IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මහින්ද - නාමල් විශ්වාසභංග විවාදෙට තවම ඇවිත් නෑ


 
රංජන් කස්තුරි
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (4) සවස් වන විටත් විශ්වාස භංග යෝජනාවේ විවාදයට සහභාගී වීමට පාර්ලිමේන්තුවේ සභා ගැබට පැමිණියේ නැත. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උදේ වරුවේ පාර්ලිමේන්තුවේ සිටිය ද සවස්වරුවේ සභා ගැබේ නැත. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පමණක් විශ්වාසභංගය ගැන විවාදයට එක්වෙමින් අදහස් දැක්වීය.



අදහස් (19)

මහින්ද - නාමල් විශ්වාසභංග විවාදෙට තවම ඇවිත් නෑ

ජගත් ලියනගේ Wednesday, 04 April 2018 01:52 PM

එන එකක් නැහැ පේන විදියට .

:       8       126

sachith Wednesday, 04 April 2018 01:55 PM

මේ හැමෝම දවල් මිගෙල් රෑ දනියෙල්ලා. අපේ මෝඩ ජනතාව ඒක තේරුම් නොගන්නකම් පක්ෂ පාට නැතුව මෙයාල ගොඩ.

:       0       478

menna Wednesday, 04 April 2018 02:09 PM

මොකට පාර්ලිමේන්තු මැතිවරණවලට ඉල්ලනවද මන්ද. විශ්වාසභංග කියලා කෑගහලා, කාලයයි ධනයයි ඔක්කොම විනාසයි. අවශ්‍යම වෙලාවට වෙන කොහෙවත්. හරියට යුද්දේ අවසන් දවස් කිහිපය වගේ, කොහෙන් හරි ලකුණු දාගන්න තමයි ඕනේ. මේ වගේ නම් මටත් බැරිය දේශපාලනය කරන්න.

:       20       267

Sakwithi Wednesday, 04 April 2018 02:25 PM

ජනතාවගේ විශ්වාසය භංග කරලා ගෝලයෝ ලවා ප්‍රකාශ කරවන්න එපා.

:       0       154

Nishantha Wednesday, 04 April 2018 02:33 PM

විශ්වාසභංගය මොනවා වුනත් ජනතාව පරාදයි. රටේ ප්‍රශ්න අමතක කරවලා මිනිසුන්ව ගොනාට අන්දනවා.

:       0       150

දිමුත් Wednesday, 04 April 2018 02:48 PM

අයියෝ චාටර්!

:       0       55

Raveendra Wednesday, 04 April 2018 02:54 PM

මේ අය ඇන්දුවේ අප සැවමනේ. අපි ඇන්දේ ගොනාටනේ. අද දින ලොව නැත නවතින්නේ... අමතක නැත හෙටදින ඉර පායන්නේ,,,,,

:       0       67

lalith Wednesday, 04 April 2018 02:59 PM

ඇවිත් කොහොමද? ගෙදරහිටියොත් අඹු නසී, මග සිටියොත් තෝ නසී.

:       0       84

Sunil Wednesday, 04 April 2018 03:25 PM

කෝකටත් කියල නෑවිත් ඉන්න එක ඇඟට ගුණයි කියලා හිතෙන්න ඇති දෙන්නටම

:       0       50

Shan Wednesday, 04 April 2018 03:27 PM

අදින් පස්සෙවත් මිනිස්සු මොවුන් කවුද කියල අඳුන ගත්තොත් හොදයි.

:       2       108

sirimal Wednesday, 04 April 2018 03:46 PM

මේගොල්ලන්ට බැනල වැඩක් නැහැ. ඒක තමා ඒ ගොල්ලන්ගේ දේශපාලනය. බනින්න ඕනෑ මේවගේ කට්ටියට අවශේෂයක් නැතුව ජැක් ගහන අයටයි.

:       0       99

priyankara Wednesday, 04 April 2018 03:46 PM

පාර්ලිමේන්තු ඇවිත් විශ්වාස භංග යෝජනාව පැරදිලා සායම යනවට වඩා හොද ඇති ගෙදර ඉදන් පරදින එක. මේ දෙන්නත් කියයිද දන්නේ නැහැ නයා ගැහුවා කියලා. මේක පරදින වග විශ්වාස භංග යෝජනාව ගෙන්න කලින් ඉදලම මේ අය දන්නවා. අපිව ගොනාට අන්දපු එක තමා කලේ. ඒකනේ දැන් කියන්නේ දිනුවත් දිනුම්,පැරදුනත් දිනුම් කියල. මේ සැරේ අය වැයෙන්වත් පුන්නක්කු මිල අඩු කලොත් හොදයි.

:       0       121

සතයපාල Wednesday, 04 April 2018 04:25 PM

රාජපක්ෂලා එදා ඉදලම මේ රටේ ජනතාව ගෝනාට ඇන්දුවා. ඒකේ වර්තමාන ප්‍රතිථලය තමයි මේ බංකොලොත් වීශ්වාස බංගය. මෙය බංකොලොත් විශ්වාස බංගයක් වන්නේ සැලසුම් සහගතවම පරාජය කලහැකි ආකාරයට මේ විශ්වාස බංගය ගෙන ඒමයි.

:       364       450

සතයපාල Wednesday, 04 April 2018 04:29 PM

දෙන්නම අන්තීම මොහොතේ ඇවිල්ලා පක්ෂව ඡන්දය දුන්නා. ඒ විශ්වාස බංගය ජය ගන්න බැරීබවට විශ්වාසය හා බලාපොරොත්තු ඇතිවයී.

:       0       14

parakkrama Wednesday, 04 April 2018 06:39 PM

විශ්වාස භංගයක් ගෙන්වාගෙන, ඊට අත්සන් කරන්නේ ද නැතිව, බළලුන් ලවා කොස් ඇට බාවා ගන්නට ගොස් බිම ඇනගත්තෝය.

:       21       159

sarath hettiarachchi Wednesday, 04 April 2018 06:51 PM

ඒ කියන්නේ රාජපක්‍ෂලට ඒ තරම්ම වික්‍රමසිංහලව විස්වාසයි. විශ්වාස භංගය බංගයි.

:       0       105

Nandalal DE SILVA - France Wednesday, 04 April 2018 07:12 PM

හෙට පාර්ලිමේන්තුවට මහින්දයි නාමලුයි ඇවිල්ල කියාවි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ට්‍රැෆික් එකකට බ්ලොක් වුන නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විරුද්ධව විශ්වාස භංගෙට ඡන්දෙ දෙන්න එන්න බැරි වුණා කියල !

:       25       105

isu Wednesday, 04 April 2018 09:30 PM

අයියෝ පව් මහින්ද ඡන්දෙ දුන්න නේද

:       3       18

Shan Monday, 09 April 2018 06:38 AM

මේ කොහොමත් මහදවල් හොරුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගඟේ - මූදේ මගී ප්‍රවාහනය අරඹන්න යයි
2025 අප්‍රේල් මස 22 7 0

රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ජල ප්‍රවාහයන් භාවිත කරමින් සංචාරක හා මගී ප්‍රවාහන කටයුතු ප්‍රවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දූෂණ විරෝධී පනතේ අලුත් නියෝග පාර්ලිමේන්තුවට
2025 අප්‍රේල් මස 22 36 0

දූෂණ විරෝධී පනතේ විධිවිධාන යටතේ වන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


දිළිඳු නිවාස ආධාරය වැඩි කරයි
2025 අප්‍රේල් මස 22 30 0

’’ඔබට ගෙයක් - රටට හෙටක් ’’ නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මල් කඩන්න ගිහින් දිය යට සැඟවෙයි
2025 අප්‍රේල් මස 22 30 0

පහළ හල්මිල්ලෑව වැවේ මල් කැඩිමට ගිය 42 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් ඇතැයි ඇලයාපත්තුව පොලිසිය කියයි.


කරෙයිනගර් ජැටිය ඉන්දු-ලංකා සහයෝගයෙන් හැදෙයි
2025 අප්‍රේල් මස 22 77 0

සීමාසහිත සීනෝර් පදනමට අයත් කරෙයිනගර් බෝට්ටු අංගනය ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 50 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 538 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site