IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘මහින්ද දිනවන රැලියේ ශ්‍රීලනිප රැලි හැකිළේ‘

මහින්ද රාජපක්ෂ මහතා යළි බලයට පත් කිරීමේ අරමුණින් සිකුරාදා (6) මහනුවර පැවැත්වෙන දෙවැනි රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී නොවන බව එහි ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියයි.

මෙම රැස්වීම සංවිධානය කරනුයේ විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා තිස්ස විතාරණ ඇතුළු කණ්ඩායමයි.

‘අපිට ආරාධනා කළෙත් නැහැ. අපි යන්නෙත් නැහැ‘ යනුවෙන් ප්‍රේම්ජයන්ත් මහතා කියයි.



අදහස් (0)

‘මහින්ද දිනවන රැලියේ ශ්‍රීලනිප රැලි හැකිළේ‘

ධම්මිකා Thursday, 05 March 2015 05:22 AM

දැන් යහපාලනය ගැන කතා කරන ජේ.වී.පී එකට අමතකද 88,89 මහා පාරේ ටයර් සෑය. මහින්ද කොතැනද, අපි ඒ පක්ෂයට ඡන්දය දෙනවා.(නදී)

:       0       0

චානක.ලොස් ඇන්ජලිස් Thursday, 05 March 2015 05:22 AM

අන්න හරි සුසිල් සමහරු මුළු රටම යටත් කරගෙන දුෂණය රජ කෙරෙව්වා. අායිමත් රට වනසන්න ඔබලාගේ පක්ෂයට මොවුන් ගාවගන්න එපා.(නදී)

:       0       0

උපුල් මහේෂ් ද සිල්වා Thursday, 05 March 2015 05:25 AM

සියලු දෙනා සමගිව වැඩකලොත් මේ පරිපාලනය ගෙදර යවන්න පුලුවන් (නදී)

:       0       0

රුවන් Thursday, 05 March 2015 05:29 AM

මහින්දගේ කරේ එල්ලිලා ජීවත් වෙන අයට නම් මේ රැස්වීම හොඳයි. (නදී)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Thursday, 05 March 2015 06:18 AM

මටනම් පාටෙන් වැඩකුත් නැහැ. ලකුණෙන් වැඩකුත් නැහැ. පක්ෂෙන් වැඩකුත් නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා කොහෙද මම එතන. කලගුණ සැලකිල්ලක් හැටියට. (නදී)

:       0       0

නන්දලාල් ප්‍රංශය Thursday, 05 March 2015 08:59 PM

"මරා" කියන්නේ ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍යම, නැතුවම බැරි පුද්ගලයෙක් බවට හංවඩු ගහන්න හදන අයට, මේක හොඳ කම්මුල් පාරක්. අපේ සීයා කියන විදියට "පස්ස පැත්තට වැදුන හොඳ සෙරෙප්පු පාරක් ". (සීයේ මට සමාවන්න, මම සීයාගේ කතාවේ වචනයක් වෙනස් කිරීම ගැන !) මේකෙන් එකක් හොඳට පැහැදිලි වෙනවා .... ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ කල්පනාකරලා වැඩ කරන්න පුළුවන් මොලේ ඇති අය තවමත් ඉන්නවා. පන්දම් කාරයෝ, ලෙවකන අය විතරක් නෙවි ! (අ)

:       0       0

ප්‍රභාත් Thursday, 05 March 2015 09:10 PM

මහින්ද රාජපක්ෂ මහත්මයා කොතැනද, මමත් ඒ පක්ෂයට ඡන්දය දෙනවා (අ)

:       0       0

විජයබාහු Wednesday, 04 March 2015 01:21 PM

මෙයාල කර අරින්න තමයි හදන්නේ එහෙම කියලත් මිනිස්සු හිටියොත් තමයි මෙයාලට තරු පායන්නේ (නදී)

:       0       0

කුෂාන් Thursday, 05 March 2015 06:57 AM

කින්ග්ස්ලි, දිලාන් සහ තවත් කීප දෙනෙක් හොඳ අදහස් ලියලා තියනවා. ජාතියත්, රටත් බේරගන්න නම් අපි සියලු දෙනාම මහින්ද මහත්තය සමග එකතු විය යුතුයි. තරුණ අය වුනත් නාකි අදහස් තින්නේ. මුල අමතක වෙලා මහින්ද මහත්තයට විරුද්දව ලියනවා. (ර)

:       0       0

මාලි Thursday, 05 March 2015 11:35 PM

මෛත්‍රීපාල මහතාට ඕන වෙලා තියෙන්නේ එයට සහය දීපු යූ එන පී එක දිනවන්ටි ශ්‍රී ලංකා පක්ෂයේ අයට හොද වැඩේ මෙයාව සභාපතිකළාට (අ)

:       0       0

බන්දුල Thursday, 05 March 2015 07:17 AM

කිංග්ස්ලි, උපුල්, කුෂාන් ඔබේ නායකයා අපිට එපා. (ර)

:       0       0

නිලාන් Wednesday, 04 March 2015 01:48 PM

කවුද හිතුවේ මේ වගේ දෙයක් වෙයි කියලා.(හේ)

:       0       0

ලාල් Wednesday, 04 March 2015 02:21 PM

පහුගිය කාලයේ පොඩි මිනිහට තරු පෙන්වපු අයගේ රැළිවලට නොයෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරනය ඉතාමත් හොදයි. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 04 March 2015 02:59 PM

ඒ 58 ලක්ෂය ඡන්දෙ දුන්නේ ශ්‍රී ලංකා එකටද මහින්ද රාජපක්ෂ නමටද කියන එක නොබෝ දිනකින් වැටහේවි. මේ ජන ගග නතර කරන්න ඔය බලහත්කාරකම් වලින් බැහැ. යු අැන් පි එකට බලයට එන්න පාර කපන කොන්ත්‍රාත්තුව ඉටු කරන පක්ෂ සභාපතිත්වයේ අන පිලි පැදලා සදා විපක්ෂයේ ඉන්නවද නැත්නම් මහින්ද මහත්තයත් එක්ක ගිහින් ගිලිහුණු බලය නැවත ලබා ගන්නවද කියන තීරණය හෙට අනිද්දට ගන්න සිදු වේවි. (නදී)

:       0       0

පෙරේරා Friday, 06 March 2015 12:27 PM

අපි මහින්දට. අපි මහින්ද දිනවමු! (නි)

:       0       0

සිල්වා Wednesday, 04 March 2015 03:21 PM

ප්‍රේම් ජයන්ත මහත්තයෝ එන්නකෝ ඔයාල මහා මැතිවරණයට අපි දෙන්නම් එදාට ඔයාලට රම්පෙට පොරි හැලෙන්න ජනතාව කව්ද කියල අවස්ථාවදියෝ තාම දන්නේ නැහැ (නදී)

:       0       0

අබේරත්න -ටෝකියෝ Wednesday, 04 March 2015 03:22 PM

මෙයාල බයවෙලා ඉන්නේ (නදී)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 04 March 2015 03:26 PM

රට වටේ රැස්වීම් පවත්වමින් යන දේශපාලන අනාථයින්ට තරු පේන දවස වැඩි ඈතක නැහැ. පුද්ගලික බස්රථ හිමියන්ට සහ ස්ථිර රැකියාවක් නැති අයට අමතර අදායමක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් (නදී)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 05 March 2015 08:47 AM

බන්දුල මහත්තයෝ, ඔයාල ඉන්නේ ලක්ෂ 62 මතයේ..අපි ඉන්නේ 58 මතයේ..අපි අපේ වැඩ බලා ගන්නම්..පුලුවන්නම් ඔය 62න් මේ 58 නවත්වන්න මෙදා පාර.(නදී)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 04 March 2015 03:48 PM

තක්කඩි දේශපාලනය එපා කිව්වා බව දන්නේ නැත්ද? මහින්දව නැවත ගෙන්නන්න හදන්නේ කුඩු කාරයෝ තමා. (නදී)

:       0       0

ප්‍රියනාත් Wednesday, 04 March 2015 03:59 PM

බුද්ධියෙන් හීන සමහර මිනිස්සු දේශපාලන නායකයින්ව දේවත්වයෙන් අදහනවා. හැබැයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාව අදහන මිනිස්සු නම් එතුමා වටේ නැහැ. සදාචාර සම්පන්න මහත්මා දේශපාලනයක් සඳහා මෛත්‍රී ජනාධිපති තුමා වටේ බුද්ධිමත් දේශපාලකයින් හා බුද්ධිමත් ජනතාවක් ඒකරාශී වී සිටිනවා. ඒ හොඳටම ඇති. (ස)

:       0       0

සුසිර Wednesday, 04 March 2015 04:18 PM

වැදගත් විදිහට දේශපාලනයෙන් විශ්‍රාම ගිය ජේ.ආර්. ජයවර්ධන මහත්මය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වගේ ක්‍රියා කලේ නැත්නම්, මෙතුමාට දේශපාලන වශයෙන් කුජිත වෙන්නයි සිද්ධ වෙන්නේ. (ස)

:       0       0

චින්තක Friday, 06 March 2015 02:19 AM

සන්ධානේ අය‍ගේ රැස්වීම වලට යන්න එපා කියලා මහින්ද මහත්තයාත් නීති දැම්මද? මොකද බයවෙලා? නිදහස දෙන්න ඇවිල්ලා මාස කීයද?මේ නීති දාන අය පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්නේ සන්ධානයෙන්. දැන් ශ්‍රීලනිප හැර සන්ධානයේ සියලු පක්ෂ තියන රැස්වීමට අපට යන්න එපාලු. පුදුම විහිළු! (නි)

:       0       0

විජය Wednesday, 04 March 2015 04:37 PM

මෙත්‍රීපාල මහත්තය ඡන්දෙ ඉල්ලනකොට කීවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ එක ඡන්දයක් වත් එයාට ලැබෙන්නේ නෑ කියල. මහින්ද මහත්තයටත් ඒ ටිකම වේවි. මොකද, දැන් මිනිස්සුන්ට යුද්දේ චූන් එක ඉවරයි.

:       0       0

සුජීව Friday, 06 March 2015 01:56 PM

ලංකාවේ මිනිස්සුන්ට කොච්චර කලත් වැඩක් නැහැ හරි ඉක්මනට මුල අමතක වෙනවා. මහින්ද මහත්තය කරපු දේවල් මේ අයට අමතකයි. රටට සාමය උදාකළ සංවර්දනය කල එකම නායකයා. අනිත් කට්ටිය මේ රටට මොනවද කලේ මහින්ද මහත්තයා නැවත ආවේ නැත්නම් රට ඉවරයි (නදී)

:       0       0

දිනුක Friday, 06 March 2015 02:31 AM

රුවන්, ඔබ ඇතුළු අපි කවුරුත් මහින්දගේ පිහිටෙන් තමයි ඉන්නේ. (නි)

:       0       0

ලක්මාල් Wednesday, 04 March 2015 04:49 PM

සමහරුන්ට නම් දැන්මම උණගැනිලා. (නි)

:       0       0

ඉන්දික Wednesday, 04 March 2015 04:56 PM

පුෂ්පකුමාර, රන්ජිත්, සුසිර, ඇයි කලබලවෙලා? ජනතාව තීරණය කරයි. ඔයාලා කලබල වෙන්න එපා. (නි)

:       0       0

සම්පත් Wednesday, 04 March 2015 05:00 PM

රටකට නායකත්වයට ඕනෑ රජෙක් කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

පිවිතුරු Wednesday, 04 March 2015 05:01 PM

කට්ටියගේ බය තේරෙනවා. ඒත් කරන්න දෙයක් නැහැ මහත්වරුනේ. (නි)

:       0       0

ලක්සිරි Wednesday, 04 March 2015 05:36 PM

ඇත්තටම ටෝකියෝ අබේරත්න මහත්තයෝ, හිටපු ජනාධිපතිතුමා නැවත දේශපාලනයට එනවට මේ රටේ නීතිගරුක ජනතාව බයයි තමයි. යුධ ජයග්‍රහණයෙන් පස්සේ මෙරටේ විශාල සමාජ ව්‍යසනයක් සිදුවුවා. කළහරිය හොඳටම ඇති අපි බයවෙන්න. (නි)

:       0       0

ජගත් Thursday, 05 March 2015 10:03 AM

මේ හදන්නේ නැවතත් පරණ යුගයටම යන්නද? (නි)

:       0       0

ශාන් Thursday, 05 March 2015 10:06 AM

උපුල් මහේෂ් ද සිල්වා, ඔබ සියලු දෙනා කිවුවේ කාට කාටද ? (නි)

:       0       0

රමණි Thursday, 05 March 2015 10:09 AM

මේ ඔයාලා කලබල වෙන්න එපා.මහජනතාව එයාලගේ වැඩේ කලට වෙලාවට කරාවි. (නි)

:       0       0

නාලක විදානගම Wednesday, 04 March 2015 07:11 PM

මහින්ද නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහජනයාට හිතකරයි. මහින්දට අලුත් පක්ෂයකින් ඉල්ලන්න බල කළයුතුයි කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

ජයන්ත Wednesday, 04 March 2015 07:14 PM

ලාල්, ඔයා මොනවා හිතාගෙනද කතාකරන්නේ? (නි)

:       0       0

රමණි Thursday, 05 March 2015 10:09 AM

මේ ඔයාල කලබල වෙන්න එපා.මහජනතාව එයාලගේ වැඩේ කලට වෙලාවට කරාවි (බ)

:       0       0

දයාල් Wednesday, 04 March 2015 07:22 PM

දැන් ඔය තාන්න මාන්න අරගෙන ශ්‍රී ලංකා පක්ෂයේ වැජඹුනාට පපුවට අතතියලා බලන්න හෘදය ස්ඵන්දනය වෙනවද කියලා (නි)

:       0       0

රමණි Thursday, 05 March 2015 10:09 AM

මේ ඔයාල කලබල වෙන්න එපා.මහජනතාව එයාලගේ වැඩේ කලට වෙලාවට කරාවි. (බ)

:       0       0

බන්දුල ද සිල්වා Wednesday, 04 March 2015 08:00 PM

පතාක යෝධයෙක් වගේ සිට දවස් ගණනකින් ඔහු ඇදවැටුණු විදියම ඇති ඇත්ත තේරුම් ගන්න. නිකන් ජනතාවට විහිළු සපයන්නේ නැතුව විශ්‍රාම සුවය විඳිනවා මිස ආයෙත් ඉදිරිපත් වෙන්නේ නැතුව ඉන්න ඒක නම්බුකාරයි. (නි)

:       0       0

ශාන් Thursday, 05 March 2015 10:23 AM

උපුල් මහේෂ් ද සිල්වා" ඔබ සියලු දෙනා කීවේ කාට කාටද ?(බ)

:       0       0

සුනිල් Wednesday, 04 March 2015 10:28 PM

ලාල් මහත්තයෝ, පහුගිය කාලේ වගේ නෙමෙයි, මේ කාලේ පෙනෙන්නේ දවල් තරු. (නි)

:       0       0

වරුණ Thursday, 05 March 2015 11:01 AM

අපි බලමුකෝ මොකක්ද ඉදිරියට වෙන්නේ කියලා (නි)

:       0       0

නලීන් Wednesday, 04 March 2015 11:51 PM

මම හිතන්නේ මේ කාලේ කළයුත්තේ පවතින ආණ්ඩුවට සහය දී තව ටික කාලයකට අවස්ථාව දීමයි. දැන්මම බෙදිලා කඹ අදින්න ගියොත් රට අරාජික වෙයි. (නි)

:       0       0

අසෝක Thursday, 05 March 2015 12:14 AM

ගිය පාර මහින්ද රනිල්ව පරාජය කළේ 18000 ක් වැනි සුළු ඡන්ද ගණනකින්. එහෙත් රනිල් පරාජය පිළිගෙන මේ වගේ දේවල් කළේ නැහැ. මහින්දට ආයෙත් මේ රට බාරදිය යුතුද? (නි)

:       0       0

ගැමුණු Friday, 06 March 2015 05:05 AM

මහින්ද මහත්තයට විශ්‍රාම දෙන්න පුදුම ආශාවක්, ආදරයක් සමහරුන්ට තියෙන්නේ. බලන්න කකුල් ගැහෙනවද කියලා (නි)

:       0       0

සිංහ Thursday, 05 March 2015 01:02 AM

ජාතික බලවේග සියල්ල මහින්ද සමඟයි (නි)

:       0       0

ක්‍රිස් Thursday, 05 March 2015 12:41 PM

හිටපු ජනාධිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

කුමාර් Friday, 06 March 2015 05:42 AM

මහින්ද මහතාට ජයවේවා! (නි)

:       0       0

ජයන්ත Friday, 06 March 2015 05:45 AM

සුසිල් ප්‍රේමජයන්ත මහත්තයෝ, එන්නකෝ ඔයා මහා මැතිවරණයට. අපි දෙන්නම් එදාට ඔයාට (නි)

:       0       0

සුදත් Thursday, 05 March 2015 01:34 AM

යූඑන්පීය ගෙදර යවන්න නම් මහින්ද මහතාගේ සහාය නැතුව බැහැ (නි)

:       0       0

වසන්ත ජයවර්ධන Thursday, 05 March 2015 01:44 AM

අපිට නම් දැන් කවුරුත්ම එපා (නි)

:       0       0

නාමල් Thursday, 05 March 2015 01:59 AM

අපි පාරම්පරික නිදහස් පාකිෂිකයො. ඒත් මහින්ද ජනපති නැත්නම් මෙවර අපි නිදහස් පක්ෂයට ඡන්දෙ දෙන්නෙ නැහැ. මහින්ද ඉන්න වෙන ඕනෑ පක්ෂයකට ඡන්දෙ දෙනවා. (නි)

:       0       0

දිලානි Thursday, 05 March 2015 01:59 AM

මහින්ද ගත්තෙ නැත්නම්, අර අවස්ථාවාදී කට්ටියට කවදාවත් ඇමතිකමක් තියා මන්ත්‍රීකමක්වත් ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

පේෂාන් Thursday, 05 March 2015 02:46 AM

මෙතන බලාපොරොත්තු කඩ උන කට්ටිය හරි හිතේ අමාරුවෙන් කතා කරනවා. මාස තුනකට කලින් එපා වෙච්ච මහින්ද කොහොමද මාස තුනෙන් හොද මිනිහෙක් වෙන්නේ? ගෙදර තාත්ත කල වැරදි දන්නේ පවුලේ අය. (නදී)

:       0       0

දුමින්ද Thursday, 05 March 2015 02:47 AM

එදාට නුවරත් නයි නටවන්න කියලා කියන්න කවුරුවත් නැද්ද දන්නෙ නැහැ (නි)

:       0       0

යසංග Thursday, 05 March 2015 03:12 AM

අනේ මන්දා! අපිට කරන්න තියෙන්නේ බලාගෙන ඉන්න එක තමයි (නි)

:       0       0

පිවිතුරු යහපාල Friday, 06 March 2015 07:07 AM

කවුද බන්දුල මහත්තයෝ ඔයාට දෙන්න හැදුවේ....ඔයාල ඉන්නේ ලක්ෂ 62 මතයේ..අපි ඉන්නේ 58 මතයේ..අපි අපේ වැඩ බලා ගන්නම්..පුලුවන්නම් ඔය 62න් මේ 58 නවත්වන්න මෙදා පාර..ඔය කැද හැලියේ එක එක යටි අරමුණු සදහා වුණු කිලිටි ඡන්ද ලක්ෂ 62 වගේ නෙමෙයි මේ 58..තනි පුද්ගලයෙකුගේ පෞරුෂයට කෘත ගුණයට ලැබුණු පිරිසිදු ඡන්ද..(බ)

:       0       0

ජයසේන වීරසුන්දර Thursday, 05 March 2015 03:13 AM

දැන් අපිට තේරෙනවා. කොන්ද වෙනස් කරන අය දේශපාලනයට සුදුසු නැත. ඉදිරියේදී ඔවැනි අයට ජනතාව නිසි පිළිතුරු දේවි. (නි)

:       0       0

ඩිලාන් Thursday, 05 March 2015 03:26 AM

ශ්‍රී ලාංකික අපි කවදාවත් අනුන්ගෙන් කන්න ඉල්ලන ජාතියක් නෙමෙයි.සල්ලි වලට රට ජාතිය පාවාදෙන ජාතියකුත් නෙමෙයි. (අතළොස්සක් සිටින බව අප දැක්කෙමු ) අපේ රට ,ජාතිය තිබෙන සැබෑ තත්ත්වය නියමාකාරයෙන් තේරුම්ගෙන ,අප රටේ සංස්කෘතියට ගැළපෙන විදේශ බලවතුන් හා එක්ව පොදු හතුරා වන බෙදුම්වාදය ,ත්‍රස්තවාදය පරාජය කර රට සංවර්ධනය කරා යොමුකළේ මහින්ද ජනපතිතුමාය. මහින්ද යනු කොන්ද පණ ඇති ,ශ්‍රී ලාංකික ජාතියේ උවමනාව ඉටුකරන නායකයෙක් මිස අප රට බෙදීමට අරඅදින බටහිර ගැත්තෙකු නොවේ. (නි)

:       0       0

ලහිරු Thursday, 05 March 2015 02:59 PM

මහින්ද අපිට අපි මහින්දට... (නි)

:       0       0

රුවන් Thursday, 05 March 2015 03:36 AM

මහින්ද කොතැනද, අපි ඒ පක්ෂයට ඡන්දය දෙනවා (නි)

:       0       0

නාමල් වික්‍රමසිංහ Thursday, 05 March 2015 04:00 AM

අසෝක, මොකද මහින්ද මහත්තය එනවට මේ තරම් ඔයාලා බය.? (ර)

:       0       0

ලලිත් Friday, 06 March 2015 07:53 AM

මහින්ද මහත්තයා මේ කාලය තුළ ගොඩක් දේ තේරුම් අරන් ඇති, එ්ක නිසා ඔහුගේ පුනරාගමනය රටට යහපතක් වනු නිසැකයි (බ)

:       0       0

රසික විතාන Thursday, 05 March 2015 04:34 AM

පක්ෂය නොව ඡන්දය මහින්දට පමණි. (ර)

:       0       0

තිස්ස Friday, 06 March 2015 08:06 AM

මහින්ද ඕනේ (බ)

:       0       0

ඉන්දික Thursday, 05 March 2015 04:54 AM

අසෝක සුළු ගානකින් පරාද වුණා? ඉතින් ඊට පස්සේ පැරදෙන බව දැනගෙන 2010, 2015 ඉල්ලුවේ නෑ නේද? (ර)

:       0       0

ජයලත් Thursday, 05 March 2015 05:01 AM

රටක නව දේශපාලන පක්ෂයක් බිහි වෙන්නේ රටේ ජනතාවගේ ඉල්ලීම හෙවත් පැතුම අනුවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි උනේ එලෙසය. තනි පුද්ගලයාගේ උවමනාවට බිහි කල පක්ෂ වලට තැනක් නැත. අනාගතයකුත් නැත. "හිතට එකඟව වැඩ කරන්නයැ" යි වත්මන් ජනපති තම පක්ෂයට කියා, අද එය වෙනස් කරමින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට වෙනත් පක්ෂ වල රැලි වලට සහභාගී වීම තහනම් කරන්නට සැරසෙන්නේ පක්ෂය දිය කරන්නට වගේ යැයි සැකයක් මතුවෙයි. එසේ වුවහොත් මා මුලින් කිවා වගේ මහජනතාව විසින් සදාචාර සම්පන්න ජනතාවාදී නව දේශපාලන පක්ෂයක් බිහි කරන්නට සුදුසුම නායකයෙකුට ඇරයුම් කරනු ඇත. එසේ වුවහොත් අනෙකුත් සියලුම දේශපාලන බලවතුන්ද ඒ වටා එකතුවනු ඇත. තමන් බලවත් යැයි සිතන අනෙක් පක්ෂවලට නව පක්ෂය ප්‍රබලතම අභියෝගය ද වනු ඇත. මේ ප්‍රකාශය කිසිම කෙනෙකු එල්ල කොට ගෙන කළ ප්‍රකාශයක් නොව, රටක ජනතා දේශපාලන ගමන් මග සිදුවන ආකාරය ගැන ප්‍රකාශයක් පමණි. දැන් රට තුළ සිදුවන " කිසිම රටක සිදු නො වූ දේවල් " දකිද්දී නව දේශපාලන පක්ෂයක් බිහි වීම වලක්වන්නට බැරි වනු ඇති සිතමි. (නදී)

:       0       0

රමසි Thursday, 05 March 2015 04:50 PM

එල්ලෙන්න වැල් නැතුව මහින්ද මහත්තයාගේම පිහිටෙන් දිනන්න බලාගෙන කට්ටියකුත් ඉන්නවා (නි)

:       0       0

වරුන Thursday, 05 March 2015 05:09 AM

මහින්ද කොතැනද, අපි ඒ පක්ෂයට ඡන්දය දෙනවා (නදී)

:       0       0

මොහොමඩ් -හුලස්වත්ත,පස්සර. Thursday, 05 March 2015 05:15 AM

අපි පව්ලේ හැම දෙනාම ශ්‍රීලංකා, මහින්ද මහත්තයාගේ කාලේ ඉවරබව කේන්දරකාරයෝ දැනගෙන තමයි අවුරුදු දෙකකට කලින්ම යන්ඩ කියල වෙලාව හදල දුන්නේ. ඒ වෙලාවේ විමල්, දිනේස් ,උදය, වාසු ලට තිබුනනේ අපේ ජනදිපතිතුමට කියල දෙන්ඩ යන්ඩ එපා කියල.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 94 0

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 866 0

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 168 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 593 1

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි


විශ්ව රූ රැජින කිරුළ ඩෙන්මාර්කයට
2024 නොවැම්බර් මස 18 941 0

2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද


නව කැබිනට්ටුවේ මහාචාර්යවරු පහක්
2024 නොවැම්බර් මස 18 1659 3

ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 21946 29


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18836 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 361 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 636 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1820 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site