IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහින්ද අලුත් පක්ෂයකින් ඡන්දෙට?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම ශ්‍රීලනිපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා සකස් කරගෙන යතියි දේශපාලන ආරංචි  කියයි.

හිටපු ජනපතිගේ හා වත්මන් ජනපතිගේ පිරිස් එකම ලැයිස්තුවකින් තරග කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා බිඳ වැටී ඇතැයි රාජපක්ෂ පිළේ ප්‍රකාශකයෙක් කියයි.

එකම ලැයිස්තුවකින් තරග කරන්නේ නම් හිටපු ඇමැති විමල් වීරවංශ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට නාමයෝජනා නොදීමේ කොන්දේසියක් ජනපතිගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති බවත්, ඊට හිටපු ජනපතිගේ පාර්ශ්වය විරුද්ධ වී ඇති බවත් එම ප්‍රකාශකයා පවසයි.

ඒ අනුව වෙනම ලැයිස්තුවකින් තරඟ කිරීමට සියයට 80කම ඉඩක් ඇතැයි ඔහු කීවේය.



අදහස් (0)

මහින්ද අලුත් පක්ෂයකින් ඡන්දෙට?

තිළිණ Friday, 03 July 2015 01:48 AM

අපි මොන පක්ෂයකින් ආවත් ඔබ සමඟ ඉන්නවා (නි)

:       0       0

විජයබාහු Thursday, 02 July 2015 08:16 AM

මහින්දට පක්ෂ තිබුණත් එකයි නැතත් එකයි ජනතාව ඉන්නවා එතුමාට (ම)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 02 July 2015 08:24 AM

ගමක ග්‍රාම සේවක තනතුරක්වත් දෙන්න නම් හීනෙකින්වත් හිතන්න එපා. ගමම විකුනන් කාවි (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 02 July 2015 08:25 AM

පසුගිය අවරුදු 10 ට කාපු කෑම මදිද ? (නදී)

:       0       0

ඉරන්ත ගමගේ Thursday, 02 July 2015 08:27 AM

ජයවේවා! (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 02 July 2015 08:27 AM

රට නැවතත් ඒ කාලකන්නි යුගයට ගිනියන්න ඉඩ දෙන්න එපා. (නදී)

:       0       0

ඡයා Thursday, 02 July 2015 08:45 AM

අනේ එන්නකෝ අපි හරි ආසයි (නදී)

:       0       0

අනිල් Thursday, 02 July 2015 08:47 AM

ඔන්න ඩුබායි තිලක්ට මහින්ද කුලප්පුව හැදිලා. මහින්දට ජන බලයක් නැත්නම් කව්රුත් ඡන්දෙ දෙන්නෙත් නැත්නම් ඔය හැටි බුරන්නේ මොකටද ? (නදී)

:       0       0

දුමින්ද Thursday, 02 July 2015 08:48 AM

තිලක් මහතාණෙනි, 30 වසරක යුද්දය නිම කිරීම කාලකන්නි වැඩක්ද ? (නදී)

:       0       0

හිමාෂ Thursday, 02 July 2015 08:50 AM

රටක් ආදරය කල, රටට නිදහස දිනා දීමට පුරෝගාමීව සේවය කල, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙවන් තත්වයකට වැටීම ගැන කනගාටුයි. දැන් එතුමාටත් අවුරුදු 70 පැනලා, චන්ද්‍රිකා නෝනටත් දැන් 70 පැනලා. මේ මිනිස්සු අමරණීය මිනිස්සුද?. අලුත් මිනිස්සු ටිකකට රට කරවන්න දීල මෙයාල පැත්තකට වෙන එක නේද මේ වෙලාවේ කල යුත්තේ?. මහින්ද මහත්තය නැතිනම්, රටටත් ,කෝටි දෙකක ජනතාවටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් , යන එන මන් නැති වෙනවද?. (නදී)

:       0       0

කමල් විමලවීර Thursday, 02 July 2015 08:50 AM

තණ්හාය ජායති සෝකෝ (නදී)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 02 July 2015 08:58 AM

විශ්ව විද්‍යාලවල ඉදලා පාසල් දක්වා දරුවන්ට බලහත් කාරයෙන් දුන්නු හමුදා පුහුණුව අමතක කරන්න එපා.එහෙව් ඒකාධිපතියෙක් නැවත ඕනෙම නැහැ.(ම)

:       0       0

සඳුන් Thursday, 02 July 2015 09:04 AM

වෙනත් ලකුණෙන් එනවා කියලා තමයි ආරංචි වුනේ. ඇත්තද දන්නේ නෑ. (බ)

:       0       0

මල්රාජ් Thursday, 02 July 2015 09:14 AM

අහෝ දෙවියනි මහින්දට වෙන්න යන විපතක මහත (බ)

:       0       0

ආරියසේන Friday, 03 July 2015 02:50 AM

ඇත්තටම මහින්ද මහත්තයාට රටේ මිනිස්සු හරි ආදරෙයි.එහෙත් දැන් මොකද වෙන්නේ?මහින්ද මහත්තයා වෙනම ඉල්ලුවොත් වෙන්නේ නිදහස් පක්ෂය දෙකඩ වෙන එක.ඇත්තටම මහින්ද මහත්තයට වුණේ එතුමාගේ තිබුන වටිනාකම පිළිබඳව එතුමාටවත් ඒ වටේ සිටි අනෙක් අයටවත් නොතේරුන එක. ඒකයි ඔය විනාශ වුණේ.ඇත්තටම ඔබතුමා තමන්ගේ ආත්ම ගෞරවයත් රැකගෙන පාඩුවේ හිටියා නම් හරිම හොඳයි.ඒක තේරනවිට ගොඩක් කල්යයි.අනික තමා අපේ රටේ ඉන්න මිනිසුන්ට කවදා දේශපාලන දැනීම ඇතිවේද කියලා හිතන්න අමාරුයි.ඇයි අපි පුද්ගලයො බදාගෙන ඉන්නේ?රටට යහපතක් කරන යහපත ගැන කතා කරන අයෙකුට තමන්ගේ ඡන්දයක් දෙන්න බැරි ඇයි? (නි)

:       0       0

අනිල් රෝහණ Thursday, 02 July 2015 09:17 AM

ෆාතිමා ඔයා කලුරෙද්දෙන් මුළු ඇගම වහගෙන ඇයි අනිත් අයගේ රෙදි ගැලවෙනකන් බලාගෙන ඉන්නේ (බ)

:       0       0

අජිත් Thursday, 02 July 2015 09:17 AM

තිලක්-ඩුබායි !!! දැන් ඔය චෝදනා මාස ගණනක් තිස්සේ ඇදබාපු බොරු විතරක් වෙලා තියෙන්නේ!!! ඔප්පු කරන්න පුලුවන්ද ඔයාට? අනික දැන් ඉන්න තොත්ත බබාලා මහා බැංකුවෙන් ගහපු ගැහිල්ල ඔයාට පෙන්නේ නැද්ද? (බ)

:       0       0

බණ්ඩා Thursday, 02 July 2015 09:21 AM

අලුත් පක්ෂයේ ලකුණ සුදු වෑන් එකද ?(නදී)

:       0       0

සිරිවිකුම් Thursday, 02 July 2015 09:49 AM

මහින්ද දිනවිය යුතුයි. රනිල්-චන්ද්‍රිකා-අනුර නඩය ගෙදර යවමු.(ම)

:       0       0

සුදේෂ් Thursday, 02 July 2015 09:53 AM

මැතිතුමණි මොන පක්ෂයක්න් හරි එන්න. අපිට ජීවිතය දුන්න ඔබට අපි සදා ණය ගැතියි.

:       0       0

අබ්දුල් Thursday, 02 July 2015 10:01 AM

ජය වේවා.(හේ)

:       0       0

දසුන් Thursday, 02 July 2015 10:00 AM

මහින්ද මහත්තයාට ආසන15ක් ගන්න පුළුවන්.(හේ)

:       0       0

ටිකිරි Thursday, 02 July 2015 10:05 AM

ඔය තිලක් ඩුබායි ගේ ප්‍රතිචාර මම බලනවා කොයි වගේ මොඩෙල් එකක්ද කියල හිතාගන්න පුළුවනි

:       0       0

විජයබාහු Thursday, 02 July 2015 10:06 AM

අනේ ඇයි තිලක්-ඩුබායි වගේ අය කොටි බෝම්බ වලට අහු වණේ නැත්තේ (අ)

:       0       0

රෂාන් ප්‍රනාන්ද Thursday, 02 July 2015 10:13 AM

මහින්ද අනාත කිරීමේ දෙවන පියවර විමල් විරවංශ විසින් දියත් කරන ලදී

:       0       0

සුරන් Thursday, 02 July 2015 10:14 AM

වෙනම ඇවිත් දිනන්න අමාරුයි. දැනටම එජාප ජයග්‍රහණය කර අවසන්ය. දෙවැනි බලවේගය වෙන්න පුළුවන්. චමල් රාජපක්ෂ මැතිතුමා සංධානයේ අගමැති අපේක්ෂක වුනොත් තෙවැනි බලවේගය තමා වෙන්නේ. (බ)

:       0       0

කමල් Thursday, 02 July 2015 10:15 AM

එන්න තමයි බලගෙන ඉන්නේ . දෙන්නමේ ඡන්දේ (බ)

:       0       0

විමුක්ති Thursday, 02 July 2015 10:37 AM

ලැජ්ජා නැතිකම ජනාධිපතිකමට වඩා ලොකුයි කියන්නේ මෙන්න මේවට.... (ම)

:       0       0

ප්‍රකාශ් Thursday, 02 July 2015 11:20 AM

කුහක මිනිසුන්ට රට ගැන ආදරයක් නැත එවැනි මිනිසුන් මහින්ද මහතාට ගරහති. ඒ කුහක මිනිසුන්ට වටින්නේ රට පාවා දෙන ඒජන්තයින්වය.(ම)

:       0       0

ශ්‍රිනාත් Thursday, 02 July 2015 11:25 AM

රටත් ජාතියත් බේරාගත් එකම සිංහල බෞද්ධ නායකයාට ගරහන්න තරම් ඇස්ගෙඩි වලට හෙනගහලද සිහලුන්නේ'(හේ)

:       0       0

රුවන් Thursday, 02 July 2015 04:54 PM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

වසන්ජය Friday, 03 July 2015 06:21 AM

වැරදි තිබුනත් මහින්ද මහතාට සමකල හැකි පෞරුෂත්වයක් ඇති නායකයෙක් මෑත ඉතිහාසයේ දකින්න නැහැ (හේ)

:       0       0

සේන Friday, 03 July 2015 12:52 AM

මහින්ද මොන පක්ෂයකින් ආවත් අපි හැමදාමත් මහින්දටම තමයි (නි)

:       0       0

සේන Thursday, 02 July 2015 07:02 AM

ඕනෑම අලුත් පක්ෂයක් පටන් ගත්තගමන් පොඩි ගැම්මක් එක්ක දුවනවා ඊට පස්සේ තිබුණු තැනක් වත් නැතිවෙනවා (බ)

:       0       0

කුමුදු කුමාර Thursday, 02 July 2015 07:09 AM

සමස්ථ ජාතියේ ම යහපත පිණිස කුමන හෝ පක්ෂයකින් නැවතත් මහින්ද රාජපක්ෂ මැතිදුන් පාලනයට ආ යුතුයි එසේ නොවුනහොත් ජාතියේ මළගම වැඩි ඈතක නොවේ (බ)

:       0       0

පියලාල් Thursday, 02 July 2015 07:28 AM

අවුරුදු දෙකකට කලින් ජනපති කමත් දීලා ඊට පස්සේ පක්ෂයත් දීලා දැන් ඉතින් දගලනවා. (ම)

:       0       0

සමන්ති Thursday, 02 July 2015 02:28 PM

ඇයි, 56 දි වගේ මහජන එක්සත් පෙරමුණ? (නි)

:       0       0

අනිල් Thursday, 02 July 2015 07:37 AM

ජාතියේ අසහාය නායකයා ඔබයි . පසුගිය මාස හයට ඒ බව ඔප්පු වී හමාරයි .අපේ පණ්ඩිතයන් උඩ පැන පත් කර ගත් නායකයින් කරන දෙයක් නැති බව ඔප්පු කර හමාරයි (ම)

:       0       0

ලාල් Thursday, 02 July 2015 07:40 AM

අලුත් පක්ෂයේ හෝ සන්ධානයේ ලකුණ හැටියට " සුදු වැන්" හෝ " අලි බබා" සුදුසු බව තමයි කියන්න තියෙන්නේ. (බ)

:       0       0

ෆාතිමා Thursday, 02 July 2015 07:41 AM

අලුත් පක්ෂයකින් අවොත් ජ.නි.පෙ. රෙදි ගැලවෙන හැටි බලන්න පුළුවන්. (බ)

:       0       0

සරත් -සවුදි Thursday, 02 July 2015 07:43 AM

ඕනෑම පක්ෂයකින් ආවත් මහින්ද මහත්තයා දිනනවා (ම)

:       0       0

තිළිණ Thursday, 02 July 2015 07:46 AM

අමතක කරන්න එපා ලක්ෂ 58 තාමත් එතුමා සමඟ බව.පහුගිය මාස හයේ එතුමාට තවත් ඡන්ද වැඩි වුණා.(ම)

:       0       0

ගාමිණි Thursday, 02 July 2015 07:47 AM

අපිට ඕවා ගණන් ගත යුතු දෙවල් නෙමේ. පැරදුනා නම් දිනපු මිනිහාට සහයෝගය දිය යුතුයි. චෝදනා ඇති කිසිවෙකුට නාම යෝජනා කිසිම පක්ෂයකින් නොදිය යුතුයි. (ම)

:       0       0

පද්මිණි Thursday, 02 July 2015 07:48 AM

කුමුදු කියන්නේ මොන ජාතියද? හිටපු ජනපති කිවේ රටේ ඉන්නේ ජාතින් 2යි. රටට ආදරේ සහ රටට ආදරේ නොකරන කියල.(ම)

:       0       0

සමන් Thursday, 02 July 2015 07:57 AM

අහෝ දෙවියනි මහින්දට වෙන්න යන විපතක මහත (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 13 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 1012 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 944 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 756 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 6941 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2161 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34241 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23983 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 154 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 480 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site