IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්ද ඡන්දෙට එපා‘

‘ජන වරමට ගරු කරමු - මහින්දට යළි ඉඩ නොතබමු‘ යන තේමාවෙන් උද්ඝෝෂණයක් සිකුරාදා (3) පස්වරු 3ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වීමට යයි.

පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන එම උද්ඝෝෂණයට සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, කලාකරුවන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විද්වතුන් හා සාමාන්‍ය ජනතාව සහභාගීවන බව පුරවැසි සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.



අදහස් (0)

‘මහින්ද ඡන්දෙට එපා‘

තිලක් Wednesday, 01 July 2015 07:06 AM

29 වරක් පැරදුනු අපේ සමහරුත් ඉල්ලනවනේ! (නි)

:       0       0

ඉමාක් Wednesday, 01 July 2015 07:06 AM

අනේ විජිත්, ඔයා චන්ද්‍රිකාට ඡන්දෙ දෙන්නේ මොනවා කළාටද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 July 2015 10:46 AM

අතපත්තු අතේ පත්තු කරන්.. කොහෙද මහත්තයෝ ඔය කියන චෝදනා තියෙන්නේ. එතුමාට ඡන්දෙ දීපු ලක්ෂ 58ක් එතුමාගෙන් සාධාරණය පතනවානම් ඔහේ කවුද මහත්තයෝ ඒ මිනිස්සුන්ට අපහාස කරන්න. තමුන්ගේ පැත්ත බලාගෙන එතුමාගේ අභියෝගයට ඡන්දයෙන් මුණ දෙන්න පිරිමියෙක් වගේ ..(බ)

:       0       0

රාජා Wednesday, 01 July 2015 07:18 AM

මහින්දට එපා කියන්නේ කොටි හා කොටි කණ්ඩායම් වලට ආධාර දෙන දේශීය හා ජාත්‍යන්තර බලවේග පමණි. මහින්ද රටට නරකක් කළ බව ඇත්තකි. එය ඔහුගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උදුරා දැමීමට තරම් නොවේ. අනෙක් අතට 1988/90 කාලයේ තරගෙට මිනිමැරූ අයට වඩා වැඩි ඡන්දෙ ඉල්ලන්න ශුද්ධ අයිතියක් මහින්දට ඇතිබව පිළිගත යුතුයි. (නි)

:       0       0

සත්‍යජිත් Wednesday, 01 July 2015 07:22 AM

එජාපයට සම්පූර්ණ බලය දීම භයානකයි. ෆොන්සේකගෙ පක්ෂෙට ජවිපෙට මහින්ද විරෝධී ඡන්ද බෙදෙන්න ඕනා. නැත්නම් වෙන්නෙ ආයෙ රට අමු සොහොනක් වෙන එක. එක තැනක යූඇන්පී කාරයෙක් ප්‍රතිචාර දාලා තිබුනා 77 වාගෙ රටේ ප්‍රචන්ඩ ක්‍රියා නොකළ එක වැරදියි කියලා. (නදී)

:       0       0

නිලන්ත Wednesday, 01 July 2015 11:23 AM

අනේ අර හොර තක්කඩියෝ නම් ලංකාවට එපා (නදී)

:       0       0

පද්මිණී Wednesday, 01 July 2015 07:32 AM

රනිල් මහතාගේ දුර දක්නා නුවන. මහින්ද එනවා කියන්නේ එජාපය ඉහලින්ම දිනනවා. (නදී)

:       0       0

දහම් Wednesday, 01 July 2015 07:35 AM

මහින්ද එනවට හැමෝම බය වෙලා වගේනේ. එයා පරදිනවලු. කුණු බක්කියට වැටෙනවලු. ඉතින් දෙයියනේ මේ අය කියන්න ඕනේ අනේ කොහොමහරි මහින්ද එන්න කියලනේ. (බ)

:       0       0

අතපත්තු චන්දන Wednesday, 01 July 2015 07:45 AM

වංචා දුෂණ පැමිණිළි 7000 කට වැඩි දුෂිත පුද්ගලයෙක් බලයට ගේන්න දගලන්නේ මන්ද බුද්ධික නුතන වහල්ලු. කෙසේ හෝ මහින්දව පරදවා නව පාර්ලිමේන්තුවේදී වත් රටේ මහජන මුදල් කොල්ල කාපු සියලූම දුෂිතයන්ට දඩුවම් දී එම සම්පත් රටේ සංවර්ධනයට ලබා ගත යුතුයි (නදී)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 08:16 AM

කොහෙන් හරි කුට්ටියක් ලැබිල වගේ (බ)

:       0       0

ගුණපාල Wednesday, 01 July 2015 05:29 AM

ජයවේවා! (නි)

:       0       0

ඉමාක් Wednesday, 01 July 2015 05:36 AM

කට්ටිය බයවෙලා මහින්ද එයි කියලා. (නි)

:       0       0

භාතිය Wednesday, 01 July 2015 05:42 AM

ජනවරමට ගරු කරනවා නම් ඇයි මහින්ද එපා කියන්නේ.මහින්ද එන්න හදන්නේ කුමන්ත්‍රණයක් කරලා නෙමෙයි. ජනතාවගෙන් වරමක් අරගෙන එන්න හදන්නේ. බයවෙන්න එපා.ඒක ජනතාව තීන්දු කරාවි (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Wednesday, 01 July 2015 05:43 AM

මහින්ද භීතිකා රෝගයේ රෝග ලක්ෂණ දැන් එළිපිටම පහළවෙන්න පටන් අරගෙන වගෙයි (නි)

:       0       0

ප්‍රීති Wednesday, 01 July 2015 05:48 AM

සමහරුන්ට ඕනෑවෙලා තියෙන්නෙ රට කොටියට යනකොට ඒ දිහාවත් නොබලන,හැමතැනම බෝම්බ පුපුරණකොට ඒ ගැන තැකීමක් නැතුව ඉන්න, හමුදාවෙ කොල්ලො බුරුතු පිටින් මැරෙනකොට ඒ ගැන නොදන්නවා වගේ ඉන්න කෙනෙක් වෙන්න ඇති. පසුගිය වසර 25 කාලය තුළ මේ අය හිටියෙ ලංකාවෙද කියලා අහන්න හිතෙනවා. එදාට වැඩිය අපිට දැන් බය නැතුව ඉන්න පුළුවන්. මහින්ද නැතුව වෙන නායකයෙක් 2005 ඉඳලා හිටියා නම් රටින් බාගයක් දැන් කොටියා අල්ලගෙන. (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 01 July 2015 05:50 AM

ඔය කැඳවුම්කරු ගැන අපි ගොඩක් ඉස්සර ඉඳලා දන්නවා.එදා කළෙත් දේශපාලනය. හොඳයි අපි බලමු කවුරු මොනවා කිව්වත් ජනතාවගේ තීන්දුව මොකක්ද කියලා. (නි)

:       0       0

නිමාෂා Wednesday, 01 July 2015 05:51 AM

මෙම පෙරමුණේ මෙම තේමාවම ප්‍රජාතන්ත්‍ර විරෝධිනේ. ජනවරම කුමක්ද බලන්න මහින්දට ඉඩදීලා බලන්න කියලා බලමු. තීරණය ජනතාවගේනේ. (නි)

:       0       0

සුනිල් Wednesday, 01 July 2015 08:51 AM

ෂා කැසිනෝ ලොක්කගේ මුණ ඉපිලෙනවා. කුඩු ලොක්කටත් පුල් චුන් එකක් ගිහිල්ලා. එතනෝල් කාරයා ගෙදර පාටියක් දාලා. මොකද මේ? මහින්ද ආයිත් ඡන්දෙට එනවා කියලා. (නදී)

:       0       0

ගාමිනි Wednesday, 01 July 2015 08:53 AM

යම් සත්‍යක් තියෙනවා. එතකොට මහින්ද වටේ ඉන්න ඉහඳ පනුවෝ ටික කොහොමද එලවන්නේ. (නදී)

:       0       0

ඉමල්කා Wednesday, 01 July 2015 06:01 AM

මහින්ද රාජපක්‍ෂ මහතාට සහ රජයට බටහිර අධිරාජ්‍යවාදීන් විරුද්ධ වුණේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එල්. ටී. ටී. ඊ. සන්නද්ධ බෙදුම්වාදය මිලිටරි ක්‍රමයකින් පරාජය කළ නිසයි. යුද්ධයේ උච්චතම අවදියේදී බටහිර ප්‍රබල රාජ්‍යයන් දෙකක විදේශ ඇමැතිවරු දෙදෙනෙක්‌ ලංකාවට ආවා. ඇවිත් යුද්ධය නතර කරන ලෙස ජනාධිපතිවරයාට කිව්වා. අපේ රට තවදුරටත් බටහිර කොලණියක්‌ නොවන බවත් යුද්ධය නතර නොකරන බවත් ඔවුන්ට ජනාධිපතිවරයා පැවසුවා . ඒ වගේම ජනාධිපතිවරයා එරික්‌ සෝල්හයිම්ට හිස නැමුවෙත් නැහැ. අභීතව තීන්දු තීරණ ගත්තා. ඒ නිසයි මහින්ද රාජපක්‍ෂට ඔවුන් එරෙහි වුණේ.(නදී)

:       0       0

පෙරේරා Wednesday, 01 July 2015 06:01 AM

ජනවරමට ගරු කරනවා නම් කොහොමද යු.එන්.පී ආණ්ඩුවක් අාවේ. (නදී)

:       0       0

දොන් Wednesday, 01 July 2015 06:00 AM

සමන් රත්නප්‍රිය රාජිතට කඩේ යනවද ? (නදී)

:       0       0

සකුවි Wednesday, 01 July 2015 06:05 AM

අනේ මෙහෙමත් කතා (නදී)

:       0       0

දිනුකා Wednesday, 01 July 2015 08:59 AM

රටට මහින්ද හැර වෙන විකල්පයක් තියනවද ? (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 01 July 2015 06:07 AM

අනේ මෙහෙමත් දේශපාලනයක්.(නදී)

:       0       0

ජයශාන්ත Wednesday, 01 July 2015 06:11 AM

මහින්දව ඕනේ කියලා බලයට නැවත ගේන්න මේ වගේ අය ඉන්න රටකට දෙයියෝවත් බලන්නේ නැහැ. ඔලු ගෙඩි වලට හෙන ගහලද මේ හරකුන්ගේ (නදී)

:       0       0

විජිත් Wednesday, 01 July 2015 06:15 AM

මහින්දට අපේක්ෂකකම දුන්නොත් අනිවාර්යෙන්ම චන්ද්‍රිකා ගම්පහින් ඡන්දයට එනවා. චන්ද්‍රිකා අනිවාර්යෙන්ම මහින්දට වඩා විශාල මනාප ප්‍රමාණයක් ගන්නවා. එතකොට එතුමිය අගමැති වෙනවා. ඊට පස්සේ කට්ටිය එකතුවෙලා මහින්දට තියෙන 7000 ට වැඩි චෝදනා විභාග කරනවා. මේක මහින්ද ගේ තියෙන බල තණ්හාව නිසා ඔහු විසින්ම ඉල්ලන් කෑමකි. මේක තමයි අද වෙන්න යන්නේ.(නදී)

:       0       0

ඇන්ටන් Wednesday, 01 July 2015 09:04 AM

මහින්ද මෙතරම් බලයට කෑදර ඇයි? (නදී)

:       0       0

සේන Wednesday, 01 July 2015 06:22 AM

අති විශිෂ්ට නායකයෙක් වශයෙන් විශ්‍රාම ගන්න තිබිච්ච එතුමා අන්ත බල ලෝබි පරාජිතයෙක් වශයෙන් ඉතිහාසයේ කුනු කුඩයට වැටෙන එක ගැන දුකයි.(නදී)

:       0       0

ගයාන් Wednesday, 01 July 2015 06:23 AM

මහින්දට ඔය තරම් බය මොකද කට්ටිය. මනුස්සයෙකුට ඡන්දෙ ඉල්ලන්න බැරිද? මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයිද? (නදී)

:       0       0

ශාමන්ත වෙල්ගම Wednesday, 01 July 2015 09:19 AM

අනේ එන්න නම් දෙන්න එපා අයේ. අපිට දැන් නිදහසේ ඉන්න පුළුවන්, නීතියේ සරණ පතන්න පුළුවන්,අපට අනාගතයක් ගැන සිතන්න පුළුවන්. (බ)

:       0       0

ජෙරාඩ් Wednesday, 01 July 2015 06:38 AM

එන්න දෙන එක නොදෙන එක ජනතාව තීරණය කරයි. එ්කට ඔයාලගේ උපදෙස් ඕනේ නෑ. ඔයාල කරුණාකරලා මෙතන කාලේ කන්නේ නැතුව ගිහින් රට වෙනුවෙන් ඔයාලගේ රාජකාරී වලට වාර්තා කරන්න. (නදී)

:       0       0

නාමල් Wednesday, 01 July 2015 06:39 AM

ඉමල්කා මෝඩ රාජපාක්ෂිකකම පෙන්වන්න එපා.. යුද්ධෙ කරන්න වැඩිපුරම උදව් කළේ ඔය බටහිර රටවල් හා ඉන්දියාව තමා...රාජපක්ෂ කියන බලලෝභියා ඡන්දෙට ආවත් නාවත් එජාපය දිනනවා..(බ)

:       0       0

ද සිල්වා Wednesday, 01 July 2015 06:44 AM

මහින්ද එනවට එජාපෙ කැමතියි. ශ්‍රී ල නි පෙන් ඉල්ලුවොත් පරණ මඩ පොස්ටර්ම නැවත ගහල, පරණ තැටියම නැවත වාදනය කරන්න පුළුවන්. වෙන පක්ෂේකින් ඉල්ලුවොත් ශ්‍රී ල නි පෙ බෙලහීන වෙනවා. එතකොට දිනන්න පුළුවන්. උෟරෝ කැකුණ තලනකොට වැලි කුකුලන්ට මගුල් කියන්නේ මෙහෙම දේවලට (නදී)

:       0       0

අත්තනායක Wednesday, 01 July 2015 06:54 AM

ජනතාවට අතීතය මතකයේ ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 18 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 347 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2423 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2046 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1516 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8391 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34507 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site