IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහින්ද උගන්ඩා යයි

උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්ති උත්සවයට සහභාගි වීම සඳහා  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) අලුයම 3.15 ට කටුනායක ගුවන්තොටුපළින් උගන්ඩාව බලා පිටත්ව ගියේය.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 349 දරන ගුවන් යානයෙන් ඩුබායි හරහා උගන්ඩාවට පිටත් වීම සඳහා   රාජපක්ෂ මහතා කටුනායක ගුවන්තොටුපළේ අති විශේෂ අමුත්තන්ගේ කුටියට පැමිණ සිටියේ උගන්ඩා ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට ලැබී ඇති අරාධනාවකට අනුවය.

මෙම සංචාරය සදහා මහින්ද රාජපක්ෂ මහතා සමග සතියක කාලයක්  විදේශ ගත වීමට අවසර ඉල්ලා හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ කඩුවෙල අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම අයැදුම කොළඔ මහාධිකරණය හමුවට යොමු කරන ලෙසට නියෝග කැරිණි. 



අදහස් (0)

මහින්ද උගන්ඩා යයි

අමිරා Wednesday, 11 May 2016 12:20 PM

උගන්ඩාව ගැන දන්නා අයනම් එහෙ යන්නේ නැහැ . අපේ රජතුමා එහෙ ජනාධිපතිටත් මිලියනයක් ආධාර දුන්නා .හිතා ගන්නකො ආරාධනා නොකර කොහොමද ? (බ)

:       0       0

ප්‍රියන්ත Wednesday, 11 May 2016 07:43 AM

ඉඩි අමීන් වගේ ගෝත්‍රිකයො හොයන්නෙත් ඒවගේම ගෝත්‍රිකයොම තමා (බ)

:       0       0

හේමන්ත Wednesday, 11 May 2016 07:45 AM

අපේ මිනුස්සු වගේ නිහින ජාතියක් තවත් නැහැ හිටපු ජනාධිපති තුමා බටහිරට කත් ඇද්දේ නැහැ කොන්ද කෙලින් තියන් වැඩ කළා මේ වගේ තුනට නැමුණේ නැහැ බටහිර රටවල් ඉදිරියේ අපි ඒගොල්ලන්ට නැමුන නම් තවමත් යුද්දේ තමයි අපේ මිනිස්සුන්ට මුල මතක නැහැ මහින්ද වැරදි කරන්න ඇති නමුත් රටත් වැඩක් කළා කියන එක අපි නිහතමානීව පිළිගන්න ඕනි (බ)

:       0       0

චන්ද්‍රා Wednesday, 11 May 2016 07:47 AM

රටේම සල්ලි ගසාකෑවහම, එයට මිනිස්සු පුරුදු කළහම බළල්ලු වගේම පොරකනවා මිසක් රටක් පරපුරක් යහපත් සමාජයක් ගැන හිතන්නේ නැහ. පොඩි ළමයාත් පුරුදු වෙන්නේ හොරකම් කරන්න ලොකු අය කරන දේවල් බලලා. (නි)

:       0       0

සතිෂ් Wednesday, 11 May 2016 07:48 AM

ඔය ගමන් ස්වාසිලන්තේ යාලුවත් බලලාම ආවා නම් හොඳයි නේද (නි)

:       0       0

ඩිලාන් Wednesday, 11 May 2016 07:49 AM

අද අපේ රටේ බොහෝ දෙනෙකු නායකයෙකුට තිබියයුතු ගතිලක්ෂණ, ගුණධර්ම මොනවද කියා දන්නේ නැත. (නි)

:       0       0

ෂෙහාන් Wednesday, 11 May 2016 07:57 AM

රජීව් අදහස් කළේ, එ්කාධිපතියෙකුට, එ්කාධිපතියෙක් උගන්ඩාවදී මුණගැහෙයි කියලද? (නි)

:       0       0

ගයාන් Wednesday, 11 May 2016 07:59 AM

මහින්ද රාජපක්ෂ කියන්නේ ‍කොන්ද පණ අැති නායකයෙක්. ලැජ්ජාවක් නැතුව රටේ ජනාධිපති කියලා කියන්න පුළුවන්. මහින්ද රාජපක්ෂ යුද්ධය තියන වෙලාවෙදිත් බටහිර රටවලට බය වුණේ නැහැ. අද යහපාලනයට ඡන්දේ දීපු නැති අයට විතරක් නෙමෙයි, ඡන්දේ දීපු අයටත් වැට් එක වදිනවා. රටේ කිසිම සංවර්ධන වැඩක් වෙනවද? ඇමතිලට බදු නිදහස් වෙනවා. පාරිභෝගිකයාට බඩේ පහර. ඔන්න ඕකයි යහපාලනය... (නි)

:       0       0

උපාලි Wednesday, 11 May 2016 08:00 AM

රොහාන් දයාදර, ඔබ හරියටම හරි. කෙනෙකු ඇසුරු කරන අය දිහා බලා ඔහුව මැනගන්න පුළුවන් කියන එක ලෝක ප්‍රසිද්ධ කියමනක්. (නි)

:       0       0

නාලක Wednesday, 11 May 2016 08:10 AM

කරුණාකරලා 2015 මහ බැංකු වාර්තාව බලන්න. 2015 අපේ රජය කෝටි ලක්ෂයක් ණය බර වැඩිකරලා. මේ රජයේ පඩි වැඩි කිරීමට සහ අනෙකුත් මැතිවරණ සමයේ දීපු සහන වලට සහ රුපියල අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයි. කණ්ණාඩි ගලවා මහින්ද රට පාලනය කළ අයුරු බලනු මැනවි. (නි)

:       0       0

බමුණු Wednesday, 11 May 2016 08:16 AM

ෂා මුහුණේ තිබෙන ලස්සන (බ)

:       0       0

බමුණු Wednesday, 11 May 2016 08:19 AM

ඔය ගමන් ස්වාසිලන්තේ යාලුවත් බලලාම ආවා නම් හොඳයි නේද කියල සමහරු කියනවා ඒ ඊර්ෂාවට ඔබතුමාට කියනවා ඒ ව ගණන් ගන්න එපා (ම)

:       0       0

රිචි බාලසුරිය Wednesday, 11 May 2016 08:53 AM

මහින්ද රාජපක්ෂට ඇරයුම් ලැබෙන්නේ උගන්ඩාව ස්වසිලන්තය , ඉරාකය ලිබියාව වාගේ රටවලින් , විශේෂ වැදගත් රටවල් ඒවා ලෝකයේ , අපිට ආඩම්බරයක් (හේ)

:       0       0

චන්දික Wednesday, 11 May 2016 08:54 AM

ගිය සැරේ ගිහිල්ලා වෙන වෙන අය හම්බවුනා. මේ සැරේ මොන ප්ලෑනක්ද දන්නේ නැහැ.(හේ)

:       0       0

ප්‍රසන්න Wednesday, 11 May 2016 08:55 AM

එක වගේ කුල්රුල්ලෝ එකට ලගිනවා.(හේ)

:       0       0

චන්දික Wednesday, 11 May 2016 08:59 AM

මේකයි, ඒ රටේ අය තාම දන්නේ නැහැ හිටපු ජනාධිපති බලයෙන් පහ කරා කියලා.(හේ)

:       0       0

නිම්මි Wednesday, 11 May 2016 04:29 AM

පහු වෙලා හරි මහින්ද මහත්තයාට තියෙන ඉල්ලුම නැති වෙලා නෑ (ම)

:       0       0

නිල්මිණි-ජපානය Wednesday, 11 May 2016 04:31 AM

මෙතුමා වටේ හැමදාම හිටියේ ගතයුත්තක් නොමැති මේ වගේ මිත්‍රයෝ තමයි. (ම)

:       0       0

ජයම්පති Wednesday, 11 May 2016 04:53 AM

උගන්ඩාවේ එක්කනා හයවෙනි වතාවටලු දිවුරුම් දෙන්නේ, හිත හදාගන්නත් එක්ක යන්න ඇති. (ම)

:       0       0

පීරිස් Wednesday, 11 May 2016 05:02 AM

බලයේ ඉන්නකොට මේ මිත්‍රයාට හොඳට හැමදේකින්ම සළකන්න ඇති. එ්කයි බලය නැතිවුණත් මෙයාටම එන්න කියන්නේ (නි)

:       0       0

රොහාන් දයාදර Wednesday, 11 May 2016 05:05 AM

තමන් ඇසුරු කරන පිරිස දෙස බලා ඕනෑම පුද්ගලයෙක් කවුද කියා අවබෝධ කරගත හැක. අප්‍රිකාව අදටත් දුප්පත් වෙලා තියෙන්නේ දුෂිත නායකයෝ නිසා (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 11 May 2016 05:26 AM

උගන්ඩාව හොඳයි. වෙන ඉතින් කොහේ යන්නද? (නි)

:       0       0

නන්ද Wednesday, 11 May 2016 05:26 AM

මෙතුමාව විනාශ කළේ පිටින් ආ අය නොවෙයි. එතුමාගේ පරම්පරාවේ සහ පවුලේ අයයි. වටේ හිටපු කෛරාටික සහචරයින් ටිකයි. ඔය හැමෝම හිතුවා එතුමා එක්ක රනිල් මහත්තයම තමයි ජනපතිවරණයට තරඟ කරන්නේ කියලා. දැන් ඒ හැමෝටම ඉන්න වෙලා තියෙන්නේ "කටු කෑවා නම් දුක විඳපන් බළලෝ" න්‍යායට අනුවයි. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Wednesday, 11 May 2016 05:30 AM

දැන්වත් මහින්දට කඩේයන උදවියට තේරෙන්නේ නැද්ද ඔය ඇත්තන්ගේ සම්බන්ධකම් තියෙන්නේ ලෝකෙන්ම කොන්වූ අය එක්ක කියලා. (නි)

:       0       0

යමුනා Wednesday, 11 May 2016 05:36 AM

මොහු තවම තමන් යන මඟ වෙනස් කළේ නැහැ නේද? තවමත් මොහුට මිනිස්සු අඬන්නේ මොන පදනමක සිටද? පහුගිය වසර දහය තුළ මිනිස් මොළ කුරුවල් වූ තරම.!!! (නි)

:       0       0

රවි Wednesday, 11 May 2016 05:41 AM

එකම ජාතියේ අය එකම අත්තේ වහන්නේ. (ම)

:       0       0

සිරි Wednesday, 11 May 2016 05:55 AM

බලය නැතත් නම විශිෂ්ටයි. මහින්ද නම ලෝකයම පිළිගන්නවා (නි)

:       0       0

සමන් Wednesday, 11 May 2016 05:56 AM

සුබ ගමන් ජනාධිපතිතුමනි. ඔබතුමා අපට පමණක් නොව ලෝකයටම වටිනා නායකයෙක් (නි)

:       0       0

වීරවර්ධන Wednesday, 11 May 2016 05:57 AM

මෙයාට ඔච්චර ජනතාව කැමති නම් මොකද පැරදුනේ? මම හිතන්නේ විදේශීය කුමන්ත්‍රණයක් වෙන්න ඇති (නි)

:       0       0

සිරිල් Wednesday, 11 May 2016 05:59 AM

ඔන්න නායකයෝ ලෝකයම පිළිගත්. කුහක හිත් වලට සත්‍ය අවබෝධ වේවා! (නි)

:       0       0

බලන්ගොඩ Wednesday, 11 May 2016 05:58 AM

අපේ සිංහල මිනිසුනේ, යුද්ධය දිනන්න උදව් කළේ සුද්දෝ නොවේ. පාකිස්තාන්, ලිබියාව, චීනය වගේ රටවල්. උගන්ඩාව කියන්නේ අහිංසක දුක්විඳින මිනිස්සු ඉන්න රටක්. සපත්තු විකුණන්න ඕනෑ සපත්තු තියෙන රටක නොවේ, සපත්තු පාවිච්චි කරන්නේ නැති රටකට. මහින්ද හිතන පතන විදිහ වෙනස්. එ්ක තමා එතුමාගේ ජනප්‍රියත්වය (නි)

:       0       0

රජීව් Wednesday, 11 May 2016 06:03 AM

ගහට ගහක් මොරටුවේදී මුණගැහෙනවලු.... (නි)

:       0       0

ශානක Wednesday, 11 May 2016 06:03 AM

නන්ද මහත්තයෝ, මට නම් හිතෙන්නේ දුක්විඳින බළල්ලු අපිමයි කියලා. යහපාලනයකට ඡන්දෙ දීලා දැන් නැහෙන්නේ අපි (නි)

:       0       0

දුමින්ද Wednesday, 11 May 2016 06:03 AM

බටහිර රටවල් අමනාප යුද්ධය කරද්දී ඇතිවුණ ප්‍රශ්න නිසා නේද? (නි)

:       0       0

ලියනගේ Wednesday, 11 May 2016 06:08 AM

නන්දගේ අදහස හරියටම හරි (නි)

:       0       0

රොමේෂ් Wednesday, 11 May 2016 06:13 AM

ලෝකය කියන්නේ ශ්‍රී ලංකාවයි, උගන්ඩාවයි, ස්වාසිලන්තයයි විතරක් නම් කොයිතරම් හොඳයිද කියලා මහින්දට හිතුන වාර අනන්තයි අප්‍රමාණයි වෙන්න ඇති. එතකොට ඉතින් ලෝකෙම පිළිගන්න නායකයෙක් වෙනවනේ (නි)

:       0       0

සරත් Wednesday, 11 May 2016 11:07 AM

ඒ කියන්නේ අපේ රටේ ඉන්න එකම නායකයා මහින්ද බව හැමෝම දන්නවා (ම)

:       0       0

චින්තන Wednesday, 11 May 2016 06:48 AM

රොමේෂ්, ඔබට නම් එහෙම හිතෙනවා ඇති නොදන්නා කමට, එහෙත් මහින්ද මහතා සංචාරය කළ රටවල් සහ මුණගැසී ඇති රාජ්‍ය පාලකයන් ගැන දන්නා අයෙක් ඔවැනි දෙයක් පවසනු නොමැත, අස්ථාවරව තිබු රටක් ස්ථාවර කළ මෙතුමාට මෙතරම් මඩ ප්‍රහාර මැද නොසලී ඉන්නට තිබෙන ශක්තිය ගැන පුදුම වෙමි (බ)

:       0       0

තුසිත් Wednesday, 11 May 2016 06:52 AM

ජනපති එංගලන්තයට, හිටපු ජනපති උගන්ඩාවට. තේරෙන අය‍ට තේරෙයි (බ)

:       0       0

වාසනා Wednesday, 11 May 2016 06:55 AM

බටහිර රටවල් වලට අනුව නටන නායකයන්ට ඔවුන් කැමතියි අපේ රට ස්වාධීන රටක් (බ)

:       0       0

නිමල් Wednesday, 11 May 2016 06:55 AM

මහින්ද රාජපක්ස පැරදුනේ නැහැ පැරද්දුව මිනිසුන්ට බොරු කියලා මුලා කරලා දැන් පේනවා නේද සත්‍ය (හේ)

:       0       0

නලින් Wednesday, 11 May 2016 06:57 AM

සුබ ගමන්.(හේ)

:       0       0

බණ්ඩාර Wednesday, 11 May 2016 07:00 AM

උගන්ඩාවට ගිහින් එන ගමන් ස්වාසිලන්තෙටත් ගිහින් එන්න පුළුවන් (නි)

:       0       0

මනෝජ් Wednesday, 11 May 2016 07:04 AM

යමුනා, ඔබ අපේ රටේ දැන් ප්‍රශ්නය ඉතා කෙටියෙන් කියා තිබෙනවා. "පහුගිය වසර දහය තුළ මිනිස් මොළ කුරුවල් වූ තරම!!" (නි)

:       0       0

සිරිල් Wednesday, 11 May 2016 07:03 AM

වීරයෝ නම් වෙනත් රටවලටයි යන්නේ (නි)

:       0       0

සිරිල් Wednesday, 11 May 2016 07:07 AM

ලෝක නායකයෝ වෙන්න හැමෝටම බැහැ. ඒ නිසයි හිටපු ජනාධිපතිතුමාට ඇරයුම ලැබුනේ (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 11 May 2016 12:11 PM

රටේ ධනස්කන්දය ගසා කාපු අය ලංකාවෙ වගේ කොහෙවත් නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 176 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 183 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 265 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 244 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 243 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 168 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38511 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site