IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්ද නහින්නේ කට නිසයි‘

‘මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සමග මෛත්‍රීපාල සිරිසේන ජනපති එකතු වී දේශපාලන වශයෙන් කිසිම විටක දීග කන්නේ නැහැ. එය මට ඉර හඳ වගේ විශ්වාසයි. ඒවගේම ජනපති සහ රනිල් වික්‍රමසිංහ අගමැති අතර බැඳීමත් කිසි දිනක කැඩෙන්නේ නැහැ.‘ යැයි ඌව මහ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද (01) බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘අපි දැන් මහින්ද මහත්තයාට සැහැල්ලුවෙන් ගමන් කරන්න අවස්ථාව දී තිබෙනවා. අපි වෛර කළේ නෑ. මහින්ද මහත්තයාට අපි සැප පහසුකම් දුන්නා.

අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විඳින ප්‍රශ්න එදා අපි වින්දා. මහින්ද මහත්තයාගේ රැස්වීම්වල සෙනඟ පෙන්වන්න පුළුවන්. ඒත් ඡන්දය ලැබෙන්නේ නෑ. මහින්ද කවදාවත් දිනන්නේ නෑ. මෛත්‍රීපාල ජනපති කුණු ගොඩට අසුවී කුණු බක්කිය ඔළුවේ දාගන්න නායකයෙක් නොවයි.

මහින්ද මහත්තයා කට නිසා අයෙත් නහින්න යන්නේ. දේශපාලන වශයෙන් චණ්ඩියෙක් වෙන්නයි හදන්නේ.‘

(වීඩියෝ ප්‍රසන්න පද්මසිරි)



අදහස් (0)

‘මහින්ද නහින්නේ කට නිසයි‘

ජුලම්පිටිය Wednesday, 01 July 2015 10:47 AM

ඔබ බදුල්ලත් උෟවත් දෙකම දිනනවා. අපි ඔබ සමගයි. (බ)

:       0       0

කමනි Wednesday, 01 July 2015 10:54 AM

කමල් කියන්නේ ඇත්ත. රටට ජාතියට ආදරයක් ඇති කෙනෙක් මහින්ද. ජාතික හැගීමෙන් කටයුතු කරපු නිසයි අපිට අද රටක් ඉතුරු වුනේ (බ)

:       0       0

දුමින්ද Wednesday, 01 July 2015 11:05 AM

ජනමතයට ඉඩ දෙමු (නදී)

:       0       0

සරත් සෞදි Wednesday, 01 July 2015 11:05 AM

දැන් බය වෙලා වගේ කට්ටිය හොඳටම (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 July 2015 11:40 AM

අපි ඡන්දෙ දුන්නා වගේම අපි වගේම 58 ලක්ෂයක් මිනිස්සු ඡන්දෙ දුන්නේ මහින්ද මහත්තයට.නැතුව මෛත්‍රී මහත්තයට නෙමෙයි.එයාට ඡන්දෙ දීපු ඔයාලා එයත් එක්ක ගනුදෙනු බේරාගන්න. අපි මහින්ද මහත්තයත් එක්ක ගනුදෙනු බේරාගන්නම්.අපේ ගනුදෙනු වලට මැදිහත් වෙන්න තීන්දු තීරණ ගන්න මෛත්‍රී මහත්තයට බැහැ. (නි)

:       0       0

පද්මිණී Wednesday, 01 July 2015 11:44 AM

මොනතරම් දුකක් විඳලද එදා අපි දිනුවේ? නැවත අපි ඒ යුගයට යන්නේ නැහැ. (නි)

:       0       0

කුරුවිට Wednesday, 01 July 2015 11:52 AM

මහින්ද නොහිටින්න ලංකාව ලෝක සිතියමෙන් අයින් කරලා ගොඩක් කල්. (නදී)

:       0       0

හර්ෂණ Wednesday, 01 July 2015 10:04 PM

මේ සමහරු කට නිසා නහිනවා විතරක් නොවෙයි, යන යන තැන ගුටිත් ඇනගන්නවා.‍ හරියට දෙකේ පන්තියෙ ළපටි ළදරුවෝ වගේ. (නි)

:       0       0

සනත් ඒකනායක Wednesday, 01 July 2015 12:09 PM

ලාල් ඉපදිලා තියෙන්නේ 2010 වෙන්න ඕනේ (නදී)

:       0       0

සිංහ Wednesday, 01 July 2015 11:08 PM

කාටත් වෙන්නේ ඒකම තමයි (නදී)

:       0       0

සංජ‍ය Wednesday, 01 July 2015 12:22 PM

මහින්ද නොහිටින්න අඩි 6 ක් යට ඉන්න තිබුනා. (නදී)

:       0       0

සහන් Wednesday, 01 July 2015 12:43 PM

සමහරුන්ට මහින්ද කියන්නේ මහ බ්‍රහ්මය කියල හිතාගෙන ඉන්නේ. ලෝකේ නැති විදුලි පුටුවට බය නැති මිනිහා ලංකාවේ අල්ලස් කොමිසමට බයයි (නදී)

:       0       0

චතුර Wednesday, 01 July 2015 12:45 PM

රටට ජාතියට ආදරේ නොවේ , පවුලේ වැඩිම වෙනුවෙන් මහින්ද වැඩ කලේ (නදී)

:       0       0

ගයාන් Thursday, 02 July 2015 01:48 AM

ජනතාව තීරණය කරලා ඉවරයි මහින්දව මහ මැතිව‍රණයෙන් පස්සේ ගෙදරම තියන්න. මේ සැරේ ඔරලෝසු සාරි පෝන් බෙදන්න මහින්දට හම්බුවෙන්න නැති හින්දා ගොඩක් අයගේ ඡන්ද එයාට හම්බ වෙන්නේ නැහැ. ඇයි සිල් රෙදි. අනේ අපේ සල්ලි අපිටම බෙදුවනේ (නදී)

:       0       0

නැනිල් Wednesday, 01 July 2015 01:11 PM

මහින්දට ජය වේවා (නදී)

:       0       0

පිවිතුරු යහපාල Wednesday, 01 July 2015 01:16 PM

අපි චන්දෙ දුන්නේ අපි වගේම 58 ලක්ෂයක් මිනිස්සු චන්දෙ දුන්නේ මහින්ද මහත්තයට..නැතුව මයිත්‍රී මහත්තයට නෙමෙයි..එයාට චන්දෙ දීපු ඔයාල එයත් එක්ක ගනු දෙනු බේරා ගන්න.. අපි මහින්ද මහත්තයත් එක්ක ගනු දෙනු බේරා ගන්නම්..අපේ ගනු දෙනු වලට මැදිහත් වෙන්න තීන්දු තීරණ ගන්න මයිත්‍රී මහත්තයට බැහැ. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 01:26 PM

කට්ටිය බයවෙලා.(නදී)

:       0       0

යෝනක Wednesday, 01 July 2015 01:34 PM

හරීන් මහත්තයෝ,පරිස්සමින්! (නි)

:       0       0

ගාමිණී Wednesday, 01 July 2015 01:36 PM

හරින් මහා ඇමතිතුමනි, ඔය ඉන්න පුටුවත් නැතිවෙයි. වැඩිය සද්ද දාන්න එපා (නි)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 08:54 AM

ඒක ජනතාව තීරණය කරයි. ඔබ තුමන්ලා හොර ඡන්ද දාන්නේ නැතුව ඉන්නකෝ (නදී)

:       0       0

ප්‍රියංකා Wednesday, 01 July 2015 08:56 AM

මහින්ද මහත්තයා නහිනවද නැද්ද කියලා ජනතාව තීරණය කරයි.(හේ)

:       0       0

යසිරු Wednesday, 01 July 2015 08:55 AM

අපේ ජනාධිපති තුමා මහින්ද මහත්තයාට නාම යෝජනා දෙන්නේ නෑ.ඒක අපිට ඉර හඳ වගේ විශ්වාසයි.(හේ)

:       0       0

සමන් Wednesday, 01 July 2015 08:55 AM

හරීන් මහත්තයා කියන කතාව ඇත්ත.(හේ)

:       0       0

අසේල Wednesday, 01 July 2015 08:56 AM

මහින්ද මහත්තයා දැන් විවේක ගන්න ඕනේ කාලයයි මේ.(හේ)

:       0       0

ප්‍රීති Wednesday, 01 July 2015 08:56 AM

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශ්‍රාම ගිය ජනාධිපති වරයෙකුට දිය යුතු පහසුකම් සදහන් කර තිබෙනවා. ඒවා ලබා දිය යුතු අයට සියළු අයට දිය යුතුයි. නැතිව අනුකම්පාවට නෙවෙයි. (හේ)

:       0       0

ප්‍රීති Wednesday, 01 July 2015 08:55 AM

රටේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශ්‍රාම ගිය ජනාධිපති වරයෙකුට දිය යුතු පහසුකම් සදහන් කර තිබෙනව. ඒව ලබා දිය යුතු අයට සියලු අයට දිය යුතුයි. නැතිව අනුකම්පාවට නෙවෙයි.(බ)

:       0       0

අනිල් Wednesday, 01 July 2015 08:56 AM

අවුරුදු 30 ගණනක් තිබුන සිරිසේන මහින්ද බැම්ම හදිසියේම කැඩිලා ගියානම් දවස් 160 සිරිසේන රනිල් බැම්ම ගැන මොන කතාද? හරින හොඳ හැටි බයවෙලා තියෙන බවනම් පේනවා මේ යන විදියට අූඇන්පී අායිමත් බංකොලොත් වෙන නිසා....(බ)

:       0       0

විකුම් Wednesday, 01 July 2015 02:15 PM

මට නම් මේ හඬ බස්සෙකුගේ හඬක් වගෙයි (නි)

:       0       0

රෝමා Wednesday, 01 July 2015 08:59 AM

ඔබගේ කට නිසා මොනවා වෙයිද ? (නදී)

:       0       0

රොහාන් Wednesday, 01 July 2015 09:01 AM

ජයවේවා ....(නදී)

:       0       0

අනිල් Wednesday, 01 July 2015 09:01 AM

සිරිසේන මහින්ද එකතු වුනොත් දේශපාලනයෙන් අයින් වෙනවා කියල කට නිසා නහින්න යන්නේ කවුද කියල අපි දන්නවා.(නදී)

:       0       0

දම්පල් පරපුර Wednesday, 01 July 2015 09:02 AM

මෙතුමන්ලා භය වෙලා තියෙන තරම මූනෙන්ම පේනවා. අනේ පව්.(නදී)

:       0       0

රොහාන් Wednesday, 01 July 2015 09:04 AM

විජයබාහු දැන්ද නින්දෙන් ඇහැරුනේ ? අැයි ඔයාට 2015 ජනවාරි 9 වෙනිදා ජනතාව තීරණේ කරපු එක අමතකද ? (නදී)

:       0       0

යුරේෂ් Thursday, 02 July 2015 04:09 AM

ජනතාව පිටින් දලා මහින්ද අායෙත් දේශපාලනයට එන්නේ රටට ආදරේට ද කියලා දැන් පේනවා හොඳට හරින් කියන කතාව හරියටම හරි (ම)

:       0       0

සෙනරත් Wednesday, 01 July 2015 02:52 PM

මහින්ද මහත්තයා 2005 ආවේ නැත්නම්, මෙලහකට කොටි සටන් කරන්නේ උතුරට නෙමෙයි රටේ ඉතුරු ටිකට. ඒ ගෙවුණ කාලය අමතක ඕනෑම ගුණමකුවෙකුට, ඕනෑ දෙයක් ලියන්න පුළුවන්. ඒත් රටේ ගොඩක් මිනිසුන්ට තවම මතකයි එදා සිදුවුණ ඝාතන. යූඑන්පී එක අඩුම තරමේ ඒවා හෙළා දැක්කද? හමුදාවට ගැරහුවා "කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා " කියලා. ඔය ලක්ෂ 62 ගත්තේ මොනතරම් බොරු කියලද? දවස් 200 ට කරපුවා මිනිස්සු දන්නවා. බලාගෙන ඉන්න ඡන්දෙම ලැබේවි. චන්ද්‍රිකා නෝනත් අමතක නොවෙන පාඩමක් මේ සැරේ ඉගෙනගන්නවා (නි)

:       0       0

කුමාර ෆෙර්ණන්දෝ Wednesday, 01 July 2015 09:10 AM

මෙයා බයවෙලා තියෙන්නේ දැන් දේශපාලනයෙන් සමුගන්න වෙයි කියලා. මොකෝ මහින්ද මෛත්‍රී එකතු වුනොත් දේශපාලනයෙන් සමුගන්නවා කිව්වනේ. (නදී)

:       0       0

ලංකා Wednesday, 01 July 2015 09:12 AM

හොරු සමහ හෙළුවෙන් (නදී)

:       0       0

සමිරු සංජීව Wednesday, 01 July 2015 09:12 AM

අනේ හරීන් මහත්තයා දවස් ගානක ඉඳල ඕකම කිය කියා අඬනවනෙ. පව් අප්පා.(නදී)

:       0       0

කීර්ති Wednesday, 01 July 2015 09:13 AM

මහින්ද නොවේ යු.එන්.පී එක පරාදවෙන්නේ හරීන් කට නිසයි (නදී)

:       0       0

රුවන් කුමාර Wednesday, 01 July 2015 09:15 AM

මහින්ද දිනනවා ෂුවර් (නදී)

:       0       0

අබේ Thursday, 02 July 2015 05:19 AM

හරීන් මහත්තයෝ ,කට නිසා නිසා නහින්නේ මහින්ද නෙමෙයි ඔයා .(ම)

:       0       0

ලාල් Wednesday, 01 July 2015 09:18 AM

ඔබතුමා හරි . මෙයා කුණු බක්කියට වැටුනේ ජනවාරි 8 වෙනිදා , එ්කෙන් ගොඩ එන්න හිතුවට දැන් වැටෙන්න යන්නේ නරා වලකට. මෙයාගේ ආසාවට ඉඩදීලා මෙයාව පාර්ලිමේන්තු යවමු, හැබැයි කොන්දේසි සහිතව .මෙයා කරපු හැම දේකටම නීතිය ඉදිරියට එන්න සුදානම් නම් පමණක් (බ)

:       0       0

කුමාර Thursday, 02 July 2015 05:26 AM

මහින්ද මහත්තයාට බනින අය අමතක කරන්න එපා මහින්ද මහත්තයා ජනාධිපතිවරණයේදී අඩු වුනේ ලක්ෂ 4ක් කියන එක.(හේ)

:       0       0

කුමාර Thursday, 02 July 2015 05:25 AM

රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කිසිම කෙනෙකුට කැක්කුමක් නෑ.(හේ)

:       0       0

රොහාන් ඇඹිලිපිටිය Wednesday, 01 July 2015 09:28 AM

හරීන් ප්‍රනාන්දු ගේ එක කනක් වගේම මොළයත් පොඩියි වගේ මට පෙන්නේ (බ)

:       0       0

ජයා Wednesday, 01 July 2015 09:28 AM

2015 ජනවාරි 9 දා 58 ලක්ෂයක් ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්තිය සහ එහි නායකත්වයට. එහි අයිතිය බලෙන් අයිති කරගෙන 58 ලක්ෂයේ නායකත්වය වලදාන්ට හිතන එක විහිළුවක්. ඔය මොන මෛත්‍රී ගැට දැම්මත් සත්‍යට මුහුණ දෙන්ට වෙනවා ළඟදීම. (බ)

:       0       0

නිමාෂා Wednesday, 01 July 2015 09:35 AM

නොසෙල්වෙනවා යයි කියූ ගස ටිකක් හෙල්ලිලා වගේ! ජාතික ආණ්ඩු කතාව මිනිසුන්ට දැන් අරහං. දින 100 තුළ ඔයකියන හොර මගඩි වෙලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක් තුළ නම් අපට එය සුදුසු නැත. නව ප්‍රවණතාවට මුහුණ දෙන්නට සන්ධාන ගතවිය යුතුමය. (නි)

:       0       0

ගිහාන් Wednesday, 01 July 2015 09:35 AM

ශ්‍රීලනිප නායකත්වය බලෙන්ලු ගත්තේ. කලින් හිටපු සමහරු කියව කියවා ගියේ ශ්‍රීලනිපය ආරම්භ කළේ මැදමුලන වැඩිහිටියන් කියලා. (නි)

:       0       0

රත්නායක Wednesday, 01 July 2015 09:35 AM

මහින්දගේ කෑදරකමට වන්දි ගෙවන්න වෙන්නේ සැබෑ ශ්‍රී ලංකාකාරයන්ට. යුන්පි එකේ වෙලාව හොඳයි (නි)

:       0       0

ඉමාක් Wednesday, 01 July 2015 09:36 AM

ප්‍රභාකරනුත් මුලින්ම කිව්වේ ඔහොම තමා. (නි)

:       0       0

ඉන්දික වීරසිංහ Wednesday, 01 July 2015 09:37 AM

එතුමාට අගමැති වෙන්න බෑ .අපරාදේ .මොකද ඔය වටේ ඉන්න හොර නඩෙන් බහුතරය ලබන පාර පරදිනව පාර්ලිමේන්තු යන්නෙ නෑ .ඉතින් මන්ත්‍රීලගේ බහුතර ඡන්දෙන් අගමැති තෝරන විට පැරදිලා ගෙදර ඉන්න අයට ඡන්දෙ දෙන්න බෑනේ .ඕක තමා වෙන්නෙ .නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට ඉන්න වෙනව .ඒක සහතිකයි ජාතික ආණ්ඩුවක් අවොත් සමහර විට ඇමතිකමක් දෙයි (බ)

:       0       0

කමල් Wednesday, 01 July 2015 09:40 AM

එ්ක ජනතාවට බාර දෙන්නකෝ. බුද්ධිමත් ජනතාවනි. මහින්ද මහත්තය හැරෙන්න මෙරට ගොඩගැනීමට කවුරුවත් මේ පේනමානයේ නැත. ඔබගේ ඡන්දය බුද්ධිමත්ව කල්පනාකර දෙන්න. නැත්නම් ඊලාම් රටක් බිහිවෙන එක වලක්වන්න බැ. එවිට පරක්කු වැඩිය.දුක්වෙලා වැඩක්ද නැත. හැමදාම දෙපසටවී දේශසීමා වලට මරාගනිවී. මෙය ඉදිරිය හිතන රටට ආදරය ඇති ඔබ සැමට. (බ)

:       0       0

සුසිල් Wednesday, 01 July 2015 09:40 AM

ආ මහින්ද ! දැන්නම් ආයිත් පාරක් හොම්බ රිවෙට් වෙලා යන්න. එන්නකෝ එන්නකෝ අපිත් බලාගෙන ඉන්නේ. ලක්ෂ 62 ක් මිනිස්සු මහින්දට විරුද්දව ඡන්දෙ දුන්න කියල ලැජ්ජාවක්වත් නැති හැටි !(බ)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 09:41 AM

රොහාන් ඒ තීරණේ මිනිස්සු වෙනස් කරලා දැන් ගොඩක් කල් ඔයා තාම එ්කේද ඉන්නේ .(බ)

:       0       0

ගාමිණී කුවේට් Wednesday, 01 July 2015 09:41 AM

තිස්වෙනි පරාජයට ලකලැහැස්ති වුනොත් හොඳයි වගේ (බ)

:       0       0

ප්‍රියාන් Wednesday, 01 July 2015 09:43 AM

කවුරු මොනවා කීවත් මහින්ද දිනන්නෑ (බ)

:       0       0

සෑම් Wednesday, 01 July 2015 09:44 AM

මම මේක අහන්නේ උඩ කොමෙන්ට් දමා ඇති ලාල් කියන තැනැත්තාගෙන්. මහින්දව 8 වැනිදා ප්‍රතික්ෂේප වුණා නම් රනිල්ව කි පාරක් ජනතාව එපා කියල තියෙනවද? (බ)

:       0       0

ගාමිණී Wednesday, 01 July 2015 09:45 AM

හරින් ඔබ හරියට හරි (බ)

:       0       0

නෙලූ Wednesday, 01 July 2015 09:47 AM

මඩේ හිටෝපු ඉන්න වගේ වෙන්න මෛත්‍රීට වඩා මහින්ද හොද මහින්දගේ අගය දැනේවි මුස්ලිම් අන්තවාදී කල්ලියගෙන් කරදර වෙනකොට (බ)

:       0       0

සුදේශ් Wednesday, 01 July 2015 09:50 AM

මෙහෙමත් බයක් (බ)

:       0       0

ප්‍රසන්න Wednesday, 01 July 2015 09:55 AM

ඇයි ඔච්චර බය? (නි)

:       0       0

මහේෂ් Wednesday, 01 July 2015 04:06 PM

මහින්ද විශ්‍රාම ගියේ නැහැ, පැරදුනා. ඒත් ඒ සියලු පහසුකම් පවතින ආණ්ඩුව දුන්නා. විශ්‍රාමගිය ජනපති කෙනෙකුට මිසක් සිය ධූර කාලයවත් සම්පුර්ණ නොකර පැරදුන නායකයෙකුට එම පහසුකම් ලැබෙන්නේ නැහැ (නි)

:       0       0

කමල් Wednesday, 01 July 2015 09:56 AM

නෙලූ, ඔබ හරි (නි)

:       0       0

වීරසූරිය Wednesday, 01 July 2015 10:04 AM

අනේ අපි මහින්ද මහත්තයා ගැන බලාගන්නම් (නි)

:       0       0

ජේ.බී Wednesday, 01 July 2015 10:05 AM

දැනට රටේ තිබෙන වාතාවරණය අනුව සිංහලයන්ට කරන්න වෙලා තියෙන්නෙ මේ රට කෑලි කරන එක වළක්වා බුදුසසුණ රැක ගැනීමයි. ඒක කරන්න පුළුවන් සුදුසු එකම කෙනා මහින්ද විතරයි. එයාගෙ වැරදි නොතිබුනා නොවෙයි. ඒත් මේක මගේ පෞද්ගලික හැඟීම.ඔව් මහින්ද හම්බකර ගත්තාවෙ.ඒත් අපේ රටේ අනාගත පරපුරට නොබෙදුණු රටකුයි, සිංහලකමයි බෞද්ධාගමයි,මේක තාමත් බෞද්ධ රටක් බවයි බය නැතුව කියන්න ඉතුරු කරාවි.මට ඒ ඇති. (නි)

:       0       0

සචිත් Wednesday, 01 July 2015 10:19 AM

ඔයාලත් පම්පෝරි ගැහුවට කරපු දෙයක් නැහැනේ! (නි)

:       0       0

නාලනී පියදිගම Wednesday, 01 July 2015 10:22 AM

අනේ ඉතින් අනුන්ගේ කටවල් ගැන කතාකරන්න කලින් තමන්ගේ කට කොහොමද කියලා බලාගන්නවද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 01 July 2015 10:24 AM

කොහොම බැලුවත් මහින්දට බැහැ.ව්‍යවස්ථාවට අනුවත් එයා දැන් විශ්‍රාමිකයි. මේ ඔක්කොම අමතක කළත් ඡන්දදායකයෝ දෙනවා ඊළඟ පාර ඇපත් නැතිවෙන්නම (නි)

:       0       0

කුමාර Wednesday, 01 July 2015 10:24 AM

නැඟී එන තරුණ දේශපාලකයෙකු ලෙස ඔබ මහින්ද රාජපක්ෂ මහත්මා සමඟ පැටලෙන්නේ නැතුව හිටියොත් ඇඟට ගුණ වග කියන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 331 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2359 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 1999 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1484 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8306 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2449 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34488 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 486 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site