IMG-LOGO

2024 ඔක්තෝබර් මස 19 වන සෙනසුරාදා


මහින්දට දුන් බැකප් තුනක් යළි දෙන්න කියයි

සුජිත් හේවාජුලිගේ

හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ( backup vehicle)තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී ඇත.

ලියුමක් යවමින් මෙම දැනුම්දීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය විසිනි.

හිටපු ජනාධිපතිවරයා තංගල්ලේ නිවසේ රැඳී සිටින හෙයින් කොළඹට පැමිණි පසු එම වාහන බාර දීමට කටයුතු කරන බව ඒ මහතාට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේය.

හිටපු ජනාධිපති ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ කමිටුවේ නිර්දේශ නිකුත් වීමටත් පෙර මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී ඇත.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයන් ගමන් ගන්නා වාහන කිහිපයක් නැවත භාර දෙන ලෙස රජය දැනුම් දී ඇති බව තමාට දැනගන්නට ලැබී ඇති බවයි.

මේ රටේ යුද්ධය අවසන් කළ නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇති ජීවිත තර්ජනය අවසන් වන සීමාවක් ලකුණු කළ නොහැකි බවත් ඔහුට ඇති තර්ජනය පිළිබඳ තක්සේරු කිරීමකින් තොරව මේ ආකාරයට කටයුතු කිරීම වැරදි බවත් ඔහු සඳහන් කළේය.

මෙවැනි කටයුතු කරන්නේ බුද්ධි අංශ වලින් අහලා දැයි තමා ප්‍රශ්න කරන බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (20)

මහින්දට දුන් බැකප් තුනක් යළි දෙන්න කියයි

C.K.Lankaputhra Saturday, 19 October 2024 07:26 AM

එතුමා යුද්ධය විකුනලා කරපු සුද්ධය නිසා තමයි රටට මෙච්චර විනාශයක් සිද්ධ වුනේ. තවමත් බලන්නේ යුද්ධ⁣යේ නාමයෙන්ම යැපෙන්නයි.

:       12       37

ලුම්බිණි Saturday, 19 October 2024 07:29 AM

එතකොට මහින්ද චන්ද්‍රිකාගේ ආරක්ෂාව අඩු කලේ ඒ කාලේ?

:       6       30

ගුණරත්න Saturday, 19 October 2024 07:37 AM

ඉන්දියාවේ රන් දෙවොල ත්‍රස්තවාදයෙන් බේරා ගත් එම සටනට නායකත්වය දුන්න සීක් ජාතික ජෙනරාල් වරයා මරාදම්මේ සටන් අවසන් වෙලා සීක් බෙදුම්වාදය අවසන් වෙලා අවුරුදු 10කටත් පස්සේ. ඒක නිසා මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ප්‍රධාන නිලධාරීන්ට ජීවිතාන්තය දක්වා උපරිම ආරක්ෂාවක් දිය යුතුයි...!

:       31       11

Pradeep Kumara Saturday, 19 October 2024 07:48 AM

යුද්ධය අවසන් කලේ ඔහු විසින් තනියම නොවෙයි නේද? ඒ කතාව එහෙම නම් යුද්ධය අවසන් කළ සමයේ සිටි හමුදාපතිවරුන් ඇතුළු ඉහළ පෙලේ ආරක්ෂක අංශ සාමාජිකයින්ටත් මේ ආරක්ෂාවම හිමිවිය යුතුයි. මොකද මහින්ද රාජපක්ෂ මහතාට වැඩිය සක්‍රීයව දායක වුනේ ඔවුන් නිසා. අනික දැන් මොකට බය වෙන්නද, නිරූපමාගේ සැමියා ඉන්නේ මොනා හරි වුණොත් බේරාගනීවි. මේතරම් ධන සම්භාරයකට හිමිකම් කියද්දීත් ඇයි තවත් ජනතා බදු මුදලින් යැපෙන්නේ, අඩුම තරමින් හිරිකිතයක්වත් නැද්ද?

:       10       37

Dayan Saturday, 19 October 2024 08:13 AM

මොන ගොනාද එහෙම කරන්නේ?

:       6       17

බකල ජයා Saturday, 19 October 2024 08:39 AM

මෙතුමාට ලොකුම තර්ජනේ තියෙන්නේ අපි හැමෝටම වගේ කර්මයෙන්. ඒකෙන් ගැලවෙන්න බැකප් රථ තුනක් මදි, මං හිතන්නේ...!

:       7       53

Lakmal Saturday, 19 October 2024 08:40 AM

හොරෙක් රකින්න රජයේ වාහන දීලා ජනතාවගේ මුදල් නාස්ති කරනවාට අපි විරුද්ධයි.

:       13       47

රම්බොඩ Saturday, 19 October 2024 09:30 AM

මහින්ද මහතා කොටි අවසන් කළ එකම නායකයා. ඒ ගැන වග කීමෙන් කටයුතු කිරීමට රටම බැඳී සිටිනවා.

:       73       28

sam Saturday, 19 October 2024 10:24 AM

මොකද මේ ඇවිදගන්නත් බැරි කෙනාට ආරක්ෂාව...? රට විනාශ කරලා පවුල් පිටින් රටේ සාරය උරාගත්තා මදිවටද? කරණ කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ... අපායට යන්න ඉස්සෙල්ලා මේ ලෝකෙදීත් ජනතාවට දැනගන්න දඬුවම් දිය යුතුමයි.

:       18       64

Samitha Saturday, 19 October 2024 10:26 AM

මේවා ඉතාමත් සන්වේදී තීරණ. රාජපක්ෂ පරපුර මේ රටේ ජාතික ධනය ගසාකෑවා, හොරකම් කළා කියන එක පොදු පිළිගැනීම. ඒවාට නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි. නමුත් ඔහු මේ රටේ 30 වසරක යුද්ධයට දේශපාලන නායකත්වය දුන්න නායකයා. ලෝකයෙ ප්‍රබලම ත්‍රස්තවාදීන් විනාශ කරන්න දේශපාලන නායකත්වය දිපු නිසා ඔහුට ජීවිත තර්ජන ඇති. මේ නිසාම මේ තීන්දුව වැරැදියි. හිතුවක්කාරියි. මේවා jvp ගැලරිය චූන් කරන්න, පාර්ලිමේන්තු ඡන්ද ගොඩ දිහා බලාගෙන කරන දේශපාලන තීන්දු. මේවාට වඩා කළ යුතු දේවල් රජයට ඇත. ජීවන බර අඩු කිරීම, පඩි වැඩිකිරීම, පොරොන්දු වූ සහන ලබාදීම. රජයට මාසයක් ගතවෙද්දි, වේදිකාව උඩදී දුන්නු පොරොන්දු ප්‍රායෝගිකව ඩිලිවර් කළ නොහැකි බව රජය විසින්ම ඔප්පුකරගෙන යනව‍ා. ඒවා වහගෙන ගැලරිය චූන් කරන මෙවන් දේවල් ගැන මොලේ ඇති මිනිස්සු. හිතාවි. ජීවිතේට මම රාජපක්ෂ වෙනුවෙන් ඡන්දෙ දීලා නැහැ...

:       43       34

Asela Saturday, 19 October 2024 10:41 AM

අපි ඔක්කොම දැක්කා මේ රටේ හිටපු අභීත සෙන්පතියෙකු සහ කොටි සංවිධානයේ මරණ තර්ජන වලට ලක්වුණු ජනක පෙරේරාට රාජපක්ෂ ආණ්ඩුවෙන් ආරක්ෂව අයින් කරලා කරපු දේ...!

:       14       47

බකල ජයා Saturday, 19 October 2024 12:16 PM

ඔක්කොම බැකප් රථ කීයක් තියෙනවද, එක්වරකට කීයක් පාවිච්චි කරනවද, අනවශ්‍ය රථ (ගෙදර බල්ලන්ගේ, පූසන්ගේ ඒවා) කීයද කියලා පොඩ්ඩක් බලලා තීරණය කළා නම් ප්‍රශ්නයක් නෑ..

:       1       20

ලුම්බිණි Saturday, 19 October 2024 12:28 PM

මහින්ද ජනාධිපති වෙලා චන්ද්‍රිකාගේ ආරක්ෂාව අඩු කළහැටි මතක් වුණා.

:       2       16

Mahinda Saturday, 19 October 2024 12:43 PM

ඒ යුද්ධය ජයග්‍රාහීව මෙහෙයවපු මහා සෙනවි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිඳුන්? කම්බ හොරුන්ට එවන් කම්බ හොරුන් මෙන් හැර අවැසි මහජනයාගෙන් කිසිඳු හිරිහැරයක් සිදු නොවනු ඇත...!

:       3       13

Aruna Saturday, 19 October 2024 12:48 PM

ආණ්ඩුව හදන්න දේශද්‍රෝහීන් දුන්න සහයට කලගුණ සලකන එක එයාලගේ යුතුකම...

:       11       1

Rata Perata Saturday, 19 October 2024 12:51 PM

මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකාගේ ආරක්ෂාව නැතිකළ හැටි මතක නැද්ද? යුද්ධය කළ සරත් ෆොන්සේකාව හිරේ දාපු හැටි සාගර දන්නේ නැද්ද? යුද්දේ කරපු නායකයා කියනවා ඒක දවසක්වත් යාපනේට ගියේ නැති මිනිහෙක්ට... මේවා හොඳයි මෝඩයින්ට කියන්න.

:       3       20

ජගක් ලියනගේ Saturday, 19 October 2024 12:58 PM

සිංහලෙන් කතාවක් තියෙනවා “ගැරඬි මරලා පව් පුරවාගන්න හොඳ නැහැ” කියලා. මට ඒ කියමන මතක් වුණා...

:       2       7

Priyantha Dissanayake Saturday, 19 October 2024 01:13 PM

යුද්ධය කළේ මහින්ද මහත්තයා නොවෙයි ත්‍රිවිද හමුදාව, පොලිසිය. ඒ යුද්ධය තව හමුදා පතිවරයෙකුට නොතබා අවසන්කළ එවකට හමුදාපති ජෙනරාල් සරත්ෆොන්සේකා මහතාව තම කැළෑ හමුදා නීතිය යොදවලා බලු කුක්කෙක් වාගේ ඇදගෙන ගිහිල්ලා කැලෑ නීතියෙන් නඩු අහලා තරුපටි ගලවලා මේ වගේ කෙනෙක් හමුදාවේ නොසිටි බවට ඉතිහාස පොතෙන් මකා දැම්මා මතකද..? නිකම්වත් ඒ වෙලාවේ හිතුණාද මේ ශ්‍රේෂ්ඨ මනුස්සයා රටට ජාතියට මොනතරම් සේවාවක් කළාද කියලා. ඒ කරපු ම්ලේච්ඡත්වයට නම් මරණ මොහොතට පෙර විඳවන්න වෙනවාමයි. ඒක වෙන්නේ බොහෝදුරට සරත්ෆොන්සේකා මහතාගේ අත්සනින්මයි. පහුගිය දවස්වල එතුමා හදිසිවුණා... නැතිනම් එතුමා ආරක්ෂක ඇමැතිවෙලා ඒක කරන්න තිබුණා. බලා සිටිමු කර්මය නඩු අහන හෙට දවස ගැන....

:       2       17

de silva Saturday, 19 October 2024 01:39 PM

ප්‍රභාකරන්ට අවුරුදු 30 යුද්ධ කරලත් බැරිවුණා. රටේ ආර්ථිකය විනාශ කරන්න, රාජපක්ෂ පවුල එම කර්තව්‍යය කෙටි කාලයක් තුලදී කළා. එම නිසා රාජ්‍ය විරෝධී ත්‍රස්තවාධීන්ට කිසිම අවශ්‍යතාවයක් නැහැ.. ඔහු මරන්න... ප්‍රශ්නෙකට තිබෙන්නේ ඔහුට පාරේ බැහැලා යන්න බැහැ. මිනිස්සු දැන් ඔහුට ප්‍රසිධියේ බැන වදින්න පටන් අරන්, ඒකට කළ යුත්තේ ගෙදරට වෙලා ඉන්න එක..., ඔය වැඩේට බැකප් රථ අවශ්‍ය නැහැ. පොලිස් රාළහාමිලා 2-3 හිටියාම හොඳටම ඇති...

:       2       12

Gobbaya Saturday, 19 October 2024 01:47 PM

ම්ම්ම්.. චන්ද්‍රිකා ආච්චි ඇස් දෙකෙන් දුටු 1000 මිලියන ඩොලර් ටික ලංකාවට ගේන්නකෝ සාගර - මීට පවිත්‍රා...

:       1       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හිටපු ජනපතිවරුන්ගෙන් පෙරමුණක්
2024 ඔක්තෝබර් මස 19 2622 0

තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇත.


දරුවන් බාගෙට භාගයකට පාසල එපාවෙලා
2024 ඔක්තෝබර් මස 19 580 0

පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් එක් ලක්ෂ විසි හත්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අපොස උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව ලංකාවේ පාසල් සිසුන් පිළිබ


කටුනායක ඇඟළුම්හලේ සේවක සේවිකාවන් ලෙඩ වෙලා
2024 ඔක්තෝබර් මස 19 250 0

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මී


ජංගම දුරකතනය පුපුරා ගිනි ගනී
2024 ඔක්තෝබර් මස 19 1160 0

ජංගම දුරකථනයක බැටරිය ගලවා පරික්ෂා කරද්දී එය හදිසියේම පුපුරා යන අයුරු වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.


කොළඹ - මඩකළපු මාර්ගය යථා තත්වයට
2024 ඔක්තෝබර් මස 19 192 0

වන අලි රංචුවක් ගැටීමෙන් ඉන්ධන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) දහවල් වනවිට යථා තත්ත්වයට පත්


කෝටි 25ක අයිස් කටුනායකදී මාට්ටු
2024 ඔක්තෝබර් මස 19 560 1

රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 26 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 675 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 509 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site