IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


මහින්දට-බැසිල්ට 28තෙක් විදෙස් ගමන් තහනම්

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු දෙදෙනාට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව මේ මස 28 වැනි දින තෙක් විදෙස් ගතවීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක්  අද (15) නිකුත් කළේය.

මෙම අතුරු නියෝගය නිකුත් කෙරුණේ සමාජ ක්‍රියාකාරිකයෙකු වන චන්ද්‍රා ජයරත්න ඇතුළු පෙත්සම්කරුවන් විසින් ගොනුකරනු ලැබ තිබූ පෙත්සම් ශේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ අද  (15) කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

මෙම මෝසම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ එල්. ඩී. බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ.

 පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් මෙම මස 27 වන දින තෙක් විදේශගත නොවන බවට ද අධිකරණය හමුවේ පොරොන්දු වූහ.

මෙහි තවත් වගඋත්තරකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත නොවන බවට අධිකරණයේ දී පොරොන්දු විය.

මෙම මෝසම ගොනු කරනු ලැබ ඇත්තේ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න, ප්‍රසිද්ධ ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ජුලියන් බෝලිං ඇතුළු තිදෙනකු විසිනි.

රටේ ආර්ථික අර්බුදයට සම්බන්ධ වගකිවයුත්තන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා පියවර ගන්නා ලෙසට ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනු කරනු ලැබ තිබේ.



අදහස් (4)

මහින්දට-බැසිල්ට 28තෙක් විදෙස් ගමන් තහනම්

pakeer Friday, 15 July 2022 05:46 PM

මහින්ද ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ඇඩ් එකට නම් මරු...

:       0       0

kamal Friday, 15 July 2022 05:52 PM

පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමයි කියලා මොකද මේ තකහනියක් ඩුබායි යන්න තටමන්නේ...?

:       2       11

BamunuarachchiFriday, 15 July 2022 07:32 PM

පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමයි කියලා... මොකද මේ තකහනියක් ඩුබායි යන්න තටමන්නේ...? මට විතරද මව්බිම ඕනේ...? අනික් අයට එකසැරයක් එපා නම් මට දහසැරයක් එපා කියලා හිතන්න ඇති. මොවුන්ගේ අතුණු බහන් සවලෙන් එකතු කරන්න ඉඩ නොදී මම මොන කෙන්ගේඩියකටද මේ රට මේ ගුණ මකුවන්ට බේරා දුන්නේ කියලා හිතනවා ඇති. බමුණුආරච්චිට නම් එහෙම හිතෙනවා. මම දැන් දෙමළ ඩයස්පෝරාවට මොරාල් සපෝට් එක දෙනවා. ඔවුන්ගේ ෆන්ඩ් එකට සල්ලි දෙනවා...

:       0       0

Siri Friday, 15 July 2022 11:38 PM

දෙන්නම රටේවත් නැහැල්ලු. 'අශ්වයා පැනගිය පසු ඉස්තාලය වහලා වැඩක් තියේවිද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 546 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3687 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1430 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 603 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3681 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2740 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 318 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1751 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site