IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහින්ද අලි ප්‍රශ්නයකට මැදිවේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ලෙස තමන් උභතෝකෝටික ප‍්‍රශ්නයකට මුහුණ දී සිටින බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා අම්බලන්තොට රිදීයගම දී පෙරදින (4) පැවැති ජනතා හමුවකදී පැවසුවේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා අස්වන්නැයි ඇතැම් අය යෝජනා කරද්දී තවදුරටත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේම රැඳී සිටින ලෙස තවත් පිරිසක් ඉල්ලා සිටීම එයට  හේතුව ලෙස ප්‍රකාශ කළේය.

අද වන විට තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් පොදු සතුරා වී සිටින අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පක්ෂ අත හැර තනිව මැතිවරණයකට මුහුණ දුනහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය වන බව රාජපක්ෂ මහතා පැවසිය.

DSC01660[1] DSC01664[2] DSC01667[1]

 



අදහස් (0)

මහින්ද අලි ප්‍රශ්නයකට මැදිවේ

තිලක්-ඩුබායි Thursday, 05 November 2015 01:06 PM

පවිත්‍ර,මහින්දට ශ්‍රී ලංකා පක්ෂය නැතුව ආවත්, විමල්ට ආවත් සිද්ධවෙන්නේ එකම දෙයයි. ඇඩ්‍රස් නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ. (නි)

:       0       0

ඉන්දික Thursday, 05 November 2015 07:13 AM

ඔබ පසුගිය කාලයේ සිදුවුණ වැරදි හදාගෙන ඕනෑම පක්ෂයකින් එන්න. අපි ඡන්දෙ දෙනවා. (නි)

:       0       0

ශාන Thursday, 05 November 2015 07:21 AM

මෙයා නිකම් කතා කරන්නේ ඔක්කොම කරන්නේ අපි කියන නිසා වගේ. මෙයා බබා. (ස)

:       0       0

වරුණ Thursday, 05 November 2015 07:35 AM

කළ හොඳ නරක අප පස්සෙන් එනවා.... (නි)

:       0       0

ලාල් Thursday, 05 November 2015 07:35 AM

ඔබතුමා හොඳයි. ඒත් ඔබතුමා වටේ ඉන්න අයට තමයි අපි කැමති නැත්තේ (නි)

:       0       0

දිනුක Thursday, 05 November 2015 07:36 AM

අපි නිදහස් පක්ෂයට තවත් ඡන්දෙ දෙන්නේ ඔබතුමා හිටියොත් විතරයි. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 05 November 2015 07:37 AM

ඔබතුමා මේ වෙනකොටත් බලයේ හිටියා නම් , අපිට මේ වෙනකොට මොන මොන ප්‍රශ්න ඇතිව තිබෙයිද කියලා හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

සමරනායක Thursday, 05 November 2015 07:57 AM

කරුණාකර ඔය බලයට කෑදර රටට ද්‍රෝහී අය අතහැර ප්‍රගතිශීලී ජනතාවට නව පෙරමුණක් හදන්න.දැන් ශ්‍රීලනිපයක් නැහැ අපිට පෙනෙන හැටියට. (නි)

:       0       0

පෙරේරා Thursday, 05 November 2015 08:24 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලංකාවේ කිසිම ඡන්දයක් තනි පක්ෂයක් ලෙස දිනාගෙන නැහැ කවදාවත්. (බ)

:       0       0

දර්ශන Thursday, 05 November 2015 08:28 AM

වාර දෙකක් ඉදලා විශ්‍රාම අරගෙන පැත්තකට වෙලා හිටියනම් පක්ෂ පාට භේදයක් නැතිව හැමෝගෙම ගෞරවයට පාත්‍ර වෙනවා.(ම)

:       0       0

රංග Friday, 06 November 2015 03:51 AM

අපි අලුත්ම පක්ෂයක් හදමු (නි)

:       0       0

නිශේන් Friday, 06 November 2015 03:53 AM

අපිට නම් තියෙන්නේ ඉතින් එදාවේල හොයාගන්න ප්‍රශ්නය තමයි (නි)

:       0       0

සුමනසිරි Thursday, 05 November 2015 08:48 AM

ඔබතුම කිවත් අපි ශ්‍රී ලංකා එකට ජන්දෙ දෙන්න නෑ ගෙදරට වෙලා නිදා ගන්නවා ! (ම)

:       0       0

සමීර Thursday, 05 November 2015 09:07 AM

දර්ශන, ඔබ හරි. ඒත් මේ වගේ රටට ආදරයක් තිබෙන කෙනෙකුට නිශ්ශබ්දව බලාඉන්න බැහැ (නි)

:       0       0

නිමල් Thursday, 05 November 2015 09:13 AM

මෙතුමාට තිබෙන ගැටලුව මේක‍ද?? (නි)

:       0       0

චම්පික Thursday, 05 November 2015 09:15 AM

මහින්ද මහත්තයාව අපි කවදාවත් තනිකරන්නේ නැහැ (නි)

:       0       0

දීන් Thursday, 05 November 2015 09:17 AM

ඇති විශාල ජනකායක් !(ම)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 05 November 2015 09:14 AM

මා දන්නා දේශපාලනය ඔබ පමණයි (ම)

:       0       0

නුවන් Thursday, 05 November 2015 07:32 PM

ඔන්න ඔය ප්‍රශ්න අමතක කරලා හිත සැහැල්ලුවෙන් ඉන්න. (නි)

:       0       0

කපිල Thursday, 05 November 2015 09:52 AM

ඔන්න ඔය දේවල් අමතක කරලා දාන්න මහත්තයෝ (නි)

:       0       0

උඩුවර Thursday, 05 November 2015 05:07 AM

ඔබතුමාගේ යුතුකම, අපේ සිහිනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඕනෑම කෙනෙකුගේ නායකත්වය යටතේ දිනවීමයි. අවස්ථාවාදීන්ට රැවටෙන්න එපා. (නි)

:       0       0

තිස්ස Thursday, 05 November 2015 10:12 AM

බලයට තිබෙන කෑදරකම නිසා නේද තවදුරටත් බලයේ ඉන්න හදන්නේ? ඇයි දෙයියනේ රටට ආදරයක් තිබෙනවා නම් පාඩුවේ ඉන්න බැරි? (නි)

:       0       0

දයාල් Thursday, 05 November 2015 05:08 AM

අම්මෝ! මෙතුමාටත් තිබෙන ප්‍රශ්න? (නි)

:       0       0

බටගල Thursday, 05 November 2015 05:10 AM

කාලය හොඳ ප්‍රශ්න විසඳන්නෙක් (නි)

:       0       0

ශාලිත Thursday, 05 November 2015 05:27 AM

ඔබතුමා විතරක් නෙවෙයි. අපිත් අලි ප්‍රශ්නයකට මැදි වෙලා..(ම)

:       0       0

ලුම්බිණි Thursday, 05 November 2015 05:29 AM

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේත් එක්සත් ජාතික පක්ෂයේත් පොදු සතුරා බවට පත් වුණේ තමන් විසින්ම බව අමතක වගෙයි. (ම)

:       0       0

උදය Thursday, 05 November 2015 05:33 AM

අපි කො‍හොමද ඔබතුමාට උදවුවෙන්නේ? (නි)

:       0       0

ජයරත්න Thursday, 05 November 2015 05:33 AM

ගරු හිටපු ජනාධිපතිතුමනි, ටික කලකට හෝ දේශපාලන කටයුතු වලින් ඉවත්ව දේශපාලන නොවන ආගමික සහ සමාජ කටයුතු වල නියැලෙමින් ජනතාව අතර හිඳින්න. ඔබේ වටිනාකම අදට වඩා හෙට ජනතාවට වැටහෙනු ඈත. එසේ නොවුණහොත් අද සිදුවන සියලු වැරදිත් ඔබතුමා පිටම පැටවෙනු ඇත. (නි)

:       0       0

සුනිල් Thursday, 05 November 2015 05:49 AM

මොකටද අප්පේ මේ වගේ ප්‍රශ්න හිතේ දරාගෙන දුක් විඳින්නේ? විශ්‍රාම සුවෙන් සැනසීමෙන් ඉන්න පුළුවන් කාලයක් නේද මේ? (නි)

:       0       0

පාඨලී Thursday, 05 November 2015 05:52 AM

ජයග්‍රහණය කරා යන ගමනේ පසුබැසීම් ද සිදුවිය යුතුයි (බ)

:       0       0

පවිත්‍ර Thursday, 05 November 2015 05:56 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් දැන් නැහැ..දැන් තියෙන්නේ අලි වලිගයක් විතරයි..සැබෑ විපක්ෂයට නායකත්වය දෙන එක ඔබගේ වගකීම..යුතුකම..ගහන්න ගහන්න වදින මිනිහත් මෝඩයෙක් දැන් මේ විකාර බැලුව ඇති..තව දුරටත් නිදහස් පක්ෂයක් ඔබට නැහැ..බණ්ඩාරනායක මහත්තය එදා යු අැන්පියෙන් එලියට බැස්ස වගේ එලියට බැහැල නව දේශපාලන බලවේගයක් බිහි කරන්න.ඊලග මැතිවරණයට තව වසර පහක් තියෙනවා..ඒ කාලය ඇති ඒ බලවේගය ශක්තිමත් කර ගන්න..ඔබ කිව්වත් නැවත මයිත්‍රී හෝ මේ ද්‍රෝහී රැල සිටින ශ්‍රී ලංකා එකට අපේ ඡන්දය නැහැ..අපි ඒක දානවා බල්ලට..(බ)

:       0       0

ගාමිණි Thursday, 05 November 2015 06:04 AM

ඔබ තුමා ජනපතිට සහයෝගය දුන්නොත් ශ්‍රී-ලංකා නිදහස් පක්ෂත් ජනතාවත් දිනුම්, නැත්නම් රනිල් අලියා දිනුම්.(ම)

:       0       0

විජයබාහු Thursday, 05 November 2015 11:34 AM

ගොඩක් කට්ටියට දැන් තියෙන්නේ අලි දමපු ප්‍රශ්නයක් තමා (ම)

:       0       0

ඩිල්ෂාන් Thursday, 05 November 2015 06:34 AM

අපිට නම් හිතෙන විදිහට දැන් රටට ජාතියට හිතවත් ශ්‍රීලනිපයක් නැහැ. අපේ ඡන්දෙ නම් අපි දෙන්නේ නැහැ. ඡන්දය කැබලි වලට ඉරලා ඡන්ද පෙට්ටියට දානවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 05 November 2015 06:35 AM

ජාතික ප්‍රශ්නවලට මුල් තැන දෙමුද ? (ම)

:       0       0

ගැමුණු Thursday, 05 November 2015 06:43 AM

අපි සැමදා ඔබ සමඟයි මැතිතුමනි! (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 05 November 2015 06:41 AM

ඔබ කවදත් ගත්තේ නිවැරදි තීරණ... (නි)

:       0       0

කරුණාරත්න Thursday, 05 November 2015 06:41 AM

ඔබට ජයවේවා! (නි)

:       0       0

රත්නායත Thursday, 05 November 2015 06:44 AM

පසුගිය වැරදි ගැන හිතලා, අඩුපාඩු ගැන නැවත හැරී බලා, සුදුසුම කට්ටිය තෝරාගෙන එන්න. අපි ඔබතුමා එනතුරු මඟ බලා සිටිනවා. නව බලවේගයකට පුර්ණ සහය! නිර්පාක්ෂික අපි කැමති ඔබතුමාට (නි)

:       0       0

ජානක Thursday, 05 November 2015 06:59 AM

ඔබට ජය වේවා! (ම)

:       0       0

ජානක Thursday, 05 November 2015 06:59 AM

ඔබට ජය වේවා! (ම)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 05 November 2015 07:08 AM

ශ්‍රීලනිපයේ එජාපයේ විතරක් නොවෙයි, ඔබතුමා ඒත් එක්කම මුළු ලෝකයේම පොදු සතුරා බවට පත්වුණේ 2009 මැයි 18 වෙනිදා, යුධ ජයග්‍රහණයෙන් පසුව. ඒ ගැනත් හිතුවා නම් අද මෙහෙම වෙන්නෙ නැහැ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 November 2015 12:59 PM

සුනිල්,එහෙම කරලා පුලුවන්ද? තමන්ගේ සිහින වලට මොකද වෙන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 05 November 2015 01:04 PM

තවත් අවුරුදු 2 ක් හිටියා නම් බලන්න තිබුනා..... (නි)

:       0       0

ඩෙන්සිල් Thursday, 05 November 2015 01:02 PM

අපිට තියෙන ප්‍රශ්න වල හැටියට මේවත් ප්‍රශ්නද? (නි)

:       0       0

ගුණවර්ධන Thursday, 05 November 2015 01:06 PM

ඔන්න ඕවා ඔක්කොම අල්ලලා දාලා දේශපාලනයට සමුදෙන්න මහත්තයෝ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4465 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
2024 සැප්තැම්බර් මස 22 3 0

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 45 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 55 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 67 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 85 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14697 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 128 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site