IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහින්ද ක්‍රිකට් පිටියට රෝලරයක්

ලන්ඩනයේ ඩෙල්සි මැෂිනරි හා ශ්‍රී ලංකාවේ රියොන් ලෙස්ටර් (මාලබේ) සමාගම් කළමනාකාර අධ්‍යක්ෂ නවීන් යාපා සෙනෙවිරත්න මහතා තමා අධ්‍යාපනය ලැබූ ගාල්ලේ මහින්ද විද්‍යාලයට රෝලරයක් පරිත්‍යාග කළේය.

එහි වටිනාකම රුපියල් ලක්ෂ 15 ක් පමණ වේ. විදුහල් ක්‍රිකටි පිටියේ තණනිල්ල තැලීමට හා කැපීමට මෙම රෝලරය යොදා ගනී.

මහින්දයෙන් බිහිවූ උපුල් චන්දන, ජයනන්ද වර්ණවීර, ලසිත් මාලිංග ආදී ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෝ රැසක්ද මෙම අවස්ථාවට එක්වූහ.

 

roller

rollerff

 



අදහස් (0)

මහින්ද ක්‍රිකට් පිටියට රෝලරයක්

නන්දන Wednesday, 12 November 2014 11:36 AM

විමුක්ති, ද්වෙසයෙන් කතා ක‍රන්න එපා. ඔයා අම්මට කරන දේවල් පාරේ යන හිගන්නන්ට කරනවද? ඒ වගේ තමා තම පාසලට සැලකීම. මහින්දෙ කොල්ලෝ එහෙම තමයි. (ර)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 12 November 2014 10:40 PM

අපේ ආදි ශිෂ්‍ය සංගමය පාසල ගැන හිතනවා. පාසලට උදවු කරනවා. එහෙම තමයි මහින්ද කොල්ලන්ගේ හැටි (නි)

:       0       0

තුසිත Wednesday, 12 November 2014 12:37 PM

විමුක්ති වැරදි විදියට බලන්න යන්න එපා හැමදේම. මෙතුමා උදව් කරන්නේ එයාගේ පෞද්ගලික ධනයෙන්. අපිත් එහෙම තමා. ඔයත් ඔයාගේ පාසලට උදව් කරලා බලන්න. කොහොම වුනත් මහින්ද කියන්නේ .කළගුණ දන්න කොල්ලෝ බිහිකරපු පාසලක් (දිල්)

:       0       0

විමුක්ති Thursday, 13 November 2014 05:59 AM

මිනිසුන්ගෙ ඔළුවල දැවැන්ත පංති භේදයක් තියෙනවා.දුෂ්කර පාසලක ළමයෙක් ක්‍රීඩා තරඟයකට ආවත් මුලින්ම කරන්නෙ මානසිකව වට්ටන එක.මේ සුපිරි පාසල් වලින් එළියට එන අයට මිනිස්සු කියලා පේන්නෙ තවත් සුපිරි පාසලකින් එළියට එන අය විතරයි. ඒකයි මම කියන්නෙ අධ්‍යාපනයට සම අවස්ථා දීලා බලන්න ඔය පුටු වෙනස්වෙන විදිය. (නි)

:       0       0

සජීව Wednesday, 12 November 2014 01:12 PM

හිරාන්, ඉතින් මේ උදවු කරලා තියෙන්නේ... (නි)

:       0       0

රන්ජනී Wednesday, 12 November 2014 01:23 PM

විමුක්තිගේ අදහස සමඟ 100% එකඟ වෙමි. ඒ කතාව තමයි තිත්ත ඇත්ත. (නි)

:       0       0

රංජනී Wednesday, 12 November 2014 01:30 PM

විමුක්තිගේ අදහස සමග 100% එකඟ වෙමි. ඔය සුපිරි පාසල් වලට ගමේ පාසල් වල ඉන්න හැම අතින්ම දක්ෂ ළමයි ටික දාගන්නවා. ඊට පස්සේ ඒ ළමයි ටික නිසා තමයි සුපිරි පාසල් මහා ලොකුවට පිම්බෙන්නේ. ගමේ ඉස්කෝලේ අවුරුදු 10 ඉගෙනගෙන සුපිරි පාසලට අවුරුදු 2ක් යන ළමයා තමන්ගේ ඉස්කෝලේ විදියට හදුන්වන්නේ අර අවුරුදු 2ක් හිටපු සුපිරි පාසැල. හොඳ වැඩ කාරයෝ ටික පෙරලා සුපිරි පාසල් වලට දාගෙන අර ගමේ පාසල් හැම දාම එකම තත්වේ. විමුක්තිගේ කතාව තමයි තිත්ත ඇත්ත. (නදී)

:       0       0

රන්ජනී Wednesday, 12 November 2014 01:30 PM

විමුක්තිගේ අදහස සමග 100% එකග වෙමි. ඔය සුපිරි පාසල් වලට ගමේ පාසල් වල ඉන්න හැම අතින්ම දක්ෂ ළමයි ටික දාගන්නවා. ඊට පස්සේ ඒ ළමයි ටික නිසා තමයි සුපිරි පාසල් මහා ලොකුවට පිම්බෙන්නේ. ගමේ ඉස්කෝලේ අවුරුදු 10 ඉගෙනගෙන සුපිරි පාසලට අවුරුදු 2ක් යන ළමයා තමන්ගේ ඉස්කෝලේ විදියට හදුන්වන්නේ අර අවුරුදු 2ක් හිටපු සුපිරි පාසැල. හොඳ වැඩ කාරයෝ ටික පෙරලා සුපිරි පාසල් වලට දාගෙන අර ගමේ පාසල් හැම දාම එකම තත්වේ. විමුක්තිගේ කතාව තමයි තිත්ත ඇත්ත. ඔය සුපුරි පාසල් එයාලගේ කියල ඉස්සරහට දාලා පෙන්නන ළමයි 10ක් අරන් කොහෙන්ද පටන් ගත්තේ කියල ඇහුවා නම් බලාගන්න තිබුන ඒ ළමයි ඇත්තටම එයාලගේමද කියල. (නදී)

:       0       0

පියල් ජයන්ත Wednesday, 12 November 2014 01:34 PM

හොද වැඩක්, ඔබට වැඩි වැඩියෙන් ලැබේවා...සැමදා මහින්ද පාසැල දිනේවා (නදී)

:       0       0

මොරිස් Thursday, 13 November 2014 03:01 AM

සෑම පාසලකටම සම පහසුකම් ලබාදීම රජයේ වගකීමක්. ඒත් තමන්ගේ පුද්ගලික ධනයෙන් උපකරණ ලබාදීම තවත් දෙයක් (නි)

:       0       0

කාලිංග Wednesday, 12 November 2014 06:40 AM

ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

උමා Thursday, 13 November 2014 03:13 AM

උපුල් චන්දන, ජයනන්ද වර්ණවීර, ලසිත් මාලිංග වැනි ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම ලංකාවේ ඉහළ ස්ථානවල වැජඹෙන කීදෙනෙක් නම් මහින්දයෙන් බිහිවෙලා තියෙනවද. ඔවුන් පාසලට නන් අයුරින් උපකාර කිරීම ගැන මාගේ ප්‍රණාමය මෙන්ම මහින්දයෙන් බිහිවීම ගැන මටත් හරි ආඩම්බරයි. (නි)

:       0       0

සංජීව Thursday, 13 November 2014 03:22 AM

දැන්වත් කෝලාහල නොකර බිග් මැච් එක සෙල්ලම් කරන්න පුරුදුවෙන්න හො‍ඳේ (නි)

:       0       0

සංජීව Thursday, 13 November 2014 03:25 AM

තමන් වැදු අම්මා මෙන්ම තමාගේ දෙඇස් පෑදු පාසලට සළකන එක වරදක්ද ? අනෙක මහින්දය කියන්නේ ඔයාලා කියන විදියේ සුපිරි පාසලක් නොවේ. මහින්දයේ ඉගෙනගත් අපිට වඩා ඔයාලා දන්නේ නැහැ. මහින්දයට පැමිණ බලන්න. මෙහි ධනවාදය නැහැ. හැමෝටම සමතැන.සමාජයේ සෑම තරාතිරමකම පුද්ගලයෝ ඉන්නවා. තවද 1 වසර සිට ඉගෙනගෙන ආ දක්ෂයෝ ඕනෑතරම් මහින්දයේ ඉන්නවා. (නි)

:       0       0

කේ. ජයසේන Thursday, 13 November 2014 03:30 AM

උමා, ඔයා මහින්දේ වුණාට අඩුගානේ තමන්ගේ පාසලට ඉදිකටු මලක දෙයක් දීලා තියෙනවද? නිකන් පුරසාරම් කියනවා විතරයිනෙ ඔයා. (නි)

:       0       0

හිරාන් Wednesday, 12 November 2014 07:47 AM

මේ වගේම නැති බැරි පාසල් වලටත් ටිකක් උදවු කරන්නකෝ.(දිල්)

:       0       0

පතලවත්ත Thursday, 13 November 2014 09:04 AM

රෙහාන් පාසලක් සුපිරිද නැද්ද යන්න බිග් මැච් වලින් මනින්න බැහැ. උමා උනත් ඇත්ත පිළි අරන් තියෙනවනේ. තව කුමන කතාද? ඔය කියනවා ඇත්තේ ගාල්ලේ සුපිරි පාසල් වෙන්ට ඇති. අර කතාවකුත් තියෙනවනේ වැඩ බැරි උනත් ගම ගාල්ලේ කියලා. (ර)

:       0       0

උමා Thursday, 13 November 2014 09:05 AM

රොහාන්, බිග් මැච් වලින් පාසල මනින්න නම් ටිකක් අපහසුයි. (ර)

:       0       0

ගම්මා Wednesday, 12 November 2014 08:53 AM

මෙය පරිත්‍යාග කරපු අය තමන් ඉගනගත්ත පාසැලට කරපු පරිත්ත්‍යගයක්. එම නිසා මොහුට වෙනත් දුප්පත් පාසල්වලට දෙන්න ඉල්ලන්න එක වැරදියි. (ර)

:       0       0

අනුෂ්ක ඒකනායක Wednesday, 12 November 2014 04:39 PM

මේ රටේ මිනිස්සුන්ට මොනදේ කළත් වැරදියි. ආදී සිසුවෙක් තමන්ගේ පාසලට යමක් කළත්. එ්ක පේන්නෙත් වැරදියට. (නදී)

:       0       0

චමින්ද Thursday, 13 November 2014 09:15 AM

මේ දේ අගය කළ යුතුයි. පාසල් ක්‍රිකට් දියුණුවට මේ දේවල් ලැබිය යුතුයි.(හේ)

:       0       0

කුමාර Thursday, 13 November 2014 04:03 AM

කේ. ජයසේන,කෙනෙක් කළ දෙයක් අගය කරන එක පුරසාරම් දෙඩවිල්ලක් කියලා හිතෙනවා නම් ඔබ ගැන මට කතාකරන්න දෙයක් නැහැ (නි)

:       0       0

ගයාන් Wednesday, 12 November 2014 09:19 AM

ආදී මහින්දයෙක් හැටියට අපට ආඩම්බර යි (දී)

:       0       0

උමා Thursday, 13 November 2014 04:06 AM

ජයසේන මහත්තයාට ඔයතරම් ඊර්ෂ්‍යා ඇයි අපේ පාසල ගැන. දකුණු ලකේ මාතර රාහුලය වගේ පාසැල් ඇරුණහම අපේ පාසල දකුණේ ඉහළ ස්ථානයක වැජඹීම ගැන කාටත් ඊර්ෂ්‍යාවයි. (නි)

:       0       0

සුජිත් Thursday, 13 November 2014 04:08 AM

කළගුණදත් බොදු මිහිඳු පුතුනි, ඔබ අපිට ආඩම්බරයකි. මහින්දයෙන් බිහිවූ මා මෙන් සැමට මහත් ආඩම්බරයකි ඔබ. (නි)

:       0       0

රෙහාන් Thursday, 13 November 2014 04:25 AM

උමා පිස්සුද මෝඩ කතා කියන්න එපා දකුණේ සුපිරි පාසල් නම් මහින්ද නැත්නම් රිච්මන්ඩ්..බිග් මැච් එකෙන්ම තේරෙනවනේ (අ)

:       0       0

විමුක්ති Wednesday, 12 November 2014 10:44 AM

ඇත්තටම වීරයො බලන්න ඕන නම් අධ්‍යාපනයේ සම අවස්ථා දීල බලන්න.සුපිරි පාසල් කිහිපයකට සල්ලි පම්ප් කරල පොරවල් හදල ගමේ බයියොන්ට වැඩ පෙන්නනව.මේක තමයි ලංකාවෙ නිදහස් අධ්‍යාපනේ.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟුණකොළපැලැස්සෙන් රැඳවියෝ 4ක් පනිති
2024 ඔක්තෝබර් මස 01 91 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිර දඩුවම් විදිමින් සිටි රැදවියන් හතර දෙනෙකු අද (01) බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි අගුණකොලපැලැස


නඩු බඩු කාමරේ භාරකරු යළි රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 01 75 0

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත භාණ්


පූටින්ගේ ලියුමක් රැගෙන රුසියා තානාපති ජනපති හමුවෙයි
2024 ඔක්තෝබර් මස 01 668 0

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් එස්. ජගාරියන් (Levan S. Dzhagaryan) මහතා අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


බඹරු ඇන හතක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 72 0

හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ


අධිවේගී පිවිසුම අසළ පාළු ඉඩමක මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 827 0

කොට්ටාව අධිවේගී පිවිසුම අසළ මිහිඳු මාවත ප්‍රදේශයේ පාළු ඉඩමක අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් තිබී අද අද (01) දා දහවල් සොයාගත් බව හෝමාගම මූලස්ථාන පොල


ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 1988 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38429 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25314 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 267 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 890 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 323 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site