IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මහින්ද , නාමල් මයුරාපති කෝවිලේ

වැල්ලවත්තේ මයුරාපති  භද්‍රකාලි  අම්මාන් කෝවිලේ තෛයිපොංගල් උත්සවයට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ඔහුගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ හා පුත් නාමල් රාජපක්ෂ  අද (15) උදේ ගොස් එහි වතාවත් වලට  සහභාගි වුහ. තිදෙනා පැයකට  වැඩි කාලයක් එහි ගත කළහ.

IMG_8293 IMG_8295 IMG_8297



අදහස් (0)

මහින්ද , නාමල් මයුරාපති කෝවිලේ

බන්නැහැක Friday, 15 January 2016 11:44 AM

ප්‍රියාන් කියන දේ හරියටම හරි (නි)

:       0       0

යොහාන් Saturday, 16 January 2016 12:16 AM

හුඟ කාලෙකින් අපේ මැඩම්ව දැක්කේ (නි)

:       0       0

බමුණු ආරච්චි Friday, 15 January 2016 11:46 AM

පිටිගල මිලානෝ, ඔබ හරි. (නි)

:       0       0

අහිංසා Saturday, 16 January 2016 12:12 AM

ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

විමලරත්න Saturday, 16 January 2016 12:14 AM

ඔබ සියලුදෙනාට සියලු දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

සුමනසිරි Friday, 15 January 2016 11:44 AM

අපි සැමදා ඔබ සමගයි. අපිව මර බියෙන් බේරා ගත්තේ ඔබම නිසාමය....(බ)

:       0       0

රාධා Saturday, 16 January 2016 12:31 AM

ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ... (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 16 January 2016 03:00 PM

කාගේ පිහිටෙන් හෝ නැවතත් බලය ලබාගැනීම තමා එකම අරමුණ (නි)

:       0       0

සුනිල් Saturday, 16 January 2016 01:05 AM

නුඹ නාඬන් නුඹ නාඬන් නුඹට ඕවා හොඳ පාඩම්! (නි)

:       0       0

සක්විති Friday, 15 January 2016 11:56 AM

මේ කරන දේවල් වලට දෙවියන්ගේම පිහිටයි තමයි (නි)

:       0       0

නිමල් Saturday, 16 January 2016 01:09 AM

නමුත් ප්‍රජාතන්ත්‍රවාදය නැමති කෝවිලේ දෙවියා ජනතාවයි (නි)

:       0       0

විපුල Saturday, 16 January 2016 03:52 PM

ජනතාව මුලානොකළ නායකයාණෙනි, ඔබට දීර්ඝායුෂ! (නි)

:       0       0

විදානේ Saturday, 16 January 2016 01:35 AM

මොනවාද දන්නේ නැහැ දෙවියන්ගෙන් ඉල්ලුවේ? (නි)

:       0       0

මාලක Saturday, 16 January 2016 01:38 AM

ඔබතුමා සිතන පතන සියල්ල ඒ අයුරින්ම ඉටුවේවා! (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 16 January 2016 05:34 PM

ඩුබායි තිලක්, මොළේ ටිකක් නරක්වෙලා වගේ (නි)

:       0       0

ද සිල්වා Friday, 15 January 2016 12:24 PM

සුමනදසලගේ බොරු බේගල් විශ්වාස කල නිසා මහින්දට නම් දැන් දෙවියන්ගේම පිහිටයි (කෞ)

:       0       0

නඳුන් Saturday, 16 January 2016 01:55 AM

ඔබට දෙවි පිහිටයි රජතුමනි! (නි)

:       0       0

කැනඩා දිසා Saturday, 16 January 2016 02:35 AM

පිටිගල මිලානෝ, මම ඔබේ කියමන අගය කරමි (නි)

:       0       0

සුමනදාස Friday, 15 January 2016 12:30 PM

මැතිතුමනි ඔබතුමාට එතරම් ඉක්මනින් මාව අමතක උනාද? (කෞ)

:       0       0

යසපාල Saturday, 16 January 2016 03:22 AM

ඉස්සර තිබුණු ගතිය එහෙම පිටින්ම ගිහිල්ලා. (නි)

:       0       0

කෝසල Saturday, 16 January 2016 07:09 PM

ඔය ඉහත අදහස් කියන බණ්ඩාත් ඕනෑතරම් දේවාල වල යනවා ඇති (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 January 2016 04:13 AM

නන්දන පනාගොඩ මිලානෝ.මහින්දගේ මුහුණ පිට පුර පච්චයක් ලෙස කොටාගෙන ඉතාලි වල හිටිය හාදයට දැන් "එලෝ පොල්" පේනවා ඇති. (කෞ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 January 2016 04:14 AM

හේවාවිතාරණ, මෝඩ කතා කියන්න එපා. (නි)

:       0       0

යසපාල Saturday, 16 January 2016 04:11 AM

දැන්නම් දැක්කහම දුකත් හිතෙනවා. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 January 2016 04:20 AM

ශ්‍රී ලංකා එක කියන්නේ මොනවගේ පක්ෂයක්ද කියලා ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිලයි තියෙන්නේ. (නි)

:       0       0

නිශාන්ත Saturday, 16 January 2016 04:23 AM

ඒ මිනිස්සු නිසයි අද අපි මෙහෙම ඉන්නේ (නි)

:       0       0

යමින්ත Saturday, 16 January 2016 04:54 AM

සැමට දෙවි රැකවරණයි! (නි)

:       0       0

හේරත් Saturday, 16 January 2016 04:57 AM

"කුසුමක් වෙලා ඔබ පිපුනා ලයේ"සැමදාමත් අපි ඔබ සමඟයි (නි)

:       0       0

ලලිත් Saturday, 16 January 2016 09:52 PM

පැයක්ම හිටියද? (නි)

:       0       0

අමර Friday, 15 January 2016 01:56 PM

සියලු ශ්‍රී ලාංකිකයන්ට නිදහස ලබාදුන් ඔබ තුමන්ට සියලු දෙවියන්ගේම පිහිටය ඔබ තුමා රටවෙනුවෙන් කල දෙයට කාලගුණ දක්වමු. ඔබ සියලුදෙනාට සියලු දෙවියන්ගේම පිහිටයි. (කෞ)

:       0       0

ගුරුසිංහ Saturday, 16 January 2016 05:32 AM

ඔබතුමාට මොළය එනකොට බලය නැහැ. බලය තිබෙනකොට මොළය නැහැ. (නි)

:       0       0

සිරිපාල Friday, 15 January 2016 02:12 PM

ශිරන්ති මැඩම්, දැක්කම, ඇතිදා සීනි නැතිදා ගෝනි කියලා මතක් උනා..(කෞ)

:       0       0

චන්දි Saturday, 16 January 2016 05:49 AM

දෙවියනි, ඔබ කොහිද? (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Saturday, 16 January 2016 06:13 AM

කොහොම වුණත් මම නම් හිතන විදිහට සිංහලයට වඩා දෙමළ මිනිහා ළඟ කෙළෙහිගුණ තිබෙනවා. (නි)

:       0       0

දුමින්ද Monday, 18 January 2016 02:34 AM

දෙවියනි, ඔබ කොහේද? (නි)

:       0       0

කුමාර Friday, 15 January 2016 02:52 PM

මෙතුමා පරණ පුරුදු අතහැරලා නැහැ වගේ (නි)

:       0       0

සහන් Monday, 18 January 2016 03:19 AM

දිගටම බලයේ හිටියා නම් ජනතාවට දෙවි පිහිටයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 January 2016 06:39 AM

හේවාවිතාරණගේ ටිකිරි මොළේ කවදා පෑදෙයිද? (නි)

:       0       0

යසපාල Friday, 15 January 2016 03:08 PM

දෙවියෝ කවදත් ගන්නේ හරි පැත්ත (නි)

:       0       0

සන්තුෂ් Friday, 15 January 2016 03:17 PM

බියෙන් සැකෙන් තොරව අද යාපනයට ගොස් තෛපොංගල් සමරන්නේ කොහොමද මහින්ද කෙනෙක් බිහිනොවන්න? මෙතන දේශපාලන කුහකයින්ගේ අවලාද දැක්කහම හරිම කණගාටු හිතෙනවා. (නි)

:       0       0

තිලාන් Saturday, 16 January 2016 06:43 AM

දකින්න ලැබීමත් සතුටක් (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 15 January 2016 03:22 PM

මමත් මේ දේවාලයට යනවා. මම බෞද්ධ කෙනෙක් (නි)

:       0       0

නයනි Monday, 18 January 2016 03:49 AM

ඔබට දෙවියන්ගේ පිහිට හා ආශිර්වාදය නිතර ලැබේවා! (නි)

:       0       0

ජයසිංහ Friday, 15 January 2016 03:32 PM

ඔබතුමාට ජය! (නි)

:       0       0

ලක්මාල් Friday, 15 January 2016 03:43 PM

මෙතුමා කවදත් ආගම දහමට ලැදියි (නි)

:       0       0

අභිමානී Sunday, 17 January 2016 04:06 AM

බෞද්ධ මහ ජාතිය වෙනුවෙන් මේ අය වෙසක් පොසොන් වලදී මේවගේ දේ කරනවාද කියලා දැනගන්නයි ඕනේ.අපේ සංගීත වැඩසටහනක් තිබුනත් ඒකෙ දෙමළ නැටුමක්, එක්කෝ දෙමළ සිංදුවක් ඒගොල්ලෝ මේවා කරනවාද? අපේ ගෑණුන්ටත් දැන් ඉන්දීය ඇඳුම්, නැටුම් නැතුවම බෑනේ. (බ)

:       0       0

අසාද් Saturday, 16 January 2016 07:44 AM

පන්සල් වල කෝවිල් වල සෝ පාකළා.(කෞ)

:       0       0

කමනි Saturday, 16 January 2016 07:58 AM

කිංග්ස්ලි පෙරේරා , ඔබගේ කියමනෙන්ම ඒක සනාථ වුනා. (ර)

:       0       0

සුගත් Monday, 18 January 2016 04:40 AM

යුද්දේ දින්නා. එ්ක ඇත්ත. නමුත් මෙහෙම මිනිස්සු මුලා කරන්න ගිහින් අනාගත්ත. දැන් වත් පාඩමක් ඉගෙන ගන්න. පැරදිලා ගිහින් හම්බන්තොට ජනේලෙන් එළියට ඇවිත් කිව්වේ දෙමල තමයි දින්නේ කියල. දැන් එහෙනම් කෝවිලට යන්නේ අැයි. බොරු ෂෝ මේවා. (බ)

:       0       0

නිල්මිණි Friday, 15 January 2016 08:50 AM

එතුමාට මිනිස්සු ගැන තවමත් විශ්වාසයක් නැහැ වගෙයි (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 15 January 2016 04:06 PM

" කුඹුර කොටන තැන... පාර කපන තැන...ගිනියම් අව්වේ... මහා වරුසාවේ... දෙවියෝ වැඩ ඉන්නේ... " රටට ඇත්තටම ආදරය කරන දේශපාලකයකුගේ දෙවියන් කවුද කියායි ඉහත පද පේළි වලින් ගයන්නේ. (නි)

:       0       0

ජනහිත Friday, 15 January 2016 04:17 PM

මෙතන ලියන ගොඩක් අය කුහකකමේ ඉහළටම ගිය අය කියලා පෙනෙනවා (නි)

:       0       0

රන්ජිත් Friday, 15 January 2016 04:27 PM

දැන් ඉතින් පිනක් දහමක් කරගෙන හිටියොත් හොඳයි (නි)

:       0       0

වර්ෂා Friday, 15 January 2016 09:02 AM

ඔබ සැමට දෙවි රැකවරණයි! (නි)

:       0       0

ඩොනල්ඩ් Friday, 15 January 2016 04:29 PM

මම නම් මොකුත්ම වැරැද්දක් දකින්නේ නැහැ (නි)

:       0       0

ප්‍රියශාන්ත Friday, 15 January 2016 09:24 AM

කියන්නේනම් මහලොකු බෞද්දයෙක් කියල. එත් මිත්‍යාදුෂ්ටික මත හැර වෙන කිසිදෙයක් විශ්වාස කරන්නේ නැ. සුමනදසගේන්වත් පාඩමක් ඉගෙනගත්තේ නැහැනේ (කෞ)

:       0       0

නිමල් Saturday, 16 January 2016 08:57 AM

ලංකාවට ප්‍රබල සේවයක් කල නායකයෙක් ඔබට සියලු දෙවි පිහිට ලබේවා.! (ර)

:       0       0

තිලක්-ඩුබායි Friday, 15 January 2016 04:35 PM

දැන් සිදුකරමින් පවතින දුෂණ වංචා පරීක්ෂණ වල ප්‍රතිඵල එනකොට දෙවියෝ සිහිවෙන කට්ටියකුත් ඉන්න බව අපි දන්නවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 15 January 2016 04:30 PM

ජනරංජන, ඔබගේ අදහස සහතික ඇත්ත. (නි)

:       0       0

තිස්ස Friday, 15 January 2016 04:33 PM

ඔබ තමයි අපේ ජීවිත බේරාගත් නායකයා (නි)

:       0       0

උපසේන Friday, 15 January 2016 04:41 PM

ඔබ සැමගේ බලාපොරොත්තු ඉටුවේවා! (නි)

:       0       0

ප්‍රියංග Tuesday, 19 January 2016 03:47 PM

කළගුණ අමතක නොවන හොඳ ගුණාත්මක මනුස්සයෙක් (බ)

:       0       0

බණ්ඩා Friday, 15 January 2016 09:38 AM

නියම බෞද්ධයා කිසිම දිනයක දෙවියන් පසුපස යන්නේ නැත ...(බ)

:       0       0

ප්‍රියාන් Friday, 15 January 2016 09:39 AM

අපේ මිනිස්සු කොච්චර දෙනෙක් ත්‍රිකුණාමලේ කෝනේශ්වරම් දේවාලෙට යනවද? මේකේ අදහස් දාන අයත් ගිහින් ඇති..මේ මනුස්සය මොනා හරි කළොත් මිනිස්සු දාහක් දේවල් කියවනවා.. පල ඇති රුකටනේ පහර වදින්නේ..(බ)

:       0       0

දිනේෂ් Friday, 15 January 2016 09:45 AM

විවිධ ආගමික, සංස්කෘතික උත්සවවලට සහභාගීවීම දේශපාලකයෙක් ගේ මිථ්‍යා දෘෂ්ටිය නොවේ. ගීයේ නැත්නම් කියාවි ජාතිවාදී කියල. ගියාම කියනවා නියම බෞද්ධයෙක් නෙමේ කියල. මිත්‍යාදෘෂ්ඨිය තියෙන්න කාටද කියල එ්කෙන්ම පේනවා. (බ)

:       0       0

ලතා Saturday, 16 January 2016 09:26 AM

සන්තුෂ්ගේ ප්‍රතිචාරය තුල කෙලෙහිගුණ සලකා ඇති නිසා මාද එයට එකග වෙමි. තිලක් ඩුබායි., දැන් අවුරුද්දකුත් ගෙවුනනේ මොකෝ තාම ඔප්පු නොකරේ බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නැතිලු නේද...? (ර)

:       0       0

තිලක්-ඩුබායි Friday, 15 January 2016 04:44 PM

ඉස්සරත් දුෂණ තිබුණා. ඒ උපරිමය රුපියල් කෝටියක් දෙකක් වගේ. නමුත් පසුගිය කාලේදී එහෙමද? (නි)

:       0       0

රජීව Friday, 15 January 2016 04:54 PM

රට බේරාගත් වීරයාණෙනි, ඔබතුමාට දෙවි පිහිටයි! (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 15 January 2016 09:54 AM

ශිරන්ති ඇන්ටි නම් තාමත් කැමරාවට ආසා වගෙයි. එක පළමු පින්තුරෙන්ම පේනවා.(ම)

:       0       0

ප්‍රියන්ති Friday, 15 January 2016 05:08 PM

දෙවි පිහිටයි ඔබට! (නි)

:       0       0

අනුර Saturday, 16 January 2016 09:56 AM

හින්දු දහම මිත්‍යාවක් නොවේ බුදු දහමේ ආරම්භය වෙන්න පුළුවන් දහම් දෙකේම සංස්කෘතියේ සමාන කම් බොහෝමය. (ර)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Friday, 15 January 2016 09:58 AM

භද්‍රකාලි අම්මාන් කෝවිල ප්‍රසිද්ධ මොන වගේ පූජා වලටද ? (ම)

:       0       0

ජනක Friday, 15 January 2016 05:40 PM

ඔබතුමා නියම නායකයෙක්. ඒත් මුල අමතක සිංහලයන්ට ළඟදීම පරිප්පු කන්න වේවි. ඔබතුමාට දෙවි පිහිට ලැබේවා! (නි)

:       0       0

පතිරණ Saturday, 16 January 2016 10:00 AM

සියලුම ආගම් බුදුදහම සරණ නොයන බව නොදන්නා නිසාම එය ගැන සිතීම... බුදුන් වහන්සේ මැනවින් දේශනා කර ඇත. (ර)

:       0       0

බටගල Friday, 15 January 2016 05:50 PM

තමන්ට සුදුසුයි කියා සිතෙන දෙයක් කිරීමේ කිසිම වරදක් මම නම් දකින්නේ නැහැ (නි)

:       0       0

කුන්ඩලී Friday, 15 January 2016 10:03 AM

ජාති ආලය පෙන්නවන්න ඉස්සර වගේ කමිස ගැලෙව්වනම් තවත් හොදයි .(කෞ)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 15 January 2016 05:54 PM

මෙසේ අපේ නායකයින් වෙනත් ආගමිකයන්ගේ උත්සව වලට සහභාගිවීම අපි ගරු කළයුතුය (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 15 January 2016 10:11 AM

කවර කෙනෙක් හෝ සම්‍යක් දෘෂ්ටික හෝ මිත්‍යා දෘෂ්ටික වීම එම පුද්ගලයාගේ අයිතියක් වුවත් ලෝකෙට පෙන්න සිල්රෙදි සහ උතුරු සළු පොරවාගෙන, සිරස මත සුදුවන් මල්වට්ටි දරාගෙන චෛත්‍ය වටේ යමින් කරන බොරුව කාව රවටන්නද? දෙවොල් වලට ගොස් බාර හාර සහ සාප කරන්නේද සතුරන් දමනය කිරීමට යයි සිතා වශී බෝල යන්ත්‍ර අත දරන්නේද වැසිකිලියට යාමටත් නැකත් කරුවන් සොයන්නේද මිසදිටුවන්මය.(කෞ)

:       0       0

ජනරංජන Friday, 15 January 2016 10:06 AM

හිරේ විලංගුවේ වැටෙන එක දෙවියන්නට නවත්වන්න පුලුවන්නම් හිර ගෙවල්වල දේවාල හදල දෙන එක හොදයි .(කෞ)

:       0       0

හේවා සරත් Saturday, 16 January 2016 10:36 AM

ඔබ තුමාට සුබ දිනක් වේවා. (ර)

:       0       0

ඩෝනල්ඩ් Friday, 15 January 2016 10:09 AM

දෙවියනි ඔබ කොහිද ?(කෞ)

:       0       0

ඇල්ප්‍රඩ් Friday, 15 January 2016 06:42 PM

සමහර අදහස් ගැන දුකයි (නි)

:       0       0

චන්දිම Friday, 15 January 2016 10:17 AM

මේ මිනිසුන්න්ට මොනවා වෙලාද දන්නේ නෑ. කාට හරි අපහාස කරන්න හරි මොන ආගමකට හරි නිග්‍රහ කරන්ඩ හරි තියනවනං එක තමයි එකම සැනසිම. නමට බෞද්ධයෝ. (බ)

:       0       0

සරණපාල Friday, 15 January 2016 10:29 AM

මොනවද දන්නේ නැහැ ප්‍රාර්ථනා කලේ?(ම)

:       0       0

දුල්මි Friday, 15 January 2016 10:31 AM

ඒ අයට කැමති ආගමක් අදහනේ එකේ වරදක් නැහැ. අපි අපිට කැමති විදියට අපේ ආගම ඇදහුවාම ඉවරයි. අනුන්ගේ පුජා වට්ටියේ පලතුරු ගණන් කරලා තියෙන්නේ අපේ වට්ටියේ එකක්වත් නැතිව ! (ම)

:       0       0

විදුර Friday, 15 January 2016 07:51 PM

ආගම ධර්මයට අනුකූලව ජීවත්වෙනවා නම් කිසිම කරදරයක් වෙන්නේ නැහැ (නි)

:       0       0

යසිත් Sunday, 17 January 2016 03:51 PM

ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

යෝනුස් Friday, 15 January 2016 08:26 PM

මයුරාපති කෝවිල මමත් ඉහළින්ම ගරුකරන තැනක් (නි)

:       0       0

විදානපතිරණ Friday, 15 January 2016 08:52 PM

අපි සියළු ආගම් වලට ගරුකළ යුතුයි (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Friday, 15 January 2016 10:00 PM

මාගේ දෙවියන් නම් සාස්තර සුමනදාසය. ඔහු නොසිටින්න ලංකාව මේ වනවිටත් ලේ ගංගාවක් වනු ඇත. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Friday, 15 January 2016 11:01 AM

ඔබ තුමාට දෙවියන්ගේම පිහිටයි....... (ම)

:       0       0

කමනි Saturday, 16 January 2016 01:43 PM

මෙතුමා හැමදාමත් අපේ වීරයා. අපි අද ලංකාව වටේ යන්නේ මෙතුමටත් ෆොන්සේකා මහතාටත් පින් සිද්ද වෙන්න තමා. (ර)

:       0       0

ඉලේපෙරුම Friday, 15 January 2016 11:14 AM

පොදු මහජනතාවට ආගම ඇත්තයි. උගතුන්ට ආගම බොරුවකි. ආගමික නායකයන්ට ආගම ආදායම් මාර්ගයකි. දේශපාලකයන්ට ආගම ඉතා ප්‍රයෝජනවත් දෙයකි.(ම)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 January 2016 01:46 PM

කොහොමත් අපේ රටට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට තිබෙනවා කියලා මමත් විශ්වාස කරනවා. එහෙම නොවුණා නම් අදටත් අපි වහල්ලු. (නි)

:       0       0

ගොඩ්ෆ්‍රී Friday, 15 January 2016 11:15 AM

පිටිගල මිලානෝ, මම දෙයක් ලියන්න පෙර ඔබේ අදහස බලපු නිසා නොලියමි. එහි සියලු දේ සදහන් බැවින්ය. මාද එය අනුමත කරමි. (ම)

:       0       0

හේවාවිතාරණ Friday, 15 January 2016 10:29 PM

කෝවිලට පඬුරු දැම්මා කියලා දැන් රහස් පොලිසිය සහ අල්ලස් කොමිසම එතුමාව අත්අඩංගුවට ගනීද දන්නේ නැහැ, මේ වෙන දේවල් වල හැටියට (නි)

:       0       0

යසිත් Friday, 15 January 2016 10:31 PM

මහින්ද මහතා අපේ හදවත් තුළ සදා විරාජමානයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 January 2016 01:48 PM

කමනි, යුද්ධයත් කළේ මහින්දමයි කියලා ඔය කටින්ම කියන්නකෝ. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 16 January 2016 01:56 PM

කිංග්ස්ලි පෙරේරා, යුද්ධය දිනා දුන් ජාතික වීරයා බෙලෙක් පිඟානේ පිළුණු වුණ බත් කනකොට මටත් එහෙමම හිතුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 444 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1211 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 246 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 492 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 384 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 639 1

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36782 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24303 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 553 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site