත් . අය කල ගට්ටම ලංකාව දිවිය ලෝකයක් කරන්න පුළුවන්. ඕනෙනම් ඩයස් පොරවත් අල්ල ගන්න. මොකද මම දැක්ක මාතර පැත්තේ එජාප මන්ත්‍රී වරුන්ගේ පාරවල් හදන්නේ , බෙලීඅත්තෙ රාජපක්සලගේ ගොලොයෝ ටික. මොකක්ද වෙනස?

:       2       124

uddikaMonday, 14 August 2017 07:29 AM

ජවිපෙ වගේම අනෙක් හැමදෙනාටමත් කරපු වැරදි වලට දඬුවම් දෙන්න. එතකොට මිනිස්සු නීතියට බය වෙනවා!!!

:       0       76

අසෝක ජයතිලක මිලානෝ Monday, 14 August 2017 05:46 AM

කවුරුන්හෝ අන්ත අසරණ සුනාමි පීඩිතයන්ටත් එවපු ආධාර සොරකම් කලේ නම් ඔවුන්ට ස්වභාවධර්මයෙන් නම් කිසිම සමාවක් නොලැබෙනු ඇත. එය අද පෙනෙන්නටම ඇත. මතුවට ඒ අය මීට වඩා සිහිවිකලෙන් ඇවිදිනු ඇත.

:       2178       1117

පිටිගල මිලානෝ Monday, 14 August 2017 07:30 AM

යස අගේට තව ටිකක් හම්බකර ගන්න තිබ්බ අවුරුදු දෙකක්ම නැති කරගත්තා රත්තරන් බිත්තර ටික බඩ කපලම එකපාරට ගන්න ගිය නිසා. අනේ සල්ලි...!!!

:       1129       119

srimala Monday, 14 August 2017 06:20 AM

අධිකරණය භාර ඇමති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේම ප්‍රකාශයක් කලා ඔහු සිටිනකම් ඝෝඨාභය මහතා කිසි විටක බන්ධනාගාර ගතවීමට ඉඩ නොදෙන බව. අනික රාජපක්ෂලා පොලීසිය කරන සියලුම පරීක්ෂණ ගැන මාධ්‍ය ඉදිරියේ ඉතාමත් හාස්‍යයටත් සමච්චලයටත් ලක් කරනවා. තාජුදීන් ඝාතනය, මැණික් මල්ල, මල්වානේ මාලිගාව, නාමල්ගේ කාරය, මිග් ගනුදෙනුව, වාස් ගුණවර්ධන කියපු රත්තරන් මලු, ශෑන්ග්රිල්ලා කොමිස්, ඉතා සරල උදාහරණ, ආණ්ඩුවද ඔවුන්ට විරුද්ධව කිසිවක් කරයි කියා සිතන්න බෑ.

:       445       381

etarahelayaMonday, 14 August 2017 10:47 AM

හොරකම් කරන්න බැරි විදිහට රජය ක්‍රියා කලොත් ඇමති මණ්ඩලයට ඇමතිවරු ඉබේම අඩු වි 20 ට විතර බහි. මන්ත්‍රී මණ්ඩලය 50- 60ක් විතර වෙලා, පුරවැසියගේ බදූ අඩුවී, රට නිකන්ම සංවර්ධනය වෙයි.

:       0       117

kaluthara Monday, 14 August 2017 06:24 AM

නයා කාපු රත්රන් පැටියා කෝ? මහත්තයා නම් හොරකම් කළේම නෑ.

:       6       203

පිටිගල මිලානෝ Monday, 14 August 2017 07:24 AM

නයා ගහපු මාල හොරුන්ටත් ඡන්දේ දෙන්න සැදී පැහැදී සිටින ජනතාවක් සිටින මේ රටට මෙහෙම වෙලා මදි!

:       507       517

Shan Monday, 14 August 2017 06:43 AM

ඉක්මණින්ම කල යුතු කාර්යයක්....

:       333       38

බණ්ඩාර (කැකිරාව) Monday, 14 August 2017 06:45 AM

2017 ලෝකයේ පොහොසත්ම දේශපාලකයා රුසියානු ජනාධිපති පුටින් මහත්තයාගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 70යි. රාජිත දත්දොස්තර මහත්තයා කියන විදිහට අපේ හිටපු ජනාධිපතිතුමා පුටින්ටත් වඩා ඉහළින් ඉන්නවා ඇති නේද? අනේ යහපාලුවනේ ඔබලාගේ තරම මිනිස්සු හොඳටම දන්නවා. තවත් බොරු සෝභන එපා. 2015 මිනිස්සු රවට්ටලා බලය ගත්තා. අරගෙන මොනවද කළේ? හැමදේම විකුණන එක විතරයි. මහින්ද හිටපු ජනාධිපතිතුමාට මඩ ගහන්න ගහන්න... ඔහු වටා ජනතාව රොක්වෙනවා. එතුමාට ජනතා ප්‍රසාදය වැඩිවෙනවා. යහපාලන හෙන්චයියන් පිරිහෙනවා...

:       774       2900

mohanMonday, 14 August 2017 08:27 AM

මේ මහත්තයා කැකිරාවෙන් පිටට අඩියක්වත් තියලා නැහැ වගේ.

:       1001       215

SathyayaaMonday, 14 August 2017 11:19 PM

මොහාන්, මෙයා ජර්මනිය පැත්තෙත් ගිහිල්ල රවුම් ගහල ආවට ලෝකය ගැන කිසිම දෙයක් නොදන්නා ලිඳේ ඉන්නා ගෙම්බෙක්.

:       0       0

de silva Monday, 14 August 2017 07:01 AM

ඔය තිබෙන චෝදනා ඉක්මනට විභාග කරලා වැරදිනම් දඩුවම් දීල දමන්න, නැත්නම් නිදහස් කරන්න, විජේදාස හරියට කරන්නේ නැත්නම් ජනාධිපතිතුමාට පුළුවන් හරියට කරන්න පුළුවන් කෙනෙකුට ඔය අමාත්‍යාංශය භාරදීලා , වෙන අමාත්‍යාංශයක් ඔහුට දෙන්න , කරුණාකර බොරු මාධ්‍ය සංදර්ශන වලටනම් ජනතා මුදල් නාස්තිකරන්න නම් එපා

:       9       134

Danushka Monday, 14 August 2017 07:35 AM

225 හැම පාර්ලිමේන්තු ගිහින් පසු ලැබුවාවූ සියලු මුදල්, දේපල ජනසතු කළයුතුය. රටට ණයෙන් ගැලවිය හැකිවේවි !!!

:       0       46

Ronal Monday, 14 August 2017 07:43 AM

බොරු කතා නෑ. රනිල්, විජේදාස ඉන්නකන් ඕවා බොරු තමයි.

:       2       29

babi Monday, 14 August 2017 07:54 AM

බෝ පැලෙට හිරිහැර කරනු එපා.

:       218       17

husen-riyad Monday, 14 August 2017 07:58 AM

ආණ්ඩුවේ ලොක්කෝ දෙන්නගේ "කොන්ද " පණනැතිකම නිසයි නඩු විභාග කරලා දඬුවම් දීම මෙච්චර කල් ඇදුනේ. ඒ මදිවට කේවට්ටයොත් මහැදුරන් වෙලා, ඔවුන්ගේ වාසගමට අදින තත්වෙට පත්වෙනකම් මහඋදවියට වගේ වගක් නැහැ. කිව්වා වගේම අවශ්‍ය වෙලාවට අවශ්‍ය කටයුතු කෙරිලා තිබ්බා නම්, ඔය ආණ්ඩුවට විරුද්ධව එන ගොඩක් ප්‍රශ්න මග හරවා ගන්න තිබ්බා. ඒත්, මේ ප්‍රවෘත්තියත් මාධ්‍ය සංදර්ශනයක්ද කියන එක ගැන අපිට නම් සැකයි. මොකද අපිට මතකයි, පහුගිය දිනවල, වසීම් තජුදීන් ආවා. පෙළපාලියකින් දෙකකින්, ආණ්ඩුව සහ විපක්ෂය ඔය කියපු අත්අඩංගුවට ගැනීම් නිකම්ම නිකම් "මාධ්‍ය සංදර්ශන පමණයි' කියන එක ඔප්පු කළා.

:       0       54

ක්‍රිකට් පිස්සා Monday, 14 August 2017 08:26 AM

ඔක්කෝටම කලින් තිලංග සුමතිපාලටයි, ගුරුසිංහටයි සහ දැන් ඉන්න ගොබ්බ තේරීම් කමිටුවටයි විරුද්ධව පරීක්ෂණයක් කරලා මේ ඔක්කොම ක්‍රිකට් වලින් එළියට දාලා අපේ ක්‍රිකට් බේරාගමු. ක්‍රිකට්වලින් අංක එකේ හිටපු අපි, දවස් පහේ ටෙස්ට් මැච් එක දවස් තුනෙන් ඉවරකරගන්න හැටි තවත් බලන් ඉන්න බැරිම තැනයි ලංකාදීපෙටවත් මෙහෙම ලියන්න හිතුනේ. මාතෘකාවට අදාළ නැති එක ගැන කනගාටුයි.

:       1       254

LakviduMonday, 14 August 2017 11:48 AM

මල්ලී... නිකන් වෙන්නේ නැති වැඩ ගැන කථා නොකර ක්‍රිකට් අමතක කරලා ජිල් බෝල ගහන්න පටන් ගන්න.

:       33       40

janatha anura Monday, 14 August 2017 08:29 AM

කවුරු මහජන මුදල් අවභාවිත කළාද? ඔහු හෝ ඇයට දඬුවම් කලයුතුමය. එසේ අපගේ මුදල් හොරකම් කලේ මහින්ද මහතාද? නිල්, කොළ මොන පක්ෂයේ වුණත් හොරානම් හොරාට දඬුවම් නොකල යුතුමය... යන්න අප රටේ දේශපාලන සම්ප්‍රදාය වී ඇත. අපි එවන් විශ්මය උපද වන තීරණ ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවෙමු... ඒ අයටම ඡන්දය දෙමු...

:       0       27

amali Monday, 14 August 2017 09:01 AM

බටලන්ද මිනීමරුවන්ටත් දඬුවම් දෙන්න ඕනේ. ඒ එක්කම රිචඩ් ද සොයිස මරපු යටත් දඬුවම් දෙන්න ඕනේ.

:       0       400

gamini Monday, 14 August 2017 09:12 AM

ජනතාවට අපි එකතුවෙමු. ආණ්ඩුවට බල කරමු හොරුන්ට දඬුවම් දෙන්න කියා. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා වෙනුවෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතුයි. බොරු වංශගේ විදේශ. ගමන් බලපත්‍ර නඩුවට මොකද වුනේ?

:       463       332

saaliya Monday, 14 August 2017 09:12 AM

ඉක්මණට ඔය පුද්ගලයාව අැතුළට දාලා ඡන්දේ දුන්නු මිනිස්සුන්ගේ හිත සතුටු කරන්න.

:       205       146

jayasinghe Monday, 14 August 2017 09:46 AM

ඔක්කොටම ඉස්සෙල්ලා බැඳුම්කර වංචාවෙන් හොරාකාපු සල්ලි ටික අායෙත් අය කරගන්න බලන්න.

:       0       124

siri Monday, 14 August 2017 09:59 AM

77තේ ඉදන් යූඑන්පී ආණ්ඩු කාලේ විරුද්ධ පාක්ෂිකයින්ගෙන් පළිගත්ත එකනේ. දැන් හදන්නෙත් එ්කම තමයි.

:       54       173

de silva Monday, 14 August 2017 11:51 AM

"ක්‍රිකට්" මහතාගේ අදහස මමත් අනුමත කරමි. ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතුය.

:       0       105

රංබණ්ඩා Monday, 14 August 2017 01:03 PM

හොරුන්ට දඬුවම් දිය යුතුයි... ඒකෙ දෙකක් නැහැ.. එ්ත් කවුද ඒක කරන්නේ කියන එකයි ගැටළුව. ආසියාවේ ලොකුම හොරකම වුණ මහ බැංකු මංකොල්ලය කරපු අයද ඒක කරන්න හදන්නේ..? හොරා කන්න හරි අද රටක් තියෙන්නේ කට්ටියම එකතු වෙලා ගරහන මේ පුද්ගලයා නිසා.. ඒ මනුස්සයා ඇතුළට දැම්මම කට්ටියට නින්ද යයි..

:       0       85

rohana Monday, 14 August 2017 01:29 PM

බණ්ඩාර (කැකිරාව) ඔයා‍ෙපා.ම. මහින්ද මහතාගේ පසුපස යන කෙනෙක් වගෙයි.

:       65       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇම්බර් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 18 0

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් ’’අම්බර්’’ තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකුඅනුරාධපුර පූජා නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිස


ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ධුරයට ස්කොට් බෙසෙනේට්
2024 නොවැම්බර් මස 24 51 0

ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ලෙස ස්කොට් බෙසෙන්ට් නම් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


ඇමෙරිකන් නීතිපති ධුරයට පෑම් බොන්ඩි
2024 නොවැම්බර් මස 24 131 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත්වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකන් නීතිපති ලෙස ඔහුට හිතවත් පෑම් බොන්ඩි නම් කර ඇත.


අඩි සීය පාරේ -අලි රණ්ඩු බෝසේ
2024 නොවැම්බර් මස 24 660 0

හම්බන්තොට සූරියවැව අඩි 100 මාර්ගයේ බැල්ලගස්වැව ප්‍රදේශයේදි වල් අලි දෙදෙනෙක් ද්වන්ධ සටනක යෙදී සිටියහ.


මත්තල ගුවන්තොටේ ආදායමට වඩා වියදම වැඩිවෙලා
2024 නොවැම්බර් මස 24 516 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි ආදායමට වඩා අට ගුණයකින් එහි වියදම 2023 වර්ෂයේ දි වැඩිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවත


බසයට යට වී කත මරුට
2024 නොවැම්බර් මස 24 216 0

මීගහකිවුල පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරිය ශ්‍රී නාගාරාම කෝවිල අසලදී මාර්ගයේ ගමන්ගත් පෞද්ගලික බස් රථයකට යටවීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 503 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 721 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2018 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site