IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


මහින්ද ආරක්ෂා කරන බවට රනිල්ගෙන් පොරොන්දුවක්

(ආරියරත්න රණබාහු)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කිරීමට රජය සූදානම් බවත් හිටපු ජනපතිවරයා ආරක්ෂා කිරීමෙන් තමන්ට එළැඹෙන මැතිවරණයේදී විශේෂ වාසියක් සැලසෙන බැවින් ඔහු ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(8) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු ජනපතිවරයා එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද රැස්වීම් සඳහා සහභාගීවන බවත් එහිදී දැනට ඇති ආරක්ෂාව දැඩි කරන ලෙසත් ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවෙන් කළ විශේෂ ඉල්ලීමට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා එසේ පැවසීය.

දැනට ආරක්ෂකයින් 154ක් හිටපු ජනපතිට ලබාදි ඇති බවත් ඊට වඩා ආරක්ෂාවක් අවශ්‍ය නම් එයද ලබාදෙන බවත් නමුත් මෙතෙක් බුද්ධි අංශ වාර්තා මගින් හෝ පොලිසිය මගින් එවන් අවශ්‍යතාවයක් මතුකර නැති බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (38)

මහින්ද ආරක්ෂා කරන බවට රනිල්ගෙන් පොරොන්දුවක්

sunil Friday, 08 December 2017 07:21 AM

ඉතින් මේ කතාව අපිට අලුත් දෙයක් නොවෙයිනේ? 2015 ජනවාරි 8 දා එළිවෙන ජාමෙට මෙතුමා අරලිය ගහ මන්දිරයට ගිහින් නේ මේ පොරොන්දුව දුන්නේ? සමහර විට මේ මතක් ඒ ගැන මතක් කිරීමක් වෙන්න ඇති. පාටෙත් පක්ෂේත් විතරයි වෙනස. අනික් ඔක්කොම එකයි. ඒගැන අපි නොදන්නවැයි?

:       15       68

පිටිගල මිලානෝ Friday, 08 December 2017 07:28 AM

තම පුද්ගලික වාසියට හොරු මිනීමරුවෝ වුනත් ආරක්ෂා කිරීමද ඔබේ ප්‍රතිපත්තිය?

:       2021       1555

එර්දි Friday, 08 December 2017 07:36 AM

කොහොමත් අපි දන්නව ඔබ මහින්දව ආරක්ෂා කරන බව.ඒක මේ අවුරුදු දෙකේදි පැහැදිලිව පෙනුන.එහෙත් මිනිස්සු අපරාදේ ඔබලට බලය හොරු අල්ලපියෝ කියල.

:       0       48

daham Friday, 08 December 2017 08:11 AM

මොන ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තර දෙන්නේ තව මොකක් හරි පටලවලා නක්කලේට. ඍජු උත්තරයක් කවදාවත් දෙන්නේ නැහැ... අගමැති තනතුරේ ගෞරවය රැකෙන විදිහට. උපන් ගෙයි දෝස බලි ඇරියට හදන්න බැහැ කියන්නේ ඒකනේ.

:       1183       2086

ama Friday, 08 December 2017 08:13 AM

දැන් කවුද හොරා? මිනී මරුවා කව්ද?

:       90       135

HafeelFriday, 08 December 2017 08:46 AM

අමා, අද අඹ ගෙඩි, පොල් ගෙඩි, කුකුල් හොරකම් තමයි හොරකම්. කෝටි ගණන් ගහනෙකට කියන්නේ "මාර ගේම්" කියලා. ඕකයි වෙනස.

:       7       112

surangaFriday, 08 December 2017 09:51 AM

එතකොට මහබැංකුවේ තිබුනේ අඹ ගෙඩි, පොල් ගෙඩි, කුකුල්ලු. එහෙමද? දන්නේ නැති නිසා ඇහුවේ...

:       194       320

ajmalFriday, 08 December 2017 10:00 AM

ගිය ආණ්ඩුවේ එක හොරකමක්වත් ඔප්පු කරගන්න බැරි වෙලා තියෙනවා. හැබැයි මේ ආණ්ඩුවේ බැංකු හොරකම දැනටම ඔප්පු වෙලා තියෙන්නේ. තාමත් පරණ ආණ්ඩුවේ හොරු කියලා කියන්න පුළුවන් ඇඳුමක්වත් නැතිව රෙදි විකුණන අයට තමයි.

:       684       946

සමන්Friday, 08 December 2017 11:43 AM

ගිය ආණ්ඩුවේ හොරකම් ඇත්තටම හොයනවද? නැද්ද? කියලා මල්වානේ රඹුටන් වත්තට ගියාමයි ඩෙසි ආච්චිගේ මැණික් මල්ල ලිහුවම තේරෙයි. මෙයා හිතුව නිදහස් පක්ෂයේ බෙදීම හින්දා 2020 ජනාධිපතිවරණය නිකම්ම දිනයි කියලා කවුරු අනිත් පැත්තෙන් ඉල්ලුවත්..., දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ තමන්ගේ හොරකම් අහුවෙනකොට. හැබැයි පරණ ලොක්ක දන්නවා නූල අල්ලගෙන වැඩ ගන්න. දුමින්ද සිල්වාට කලා වගේ ...

:       335       208

BamunuarachchiFriday, 08 December 2017 12:31 PM

ඔයගොල්ලෝ කාගෙවත් දිරච්ච ලණුකෑවට මහින්ද පලිත් නැහැ රනිල් පලිත් නැහැ. රනිල් ඡන්දෙ දිනාගන්න. මහින්ද හොරකම් කළා කිව්ව එක අපේ 62ක් පිරිස විශ්වාස කරලා මෙතරම් රටට සේවයක් රටට කල මහින්ද මහතා පරදවා හොරු රැලක් පත්කර ගත්තා. දැන් පල් හොරු රැළට මහින්දගේ දේවල් පෙන්න ගන්න විදිහක් නැතුව ලතවෙනවා. රනිල්ගේ ලනුකාපු හුදීජනයා හොරු අල්ලපන් කියා කියා රනිල් පස්සේ යනවා. 62ක් මේ පිරිසට නොතේරෙන දේ තමයි කිසිම සංවර්ධනයක් නොමැතිව රට මේවන විටත් අවුරුදු 3ක් ගෙවිලා කියලා. පොකට් හොරා පාරේ දුවන්නේ හොරෙක් කිය කියා ඉතින් රනිල් දිවුවේත් එහෙම තමයි. ඒක මේ 62 දැනගෙන සිටියේ නැහැ.

:       760       1505

HafeelFriday, 08 December 2017 03:40 PM

සුරංග, ඒකට තමයි කිව්වෙ මේ රජය අඹ, පොල්ගෙඩි හොරකමට විතරයි දඬුවම් දෙන්නේ. රනිල් පිටුපසින් එළවන්නේ පොල් හොරුන් විතරයි. මහබැංකුවේ වගේ තමයි.

:       2       3

krishantha Friday, 08 December 2017 08:24 AM

"නමුත් මෙතෙක් බුද්ධි අංශ වාර්තා මගින් හෝ පොලිසිය මගින් එවන් අවශ්‍යතාවයක් මතුකර නැති බවත් " ආනේ ...තවම බුද්ධි අංශ තියෙනවා එහෙනම්... කොච්චර දෙයක්ද...? සතුටුයි.

:       630       974

ලුම්බිණි Friday, 08 December 2017 08:25 AM

ආරක්ෂකයින් 154 ක් ගැනද මේ කියන්නේ?

:       85       61

Hafeel Friday, 08 December 2017 08:27 AM

මේක මෙයා කිව්වත් නොකිව්වොත් රටේ ජනතාව දන්නවා. මේ අවුරුදු තුනේම ඕකමයි වෙන්නේ. මෙයා විසින් මේක කලයුතුමයි. ඒක මෙයාගේ වගකීමයි. මොකද්ද මහින්ද සිරිකොතට කාපට් දාලා, පක්ෂ නායකත්වය ආරක්ෂා කරලා දුන්නා.

:       3       127

Upali Friday, 08 December 2017 08:32 AM

ඔබතුමා පොරොන්දු වුණත් නැතත් අපි දන්නවා. ඔබතුමා හිටපු ජනාධිපතිතුමාව ආරක්ෂා කරන බව. ඒවගේම හිටපු ජනාධිපතිතුමාත් ඔබතුමාව ආරක්ෂා කළ බවත්, ඉදිරියේදීත් ආරක්ෂා කරන බවත් අපි දන්නවා.

:       4       267

Kamal Friday, 08 December 2017 08:38 AM

ඒකාබද්ධය නිසා වාසිය කාටද කියලා දැන් තේරෙනවනේ?

:       361       361

dahamFriday, 08 December 2017 09:19 AM

එතකොට ජනවාරි 9 වෙනිදා, ආසන 41ක් විතර තිබුණු රනිල්ට අගමැතිකම සිරිසේනගෙන් තෑගි ලැබුණු එක වාසියක් නෙමෙයිද? රනිල් අගමැති කම කරන්නේ මහින්ද හින්දද? නිකම් තේරුමක් නැති ඔල්මොරොන්දම් කතා කියන්න එපා. බුද්ධිමත්ව හිතන්න පුරුදු වෙන්න.

:       75       607

සමන්Friday, 08 December 2017 12:04 PM

එදා ඇත්තටම කරන්න තිබ්බේ පාර්ලිමේන්තුව විසුරුවන්න. මොකද එතකොට විධායකය (මෛත්‍රී) සහ ව්‍යවස්ථාදායකය (සන්ධානය මන්ත්‍රීන්) ඝට්ටනය වෙන එක වැලැක්වෙනවා. එහෙම වුණානම් මහින්ද මහත්තයා විමල් සහ බැසිල් එක්ක දැන් ගෙදර වත්තේ පිටියේ වැඩ. තව රනිල් ලොක්කට තනියම කාගෙවත් උදව් නැතුව තුනෙන් දෙකක් එක්ක පාර්ලිමේන්තුවේ බලය ගන්න තිබ්බා. එහෙම වුණා නම් ඔය බැඳුම්කර හොරකම් අහුවෙන්නෙත් නෑ. එහෙම නොකර රනිල් ලොක්කට බලය දීපු හින්දා තමයි. මෙහෙමවත් රනිල්ට විරුද්ධව කෑගහන්න කට්ටියක් පාර්ලිමේන්තුව ඉතුරු වුනේ. ඕක තමයි තිත්ත ඇත්ත.

:       214       109

Ranesh Friday, 08 December 2017 08:47 AM

කෙළින් සිටගෙන, කෙළින් කතා කළ නොහැකි, කෙළින් වචනයක් දිය නොහැකි, නමට පමණක් අපේ අගමැති තමයි..

:       509       1277

Ramanayake B.L Friday, 08 December 2017 08:56 AM

පවුලේ හොරුන්ට නීතියෙන් දඬුවම් ලැබෙනවිට ඒවා දැකලා නොමැරී මැරෙන්න හිටපු ජනපති ආරක්ෂා කිරීම කලයුතුම දෙයකි.

:       477       140

saliya Friday, 08 December 2017 09:08 AM

ඔක්කොමලා එකයි, පක්ෂේ නමයි, පාටයි වෙනස්... හොඳට එකතු වෙලා අපටම ගේම දෙනවනේ...

:       74       137

හර්ෂ Friday, 08 December 2017 09:26 AM

හෙඩිම අන්තර්ගතයට කොච්චර අදාලද...? විකුණන්න රෙදි ගලවනවා වගේ වැඩ නොකර වැඩ හොඳ විදිහට දේවල් දැම්මා නම් තමා හොඳ...

:       2       17

Raveendra Friday, 08 December 2017 09:47 AM

"සිරි" පාරට තාරදමින් මා රැක්කේ මෙන්න මෙයා.. කෝපි වුණත් බිව්වේ අපි එකට මෙයා.. පක්ෂේ තුලත් ඇන කෙටවිලි සමථ කලේ මෙන්න මෙයා.. දැන් උන්දැව බේරන්නට දඟලන්නේ මෙන්න මෙමා....

:       24       163

banda Friday, 08 December 2017 09:56 AM

ලංකාවට බිහිවෙච්චි අසාර්ථකම අගමැති මෙයාද?

:       315       1419

lariru Friday, 08 December 2017 10:04 AM

2002 දී ඔක්කොම බුද්ධි අංශ නිලධාරීන්ට ඉවර කරගන්න බැරි වුණු එක ගැන දැන් පසුතැවෙනවා ඇති...

:       47       232

dias Friday, 08 December 2017 10:25 AM

මහින්ද මහතාව ආරක්ෂා කරනවා කියන එක අපිට තේරෙනවා. එතුමා ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැතිකරන්න අගමැතිතුමාට මොලේ තියෙනවා. ඔහොම යං....

:       60       97

Kalandaka Friday, 08 December 2017 10:32 AM

ඊළඟ ජනාධිපතිවරණයේදී අපි එතුමාවයි, ඔයාගේ අලියයි ගැන බලාගන්නම්!!! එජාප එක නැති කලේ කව්ද කියලා පාක්ෂිකයින්ට දැන් තේරෙනවනේ !!!

:       10       10

saliya Friday, 08 December 2017 10:33 AM

කලින් ආණ්ඩුවේ හිටිය අගමැතිතුමා ගැන මතක නැද්ද ? එයා හරිම සාර්ථකයි, අති දක්ෂයි අගමැතිකමේ රාජකාරි හොඳටම කළා. අපිට ආයේ ඕනේ ඒ වගේ හසල බුද්ධිමතෙක්, කාර්යක්ෂම කෙනෙක්.…

:       3       145

MuhanFriday, 08 December 2017 11:39 AM

අනේ ඔයා කියපු එක හොඳයි. කලින් ආණ්ඩුවේ අගමැති කෙනෙක් හිටියද?

:       5       31

indra Friday, 08 December 2017 10:51 AM

වාර්තාගත අගමැති තුමා සිටින්නේ අපේ රටේ... වංචා පෙනි පෙනී නෑ කියපු තමන්ගේ වාසියට පැයෙන් දෙකෙන් නීති හදපු තම කණ්ඩායමට සැපට ඉන්න හේතු හදපු ,කතිරය ගහපු ජනතාවට යහමින් බදු බර දුන්න අපේ අගමැතිතුමාට මේ පාරත් අපි ඡන්දය දෙනවා...

:       20       73

kanthi serasinha - moratuwa Friday, 08 December 2017 12:18 PM

එතකොට " හොර නායකයයි හොරු 150 යි " අල්ලන්නේ නැතිද? ලැජ්ජයි.. එන්න මහත්තයෝ ඡන්දෙ ඉල්ලගෙන. මේ දේශපාලකයෝ අපේ රට නැත්තටම නැතිකළා...

:       49       47

rocky Friday, 08 December 2017 01:31 PM

ඔබතුමා කියන්නේ මහින්දට විරුද්ධව තිබෙන චෝදනා වලිනුත් ඔහුව ආරක්ෂා කරන බවද? ඒක අපට තේරෙනවා. හැබැයි, මහත්තයෝ, ඔබතුමාම චෝදනා කරපු ඔය හොරුන්ට දඬුවම් නොකලොත් ආයේ ඉතින් යු.ඇන්.පී එකට අපෙන් නම් ඡන්ද බලාපොරොත්තු වෙන්න එපා. අඩුම ගානේ ඡන්ද දෙසීයක්වත් වළක්වන්න මට තනියම පුළුවනි....!!!

:       88       88

saman s liyanagama Friday, 08 December 2017 02:59 PM

උදේට දැක්කොත් දවසම ඉවරයි.

:       144       169

sunil Friday, 08 December 2017 05:05 PM

දැන් ඔය කතාවමද කිව්වේ 2015 ජනවාරි 8 ට කලින්? මෙහෙමත් දිව දෙකේ දේශපාලකයින් දකින්න පුළුවන් වෙන්නේ මේ සුර පුරේම තමයි..

:       2       3

darshani Sunday, 10 December 2017 02:58 PM

දැන් මොකටද හිටපු ජනාධිපති කෙනෙකුට ආරක්ෂක නිලදාරී 154 ක් මේක මහා අපරාද.. මේවා වෙනස් විය යුතු දේවල් නෙමෙයිද?

:       247       102

jayawardena Sunday, 17 December 2017 02:33 PM

මහින්දයි, රනිලුයි ඉන්න කල් මේ රට හදනවා.. බොරු කරන අයට තියෙන්නේ බල තණ්හාව විතරයි.

:       2       8

jayawardena Saturday, 23 December 2017 02:41 PM

මූ උගේ පිට කසනවා - ඌ මුගේ පිට කසනවා - එකාට එකා පිට කසගන්නවා - රටට කෙලවෙනවා

:       3       8

Rohana Wednesday, 27 December 2017 12:17 PM

අගමැතිතුමනි, ඔබතුමා ජනතා විශ්වාසය විනාශ කලා. ඔබ ඔබ විසින්ම විනාස කරගත්තා. එජාපය විනාශ කලා. ශ්‍රී ලංකා මහා බැංකුව විනාස කලා. ජනාධිපතිතුමා අසරණ කලා. රටේ ආර්ථිකය විනාශ කලා. බය නැති අගමැති කියලා පෝස්ටරයක් අලවා ගත්ත. ලජ්ජා බය නැති අගමැති. කොමිසමට ගියා ප්‍රකාශයක් දුන්නා. ජනතාව ඕවායින් රවට්ටන්න බැරිබව හිතට ගන්න. බිලියන 59 බැඳුම්කර වංචාවෙන් ඔබට මග හරින්න බැරිබව හිතට ගන්න. ඔබට ගැලවීමේ එකම මග මහින්ද රැකිමයි. ඔබ එය හොඳින් කරන බව ජනතාව දන්නවා.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 199 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 81 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 235 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 458 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 220 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 646 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site