IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘මහින්ද කාලේ අපරාධ යටගහන්න හදනවා‘

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද බේරා ගන්න මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදුවූ අපරාධ  සම්බන්ධ සිද්ධීන් යට ගසනවාදැයි සැකයක් ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ හෙද සංගම් කාර්යාලයයේ පැවති මාධ්‍ය හමුවක දී ය. පුරවැසි සංවිධාන එකතුව එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.

එහි ස්ටාලින් මහතා මෙසේද කීවේය.

‘රතුපස්වල සිදුවීමේදී පහර කෑ හා තුවාල ලැබූ පිරිසකට   ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරමුදල් පිරිනැමීමක් සිදුවුණා. හමුදාව රතුපස්වල ප්‍රදේශවාසීන්ට කළ පහර දීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වාර්තා දෙකක් ඉදිරිපත් කළා. තවමත් මේ පහරදීම කළ හමුදා නිලධාරීන්ට, අණ දුන් පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර  නැහැ. දේශප්‍රිය ගුණවර්ධන තවමත් නිදැල්ලේ.   රතුපස්වල ජනතාවට පහරදුන් පිරිස්වලට, හමුද නිලධාරීන්ට, අණ දුන් පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි අපි ආණ්ඩුවට බල කරනවා.

පසුගිය ආණ්ඩුවේ දූෂණ, අක්‍රමිකතා හා ඝාතනවලට සම්බන්ධ වූ පිරිස්වලට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. සිරිලිය ගිණුම සම්බන්ධයෙන් තවමත් විමර්ශන අවසන්  නැහැ. ජනවාර අට වැනිදා ජනතාව බලාපොරොත්තු වුණු, යහපාලනය තවමත් ඉටු වෙලා නැහැ.

රතුපස්වල ජනතාවට පහර දී තිබුණේ ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡාවක් පැවැත්වෙද්දීයි. මේ ආණ්ඩුවට බලයට එන්න කලින් මේ පහරදීම් ගැන පරීක්ෂණ පවත්වන බවට පොරොන්දු වුණා. ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය විසඳගන්න මේ ප්‍රශ්න යට ගහනවාද කියලා අපිට සැකයක් තිබෙනවා. මහින්ද - රනිල් සාකච්ඡා කරන බවට අපිට තොරතුරු වාර්තා වෙනවා. අද දඩුවම් දීම පැත්තක තියලා, සහයෝගීතාවක් ක්‍රියාත්මක වෙනවා. ජනතාව බලාපොරොත්තු වුණේ මෙය නොවෙයි.

තොරතුරු දැන ගැනීමේ පනත ගෙන ඒම ගැන අපි කැමැතියි. හැබැයි මේ පනතේ තිඛෙන සීමා ගැන අපිට බරපතළ ප්‍රශ්න තිඛෙනවා. ජාතික ආරක්ෂාව, ජාත්‍යන්තර වෙළෙඳාම ඇතුළු දේවල් සම්බන්ධයෙන් සීමා තියෙනවා. පසුගිය කාලයේදී මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කෙරුණා.   මේ ආණ්ඩුවේ ක්‍රිකාරීත්වය සම්බන්ධයෙන් අපිට බරපතළ ගැටළුවක් තියෙනවා. ආරක්ෂාව කියලා බොහෝ දේ සඟවන්න පුළුවන්. වංචා දූෂණ සිදු කළ හැකියි. ඒ නිසා අනවශ්‍ය සීමා ඉවත් කළ යුතුයි. සීමාකම් සහිත තොරතුරු දැනගැනීමේ පනතකින් වැඩක් නැහැ. බොරුවට පනතක් ගෙනාවට වැඩක් නැහැ. පාර්ලිමේන්තුවේදී මෙය සම්මත කළ යුත්තේ මේ සීමා කම් ඉවත් කරලා. මේවා සංශෝධනය විය යුතුයි.  ‘‘



අදහස් (0)

‘මහින්ද කාලේ අපරාධ යටගහන්න හදනවා‘

මොහාන් Monday, 11 April 2016 03:40 PM

බොරුවට ජනතාව එලියට බස්සපු අයත් තාම නිදැල්ලේ. (අ)

:       0       0

බෙනට් Tuesday, 12 April 2016 11:32 AM

ඊළඟ මහා මැතිවරණෙ දී සහ ජනපතිවරණෙ දී කිසි කෙනෙක් මෙයාලට ඡන්දෙ දෙන්නේ නැහැ .(අ)

:       0       0

සන්තුෂ් Tuesday, 12 April 2016 01:02 PM

මරණ මතින් දේශපාලනය කිරීම ජේවීපී දේශපාලනයේ න්‍යායයි. ඔවුන්ට අවශ්‍ය කවුරුන් හෝ ඝාතනය කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමයි. (නි)

:       0       0

ටෙෂාන් Monday, 11 April 2016 10:32 PM

නමුත් හිත් අමනාපකම් ඇතිකර ගැනීමට වඩා සහයෝගීතාවය වැදගත් (නි)

:       0       0

සුසන්ත Tuesday, 12 April 2016 03:40 PM

ඇයි පහුගිය ආණ්ඩුවේ විතරක්? මේ ආණ්ඩුවේ අක්‍රමිකතා, දුෂණ වලට සම්බන්ධ අයටත් කිසි පරීක්ෂණයක් නැහැනේ. ඒවගේම පහුගිය ආණ්ඩුවේ ඉඳගෙන දුෂණ අක්‍රමිකතා කරලා දැන් ආණ්ඩුවට පැනපු අයටත් කිසි ගැටළුවක් නැහැනේ. එයාලා තකහනියෙම සුපිරිසිදු චරිත වෙලා. (නි)

:       0       0

නිම්මි Tuesday, 12 April 2016 01:52 AM

මේ ගොඩක් අය ගුරුකමට නොවෙයිනෙ දැන් ඉන්නේ... දේශපලනයටනේ (නි)

:       0       0

ජයරත්න Tuesday, 12 April 2016 04:24 AM

මොහාන්, ඔබ ඉතා නිවැරදීයි. රතුපස්වල සිදුවීම දෙස බුද්ධිමත්ව විමසා බලන්න. මිනිස් ජීවිත තුනක් අහිමිවිය. කම්හල වැසී ගියේය. පරිසර වාර්තාව අනුව කම්හල නිසා ජලය අපවිත්‍රවී නොමැත. එනමුත් දේශපාලකයන් තවමත් එම මරන මාකට් කරමින් ඔවුන්ගේ ගමන යති. සාපරාධී ලෙස ජනතාව එළියට බස්සන අයට දඬුවම් නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 7 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 37 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 117 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 240 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 194 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38138 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25099 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site