IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මහින්දට - තිලංගට තනතුරින් යන්නැයි මෛත්‍රී කියයි

(මුදිතා දයානන්ද)

මහින්ද අමරවීරට හා තිලංග සුමතිපාලට  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දැනුම් දී ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

නව සන්ධානයක් ගොඩනැගීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරිමට මෙම ලේකම් ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් බලපාන බැවින් මෙම දැනුම් දීම සිදුකර ඇති බවද වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂයේ මතයට පටහැනිව යමින් මහින්ද අමරවීර මහතා ආණ්ඩුවට එකතු වී ඇමති දූරයක් භාර ගත්තේ යැයි ඔහුව එම දූරයෙන් ඉවත් කිරිමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේය.

හිස්වූ ලේකම් දූරයට පසුව තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබීය. මෙම තීරණයට එරෙහිව මහින්ද අමරවීර මහතා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවද වාර්තාවේ.

නව සන්ධානය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කරන්නේ නම් මොවුන් දෙදෙනාම ඉවත්ව නව මහලේකම්වරයෙකු පත් කළ යුතුව ඇති බවද ඒ අනුව ඉහත දැනුම් දීම සිදුකර ඇති බවද එයට අමරවීර හා සුමතිපාල මහත්වරු දෙදෙනාම එකග වී ඇති බවද වාර්තාවේ.

 



අදහස් (1)

මහින්දට - තිලංගට තනතුරින් යන්නැයි මෛත්‍රී කියයි

චතුරි Tuesday, 30 January 2024 05:56 AM

ඔය කාටත් ටික කාලයයි තව තියෙන්නෙ. ඉල්ලා අස් වෙන්න. නෙමේ වහ කන්න වෙන්නෙ මහ ලොකු පක්ශෙ. මීහරක් ටිකටයි. පක් ශෙටයි. කිසිම හෙනයක් පාත් වුනේ නැහැ. රටයි ජනතාවටයි තම්ස්‍යි යන එනමන් නැති වුනේ. බොරුවට පක්ශයක් බදාගන. ජනාෆ්හිපති වෙලත් කෙරුවේ පක්ශේආරක්ශා කරපු එකා මහින්දයව හොරෙන් ගෙනත්. වෙන රටකනම්. මේකාව හිරේ දානවා. කරපු දේවල් වලට. පබ්‍යා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1322 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 816 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2058 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 411 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 701 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1752 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site