IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහින්ද ජනපති කොමිසමේ

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර බරපතල වංචා සහ දූෂණ සොයන ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණියේය.

හිටපු ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු ද එහි ආවේය.

6b052db9f787cd9446324584cfdf145eab90e0d7d08b6ea7b4df76faf07adc3f 8ec75cf568ce05befca5859ca5ae04d742bb914fa76070b9ab91e8a4921d4ee6 19da3a4a3a79abaef8d35262d4e2ac4f68653cbdbbfd86b7a42343bff3b90fe4 d5a470e52896d7d445a4fe6853b1edcffd245662bcfcac50354be554dbbcd7ad



අදහස් (0)

මහින්ද ජනපති කොමිසමේ

සරත් Thursday, 18 February 2016 06:46 AM

රොමේෂ් ඒ කිව්වේ චන්දනටද ඔව් මමත් ඒක පිලිගන්නවා. (ර)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 18 February 2016 06:46 AM

කොහොමට හිටපු ජනාධිපතිවරයෙක්ද? මට හරිම කණගාටුයි මෙතුමා පත් වෙලා තියෙන කණගාටුදායක තත්වය පිළිබඳව. රටක් බේරා ගත්තු නායකයෙකුට ගිය කළක්. මේ රටේ තියෙන නරක පක්ෂ දේශපාලනයට මීට වඩා හොඳ උදාහරණයක් තවත් නැහැ. (ර)

:       0       0

පහන් Thursday, 18 February 2016 06:58 AM

රට බේරගන්න ඔය කවුරුවත් වෙහෙසෙන්නේ නැහැ. (ර)

:       0       0

රකිත් Friday, 19 February 2016 12:29 AM

රට බේරාගත්තා. සහතික ඇත්ත. එතකොට රටින් හොරකම් කරලා තියෙනවා නම්, රට බේරාගත් නිසා අමතක කරලා දාමුද? කාට වුණත් රටේ නීතිය ක්‍රියාත්මක කළයුතුය. අර තියෙනවා කියපු ෆයිල් ටිකත් අරගෙනම ගියා නම් තමයි හොඳ. (නි)

:       0       0

සෙනරත් Thursday, 18 February 2016 06:53 AM

රුවන්, එතුමා නිදහසේ ඉන්න හැදුව නම් කිසිම ප්‍රශ්නයක් නැතිව කාගේ කාගේත් බලාපොරොත්තු ඉටු කර ගන්න තිබුණා නේද? දැන් එතුමා වටේ තවමත් ජන ගඟ ගලන බව පෙනෙනකොට ටිකක් වගේ බය හිතෙනවද? (ර)

:       0       0

අශෝක Thursday, 18 February 2016 07:00 AM

ඔබ තුමාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා තුනුරුවන් සරණයි. (ර)

:       0       0

බමුණු ආරච්චි Friday, 19 February 2016 12:40 AM

කමල්, දැන් සූරාකන්නේ නැහැ. නමුත් රටේ දුප්පත් මිනිසුන්ට දැන් මොකද වෙලා තිබෙන්නේ? ඔය බජට් එකෙන් අඩුකළ බදු ඔබට ගන්න තිබෙනවද? මොනවද මේ අවුරුද්දට කළ සංවර්ධනය? කරපු තොවිලෙකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ. (නි)

:       0       0

සරත් සෞදි Thursday, 18 February 2016 07:10 AM

බාදක ජයගෙන නොසැලී එදිරියට අපේ වීරයා රට නිදහස් කර දුන් නායකයා. (ර)

:       0       0

රෝහණ කුමාර් මෙන්ඩිස් Thursday, 18 February 2016 07:12 AM

ගොඩක් පිට රටවල ඉන්න උදවිය තමන්ගේ මව් රට ගැන හොදට දානවා රොමේෂ්. එත් ලංකාවේ ඉන්න අයනම් මුකුත් දන්නේ නැ. ලංකාවේ අය දන්නේ කන්න බොන්න විතරයි නිදාගන්න විතරයි වැඩ නෑ. (ර)

:       0       0

රෝහිත Thursday, 18 February 2016 11:14 AM

නැ නැ චන්දන! අර කට්ටිය මෙයාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් කරලා නැවතුවත් හොදයි! (බ)

:       0       0

මහානාම - කඳාන Thursday, 18 February 2016 11:21 AM

දිල්කි නෝනා මහින්ද මහතා හොරකම් කළා කියන්නේ රටේ සල්ලි නේ. එතකොට රට පාවා දෙන එක ගැන මොකක්ද කියන්නේ ? අද රණ විරුවෝ මර බයේ ඉන්නේ . මාධ්‍යවේදියෝ මර බයේ . ඉක්ටා මින් රටේ ආර්ථිකය පාවා දෙනවා . උතුරේ පාලම ගහලා ඉන්දියානුවෝ මේරටට ඇවිත් රටේ ජන සංයුතිය වෙනස් කරන්න හදනවා . මේ අවුරුදු 100 ගණන් වල සැලසුම් . දාන්න මහින්ද ව හිරේ නමුත් රට පාවා දෙන්න උදව් කරන්න එපා (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 18 February 2016 07:19 AM

රොමේෂ්, හැමකෙනාම එකම විදියට හිතන්න එපා. අපි මොන රටේ හිටියත් හැමදාම මහින්ද සමගයි. ඔබතුමාට ජය. (ර)

:       0       0

සරත් සෞදි Thursday, 18 February 2016 07:49 AM

රොමේෂ්, ඔබට වඩා අපි අපේ රට ගැන බලනවා විදේශ මුදල් රටට ගේන්නේ විදේස් ගත අය බව අමතකද අපි මහින්ද ට ගරු කරනවා. (ර)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Thursday, 18 February 2016 07:44 AM

චන්දන, කොහොමත් එතුමා එක පාරට පාර්ලිමේන්තුවට කඩාගෙන පාත්වූන කෙනෙක් නොවේ මහා පාර හිර ගෙවල් වගේම මිනිස්සුන්ගේ හදවත් ගැනත් හොඳට දන්නවා. රටේ මෙච්චර ප්‍රසන තියෙද්දී මොකද මෙතුමාවම හිරකරන්න බලන්නේ. ඔයාල ඔහේ ඉඳලා එද්දී පය ගහන්න පොලව තවමත් ඉතුරු කරලා තියනවා. එක අමතක කරන්න එපා. (ර)

:       0       0

කසුන් කරුණාරත්න Thursday, 18 February 2016 07:53 AM

රට බේරා ගත් ජන නායක. (ර)

:       0       0

කසුන් කරුණාරත්න Thursday, 18 February 2016 07:55 AM

නායකයාණනි අපි ඔබ සමගයි. ඔබතුමාට ජය. (ර)

:       0       0

බටගල Thursday, 18 February 2016 07:56 AM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ... (නි)

:       0       0

බණ්ඩා Thursday, 18 February 2016 07:54 AM

පිටරට ඉන්න උදවිය ලංකාව ගැන හොදට දන්නවා ..ඔවුන් පිටරට ඉදගෙන ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව තමා ලංකාව ගැන අදහස් දාන්නේ.ලංකාවේ ඉන්න බොහෝ අය ලිං මැඩියෝ වගේ අදහස් දානවා (බ)

:       0       0

වරුණ Thursday, 18 February 2016 07:55 AM

කෝ අර නැට්ට වගේ හැමතැනම පස්සෙන් දුවන ලොකු බණ්ඩාර පෙන්න නැහැනේ? (බ)

:       0       0

අනුර Tuesday, 23 February 2016 08:06 AM

මහින්ද මහතාට මුකුත් වෙන්නේ නැත. වැඩිම වුනොත් ටික කලකට හිර කරලා තියෙන්න පුළුවන්. එතකොට රටේ මිනිස්සු තවත් මහින්ද මහතාට හිතවත් වෙනවා. ඔය කරන විගඩම කරන අයටම පාරාවළල්ලක් වෙනවා. (ර)

:       0       0

සමන් Thursday, 18 February 2016 08:06 AM

චන්දන, බෝට්ටුවෙන්ද ඕස්ට්‍රේලියා ගියේ? (බ)

:       0       0

සුමනසිරි Thursday, 18 February 2016 08:15 AM

රට බෙර ගත් නායක තුමනි. අපේ පරපුරම මැරෙන තුරා ඔබ සමගයි. (ර)

:       0       0

චාමර Thursday, 18 February 2016 08:09 AM

බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට යන මිනිස්සු නිසා ලංකාවේ නමත් කැත වෙනවා. මෙතන ඒවගේ අයත් කොමෙන්ට් කරනවද කොහෙද? (ර)

:       0       0

අමිත් Thursday, 18 February 2016 08:10 AM

ඔබේ බලය ඊලග ඡන්දෙදේ අපි පෙන්වනවා ඔබේ තනිවම අවොත් .අපි සදා ඔබ සමගයි. (ර)

:       0       0

රොමේෂ් Thursday, 18 February 2016 08:19 AM

මව් රට ගැන දන්නා නිසාද ඔස්ට්‍රලියාවේ ඉන්න කට්ටිය හම්බන්තොට පළාත් සභාවක් ගැන කියවන්නේ. අපිනම් දන්නේ දකුණු පළාත් සභාවක් ගැන විතරයි. (ර)

:       0       0

ශෆ්රාන් Thursday, 18 February 2016 08:23 AM

දේශපාලන බල තණ්හාව නැත්නම් ශ්‍රී ලංකාවට බිහි වෙච්ච සුපිරි නායකයෙක්. තෙවෙනි වරටත් ජනාදිපතිවරණයට නොඉල්ලලා තිබ්බනම් අද ලංකාවේ බහුතර ජනතාව නිතරඟයෙන් මොහුව නැවතත් ජනාදිපති කරලා. (ර)

:       0       0

ජයන්ත Friday, 19 February 2016 02:09 AM

මහින්ද මහතාණෙනි, ඔබ තනි නැත. ඔබ පරදුනේද නැත. ඔබ පැරදවීමටද බැරිය. තනිවුණේ අපිය, පැරදුනේ අපිය, පරාදවෙන්නේද අපිය. ඔබ වැනි නායකයෙක් නැතුව මේ රටට අනාගතයක් නැත. (නි)

:       0       0

විජේ Thursday, 18 February 2016 08:16 AM

අපිත් මහින්ද මහත්තයා සමග තමා හිටියේ, එත්.. (ර)

:       0       0

මහානාම Thursday, 18 February 2016 11:34 AM

රණ විරුවෝ ටික දංගෙඩියට දක්වන එක හරිද ? (හේ)

:       0       0

චන්දික Thursday, 18 February 2016 08:28 AM

වැරදි කලානම් දඩුවම් විදින්න වෙනවා. (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 18 February 2016 03:58 AM

කරපු පව් පස්සෙන් එළවනකොට දුවන්න පාරවල් මදිවෙනවා. ඒක රජාටත් ඒකයි, අපි කාටත් එකයි. (නි)

:       0       0

පාලිත Friday, 19 February 2016 06:52 AM

ගාමිණී නිම්මි ඔයාලගේ කතාව හරි (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 18 February 2016 04:05 AM

යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් හිරගෙදරට ගිය පාරේ යන්න තවත් හතර දෙනෙක් ඉන්නවාලු. පුවත සත්‍ය වෙන්න වගේද මේ යන්නේ. (නි)

:       0       0

සම්පත් පතිරණ Thursday, 18 February 2016 04:13 AM

මහින්ද මහත්තයට කරන්න තිබෙන හොඳම දේ නම් , ඔය ස්ථානය ළඟම නිල නිවසක් ඉල්ලා ගන්න එක (නි)

:       0       0

එරික් Thursday, 18 February 2016 08:25 AM

ලංකාවේ ගොඩක් අය ලිදේ ඉන්න ගෙම්බො වගේ. ඒකයි මේ වගේ දේශපාලනයක් බිහිවෙලා තියෙන්නේ. ඇස් ඇරෙන්න රට එන්න රොමේෂ්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 18 February 2016 04:14 AM

තමන්ගේ වත්කම් ලැබුනේ කොහොමද කියලා පෙන්වන්න වෙන්න ඇති (නි)

:       0       0

පාටලී Thursday, 18 February 2016 08:33 AM

ඔබතුමා තව තවත් ජවසම්පන්න වෙන්න . යහපාලනයට පාඩමක් උගන්වන්න අපි බලාගෙන ඉන්නේ. (ර)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 18 February 2016 04:07 AM

දැන්නම් රටේ නිතිය හොඳ අතට හැරෙනවා වගේ දැනෙනවා. හරිම සතුටුයි. (නි)

:       0       0

ජයන්ත Friday, 19 February 2016 02:53 AM

කමල්, අපි තවම පටන්ගත්තේ නැහැ ගෙවන්න හරියට. ඒත් දැන්නම් ටිකක් පටන් අරගෙන වගේ. ජාතික ගීයෙන්ම පටන් ගත්තනේ. අපි මොනවා කරන්නද? චන්න, ඔබ හරි. (නි)

:       0       0

ශානක Thursday, 18 February 2016 08:38 AM

චන්දන පිට රට ඉදන් කාටද කඩේ යන්නේ අලුත් ආණ්ඩුවේ මුකුත් වැරදි නැද්ද.? (ර)

:       0       0

තිලිණ Thursday, 18 February 2016 08:44 AM

මෙතුමාව හිරේ යවන්න බලන් ඉන්න ගුණමකුවන් ඉන්නවා. ඔවුන්ගේ එකම තර්කය වැරදි කලානම් දඩුවම් දිය යුතු බවයි. එසේ දඩුවම් දෙන්න දගලන්නේ ඊට වැරදි දහසක් කල අය වීම ලොකුම විහිලුවයි. (ර)

:       0       0

ෂෙල්ටන් Thursday, 18 February 2016 08:37 AM

එරික්, ඔයා ඔය රටීම ඉන්න. අපිටන මේ රට ගැන පිටරට ගියහම හොදට දැනෙනවා. අපිට නම් මගෙරට කියලා තවම කියන්න පුළුවන්. (ර)

:       0       0

කැනඩා දිසා Friday, 19 February 2016 03:03 AM

ඔබවන් නායකයෙක් මේ උතුම් රටේ මෙතෙක් බිහිවී නැත. ඔබ දඬුවම් විඳිය යුතුමයි. මෙලොව සත්‍ය සැබෑ නම් එය එසේ වියයුතුයි. (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 18 February 2016 08:46 AM

ළිං මැඩි සංකල්ප වලින් බැහැරට ගිහින් විචාර බුද්දියෙන් බැලුවොත් අපේ රට දියුණු කරගන්න පුළුවන් , එහෙම නැති උනොත් ජනතාව ගොනාට අන්දලා හොරු අපිව විතරක් නෙවෙයි අනාගත පරමපරා ගානක් අතරමං කරලා උන් ජෝගි නටනවා , අපි රැවටෙනවද ? ජෝගි නටන්න දෙනවද කියල හිතල බලමු. (ර)

:       0       0

කමල් Thursday, 18 February 2016 04:08 PM

හැම පෝයටම බණ ඇහුවා අවුරුදුු ගානක් නමුත් රටේ දුප්පත් මිනිසුන් අමාරුවෙන් ජිවිතය ගෙනයද්දීී සුරසැප විදිමින් ජනතා මුදල් මංකොල්ලා කැමේ පාපය තමයි මේගෙවන්නේේ (බ)

:       0       0

ලියනගේ Friday, 19 February 2016 05:49 PM

වැරදි කරලා නැත්නම් මොකද පරීක්ෂණ වලට බය? (නි)

:       0       0

හිරූ Thursday, 18 February 2016 08:54 AM

අපිත් අදත් හෙටත් මහින්ද මහත්තයා සමග පමණි. (ර)

:       0       0

බණ්ඩා Thursday, 18 February 2016 12:31 PM

කළ කම් පල දේ .....(බ)

:       0       0

පාලිත Thursday, 18 February 2016 09:00 AM

රට නිදහස දුන් අප්පච්චි ඔබ පමණි. (ර)

:       0       0

ජයසිරි මනමේන්ද්‍ර Thursday, 18 February 2016 12:33 PM

ඔය චන්දන කියන හාදයා ඉන්නේ ඕස්ට්‍රේලියා නොවේ කිලිනොච්චි (බ)

:       0       0

හේවා කුමාර Thursday, 18 February 2016 12:34 PM

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කියල දැනට තියෙන්නේ. තව ටික කලකින් හම්බන්තොට පළාත් සබා මන්ත්‍රී කියලත් දාන්න වෙයිද දන්නේ නැහැ නේද (මෙහම වෙන්නේ අලුත් පක්ෂයක් හැදුවොත්) (බ)

:       0       0

බණ්ඩා Thursday, 18 February 2016 12:27 PM

අහිංසකයන් මරපු , අතුරුදහන් කරපු උන් නීතියෙන් බේරුනත් ස්වභාව ධර්මයෙන් බේරෙන්න බෑ...විදවලම තමා මැරෙන්නේ ....(බ)

:       0       0

බණ්ඩා Thursday, 18 February 2016 12:37 PM

පව් පන්නනවා ඔබ පසු පස්සේ .....(බ)

:       0       0

බණ්ඩාර Thursday, 18 February 2016 09:15 AM

මෙතුමාගේ වැරදි විතරද පේන්නේ ? දැන් ඉන්න අයගේ වැරදි පේන්නේ නැද්ද ? දැන් බලයට ආපු කට්ටියගේ වැරදි ටිකත්, මෙතුමාට කලින් බලයේ හිටිය කට්ටියගේ වැරදි ටිකත් හොයල බැලුවනම් නරකද ? මොකද ලංකාවේ වංචා දුෂණ සිද්ධ උනේ 2005 - 2015 වෙනකම්ම නෙමයී නේද? (ර)

:       0       0

බාලසූරිය Thursday, 18 February 2016 12:36 PM

මම පළමුවෙන්ම කියන්නේ ඕනෑම කෙනෙක් නීතියට අනුව වරදක් කළොත් අනිවාර්යෙන්ම දඩුවම් ලබිය යුතුයි . එ්ක ජනාධිපතිගේ පුතාද නැත්නම් සිරිසේනගේ පුතාද කියල වෙනසක් නැහැ .එතකොට තමයි මේ රට දුෂණය නැති අවංකව වැඩකරන මිනිසුන් බිහිවෙන්නේ.මේ රට තවත් ලස්සන වෙන්නේ. ඒ නිසා අපි හැමෝම හරිදේට අවංකව සහයෝගය දෙමු. (බ)

:       0       0

ප්‍රියාන් Thursday, 18 February 2016 09:23 AM

අපේ ජනාධිපතිතුමණි අපි සැමදා ඹබතුමා සමගයි. වසර 30 ක යුද්ධය නිමාකල ඹබතුමාට මෙිවා එච්චර ලොකු වැඩ නෙවෙයි, යහපාලනය රට සංවර්ධනය කරන්නේ ඹය විදිහට. ඹබතුමාට තෙරුවන් සරණයි. (ර)

:       0       0

යහම්පත් Thursday, 18 February 2016 12:41 PM

වැරදී කළානම් වංචා දුෂණ සොරකම් කළා නම් , ( ජනතා සල්ලි , බදු මුදල් ) කිසිම කණගාටුවක් වන්න අවශ්‍ය නැහැ , රට බේරා ගත් මුවාවෙන් මේවා කළ යුතු නෙහැ , රටකට සේවය කිරීම සෑම පුරවැසියෙකුගේ යුතු කම , එහෙම කරලා රට සුරා කන්න දෙන්න බැහැ (බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 18 February 2016 04:31 AM

හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කියල දැනට තියෙන්නේ. තව ටික කලකින් හම්බන්තොට පළාත් සබා මන්ත්‍රී කියලත් දාන්න වෙයිද දන්නේ නැහැ නේද (බ)

:       0       0

මහින්ද සෞදි Thursday, 18 February 2016 04:39 AM

අන්දරේ පොල් හිටවපු කතාව මතක් වෙනවා. (බ)

:       0       0

බණ්ඩාර Thursday, 18 February 2016 09:58 AM

නියම නායකයෝ හිතුවේ තම පවුලේ දියුණුව නොවේ රටේ දියුණුවය තුන්බිය දුරුකිරීම නායකයකුගේ වගකීම (ම)

:       0       0

ජනහිත Thursday, 18 February 2016 04:58 AM

ඇයි කියන්නේ නැත්තේ? මොකද කිවිසුම් යනවද? (නි)

:       0       0

දිල්කි Thursday, 18 February 2016 10:05 AM

වැරැද්දට දඩුවම නියතය.පෙර කළ කර්ම පළ දෙනු ද නියතය. (ම)

:       0       0

කමල් Thursday, 18 February 2016 01:00 PM

රටවල ඉන්න උදවිය ලංකාවේ බිහිවුන ජන නායකයට අපහාස කරන එක නතර කළානම් හොඳයි. මොකද අපි මෙරටට ගොඩක් ආදරේ,ඒ වගේම මෙතුමාගේ නායකත්වයෙන් මේ රට බෙරනොගට්ටනම් අපි මහමග මැරිලා ඔය කියන වෙලාවේ හිටියේ කොහෙද කියල දන්නේ නැතුව ඇති අපි මරණ බියේ හිටියේ, ඔය හොරකම කළා කියන දෙයක් ම ඔප්පුකරල නේ නේද,දෙන ආණ්ඩුවේ එන්න අයත් හොරු නේද (බ)

:       0       0

ජයන්ත Thursday, 18 February 2016 04:54 AM

කොහොම හරි උත්සාහ කරන්නේ මහින්දට වද දීල දීල විනාශ කරන්න. මහින්ද විනාශ කරන්න කලින් අපි සහ අපේ රට විනාශ වෙන එකනම් හොඳටම දැන් වීස්වාසයි. (ම)

:       0       0

එරික් Thursday, 18 February 2016 01:09 PM

මහේෂ් අවුරුදු 2000කට කලින් ලංකාව බබලන කාලේ සුද්දො හිටියෙ කැලේ. ඒ ඉතිහාසය මතක් කර කර අපේ අය මුකුත් කළේ නෑ. අපේ අය අද සෑහෙන්න පරක්කුයි. ඒක ඇවිල්ල දූපත් මානසිකත්වය. ඒකෙන් මිදෙන්නනම් රට ගිහිල්ල අපේ තත්වය සන්සන්දනය කරලා වැඩ කරන්න ඕනැ (බ)

:       0       0

තරංග Friday, 19 February 2016 11:27 AM

මෙරටේම ඉතිහාසයේ භාවිත කල වැඩිම නම මහින්ද. (ර)

:       0       0

ගයාන් Thursday, 18 February 2016 01:15 PM

තමාටත්, තම පවුලටත් තමාගේ ළගම හිතවතුන්ටත් මෙතරම් ජනතා මුදල් අවබාවිතය ගැන චෝදනා නැගෙනකොට අඩුගානේ ස්වයංවිවෙචනයක් හරි කර ආයේ දේශපාලනයට එන එක නේද හොද . (බ)

:       0       0

කමනි Thursday, 18 February 2016 01:23 PM

කවදත් අපේ නායක තුමා මහින්ද මැතිතුමා (බ)

:       0       0

ගාමිණී බහරේන් Thursday, 18 February 2016 01:39 PM

චන්දන, අපි පිටරට හිටියට ලංකාව ගැන දැනුවත් වෙලා ඉන්නේ. මෙතුමා ගැන මීට වැඩිය ගෞරවයෙන් කතා කළා නම් හොඳා. රට බේරා ගත් ජන නායක ඔබතුමාට ජය. (බ)

:       0       0

කුමාර Thursday, 18 February 2016 01:49 PM

විචාර බුද්ධියෙන් තොර ජනතාව වැඩි රටක අනාගතය අඳුරුය .නිදහසින් පසු අපට නියම නායකයෙක් ලැබුනෙම නැත .දැන්වත් මුලාවෙන් මිදෙන්න බලන්න. (බ)

:       0       0

රූපවතී Thursday, 18 February 2016 06:20 PM

අපේ රටේ මෝඩයන්ට මහින්දගේ අගය තේරෙයි තව ටික දිනකින් මුළු ඉන්දියාවම මෙහෙට ඇවිල්ලා පදිංචි වෙනකොට. අපේ අය මහපාරේ ගිනි තියාගනියි මහින්ද මහත්තයා ඕනෑ කියලා (නි)

:       0       0

නිමල් ලාලිත Thursday, 18 February 2016 05:33 AM

දේශීය සහ විදේශිය ද්‍රෝහීන්ගේ අනුග්‍රහය ලබමින් මුළු රටේම ඇවසි වෙලාවක ලේ වගුරවූ,ලොව අංක එකේ මිනීමරුවෙකු විනාශ කිරීමට නියෝගය සහ දේශපාලන නායකත්වය දුන් , දෙවියෙකු මෙන් මිය යාමට සිටි නායකයෙකුට , පවුල් වාදය කරපින්නා ගැනීම, වටේ සිටි එවුන්ගේ දුෂණය පිටු නොදකිම, සහ කල දුටුකල වල ඉහගන්නා උපදේශකයන් නිසා වූ විනාශයක මහත. මෙහි ප්‍රතිඵල අද වැඩියෙන්ම ගෙවන්නේ මේ රටේ ජනතාව (බ)

:       0       0

අමර Thursday, 18 February 2016 10:22 AM

අැයි මේ ණයකට දුෂණ චෝදනා? (බ)

:       0       0

ප්‍රියන්ත හේරත් Thursday, 18 February 2016 10:24 AM

ජාතිය බේරාගත් නායකයාණනි ඔබට මේ ගමන ආපසු හැර නොවීමට ගමනට ශක්තියක් වේවා රට බේරා ගත් නායක තුමනි. අපේ පරපුරම මැරෙන තුරා ඔබ සමගයි නායකයාණනි අපි ඔබ සමගයි. ඔබතුමාට ජය මතකද නන්දිකඩාල් වල අවසාන සටන මතකද කැබිතිගොල්ලාව මතකද කොටි කොළඹට බෝම්බ දාපු හැටි මතකද දෙමව්පියෝ පාසල් මුරකරපු හැටි. ඕනෑම නායකයකුගේ දුර්වලතා තියනවා (බ)

:       0       0

උපාලි Friday, 19 February 2016 04:47 AM

මහාචාර්ය සරත් විජේසුරිය අහපු මේ ප්‍රශ්නයට කවුරු හරි උත්තර දෙනවද? "තරුණියක් මුහුදේ ගිලෙද්දී මිනිස්සු මොකුත් නොකර බලා ඉන්නවා. ජව සම්පන්න තරුණයෙක් මුහුදට පැනල තරුණියව බේරා ගන්නවා. ඒ තරුණයට අපි ඔක්කොම ඔල්වරසන් දීල සුබ පතනවා. දැන් ඒ තරුණයට අයිතියක් තියෙනවද තමන් බේරාගත් තරුණියව දුෂණය කරන්න, අැගේ කනකර, ඇඳුම් පැළඳුම් මංකොල්ල කන්න?" රට බේරා ගත්තට අපි එතුමාට සදාකල් ගරු කරනවා. අනික් හරිය? (බ)

:       0       0

රොමේෂ් Thursday, 18 February 2016 05:43 AM

ගොඩක් පිට රටවල ඉන්න උදවිය තමන්ගේ මව් රට ගැන දන්නෙත් නැහැ. (ර)

:       0       0

යසපාල Saturday, 20 February 2016 10:37 PM

අපිට ඔබ ගැන කණගාටුයි (නි)

:       0       0

රුවන් Thursday, 18 February 2016 05:47 AM

අපේ රටේ සිටි නායකයාණෙනි දැන්වත් රට ගැන සිතා නිදහසේ ඉන්න. (ර)

:       0       0

තරංග Thursday, 18 February 2016 05:48 AM

රට බේරා ගත් ජන නායක. (ර)

:       0       0

පාලිත Thursday, 18 February 2016 07:00 PM

ඔබට සදා ජය! (නි)

:       0       0

අජිත් රණසිංහ Thursday, 18 February 2016 10:33 AM

දහ අට වැනි ව්‍යවස්ථා සංශෝධනය දහඅට සන්නියක් වූ හැටි..!! දෙවියන්ගේ සහල් සහ සමාදන් මහජන සල්ලි භුක්ති විදීමේ පලවිපාක ! (බ)

:       0       0

පාලිත Thursday, 18 February 2016 07:04 PM

ඔබට ජයවේවා මැතිඳුනි! (නි)

:       0       0

වෝල්ටර් Thursday, 18 February 2016 06:11 AM

ඔබතුමා රට බේරගත්ත එකට අපි සදා ණයගැති එත් ජනතා බදු මුදල් වංචා කරන කවරෙකුට වුනත් දැඩි දඩුවම් දිය යුතුවේ,,!!! (බ)

:       0       0

රොහාන් දයාදර Thursday, 18 February 2016 07:50 PM

බොරුවට කෑගහලා වැඩක් නැහැ අපි (නි)

:       0       0

නිශාන්ත Thursday, 18 February 2016 10:50 AM

ජාතියට ආදරය කළ, ජාතියේ මහා රාජා. අහිංසකයන්ගේ අසරණව උපාය ගත් මුදල් සූරා කමේ,දුෂකයන් වහා සිරකරව් ! යහ පාලන ආණ්ඩුවට එය කරගැනීමට වීරිය ශක්තිය අධිෂ්ටනය හැකි ඉක්මනින් ලැබේවා!!! (බ)

:       0       0

විහඟ Sunday, 21 February 2016 01:52 AM

බණ්ඩා, අහිංසකයන් මැරුවේ, පණ පිටින් පිළිස්සුවේ, වධ දුන්නේ කාගේ කාලේද? මහින්ද මහතාගේ කාලයේ නම් නොවෙයි. මැරිලා උපන්න තාලෙට කතා කරන්න එපා. (නි)

:       0       0

හුසේන් මොහොමඩ් Thursday, 18 February 2016 06:14 AM

පළාත් සභාවෙන් පැරදුනොත් ඇයි ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න පුළුවන්නේ චන්දන. ඔය වගේ උදවියගේ බල තන්හාව මැරුණත් යන්නේ නැහැ. හැමදාම දුක තමා.(බ)

:       0       0

රොහාන් දයාදර -පැරිසිය Thursday, 18 February 2016 07:59 PM

බොරුවට කෑගහලා වැඩක් නැහැ. මේකට තමයි බුදු දහමේ 'දිට්ට ධම්ම වේදනීය කර්මය' කියන්නේ. කරනකොට වගේ නෙමෙයි ගෙවනකොට ටිකක් අමාරුයි. ගිය ආත්මයේ කරපු පින් බලයෙන් සැප වින්ඳා, ඒත් මේ ආත්මයේ කරගත් පවු කප්පරය නිසා මේ තත්වයට ඇදගෙන වැටුනා (නි)

:       0       0

ගීගන Thursday, 18 February 2016 06:22 AM

තරංග, රට බේරාගත් කියල රට උලාකන්න දෙන්න බැහැ නේ, වැරදි කළානම් ගෙවන්න වේවි. (බ)

:       0       0

සරත් සෞදි Thursday, 18 February 2016 06:25 AM

තාඩන පීඩන පලිගැනීම් වලට නොසැලී ඉදිරියටම යන අපේම නායකයා ඔබ තුමාට ජාතියේ ගෞරවය කොහේ ගිඅත් ලැබෙනවා (බ)

:       0       0

සරත් Thursday, 18 February 2016 06:20 AM

චන්දන මත්තයෝ ටිකක් ඇස් හැරලා බලන්න. (ර)

:       0       0

තිස්ස Thursday, 18 February 2016 10:48 AM

වරදක් තියෙනවනම් හෙලිකිරීම අනිවාර්යයි (බ)

:       0       0

නිල්හාන් ජයවර්ධන Thursday, 18 February 2016 06:25 AM

හැමොටම සමානව නිතිය ක්‍රියාත්මක කරන්ඩ ඕනේ. නැතුව රට කරගෙන යන්න බැහැ. 21 වෙනි සතවර්ෂයට පා තබා ඇති අපි ඉදිරියට එන ප්‍රශ්නවලට මුනදෙන්න නිතිය ක්‍රියාත්මක කලයුතුයි. (ර)

:       0       0

පේමවර්ධන Thursday, 18 February 2016 06:25 AM

ජාතිය බේරාගත් නායකයාණනි ඔබට මේ ගමන ආපසු හැර නොවීමට ගමනට ශක්තියක් වේවා.! (ර)

:       0       0

නිම්මි Thursday, 18 February 2016 03:01 PM

ඔබ කුමන වරදක් කර තිබුනත් ඔබට තිබෙන ආදරය අඩු නොමැත. මේ රටේ සියලු දෙන ඔබට ණයගැති. (බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Friday, 19 February 2016 01:10 PM

ඔබලාගේ දැනුමට ලියමි. මහින්ද රාජපක්ෂ කියන්නේ ඔබලාගේ ඡන්දයෙන් පත්වූන තවත් ජනදිපතිකෙනෙක් පමණයි. එයාගේ කාලේ ඉවරයි. (ර)

:       0       0

විද්‍යා Thursday, 18 February 2016 03:17 PM

ඉස්සර කාලේ රජවරු පරාද වුනහම කැලේ වැදිලා ගල්ගුහාවල ඉඳල නැවතත් සටන දියත් කරනවා. මැදමුලනට ගිහින් වැරදි අවබෝධ කරගෙන පරාජිත පිරිසගෙන් ඈත්වෙලා, පරණ උපදේශකයෝ අයින් කරලා. බුද්ධිමත් පිරිසක් ලංකරගෙන. හින්දු දෙවිවරු අයින් කරලා කටුතු කළොත් පමණි මහජන ප්‍රසාදය ලැබෙන්නේ. නැතිනම් මානසික වලටම තමයි වෙටෙන්නේ. (බ)

:       0       0

චන්න Thursday, 18 February 2016 09:31 PM

මේ ඔක්කොම් රට බේරාගත් නිසා (නි)

:       0       0

හේරත් Thursday, 18 February 2016 11:07 AM

"ගල් පර දැක පෙරමුණේ මොන නදියද නැවතුනේ" ජය වේවා සැමදාමත් අපි ඔබ සමග. (බ)

:       0       0

මිලානෝ Friday, 19 February 2016 02:38 PM

කැනඩා දිසා, උපාලි මම මොනා ලියන්නද (බ)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 18 February 2016 11:18 AM

බණ්ඩාර මෙතුමාගේ කාලේ කරන්න තිබුනේ මෙතුමාට කලින් හිටපු අය කරපු හොරකම් හොයලා දඩුවම් දෙන එක. ඒක මේ ආණ්ඩුවේ වැඩක් නෙමේ. එතකොට මෙතුමා ළඟ හිටපු අයත් හැදෙනවා. එ්ත් මෙතුමා කළේ විරුද්ධ පක්ෂයේ හිටපු හැම හොරෙක්ම තමන් ළඟට ගත්ත එක. මතකනේ සැලුන් දොර. හොදම උදාහරණ ඔය පලවෙනි ෆොටෝ එකේම ඉන්නවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 900 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 412 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 270 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 816 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 709 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site