කුරුණෑගල මනාප පොරයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා නිසා කුරුණෑගලින් ජනතා විමුක්ති පෙරමුණේ මනාප ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ කුරුණෑගල කණ්ඩායම් නායක නාමල් කරුණාරත්න මහතා ලංකාදීප එසැණට පැවසීය.
ඇත්තෙන්ම ඔහු ලජ්ජවෙන්න ඕනේ. මනාප බලු පොරයට වැටීම ගැන. මනාප පොරයට හිටපු ජනපති වැටුණු එක ගැන කුරුණෑගල ජනතාව ඉන්නේ කලකිරීමෙන්. ඔවුන් දන්නවා මේ විදියට පාර්ලිමේන්තුවට යන්න හදන්නේ මොකටද කියලා. මහින්ද ආපු එකට ඔහුගේම පක්ෂේ කුරුණෑගල අපේක්ෂකයෝ කැමති නැහැ. මේ අය දැන් තමන්ගේ ගොඩ වැඩිකරගන්න දුවනවා. හිටපු ජනපතිත් දුවනවා. ඔහුව මෙහාට ගෙනාපු අය හිතුවේ මහින්ද ලක්ෂ තුනක් හතරක් මනාප ගනියි කියලා. ඒක ඔවුන්ගේ හීනයක්ම තමයි. ජනතා විමුක්ති පෙරමුණේ අපි ඊයේ පෙරේදා මෙහෙ ඉන්න ව්‍යාපාරිකයෝ දොස්තරවරු ඉංජිනේරුවන් පන්සියකට ආරාධනා කරලා රැස්වීමක් තිබ්බා. කියන්න සතුටුයි හාරසියයකට වඩා වැඩි පිරිසක් ආවා. වෙනදා අපි එහෙම ආරාධනා කරලා රැස්වීමක් තිබ්බනම් එන්නේ හැත්තෑපහක් විතර. අපේ ප්‍රවණතාවය ඒකෙන්ම හිතාගන්න.
අපිට ඔය පක්ෂ දෙකම එකයි. අවුරුදු 67ක් රට ණය ගොඩකට ඇදලා දැම්මේ බොරුවෙන් ලෝකය මුලා කළේ හෙට උපදින දරුවෙක් පවා ලක්ෂ ගාණක ලෝක ණයකාරයෙක් කළේ කවුද? අපේ කම්මුල් පාරවල් ඔවුන්ටයි.
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මහින්ද ආපු නිසා ජවිපෙ මනාප වැඩිවෙනවා‘
අලි අමීන් Wednesday, 05 August 2015 03:24 PM
විහිලු කාරයෝ. (බ)
දහම් Wednesday, 05 August 2015 03:33 PM
මොකද මේ හැමෝම මහින්දට මෙච්චරම බය? (බ)
තිසර Wednesday, 05 August 2015 03:39 PM
බම්බුව තමයි. රටට විහිලු හෙවත් ජනතාවට ජෝක් සපයන්නෝ (බ)
මධු Thursday, 06 August 2015 08:33 AM
මෙවර ජවිපෙ ඉදිරියට ගත යුතුම වෙනවා. (බ)
දිනේෂ් Wednesday, 05 August 2015 04:24 PM
ජවිපෙ තමයි විශ්වාස කළ හැකි පක්ෂය. (බ)
සම්පත් Thursday, 06 August 2015 08:42 AM
ප්‍රජාතාන්ත්‍රීය මනසක් ඇති, එමෙන්ම සමාජයට වෛරය ගෙන නොඑන, අනුන් නැසීමට නොපොළඹවන, පාර්ථයෙන් පිරුණු මිනිස්කම අගයන කුහක කමින් තොර අයෙකු ඔය ලැයිස්තුවලින් පුළුවන්නම් පෙන්වන්න. එහෙම අය මේ රටේ දේශපාලනයට එන්නේ නෑ. එන්න තරම් සුදුසු වාතාවරණයකුත් තවම නෑ.(ම)
නජිත් Wednesday, 05 August 2015 05:30 PM
හීනෙන්ද දන්නෙ නැහැ? (නි)
ද සිල්වා බර්ලින් Wednesday, 05 August 2015 07:30 PM
පුලුවන් නම් එක කුඩුකාරයෙක් , එතනෝල්කාරයෙක් , බාර් හිමියෙක් ජවිපෙ ලැයිස්තුවේ පෙන්වන්න (නි)
කවින්ද Wednesday, 05 August 2015 09:58 PM
හොඳයි බලමුකෝ! (නි)
දොම්පේ Wednesday, 05 August 2015 11:24 PM
ජවිපෙට අන්තිමට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
කුමාර් Wednesday, 05 August 2015 11:29 PM
මේ කතා කරන්නේ මෙයාලමද? (නි)
රාමන් Wednesday, 05 August 2015 11:30 PM
ජවිපෙ කවදාවත් විශ්වාස කළනොහැකි පක්ෂයක්. කයිය ගහලා මනාපය අරගෙන මොකුත් කරන්නේ නැහැ. කරන්න දෙන්නෙත් නැහැ. (නි)
ඇන්ටන් Friday, 07 August 2015 05:01 PM
දූෂිතයින් නැත්තේ ජවිපෙ විතරයි (නි)
අනුපම Thursday, 06 August 2015 12:16 AM
ජවිපෙ ආසනයක් ගන්න පුළුවන් නම් ඒ දිස්ත්‍රික්කයට දාන්නෙ 'කෙරුමෙක්'. දාලා තිබෙන කෙනාගෙන්ම ආසන ගණන පේනවා.අපි නොදන්න ලයිව්! (නි)
මුණසිංහ Thursday, 06 August 2015 02:05 AM
ජවිපෙ හැමදාම කියන්නේ මේ වගේ කතා. අවුරුදු 50 ක පක්ෂයක්.රටට මොනවාද කළේ? (නි)
අචිනි Thursday, 06 August 2015 06:55 AM
පරණ පක්ෂ දෙකටම චන්දය දීල රටට උන කිසිම සෙතක් නෑ මේපාර මමත් දෙන්නේ ජවිපෙ එකට තමයි (ම)
කුමාර Thursday, 06 August 2015 02:08 AM
එහෙනම් ඉතින් ජවිපෙ දිනයි (නි)
ඩයස් Thursday, 06 August 2015 02:15 AM
රටට ඇති එකම විකල්පය ජනතා විමුක්ති පෙරමුණයි. මනාප දියයුත්තේ හොඳ මිනිසුන්ට පමණයි. (නි)
ජනක අලහප්පෙරුම ලන්ඩන් Thursday, 06 August 2015 02:43 AM
මේ පාර ජවිපෙ ට දීලා බලමු! (නි)
කමල් Wednesday, 05 August 2015 02:22 PM
බුද්ධිමත් ජනතාවගේ ඵකම පැතුම ජවිපේය ඹබලාට ජයවේවා (බ)
විජයබාහු Wednesday, 05 August 2015 02:41 PM
17 වෙනිදට ඡන්දෙදි ජනතාව එ්ක පෙන්නයි (බ)
ජානු Thursday, 06 August 2015 04:34 AM
අනෙක් පක්ෂ දෙකම ආණ්ඩු කරලා පෙන්නුවට ලොකු ප්‍රතිපලයක් රටට ලැබුණේ නෑනේ ...එනිසා මේ සැරේ ජවිපෙට දීල බලමු කාට දුන්නත් මහා වෙනසක් නෑනේ (ම)
හේමන්ත Wednesday, 05 August 2015 02:54 PM
නාමල් කරුණාරත්න හොදටම බයවෙලා. දැනටම එතුමා දන්නවා ප්‍රතිපල මොනවද කියල. (බ)
ආරියසේන Friday, 07 August 2015 03:11 AM
ජේ වී පී.එකේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා හා රාත්‍රියට යන සංවාද හොඳට අහලා රටේ ත්ත්වය අවබෝධ කරගෙන මේවට අදහස් දාන්න. රටේ යහපත වෙනුවෙන් වැඩ කරන කතා කරන යහපත් පක්ෂයකට ඡන්දය දෙන්න.මම හිතන්නේ අපේ රටේ තවම දේශපාලනික වශයෙන් මිනිස්සු නොදියුණුයි. සමහරු දාල තියන අදහස් දැක්කම හිතනවා මේ අය ඉන්නේ කොහෙද කියලා.මේ රටේ තියන මේ සාමකාමි වාතාවරණයට හේතුව කවුරුත් දන්නෙ නැහැ.ඒවා කළේ මේ අයගේ පූර්ණ මැදිහත්වීමෙන්.ඒක නිසා අදහස් දානකොට බුද්ධිමත්ව අදහස් දාන්න. (නි)
වසන්ජය Thursday, 06 August 2015 04:42 AM
ඔය ඡන්ද 400 විතරයි පුචානම් දොඩවනවා (නදී)
දිනේෂ් Wednesday, 05 August 2015 03:01 PM
අම්මෝ මොකට කියනවද ඒ හරිය (බ)
දුමින්ද Wednesday, 05 August 2015 03:04 PM
17 වෙනිදට බලමු සුදු හකුරු හදන කියන කතාවේ ඇත්ත නැත්ත (බ)
බණ්ඩාර Thursday, 06 August 2015 04:43 AM
කුරුණෑගල අපිට පිස්සු නැහැ ජෙප්පන්ට ඡන්දේ දෙන්න (නදී)
බණ්ඩාර Thursday, 06 August 2015 04:43 AM
කුඩුකාරයෙක් , එතනෝල්කාරයෙක් , බාර් හිමියෙක් ජවිපෙ ලැයිස්තුවේ පෙන්වන්න බැරි උනාට මිනී මරුවෝ පෙන්වන්න පුළුවන් (නදී)
පිවිතුරු යහපාල Wednesday, 05 August 2015 03:16 PM
හිතේ දුකට නාමල් මරු කියවනවා...(බ)