IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘මහින්ද කාලේ වැරදි දැන් අහන්න බෑ‘

වත්මන් රජය බලයට පත්වී අවුරුද්කුත් මාස හතකට පසු පසුගිය රජයේ වැරදි ගැන ප‍්‍රශ්න කිරීමට මාධ්‍යවේදීන්ට හෝ පුරවැසියන්ටවත් අයිතියක් නැතැයි ඒකාබද්ධ විපක්‍ෂයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ බොරැල්ල එන්.එම් පෙරේරා මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවකදීය.

ඒකාබද්ධ විපක්‍ෂය බදාදා (27) මහනුවරින් ආරම්භ කරන්නට යන පා ගමන සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුව පැවති ඊට එයට ආණ්ඩුවෙන් ද බාධා ඇතැයි ඔහු කීවේය.

ප‍්‍රශ්නය

එදා විපක්‍ෂයේ විරෝධතාවලට බාධා ඇතිනොකළ බව, ක‍්‍රීඩාංගන වෙන් නොකළ බවද කියන්නේ?

පිළිතුර

එහෙම වුණා යැයි හිතමු. ඒත් ඒකම කරන්න මේ ආණ්ඩුවට අයිතියක් තිබෙනවාද? එහෙම වී නැති බව මම නැවත නැවතත් සහතික වෙනවා. මේ ආණ්ඩුව බලයට පත්වී අවුරුද්දකුත් මාස හතකට පස්සේ මාධ්‍යවේදියෙකුට තියා පුරවැසියෙකුටවත් ඔහොම ප‍්‍රශ්න කරන්න අයිතියක් නැහැ. මම ඒ ප‍්‍රශ්නය ගැන කනගාටු වෙනවා. අද එදා ආණ්ඩුවත් ඒක කළා නේද අහනවා නම් ඔබ නියෝජනය කරන්නේ ආණ්ඩුවේ පාර්ශවයයි. ඔබ මැදයි ඉන්න  ඕනෑ.

ප‍්‍රශ්නය

අද වෙන්නේත් එදා දේම නේද කියා ඇසීම වරදක්ද?

පිළිතුර

ඔබ උදව් කරන්න එපා. ආණ්ඩුව වෙනුවෙන් පෙනී ඉන්නත් එපා. මාධ්‍ය නිදහස, ලිච්ඡවී ප‍්‍රතිපත්ති ගැන කතා කරන ආණ්ඩුවක් දැන් ගෝත‍්‍රික හා අශීලාචාර උපක‍්‍රම යොදාගන්නවා නම් එය විවේචනය කර අපට ඇඟිල්ල දික්කරන්න.

ප‍්‍රශ්නය

එදා ආණ්ඩු කාලයේත් බලයට එන්නට පෙර විවිධ පොරොන්දු දුන්නා. ඒත් ඊට පටහැනි දේ වුණා. දැන් ඒ ගැන ඇසීම වරදක් වෙන්නේ කොහොමද?

පිළිතුර

            අපෙන් වූ අතපසුවීම් ගැන අපි පුන පුනා කියා තිබෙනවා. ඒ දේ වලට ජනතාව අපිට තීන්දුවක් දුන්නා. දැන් ජනතාව මේ ආණ්ඩුවට බලය දුන්නේ හීනෙන්වත් වැරදි නොකරන්නයි.

            ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන,ලංකා සම සමාජ පක්‍ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, සී.බී රත්නායක, රොෂාන් රණසිංහ, නාමල් රාජපක්‍ෂ, රංජිත් සොයිසා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.

 

 



අදහස් (0)

‘මහින්ද කාලේ වැරදි දැන් අහන්න බෑ‘

පසන් Tuesday, 26 July 2016 10:23 AM

ඇයි අහන්න බැරි.(හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 26 July 2016 10:18 AM

මේ අය තමන් විසින්ම සවුත්තු වෙනවා.(හේ)

:       0       0

සෙනරත් Tuesday, 26 July 2016 10:28 AM

මේ රජය මිනිස්සු බලයට පත්කළේ අවුරුදු 5 ඉවර වෙනකම් මහින්ද රාජපක්ෂට බැන බැන ඉන්න නෙමෙයි. වැරදි තිබුනා නම් ඒවා නිවැරදි කරලා රට ඉදිරියට ගෙනියන්නයි. එ්ත් අද එහෙම වෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. (හේ)

:       0       0

වසන්ත Tuesday, 26 July 2016 10:37 AM

ඔබ සැබෑ මහත්මා දේශපාලකයෙක්. (ර)

:       0       0

නිමල් Tuesday, 26 July 2016 10:45 AM

අපි නොදන්නා ඒකාබද්ද විපක්ෂය... (ර)

:       0       0

සුබාෂ් විජේනායක Tuesday, 26 July 2016 11:24 AM

සහෝදරයා, කන්න හිතුනම කබරගොයාත් තලගොයා කරගන්න මේ අයගෙන් ඕවා අහල පලක් නෑ... (ර)

:       0       0

හෆීල් Tuesday, 26 July 2016 11:28 AM

මේ ඩලස් මැතිතුමා චන්ද්‍රිකා මැතිනියගේ රජයේදී ඉතා මහත්මා දේශපාලනය කළා පමණක් නොවේ, දුෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට එරහිව කටයුතු කළා. ඒ වගේම තමා වාසුදේව නානයක්කාර මහතාත්. දැන් මේ වෙනස ගැන කනගාටුයි. (බ)

:       0       0

සමන්ත Tuesday, 26 July 2016 11:35 AM

ඩලස් සහ කණ්ඩායම හිතාගෙන ඉන්නේ මිනිස්සු මැරිලා ඉපදිලා කියලද දන්නේ නෑ. යම් කෙනෙකුගේ හෝ කණ්ඩායමකගේ අතීත චරියාව තමයි අනාගතය ගැන කියන්න තියෙන හොදම සාධකය වෙන්නේ. මේ අය බොරු කියන. බොරු කරන පිරිසක් බව පැහැදිලියි නේද? (බ)

:       0       0

ආනන්ද Tuesday, 26 July 2016 11:44 AM

අපිව හැමදාම ගොනාට අන්දලා මුන් රොත්තම එක මෙසේ ඉදගෙන ඊළඟ ඡන්දෙදි අාපහු අපිව කරත්තේ බදින ගානටම සෙට් කරන්නේ කොහොමද කියල හිතාගන්න කාලය හොයනකම් එක එක යාත්‍රා කියල දෙන තණකොළ මිටිය ඔය ඉන්න 225 කාල දානකම් මේ රටට යහපතක් නම් වෙන්නේ නැහැ.(බ)

:       0       0

සිදත් Tuesday, 26 July 2016 11:39 AM

මොන ව්‍යවස්ථාවෙද එහෙම තියෙන්නේ? බාගෙට පිස්සු. (බ)

:       0       0

රජින්ද Tuesday, 26 July 2016 11:56 AM

මේ රට රැකගැනීම වෙනුවෙන් නිසි වැඩපිළිවෙලක් නැත්නම්, මෙතන අපි මොනවා කිව්වත් ජනතා මතයෙන් වත්මන් පාලකයින්ට රැදීමේ අයිතියක් නැත. මිනිස්සු ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් හෝ ඉල්ලන්නේ නැත. ඉල්ලන්නේ පළාත් පාලන ජන්දය පමණයි. ඉතින් ඒක මේ බලාධිකාරිය විසින් වළක්වනවයි කියන්නේ ජනතා මතයට විරුද්ධයි කියන එකමයි. ඇයි මේ අය ජන්දය නොතියන්නේ? ඇයි ඒකට බය? වැරදි කරලා නැත්නම් බය වෙන්න උවමනා නැහැනේ. (ර)

:       0       0

වික්‍රම Tuesday, 26 July 2016 12:27 PM

මොනාද මේ කියන්නේ.(හේ)

:       0       0

නන්ද Tuesday, 26 July 2016 12:45 PM

එහෙම අහන්න තරම් වැරදි ඒ කාලේ වුනේ නැහැ නේද මන්ත්‍රී තුමා ? ඒ රජයේ හිටපු දේශපාලකයෝ කොච්චර යහපත් අය ද ?(හේ)

:       0       0

නිරාන් Tuesday, 26 July 2016 01:27 PM

අයිතියක් නැත්තේ මොකද?(හේ)

:       0       0

නිරේෂ් Tuesday, 26 July 2016 01:44 PM

අනේ උඹල කරනකන් හරි. ඒවා අහන්න බැරිද, එහෙනම් මේක උඹලටම ගිය රටක් නේ. දැන් ඉතින් බලය නැති නිසා පිස්සුවෙන් වගේ ඉන්නේ. (බ)

:       0       0

සහන් Tuesday, 26 July 2016 03:27 PM

අප්පොච්චිගේ කාලේ කරපු වැරදි ගැන අහන්න හොද නැහැ ,එතකොට අප්පොච්චිගේ කාලේ කරපු හොද ගැනත් අහන්න හොද නැද්ද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 453 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1035 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 386 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 559 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1319 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site