IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘මහින්ද බේරෙන්න කෝටි 13ක් ගෙවලා‘

2009 දී යුද්ධයේ අවසන් අදියරේදී සිදු වීයැයි කියන මානව හිමිකම් කඩවීම් දෑ පිළිබඳ පරීක්ෂා කිරීමට හිටපු ජනාධිපතිවරයා මාස හතක කාලයක් සඳහා ලබා ගත්  ජගත් විශේෂඥ සහාය හා එම කාර්යයේ නිරතවූ පුද්ගලයින් වෙනුවෙන් රුපියල් මිලියන 135 කට අධික මුදලක් වියදම් කර ඇති බව හෙළිවී ඇතැයිද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටී.

එමෙන්ම එක් අයෙක් හෝ දෙදෙනෙක් සඳහා අදාල සේවා සැපයීම වෙනුවෙන් පවුම් 55000 කට වැඩි මුදලක් ගෙවා ඇති බවටද අනාවරණය වී ඇති බව අමාත්‍ය සමරවීර මහතා පෙන්වා දී ඇතැයි විදේශ   අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම නිවේදනයෙන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා වැඩිදුරටත් කියා සිටින්නේ ඉකුත් රාජපක්ෂ රෙජීමය සමයේ මහ බැංකුව සහ අනෙකුත් රාජ්‍ය ආයතන තම කීර්තිනාමය වර්ධනය කර ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර මහජන සබඳතා ආයතන සඳහා රුපියල් කෝටි 200ක මුදලක් වැය කොට ඇති බවය.

එලෙස මුදල් වියදම් කරනු ලැබ ඇත්තේ තොම්සන් ඇඩ්වයිසරි ගෘප්, ඛෙල්ට් වේ ගවර්න්මන්ට් ස්ට්‍රැටජීස් හා ලිබර්ටීස් ඉන්ටර්නැෂනල් ගෘප් යන ජාත්‍යන්තර මහජන සබඳතා ආයතන සඳහා යැයිද හෙතෙම කියා සිටී.

 ඒ අනුව ඉකුත් රාජපක්ෂ රජය රටේ මහජනතාවගේ බදු මුදල් වියදම් කරමින් ජාත්‍යන්තර විශේෂඥ සහාය ලබා ගත්තා මිස මිතුරු රාජ්‍යයන් හොඳහිත මත ලබාදීමට කැමති වූ සේවා ලබා ගැනීමට කටයුතු නොකළ බව  විදේශ අමාත්‍යවරයා කියා සිටී.



අදහස් (0)

‘මහින්ද බේරෙන්න කෝටි 13ක් ගෙවලා‘

සනත් ඉන්දික Thursday, 02 July 2015 08:28 AM

තිලක් ඩුබායි කීවට ඉන්නේ ලංකාවේ වගේ දිනක වැටුප රුපියල් 1600යි (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 01 July 2015 05:04 PM

ලෝකයේ ධනවතුන් අත්තර් ඉදිරියෙන්ම බැබළෙන මහින්දව නිකම්ම ගෙදර යවල බැහැ.කරලා තිබෙන අපරාධ වල හැටියට බරපතල වැඩ ඇතුවයි යවන්න ඕනෑ. (නි)

:       0       0

ටෙන්සිල් Wednesday, 01 July 2015 05:06 PM

කෝටි 13ක් කියන්නේ සුළුපටු ගණනක්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 01 July 2015 05:06 PM

මම නිකන්ද කියන්නේ රාජපක්ෂලාට මහජන මුදල් රුපියල් කෝටි ප්‍රකෝටි කියන්නේ "කජු ඇට" "කොස් ඇට" වගේ කියලා.මට දුක තවමත් අපේ රටේ "බත් කන හරක්" ඉන්න එක ගැනයි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 01 July 2015 05:08 PM

පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය සහ පුද්ගලික බැංකු වලින් විතරක් රුපියල් කෝටි ලක්ෂ 2 ක් අරගෙන තවමත් ගෙවලා නැහැ කියලා පුවත්පතක විස්තර සහිතවම පෙන්වල දීලා තිබුනා. (නි)

:       0       0

සෙනරත් Wednesday, 01 July 2015 05:44 PM

අර ඊලාම් ඩයස්පෝරා කාරයෝ ටික ගෙන්වලා රටෙන් කොටසක් වෙන් කරලා දුන්නා නම් කොටි 13 ක් නොවෙයි 130 ක් සාක්කුවට දමා ගත හැකියි. එතකොට පාඩුවක් වෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

පුරවැසි Wednesday, 01 July 2015 11:26 AM

ඉන්දියානු අදිරදයෝ කවමදාවත් මහින්දට සමාවක් දෙන්නේ නැත. ඔවුන්ට ඕනෑ කරන්නේ ඉන්දියානු අදිරදයට ගැතිකම් කරන රජයකි. (නදී)

:       0       0

දුසින්ද Wednesday, 01 July 2015 11:33 AM

තවත් ඡන්ද ප්‍රතිපලයක් (නදී)

:       0       0

කුමාර Wednesday, 01 July 2015 11:46 AM

තවත් ඉතින් දෙමුකො අගමැතිකමකුත් (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Wednesday, 01 July 2015 11:59 AM

ඕව කියා කියා ඉන්නවා ..මාස 6ක් ඔහෙලා පොල් ගෑවද විදේශ ඇමති තුමෝ. (නදී)

:       0       0

දහම් Wednesday, 01 July 2015 12:01 PM

හා එහෙමද? එහෙනම් මහ බැංකු ගැහිල්ල වගේ එකක් නෙමෙයි. සේවයක් ලබා ගැනීම සඳහා වියදම් කරලා. (නදී)

:       0       0

ප්‍රියංකා Wednesday, 01 July 2015 12:06 PM

කෝටි 13 කින් බේරෙන්න බැරි බව ජනවාරි 8 පැවති ජනපතිවරණයේදී රටේ ජනතාව ඔප්පු කළා. (නි)

:       0       0

සුනිල් Wednesday, 01 July 2015 12:11 PM

ඉතින් මොකද? එයාගේ ගෙදරින් ගෙනාපු සල්ලි මිසක් අපේ රටේ සල්ලි යෑ(නදී)

:       0       0

සුදේස් Wednesday, 01 July 2015 12:16 PM

දැන් ඔය මොනවා කීවත් වැඩක් නැහැ. එතුමා අගමැති වෙන එක නවත්වන්න බෑ (නදී)

:       0       0

රවි බණ්ඩාර Wednesday, 01 July 2015 11:24 PM

ඔය කීවෙනි බොරුවද? හැම දේශපාලකයම බොරු කියනව තමයි. (නදී)

:       0       0

සුදේස් Wednesday, 01 July 2015 12:28 PM

කෝටි 13ක් නෙවෙයි 1300ක් ගෙවුවත් මොකද?. එතුමා රටේ යුද්ධය ඉවර කලා. සේවය අනුස්මරණියයි.(නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Wednesday, 01 July 2015 12:31 PM

ආයිත් අවොත් ජනතාවට වැලේ වැල් නැති වෙනවා (නදී)

:       0       0

සුමිත් Wednesday, 01 July 2015 12:31 PM

තව කන්න අායිත් එනවා. (නදී)

:       0       0

වජිර Wednesday, 01 July 2015 12:34 PM

2009 යුද්ධය ඉවර කරලා බේරුනේ මහින්ද විතරද ?. අනේ මෙහෙමත් ගුණමකු මිනිසුන්. (නදී)

:       0       0

ඉන්දික Wednesday, 01 July 2015 12:42 PM

දැන් මෙහෙම ගිහින් යුද්දේ දිනපු එකත් පාඩුයි කියයි. ඒ කාලේ ලංකාවේ ජනතාව තීරණය කරලා තිබුනේ සල්ලි වලට වඩා රට, ජාතිය, ජීවිත, ජාතික අබිමානය වටිනවා කියලා. ඇත්තටම ඇයි මේ අයට බැරි සංවර්දන වැඩ පිළිවෙලක් හදල රට සංවර්දනය කරන්න. (නදී)

:       0       0

සත්‍යයා Thursday, 02 July 2015 12:38 AM

බලනකොට කවුරුත් එකයි. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 02 July 2015 12:45 AM

හිටපු එකාට අවලාද නඟනවා මිසක් කළ දෙයක් හෝ කරන දෙයක් ගැන කතා නැහැ.අඩුම වශයෙන් හිත සැනසෙන්නවත් දෙයක් කියන්නකො.මොකද අපි අඳ,ගොළු,බිහිරෝ කියලා හිතුවද? (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 01 July 2015 12:48 PM

කියව, කියව ඉන්නවා විතරයි. කරන බම්බුවක් නැහැ. කතා කරපල්ලකෝ රටට කරන සංවර්ධන වැඩ පිළිවෙලවල් ගැන..(නදී)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 12:51 PM

මෙයා කතන්දර කියනවා ඉවරයක් නැහැ. ඕකමනේ කලින් සැරෙත් කලේ (නදී)

:       0       0

ගාමිණී Wednesday, 01 July 2015 12:54 PM

ඹීට වඩා ගෙවල හරි බේරගන්න ඕනේ. යුද්ධය දිගටම තිබ්බා නම් කොහොමද. ජීවිත හානි සහ මුදල් හානි. සමහර අයට අතීතය අමතක වෙලා. (නදී)

:       0       0

ලංකා Thursday, 02 July 2015 01:35 AM

අාපු දින සීයට රටවල් වල සංචාර ගියානේ. ලංකාවට ගෙනාවේ මොනවද ? අර ඩයස්පෝරා කාරයෝ ටික ගෙන්වලා මිටින් තියන්න නේද සුදානම. (නදී)

:       0       0

ඡයා Wednesday, 01 July 2015 12:59 PM

ඔය කියන පුද්ගලයා ඇතුළු නඩයේ අය ලංකා රජයට කල අභූත චෝදනා වලින් මිදෙන්ට තමා ඔවැනි මුදලක් වියදම් කරන්ට වුනේ. මේවා ඉතින් කාට කියන්ටද. දැන් ඉතින් නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගෙනේ. සමහරු කොමෙන්ට් දාන්නේ අකාලේ ලංකාවේ හිටියේ නෑ වගේනේ. හිටියේ ඇදන් යටද. (නදී)

:       0       0

රවින්ද්‍ර Wednesday, 01 July 2015 01:17 PM

ඕවා කියලා තවත් අපිව අන්දන්නට බැහැ...කෝ කුඩු හොරු.. කෝ මහා බැංකු හොරු (නදී)

:       0       0

දම්මික Wednesday, 01 July 2015 01:39 PM

පිවිතුරු යහපාල, මහින්ද දිනනවා කියලා ඔච්චර විශ්වාස නම් රෑ එළිවෙනතුරු මෙතන මහින්දට කඩේ යන්නේ ඇයි? නිදහසේ නිදාගන්නකො. (නි)

:       0       0

විජිත් Thursday, 02 July 2015 02:55 AM

ඉතින් ඔය ප්‍රශ්නයම ඇතිනේ එයාට විරුද්ධව චෝදනා ගෙනල්ලා ක්‍රියාමාර්ගයක් ගන්න (නි)

:       0       0

ජානක Thursday, 02 July 2015 03:20 AM

දැන් මාස පහකට වැඩිය තිබුනා ඔය කියන දේවල් අල්ලන්න. එ්ත් කිසි දෙයක් කෙරුවේ නැහැ. දැන් තව බොරු කියනවා මේ දවස් වල බොරු කීම වැඩි වෙලා.(නදී)

:       0       0

ඉනෝකා Wednesday, 01 July 2015 02:16 PM

මේවා අපි කාට කියන්නද? (නි)

:       0       0

බටුගෙදර Wednesday, 01 July 2015 02:17 PM

අනේ ඇත්තට,මේවා අපේම සල්ලි නේද? (නි)

:       0       0

දිනෙත් Wednesday, 01 July 2015 02:28 PM

එතුමාට ගහන්න ගහන්න ඡන්ද වැඩිවෙනවා.දිගටම කරගෙන යන්න. (නි)

:       0       0

සත්‍යා Thursday, 02 July 2015 03:49 AM

මට නම් විශ්වාස නැහැ විදේශ ඇමති ඇත්තමද කියන්නේ කියලා. (නදී)

:       0       0

විජයබාහු Wednesday, 01 July 2015 02:38 PM

නැහැ නැහැ බටුගෙදර, ඔයාගේ සල්ලි ටික තවම තිබෙනවා. අපේ සල්ලි අපි දුන්නේ. (නි)

:       0       0

යසන්ත Wednesday, 01 July 2015 02:39 PM

දැන්ද මේවා කියන්නේ? (නි)

:       0       0

සමරවීර Thursday, 02 July 2015 05:19 AM

කවදත් අපි මහින්දට.(හේ)

:       0       0

යටවත්ත Wednesday, 01 July 2015 03:24 PM

අපි කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

රේණු Thursday, 02 July 2015 05:35 AM

මෙය විශේශ සේවයක් ලබාගැනිම වෙනුවෙන් දරණ ලද පිරිවැයක්. මහින්ද ජනාධිපතිතුමන් තම පුද්ගලීක අරමුණක් සාක්ෂාත්කර ගැනිමට ගොස් සිදුවු සිද්ධියක් නිසා උපදෙස් ලබා ගැනිමක් නොව දහස් ගණන් මරණ ප්‍රකෝටි ගණන් ධනය දේපල විනාශ කරන යුද්ධයක් නැවතිම වෙනුවෙන් ඔහුට සහ යුද විරුවන්ට එරෙහිවන දේශීය හා විදේශිය බලවෙිග වලට මුහුණදිම සදහා සුදානමිවිමක්.(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Wednesday, 01 July 2015 03:30 PM

විදුලි පුටුවට වුණත් නඟින්න සූදානම් කියලා එදා කිවුවේ විහිලුවට වෙන්න ඇති.... (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Wednesday, 01 July 2015 04:25 PM

මට පේන විදිහට මෙතුමා කියන දූෂණ සංඛ්‍යා එකතු කරානම් රුපියල් අසංඛ්‍යත් ඉක්මවලා? මුළු ලෝකෙම ප්‍රාග්ධනය එකතු කරත් ඉන් දශමයක්වත් නැද්ද කොහේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 329 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2355 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 1996 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1481 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8300 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 2444 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34484 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24003 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 486 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 216 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site