(මනෝ ප්‍රිය ගුණසේකර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සූදානම් වූයේ යැයි චෝදනා කරමින් හිටපු පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා ඉදිරියේදී අද (13) භාර දුන්නේ ය
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ 2009 පෙබරවාරි මස 01 වනදා සහ එම මස 14 වනදා අතර කාලසීමාව තුළ කුරුණෑගල දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සූදානම් වු බවට නීතිපතිවරයා විසින් පොලිස් අධිකාරිවරයා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.
මීට පෙර අවස්ථාවක අධිකරණයෙ නිකුත් කළ සිතාසි වලට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දුන් විනිසුරුවරයා ඔවුන්ගේ ඇඟිලි සලකුණු ලබා ගෙන ඒ පිළිබඳ වාර්තාවක් කැඳ වීමට පොලිසියට නියම කළේය.
2009 පෙබරවාරි මස 01 වනදා සහ එම මස 14 වනදා අතර කාලයෙ කුරුණෑගල දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කළ බව විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් වසර 13 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත්ත කොට සිටින්නේ යැයි පැවසූහ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සංශෝධිත ප්‍රතිපාදනවලට අනුව තම සේවාදායකයින් ටඇප නියම කිරීමට මහාධිකරණයට බලය ඇතැයිද වසර 13 කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතවී සිටීම සුවිශේෂී කරුණක් සේ සලකා ඔවුන් ඇප මත මුදා හරින්නැයි දේ ඉල්ලා සිටි නීතිඥවරු ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීමට තරයේ විරුද්ධත්වය දැක්වීය.
දෙපාර්ශවයේ කරුණු සල්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ඔක්තෝම්බර් 17 වැනිදාට කල් තැබූ විනිසුරුවරයා එදින මෙම නඩුව යළි කැඳවීමට නියම කළේය.
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මහින්ද ඝාතන තැතට හිටපු එස්.පී ඇතුළු 4කට අධිචෝදනා
Prabha Tuesday, 13 September 2022 10:35 PM
අපි නම් දන්නේ ඔය කවුරු කවුරුත් එකතුවෙලා ජෙයරාජ්වත් ඝාතනය කරන්න ඇතියි කියලා...
චතුරි Wednesday, 14 September 2022 02:40 AM
ජනතාව මෙතරම් කාල කන්නිද කියලා හිතෙනවා මෙය කියවනකොට.
පිටිගල මිලානෝ Wednesday, 14 September 2022 08:47 AM
මෙහි ප්‍රධානම විත්තිකරැවා වියයුත්කේ සුනඛ කටක් ඇති දේශපාලකයෙක් නේද? රනජන් ප්‍රසිද්ධියේ කිව්වේ….
Fairoos Wednesday, 14 September 2022 01:02 PM
එපා දෙන්ඩනම් එපා විත්තිකරු මැරෙනකම් නඩු කියමු
BamunuarachchiWednesday, 14 September 2022 05:44 PM
ජීවත් වුණා ඇති කියලා සිතෙනවද?