IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහින්ද කහඳගම යළි රිමාන්ඩ්

ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කොළඹ නාගරික මන්ත්‍රී මහින්දරත්න කහඳගම, ලේකම් ශානක අශෝක හෙට්ටිආරච්චි සහ භාණ්ඩාගාරික එල් කුමාර ද සිල්වා  පදික වෙළෙඳුන්ගෙන්, ජංගම වෙළෙඳුන්ගෙන් හා ත්‍රිරෝද රිය වෙළෙඳුන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් එකතු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි දීමට කොළඹ නාගරික කොමසාරිස්ට හා නාගරික භාණ්ඩාගාරිකට කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නොතීසි නිකුත් කළේය.

සැකකරුවෝ තිදෙනා ද යළි 20 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මාලිගාවත්ත බෝධිරාජාරාමාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ගේ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ඇරැඹීය.

පොලිස් වංචා විමර්ශන අංශය පැවසුවේ ඔවුන්ගේ බැංකු ගිණුම් පරීක්ෂා කළ අවසන් දිනෙන් පසුව රුපියල් ලක්ෂ හතර හමාරක් බැංකුවෙන් ආපසු ගෙන ඇති බවයි.

සැකකරුවන් රුපියල් 50 සිට 500 දක්වා වන මුදලක් දින පතාම පාර අයිනේ කඩකාමර 289කින් හා කඩවල් 539කින් එකතු කර ඇති බවයි.

_DSC0069 _DSC0074



අදහස් (0)

මහින්ද කහඳගම යළි රිමාන්ඩ්

මාගලි ෆොන්සේකා Friday, 13 February 2015 07:16 PM

හරි සතුටින් යන බව පෙන්වනවා ලැජ්ජාව වැඩිකමට. (නි)

:       0       1

සිරා Friday, 13 February 2015 08:11 PM

මට පේන්න බෑ මේ වැඩ. මේවා ඉක්මනට ඉවරයක් කරන්න ඕනේ. (ස)

:       0       1

ලසන්ත Friday, 13 February 2015 09:09 PM

මෙයාට එක චෝදනාවද තියෙන්නේ (ස)

:       0       0

අසෝක Friday, 13 February 2015 09:09 PM

බටහිර රටවලනම් එක ඇඟිල්ලක් පෙන්නුවම ඒක විලිලජ්ජ නැති දෙයක්. මෙයා හතරක්ම පෙන්නනවා. (ස)

:       0       0

මිගිද Friday, 13 February 2015 09:15 PM

මෙයා ගත්තම හැමෝම සද්ද කරනවා.ගොඨාභය ගෙන් ප්‍රසන කරාමත් කෑගහනවා. (ස)

:       0       0

සමන්ජය Friday, 13 February 2015 10:49 PM

සුදු ඇඳුමක් ඇඳගෙන, මාංචුත් දාගෙන, මාධ්‍යයට පෙන්න අත්දෙක උස්සගෙන හිටියහම ඔක්කොම හරි කියලා හිතනවා ඇති. (ස)

:       0       0

නලීන් Friday, 13 February 2015 11:18 PM

මේක තමා ලංකාවේ සදාචාරය. හොරකම් කරලා වීරයෝ වෙන්න හදනවා. (නි)

:       0       0

රොෂේන් Saturday, 14 February 2015 03:12 PM

ජාතික වීරවරයෙක් වගේ අත් දෙක උස්සගෙන ඉන්නේ (නදී)

:       1       0

දිසානායක Saturday, 14 February 2015 12:50 AM

දැන් අසනීපවෙලා බන්ධනාගාර රෝහලට යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සමන්ති Saturday, 14 February 2015 01:15 AM

පසුගිය කාලයේ මෙයා හිතාගෙන හිටියේ මෙයාට ඉහළින් හිටියෙත් එයා විතරයි කියලා (නි)

:       0       0

රෝයි Saturday, 14 February 2015 02:26 AM

ලෝකයේ කොහෙවත් උදාහරණ ගන්න නැති පාලන ක්‍රමයක් දැන් ඇතිවෙලා තියන්නේ කියලයි අපිට නම් හිතෙන්නේ. මගේ අදහස නම් 1970 කාලයෙන් පසු බිහිවුණ කිසිම පාලන ක්‍රමයක් වෙනත් රටකට සැසඳීමට පුළුවන්කමක් තිබුනේ නැහැ. එහි විපාක අද රටේ ජනතාව විඳිනවා. (නි)

:       0       0

පෙරෙර්රා Sunday, 15 February 2015 01:33 AM

බලන්න මෙච්චර සෞම්‍ය පෙනුමක් තියෙන අයෙක්ට කරලා තියෙන දේ ? (නදී)

:       0       0

බන්දුල හේවාවසම් Saturday, 14 February 2015 04:44 AM

මේ කප්පම් සදාචාරය නැති කරන්න අවශ්‍ය නීති ක්‍රියාත්මක කරන්න විශාල ජාතික අවශ්‍යතාවයක් තියෙන බව පේනවා. ඒවාට නීතිත් තියෙනවානේ. එ්ත් ගැටලුව නම් අැයි මේවා ක්‍රියාවට නංවන්නේ නැත්තේ කියන එකයි. පෞද්ගලික බස් හිමියෝ මේ කප්පම් මාෆියාවට යට වෙලා, එදා වේල හොයාගෙන ජීවත්වෙන අහිංසක වෙළදුන් තමන්ගේ දවසේ ශුද්ධ ආදායමෙන් භාගයක් මේ නරුමයින්ට ගෙවන්න ඕනේ. ජාතිකව ගත්තහම මේක මහා පිළිලයක්. ලෝකේ කිසිම රටක නැතුව ඇති මේ වගේ අශෝභන සංස්කෘතියක්. පාලන තන්ත්‍රයේ නම් දහස් ගණනක් ඉන්නවා, ග්‍රාම නිලධාරී ගේ ඉඳලා පාර්ලිමේන්තු නියෝජිතයින් වෙනකම්. එ්ත් අපරාධකාරයෝ නිදැල්ලේ. මේ නරුමයින්ට තරාතිරම බලන්නේ නැතිව රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ. නැතිනම් මෙහෙම ගියොත් තව ටික දවසකින් සාමාන්‍ය පුරවැසියන්ටත් කප්පම් ගෙවන්න වෙයි. තියෙන ජීවන බර මදිවට. (නදී)

:       0       0

පාලිත Saturday, 14 February 2015 05:00 AM

ඔයිට වඩා හොඳ නැද්ද හිඟා කැවනං. ඉන්න හැටි විතරක් හරියට වීර කමක් කරලා වගේ. දෙන්න උපරිම දඬුවම්! (නදී)

:       0       0

දුමින්ද Saturday, 14 February 2015 05:01 AM

ලොකු වීර කමක් කරලා වගේ. සුබ අනාගතය කෑවේ-පොඩි මහින්දලාගේ වැරදි වැඩ (නදී)

:       0       0

මහේෂිකා Saturday, 14 February 2015 06:31 AM

හිතුවේ නැහැ නේද මෛත්‍රී යහපාලනයක් එනවා කියලා? (නි)

:       0       0

සකුන්තලා Friday, 13 February 2015 01:36 PM

මෙයා ව අකුරෙන් පෙන්නන්න හදන්නේ මෙයාව රිමාන්ඩ් කරපු එක ජනතාව ලැබූ ජයක් කියල වෙන්න ඇති (අ)

:       0       0

ෆ්ඩ්රික් Friday, 13 February 2015 01:57 PM

සුදු තමා මාරයාගේ ලකුණ (අ)

:       0       0

සිල්වා Friday, 13 February 2015 02:06 PM

මේඔක්කොම කැත වැඩ කරලා අතත් උස්ගෙන ඉන්න ලස්සන. ලංකවේ ප්‍රධාන වශයෙන් මුදල් හම්බ කරන්න හදන්නේ හරිම අසාදාරන කමින් ජනතාවගේ මුදල් මංකොල්ල කෑම මේ විදියට රටේ ව්‍යාප්ත වුණේ ගියපාර රජයේ හොදට අනු දැනුම අනුවයි රටේ යහ පාලනයක් ඇති කිරීමට නම් මෙවැනි පුද්ගකයන්ට උපරිම දඩුවම් දෙන්න ඕනි ! (අ)

:       0       0

ප්‍රසා Friday, 13 February 2015 02:18 PM

මම එය අගය කරමි .(අ)

:       0       0

සරත් Friday, 13 February 2015 02:30 PM

හොරකම් කල නිසා ඔය ඇගිලි හතරම කපන්න ඕනි. (අ)

:       0       0

ගුණේ Friday, 13 February 2015 02:33 PM

ඉස්සර කුමන හෝ වරදක් කල අයකු උසාවියට හෝ ජනතාව ඉදරියට යන්න විලි බියක් චකිතයක් තියෙනවා. ඒ නිසා ඔවුන් යන්නේ මුණ සඟවගෙන. දැන් ඉන්න තක්කඩි හොර දේසපාලුවෝ අදිකරණයෙන් දඬුවමක් නියම වුණාමත් යන්නේ මාංචු කුට්ටම සමඟ අත් ඉහලට ඔසවාගෙන දත් තිස්දෙකම පෙන්නගෙන ලොකු ජයග්‍රහනයක් ලැබුවා වගේ. මේ සියල්ල කනපිට පෙරලුවේ හිටපු උසස් අධ්‍යාපන ඇමතිය උසාවියට අපහස කර දඬුවම් ලබා ජම්පර කොටය අන්දණ්ඩ ගෙනියන කොට දක්වපු රංගනයේ වීරත්වය නිසයි. දෙසපාලනයේ වාසි ලබන එවුන් උසාවිය සැහැල්ලු කර දඬුවන් ලාබිය එලියට දමා එකාගෙ ඡන්ද ගොඩ බාගන්න කළ නොහොබිනා ක්‍රියාවෙන් නිතිය අර ඇමතිය කියපු තැනටම ඇද දැමුවා.(අ)

:       0       0

මේනක Saturday, 14 February 2015 07:41 AM

ලජ්ජා නැතිව මුනත් පෙන්නනවා . (අ)

:       0       0

පසිදු Friday, 13 February 2015 02:54 PM

දේශපාලනය මුවාවෙන් ජනතාගේ මුදල් වෙළඳුන්ගේ මුදල් මංකොල්ලකන එක මොනතරම් වැරදිද? (නි)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍ය Saturday, 14 February 2015 08:52 AM

අහිංසක මිනිසුන්ගේ සල්ලි වලින් රඡ සැප විදලා ලොකු වීර කමක් කරලා වගේ අත් උස්සන්නේ. පදික වෙළෙන්දෙක්ගෙන් ඇහුව නම් කියල දෙයි පැටිකිරියම. උදේ හවා හෝමාගම ඉදන් බස් එකේ ආපු කෙනා දැන් වාහන කීයක් පාවිච්චි කරනවද. (නදී)

:       0       0

ටිරෝන් Saturday, 14 February 2015 08:54 AM

හොරු ඔක්කොම දැන් හිරේ යන්නේ මමයි රජා වගේ. විලි ලැජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුලුනේ අනේ මෙහෙමත් නරුම ජාතියක් (නදී)

:       0       0

රංග Saturday, 14 February 2015 09:26 AM

මහා වීරකම් කරලා වගේ තව ඇඟිලි දික් කරනවා. එ්ව ගහගන්න ඕනේ පස්ස පැත්තේ (නදී)

:       0       0

පාලිත Friday, 13 February 2015 03:55 PM

හරියට වීර වැඩක් කරලා වගේ අත උස්සන්නේ. මොවුන් නැවත නිදහස්වෙලා ආවත් දුප්පත් මිනිස්සු සූරාගෙන කනවා. කප්පම් ගන්නවා. (නි)

:       0       0

පද්මිණී Saturday, 14 February 2015 09:37 AM

ඔය නමම තියෙන තව හතර පස් දෙනෙක් ඉන්නවා නේද ඇතුලට යවන්න? (නදී)

:       0       0

මැදවල Friday, 13 February 2015 04:03 PM

මෙයා නිකන් අත් උස්සගෙන ඉන්නෙ ජාතිය බේරාගන්න ගිහින් හිරේ ගියා වගේනේ. අහිංසක මිනිසුන්ගෙ පනම් හතරත් හූරාගෙන කාලා තව ලැජ්ජා නැතුව අතත් උස්සන්වා. (නි)

:       0       0

රන්දික Saturday, 14 February 2015 10:28 AM

මේ පුද්ගලයාට පමණක් දඩුවම් දී වැඩක් නෑ.මෙයා වටේ හිටපු මේ වැරැදි වලට හවුල් වූ සියළු දෙනාම රිමාන්ඩ් කළ යුතුයි.(හේ)

:       0       0

මාධුරි Saturday, 14 February 2015 10:28 AM

දැන් කළ දේවල් වලට වන්දි ගෙවන් කාලය ඇවිත්.(හේ)

:       0       0

භාතිය Saturday, 14 February 2015 10:29 AM

දැන් ඒ පැත්තේ ජනතාවට නිදහසේ වැඩක් කර ගන්න පුළුවන්.(හේ)

:       0       0

ශ්‍රී ලාල් Friday, 13 February 2015 05:13 PM

හොරුත් අත් දෙක උස්සල සතුට ප්‍රකාශ කරනවා. මිනී මරුවොත් එහෙමයි. අනිත් රටවල් වල වගේ මාංචු දමන්න ඕනේ අත් දෙක පිටුපසට තියලයි. මෙයාගේ තියෙන සතුට හරියට ලොකු ජයග්‍රහණයක් ලබල වගෙයි.(නදී)

:       0       0

ජයන්ත Saturday, 14 February 2015 10:29 AM

කළ දේ පල දෙනවා කියන්නේ මේ වගේ වෙලාවට.(හේ)

:       0       0

ඉසුරු Saturday, 14 February 2015 10:29 AM

බලය නැත වෙයි කියලා හිතුවේ නෑ.හැමදාම එකම විදියට ඉන්න හිතුවා.(හේ)

:       0       0

චන්දිම Friday, 13 February 2015 05:18 PM

අං එන්න හදනවද? (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 14 February 2015 10:29 AM

මේවාට මුලිකම වැරදි කරුවෝ වෙන කවුරුවත් නෙමෙයි මේ වගේ දුශිතයන්ව දේශපාලන කරලියට ගෙන්න උනන්දු වුන අපි වගේ සාමාන්‍ය ජනතාවයි.(හේ)

:       0       0

මහේෂි Friday, 13 February 2015 05:36 PM

ඇඟිලි වලින් මේ පෙන්වන්නේ ලබන සැරේ අපි දෙනවා තොපිට කියලා (නදී)

:       0       0

හසිත් Saturday, 14 February 2015 10:48 AM

දැන් ඉතින් කළ වැරැදි පිළිගන්න.(හේ)

:       0       0

චන්ද්‍රා Friday, 13 February 2015 05:38 PM

අනේ හැබෑටම, මේ හිරේට මාංඡු දමාගෙන ගෙනියන අය දෑත් උස්සා පෙන්නමින් ජනතාවට කියන්නේ කුමක්ද ? තමා ජනතාව අතර වීරයෙක් බවද? තිරිසනෙක් බවද?. කරුණාකර මෙය පලකරන්න. (නදී)

:       0       0

එරංග Saturday, 14 February 2015 10:48 AM

අහිංසක මිනිස්සුන්ට කළ දේවල් වලට දැන් වන්දි ගෙවන්න සිද්ද වෙලා.(හේ)

:       0       0

චතුරි Saturday, 14 February 2015 10:48 AM

වැරැදි කරලා වීරයෙක් වගේ යන විදිය.(හේ)

:       0       0

සමීර Saturday, 14 February 2015 10:49 AM

මෙයාටනම් ඇප දෙන්නත් හොද නෑ.(හේ)

:       0       0

හසිත Saturday, 14 February 2015 10:49 AM

ආ අපි මාංචු දැකලා තියනවා.... පෙන්නන්නේ වීරකමක් කලාද.(හේ)

:       0       0

උපාලි Friday, 13 February 2015 06:09 PM

ඔය නම දැන් එපා වෙලා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 29 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 56 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 569 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1313 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 174 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 89 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38402 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site