IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මහින්ද පුස් වෙඩිල්ලක්‘

"මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය බොල් හීනයක්. ඔහු යුග පුරුෂයෙක් කියන එක පුස් වෙඩිල්ලක් බවට පත් කරනවා. මෛත්‍රී - රනිල් සුසංයෝගයෙන් ඉදිරි  පස් වසරේ රට ස්ථාවරත්වයකට ගෙනයනවා." යි එක්සත් ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පාඨලී චම්පික රණවක මහතා අද (26) පෙරවරුවේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී සිය මැතිවරණ ප්‍රකාශනය ඉදිරිපත් කරමින් කීවේය.

"1947 දී එක්සත් ජාතික පක්ෂය බිහිවන විට සේනානායකවරුන්ගේ ලංකා ජාතික සංගමයත් බණ්ඩාරනායක මහතාගේ සිංහල මහා සභාව, කලීල් මහතාගේ මුස්ලිම් ලීගය සේම පොන්නම්බලම් මහතාගේ දෙමළ කොංග්‍රසය ආදී නොයෙකුත් ප්‍රවාහයන් එයට ඒකාබද්ධ වුණා. රටේ දෙවැනි නිදහස් යුගයේදී එක්සත් ජාතික පෙරමුණ නව සම්ප්‍රදායන් සමඟ එලෙස නව ප්‍රතිපත්ති තුළින් නව මිනිසුන්ගේ ගමන් මගක් ඇරඹුවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමහරුන් මේ වනවිට අගමැති පදවිය ගැන කථා කරනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පරිදි ජනාධිපතිතුමාගේ මතයට අනුව පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනාගත් පුද්ගලයා අගමැති බවට පත්වෙනවා. ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂට හැර වෙනත් ඕනෑම කෙනෙකුට අගමැති පදවිය ලබාදෙන බව ඊට පෙර සඳහන් කළා. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය බොල් හීනයක්. මහින්ද රාජපක්ෂ යුග පුරුෂයෙක් කියන එක පුස් වෙඩිල්ලක් බවට පත් කරනවා. මෛත්‍රී - රනිල් සුසංයෝගයෙන් ඉදිරි පස් වසරේ ස්ථාවරත්වයකට ගෙනයනවා.

අපි හුදු විවේචකයින් විචාරකයින් නොවේ. හැමවිටම කටයුතු කළේ ප්‍රතිපත්ති මත. දූෂණයෙන් වංචාවෙන් තොර අමාත්‍යංශ පවත්වාගෙන යන්නේ කෙලෙසද යන ආදර්ශය රටටම ලබාදුන්නේ අපි. නැනෝ තාක්ෂණය, ජාන තාක්ෂණය, අභ්‍යවකාශ තාක්ෂණය රටට ගෙන එන යෝධ සැළැස්මක් ඉදිරිපත් කළේ අපි. විදුලිබල ක්ෂේත්‍රයේ පුණර්ජනනීය ‍වෙනස ඇති කළේ අපි.

අපි ඉදිරිපත්කරන ප්‍රතිපත්ති සුන්දර වචන මාලාවක් පමණක් නොවේ. එය රටට වැඩක්කර, ස්ථාවරත්වයක් තහවුරු කරගෙන ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මාලාවක්.  මේ වන විට රට ශාපලත් පවුල් පාලනයෙන් මිදිල තිබෙනවා. බස් රැලි යුගය අවසන්. සමෘද්ධිය ලබා ගන්නා අහිංසක ජනතාව දේශපාලන වහලුන් බවට පත් කළ යුගය අවසන්. ජාවාරම්කාරයින්ගේ මුදල් වලින් පොස්ටර් කටවුට් ප්‍රදර්ශනය කළ යුගය අවසන්. විදුලිය ලබාදීම මැතිවරණ පොරොන්දුවක් කරගත්ත යුගය අවසන්. මින් ඉදිරියට රට බෙදෙන්නේ නැහැ. රට ගමන් කරන්නේ ඒකීයත්වයෙන් ඒකීයත්වයට. ප්‍රජාතන්තවාදී ප්‍රවාහයේ මතවාදී වෙනසක් සමඟ රට ඉදිරියට ගමන් කරනවා." යැයි පැවසීය.

මෙම අවස්ථාවට ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි. නාකුළුගමුවේ ප්‍රේමතිලක හිමි, රන්පත්වල විමල හිමි, ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ හේමා ප්‍රෙමදාස මහත්මිය ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වූහ.  

02(9) 03(9) 04(7)



අදහස් (0)

‘මහින්ද පුස් වෙඩිල්ලක්‘

මහේෂ් Sunday, 26 July 2015 12:03 PM

ඔබතුමා මේ යු එන් පී එක එක්ක එකතුවෙලා මේ කරන පාවාදීම නම් පිළිකුල් සහගතයි (නදී)

:       0       0

චතුරි Sunday, 26 July 2015 12:13 PM

මින්පසු චතුරි නමින් මා නැත. ඊයේ දිනයේ සිට වෙන නමක් යොදා ගෙන ඇත (නදී)

:       0       0

අනුර Sunday, 26 July 2015 12:31 PM

පුස් වෙඩිල්ල චම්පිකම තමා. මෙයා ලෝකයට බොරු මූණක් දාන විහිලු කතා සපයන්නෙක්.(නදී)

:       0       0

ශ්‍රීනාත් Sunday, 26 July 2015 12:36 PM

එදා ජාතිය බේරගත්ත නායකයා කියල කියපු කටින්ද ඔය කතා කරන්නේ ,මතක තියාගන්න ලංකාවේ මොන බලවේගය නැති වුනත් තාම හෙන ගහනවා (බ)

:       0       0

අජිත් Sunday, 26 July 2015 12:37 PM

ඔබ කියන ශාප ලත් පවුල ,තමුන්ගේ පවුල ගැන නොහිත කොටි ඉවර කරපු නිසා ,ඔබ අද ඔහොම කියන්න ජීවත් වෙනවා. (බ)

:       0       0

සෞදි රොහාන් Sunday, 26 July 2015 09:47 AM

ඕක අායෙ කියන්න දෙයක්ද මතට තිත කිව කට්ටිය හොදට මත් වුන සාක්කුව එහෙමත් හොදට තර කරගත්ත ආසියාවේ අාශ්චර්ය කිව රටේ නිතිය බල්ලට ගිය ඔක්කොම පුස් වෙඩි තමා (බ)

:       0       0

චන්දා Sunday, 26 July 2015 09:52 AM

නව ප්‍රතිපත්ති ප්‍රකාශනයට මාරු වීමද මේ පිළිගන්වන්නේ (බ)

:       0       0

පියලාල් Sunday, 26 July 2015 10:10 AM

පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනාගත යුත්තේ කථානායක වීමටයි. අගමැතිවරයා තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගත් පක්ෂයේ බහුතර කැමැත්තට අනුවයි.(ම)

:       0       0

සුදෙල්මි Sunday, 26 July 2015 10:30 AM

රටේ ජනතාවට නිදහසේ තීරණයක් ගන්න ලංකාවේ පළවෙනි වරට ලැබුණ මේ අවස්ථව හරියට කල්පනා කරලා උගත් නැණවත් තරුණ පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න . හුගක් පාර්ලිමේන්තුවේ ඉන්න අය දැන් යල් පැනපු කට්ටිය මේ අය රටට වැඩක් කරනම් අපේ රට දැන් ලෝකේ දියුණුම රටවෙලා . (ම)

:       0       0

ප්‍රකාශ් Sunday, 26 July 2015 11:01 AM

කිසිම ප්‍රතිපත්තියක් නැති බල ලෝභයට ගිජු නිවට ද්‍රෝහී නඩය ඩොලර් සඳහා ගෙන යන කුමන්ත්‍රණ ජනතාව තේරුම් ගෙන මොවුන් මේ රටේ දේශපාලනයෙන් ඉවත් කළ යුතුය. (බ)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Sunday, 26 July 2015 11:20 AM

මතට තිත තිබ්බ කාලේ තමා ඉතා බහුලවම මත් පැන් අලවිය සහ මත් පැන් බිම වැඩි උනේ, මත් කුඩු වෙළදාම සහ පාවිච්චිය ලංකා ඉතිහාසයේ ඉතාමත් ඉහල ගියේ මේ කාලයේ (නදී)

:       0       0

ක්‍රිස්ටි Sunday, 26 July 2015 11:21 AM

අත්තෙන් අත්තට පනින කුරැල්ලා බිමට වැටුනම චෝරු කුරුල්ලා. (ස)

:       0       0

අනුර Sunday, 26 July 2015 11:21 AM

මේ තරම් හිටගෙන බොරු ගහන මිනිසෙක් අපට හමුවී නොමැත. ඇට නොමැති දිව නමා යුද්ධය ඇතුළු සියලු දේවල ගරුත්වය තමාට හිමි විය යුතු බව තමා මෙයා කියන්නේ. දන්නෝ දනිති කියන්නේ මේවට තමා . (ස)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Sunday, 26 July 2015 11:26 AM

මෙතෙක් බිහිවූ පුස්ම වෙඩිල්ල ඔබ තුමා බව පිළිගන්න (බ)

:       0       0

උක්කුබණ්ඩා Sunday, 26 July 2015 11:28 AM

මුස්ලිම් ලීගය සේම දෙමළ කොංග්‍රසය ආදී නොයෙකුත් ප්‍රවාහයන් එයට ඒකාබද්ධ වුණා නමුත් එදා මුස්ලිම් පළාත් සහ දෙමල පළාත් බෙදාගන්න කිසිවෙක් ගිවිසුම් ගැහුවේ නැහැ කියලා හිවල්ලුන්ට මතක නැහැ. (බ)

:       0       0

විජේසුන්දෙර ප්‍රංශය Sunday, 26 July 2015 11:29 AM

ජීව උණ්ඩයක් වී සිටි ඔබ... (බ)

:       0       0

ක්‍රිස් Sunday, 26 July 2015 11:59 AM

කව්ද පුස් කියල රටම දන්නවා නිකන් බොරු කියන්න එපා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 43 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1374 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 870 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1455 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1116 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2562 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20731 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19608 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site