IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්ද ගැන තීරණය ජනතාවගෙන්‘

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් ඇති එක්සත් ජාතික පක්ෂය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානය අගෝස්තු අට වැනි දා ජනතා තීන්දුව නිසි ලෙස තේරුම් ගෙන නැති බවත්, එම පක්ෂ දෙක අතීතයට එකතුවූ පක්ෂ බවත්, රටේ යහපාලනය ගොඩ නැගීම සඳහා ඉදිරි මහ මැතිවරණයේ දී නව පෙරමුණක් ගොඩනගන බවත් විදුලිබල හා බලශක්ති ඇමැති ජාතික හෙළ උරුමයේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා කීවේය.

බත්තරමුල්ලේ හෙළ උරුම පක්ෂ කාර්යාලයයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් රණවක මහතා කීවේ එම පෙරමුණට එකතු වන ලෙස සියලු පක්ෂවල යහපාලනයට කැමති, ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරන බවයි.

එම පෙරමුණේ නම සහ ලකුණ ඉදිරියේ ප්‍රසිද්ධ කරන බව ද, මේ වන විට බොහෝ දෙනකු සමඟ සාකච්ඡා කරගෙන යන බව ද, ජනවාරි අට වැනි දා විප්ලවයට සහාය දැක්වූ බලවේගවල සහයෝගය එම පෙරමුණට ලැබෙතියි විශ්වාස කරණ බව ද ඇමැතිවරයා සඳහන් කෙළ්ය.

‘ජාතික හෙළ උරුමය කියන්නේ මේ රටේ තීරණාත්මක අවස්ථාවලට මුල් වූ පක්ෂයක්. ත්‍රස්ත විරෝධී පෙරමුණ සකස් කර  ෆෙඩරල් මතවාදයට එරෙහිව හඬ නැඟුවා. ඒකීය භාවය ඇති කරන්න වෙහෙසුණා. ජාතික හෙළ උරුමය ගොඩ නැගීමෙන් පසු ප්‍රභාකරන් පරාජය කිරීමට අවශ්‍ය දේශපාලන වටපිටාව හැදුවා. අපේ හිමිවරුන් ගිහින් මාවිල්ආරු සොරොව්ව විවෘත කරන්න බල කිරීමෙන් පසු ඇතිවුණු මානුෂීය මෙහෙයුහ අවසන් වුණේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසුවයි.

ඉන් පසු මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කරන්න මුල් වුණා. පළමු වෙඩි මුරය තිබ්බේ අපි.

ඒ වගේම ඉදිරි මහ මැතිවරණයේ දී අපි පෙරමුණකින් සන්ධානයක් විදියට ඡන්දෙට එනවා. ‘

ප්‍රශ්නය - හිටපු ජනපතිට නාමයෝජනා ලබා දීම ගැන ඔබේ අදහස?

පිළිතුර - ජනතාව ඊට පිළිතුරක් දෙයි. නාමයෝජනා දීම ඒ පක්ෂයේ කාර්යයක්. අපට එය වැදග් නැහැ. මේ රටේ යහපාලනය ගොඩනගන්න පුළුවන් පෙරමුණක් අපි ගොඩනගනවා.

ප්‍රශ්නය - ජනපති සිරිසේන බලයට ගේන්න ඔබේ පක්ෂයත් වෙහෙසුනා. දැන් ජනපති ඔබේ තීරණයට සහාය දක්වයිද?

පිළිතුර - ජනාධිපතිගේ ආශිර්වාදය අපට ලැබෙයි. ඔහුගේ අරගලය ඉදිරියට ගෙනියන්න තමයි අපි මේ පෙරමුණ හදන්නේ. එතුමා මධ්‍යස්ථ පුද්ගලයෙක්.

ප්‍රශ්නය - ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාත් ඔබේ පෙරමුණේ ඉන්නවාද?

පිළිතුර - අනිවාර්යයෙන්ම ඔහුත් සිටිය යුතුයි. එපි හැම ප්‍රගතිශීලි බලවේගයකටම ආරාධනා කරනවා අප සමඟ එකතු වන ලෙස.

ප්‍රශ්නය - පෙරමුණේ නායකයා ඔබද?

පිළිතුර - හැමෝම නායකයන් තමයි

ප්‍රශ්නය - අගමැති අපේක්ෂකයා කවුද?

පිළිතුර - තවම ඒ ගැන තීරණයක් නෑ.

ප්‍රශ්නය - ශ්‍රීලනිපයේ සහාය ලැබෙනවාද?

පිළිතුර - සෑම පක්ෂයකම ප්‍රගතිශීලී බලවේග අප සමඟ එක් වෙයි කියා බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය - පක්ෂයේ නම සහ ලකුණ කුමක්ද?

පිළිතුර - අපි ඒ ගැන මැතිවරණ කොමසාරිස් සමග සාකච්ඡා කරනවා. ඉදිරියේ තීරණයක් ගෙන කියන්නම්.

web1



අදහස් (0)

‘මහින්ද ගැන තීරණය ජනතාවගෙන්‘

පාරා Sunday, 05 July 2015 03:00 PM

හෙළ උරුමය කිව්වට අපි අහුවෙන්නේ නැහැ. අපි මෝඩයෝ නෙවෙයි, මහින්ද ජනාදිපති වෙලා ඉන්න කාලේ එයාලගේ අවස්‍යතාවයන් ඉටුකරගෙන මහජනතාවට කොකා පෙන්නලා දැන් මහින්ද මහත්තය වැරදි කාරයෙක් කියකියා බයිලා ගහනවා. අපිට අන් ඇවිත් නැහැ, අායේ කිසිම විස්වාසයක් තියාගෙන ඡන්දෙ දෙන්නේ නැහැ. (නදී)

:       0       0

සිරි Sunday, 05 July 2015 03:23 PM

මේ රටේ ස්ථාවර ඡන්ද පදනමට උරුම ලද්දෝ එජාපය සහ ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයයි. මේ ගොල්ල මුලින්ම පාර්ලිමේන්තුවට ආවේ සෝම හාමුදුරුවන්ගේ මෘත කලේබරය මතින්. ඊට පස්සේ සන්ධානයේ කර මතින්. දැන් හෙළඋරුමය ජේවීපී වගේ ප්‍රතිපත්තියක් නැති කණ්ඩායම් එක්ක. ප්‍රශ්නයක් නෑ දැන් විශ්‍රාම වැටුප හම්බ වෙනවනේ. කාටද ජොලි. (නදී)

:       0       0

යසන්ත Sunday, 05 July 2015 03:46 PM

ජයවේවා! (නි)

:       0       0

නන්දලාල් Sunday, 05 July 2015 08:56 AM

රටට සේවයක් කරන්න පුළුවන්, අවංක අය විතරයි මහා මැතිවරණයකට ඉදිරිපත් විය යුත්තේ.ජයවේවා ! (ම)

:       0       0

ඉසුරි Sunday, 05 July 2015 09:16 AM

ගන්න හරි තිරණය ජනතාව සතුයි.(හේ)

:       0       0

තුෂාර Sunday, 05 July 2015 09:53 AM

අපි දන්නවා ඔයාලගේ යහපාලනය (ම)

:       0       0

එච්. ජගත්දේව Sunday, 05 July 2015 09:53 AM

තීරණය ලැබෙන්නේ මහින්ද පිලිබඳ ව නොවෙයි. හෙළ උරුමය පිලිබඳවයි. මේ අයගේ ඇත්තේ බොරු පුරසාරම් පමණ යි. මෙවර තිබුණු ජන පදනමත් නැති ව යනවා.(ම)

:       0       0

පියලාල් Sunday, 05 July 2015 09:56 AM

මහින්ද වටා එකතු වෙන ප්‍රගතිශීලී බලවේග කඩන්න දරන උත්සාහයක්. (බ)

:       0       0

රනුක Sunday, 05 July 2015 09:56 AM

එල එල ... තව එජාප ඡන්ද ටිකක් කැඩෙනෝ... මහින්ද ට නිකම්ම ජය...!!! (බ)

:       0       0

තිස්ස Sunday, 05 July 2015 10:00 AM

දැන් ඉන්න අය අතරින් අගමැති කමට සුදුස්සා චම්පික තමා. ඔබට ජය වේවා (බ)

:       0       0

දර්ශන Sunday, 05 July 2015 05:38 PM

රටක ජනතාවට ලැබෙන්නේ ජනතාවට සුදුසු නායකයෝය. රටට ජය! (නි)

:       0       0

පතිරණ Sunday, 05 July 2015 10:07 AM

මහින්ද ගැන තීරණය ජනතාවගේ ඊටපස්සේ සිරිසේන ගැන තීරණය මහින්දගේ. (ම)

:       0       0

දිසානායක Sunday, 05 July 2015 10:15 AM

රටම එක මතයක මහින්ද පිල. මහින්දට විරුද්ධ පිල. පෙරමුණු හදන්නන්ට ප්‍රවේසම්වීමට යමක් කිවයුතුය....... "සැමවිටම ලාංකික ඡන්ද දායකයා තම ප්‍රධාන සතුරා පරාජය කිරීමට හොදම ප්‍රතිවාදීයා තෝරාගැනීමේ අරමුණෙන් ක්‍රියාකරන බව."(හේ)

:       0       0

රත්නායක Sunday, 05 July 2015 06:27 PM

විශ්වාස කළහැක්කේ එ ජා ප සහ ජ වි පෙරමුණ පමණි. (නි)

:       0       0

සත්‍යපාල Sunday, 05 July 2015 06:43 PM

කාගේ කාගේත් කැරැට්ටුව සහ අනාගතේ දෙකම ජනතාව අතේ කියල දැනගත්තොත් යහපත්. (නදී)

:       0       0

රොහණ Sunday, 05 July 2015 10:25 AM

දැන් ඉන්න නායකයන් අතර ඔබ විශේෂයි ඔබට සුබ පතමි ඔබට ජය වේවා (හේ)

:       0       0

තිලක් Sunday, 05 July 2015 10:31 AM

අපිත් ඉන්න තිබුනේ ඔතන.(හේ)

:       0       0

චාමර Sunday, 05 July 2015 10:32 AM

චම්පික හොඳ අගමැති කමටම තමයි.(හේ)

:       0       0

ඇසිලින් Sunday, 05 July 2015 10:35 AM

සුබ පතනවා මැතිවරණයේදී ජය ලැබෙන්න කියා.(හේ)

:       0       0

සංජය Sunday, 05 July 2015 10:48 AM

මේ පාර නම් ජනතාව මෙයාල ගැන නිවැරදි තීරණයක් ගන්නවා .මෙයාලට තියන ජන පදනම දැනගන්න පුළුවන් (ම)

:       0       0

තිලක් Sunday, 05 July 2015 11:05 AM

තවත් ජනතාව රවටන්නේ නැතුව ඉන්නකෝ. (නි)

:       0       0

චන්න Sunday, 05 July 2015 10:05 PM

අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ධම්මික Sunday, 05 July 2015 11:22 AM

මහින්ද මැතිඳුන්ට ජයවේවා! (නි)

:       0       0

යෝගනාදන් Sunday, 05 July 2015 11:22 AM

මහජන තීරණය පැහැදිලියි (නි)

:       0       0

විජේතුංග Sunday, 05 July 2015 11:25 AM

අපි දෙන්නම්කෝ නියමෙට (නි)

:       0       0

පරාක්‍රම Monday, 06 July 2015 12:29 AM

මෙයාලට තිබෙන ජන පදනම දැනගන්න පුළුවන් (නි)

:       0       0

කෝලිත Sunday, 05 July 2015 11:40 AM

කොලපාට පසුබිමේ ලස්සන මි හරකෙක්ව ඡන්ද ලකුනට ගන්න. ජයවේවා! (නදී)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 06 July 2015 01:07 AM

මීමින්නා හිතනවා උගේ ඔලුව පමණක් හංගාගත්තහම ඌ සම්පුර්ණයෙන් හැංගිලා කියලා.මොවුන්ට පමණක් නොවෙයි ඕනෑම පොඩි පක්ෂයක් තවම රටේ තිබෙන ශ්‍රී ලංකා හා යූ එන් පී පක්ෂ දෙකට මුක්කු නොගහා බලයට එන්න ලැබෙන්නේ නැහැ වගෙයි (නි)

:       0       0

ගුණසේකර Sunday, 05 July 2015 12:10 PM

සංජය, ඔබේ කීමට මමත් එකඟයි (නි)

:       0       0

සදෙව් Sunday, 05 July 2015 12:21 PM

මේගොල්ල ගැන දන්නේ හෙළ උරුමයේ හිටපු අය. ඊයේ පෙරේදා යහපාලන ආණ්ඩුවට සහය දෙන්න ඇවිල්ලා යුඑන්පි ඡන්ද දායකයන්ගේ ප්‍රසාදය දිනාගෙන හිමිහිට අපේ යු.එන්.පී ඡන්ද කඩාගෙන යන්න තමයි ඔය මේ ගොල්ලෝ සැරසෙන්නේ. (නදී)

:       0       0

කාංචන Monday, 06 July 2015 10:15 AM

පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබද විස්වාසයක් ජනතාවට ඇති කරපු ප්‍රධාන පිරිස අතර ඔබ ඉහලින්ම ඉන්නවා.මේ මැතිවරණයේදී ඔබ ඇතුළු විද්වත් දේශපාලකයන්ගේ වගකීම මෝඩ තකතීරුවන් ඉන්න පාර්ලිමේන්තුව විද්වත් බුද්ධිමත් දේශපාලකයන් ගේ පාර්ලිමේන්තුවක් බවට සුද්ධ කරලා දෙන එක.ඔබ මෙවරත් ඔබගේ වගකීම ඉටුකරනු ඇති බවට අපි බලාපොරොත්තු වෙනවා.ඔබට ජය!(හේ)

:       0       0

තුසිත Sunday, 05 July 2015 12:31 PM

පුජ්‍ය අතුරලියේ රතන හාමුදුරුවෝ සහ චම්පික රණවක කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ දෙන්නෙක් කියන එක තමයි මගේ අදහස (නි)

:       0       0

ලාල් Sunday, 05 July 2015 12:41 PM

මට හිතෙන විදියට අගමැතිකමට සුදුසුම පුද්ගලයා පාඨලී චම්පික රණවක මහතායි.ජයවේවා! (නි)

:       0       0

සම්පත් Monday, 06 July 2015 02:43 AM

මෙයාලා වෙන්වෙලා යන එක හොඳ දෙයක්. බහුතර ආසන ලැබෙන්නේ මෙයාලටනේ. ඉතින් සමහරවිට තුනෙන් දෙකක් වුණත් ගන්න බැරිවෙන එකක් නැහැ.එන්නකෝ (නි)

:       0       0

නිමල් Sunday, 05 July 2015 12:52 PM

ජනාධිපති තරඟයට ආපු සිද්ධාලේප වෙද මහත්තයා කිව්වා එයා ජනාධිපති වෙනවා කියලා (නදී)

:       0       0

රාජා ගුණවර්ධන Sunday, 05 July 2015 01:13 PM

නියමයි! ඔබලට ඇති ඡන්ද පදනම මොකක්ද කියලා හරියටම බලාගන්න පුලුවන්. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 06 July 2015 03:18 AM

ඕනෑම නායකයෙක්ගේ දුර්වලකම් පෙන්වා දුන් කෙලින් ප්‍රකාශ කරන, නිවැරදි තීන්දු ගත් පක්ෂයක්. මේ තීරණය කාලෝචිතයි. නිවැරදියි. ජනතාවට ජයවේවා! (ම)

:       0       0

සනත් Sunday, 05 July 2015 01:33 PM

අගමැති වීමට සුදුස්සා ඔබමය.ජය වේවා! (නි)

:       0       0

බණ්ඩාර Sunday, 05 July 2015 02:00 PM

මහින්ද මහත්මයා ඒ ගැන තීරණයක් ගනීවි. පස්සෙන් ගිය අයට තමයි වැඩේ වෙන්නේ (නි)

:       0       0

දිලිප් Monday, 06 July 2015 03:50 AM

ජනතාව බලාපොරොත්තු වූ යහපාලනයට සවිමත් වූ දොරටු විවර කිරීමට හැකි වේවා!(ම)

:       0       0

කමල් Sunday, 05 July 2015 02:24 PM

රනුක නින්දෙන් බයවෙලා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 674 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 350 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 295 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2436 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 113 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1583 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32733 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23866 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site