IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහින්දට ගෙනා කන්ටේනර් තුනකට සීල්

ජනපතිවරණ සමයේ බෙදා දීමට ගෙන ආ බව කියන  තේ කට්ටල , පිගන් භාණ්ඩ ,පරිගණ හා  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුවමුද්‍රණය කළ පිඟන්,සාටකය සහිත ටීෂර්ට් සමඟ කන්ටේනේටර් තුනකට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පොලීසිය අද(16) සීල් තැබිය.

පසුගිය විසි එත් වැනිදා දංකොටුව පොසිලෙන් සමාගමෙන් මෙම  කන්ටේනර රැගෙන අවුත් බාර දී ඇතැයිද එහෙත් අද වන තුරු අයිතිකරුවකු ඉදිරිපත් වී නැතැයිද සම්මන්ත්‍රණ ශාලා නිලධරයෝ පොලීසියට කිහ.

 



අදහස් (0)

මහින්දට ගෙනා කන්ටේනර් තුනකට සීල්

ලෙස්ලි ලෝව් Friday, 16 January 2015 05:39 PM

මේක හෑල්ලුවට ලක්කර අදහස් දක්වා ඇති අයට මම කියන්නේ, ඔය සේරම අපේ සල්ලි .මේවා අපරාධ (නි)

:       0       0

අමිල Friday, 16 January 2015 07:21 PM

පැරදුනු මහින්ද මහතාගේ ප්‍රතිරූපය විනාශ කරන්නට දතකන අයුරු දකිනවිට සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට එහි අරමුණ හොඳින් වැටහේ. (නි)

:       0       0

සෑම් Friday, 16 January 2015 09:10 PM

සමහරු රටේ වෙන දේවල් වලින් හොඳ දේවල් තමාගේ ගිණුමටත්, නරක දේවල් කාගේ හෝ ගිණුමකටත් බැරකර නොකැළැල් චරිත මවාපෑමට උත්සාහ කළා. කිසියම් දිනක බලය නැතිවුණොත් ඒ සඳහා කළයුතු විකල්ප ක්‍රියාමාර්ගයක් මේ අයගේ තිබුනේ නැහැ. දේශපාලකයෙක් ඡන්දයකට ඉදිරිපත් වෙනකොට ඡන්දයෙන් පැරදුනොත් තමා කළ නරක වැඩ යම් තරමකට හෝ එළිවීම වළක්වන්න පියවර ගන්නවා. නමුත් දිනුම සහ පැරදුම දෙකම ඡන්දයෙන් සිදුවෙන්න පුළුවන් බව නොදන්නා අය අමාරුවේ වැටෙනවා. (නි)

:       0       0

නිමල් ලාලිත Friday, 16 January 2015 09:23 PM

පානදුර චමිල, ඔබේ කතාව හරි. නමුත් බුද්ධිමත් ජනතාව පක්ෂ බදාගෙන සිටින්නේ නැහැ. ඔවුන් බදාගෙන සිටින්නේ රටේ සංවර්ධනය,නීතිය සහ සාමයයි. (නි)

:       0       0

සුනිල් Saturday, 17 January 2015 01:03 AM

සමහරු බලාගෙන ඉන්නවා දැන් ඔක්කොම හරි තමයි කියලා. දින 100 හා ඊටපසුත් අපි පරාදයි. (නි)

:       0       0

ඩිල්ෂාන් Saturday, 17 January 2015 02:03 AM

පැරදුන කෙනෙකුගේ ප්‍රතිරූපයට හානිකරන එක නොවෙයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. පරිසර විනාශය වහාම වැළැක්වීම, බඩු මිල අඩුකිරීම වගේ වැඩ. පළිගන්න ගියොත් ඊළඟ ඡන්දෙන් ගෙදර යන්න වෙයි. අපි ඡන්දෙ දුන්නේ දැන් වෙන විනාශ නවත්වන්න මිසක් අනුන්ගෙන් පළිගන්න නොවෙයි. (නි)

:       0       0

ශලිනි Saturday, 17 January 2015 02:15 AM

අයිතිකාරයෙක් නැහැ කියන්නේ, දංකොටුව පෝසිලේන් සමාගම මේවා නිකන් ඉන්න බැරුවාට සමාජ සේවය සඳහා නිකම් නිෂ්පාදනය කළා වෙන්න බැහැනේ. මේ සඳහා යම්කිසි පාර්ශවයක් ඇනවුම් කළ ලිපි ලේඛන ආදිය ඇතිනේ. ඒ මඟින් මේවා කාගේද කියලා සොයාගන්න පුළුවන්. මහජනයා තුළ මේ සම්බන්ධයෙන් යම් සැකයක් තිබෙනවා නම් ඒකත් එතකොට නැතිවෙනවා. කෙළින්ම පෝසිලේන් ආයතනයේ නිලධාරියෙක් සම්බන්ධ කරගෙන විනිවිදභාවයෙන් කටයුතු කළා නම් හොඳයි. (නි)

:       0       0

ශෙහාන් Saturday, 17 January 2015 03:00 AM

තාමත් ඉතින් කඩේ යන අය ඉන්නවනේ! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 17 January 2015 03:28 AM

ෂෙහාන්, ඔයා දන්නේ නැතුව ඇති ඔය විධියට කාලයකදී කඩේ ගිය කට්ටියගේ විස්තරේ. ඒ කාලේ ඔය කට්ටිය කිව්වේ " හාල් නැතුව බත් කන්නම්, මිරිස් නැතුව හොදි කන්නම්, සීනි නැතුව තේ බොන්නම්, වගේ පෙළපාලි පාඨ. විපක්ෂෙන් ඕකට එකතු කළා" රෙදිත් නැතුව අපි ඉන්නම්" කියල, මොකද? ඒකාලේ රෙදි දුන්නෙත් සමුපකාරේ කුසපත් අැදලා. රෙදිත් හරි හිඟයි. මෙච්චර දුෂිත වැඩ කරලා අතටම අල්ලගත්තට පස්සෙත් කඩේ යන කට්ටියට ගැලපේවි අර අන්තිමට කියපු පාඨය කියලයි මම හිතන්නේ. (නදී)

:       0       0

සසික Saturday, 17 January 2015 03:56 AM

ඔක්කොම හරි කියමුකෝ. ඒත් ඔතනත් දැන් වීරයෝ වෙලා ඉන්න කට්ටිය ගැන අපි දන්නවා (නි)

:       0       0

විහාන් උබේරාම Saturday, 17 January 2015 05:43 AM

අයියෝ අපේ සල්ලි (නදී)

:       0       0

දුම්න්ද Saturday, 17 January 2015 05:52 AM

මේ හැම දේම වටේ හිටිය අයගේ වැඩ .(දිල්)

:       0       0

ජෙහාන් Friday, 16 January 2015 12:23 PM

ඉතින් දෙවියනේ අයිතිකාරයා නැහැ කියන්නේ කොහොමද? ඔය රූපයත් තියනවා කියලා කියන්නේ? ඉතින් ගිහින් බාරදෙන්නනේ තියෙන්නේ (නි)

:       0       0

ෂෙහාන් Saturday, 17 January 2015 05:57 AM

අජිත් මං කිවුවේ මේ හිටපු ජනාධිපතිට ලජ්ජා නැතුව තාමත් කඩේ යන අය ඉන්නවා කියලයි. මේවා අහිංසක අපේ සල්ලි (අ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 16 January 2015 12:46 PM

සාටකය තිබෙන ටී ෂර්ටුත් ගෙනල්ලාද? (නි)

:       0       0

චමිල-පානදුර Friday, 16 January 2015 01:11 PM

අපේ රටේ පක්ෂ බදාගෙන ඉන්න බුද්ධිමත් ජනතාවට තාමත් තේරුනේ නැහැ මේ අපේම සල්ලි තමයි නිරපරාදේ නාස්ති කරලා තියන්නේ කියලා. මේවාට කවදාහරි වන්දි ගෙවන්න වෙන්නෙත් අපිටයි අපේ දරුවන්ටයි තමයි. (නි)

:       0       0

රංග Friday, 16 January 2015 01:12 PM

ඕක බැරිද අපේ බන්දුල පෙරේරාට බාරගන්න? හැබැයි ඉතින් ලිපිනය නම් හොයාගන්න අමාරු වේවි. නම් 50 ක් විතර තියනවානේ! (නි)

:       0       0

විජය Friday, 16 January 2015 01:13 PM

ඉතින් ජනපති සමයේ බෙදාදීමට ගෙනාවා නම් දැන් තියෙන්නේ කොහොමද? අනික එහෙම නිකන්ම කන්ටේනර් දාලා යන්නේ නැහැනේ. (නි)

:       0       0

සමන්ති Friday, 16 January 2015 02:20 PM

සාටකය සහිත ටී ෂර්ට්ස් වලට කියන්නේ කුරහන් ශෝල් ටී කමිස කියලාද ? (නදී)

:       0       0

බණ්ඩා Friday, 16 January 2015 02:33 PM

අයිතිකාරය මැදමුලන ඉන්නේ බාර දීල මතක ඇතුව සල්ලි ඉල්ලා ගන්න. (නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 17 January 2015 07:41 AM

සමහරුන්ගේ අදහස් දැක්කම අඩන්නද, හිනාවෙන්නද කියල හිතාගන්න බෑ. සත්‍යපාල මහතා කියාලා තියෙන එකම තමයි මටත්කියන්න තියෙන්නේ.(අ)

:       0       0

අමරසිරි Friday, 16 January 2015 03:01 PM

ඔය දේවල් විනාශ කරන්නවත් අපතේ යවන්නවත් එපා. අපි වගේ මාසික වැටුපකින් යැපෙන අයට සහන මිලකට හරි දෙන්න. ඒක ඉදිරි මැතිවරණ ප්‍රතිඵලයකට (බඩු බෙදීම)බලනොපාන බව මෙවරත් ඔප්පුවුණ නිසා මම හිතනවා මගේ ඉල්ලීම සාධාරණයි කියලා. (නි)

:       0       0

රන්ජිත් Friday, 16 January 2015 03:55 PM

දැන් අර රුව මුද්‍රණය කළ බඩු ටිකට මොකද කරන්නේ? (නි)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Friday, 16 January 2015 04:35 PM

එතකොට මේ භාණ්ඩ අයිතිකරුවෙක් , භාරකරුවෙක් ඉන්වොයිස් වගේ කිසිම දෙයක් නොමැතිව ඉබේටම එහා මෙහා ගිය ඒවා කියලද පිළිගන්න කියන්නේ. රට මුදවා ගත්තා කියන දේ ඇපයට තියලා මුළු රටටම කර තිබෙන්නේ මහා අපරාදයක්. (නදී)

:       0       0

දිලිත් Friday, 16 January 2015 04:38 PM

විජය, ඕවා බෙදන්න ඉඩක් ලැබුණා නම් නොබෙදා ඉඳියිද ? (නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 16 January 2015 04:39 PM

සාටක විතරද තියෙන්නේ? වශී බෝල එහෙම නැද්ද? ම‍ම එකක් හොයමින් ඉන්නේ. (නදී)

:       0       0

සත්‍යපාල Friday, 16 January 2015 04:43 PM

විජය ඔයා යන්න මොන්ටිසෝරියකට ඕවා ඉගෙන ගන්න. අපි අද රාත්‍රී 8 ප්‍රවෘර්ති වලින් දැක්කා ආසියාවේ ආශිචාර්ය අරලිය ගහ මන්දිරයේ ඉදිකරලා තිබුණු සුපිරි සම්මන්ත්‍රණ ශාලා. උත්සව ශාලා හා කාර්යාල. ඒවායේ වැසිකිලි වලටත් වායු සමනය හා රූපවාහිනි පහසුකම් ලබා දී තිබුනා. මේ තරම් රටේ මුදල් කාබාසිනියා කල යුගයක් මෑත ඉතිහාසයේ නැති තරම්. (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 16 January 2015 05:29 PM

දෙවියනේ! ජාතික අපරාධ නේද මේවා? අනාගතයේදී ස්වභාව ධර්මයෙන්ම දඬුවම් ලැබේවි. ඔහොම යමු... (නි)

:       0       0

ගමගේ Friday, 16 January 2015 05:35 PM

බොරු එපා මහත්තයෝ.අපේ මහින්ද මහත්තයා ඕවා ඡන්දයට ගෙනාවා නම් ඕවා ඔතනට ආවේ කොහොමද? දැන් කියව කියවා ඉන්නේ නැතුව නඩු දාන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 549 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 61 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 428 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 526 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 714 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1008 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site