IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහින්ද කාලේ දූෂණ සෙවීම ගොළුබෙලි ගමනින්

චීන ජනපති ෂි ජින්ග් පින්ග් ගේ විශේෂ නියොජිතයෙකු ලෙස මෙරටට පැමිණ සිටි එරට සහයක විදේශ අමාත්‍ය ලියු ජියැන්හෝ පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ හමුවූ අවස්ථාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සෘජුව අදහස් පළ කළේය.ලියු ජියැන්හෝ මහතා චීන ආධාර මත කි‍්‍රයාත්මක වන වරාය නගරය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට ශී‍්‍රලංකා රජය ගෙන තිබෙන තීරණය ගැන සතුට පළ කළ අවස්ථාවේ වහාම අදහස් දැක්වූ මංගල සමවීර මහතා පැවසූයේ ව්‍යාපෘතිය ඉදිරියට කි‍්‍රයාත්මක කිරීම හෝ නොකිරීම ගැන රජය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවය.මේ සම්බන්ධයෙන් පලව තිබෙන මාධ්‍ය  වාර්තා පදනම් විරහිත බවද හෙතෙම කීවේය.

පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකළ නව රජයේ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වරාය නගරය ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑමට රජය තීරණය කර ඇතැයි පැවසීය.ලියු ජියැන්හෝ සහයක අමාත්‍යවරයා සේනාරත්න මහතාගේ ප‍්‍රකාශය ඉත සිතින් විශ්වාස කර ඇති බව පෙනෙන්නට තිබුණි.මාධ්‍ය හමුවේදී රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ බදාදා පැවැත්වුනු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වරාය නගරය ව්‍යාපෘතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට සියලූදෙනාගේම සහය පළවූ බවය.

අගමැතිතුමා අපට පැවසුවා වරාය නගරය ඉදිරියටම කි‍්‍රයාත්මක කළ යුතුව ඇතැයි කියා.චීන රජය සමග මේ ගැන ගැටලූවක් ඇතිකර ගත යුතු නැහැ.මොකද චීනයත් එක්ක අපට තිබෙන සමිීප සබදතා නිසා වෙනස්කමක් කරන්න  ඕනෑ නම් සාකච්ඡුා කරලා ඒක  කරගත්තහැකි කියලා එතුමා පැවසුවා.

යැයි සේනාරත්න මහතා එදා මාධ්‍ය හමුවේදී කිවේය.පාර්ලිමෙන්තු අනු කමිටුවක්  ව්‍යාපෘතියේ තොරතුරු විමර්ෂණය කර බලා තිබෙන බවද එම කමිටුවේ නිර්දේශයද ව්‍යාපෘතිය ඉදිරියටම කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන බවද ඔහු පැවසීය.පාඨලී චම්පික රණවක මහතා මේ කමිටුවේ සාමාජිකයෙකුදැයි මාධ්‍යවේදියෙකු විමසා සිටි විට  අමාත්‍යවරයා ඔව් යැයි පිළිතුරු දුන්නේය.රණවක මහතා මුල් කාලයේ සිටම මෙම ව්‍යාපෘතියට විරුද්ධව අදහස් පළ කළ අයෙකි.

පසුව මේ ගැන පාර්ලිමෙන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා රාජිත සේනාරත්න මහතා සිදුකළ ප‍්‍රකාශයට හාත්පසින්ම විරුද්ධ අදහස්  පල කරමින් ව්‍යාපෘතියේ අනාගතය ගැන තවමත් තීරණයක් ගෙන නැතැයි අවධාරණය කළේය.

මේ රජය බලයට පත්වුනාට පස්සේ මා මෙම ව්‍යාපෘතිය සම්බන්ධ සියලූ තොරතුරු ඉල්ලා සිටියා.පරීක්ෂා කරලා බැලූවට පස්සේ තමයි තේරුණේ සියලූ තොරතුරු අපට ලැබිලා නොමැති බව.පාරිසරික අධ්‍යන වාර්තාවෙත් ගැටලූ රාශියක් තිබුණා.අප මේ ගැන සොයාබලන්න විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.ඒ වගේම මගේ නායකත්වය යටතේ පාර්ලිමෙන්තු අනු කමිටුවකුත් මේ ගැන සොයා බලමින් සිටිනවා.ව්‍යාපෘතිය ගැන අන්තිම තීරණය ගන්නේ මේ කමිටු වලින් ලැබෙන වාර්තා වලට අනුව.සමහර පරිසර සංවිධාන  කියනවා වරාය නගරය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය කියා.මේ කියන විදිහට ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නවතා දැමිය යුතුය කියන මතයේ නම් අප නැහැ.

කමිටු වල වාර්තා ලැබුණු පසු අප අවසන් තීරණයක් ගන්නවා.ගැසට් පත‍්‍රය සංශෝධනය කිරීමත් ඒ එක්කම සිදුකරනවා.මෙතැන ප‍්‍රධාන ගැටලූ දෙකක් තිබෙන බව අප සියලූදෙනා වටහා ගන්න වුවමනායි.මේක චීන රජයේ අනුදැනුම මත කි‍්‍රයාත්මක වන විශාල ව්‍යාපෘතියක්.ඒ වගේ ව්‍යාපෘතියක් එක සැරේට නවත්වන්න බැහැ.අනෙක් කාරණය තමයි මේ ව්‍යාපෘතියෙන් පරිසරයට සිදුවන බව කියන හානි සම්බන්ධයෙන් නැගී තිබෙන චෝදනා.එහෙම පරිසරයට හානි සිදුවෙන්න දෙන්න බැහැ.ඒ වගේම මේ ව්‍යාපෘතිය නිසි පරිදි අපේ රටේ නීති හා රෙගුලාසි වලට අනුවද කි‍්‍රයාත්මක වෙන්නේ කියලා සොයාබලන්නත් අවශ්‍යයි.විශේෂ කමිටුව මේ කරුණු ගැන තමන්ගේ වාර්තාව සකස් කළායින් පස්සේ පාර්ලිමෙන්තු අනු කමිටුව ඒක විමර්ෂණය කරලා ඒ ගැන තවත් වාර්තාවක් ඉදිරිපත් කළාට පස්සේ තමයි කැබිනට් මණ්ඩලයේදී ව්‍යාපෘතිය ගැන අවසන් තීරණය ගැනෙනු ඇත්තේ.චීන රජය හා ශී‍්‍රලංකාව ඇතිකරගෙන තිබෙන ගිවිසුම එක සැරේට ඉරා දමන්න අප කටයුතු කරන්නේ නැහැ.මේ ගැන මා අද දිනයේ චීන රජයේ  විශේෂ දුතයාටත් පැහැදිලි කළා.අවසන් වාර්තාව ලැබිලා නැති නිසා ව්‍යාපෘතිය ගැන අවසන් තීරණයක් ගෙන නොමැති බව මා ඔහුට දැනුම් දුන්නා.වාර්තාව සම්පූර්ණ කරන්න තව සති දෙකක් විතර යාවි..

අගමැතිවරයා එසේ පිළිතුරු දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වරාය නගරය ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් ඇතිව  තිබෙන ව්‍යාකූල තත්ත්වය පිළිඹද ප‍්‍රශ්න කළ විටය.

මා මාධ්‍ය වාර්තා දැකලා පුදුම වුනා.මොකද අපේ ඇමතිමණ්ඩලය තවම ව්‍යාපෘතිය ගැන අවසන් තීරණයක් ගෙන නැහැ. යැයි සන්ඬේ ටයිම්ස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදුකරමින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

සේනාරත්න අමාත්‍යවරයා ඔහුගේ පූර්වගාමියා වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගිය මාර්ගයේම යන්නට සැරසෙන බවක් පෙනේ.44 වැනි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඔහුගේ ඉල්ලා අස්වීම භාරදී ඇතැයි ඔහු වරක් පැවසීය.නමුත් එවැන්නක් සිදුවී නොතිබුණි.දින කිහිපයකට පසු පීරිස් මහතාව අගවිනිසුරු ධූරයෙන් ඉවත් කළ රජය නිවේදනය කළේ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක අනීත්‍යානුකූලව ඇයගේ ධූරයෙන් පහ කර තිබෙන බව අනාවරණව ඇති හෙයින් නව අගවිනිසුරුවරයෙකු ලෙස මොහාන් පීරිස් මහතා පත් කර තිබීම නීති විරෝධී බවයි.ඇතැම් විට ජාතික ඒකාබද්ධ රජයේ සාමාජිකයින්ගේ විවිධ දේශපාලන මතිමතාන්තර හා අදහස් මෙසේ ඔවුන් එකිනෙකාට වෙනස් ප‍්‍රකාශයන් සිදුකරන්නට හේතුව වී ඇතිවා වන්නට පිළිවන.අමාත්‍යවරුන් එකක් කියද්දී නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කියූ අවස්ථා බොහෝමයක් පසුගිය දිනවල දැකගත හැකිවිය.නව නීති  හදුන්වාදීමේදීද ඇතිවන තත්ත්වය මෙසේමය.පසුගිය දිනෙක අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුයේ මරණ දඩුවම නැවත බලාත්මක කළ යුතුව තිබෙන බවය.එසේ මරණ දඩුවම බලාත්මක කිරීම මගින් රටේ අපරාධ අඩු කර ගත හැකිවේයැයි ඔහුගේ තර්කය විය.නමුත් අපරාධ වලට විසදුම ඇත්තේ මරණ දඩුවම කි‍්‍රයාත්මක  කිරීමේ නොව වෙනත් කි‍්‍රයාමාර්ගයක බව හොදින්ම පෙනෙන කරුණකි.මුලින්ම පොලිසිය ස්වාධීන කළ යුතුව ඇත.දැඩි ලෙස දේශපාලනීකරණය වී ඇති එහි ස්වරූපය වෙනස් කළ යුතුව තිබේ.මරණ දඩුවම අත්හිටුවීම සම්බන්ධයෙන් දැඩිව පෙනී සිටින  යුරෝපා සංගමය හා වෙනත් බටහිර රටවල් අමාත්‍යවරයාගේ මෙම ප‍්‍රකාශයට දැනටමත් විරෝධය පළ කර ඇත.

චීනය ශී‍්‍ර ලංකාවේ දියත් කර තිබෙන සියලූ ව්‍යාපෘති විශේෂ විමර්ෂණයකට ලක් කර තිබෙන බව මංගල සමරවීර අමාත්‍යවරයා චීන විශේෂ නියෝජිතයා හමුවේ පැවසීය.කොළඹ වරාය නරගය ව්‍යාපෘතිය එය ආරම්භ කළ සමයේ සිටම රහසිගතව කි‍්‍රයාත්මක කෙරුණක් බව අමාත්‍යවරයා කීය.අතීතය සිහිපත් කළ හෙතෙම එවක එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය මෙම ව්‍යාපෘතියට අනුමැතිය දුන් අවස්ථාවේ එදා  විපක්ෂයේ සිටි තමන් ඇතුලූ අනෙකුත් මන්තී‍්‍රවරුන් එම ව්‍යාපෘතිය සම්බන්ධ කරුණු සියල්ල හෙළි කරන්නැයි නැවත නැවතත් ඉල්ලා සිටියද රජය ඒ කිසිවකට කන් නොදුන් බව පැවසීය.මෙනිසා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රටේ පවතින්නේ එතරම් සුභවාදී අදහසක් නොවන බව අමාත්‍යවරයා චීන නියෝජිතයාට පැහැදිලි කර දුන්නේය.චීනයේ ෂි ජින්ග්පින්ග් ජනාධිපතිවරයා රජයේ දුෂණ හා වංචා මැඩලීමට දියත් කර තිබෙන වැඩසටහන ආදර්ශයට ගෙන ශී‍්‍රලංකාවද කටයුතු කරමින් සිටින බව ඔහු කීය.එනිසා සියලූ ව්‍යාපෘති විමර්ෂණය කළ යුතුවීමේ වැදගත්කම නැවත වරක් පෙන්වා දුන් ඔහු රටේ  ජනතාව තමන් ඇතුලූ නව රජයට මේ වරම ලබාදී ඇත්තේ දින 100 යේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීම මත හා දූෂණය මර්දනය කිරීමට නව රජය කටයුතු කරන බවට දුන්  පොරොන්දුව මත පිහිටා බව පැවසීය.

ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට චීනයේ සංචාරයක් සදහා පැමිණෙන්නැයි චීන විශේෂ නියෝජිත ලියූ ආරාධනයක්ද සිදුකළේය.සංචාරය සිදුවන දිනයන් නිවේදනය කිරීම හා කාලසටහන සකස් කිරීමේ කටයුතු මෙම මස 27 වැනිදා දෙදින නිල සංචාරයක්  සදහා චීනය බලා යන මංගල සමරවීර විදේශ අමාත්‍යවරයාගේ ආගමනයෙන් පසු සිදුවනු  ඇත.බොහෝ විට ජනපතිවරයාගේ චීන සංචාරය සිදුවන්නට ඉඩ තිබෙන්නේ ඔහු හා විදේශ අමාත්‍යවරයාගේ ඉන්දියා සංචාරයට පසු සති දෙකකින් පමණ බව පැවසේ.විදේශ අමාත්‍යංශයේ ඉහළ නිළධාරීයෙකු පවසන පරිදි මෙය ශී‍්‍රලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියේ ස්වාධීනභාවය පෙන්විය හැකි ඉතාම වැදගත් අවස්ථාවකි.

මෙයින් පෙනෙන්නේ ශී‍්‍රලංකා රජය මොන රටකවටත් වැඩි ඇගෑලූම්කමක් පාන්නේ නැතිය කියන එක.ඔහු කීය.

සමරවීරගේ පාර්ශවයෙන් මතුකළ ගැටලූ වලට පිළිතුරු දෙන්නට විශේෂ නියෝජිත ලියු  පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවක් කැදවා තිබුණද එහිදී වැදගත් යමක් පැවසුනේ නැත.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය නිසා කොළඹ රාජතාන්ති‍්‍රකයින්ගේ සමාජය කැළඹීමට පත්ව තිබූ අයුරු පසුගිය දින කිහිපයේදී දැකගත හැකිවිය.වඩාත්ම කලබලයට  පත්ව සිටියේ ඉන්දියාවය.ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශී‍්‍රලංකා රජයේ අවසන් තීරණය ඉක්මනින්ම දැනගැනීමේ වුවමනාවක් ඉන්දියාවට තිබුණි.වරාය නරගය සම්පූර්ණ වීමෙන් පසු එය චීන ආධාර වලින්ම ඉදිකළ කොළඹ වරායේ නව ජාත්‍යන්තර කන්ටේනර පර්යන්තයට ඉතාම ආසන්නව පිහිටන අතර පසුගිය සමයේ විවිධ කටයුතු සදහා ශී‍්‍රලංකා මුහුදු කලාපයට පැමිණි චීන යුධ නෞකා මෙන්ම සබ්මැරීනද නැංගුරම් ලා තිබුණේ  මෙහිය.ඉන්දියාව වරාය නගරය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීමට හේතුව වන්නේ මෙයයි.චීනයටම පවරා දෙන බිම් කොටසක් ඇති වරාය නගරයේ එම බිම් කොටසට යාබදව ඇත්තේ චීන යුධ නෞකා හා සබ්මැරීන නැංගුම් ලා තිබුණු කන්ටේනර පර්යන්තයකි.ඉන්දියාව බිය ගැන්වීමට මේ කරුණු අසමත්වුවහොත් පුදුමයකි.ආයෝජන ප‍්‍රවර්ධන,මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය කබීර් හෂීම් පසුගියදා පැවති කැබිනට් හමුවේදී වරාය නගරය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම විමර්ෂණය කළ යුතුව ඇතැයි සදහන් කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙන බවද සන්ඩේ ටයිම්ස් වෙත වාර්තා වේ.

සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවෙන් 2014 ජනවාරි මස 19 වැනිදා අනාවරණය කළ පරිදි පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය ඩොලර් ලක්ෂ 13370 ක් වටිනා මෙම වරාය නගරය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමට අවසරය ලබාදී ඇත.ව්‍යාපෘතිය සඳහා ගාලූ මුවදොරින් අක්කර 575 ක බිම් ප‍්‍රමාණයක් පවරා ගැනෙන බව සඳහන් විය. චයිනා කොමියුනිකේෂන්ස් කම්පැනි ලිමිටඞ් නම් සමාගමක් මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරනවා හැරෙන්නට මේ පිළිඹදව වැඩි තොරතුරක් රජය හෙළි කළේද නැත. ආසියා කලාපයේ වෙළද මධ්‍යස්ථානයක් හා අන්තර්ජාතික තලයේ සම්බන්ධතා  ඇති වරායක් ලෙසට කොළඹ වරායේ ප‍්‍රතිරූපය ඉහළ දැමීමට තමයි මේ වරාය නගරය ඉදි කෙරෙන්නේ.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම අමාත්‍ය මණ්ඩලයට ව්‍යාපෘතිය ගැන හදුන්වාදුන්නේ එසේය.

ව්‍යාපෘතිය සදහා වැයකෙරෙන මුදල ඩොලර් ලක්ෂ 2100 ක් වැයවූ මත්තල ගුවන්තොටුපල,ඩොලර් 3160 ක් වැයවූ හම්බන්තොට වරායේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු,ඩොලර් ලක්ෂ 3500 ක් වැයවූ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය යන ව්‍යාපෘති වල මුලූ වැය එකට එකතු කළ විට ලැබෙන අගයටත් වඩා ඉහළය.ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවෙන්නේ වරාය අධිකාරියේ හා ආයෝජන ප‍්‍රවර්ධන මණ්ඩලයේ අධීක්ෂණය  යටතේය.මෙම ව්‍යාපෘතියේ විශේෂ ලක්ෂණයක් වූයේ වෙන්කෙරෙන භූමි ප‍්‍රමාණයෙන් කොටසක් අවුරුදු 99 කට ඉදිකිරීම් කටයුතු සිදුකරන චීන සමාගමට පවරා දී තිබීමය.මෙසේ පවරා දෙන ඉඩමේ වටිනාකම ඩොලර් ලක්ෂ 240 ක් නැතිනම්  රුපියල් බිලියන 3 ක් පමණ වන බව සදහන් විය.

භූමියේ හෙක්ටයාර 125 ක අයිතිය ශී‍්‍රලංකා වරයා අධිකාරිය සතුය.එයින් හෙක්ටයාර 65 ක්ම ගොඩ ඉඩම්ය.ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක්යැයි මෙය හැදින්වින.වරාය අධිකාරියට භූමිය පවරාගැනීමේදී කිසිදු ගාස්තුවක් ගෙවීමට සිදුනොවූවා සේම අදාළ  චීන සමාගමද දේපළ පැවරීමේ බද්දෙන්,බලපත‍්‍ර බදු වලින් නිදහස්  කර තිබුණි.ශී‍්‍රලංකා වරාය අධිකාරියට ලැබෙන ඉඩම් තෑග්ගක් ලෙස එවක රජය මෙය හැදින්විය.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමටත් පෙර ශී‍්‍රලංකා වරාය අධිකාරිය චීන  සමාගම හා අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.මේ සදහා උපදෙස් ලබාදුන්නේ වැඩ බලන කැබිනට්ටුවකින් පත් කෙරුණු විශේෂ විමර්ෂක කමිටුවකි.එයින්ම මෙම ගිවිසුම අත්සන් කිරීමට දෙපාර්ශවයට තිබුණු කලබලය පැහැදිලි වේ.කැබිනට් මණ්ඩලයේ  අමාත්‍යවරුන්ගේ අනුමැතිය ලැබ ආරම්භ විය යුතුව තිබූ මේ සා විශාල වටිනාකමකින් යුතු ව්‍යාපෘතියක් කමිටුවකින් ලද නිර්දේශයක් මත ආරම්භ කෙරුණේ කෙසේදැයි ගැටලූ සහගතය.

වරාය නගරයේ සියලූ තොරතුරු අනාවරණය කර ගැනීමේ අරමුණින් නව රජය තම විමර්ෂණ කටයුතු දියත් කිරීමට නියමිතය.මෙම යෝජනාව ඉදිරිපත් වීමට හේතු මොනවාද,වගකිව යුත්තේ කවුරුන්ද,කොමිස් මුදල් ගෙවා ඇතිද,හා මෙවන් මෙගා සංවර්ධන ව්‍යාපෘතිීන් දියත් කිරීමට ප‍්‍රථමයෙන් තැබිය යුතු මූලික පියවරයන් ගැන  සැළකිල්ලක් යොමුව තිබේද, ආදී කරුණු ගැන මෙම විමර්ෂණයෙන් සොයාබැලෙනු ඇත.බස්නාහිර පළාතේ නැගෙනහිර කොටසේ ගොඩනැගිලි ඉදිකර නොමැති හිස් ඉඩම් රාශියක් තිබෙන බව පසුගිය සතියේ රජයේ ප‍්‍රබලයින් කිහිපදෙනෙකුම පෙන්වාදුනි.එසේ  හිස් ඉඩම් තිබියදී මෙසේ විශාල මුදලක් වැය කරමින් මුහුද ගොඩකරන්නට දරන උත්සාහයේ ඵලය කුමක්දැයි ඔවුහු විමසූහ.

අමාත්‍ය මංගල සමරවීරට ගනුදෙනු කිරීමට තිබුණේ චීනය සමග පමණක් නොවේ.වැදගත් රැස්වීම් කිහිපයකට සහභාගීවීම සදහා ඔහු පෙරේදා ඇමරිකාව බලා පිටත්ව ගියේය.අමාත්‍යවරයා 12 වැනිදා ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා හමුවකට සහභාගී වීමට නියමිතය.ශී‍්‍රලංකාවට පැමිණෙන්නැයි ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් ජෝන් කෙරීට ආරාධනාවක් කිරීමටද ඔහු සූදානමින් සිටින සදහන්වේ.ජොන් කෙරී හා හමුව එළැඹෙන මාර්තු මාසයේ ආරම්භ වන එක්සත්  ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඇමරිකාවේ සහය ශී‍්‍ර ලංකාවට ලබාගැනීමට වැදගත් වනු ඇත.කවුන්සිලයේ 28 වැනි සැසිවාරය ඇරඹෙන මාර්තු 2 වැනිදා ශී‍්‍ර ලංකාවට එරෙහිව පසුගිය වසරේ සම්මත කරගත් අන්තර්ජාතික පරීක්ෂණයේ තොරතුරු විමසා බැලෙනු ඇත.

අප පසුගිය රජය වගේ කවර රටක්වත් හෙලා දකින්නේ නැහැ.අපට නැගී තිබෙන චෝදනා ඉක්මනට විසදා ගන්නට  ඕනේ.නීතිය හා සංහිදියාව රටේ ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය දෙයක්.ඒක කළ යුතුවන්නේ අන්තර්ජාතික මතය අපට වැදගත් නිසා නොවේ.ඊට වඩා අපේ ජනතාවගේ යහපැවැත්ම අපට වැදගත්. මංගල සමරවීර  අමාත්‍යවරයා සන්ඬේ ටයිම්ස් හා පැවසීය.දින 100 යේ වැඩපිළිවෙලෙහි මෙසේ රටෙහි  නීතිය හා යහපාලනය ගොඩනැගීමේ වැදගත්කම ගැන සදහන් කර තිබෙන බවද ඔහු කීය.එහි දැක්වෙන ආකාරයට ශී‍්‍රලංකාව රෝම ප‍්‍රඥප්තියට අත්සන් කර නොතිබීම නිසා අන්තර්ජාතික නීති පද්දතියේ බලපැවැත්මට රට යටත් නොවන නිසාවෙන් නීතිය හා  යහපාලනය ස්ථාපිත කිරීමට,යුධ අපරාධ සම්බන්ධයෙන් නැගී ඇති චෝදනා වලට පිළිතුරුදීමට, රටේ අධිකරණය ස්වාධීන වීමත්,සාධාරණ වීමත්,චෝදනා විභාග කිරීම සදහා ක‍්‍රමවත් යාන්ත‍්‍රණයක් පැවතීමත් වැදගත් වේ.

තම සංචාරය ගවේෂණාත්මක එකක් ලෙස හදුන්වාදුන් අමාත්‍යවරයා තම අරමුණ වන්නේ පසුගිය රජය සමයේ පලූදු වුනු දෙරට අතර විශ්වාසය යළිත් ගොඩනගා ශී‍්‍රලංකාව හා නව ද්විපාර්ශවික සබදතා ඇතිකර ගැනීමට ඇමරිකාව උනන්දු කරවීම බව පැවසීය.

13 වැනිදා ඔහු එක්සත් ජාතීන්ගේ ලේකම් බැන් කී මූන් හමුවීමට නියමිත අතර අනතුරුව 16 වැනිදා ඉන්දියාවේ දෙදින නිල සංචාරයක 

යෙදීමට සිටින ජනපති මෛතී‍්‍රපාල සිරිසේන හා එක්වීමට ඔහු නිව්යෝරක් වල සිට නවදිල්ලිය බලා පියාසර කරනු ඇත.ඇමරිකාවේ ඉතාම කාර්යබහුල දින කිහිපයක්  ගත කරනු ඇති ඔහු ඇමරිකා ජනපති බැරක් ඔබාමාගේ ජාතික ආරක්ෂාව පිළිඹද උපදේශිකා සුසාන් රයිස්,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා තානාපති සැමැන්තා පවර්, ආදී සුවිශේෂී චරිත හා සාකච්ඡුා පැවැත්වීමටද නියමිතය.අන්තර්ජාතික කටයුතු  පිළිඹද පිළිගත් විද්වත් සංසදයක් වන ජාත්‍යන්තර සාමය සදහා වන කාර්නෙගි එකමුතුව අමතා විශේෂ දේශනයක් පැවැත්වීමටද,වොෂින්ටන් නගරයේ ජාතික මාධ්‍ය සංගමය  අමතා දේශනයක් පැවැත්වීමටද ඔහුට ආරාධනා ලැබී ඇත.ඇමරිකා මාධ්‍ය ශී‍්‍රලංකාවේ බලපෙරලිය ඉතා ඉහළින් පිළිගෙන ඇති බව සදහන්ය.පසුගිය සතියේ කොළඹට  පැමිණ සිටි ඇමරිකා රජයේ අන්තර්ජාතික සබදතා අංශයේ දකුණු හා මධ්‍යම ආසියාතික කටයුතු භාර නියෝජ්‍ය ලේකම් නීෂා බිස්වාල් අමාත්‍ය මංගල සමරවීරගේ ඇමරිකා  සංචාරය සාර්ථක කිරීමට තම රජය උපරිම සහයෝගය ලබාදෙන බව සහතික කළාය.

පසුගිය සතියේ නව රජයේ අවධානය යොමුව තිබුණේ අන්තර්ජාතික කටයුතු සම්බන්ධව  පමණක්ම නොවේ.පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේ රජයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන නායකයින් අතර පැවැත්වුනු හමුවේදී වැඩි අවධානයක් යොමුවූයේ රටේ වත්මන් තත්ත්වය කෙරෙහිය.ඉදිරි මැතිවරණ කටයුතු සිදුවිය යුත්තේ කෙසේදැයි යන්න පිළිඹදව ඔවුන්ගේ විශේෂ අවධානය යොමුවිය.ජනාධිපති සිරිසේන,අගමැති වික‍්‍රමසිංහ,විපක්ෂ  නායක නිමල් සිරිපාලද සිල්වා,ශී‍්‍රලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා,මහින්ද අමරවීර,තිලංග සුමතිපාල යනාදීහු මෙම හමුවට සහභාගීව සිටියහ.දුෂණ  හෝ වංචා කටයුතු පිළිඹද චෝදනා නැගී නොමැති නම් කිසියම් ප‍්‍රාදේශීය පාලන ආයතනයකට නව නියෝජිතයින් පත් කරගැනීම සදහා ඡුන්ද විමසීම පැවැත්වීම වසරක  කාලයකට අත්හිටුවීමට මෙහිදී තීරණය විය.

අප මේ තීරණයට එකගවූවා.මහ මැතිවරණයක් පැවැත්වීමට තියෙද්දී ප‍්‍රාදේශීය පාලන ආයතන වලත් ඡුන්ද විමසීම් සිදුකළොත් බෙදීම් ඇතිවෙන්න ඉඩ තියෙනවා.එවැනි දෙයක් දකින්න අපට වුවමනාවක් නැහැ.රජයේ දින සියයයේ වැඩසටහනට අප 

සහයෝගය දක්වනවා.සන්ඬේ ටයිම්ස් හා අදහස් පළ කරමින් විපක්ෂ නායකවරයා කීය.

විපක්ෂය පෙරේදා අයවැයට පක්ෂව ඡන්දය ප‍්‍රකාශ කළේය.

සමහර යෝජනා වලින් විරැුකියාව වර්ධනය වේවි කියලා අප රජයට අනතුරු ඇගවූවා.එහෙම අවධානමක් තිබුණත් අයවැයෙන් ජනතාවට සහන ලැබිලා තිබුණු බව අප පිළිගන්නවා.ප‍්‍රශ්නය වෙන්නේ රජයේ තැන්පතු වලින් පොදු ජනතාව සදහා මුදල් වැය නොකර මේ වගේම සහන තියෙන අයවැයක් ඉදිරිපත්කරන්නට ඉස්සරහට  පත්වෙන නව රජයට පුුලූවන් වේවිද කියන එක.විපක්ෂ නායකවරයා පැවසීය.

අයවැයෙහි විශ්වාසවන්ත භාවය පිළිඹදවත් ගැටලූ තිබෙන නිමල් සිරිපාලද සිල්වා මහතා  කීය.මාදුලූවාවේ සෝභිත හිමි ඇතුලූ ජාතික හෙළ උරුමයේ නායකයින් වන අතුරලියේ රතන හිමි,පාඨලී චම්පික රණවක ශී‍්‍රලංකාවෙන් කැසිනෝ සම්පූර්ණයෙන්ම ඉවත්කළ  යුතුයැයි මතයක සිටියත් මුදල් අමාත්‍යවරයා දැනට දිවයිනේ කි‍්‍රයාත්මක කැසිනෝ ශාලා මත අධික බද්දක් පනවා තිබීම මිීට එක් නිදසුනක් ලෙස ඔහු පෙන්වා දුනි.

ඒ කියන්නේ කැසිනෝ වහන්නේ නැතිද? ඔහු විමසීය.මධ්‍යසාර සම්බන්ධයෙන් පනවා ඇති නව බදු බලපාන්නේ එක් දේශීය නිශ්පාදකයෙකු මත පමණක් බවද ඔහු පැවසීය.

අයවැයට පක්ෂව ඡුන්දය ලබාදුන්නද ජාතික සාමය,ආපදා කළමණාකරණ හා කි‍්‍රස්තියානි කටයුතු පිළිඹද අමාත්‍ය ජෝන් අමරතුංග මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්  ගෙන ඒමට විපක්ෂය ගෙන තිබෙන තීරණයේ කිසිදු වෙනසක් සිදුි නොවන බව ඔහු පැවසීය.මෙම විශ්වාසභංගය ගෙන ඒමට හේතුව ලෙස පැවසෙන්නේ අමරතුංග මහතාගේ ආධාරකරුවන් යැයි පැවසෙන පිරිසක් වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ත්‍යාගි අල්විස් මහතාට සිදුකර ඇති පහරදීමක්ය.අමරතුංග මහතා එම අවස්ථාවේදී වත්තල ප‍්‍රදේශයේ සිට ඇති බවද සදහන්ය.ත්‍යාගි මහතාට පහර එල්ල කිරීමෙන් අනතුරුව ඔහුව කාර්යාලයෙන් ඉවතට ඇදගෙන ගොස් කුණු කාණුවකට විසි කිරීමටද ප‍්‍රහාරකයෝ කටයුතු කර තිබුණි.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන අතර මේ වන විට සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තවත් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සදහා  සොයමින් සිටින බව පොලිසිය කියයි.පරීක්ෂණ යට ගැසීමට ජෝන් අමරතුංග මහතා පොලිස් නිළධාරීන්ට බලපෑම් එල්ල කරමින් සිටින බවටද චෝදනා නැගී තිබේ.අමරතුංග මහතා මේ සියල්ල ප‍්‍රතික්ෂේප කරයි.නව රජය බලයට පත්වී දින කිහිපයක් ගතව යෑමට 

මත්තෙන් ජෝන් අමරංතුග මහතාවම තම ගොදුර ලෙස තෝරාගැනීමට විපක්ෂය කටයුතු  කර තිබීමත් එක්තරා අතකට දෛවෝපගත සිදුවීමකි.විපක්ෂ දේශපාලඥයෙකු වුවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමිීපතමයෙකු වූ ජොන් අමරතුංග මහතා ඔහු හා ඊශ‍්‍රායෙලය,පලස්තීනය හා වතිකානය යන රටවල සිදුවුනු නිල සංචාර වලටද සහභාගී විය.එක් අවස්ථාවකදී ඇමරිකාව බලා යෑමට ඔහුට ගුවන්ටිකට්පත ලබාදී තිබුණේ හිටපු  ජනපතිවරයා මැදිහත්වය.

විශ්වාසභංගය විපක්ෂයේ බහුතර ඡුන්දයෙන් සම්මත වීම ගැන ලොකු සැකයක් නැත.අමරතුංගට මේ සම්බන්ධයෙන් ගැනීමට ඉතිරිව ඇත්තේ තම නිළයෙන් ගෞ රවාන්විත ලෙස ඉල්ලා අස්වීම හෝ තමන් ජනපතිවරයාගේ විශ්වාසය දිනා සිටින්නෙකු බව කියමින් දිගටම ධූරයේ රැුදී සිටීමය.දෙවැන්න තෝරා ගැනීම ඔහුට ගැටලූ සහගත වනු ඇත්තේ ජනපතිධූරයේ විනිවිද භාවයට හානි ගෙන දිය හැකි අවස්ථා කිසිවකටවත් තමන් හවුල්නොවන බව ජනපති සිරිසේන ප‍්‍රකාශ කර තිබීමය.ඔහු වැරදිකරුවන්  සිටී නම් ඔවුනට දැඩි දඩුවම් ලබාදෙන බව පැවසූයේ අමාත්‍යවරුන් දිව්රුම් දුන්  දිනයේදීමය.තවද ජෝන් අමරතුංගට නැගී තිබෙන චෝදනා විභාග නොකර ඒවා යටගැසීමට උත්සාහ කළහොත් රජය ගොඩනැගී තිබෙන පාර්ශවයන් අතර ගැටුම් ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇත.

පසුගිය බදාදා පැවැත්වුනු කැබිනට් හමුවේදී දුූෂණ හා වංචා පිළිඹද නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් දැඩි සෝදිසියෙන් සිටින්නැයි අගමැති රනිල් වික‍්‍රසිංහ මහතා තම අමාත්‍ය  මණ්ඩලයට උපදෙස් දුන්නේය.ඔහු එය පවසන අවස්ථාවේදීද මහා පරිමාන වංචාවන් ගැන තොරතුරු මතුවෙමින් තිබුණි.පහත දැක්වෙන්නේ එවැනි එක් අවස්ථාවක් ගැනය.

ගෙවුණු වසර කිහිපයේදී ගුවන්යානා නිශ්පාදකයෝ සාමාන්‍ය ගුවන්යානා  වල වඩා සුඛෝපභෝගී,ඉන්ධන පිරිමැස්ම ඉහළ,නමුත් මිලෙන් අධික ගුවන්යානා නිපදවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත.මෙම යානා වඩාත් වැදගත් වන්නේ එක් රටකින් තවත් රටකට නිතරම පාහේ ගමන් කිරීමට සිදුවන රාජ්‍ය නායකයින්ට හා රටක ඉහළ පෙලේ නිළධාරීන්ටය.එක් රටකට ගොස් සාම සාකච්ඡුා වටයක් සිදුකර,යුද්ධය නැවැත්වීමට ගතයුතු පියවර ගැන සදහන් කර,ඊළග පැයේදී තවත් රටකට ගොස් එම රට හා තමන් නියෝජනය කරන රට අතර නව සබදතා ඇති කරගැනීමේ වැදගත්කම ගැන සාකච්ඡුා කිරීමට ඔවුනට සිදුවේ.මෙනිසා ඇතැම් අවස්ථාවන් වල මෙවන් පුද්ගලයින් දවසේ පැය 24 න් වැඩි කාලයක් ගත කරන්නේ ගුවන්යානයකය.මෙනිසා විශේෂයෙන් සකස් කළ ගුවන්යානා මෙවන් පුද්ගලයින්ට 

වැදගත්ය.ජනපති බැරක් ඔබාමාට ඔහුටම යැයි කියා වෙන්වුනු ගුවන්යානයක් තිබේ.ඒයාර්ෆොස් වන් ලෙස හැදින්වෙන මෙය බෝයිංග් 747 වර්ගයට අයත් යානයකි.

කෙසේවුවත් බි‍්‍රතාන්‍යය, ඕස්ටේ‍්‍රලියාව හා ප‍්‍රංශය වැනි වෙනත් සංවර්ධිත රටවල නායකයෝ රටින් රට සංචාරය කිරීම සදහා භාවිතා කරන්නේ වෙනත් මාර්ගයකි.ඔවුන්ගේම යැයි කියා ගුවන්යානා භාවිතා නොකරන ඔවුන් සංචාරක කටයුතු සදහා යොදාගන්නේ තම රටවල ගුවන් හමුදාව භාරයේ පවතින අති විශේෂ පුද්ගලයින් සදහා යැයි වෙන්කෙරුණු ගුවන්යානයකි.ඉන්දියාව හා චීනය වැනි ආසියා බලවතුන් මිීටත් වඩා බැහැපත් අතර ඔවුන් සංචාරයේ යෙදෙන්නේ තම රටවල නිල ගුවන්සේවයේ යානා වල විශේෂ මැදිරි වෙන්කරවාගෙනය.මෙවැනි රටවල තත්ත්වය මෙසේ නම් දශක ගණනාවක යුද්ධයකින් මිීට වසර කිහිපයකට පෙර නිදහස ලැබූ,විදේශ ණය වලින් එදිනෙදා වියදම් පිරිමසා ගන්නා,එවරස්ට් කදු මුදුනට ඇති උස පරදන තරමට සංවර්ධන  ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක වන ශී‍්‍රලංකාව වැනි රටක නායකයින් කෙසේ ගමන් කළ යුතුව ඇත්ද?

ඔව් ඔබ සිතූ ආකාරයටම අපේ නායකයින්ට පෙර සදහන් කළ අපේ අසල්වාසී නායකයින් මෙන් ජාතික ගුවන්සේවයේ යානයක විශේෂ මැදිරියක හෝ,වෙනත්  ගුවන්සේවයක ව්‍යාපාර පන්තියේ හෝ ගමන් කිරීම ඔවුන්ගේ තත්ත්වයට මද විය.මෙනිසා පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව කළේ රාජ්‍යතාන්ත‍්‍රික ගමන් බිමන් සදහා වෙනම ගුවන්යානයක් ඇනවුම් කිරීමය.දැනුම්දීමෙන් දින 3 කට පසු ශී‍්‍රලංකාවේ නායකයින් වෙනුවෙන් වෙනම ගුවන්යානයක් වෙන්කිරීම සිදුවූයේ මෙසේය.

පසුගිය වසරේ අපේ‍්‍රල් මස 18 වැනිදා පසුගිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ කැබිනට් මණ්ඩලය රෝල්ස් රොයිස් ටෙ‍්‍රන්ට් එන්ජින් යෙදුූ අලූත්ම එයාර්බස් 330 - 300 යානාවන් 6 ක් මිලදී ගැනීමට තීරණය කළේය.මේ එක් ගුවන්යානයක මිල රුපියල් බිලියන 29.5 ක් පමණ වේ.මින් ගුවන්යානා දෙකක් ඒ වන විටත් ජාතික ගුවන්සේවය වන ශී‍්‍රලන්කන් ගුවන්සේවය වෙත ලැබී තිබුණු අතර එම යානා ඒවාට අදාළ ගමනාන්ත  වෙත පියාසර කරවීමට යොදවා තිබුණි.මෙම යානා ණය පහසුකම් යටතේ ලබාගෙන තිබුණු හෙයින් මාසික වාරිකය ලෙස ඩොලර් මිලියන ගණනක් අදාළ මූල්‍ය සමාගම වෙත ගෙවීමට ශී‍්‍රලන්කන් ගුවන්සේවයට සිදුව තිබුණි.මෙය අලූත් දෙයක් නොවන අතර බොහෝ විට ගුවන්යනා මිලදීගැනීම සිදුවන්නේ මෙලෙසය.තෙවැනි ගුවන්යානය භාරදීමට නියමිතව තිබුණේ මෙම මසදීය.එයද පෙර සදහන් කළ මූල්‍ය සමාගමේ ණය පහසුකම් යටතේ මිලදී ගත්තක් විය.

ගුවන්යානා මිලදී ගැනීමට අනුමැතිය ලබාදුන් අමාත්‍යවරුන්ගේ අනුදැනුමකින් තොරව මෙම තෙවන යානය නාදුනන පුද්ගලයෙකුගේ උපදෙස් මත නවීකරණය කෙරෙමින්  පැවතින.යානය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ සංචාර කටයුතු සදහා යොදාගත හැකිවන පරිදි වෙනස් කළ යුතුව ඇතැයි අදාළ ගුවන්යානා නිශ්පාදක  සමාගමට දැනුම්දී තිබුණි.මෙහි ප‍්‍රතිඵලයක් ලෙස යානය එකලස් කරමින් තිබූ ප‍්‍රංශයේ ටුලූස් කර්මාන්ත ශාලාවෙන් එය වෙනත් ප‍්‍රදේශයක පිහිටි විශාල කර්මාන්ත ශාලාවක් වෙත ප‍්‍රවාහනය කෙරුණි.සැළසුම් කර තිබූ පරිදි යානයේ ව්‍යාපාරික අසුන් 28 පිහිටා  තිබූ කොටස නවීකරණය කරන්නට නියමිතව තිබුණි.

 

ගුවන්යානයකට වෙනම සවිකරන්න පුලූවන් කොටසක් සවි කරන්නයි සැළසුමේ  තිබුණේ.ඒ කොටසේ නාන කාමර,ඇදන්,රූපවාහිනී යන්ත‍්‍ර ආදී පහසුකම් තියෙනවා.හරියට ගෙදර තමන්ගේ පෞද්ගලික කාමරය වගේ තමා.මේ යානයට සවිකරන්න නියමිත වෙලා තිබිච්ච කොටසේයි ඇමරිකා ජනපති බැරක් ඔබාමාගේ  යානයේ ඔහුට වෙන්වෙලා තිබෙන කොටසේයි ලොකු වෙනසක් නැහැ.එකම වෙනස ඔහුගේ යානයේ තියෙන අති නවීන තොරතුරු හුවමාරු උපකරණ වගේ දේවල් මේ  යානයේ නැති එක විතරයි.මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ  පුද්ගලයෙකු පැවසූයේ එළෙසය.

මේ කියන වෙනම සවිකළ හැකි කොටස අවශ්‍ය වේලාවට ගලවා ඉවත් කර නැවත යානයේ තිබුණු ආසන පේලිය සහිත මැදිරි කොටස සවිකළ හැකිය.එසේ සවිකළ පසු  නැවතත් යානය සාමාන්‍ය ගුවන්ගමන් සදහා සූදානම්ය.රාජපක්ෂ රජයේ සැළසුම  වී තිබුණේ හිටපු ජනපතිවරයාට අවශ්‍යවූ වේලාවට මෙම කොටස යානයට සවිකළ හැකි පරිදි එය නවීකරණය කරන්නටය.එසේ ගැලවීමට හා නැවත සවිකිරීමට අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමේදී යානයට තවත් ටොන් 1  පමණ අමතර බරක් එකතු වන බව  එයාර්බස් සමාගමේ ඉංජිනේරුවෝ රජයට පෙන්වා දුන්නෝය.එවැනි බරක් රැුගෙන පියාසර කරන්නට සිදුවීම නිසා ඉන්ධන දහනයද වැඩියෙන් සිදුවනු ඇති බව ඔවුහු  පෙන්වා දුන්නහ.නමුත් රජයට එය ගණනක් නොවුනි.අවශ්‍ය වෙනස් කම් සිදුකරන්න යැයි එයාර්බස් ඉංජිනේරුවන්ට දැනුම්දුන් ඔවුන් ජනපති කුටිය ගැලවීම හා සවිකිරීම  සිදුවන්නේ කෙසේදැයි බලාකියාගැනිීමට ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ ඉංජිනේරුවන් හා සේවකයින් කණ්ඩායමක් ප‍්‍රංශයේ ටූලූස් බලා පිටත් කර හැරියේය.වාර්තා වන ආකාරයට මෙසේ එක් කොටසක් ගලවා අනෙක් කොටස සවි කරන්නට ගතවන කාලය දින  තුනකි.එම කාලය පුරාවටම යානය තිබිය යුත්තේ බිමය.අනෙක් පසින් ජනාධිපතිවරයාගේ සංචාරය නිම වන තෙක් යානය ඔහු සතුව තිබිය යුතුය.මෙවන් තත්ත්වයක ජනපති කුටිය ගලවා නැවත වරක් මගී ආසන සවිකළ හැකි පරිදි යානය නවීකරණය කර තිබුණත් අවසානයේ ජනාධිපතිවරයාගේ සංචාරයක් සදහා භාවිතා කරනවා හැරෙන්නට යානයෙන් වෙනත් ප‍්‍රයෝජනයක් ගත නොහැකි බව පැහැදිලිය.

 

කතාව මෙයින් නතර නොවේ.මෙසේ යානය නවීකරණය කරන්නට ගතවන කාලය මාස 4 කි.එම මාස 4 පුරාවට යානයට ගෙවිය යුතු වාරිකය ගෙවන්නේ කෙසේද? නවීකරණ කටයුතු වලට රුපියල් බිලියන 2 ක් වැයවේයැයි ගණන් බලා තිබුණි.එයට යානයේ  මාසික වාරිකය වන ඩොලර් ලක්ෂ 40 ද එකතුවූ විට යානයෙන් ආදායමක් උපයා ගැනීමට පෙර සිටම එයට මසකට ගෙවන්නට තිබුණු මුදල රුපියල් බිලියන 2.6  ඉක්මවීය.මෙම නවීකරණ කටයුතු සදහා වැයවන මුදල යානා මිලදී ගැනීමේදී ඊට එකතු කර ඇත්දැයි පැහැදිලි නැත.පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ කැබිනට් අනු දැනුමකින් තොරව මෙසේ නවීකරණ කටයුතු කිරීමට රුපියල් බිලියන ගණනින් මුදල් වෙන්කිරීම සිදුව ඇති බවය.මෙම ගුවන්යානා මිලදී ගැනීමේ යෝජනාව කැබිනට්  මණ්ඩලයට ඉදිරිපත් කළේ එවක සිවිල් ගුවන්සේවා අමාත්‍ය පි‍්‍රයංකර ජයරත්නය.ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ ගුවන්යානා බලඇණිය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ගුවන්යානා එක්කෙරෙන බව ඔහු පැවසීය.

ජනපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා රනිල් වික‍්‍රමංසිහ මහතාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමුවූයේ නියම වේලාවේදීය.යානයේ නවීකරණ කටයුතු වහාම නවතා දැමිය යුතු බව කැබිනට් මණ්ඩලයේදී තීරණය වීමෙන් පසු එයාර්බස් සමාගමට නවීකරණ කටයතු සදහා වන ගිවිසුම අවලංගු කර ඇතැයි දැනුම් දෙන ලෙස ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ පාළනාධිකාරියට උපදෙස් දෙනු ලැබිණි.ඒ අනුව මේ මස අවසානයේදී නවීකරණය නොකළ සාමාන්‍ය ගුවන්යානයක් ලෙස මෙම ගුවන්යානය මෙරටට ගෙන ඒමට ශී‍්‍රලන්කන් ගුවන්සේවයේ නියමුවෝ ප‍්‍රංශය බලා යනු ඇත.එයාර්බස් සමාගමෙන් ඇනවුම් කර තිබෙන ඉතිරි ගුවන්යානා 3 මෙම වසරේ අගභාගයේදී ලැබෙනු ඇති බව  සදහන්ය.එම ගුවන්යානා වලට දීර්ඝ ගුවන්ගමන් වල යෙදිය හැකිවන සේ අමතර ඉන්ධන ටැංකි සවිකිරීමේ කටයුතු තවමත් අවසානවී නොතිබීම ඊට හේතුව ලෙස දැක්වේ.

ගුවන්යානය සදහා ලබාදී තිබුණු ඇනවුම සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුලින්ම සදහන් කළේද ජනපති සිරිසේනය.පසුගිය සෙනසුරාදා රැුයේ ජාතික රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡුාවකදී ඔහු මේ බව පැවසීය.

ඔබ දන්නවාදජනපතිගේ පාවිච්චියට යැයි කියලා භාණ්ඩාගාරයේ මුදල් යොදාගෙන  ගුවන්යානයක් නවීකරණය කරමින් තිබෙන බව? මේ කටයුතු වලට



අදහස් (0)

මහින්ද කාලේ දූෂණ සෙවීම ගොළුබෙලි ගමනින්

දහම් Sunday, 08 February 2015 04:43 PM

අර ඡන්ද කාලේ මෛත්‍රී කියපු කුමාරවරු 3 දෙනාට මහින්ද තෑගි දීපු හෙලිකොප්ටර 3 අන්තර්දාන වෙලාද ? (නදී)

:       0       0

හිරාන් Sunday, 08 February 2015 11:22 PM

සෙමින් වුවත් නිවැරදිව කිරීමයි වැදගත්. දුෂණ වංචා තිබෙනවා නම් නිවැරදිව ශක්තිමත් සාක්කි එක්ක, නීතිය ක්‍රියාත්මක කළයුතුයි. (නි)

:       0       0

දුමන්ද Monday, 09 February 2015 02:42 AM

පිඟන් සෝදන විට පිඟන් කැඩෙයි. නමුත් වැරදි අවම කරගත යුතුයි (නදී)

:       0       0

නුවන් Monday, 09 February 2015 04:27 AM

චෝදනා කලට වැඩක් නැහැ. එ්ක සාක්ෂි ඇතුව ඔප්පු කරන්න ඕනේ. එහෙම කරන්න කාලය ගතවෙයි. එක තමයි ඇත්ත. ඒ හින්ද ඔය චෝදනා ඔප්පු කරලා නැහැ කියල තාමත් මහින්දට කඩේ යන අයට කියන්න තියෙන්නේ ඉවසලා ඉන්න කියලයි. (නදී)

:       0       0

දයාවතී Monday, 09 February 2015 05:27 AM

තිලක් ඩුබයි නම් පිස්සු වගේ. මහින්ද ජනාධිපති තුමා ගැන මොනතරම් බොරු චෝදනා නැගුවත්, ජනතාවගේ හදවතින් සහ සිත්සතන් වලින් එතුමා රටට කළ සේවය මකා දැමීමට කිසි විටකත් නොහැකිය. තිලක් ඔය විහිළු දැන්වත් නවත්වන්න.(දිල්)

:       0       0

වයිකෝ Sunday, 08 February 2015 11:41 AM

මේ කරන්නේ අවංක සේවයක්මද ? (නදී)

:       0       0

ආනන්ද Sunday, 08 February 2015 12:08 PM

ගොළුබෙලි ගමනින් හෝ හා ගමනින් ගියත් සමහරුන්ට වෙලා තියන නාස්තිය ගානක්වත් නැහැ (නදී)

:       0       0

රේණු Monday, 09 February 2015 06:06 AM

දැන් ඕව කියල වැඩක් නැ පොරොන්දු උන පරිදි යහ පාලනය ගෙන්න වරද කරුවන්ට තරාතිරම් නොබලා දඩුවම් කරන්න. (ර)

:       0       0

චන්දන Sunday, 08 February 2015 12:33 PM

මේක ගුවන් යානයක් නෙමෙයි. කෑලි ගලවන සෙල්ලම් බඩුවක් වෙන්න ඇති.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 09 February 2015 07:17 AM

ඉස්සර අපි යුද්දය දිහා ඇස් යොමාගෙන බලන් ඉන්නකොට "එක පවුලක් සහ කල්ලියක් විසින්" යුද්දයෙන් හොද කුට්ටියක් කඩා ගත්ත.ලසන්තලා,ප්‍රගීත් එක්නලිගොඩල මිග් යානා ගනුදෙනු ගැන,කෆීර් යානා ගනුදෙනු ගැන කියනකොට අපි යුද්දය ගැන ඇස යොමාගෙන සිටි නිසා අපට සිතන්න මොලයක් තිබුනේ නැහැ.ඔව්න් ලග සියලු ගනුදෙනු ගැන සාක්ෂි තිබුන නිසා ඔවුන්ට සමාදානයේ සැතපෙන්න වැඩ සිද්ද වුණා.අපිට පියවි සිහිය ලැබෙනකොට රටට වෙන්න ඕනේ විනාසය වෙලා ඉවරයි.තවත් විනාස වෙන්න දෙයක් ඉතිරි කරලත් නැහැ.ඉතිරි වෙලත් නැහැ. (බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 08 February 2015 01:12 PM

"මෙම යානා 2 ට අමතරව එම්.අයි 17 වර්ගයට අයත් හෙලිකොප්ටර 17 ක් පසුගිය රජය විශේෂ ණය පහසුකමක් යටතේ රුසියාවෙන් මිලයට ගෙන තිබේ. පහත දැක්වෙන්නේ එම යානා වල විස්තරය. එම්.අයි 17 එස් එච් වර්ගයට අයත් හෙලිකොප්ටර 4 යි. එකක මිල රුපියල් බිලියන 1.69 යි. අමතර උපකරණ සදහා එක් යානයකට වැයව ඇති මිල රුපියල් ලක්ෂ 3790 යි. එම්.අයි 17 වර්ගයට අයත් ආසන 22 හෙලිකොප්ටර 2 යි. එකක මිල රුපියල් බිලියන 1.6 යි. අමතර උපකරණ සදහා එක් යානයකට වැයව ඇති මුදල රුපියල් ලක්ෂ 2620 යි. එම්.අයි 17 ඊ වර්ගයට අයත් ආසන 26 හෙලිකොප්ටර 6 යි. එකක මිල රුපියල් බිලියන 1.6 යි. අමතර උපකරණ සදහා එක් යානයකට වැයව ඇති මුදල රුපියල් ලක්ෂ 8570 යි." හැමදාම සුනාමි එනවා කියලද? හැමදාම යුද්ද එනවා කියලද? කරුණ කරලා ජෙනරල් ෆොන්සේකාගේ නායකත්වයෙන් පරීක්ෂණ කරලා ඩොලර් ත්‍රිලියන කියක් ගසා කාලද කියල හොයන්න. දැඩි දඩුවම් දෙන්න. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 08 February 2015 01:14 PM

මහින්දම ඕනේ කියල අඩන අපේ වයසක සිල් රෙදි ගත්තු අම්මලට තේරෙන්නේ නැහැ "පවුල් වනාන්තරය සහ කල්ලියක්" විසින් රටට කරලා තිබෙන විනාසයේ තරම කොච්චරද කියල.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Monday, 09 February 2015 07:21 AM

සුනාමියක් වැනි අන්ත අසරණ වුන මිනිසුන්ට ලෝකයෙන් දුන්නු ආධාර වලින් කොටි 8.6ක් ගසා කනවා කියන්නේ මොන වගේ හදවතක් තිබෙන මිනිසුන් වෙන්න ඕනෙද?එහෙව් කෙනෙකුට රටක් බාර දුන්නම වෙන දේ හිතා ගන්න පුළුවන්නේ (බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 08 February 2015 01:15 PM

මිනීමරු ප්‍රභාකරන්ලා 35 දෙනෙකුට අවරුදු 35 කදී කරන්න බැරි වුන විනාශයක් පසු ගිය අවරුදු 4-5 තුලදී රටට කළා කියල මොනවට පැහැදිලි කරනවද? මෙම ලිපිය ප්‍රචාරය කල ලංකාදීපයට අපේ ප්‍රණාමය. (නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 08 February 2015 01:17 PM

මහජන මුදලින් රුපියල් කෝටි 300 ක් වැනි සුළු මුදලක් වියදම් කරලා තමන්ටම කියල භාවනා කුටි හදන එක අහන්න දෙයක්ද? (නදී)

:       0       0

තිලක් -ඩුබායි Monday, 09 February 2015 07:24 AM

මොලයක් කියල දෙයක් තිබෙන කෙනෙකුට හෝ කියවල සත්‍ය තේරුම් ගැනීමට ,ලංකාදීපය විසින් පළ කළ "ටියුනිසියාව විනාශය කළ බෙල් අලි පවුල"ගැන පළකළ ලිපිය සහ මෙම ලිපිය ඉදිරියෙන්ම තියන්න.රට වෙනුවෙන් ඒ යුතුකම කරන්න. (බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 08 February 2015 01:19 PM

තවත් අවරුදු 6 කට රට බාර දුන්න නම් රට ඉතියෝපියාවක්ම තමයි.(නදී)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 08 February 2015 01:20 PM

තවත් අවුරුදු 6 කට රට බාරදුන්නා නම් රටට මොනවා වෙයිද? (නි)

:       0       0

සංවරී Monday, 09 February 2015 07:31 AM

මහින්දද වෙනත් කෙනෙකුද යන්න නොවෙයි ප්‍රශ්නය. දූෂණ චෝදනා නැති දේශපාලනඥයෙකු වේ නම් ඔහු තවම ඉපදී නැත. 1970 න් පසු මේ රට පාලනය කළ සියළුම දේශපාලනඥයින් අඩුවැඩි වශයෙන් දූෂිතයෝ වෙති. මෙතරම් වියදම් කර බලය ගන්නේ ජනතාවට සේවය කිරීමටද?. එසේනම් මෙම දිවයින පාරාදීසයක්. අද මේ දිවයින දූෂිත දේශපාලනඥයින්ගේ පාරාදීසයක්. සමහර හිටපු වරාය භාර ඇමතිවරු හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අත්හැරීමට සිංගප්පූරුවේ වරාය සමාගමකින් අල්ලස් ගත් බව පවා මාධ්‍යවල තිබුණා. ඒවාගැන සොයන්නේ නැතිද? (බ)

:       0       0

රිචි බාලසුරිය Sunday, 08 February 2015 04:24 PM

දුෂණ කරපු අයත් දුෂණ ගැගෙන සොයන අයත් ජේ වී පි එක හැරෙන්නට ඔක්කොම යාළුවෝ. ඉතින් කොහොමද ? ඕවා කරන්නේ. ඡන්දෙට කලින් දෙන පොරොන්දු ගැන විශ්වාස තබන්ට එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 512 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 727 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 441 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 922 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1714 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 423 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site