මහ මැතිවරණයේ දී ස්ථීර වශයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයගන්නා නිසා මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධූරය ඉල්ලීමට හෝ ඒ පිළිබඳ කතා කිරීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නැතැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ‘සිරිකොත‘ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්ද අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී ඇති නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට මෙවර නාමයෝජනා නොදුන්නේ ඔවුන්ට එරෙහි දූෂණ චෝදනා ඇති නිසා නොව ඔවුන් තරග කළොත් සන්ධානයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු පරාජය වීමේ අවධානමක් ඇති නිසා යැයි ද ඇමතිවරයා කීවේය.
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.
ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.
ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ
පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද අගමැති වෙන්නේ කොහොමද?
කමල් Sunday, 19 July 2015 05:35 PM
සෙනරත්, ඔයා කොහොමද එහෙම අභියෝග කරන්නේ? (නි)
දිලිප් Monday, 20 July 2015 04:04 AM
පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉස්සෙල්ලම ගන්න ඕනෙනේ. යන විදිහට ඔය කාටත් බහුතරයක් ගන්න බැහැ. (ම)
හරේන්ද්‍ර Sunday, 19 July 2015 06:24 PM
මහින්ද අගමැති වෙන එක තීරණය කරන්නේ මහජනතාව වන අපි. අපි ඒ තීරණය අවශ්‍ය වෙලාවට දෙන්නම් (නි)
කැටවල Sunday, 19 July 2015 06:57 PM
බලමුකෝ 17 ... (නි)
සකුන්ත Sunday, 19 July 2015 11:15 AM
ඒකතමයි අපිත් කියන්නේ. මොකද මේ කට්ටිය බයවෙලා කෑගහන්නෙ? (නි)
ජයන්ත Sunday, 19 July 2015 11:17 AM
මුළු රටේම ප්‍රධාන මාතෘකාව මහින්ද සහ මහින්දගේ අගමැතිකම. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වුවත් දෙගොල්ලෝම එකම ඉලක්කයක් කරා යන බව තමා මට නම් පෙනෙන්නේ (නි)
වීරකෝන් Sunday, 19 July 2015 11:22 AM
අපි බලමුකෝ ඒක වෙන්නේ කොහොමද කියලා 17 දාට (නි)
ශ්‍රීනාත් Sunday, 19 July 2015 07:18 PM
මහින්ද දිනන්නේ නැත්නම් මොකටද නීති කරුණු හොයන්නේ? (නි)
සල්ගාදු ප්‍රංශය Sunday, 19 July 2015 11:36 AM
නොවෙන දේවල් වලට විවාද කිරීමත් , කාලය අපතේ හැරීමක් , මුළු රටම සහ ලෝකයම දන්නවා , මහින්ද අගමැති නොවෙන බව (බ)
ගමගේ Sunday, 19 July 2015 11:39 AM
එහෙනම් ඔයාටද අගමැතිකම? හුළං තමයි (බ)
සචිත් Sunday, 19 July 2015 12:10 PM
වැඩිපුර හීන දකින්න එපා (නි)
නිහාල් Monday, 20 July 2015 04:55 AM
ඔය නීති පොත්වල තිබුණෙ නැද්ද මේ රට සිංහල බෙෳද්ධ රටක් කියලා.(ම)
දහම් Sunday, 19 July 2015 12:29 PM
පුත් සුමනදාස නම්බර් 2.(බ)
ඉරංගනී Sunday, 19 July 2015 08:46 PM
හරි හරි. අපි ඒකට හරි උත්තරයක් දෙන්නම් (නි)
ඉමල්ක Sunday, 19 July 2015 12:51 PM
තමාගේ ජාතියවත් දන්නේ නැති මෙයා බයිලා කියනවා. (බ)
අධිකාරි Monday, 20 July 2015 05:17 AM
මහින්ද දිනන්නේ නැත්නම් ඔබලා අගමැතිකම ගැන බය වෙන්නේ ඇයි?(ම)
දිනේෂ් Sunday, 19 July 2015 09:16 PM
දැන්ම ඡන්ද දාලා ගැනලා ඉවරවෙලාද ඔයතරම් එයා විශ්වාසයෙන් කියන්නේ. (නි)
අජිත් කරුණාරත්න Sunday, 19 July 2015 01:07 PM
පොල්ල දීලා ගස්සගන්න මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඒක නිසා ඔය ප්‍රශ්නය මතු වෙන්නේ නැහැ.(ම)
බිනරි Sunday, 19 July 2015 09:48 PM
අපි මහින්දව කොහොමහරි අගමැති කරනවා (නි)
චන්න බුවනක Sunday, 19 July 2015 01:12 PM
ඔයා නිකන් කේවට්ටය වගේ වෙන්න එපා. තවම කාටවත් කියන්න බැහැ අගමැති වෙන්නේ කව්ද කියලා . ජන්දය ගණන් කරන කන් ඉන්නවා. (ම)
ඉෂාන්ක Sunday, 19 July 2015 01:13 PM
අගමැති වෙන්නේ කොහොමද කියන එකට අපි දෙන්නම් උත්තරය 17 වෙනිදට (නි)
ලීල් Sunday, 19 July 2015 01:26 PM
අපිටත් මතකයි ඉස්සර ඔයාලා කියපු දේවල්..... (නි)
දොම්පේ Sunday, 19 July 2015 11:10 PM
මහින්ද අගමැති වෙන්නේ වෙන කොහෙමවත් නෙමෙයි, "ඡන්දෙන්" (නි)
සක්විති Sunday, 19 July 2015 01:37 PM
එහෙනම් මොකෝ කට්ටියම ලතෝනි ගහන්නේ.හිත ඇතුලෙන් බයයි නේද? අරෙහෙන් අනුර කෑගහනවා. ඔයාල හීනෙනුත් දකින්නේ මහින්ද දිනන හැටි තමයි. (නදී)
පිවිතුරු යහපාල Sunday, 19 July 2015 02:07 PM
පුදුම භීතියක්නේ සමහරුන්ට තියෙන්නේ.එයා ගැන සන්ධානයත් ඡන්දය දෙන අයත් බලාගනීවි (නි)
සුනිල් Sunday, 19 July 2015 02:34 PM
මේක සිංහල රට නෙමෙයි කිව්වෙ සිංහල කිව්වාම ජාතිවාදියි කිව්වෙ මේ රට කීපාරක් බුදුරදුන්ට පූජා කළ බුදු දහම රැකි සිංහලයා ජීවත් වුන රට බව දන්නේ නැතිව උපාධිත් අරන් තියනෙ ඔහේගෙ කතා කවුද ගණන් ගන්නේ. (බ)
විරාජ් Sunday, 19 July 2015 02:39 PM
උගතෙක් බුද්ධිමතෙක් ඒ වගේම මැති සබේ සිටිය යුතුම පුද්ගලයෙක් ඔබතුමා, (බ)
නිමාෂා Monday, 20 July 2015 12:51 AM
විරාජ්, ඔබ කියන විදිහටම මෙතුමා උගතෙක් බුද්ධිමතෙක්. ඒ වගේම මැතිසබයේ සිටියයුතුම පුද්ගලයෙක් කියලා තමා මමත් සිතාගෙන හිටියේ. එහෙත් එතුමා ගහලා තියෙන පෝස්ටර් හා කටවුට් දිහා බලන්නකෝ. (නි)
සෙනරත් Sunday, 19 July 2015 03:12 PM
ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුවේ වැඩි මන්ත්‍රීන් සංඛ්‍යාවකගේ කැමැත්ත ලැබෙන ඕනෑම මන්ත්‍රී වරයෙකුට ජනාධිපති විසින් අග්‍රාමාත්‍ය තනතුර පිරිනැමිය යුතුය. එක එක්කෙනාගේ බයිලා අහන්නේ නැතිව කොයි කවුරුත් ව්‍යවස්ථාව කියවා බලන්න. (බ)
ඉන්දික Monday, 20 July 2015 02:56 AM
18 වෙනිදා උදේ වෙනතුරු ඔය අය සිහින දැක දැක නිදාගන්න. (නි)
යහම්පත් Sunday, 19 July 2015 04:35 PM
සෙනරත් මහතාගේ කතාව හරි (නි)
අමන්දා Sunday, 19 July 2015 05:13 PM
ඔබ හරි මැතිතුමනි.ජනපතිට කැමති කෙනා සෑමවිටම අගමැති විය. (නි)
නන්දලාල්-ප්‍රංශය Sunday, 19 July 2015 05:30 PM
මහින්දට මැතිවරණයට ඇවිල්ලා කරලා බලන්න කියන්න.එයාගේ පරණ කැරැට්ටුව දැන් මුළු රටම දන්නවානේ. එහෙවු කෙනෙකුට ඡන්දෙ දෙන්න තරම් ශ්‍රී ලාංකිකයන් මෝඩ නැති වග නොතේරුන නිසා තමයි, ආයෙත් වරක් ඡන්දය ඉල්ලන්නේ. (නි)