ජනවාරි 8 වැනිදා විප්ලවය පස්සට ගියොත් ආපසු සුදුවෑන් එන බවත් නැවත රජ පවුල්වලට දිව්‍ය ලෝකයත් ජනතාවට අපායත් නිකන් අපායක් නොව අවීචි මහා නරකාදියට වඩා දුක් විඳින රාජපක්ෂ අපායක් හිමිවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ යටියන්තොට පැවති ජන රැලියට එක්වෙමින් පැවසීය.
‘ ජනවාරි 8 වැනිදා විප්ලවය ඉස්සරහට යනවානම් සුදු වෑන් නෑ, කුඩු නෑ, ස්ත්‍රී දුෂණ නෑ, රැකියා තියෙනවා, ආදායම් වැඩි වෙනවා, ගොවිතැන දියුණු වෙනවා. අපි ඉල්ලන්නේ අලුත් රටක්, අලුත් ගමක් හදන්න අගෝස්තු 17 වැනිදාට ජන වරමක් දෙන්න‘ යැයි අගමැතිවරයා එහිදී කීවේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න
මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත
ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘මහින්ද ආවොත් අවීචියටත් වඩා නරක අපායක් ලැබේවි‘
පිටබැද්දර ජයා Monday, 27 July 2015 09:44 AM
අනේ අපිටනම් පහු ගිය මාස හයේ නිදහස හොඳට දැනුනා, කතා කිරීමේ නිදහස ලැබුනා, නිතිය පොදුවේ හැමෝටම ක්‍රියාත්මක උනා. ඒ නිසා මේ ලැබුන ප්‍රජාතන්තරේ ආරක්ෂා කර ගනිමු. (ර)
සමී Monday, 27 July 2015 09:56 AM
අනේ සර්, බ්‍රේස්ලට් එකක් දෙන්නකෝ. (ර)
කපිල Monday, 27 July 2015 07:44 PM
දූෂිත පාලකයන් නිර්මාණය කල සමාජයේ ඉන්න මානසික වහළුන් හට ප්‍රඥාව පහල වී, දැන් උන්ට හැම දේම තේරෙනවා. ඕනම විෂයක් සම්බන්ධයෙන් මෝඩ අදහස් ගල් පැලෙන තර්ක සමග තොග ගානට දෙන්න උන්ට පුලුවන්. (නදී)
පියලාල් Monday, 27 July 2015 10:00 AM
බය වෙන්න එපා... (ර)
දිනේෂ් කළුආරච්චි Monday, 27 July 2015 01:21 PM
දුකක් ඇතිවෙනවා මේවා ඇහුවාම. අපි මෙයාගෙන් මිට වඩා උසස් බුද්ධි මට්ටමක කතාවක් තමයි බලා පොරොත්තු වෙන්නේ. අඩු තරමින් මර්වින්, සජිත් මෙම විධියේ කතාවක් කලානම් පුදුම විය යුතු නැහැ. මේ මගේ මතය. (නදී)
ගුණසේක Monday, 27 July 2015 01:58 PM
ඔබතුම බලයට ආවහම මොකක්ද විවෘර්ත කරන්නේ? ටයර් ගොඩගැහිලා තිබිනවා ලයිට් කණු ගොඩක් හිටවල තිබනවා (බ)
විජයබාහු Monday, 27 July 2015 02:02 PM
මෙයා මොනවද දන්නේ බුදු දහම ගැන. නොදන්නා සමයන් කියවන්නේ නැතුව ඉන්න මහත්තයෝ. (බ)
හේෂාන් Monday, 27 July 2015 07:33 AM
මේ මනුස්සයා ලිච්චවි රජ්ජුරුවන් ගැන කියල අවීචි නරකාදිය ගැන කියල ධර්මෙන් මේපාර වැඩේ ගොඩ දාන්න හදන්නේ...සුද්දෝ ඉතිහාසෙත් අපේ රට යටත් කර ගත්තේ මේ උප්පරවැට්ටියෙන්ම තමා. ජෝන් ඩොයිලි හොඳ උදාහරණයක්. මෙයාගේ තවත් කෙරුවාවක්. බලන්න අපේ රටේ විදේශ සංචිත වලට වෙලා තියන නස්පැත්තිය, මෙයාලගේ මහා ආර්ථික දැනුමේ මහිමයෙන්. (ස)
ධම්ම Monday, 27 July 2015 07:39 AM
කිතු දහමේ ආගමේ අවීචි මහා නරකාදියක් නැත. (ස)
සරත් Monday, 27 July 2015 07:41 AM
ඔබතුමා ආතති අරගන්නේ නැතුව කූල් එකේ ඉන්න. (ස)
රොෂාන් Monday, 27 July 2015 07:47 AM
මට තේරෙන විදියට මෙතුමාටත් වඩා ආර්ථික දෑනුමක් කොමන්ටුව දාපු කෙනාට තියෙනවා වගේ. නිකන් කඩේ යන්න එපා හලෝ. මේ මනුස්සයාගේ දෑනුමෙන් අවුන්සයක් තියෙනවාද ඔහෙට? (ස)
රංග Monday, 27 July 2015 07:55 AM
මෙතුමා කොහේ ගියත් පොයින්ට් එකට කතා කරන්නේ. (ර)
සිරිමල් Tuesday, 28 July 2015 09:21 AM
අර 88, 89 කාලය වගේද ? (නදී)
ඉන්දික Monday, 27 July 2015 07:56 AM
රොෂාන්, ඔයත් යන්නේ කඩේ නේ! (ර)
සුරන් Monday, 27 July 2015 08:18 AM
අපේ රටේ පක්ෂ නායකයෝ බොහෝ දුරට හොඳ පුද්ගලයෝ. වැඩේ තියෙන්නේ බලය ආරක්ෂා කරගන්න වටේ ඉන්න කට්ටියට වරප්‍රසාද, අවිනීතිය රජකරවීමේ නිදහස දීල තමා හැමෝම ඇනගන්නේ. (ස)
සනා Monday, 27 July 2015 08:18 AM
අපිට ඕනේ මිනිස්සුන්ට ආදරය කරන මොලයක් තියෙන නායකයෙක්. රජෙක් නම් එපා මහින්ද රජාත් එපා එපා එපා. (ස)
දර්ශන Monday, 27 July 2015 11:44 AM
බයෙන් කතා කරන්නේ. (ර)
අමිල් Monday, 27 July 2015 08:29 AM
ඔයා කොහොමත් අපායට යනවා ,,,,,,, මහින්ද ආපුවම. (ස)
වැකෝ Monday, 27 July 2015 08:32 AM
මෙයාගේ කතාව විතරයි , වැඩ නැහැ. (ස)
අනුර Monday, 27 July 2015 08:33 AM
අපොයි අවිචිය කියන්නේ මහා නරකාදියක් තමා. කන්වලට ඇන ගහනවා. පන පිටින් පුච්චනවා, අවිචිය පාරේ හැමතැනම මිනි පුච්චළලු, නිරුවත් මළමිනී කාක්කෝ ඇද ඇද කනවලු දවස් ගණන්. (ස)
සමීර Monday, 27 July 2015 08:34 AM
හේෂාන් නරකද කඩේ යන එක නවත්තල ගිහිල්ල ජනක බණ්ඩාරට දන ගහල වැන්දනම්. (ස)
සෙනරත් Monday, 27 July 2015 04:02 PM
හරි හරි සර්, අපි චුවින්ගම් කකා ජොලියේ ඉඳිමු. (බ)
ජුලම්පිටියේ Monday, 27 July 2015 09:37 AM
දැන් මනාප ඕන නම් දන ගහල මහින්ද මහ්තයාට මිනිසුන් ඉදිරියේ ප්‍රසිද්ධ රැලි වලදී වන්දින්න ඕනා. නැත්නම් උන් පනින එවුන්. (ස)
විජේසුන්දර Monday, 27 July 2015 12:56 PM
ඔබේ පොරොන්දු ඉෂ්ට වෙනවනම් මේ වන විට රත්තරන් බඩු සාප්පු වැහිලා තිබෙන්න ඕනි ! (ම)