ගාල්ල මහින්ද විද්‍යාලය හා බැඳුණූ ප්‍රෞඩ ඉතිහාසය හා ඒ තුල අන්තර්ගත රසවත් සිදුවීම් මෙන්ම ජාතික ගීය බිහි කිරීම නිදහසේ අරගලයේදී එම විදුහල ඉටු කළ ජාතික මෙහෙය මෙන්ම බිහි කළ ශ්‍රේෂ්ඨ ආදි සිසුන් ගැන කරුණු රැසක් ඇතුළත් තවත් ග්‍රන්ථයක්ද එළි දක්වා තිබේ.
මේ මහින්ද ශාස්ත්‍ර ශාලා හෙවත් ‘මා දුටු මහින්දය‘ නම් වු එම නවතම කෘතියේ කතුවරයා වනුයේ 1943 සිට මහින්දයේ පහළ බාලාංශයේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා විද්‍යා ගුරු නියෝජ්‍ය විදුහල්පති වශයෙන්ද වසර 50 කට අධික කාලයක් මහින්දය හා එක්ව කටයුතු කළ නිශ්ශංක ද සිල්වා මහතායි.
මීට පෙර වුඩ්වර්ඩ්,අවුට් ඔප් හිස ලයිෆ් ඇන්ඩ් නොට්,සෙන්චරි ඔප් මෙමරිස්,මහින්දේ තමයි ඉස්කෝලේ ,හිස්ටෝරි ඔෆ් මහින්ද කොලේජ්,යට ගිය නිධානය ඇතුළු ග්රන්ථ රැසක් හා අනුර මාධව ජයසේකර නිර්මාණය කළ ‘මහින්ද පුරාණය‘ මෙන්ම බන්ධුල නානයක්කර නිර්මාණය කළ ‘මහින්ද මහිම‘ සංයුක්ත තැටි දෙකක් ද එළි දැක්විණි.
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්රතාන්යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්දෙ ගැන තව පොතක්
රිස්වාන් ඩුබායි Wednesday, 20 November 2013 03:36 PM
ගාල්ලේ මහින්දයේ නිශාන්ක ද සිල්වා, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඒ.ජේ ප්‍රෙෂර්, මහනුවර කින්ග්ස්වූඩ් විද්‍යාලයේ එල්. ඊ බ්ලසේ වැනි ශ්‍රේෂ්ට විදුහල්පති වරුන් ආයෙත් කවදාවත් ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ. (ස)
සුසිරි Wednesday, 20 November 2013 11:49 AM
මහින්දය එකළු කළ කඳු ගැටයෙහි පිහිටි "දවටගහවත්ත" ඉඩම පාසලට දන් දී ඇත්තේ මෙතුමන්ගේම නෑදෑයින් විසිනි. මෙම පොත විකිනීමෙන් ලැබෙන සියලු මුදල් මෙතුමා අඩු ආදායම් ලාභී මිහිඳු පුතුන් වෙත ශිෂ්‍යත්ව ලබා දීම සඳහා පිරිනමනු ඇත. පොතක් මිලදී ගෙන ඒ සද් ක්‍රියාවෙහි සහ කරුවකු වන්න. (නදී)
දිලීස් Wednesday, 20 November 2013 11:55 AM
ගුරු පියාණෙනි, ඔබට බොහොමත් පින්. මොකද වෙනත් පාසල් වලින් අපොස උසස් පෙළ කරන්න ආපු ශිස්යන්ටද සැලකුවේ සමානව ඒ ගැන ගොඩක් ආඩම්බරයි. ඔබ තුමාට දිර්ඝා යුෂ ලැබේවා. (ස)
පිනි Wednesday, 20 November 2013 02:04 AM
මම දවසක් පන්ති කට් කරලා ගේට්ටුවෙන් පනින කොටම නිශ්ශංක සර්ව දැක්ක මම පස්ස නොබලාම ගෙදරම ගියා එට පස්සේ දවසේ පන්තියට ඇවිල්ල මගේ මුනට හොදට එබිකම් කරලා මගෙන් අහනවා " තමුසේ නේද ඊයේ මගේ මුණ බල බලම පෙනල ගියේ " මම කිව අපෝ නැහැ සර් කියල යන්තම් බේරුනා (අ).
රසිකා Tuesday, 19 November 2013 06:12 PM
නිශ්ශංක ගුරු පියාණනි, ඔබේ කටහඬ දැනුත් මට ඇසෙනවා.ඔබතුමාට දිගාසිරි පතමි. (නි)
පුෂ්පකුමාර නනා Wednesday, 20 November 2013 12:08 PM
මහින්දයේ හිටපු ඔබ වැනි ගුරුවරුන්ට සදා ණය ගැතියි. (ස)
යසිත් Tuesday, 19 November 2013 06:51 PM
ඔබ තුමා නොහිටින්න මා මහින්දීයකු නොවේ....!!! ඔබට පින් ගුරු පියාණනි....!!!නිදුක් නිරෝගී සුවය ලැබේවා....!!!! (ස)
චානක Wednesday, 20 November 2013 05:24 PM
මේ මහින්ද ශාස්ත්‍රාලය කීර්තියෙන් වැජඹේවා! (නි)
සුදත් Wednesday, 20 November 2013 07:40 AM
නිශ්ශංක ගුරු පියාණනි, ඔබතුමාට දිගාසිරි පතමි (නි)
පියල් ජයන්ත Tuesday, 19 November 2013 07:54 PM
ගුරු පියාණෙනි, ඔබ මටත් උගන්වලා තිබෙනවා. අපේ පාසැල සැමදා දිනේවා! ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සිසිර දෝහා Tuesday, 19 November 2013 08:22 PM
අපව නිවැරදි මගට ගත් ගුරු පියාණනි,ඔබතුමාට නිදුක් නිරෝගී සුව පතමි (නි)
සමන් ගුණතිලක Wednesday, 20 November 2013 09:00 AM
මහින්දෙ වගේම ඔබේ නමත් දිලේවා !!!!! (ස)
කිරි ගමරාල Tuesday, 19 November 2013 08:52 PM
"තමුසෙට භෞතික විද්‍යාව උගන්වන එකට වඩා පරෙවියන්ට පින්ග් පොන්ග් ගහන්න උගන්වන එක ලේසියි." මට තාම හොඳට මතකයි ඔබ මට කිව්වා ගුරුතුමනි. ඒ නිසාම මම හොඳට පාඩම් කරලා උසස් පෙළ භෞතික විද්‍යා විෂය සමත් වුන. (අ)
සුනිල් Wednesday, 20 November 2013 09:21 AM
ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා! මේ මහින්ද ශාස්ත්‍රාලය කීර්තියෙන් වැජඹේවා! (නි)
ගාල්ලේ සංජීව Wednesday, 20 November 2013 02:29 PM
මම මහින්දෙ නොව්නත් ,,මහින්දයට සැමදා ගරු කරනවා,, ඇත්තටම මේකේ දාලා තියෙන අදහස් දැක්කහමත් හරි ගෞරවයක් එනවා ඔබතුමා ගැන,, (ස)
පරාක්‍රම විතානවසම් Wednesday, 20 November 2013 10:34 AM
නිශ්ශංක ගුරු පියාණනි, ඔබතුමාට දිගාසිරි පතමි.අපේ පාසැල සැමදා දිනේවා... (ස)