IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහින්දානන්ද පවුලේ බැංකු ගිණුම් උසාවියට

හිටපු කී‍්‍රඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ නීතී විරෝධී ලෙසින් සහ අයථා ලෙසින් මහජන මුදල් සහ දේපල වංචාකර වත්කම් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ, බිරියගේ සහ පුත‍්‍රයාගේ බැංකු ගිණුම් හයකට අදාළ බැංකු වාර්තා රහස් පොලීසිය වෙත ලබා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එම්. මිහාල් මහතා ඊයේ (20) අදාළ බැංකු කළමණාකරුවන් වෙත නියෝග කළේය.

ඔවුන් තිදෙනා නමින් ඇති බැංකු ගිණුම් හයකට අදාළව වර්ෂ 2010 සිට 2015 දක්වා වූ වසර පහක ගිණුම් සම්බන්ධයෙන් වූ තොරතුරු රහස් පොලීසිය වෙත ලබා දෙන ලෙසට අධිකරණ නියෝගයේ සදහන් කර ඇත.

එසේම, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ රාජගිරියේ මිලදී ගෙන ඇති බව කියන ඉඩමක් සම්බන්ධයෙන්ද පරීක්ෂන ආරම්භ කර ඇතැයි ද රහස් පොලීසිය අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබිණ.



අදහස් (0)

මහින්දානන්ද පවුලේ බැංකු ගිණුම් උසාවියට

බණ්ඩාර Wednesday, 20 April 2016 09:11 PM

පියල්, මෙයා වත්කම් සොයාගත් ආකාරය පෙන්නලා නිදහස් වුණාම ඉවරයිනේ. ඔයා මොකද මේ කලබලවෙලා? (නි)

:       0       0

වරුණ Wednesday, 20 April 2016 09:18 PM

පියල් වගේ අය නිසා තමා ලංකාව විනාශවෙලා තියෙන්නේ (නි)

:       0       0

යසස් Wednesday, 20 April 2016 09:25 PM

ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් එළිවේවි (නි)

:       0       0

ශාන් Wednesday, 20 April 2016 09:31 PM

පරණ අයගේ ගනුදෙනු හොයනවට වඩා යහපාලනය යටතේ ඉදිරියට ඒ වගේ දේවල් සිදුනොවෙන්න අලුත් නීති ගෙනෙනවා නම් නේද හොඳ? (නි)

:       0       0

ශාන්ත Wednesday, 20 April 2016 10:42 PM

පියල්, සී.අයි.ඩී එකේ තිබෙන වාර්තා ඔයාට පෙන්නන්න ඕනෑද? උසාවි දැම්මහම ඔයාට ඒවා බලාගන්න පුළුවන්. (නි)

:       0       0

විජේලතා Wednesday, 20 April 2016 11:07 PM

පියල්, හොඳට කියවන්න. බැංකුවේ විස්තර වලින් කියන්න පුළුවන් ජපානෙන්ද අාවේ කොහෙන්ද අාවේ කියලා. කලබල වෙන්න එපා වැරදි කර නැත්නම් (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 April 2016 11:27 PM

කොයි ආයතනයෙන්ද හොරකම් කළේ කියලා හොයලා බලන්න තමයි මේ අධිකරණ නියෝගය දීලා තියෙන්නේ. පරීක්ෂණ ඉවරවෙනකොට බලාගත හැකියි කොහොමද මේතරම් ධනයක් ඉපැයුවේ කියලා. කම්බ හොරු, මහජන මුදල් හොරා කෑ අයට නම් රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

නිලන්ත Wednesday, 20 April 2016 11:46 PM

ඔන්න හොයනවට ජනතාව කැමති කෙනෙක්. (නි)

:       0       0

විශාඛා Wednesday, 20 April 2016 11:50 PM

මෙයාලා ගැන හොයන ගමන්ම මෙයාලා හිටපු අමාත්‍යංශ/කාර්යාංශ වල හිටි මෙයාලට පන්දම් අල්ලා පෝසත් වූ වන්දිබට්ටයො ගැනත් ඒ වන්දිබට්ටයන්ගෙ පවුල් වල අය ගැනත් හොයන්න. හිටපු ඇමතිලා ටික දෙනෙකුට ඇමතිකම් නැති වුණාට පන්දම්කාරයො දැන් මේ පැත්තට හැරිලා ඒ හිටිය විදියටම ඉන්නවා හොර වහගෙන. (නි)

:       0       0

ජයතු Thursday, 21 April 2016 12:40 AM

අපිට නම් පෙනෙන විදිහට මේ රජය කරන්නේත් පසුගිය රජය කළ දේවල්මයි. ජනතාව වන අපියි මෝඩයෝ. (නි)

:       0       0

කසුන් Thursday, 21 April 2016 12:57 AM

පියල්, සහෝදරයෙක් ජපානයේ හිටියට ලංකාවේ ඉන්න අනෙක් සහෝදරයන්ට හතර මහා නිධානය පහළ වෙන්න විදියක් නැහැ. ජපානයෙත් සල්ලි ගස් වලින් කඩන්නේ නැහැ. බොහොම මහන්සියෙන් තමයි සල්ලි හම්බ කරන්න ඕනෑ. (නි)

:       0       0

ටිලාන් Thursday, 21 April 2016 12:59 AM

පියල්, ඒත් මෙහෙම සල්ලි හොයන්නේ කොහොමද? මෙහෙම අය හිතාගෙන ඉන්නෙ ජපානයේ සල්ලි පාරේ යනකොට කතාකරලා බෙදනවා කියලයි. ජපානයේ මිනිස්සු සල්ලි හොයන්නේ අවංකව දුක් මහන්සියෙන්. ඒ වගේම බදු ගෙවනවා. මිල ගණන් ඉතාම අධිකයි. (නි)

:       0       0

එඩ්වඩ් Saturday, 23 April 2016 05:22 AM

නියමයි. ඔහොම යමු! (නි)

:       0       0

අසංග Thursday, 21 April 2016 02:40 AM

අනවශ්‍ය වියදම් කළ හිටපු ඇමතිලා සහ ඔවුන්ගේ පන්දම්කාරයො ගැනත් හොයන්න. (නි)

:       0       0

ගෝමස් Thursday, 21 April 2016 02:41 AM

පියල් මොකද මේ ගැන මෙච්චර වදවෙන්නේ? (නි)

:       0       0

සමරසිංහ Thursday, 21 April 2016 02:51 AM

පියල්, ජපානේ ඉන්න කෙනා ගැන ඒ පැත්තේ ඉන්න කෙනෙකුගෙන්ම අහගන්නකෝ. (නි)

:       0       0

හසිනි Thursday, 21 April 2016 02:51 AM

ජපානයේ ඉන්නවා කියන සහෝදරයට වඩා ලංකාවේ ඇමතිකම් කළ අයගෙ ධනය වැඩි ඇති. මේවට කොතනින්ද අපි හිනාවෙන්නේ?

:       0       0

කුමාර් මෙන්ඩිස් Wednesday, 20 April 2016 02:26 PM

ඔන්න හොයනවානම් ලෝක හොරෙක් තමයි.ක්‍රීඩා ඇමති ලෙස ගහපුවා .මෙයා තව ජොන්ස්ටන් (බ)

:       0       0

නිම්මි Wednesday, 20 April 2016 02:33 PM

මොකද මෙයාගේ විතරක් හොයන්නේ? මන්ත්‍රීලා ඔක්කොමගේ ගිණුම් හොයන්න ඕනේ? (බ)

:       0       0

ජයතු Wednesday, 20 April 2016 02:45 PM

කුලියාපිටියේ රක්ෂණයක වැඩ කරල මේ තරම් මුදලක් මොහු කොහොමද සෙව්වේ ඉතාමත් කපටි දෙශපාලුවෙකි (බ)

:       0       0

යසස් Thursday, 21 April 2016 04:18 AM

සාධාරණව හම්බ කළා නම් හම්බ කළ විධිය හෙලිකළ හැකි විය යුතුයි. සහෝදරයෙක් ජපානෙ හිටියට මෙහෙම වත්කම් මෙයාට ගන්න පුළුවන් නම් ජපානය කියන්නේ සල්ලි අච්චු ගහන රටක් වෙනන් ඕනේ. ජපානේ ආදායමෙන් 50% ක්ම බදු වශයෙන් ගෙවන්න වෙනවා. ජපානේ සහෝදරයො ඉන්න කි දෙනෙක් ලංකාවේ ඉන්නවද? අනේ ඒ අයට නම් මහින්දානන්දට වගේ සම්පත් පහල වෙලා නැහැ.(බ)

:       0       0

කෝනාර Thursday, 21 April 2016 04:20 AM

ජපානේ සල්ලි හොයන්නේ උගත්කමින් සහ දහඩිය මහන්සියෙන්. ඒ වගේම බඩුවල මිල ඉතා අධිකයි. අය කරන ආදායම් හා වෙනත් බදුත් ඉතාම අධිකයි. අපේ අය හිතන් ඉන්න විධියෙ සල්ලි ආකාරයක් නෙමෙයි ජපානේ කියන්නේ. (බ)

:       0       0

ප්‍රනාන්දු Thursday, 21 April 2016 04:20 AM

ජපන් අගමැතිගෙ වත්කමත් අපේ හිටපු ඇමතිගෙ වත්කමට වඩා අනිවාර්යයෙන්ම අඩුයි. (බ)

:       0       0

නාලන් Thursday, 21 April 2016 04:23 AM

මේකත් එක්කම විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දහදුක් විඳපු සල්ලි හොරාකාපු හිටපු ඇමතිලා සහ ඒ අයගේ වටේ හිටිය නිලධාරින්ගේ පවුල් වල වත්කමුත් හොයන්න. ලොකු පිනක්. අපේ රටට කනන් දෙන්නේ විදෙස්ගත ශ්‍රමිකයෝ. ඒ අයගෙ සල්ලි පිල්ලි ගැහැව අයට හොදක් නම් සිද්ධ වෙන්න එපා. (බ)

:       0       0

පියල් Wednesday, 20 April 2016 03:36 PM

මහින්දානන්ද මහත්තය අවංක කෙනෙක්... ඔහු නාවලපිටිය දියුණු කළා. ගොඩාක් කටයුතු කළා. ඔහුගේ සහෝදරයෙක් ජපානයේ ඉන්නේ. ඔහු ගොඩාක් ධනවත් කෙනෙක්.. මහින්දානන්ද අහවල් ආයතනයෙන් හොරකම් කළා කියන්න පෙන්නන්න ආයතනයක් තියෙනවද ? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 21 April 2016 04:52 AM

මහින්දානන්දට කතාකරන්න ගිහින් පියල් නාගත්තා නාගැනිල්ල... (බ)

:       0       0

ගජබා Wednesday, 20 April 2016 04:48 PM

පියල්, ඔබ මහා මෝඩයෙක් වගේ. ජපානයේ ඉන්න හුඟක් බොහොම අමාරුවෙන් කීයක්හරි හොයාගන්නේ (නි)

:       0       0

සරසි Thursday, 21 April 2016 05:19 AM

සල්ලි වැඩි වුනාම උන් හිටි තැනුත් අමතක වෙලා නේද අර රට වෙනුවෙන් ක්‍රීඩා කරපු ක්‍රිකට් තරු වලටත් කෙනහිලිකම් කළේ. බහුතරයක් දේශපාලුවන්ගේ නෝනලාට සා පෙළ වෘත්තීය සුදුසු කමක් නැහැ. බඳින්න කලින් හිටියේ අගු පිල් වල. හැබැයි දැන් කොළඹ හතේ ලමාතැනිලා වගේ. ජනතාවගේ මුදල් පිල්ලි නොගහා සාධාරණ විදියට තමන්ගේ උගත් කමකින් වෘත්තීය රැකියාවකින් පොහොසත් වුනා නම් කමක් නැහැ. (බ)

:       0       0

උපසේන Wednesday, 20 April 2016 05:21 PM

අපි ඉවසලා බලාගෙන ඉමුකෝ (නි)

:       0       0

මංගල වේලාරතන Thursday, 21 April 2016 05:26 AM

කලබල වෙන්න දෙයක් නැහැ හොරකම් කළානම් පමණි බය මෙයා නම් රටට බොහෝ වැඩ කළ කෙනෙක් තව නැත්නම් පොල් ගහන අයට මෙන්න තව වැඩක් (බ)

:       0       0

සනත් Wednesday, 20 April 2016 05:22 PM

කවුද කියන්නේ අපේ රටේ දේශපාලකයෝ අවංකයි කියලා (නි)

:       0       0

නන්ද Wednesday, 20 April 2016 05:23 PM

පියල් මහත්තයෝ, ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ කියලයි අපි අහලා තියෙන්නේ. (නි)

:       0       0

තාබුක් සිල්වා Thursday, 21 April 2016 05:33 AM

මෙයාගේ බිරිද ගෙන උසාවියට ඉදිරිපත් කළානම් අදාල වත්කම් ලැබුන විදිය සොයාගන්න පහසු වෙනවා ඔය මන්ත්‍රී වරයාගේ (බ)

:       0       0

පරාක්‍රම Wednesday, 20 April 2016 05:32 PM

නිම්මි, ඔබ හරි. නමුත් ජයතු කියන තත්ත්වයේ සිට අන් අයට වඩා කැපීපෙනෙන ලෙස වෙනසකට පත්වේගන යන මන්ත්‍රීලා ගැන ඔබටත් සැක හිතෙන්නේ නැත්නම් පුදුමයි. එමෙන්ම, පියල් කියන විදිහට කලිනුත් එහෙම මුදල් එවා තිබුනාද? මොන මොන ආයතන වලින් හෝ අයථා ලෙසින් හෝ කොපමණ මුදල් ගිණුම් වලට ආවාද කියා ගිණුම් පරික්ෂාවේදී පෙනෙනු ඇති නේද ? (නි)

:       0       0

රොහාන් දයාදර Wednesday, 20 April 2016 05:45 PM

මෙතුමා‍ගේ වත්කම් ගැන අපිටත් යම් සැකයක් තියෙනවා. කොහොමද ඔය සල්ලි හොයාගත්තේ? (නි)

:       0       0

මොහාන් Wednesday, 20 April 2016 05:47 PM

පියල්, ඔබතුමා සුරංගනා කතා ලියන කෙනෙක්ද? බය නැතුව ඉන්න. ජපානෙන් සල්ලි ආවා නම් බැංකු පොත්වල ඒවා සටහන්වෙලා ඇති. (නි)

:       0       0

තුසිත Thursday, 21 April 2016 06:13 AM

අපේ රටේ ඉන්න මිනිස්සුන්ගේ සාමාන්‍ය දැනීම බිංදුවයි, නැත්නම් මේ වගේ අය අායෙමත් පාර්ලිමේන්තුවට (ලංකාවේ ලොකුම හොර ගුහාවට ) යන්නේ නැහැ, වැරැද්ද කාගේද ? (බ)

:       0       0

නසාර් Wednesday, 20 April 2016 06:21 PM

පියල් දන්නා දේවල් ...? ඔය කවුරු කවුරුත් කරපු වැඩ නුවර අපි දන්නවා. (නි)

:       0       0

තිලංග Wednesday, 20 April 2016 06:25 PM

පියල්ට මහින්දානන්ද මහතාටවත් නැති කලබලයක්නේ තියෙන්නේ (නි)

:       0       0

දනුක Wednesday, 20 April 2016 07:25 PM

රටේ බහුතරයන් ඌන පෝෂණයෙන් පෙළෙන රටක කන්න බොන්න තිබෙනදේට බදු ගහලා මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද වැඩි කරගැනීමත් මුළු රටේ ජනතාවගේම මුලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි. (නි)

:       0       0

ප්‍රියංකා Wednesday, 20 April 2016 07:30 PM

සමහරු ඕනෑවටත් වඩා කලබලවෙලා (නි)

:       0       0

කෝසල Wednesday, 20 April 2016 07:33 PM

රටේ සංවර්ධනය වේගවත් කිරීමට සන්නිවේදන ක්‍රමවල මිල පහත හෙළීම අනිවාර්රයයෙන් කළයුත්තකි. විශේෂයෙන් දුරකථන ගාස්තු පහත හෙළීම මේ අතරින් ප්‍රධානයි. ශ්‍රී ලංකාවට පැමිණෙන දුරකථන ඇමතුම් වලින් අයකෙරෙන අසාමාන්‍ය බද්ද වෙනත් කිසිදු රටක අය නොකෙරේ. ඒ වගේම රට තුළ ඇමතුම් වලින් බදු අය කිරීමද නොකළ යුත්තකි. මෙය සුළු පරිමාණ ව්‍යාපාරිකයාට මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයටද ඍජුව බලපායි. මේ නිසා දුරකථන වලින් බදු අය කිරීම සම්පුර්ණයෙන්ම නවත්වන ලෙසද ඒ වෙනුවට කිසියම් සහනයක් ලබා දෙන ලෙසද රජයෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

මගලි ෆොන්සේකා Thursday, 21 April 2016 07:11 AM

ඔව් පරාද උනත් අපි ඡන්දෙ නොදුන්නත් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු යනවානේ .ඔන්න ඔය ක්‍රම නතර කරන්න ඕනි .මනාප ක්‍රමය. ඔය මනාප නැත්නම් ගොඩක් කට්ටිය ගෙදර. (ර)

:       0       0

ජගත් Wednesday, 20 April 2016 07:41 PM

වාහන පර්මිට් ගන්න ගොඩක් මන්ත්‍රීවරුන්ට දැනටමත් වාහන පර්මිට් තියෙනවා. ඉතින් මේවා ව්‍යාපාරිකයන් මිලදී ගන්නවා. මේ එක පර්මිට් එකක් ලක්ෂ 200 ක් විතර වටිනවා. මේ නිසා රජයට ලැබිය යුතු විශාල බදු මුදල් ප්‍රමාණයක් අහිමි වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 ක් ඉන්න නිසා ගාන හදලා බලන්න. ඊට අමතරව පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් වාහන පර්මිට් ලැබෙනවා. රජයට අහිමිවන බදු මුදල් ප්‍රමාණය මෙතකැයි කියන්න බැහැ. මේක කිසිසේත්ම සාධාරනීකරනය කරන්න බැහැ. (නි)

:       0       0

ජොයෙල් Wednesday, 20 April 2016 07:55 PM

අපේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් විශාල ප්‍රමාණයක් මැති ඇමති විපක්ෂ, මෙකි නොකී සියලු දෙනාගේ වියදම් සඳහා වැයවෙනවා. නමුත් විපක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට විශාල කාර්යභාරයක් නැහැ. ඉතින් මේ සියලුදෙනා එක්ව රජයේ මුඩුඉඩම් යොදාගෙන දැවැන්ත ප්‍රමාණයේ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න. මෙවැනි ව්‍යාපෘතියකින් ජනතාවටත් දේශපාලකයින්ටත් වාසි රැසක් අත්වෙනවා. වාහන පර්මිට් ටික නැති කළා නම් එතනත් කෝටි ගණනක්. අපේ රටට වෙන ණය ගන්න ඕනෑ නැහැ. මේ සල්ලි ටිකයි මේ අස්වැන්නයි ඇති මිනිස්සුන්ට හොඳට කාලා ඇඳලා ඉන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 96 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2333 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 330 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 424 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1650 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1612 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38245 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 849 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 299 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site