IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


මහින්ද නඩත්තු කරන හැටි මුදල් ඇමැති කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නඩත්තු කිරීමට කොපමණ මුදලක් වැයවේදැයි දැන්වීමට කල් අවශ්‍ය බව මුදල් ඇමැති රවී කරුණානායක මහතා පසුගිය ඇමැති මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ඔහුගේ කාර්ය මණ්ඩල වියදම්, ප්‍රවාහන වියදම් හා අදාළ කරුණු කාරණා ගැන කොතෙකුත් වැයවේදැයි ගණන් බැලීමට අවශ්‍ය බව ඔහු කියා ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනපති එහිදී කියා ඇත්තේ හිටපු ජනපතිගේ ආරක්ෂාවට දැන් වෙන්කර ඇති පිරිස ඉදිරියේදී පහළ දැමිය යුතුද යන්න ගැන ආරක්ෂක මණ්ඩලයෙන් උපදෙස් ලබාගන්නා බවයි.



අදහස් (0)

මහින්ද නඩත්තු කරන හැටි මුදල් ඇමැති කියයි

රොක්සි Friday, 20 November 2015 12:27 PM

රට බේරාගත්තේ එක්කෙනෙක් විතරක් මුල් වෙලා නෙමෙයි. මහින්න්දත් යමක් කළා තමයි. ඒක ඔහු තනියම කළ දෙයක් කියල ඒත්තුගන්වන්න නිකම් මෝඩ කතා කියන්න එපා. සරත් ෆොන්සේකා මහත්තයට සළකපු හැටි අපිට මතකයිනේ! (නි)

:       0       0

අශෝකා Tuesday, 17 November 2015 03:47 PM

නිලන්තගේ කතාව නම් හරියට හරි (නි)

:       0       0

සංජය Thursday, 19 November 2015 06:06 AM

මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අඩුකරලා එතුමාට අනතුරක් වුණොත් මොකද කරන්නේ? කොටි හෙවණැලි තවමත් තිබෙනවා. මේ රටේ කිසිම සිංහලයෙක් පක්ෂ භේදයකින් තොරව එතුමාට ගෞරව කරන්නේ යුද්ධය අවසන් කරන්න ගත් එඩිතර තීන්දුව නිසා (නි)

:       0       0

ඩෙන්සිල් Thursday, 19 November 2015 12:36 AM

අපි වගේ දුප්පත් රටකට කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා. ඔය කවුරුත් මෙන්න මගේ වත්කම කියලා පෙන්වන්නේ නැහැනේ. අපි මහින්ද මහත්තයාට සදාකල් ගරුකරනවා . ඔහුට සියලුම දීමනා සැප සම්පත් දෙන්න. ඊටකලින් මෙන්න මගේ වත්කම, මට ජීවත්වෙන්න ආදායම මදි කියලා පෙන්වන්න. (නි)

:       0       0

ප්‍රියාන් Saturday, 28 November 2015 02:36 PM

කොහොමත් ගොඩක් අයට තිබෙන එකම හිසරදය මහින්ද තමා.. (නි)

:       0       0

විමල් Sunday, 15 November 2015 04:45 PM

ජනාධිපතිගේ සිට ඇමතිවරු මන්ත්‍රීවරුන් සඳහා දෙන විශ්‍රාම වැටුප් සහිත මාසික වැටුප් ක්‍රමය අහෝසි කළයුතු යැයි මම යෝජනා කරනවා. එය දීමනාවකට පමණක් සිමා කළයුතුය. මේ සඳහා ජනමතයක් ඇතිකිරීම අත්‍යවශ්‍යයි. රටේ පාලකයින් නොබියව ජනතාව සමඟ ඉන්නට අමුතු ආරක්ෂාවක් අවශ්‍ය නොවේ. (නි)

:       0       0

සිල්වි Wednesday, 25 November 2015 06:42 PM

මහින්ද කළ දෙයින් හතරෙන් එකක්වත් මේ ආණ්ඩුව කළෙත් නැහැ, කරන්නත් බැහැ වගෙයි (නි)

:       0       0

රාජිත Monday, 16 November 2015 04:19 AM

නාලකගේ කතාවට එකඟ වෙමි. අපේ රටේ මිනිස්සුනේ ඉතින්. ආත්මාර්ථකාමී. (ම)

:       0       0

රාජිත Monday, 16 November 2015 04:26 AM

රට බේරාගත්තු හැමෝගෙම ආරක්ෂාව අයින් කරන්න. ඊට පස්සේ මැරුණාට පස්සේ ලොකුවට රාජ්‍ය ගෞරව සහිතව මිහිදන් කරන්න. (ම)

:       0       0

දිලිප් Monday, 16 November 2015 04:30 AM

රජයේ සේවකයින් අවුරුදු 50ක් 55ක් සේවය නිම කරලයි විශ්‍රාම වැටුපක් ගන්නේ. මැති ඇමතිවරු වසර 06කින් එය ගැනීම අනුචිත නැත. අඩුම ගන්නේ වසර 20ක්වත් සේවය සපිරූ අයට පමණයි මෙය දිය යුත්තේ. අවුරුදු 20න් 25න් 30න් පාර්ලිමේන්තු ආපු අය ගොඩේ ගොඩ. ආයේ තවත් රස්සාවල් කරන්න බැරි නෑනේ ? මේ සියල්ල නඩත්තු කිරීමට සිදු වන්නේ පොදු මහජනතාවට. විශ්‍රාමිකයන් අතර වැඩිපුරම මුදලක් වැය වන්නේ මේ අය වෙනුවෙන් වෙන්න ඕනේ. පොඩි පහේ විශ්‍රාම වැටුපකුත් නොගෙවන්නේ? (ම)

:       0       0

සුසන්ත Thursday, 26 November 2015 10:32 AM

දැන් දරුණු කොටිත් ඔක්කොම නිදොස් කර නිදහස් කරන එකේ වහාම මහින්ද මැතිතුමාගේ ආරක්ෂාව අයින් කරන්න සිරිසේනට හරිම උනන්දුයි වගේ? (බ)

:       0       0

හර්ෂ Wednesday, 18 November 2015 02:34 PM

කොටි එළියේ ... මහින්දව ආරක්ෂා කරන්න ...(බ)

:       0       0

අසෝකා Monday, 16 November 2015 02:04 PM

මහජනතාවට සේවය කරන්න මේ තරම් උනන්දු අයට නොමිලේම සේවය කරන්න දෙනවා නම් තමයි මම නම් කැමති. (ර)

:       0       0

රන්වල Tuesday, 17 November 2015 06:27 PM

මහින්දගේ නඩත්තු වියදම් රටට බරක් කියලයි මම නම් හිතන්නේ. (නි)

:       0       0

කසුන් Friday, 20 November 2015 03:47 PM

අනේ දැන් කතා ඇති (නි)

:       0       0

නිලන්ත Monday, 16 November 2015 02:27 PM

කරත්තෙකට හතර පැත්තෙන්ම ගොන් බැදලා දක්කන ආණ්ඩුවක් මේක. වෙන්නේ මොනාද කරන්නේ මොනාද කියලා මේ ගොල්ලන්ට වගේ වගක් නෑ.....(රේ)

:       0       0

ගමය Wednesday, 18 November 2015 09:49 AM

රට බේරාගත් නායකයා ආරක්ෂා කරන වියදම දරන්න රටේ ඕනෙම පුරවැසියෙක් කැමතියි. රටට කිසිම සේවයක් නොකරන වැවේ මාලිගාවේ කී දෙනෙක් ඉන්නවද? අපිට දුක ඒගැන.(ම)

:       0       0

සොපි Wednesday, 25 November 2015 04:06 AM

මහින්දගේ ආරක්ෂාව ගැන නොසලකා සිටියොත් එය මේ රජයට පාරාවළල්ලක් වනවා නොඅනුමානයි ..(රේ)

:       0       0

සාගර Monday, 16 November 2015 09:33 AM

අනේ දිලිප්, උචිත අනුචිත තේරුම් ඉගෙන ගෙන එන්න මුලින්ම..(බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 November 2015 10:28 AM

ඇත්තටම මුළු රාජ්‍ය තන්ත්‍රයේම අනවශ්‍ය වියදම් කපා දම්මටනම් කමක් නැහැ , මොකද අපි තාමත් දුප්පත් රටක් වන නිසා (බ)

:       0       0

රන්ජිත් Sunday, 15 November 2015 08:08 PM

ඇමරිකන් ජනාධිපතිවරුන්ට රජයෙන් ආරක්ෂාව අවුරුදු දහයකට පමණයි. 1997 ට පෙර ජනාධිපතිවරුන්ට ජීවිත කාලයටම රජයෙන් ආරක්ෂාව ලැබෙනවා. (නි)

:       0       0

සමන් Thursday, 19 November 2015 03:22 AM

අනේ ඔව්. මහින්දගේ ආරක්ෂාව අඩුකරන එක තමයි දැන් ලොකුම ප්‍රශ්නය (නි)

:       0       0

රන්ජිත් Sunday, 22 November 2015 05:27 AM

ඇත්තටම හිටපු ජනාධිපතිවරු හෝ වේවා, හිතන්න වෙනවා දුප්පත් රටේ ජනතාවගේ සල්ලි කොපමණ මුදලක් මාස්පතා තමන් වෙනුවෙන් වියදම් කරනවද කියලා. තමන්ට ලැබෙන විශ්‍රාම වැටුපට අමතරව තව විශාල ගණනක් වැයවෙනවා නම් අවංකව හිතලා ඒ මුදල් රටේ යහපතට යොදවන්න පුළුවන් නම් කොයිතරම් හොඳද? (නි)

:       0       0

ටිකිරි Monday, 16 November 2015 09:47 AM

අනේ අවුරුද්දකටත් කිට්ටු වෙලා , තවම මෙයාලට කරන්නේ කොහොමද කියල හිතාගන්න වත් බෑ . ඔහොම යන් (බ)

:       0       0

සේරම් පැරිස් Thursday, 19 November 2015 07:04 PM

මෙවැනි දේ අනුමත කරන අය සිටීමත් දුකකි (නි)

:       0       0

ඩෙන්සිල් Friday, 20 November 2015 07:38 AM

රට බේරාගත් කියන කඩතුරාව ඉවත්කරලා බුද්දියෙන් ප්‍රශ්නය දිහා බලන්න. (අ)

:       0       0

චන්දන Tuesday, 24 November 2015 07:20 AM

අප මහින්ද කල දෙය අමතක නොකළ යුතු අතර ඔහුට කරන්නට බැරි වූ දෙය කරනට වත්මන් පාලකයන් වගබලා ගතයුතුයි . ඔහුගේ ආරක්ෂාවේ වගකීම වත්මන් රජය සතු අතර අපගේ වත්මන් ආරක්ෂාවේ නිර්මාතෘ ඔහුය (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 15 November 2015 10:26 PM

මම නම් හිතන්නේ අන්තිමේදී පොදු සම්මුතියකට එයි. අපිට තමයි හුළං!! (නි)

:       0       0

ජගත් Wednesday, 18 November 2015 05:40 PM

බන්දුලගෙන් අහල 2500/= දුන්නනම් හරි.(රේ)

:       0       0

සේරම් පැරිස් Monday, 16 November 2015 10:27 AM

කොහොම නඩත්තු කළත් කොපමණ වැය කළත් එම මුදල් මහජන බදු මුදලින් නිසා , කිසිම ඇමතිවරයකුට හෝ මන්ත්‍රී වරයකුට බල පාන්නේ නැහැ , එහි බර දරන්නේ අහිංසක මහජනයා පමණි (හේ)

:       0       0

කණිෂ්ක Sunday, 22 November 2015 08:56 AM

මහින්ද රැකගැනීම අපේ යුතුකමක් (නි)

:       0       0

කුෂාන් Saturday, 28 November 2015 08:43 AM

මහින්ද මහතා නඩත්තු කරන්න අවශ්‍යයි. ඔහු එඩිතර නායකයෙක්. (නි)

:       0       0

පාලිත Monday, 16 November 2015 06:38 AM

රටක් බේර ගත්ත ජාතියේ නායකයා. අද මේගොල්ලෝ නිකම්ම මහින්ද කියලා කථා කරන තත්වෙට දාන්න හදනවා. කොටි නිදහස් කරලා ආරක්ෂාව දෙන්න එ්ක හොඳ දෙයක්. (ස)

:       0       0

කුමා Thursday, 19 November 2015 04:14 AM

අනේ ඔව්. මහින්දගේ ආරක්ෂාව අඩු කරලා ඒ ටික අර නිදහස් කරපු කොටි සැකකරුවන්ට දෙන්න (රේ)

:       0       0

කුමා Thursday, 19 November 2015 04:13 AM

රට බේරාගත් නායකයා ආරක්ෂා කරන වියදම දරන්න රටේ ඕනෙම පුරවැසියෙක් කැමතියි. රටට කිසිම සේවයක් නොකරන වැවේ මාලිගාවේ කී දෙනෙක් ඉන්නවද? අපිට දුක ඒගැන.....(බ)

:       0       0

ලලිත් කුමාර Thursday, 19 November 2015 01:31 PM

කොහොමත් ඉතින් ඔහු නඩත්තු කළයුතුයිනේ (නි)

:       0       0

සුපුන් Saturday, 21 November 2015 12:31 PM

මහින්ද මහතාට ආරක්ෂාව දිය යුතුයි.එහෙම බැරිනම් සරත් ෆොන්සේකා මහතාගේ ආරක්ෂාවත් ඉවත් කරන්න(රේ)

:       0       0

දිලුම් Monday, 16 November 2015 06:45 AM

මහින්ද මහත්තයා නම් රටට වැඩක්වත් කරල විශ්‍රාම වැටුප ගන්නවා. ඒත් මොනවත් නොකළ පාර්ලිමේන්තුවේ ඉදගෙන අපේ ඊරි මාංශ උරාබීපු නිකම්මු කීදෙනෙක් පාර්ලිමේන්තුවේ නිකම් ඉදල විශ්‍රාම වැටුප් ගන්නවද. මේ ඇමතිත් බොරු කයිවාරුව විතරයි. (බ)

:       0       0

ප්‍රසන්න Friday, 27 November 2015 07:56 AM

රට බේරාගත්, රට දියුණුකළ මහින්ද නඩත්තු නොකර අපි වෙන කවුරුන් නඩත්තු කරන්නද? (නි)

:       0       0

නාලක Monday, 16 November 2015 02:40 AM

අනේ ඔව්. මහින්දගේ ආරක්ෂාව අඩු කරලා ඒ ටික අර නිදහස් කරපු කොටි සැකකරුවන්ට දෙන්න. (ස)

:       0       0

සිසිර Tuesday, 17 November 2015 10:46 AM

අනවශ්‍ය වියදම් කපා දමමු. (ර)

:       0       0

ඉසුරන්දි Sunday, 22 November 2015 01:38 PM

මෙතන අදහස් දාලා තිබෙන හුඟ දෙනෙකුට දැන් තමයි කරුණු කාරණා වැටහීගෙන එන්නේ. ඔයාලම නේද මේ අයව පත්කරගෙන පාර්ලිමේන්තුවට යැව්වේ. දැන් කියනවා අරවා මේවා සාධාරණ නැහැ කියලා. බයිලා තමයි ඔක්කොම. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Sunday, 15 November 2015 02:30 PM

ඔයිට වඩා හොඳ නැද්ද අවුරුදු පහක පමණක් මන්ත්‍රී ධුර දැරීමෙන් පසු හිමිවන විශ්‍රාම වැටුප සංශෝධනය කරන්න ක්‍රමවේදයක් සම්පාදනය කරානම්? (ර)

:       0       0

ප්‍රියන්ත Sunday, 22 November 2015 02:54 PM

මහින්ද මහතා ආරක්ෂා කරගැනීම ජාතික වගකීමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 879 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1276 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5473 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1268 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5384 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 4830 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17395 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 86 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 271 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 140 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site