IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


මහින්ද ඕනෑලු

ජිවිත පරිත්‍යාගයෙන් දිනාගත් මාතෘභූමියේ නිදහස යහපාලන ආණ්ඩුව මගින් නැවත බෙදුම්වාදීන්ට දීමට කටයුතු කරන බවත් එවන් පසුබිමක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් බලයට ගෙන ආ යුතුයැයි ඉතාලි එකාබද්ධ සිංහල සංවිධානය පවසයි. ඉතාලි ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම අරබයා පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සහභාගී වූ සම්මන්ත්‍රණයක් පසුගියදා නාපොලි නගරයේදී පැවැත්විණි. ඉතාලි එකාබද්ධ සිංහල සංවිධානයේ සභාපති රෝම ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියන් ලේකම් ලාල් ගමගේ භාණ්ඩාගාරික කෙනඩි කොස්තා මෙම සම්මන්ත්‍රණය සංවිධානය කළහ.

 



අදහස් (0)

මහින්ද ඕනෑලු

කුමුදු කුමාර Monday, 06 July 2015 12:47 PM

මහින්ද ආ යුතුයි (නි)

:       0       0

මියුරු Monday, 06 July 2015 12:59 PM

රට බේරගත්තා කියා වරම් ලැබෙන්නේ නැහැනේ රට විනාශ කරන්න. (නි)

:       0       0

ලක්මාල් Monday, 06 July 2015 01:00 PM

ඔය ලංකාවේ ඉඳගෙන දේශපාලකයන්නේ පස්සෙන් යන අය දැන් මේවට කෑගැහුවට, ප්‍රභාව මරපු වෙලාවේ කොඩි දාගෙන කෑගැහුවට ලංකාවේ ඉන්න අය දන්නේ නැහැ හමුදාව ඔහේ යුද්ධ කරනකොට ඒ වෙනුවෙන් ඉතාලියේ ඉන්න අපි කළදේවල්. අපේ රට වෙනුවෙන්, යුරෝපයෙන්, ඉතාලියෙන් විතරයි කොටින්ට දඟලන්න දුන්නේ නැත්තේ. ඒ විතරද අපි ලංකාවේ ආර්ථිකය කඩා වැටෙන්නට නොදී එවපු සල්ලි කන්දරාව! ඒවා අපි කළේ දේශපාලන වාසි බලාගෙන නොවේ. අතීතය අමතක කරන්න එපා. (නි)

:       0       0

කුමාර් ද සිල්වා Monday, 06 July 2015 01:05 PM

දේශපාලනය දෙපැත්ත කැපෙන ආයුධයක් වගෙයි.මිනිසුන්ට හොඳයි කියන්නත් නරකයි කියන්නත් පුළුවන්.පසුගිය කාලය පුරාම විපක්ෂය මොරදුන්නේ මහින්දට එන්න දෙන්න එපා කියලයි."ඕනෑ කෙනෙක් ආදෙන්, අපි වැඩි ඡන්දෙන් මහජනතාව පෙළගස්සලා නරක මිනිහාව පරාජය කරමු" ඒ කතාව මේ අය අතර නැහැ. පක්ෂ සේරම බයයි මහින්දට. ඇයි? එයාලා බස් වලින් සෙනඟ අදිනවා නම් ඔයාලත් කරන්නකෝ ඉතින්.අපේ රටේ ජනතාව ඔය භාෂාව දන්නවා. (නි)

:       0       0

පෙරේරා Tuesday, 07 July 2015 02:20 AM

මහින්ද නැති තැන ශ්‍රී ලංකාවක් නැත. (නි)

:       0       0

ඉන්දික Monday, 06 July 2015 01:44 PM

රට ඉදන් ලංකාවට කරන්න පුළුවන් සේවය මොකක්ද අහනවා මේ ලිදේ ඉන්න ගෙම්බෝටික 2013 මුළු වෙළද ආනයන වලින් 23% තෙල් මේකට සල්ලි දුන්නේ මැදපෙරදිග වැඩකරන අයයි, කියවන්න පත්තරයක් පොතක්. (ර)

:       0       0

ජයන්ත Monday, 06 July 2015 01:59 PM

මෙච්චර බයයිද මහින්දට? මේකෙන්ම තෙරෙනේව මහින්ද හොල්ලන්න කාටවත් බැරි බව. රට බේර ගත් යුග පුරුෂයා. ඒ ගැන විවාදයක් නැහැ. නිකන් හිතලා බලන්නකෝ සංසන්දනය කරලා. (ර)

:       0       0

රෝහණ Tuesday, 07 July 2015 02:43 AM

රට බේරගත්තා කියා රට විනාශ කරන්න වරම් දී නැත. (නි)

:       0       0

රෝහණ Tuesday, 07 July 2015 02:49 AM

පැරදුන මහින්ද ආයෙත් මොකටද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 07 July 2015 02:58 AM

මොනවා නැතත් හිනාව වටිනවා. (නි)

:       0       0

ලංකා Monday, 06 July 2015 02:28 PM

රට බේර ගත් යුග පුරුෂ මහින්ද තුමා එන්න ඕන, ජයගත හෙකි එඩිතර මිනිසෙක්. රටේ ඉන්න අය කරන්නේ රජයේ දේවල් කන එක, දේශපාලකයොත් එහෙමයි, විදෙස රටවල ඉන්න අය කරන්නේ විදෙස විනිමය අපේ රටට එවන එකයි, එය නරකද ? (ර)

:       0       0

ජගත් Monday, 06 July 2015 02:38 PM

නිකම් ජාතිවාදය අවුස්සන්න එපා. බලය ගන්න ජාතිවාදය අවුස්සන එක වැරදියි. වර්තමාන ජනතාව වැඩිදෙනා බුද්ධිමත්. (ර)

:       0       0

බණ්ඩාර Tuesday, 07 July 2015 03:16 AM

අද හැමදෙනාම නිදහසේ ඡන්දයක් හරි කරන්නේ මහින්ද නිසා බව මතකතබා ගත්තොත් හොඳයි (නි)

:       0       0

දිලිප් Tuesday, 07 July 2015 03:50 AM

ඇත්ත ඇති සැටියෙන් දකින්න. ජනතාව ගොනාට නොඅන්දවන්න. රට ගැන, රට තුළ සිටින මධ්‍යස්ථ අයගෙන් කරුණු දැනගන්න. (නි)

:       0       0

අර්ජුන රණවන Monday, 06 July 2015 04:10 PM

ශ්‍රීලනිපයට අනාගතයක් ඇත්තේ නියාමක බලවේග වන ‍‍මේ සොර මුලෙන් ගැලවුණොත් පමණි.(හේ)

:       0       0

අබේරත්න-ටෝකියෝ Monday, 06 July 2015 04:47 PM

ජපානයේ අපේ පැතුම මහින්ද! (නි)

:       0       0

අජිත් ගුණසේකර Monday, 06 July 2015 08:24 AM

සම්පුර්ණ ඇත්ත. (ර)

:       0       0

රුවන් Monday, 06 July 2015 04:54 PM

සිංහල ජනතාවගේ හදගැස්ම මහින්දයි (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Monday, 06 July 2015 08:26 AM

මිනිසුන්ට එපා නිසානේ ගෙදර යැව්වේ. අනේ ඔය ඉතාලියේ ඉන්න අය ඔය තරමට ලංකාවට ආදරේ නම් එන්නකෝ අනේ ඔහේ ඉන්නේ නැතිව. (ර)

:       0       0

දම්මික කිරුම්බැ Monday, 06 July 2015 08:35 AM

මහින්ද මැතිදුනි ජයවේවා.! (ර)

:       0       0

දනිදු Monday, 06 July 2015 08:45 AM

ලන්ඩන් අපිත් ඔබ සමඟයි. (ම)

:       0       0

ඉමේෂ් Monday, 06 July 2015 08:56 AM

දැන් එතකොට මහින්ද මහත්තයා නැති දවසකට මොකද කරන්නේ? එකට අපි සුදානම් ද? (ම)

:       0       0

සනත් ඉන්දික Monday, 06 July 2015 08:56 AM

මාගලි රටට ආදරේ කරන්න ලංකාවටම එන්න ඕනේ නැහැ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් පිට රටක ඉදගෙන වුණත් කරන්න පුළුවන් (ම)

:       0       0

රෝහණ සිරිවර්ධන Monday, 06 July 2015 08:58 AM

මේ ඉතාලියේ ඉන්න අයද දන්නේ නැ මේ අය පහුගිය යුගයේ කොහෙද ඉදලා පාත් වුණාද මන්දා (ම)

:       0       0

කල්ප Monday, 06 July 2015 05:21 PM

අපිට මහින්ද ඕනෑ. ඔහුව ආපසු ගෙනෙන්න (නි)

:       0       0

දහම් Monday, 06 July 2015 09:11 AM

බෙදුම්වාදීන්ගේ සෙල්ලම් කොහොමද කියල හොඳට දන්නේ බටහිර රටවල ඉන්න ලාංකිකයෝ (ම).

:       0       0

ශාමන්ත වෙල්ගම Monday, 06 July 2015 09:18 AM

අනේ මගේ රටට ගිය කලක්,මිලියන 22 ක ජනග්‍රහණයක්,95% වැඩි සාක්ෂරතාවක්‌ ඇති රටේ නායකයෙක් හොයා ගන්න දෙන්නේ නැති හැටි.තරුණයන්ට ඉඩ දී 70 පැනපු අය විවේක ගත්තොත් හොදයි. (ම)

:       0       0

ලලිත් Monday, 06 July 2015 09:27 AM

පිට රට ඉදන් කරන්න පුළුවන් දෙයක් තියනවද.? (ර)

:       0       0

ජයා Monday, 06 July 2015 09:28 AM

මහින්ද රාජපක්ෂ මුළු ලංකාවටම ඔනෑ, මේ වගේ නායකයෝ හැමදාම ලැබෙන්නේ නෑ. පේනවනේ වෙනසක් බලාපොරොත්තුවෙන් මහින්දව අයින් කරලා කරගත්තු දේ. අපුරුවට තිබුන දේ හදන්න ගිහිල්ල කඩා ගත්තා. (ර)

:       0       0

පෙරේරා Monday, 06 July 2015 06:31 PM

මෙතන "මහින්ද ඕනැ" කියලා අදහස් දාන අය පදිංචි ලංකාවෙන් පිට වෙන්න ඇති (නි)

:       0       0

පියලාල් Monday, 06 July 2015 10:06 AM

ඉතාලියේ ඉන්න ලාංකිකයෝ හැමදාම නිවැරදි අදහස් ඉදිරිපත් කළ බව මගේ හැගීමයි.(ම)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 06 July 2015 07:03 PM

මොවුන් කෙසේ කොහොම කොහේ දේශන තියලා තම දේශපාලන නිරුවත වහගන්න හැදුවත් බුද්ධිමත් ජනතාව නියම පිළිතුරු දෙනවා .... (නි)

:       0       0

සලාම් Monday, 06 July 2015 07:52 PM

මේ එන්නේ මොකටද කියලා කාටවත් තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

බි.ඩබ්.එස්.මෙන්ඩිස් Monday, 06 July 2015 10:17 AM

රට - ජාතිය ගැන විශිෂ්ට හදගැස්මක් ඇති ලංකාවට බිහිවු නායකයෙක්...!! අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා..! (ම)

:       0       0

වින්සන්ට්-මිලානෝ Monday, 06 July 2015 10:32 AM

"මම ජාතිවාදියෙක් නොවෙමි " එක පැත්තකින් අසන්නට ඇත. ඒ පැත්තෙම්ම ඊට වෙනස් කථාවකි. කිසිවෙක් වචනයෙන් හෝ ක්‍රියාවෙන් ජාතිවාදී වියයුතු නැත. තව කිසිවෙක් බෙදුම්වාදීන්ට ඉඩ දිය යුතුද නැත. නිදහස කියන එක ශ්‍රී ලංකාවේ ජිවත් වෙන අයට වඩා විදේශ රටවල ජිවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට හොදින් තේරුම් යායුතුය.දේශපාන වාසියක් හෝ වෙනත් පුද්ගලික වාසියක් නොතකන සිවිල් සංවිධාන නම් බලාපොරොත්තු වියයුත්තේ මෙවැන්නක් නම් නොවේ. දේශපාලකයන්ට බල කළ යුත්තේ වංචාවෙන් දුෂණයෙන් තොර සහෝදරත්වයෙන් ජිවත් විය හැකි රටක් ගොඩ නඟා දීමටය. එය රටක සැකයෙන් බියෙන් ජිවත් නොවීමට හේතු වීම කල්පයක සාමයකි. රටේ දියුණුවද එයම වේ. (නදී)

:       0       0

අචිනි Monday, 06 July 2015 10:34 AM

දේශපාලන අනාතයෙකුගේ කතා (නදී)

:       0       0

රන් බණ්ඩා Tuesday, 07 July 2015 07:57 AM

මහින්ද එනවා කියලා ඇයි මේ තරම්ම විවේචන? තමන් කැමති කෙනෙක් පාර්ලිමේන්තුවට යවන්න රට වැසියාට අයිතියක් නැතිද? දැන් පැරදුනා නම් මහින්ද ගෙදර ඉන්න කියන්නේ හැම මැතිවරණයකින්ම දිනපු අය වෙන්න ඇති. (ර)

:       0       0

අශෝක් Monday, 06 July 2015 10:36 AM

මෙන්ඩිස් මහත්තයෝ, රටට ආදරේ හින්ද රටේ දේවල් නැති වෙන නිසා හොරෙන් හරි ඒවා ආරක්ෂා කරන්න හොරකම් කලේ නේද ? (නදී)

:       0       0

මංජුල Tuesday, 07 July 2015 08:13 AM

මහින්ද අවශ්‍ය යුගයක් දැන් (ම)

:       0       0

ශ්‍රීමාන් Monday, 06 July 2015 10:39 PM

අපිත් මහින්දට! (නි)

:       0       0

සිරිනෙත් Monday, 06 July 2015 11:13 AM

අපේ ඉතිහාසේ දිහා බැලුවත් රටට වැඩක් කරපු නායකයෝ හිටියේ කීප දෙනෙක් පමණි ,එවන් නායකයෙක් රටට වුවමනායි දැන් අපිට,(ම)

:       0       0

සරත් සවුදි Monday, 06 July 2015 11:40 AM

අපිත් ඔබ තුමා සමඟ ජය වේවා (ම)

:       0       0

වසන්ත Monday, 06 July 2015 12:06 PM

නැතුව නැතුව, මහින්ද නැතුව කොහොමද? (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 07 July 2015 01:11 AM

අපේ රට ප්‍රජතාන්ත්‍රික නිදහස් රටක්.තමන් කැමති කෙනෙකුට ඡන්දය දීමටත්,පත්කර ගැනීමටත් නිදහස තිබෙනවා. (නි)

:       0       0

නිවන්තක Monday, 06 July 2015 12:37 PM

මහින්ද නැතුව බැහැ තමයි (නි)

:       0       0

කිර්ති Tuesday, 07 July 2015 01:48 AM

කරන්න යන්නේ මොකක්ද කියලා තේරෙනවා අපිට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා සභාවෙන් ජනපතිට සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 24 1 0

ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ


කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 731 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 418 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 318 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2518 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 114 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32777 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site