IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහින්ද බලන්න ඇවිත්

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවීමට රටේ බොහෝ ප්‍රදේශවලින් පිරිස් සෙනසුරාදාත් (21) තංගල්ලේ කාල්ටන් නිවසට ආහ.

A B C



අදහස් (0)

මහින්ද බලන්න ඇවිත්

ධර්මේ Sunday, 22 February 2015 08:01 AM

කවුරු මොන පක්ෂයේ උනත් කම නැහැ අපි සිංහලයන් කොන්ද පන ඇතිව ඉන්නේ එතුමා නිසා(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 23 February 2015 03:08 AM

දැන් කොච්චර ගියත් මොකටද?,ඡන්දේ වෙලාවේ කවුරුත් හිටියේ නෑනේ (දිල්) 

:       0       0

නවින් Sunday, 22 February 2015 08:01 AM

දැන් මෙතැන කි දෙනෙක් විලාප තිය තියා ඇඩුවා කියලා ගණන් කරලාද තියෙන්නේ ? (දිල්)

:       0       0

රෝලක් Monday, 23 February 2015 01:00 PM

මහින්ද මහතාගේ හොඳ දේවල් තිබුනා. ඒ දේවල් අගය කළ යුතුයි. (හේ)

:       0       0

සංජීව Monday, 23 February 2015 03:14 AM

කුමන්ත්‍රණ පරදවා නැවත ලංකා දේශයට සේවය කරන්න අගමැති වෙලා එන්නට සියලු දෙවි දේවතා සරණ ලැබේවා !!. (හේ)

:       0       0

හසිත් Sunday, 22 February 2015 08:08 AM

මම හිතන්නේ මේ ඔක්කොම අර මාලිගාව ඉස්සර කාර් රේස් යනකොට මෙලෝ සිහියක් නැතිව හුරේ දාපු උදවිය වෙන්න ඇති. (දිල්)

:       0       0

අහිංසා Monday, 23 February 2015 03:30 AM

මාලිකා කියන කෙනා කියන විදියට මෛත්‍රි මහතා මඩ තියා වැලි කැටයක්වත් ගහලා නෑ වගේ.හැම එකාටම නිදහසේ පාරක යන්න පුළුවන් වෙන්න කොටියාව එලොව යවපු මනුස්සයව මතක නැති මිනිස්සුන්ට මොනව කියන්න බැරිද (දිල්)

:       0       0

අමිත් Sunday, 22 February 2015 08:12 AM

අපේ සදාදරණිය ජනපති .අපි ඡන්දෙ ඔබේ නමට පමණි (දිල්)

:       0       0

සෙනරත් Sunday, 22 February 2015 08:23 AM

ඔබතුමා සදහටම අපේ හදවත් වල රැදෙන නායකයෙක්. තව අවුරුද්දක් යන්න කළින් ඔබතුමාගේ වටිනාකම අදටත් වැඩිය දැනේවි. එක ස්තිරඊ මේ යන විදියට. ඔබතුමාට නිරෝගී සුවය දිර්ගායු පතනවා. (දිල්)

:       0       0

රණසිංහ Monday, 23 February 2015 03:33 AM

කෙවින් ඔයා කුරුඳුවත්තේ වුණාට ගම්වල අහිංසක මිනිස්සුන්ට අපහස කරන්න එපා. මොනවා වුණත් ඒ මිනිස්සු අභිමානයකින් ජීවත් වෙනවා ගම්වල. (දිල්)

:       0       0

රොෂෙන් Monday, 23 February 2015 03:34 AM

අනිවාර්යෙන් ජය ලැබේවි ඔබතුමන්ට (දිල්) 

:       0       0

රොෂාන් Monday, 23 February 2015 03:34 AM

අනිවා ජයවේවා ඔබතුමාට ..(අ)

:       0       0

වසන්ත Sunday, 22 February 2015 08:33 AM

ලංකාවේ මිනිස්සුන්ට හැමදේම තේරුම් ගන්න ටිකක් කල් යනවා. ඔබ තුමාගේ නම සදාකල් මිනිසුන් සිහිපත් කරාවී. ඔබතුමාගේ වැරදි හදාගෙන නැවතත් එන්න. පිරිසිදු උගත් මිනිසුන් ලංකරගන්න. ලක්මව ඔබ එනතුරු බලාසිටි. (නදී)

:       0       0

ජානක Monday, 23 February 2015 03:36 AM

වෙන්න පුළුවන් .. පුන්නක්කු කාපු ගතියක් පේන්න තියනව .. හැබැයි අනිත් පාර්ශ්වය කන්නෙ පිදුරු කියල දැන් දැන් හොදටම පේනව (අ)

:       0       0

මාලතී Monday, 23 February 2015 01:12 PM

පවුල් ගහක් ඇදලා එදත් සිරිමාවෝ මැතිනිය පරාජය කරලා, මිනිස්සු පස්සේ ලත උනෙත් මෙහෙමෙ තමා. දැන් මුහුණු පොතේ ළදරුවෝ ඒවා දන්නේ නෑනේ. (නදී)

:       0       0

කල්හාරි Sunday, 22 February 2015 08:34 AM

මේ මිනිසුන්ට මොලේ කඳුලක් නැත්ද ? (නදී)

:       0       0

එරංගනී Monday, 23 February 2015 03:39 AM

මේ යන අය දැක්කම සමහර අයට බය හිතනවා ඒකයි මේ කෑ ගැසීම . (අ)

:       0       0

ජානක Monday, 23 February 2015 03:39 AM

විරාජ් ට පෙන්නේ නැද්ද අද‍ වෙනස මොකක්ද කියල ... ඒක කරන්න පස් කාගෙන උපරිමෙන්ම ට්‍ර්‍රයි .. ඒත් බෑ ඒකයි වෙනස(අ)

:       0       0

වරුෂ Sunday, 22 February 2015 08:37 AM

ලලිත් මහත්තයෝ, මිනිස්සුන්ට වියදම් කරගෙන නිකන් එතුමා බලන්න යන්න පිස්සු නැහැ. අධාර කරුවන් නොවන අයට කොහෙත්ම එහෙම වෙන්න විදිහකුත් නැහැ. මේ රටේ මිනිස්සුන්ට එතුමා හොදට පෙනී ඉදලා තමා රට පාලනය කලේ. ආපහු අමුතුවෙන් දකින්න පෙරහැරේ යන්න ඕනැද? මේ මිනිස්සු යන්නේ එතුමට තියෙන ආදරේට ගෞරවයට එතුමා කල සේවයට. එදා බස් බෝමබ වලට බයේ සැමියයි බිරිදයි එක බස් එකේ රැකියාවට ගියේ නැහැ. එ්වා මිනිස්සුන්ට අමතක නැහැ ලලිත් මහත්තයෝ (නදී)

:       0       0

නුවන් Monday, 23 February 2015 03:39 AM

මේ මිනිස්සු බත් පැකට් එකයි අරක්කු බාගෙයි දීල ලංගම බස්වලින් ගෙන්නන මිනිස්සු නැතුව මහින්ද බලන්න එන්නේ කවුද මහින්ද මොනවද මේ රටට කලේ (අ)

:       0       0

උමේෂ් Sunday, 22 February 2015 08:37 AM

අර කුලියට අඬන පලාතෙන් නම් හුඟ දෙනෙක් යන්න ඇති. (නදී)

:       0       0

මාලනී Sunday, 22 February 2015 08:38 AM

බලය නැතිවිට නායකයෙක් බලන්න මෙහෙම එන්නේ නැහැ මොන රටකවත්. එතුමා ජන හදවත්වල සදාකාලික නායකයා වෙලා (නදී)

:       0       0

මහරැ Monday, 23 February 2015 03:40 AM

මේ වගේ නුගත් අය ඉදිර්යේදී රටට ප්‍රශ්නයක්. (අ)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 08:39 AM

ලලිත් ගේ දී කිරට කොළ පාට බළල්ලුත් සාක්කිලු (නදී)

:       0       0

මුදිතා Sunday, 22 February 2015 08:39 AM

පරාක්‍රමබාහු, දුටුගැමුණු රජවරු නැතිව උනත් ලංකාව විනාශ උනේ නැහැ. කාලය ඉදිරියට යනවා. මහින්ද නැතුවට ලංකාවේ මිනිස්සු මැරෙන්නේ නැහැ. කාලයත් එක්ක නායකයෝ එනවා යනවා. මොකද මහින්ද උනත් වසර 1000 ජීවත් වෙනවද ? ලංකාවේ පැවැත්ම වසර 1000 ද ? මෝඩ මිනිස්සු. (නදී)

:       0       0

ධනංජය Monday, 23 February 2015 03:43 AM

අනේ පවු. අපේ මිනිස්සු තාම හිතාගන ඉන්නේ තව අපි ඉන්නේ රජතුමාගේ වැඩ වසම් යුගයේ කියල. ගමේ කට්ටියට බස් දුන්නම යනවා තමා බලන්න. මොකද ඒකාලේ දොලුකන්දට පිරිත් පැන් බොන්න ගිය කට්ටියනේ.(අ)

:       0       0

කමල් Sunday, 22 February 2015 08:39 AM

ආ කෝ එහෙ ගිහින් පක්ෂ සංවිධායක කියපු විදියටම අඬපු කට්ටිය අත උස්සන්න බලන්න(නදී).

:       0       0

කනිෂ්ක Sunday, 22 February 2015 08:41 AM

ලම්බෝගිනි බල බල , ආකේඩ් එකෙන් කාලා , ව්‍යායාම තීරුවේ දුවලා පිට ඔපේට බොරු සෝබනේ දාගෙන ඉන්න පුළුවන් නම් සමහරුන්ට ඊට වැඩිය දෙයක් නැහැ. (නදී)

:       0       0

ඉන්දික Monday, 23 February 2015 03:45 AM

සිංහල ජාතියත් බුද්ධ ශාසනෙත් රැකෙන්න නම් ඔබ වැනි නායකයෙක් රටට ඕනේ මේ සිංහල අපේ රටයි. (අ)

:       0       0

නිලාන් දෝහා කටාර් සිට Sunday, 22 February 2015 08:44 AM

බඩජාරි දෙශාපලකයින් මහින්ද හිටපු ජන්දීපති තුමන්ට අවමන් කර ,කොන් කරන්න හැදුවත්, ඒවාට නොරැවටුණු බුද්ධිමත් ජනතාව හැමදාම මහින්ද සමගයි. (නදී)

:       0       0

ශාන්ත Monday, 23 February 2015 03:51 AM

නායකයෙකු වශයෙන් ඔහු හොඳයි. නමුත් ඔහුට සල්ලි ලැබෙනකොට සැප වැඩිවෙනකොට අතීතය අමතකවුණා, තණ්හාව වැඩිවුණා, තමන්ට තමන් පාලනය කරගන්න බැරිවුණා (නි)

:       0       0

සමන් Sunday, 22 February 2015 08:48 AM

මේවා දැක්කම හිනත් යනවා.(හේ)

:       0       0

මාලිකා Sunday, 22 February 2015 08:49 AM

බලයේ රැඳී ඉන්න කළ වැඩ ටික මට නම් මතක් වෙන කොටත් කනගාටුයි. ප්‍රතිවාදී අපේක්ෂකයාගේ පවුල් ජීවිතේටත් හානි වෙන්න පුළුවන් විදියට රූපවාහිනියෙන් මඩ ගැහුවා නේ. එදා තමයි මගේ ඡන්දය අනිත් පැත්තට ගියේ. (හේ)

:       0       0

දිලුම් Monday, 23 February 2015 03:53 AM

මේකේ අදහස් දාන සමහර අයට කෑම තමයි ප්‍රධානම දේ. ඒත් එතනට එන මිනිස්සු එන්නේ ඒ කිසිදෙයක් බලාගෙන නෙමෙයි (නි)

:       0       0

සමන්ජය - පැරිස් Monday, 23 February 2015 01:33 PM

මම ලබන අප්‍රේල් වල ලංකාවට ආවම, අපේ බන්දුල පෙරේරාත් එක්ක යනවා එතුමාව බලන්න. (නදී)

:       0       0

බන්දුල Sunday, 22 February 2015 09:00 AM

දැන් උන්නැහේ දන්සල් දෙන්නේ නැද්ද ?(හේ)

:       0       0

ජගත් Sunday, 22 February 2015 09:06 AM

බලන්න එන කට්ටියගේ බබාලා වඩා ගන්නේ නැද්ද? (හේ)

:       0       0

අජන්ත Sunday, 22 February 2015 09:13 AM

බලන්න වටිනා මනුස්සයෙක්,(හේ)

:       0       0

තිලක් Sunday, 22 February 2015 09:15 AM

කාට පිස්සුද කියලා තේරෙන්නේ නෑ (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 22 February 2015 09:32 AM

අපරාදේ අවරුදු දෙකකට කලින් ඡන්දයක් තියලා ගෙදර යන්න වුනේ ,තව අවරුදු දෙකක් හිටියනම් කිසිම කරදරයක් නැතිවම "ෂී ෂෙල්" වල තවත් ඩොලර් කොටි ප්‍රකෝටි ගානක් තැන්පත් කර ගන්න තිබුණා කියලා හිතෙනවා ඇති.(දිල්)

:       0       0

රවි බණ්ඩාර Monday, 23 February 2015 04:09 AM

මේ වගේ වාසනාවන්ත නායකයෙක් මේ දක්වා ලංකාවෙ හිටියෙ නැහැ. බලයේ ඉන්නතුරු විතරයි අනිත් හිටපු නායකයන්ට සැළකුවෙ. ජන බලය එකක්, ජන ප්‍රසාදය තව එකක්. (නි)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 22 February 2015 09:35 AM

රටේ මුළු දනස්කන්දයම ගසා කාල සුපිරි ජිවිතයක් ගත කළ ලිබියාවේ ගඩාෆි ලංකාවේ හිටියනම් ඒ අපේ අය යයි නේද බලන්න (දිල්)

:       0       0

සම්පත් වික්‍රමාරච්චි Sunday, 22 February 2015 09:36 AM

මහින්ද ගෝඨාභය සුසංයෝගය නොවන්නට තවමත් අපි එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් බැට කනවා. කාට ඡන්දය දුන්නත් කවුරු කවුරුත් අද නිදහසේ හුස්ම ගන්නේ ඒ දෙන්නා නිසා. ඒ ණය අපට කවදාවත් ගෙවා නිම කරන්න බෑ. ඒ කාලේ හිටපු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලීසිය මනාව කළමනාකරණය කළේ ගෝඨාභය. ඒ ඔහු සක්‍රීය සේවයේ සිටි හමුදා නිලධාරියෙක් වූ නිසා. (දිල්)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 22 February 2015 09:36 AM

ලංකාවේ පුන්නකු මිලට නම් අත තියන්න එපා.තවත් සහනාධාර දීල මිල ගණන් ඉස්තාවරම තියා ගන්න බලන්න.(දිල්)

:       0       0

රමනී Sunday, 22 February 2015 09:36 AM

ජයවේවා ! සෙනරත් කිව්ව දේ හරි (දිල්) 

:       0       0

සරත් පෙරේරා Sunday, 22 February 2015 09:48 AM

ලංකා මාතාව බේරාගත්තට ඔබට සඳා ණයගැතියි, (හේ)

:       0       0

සුගත් Monday, 23 February 2015 04:24 AM

අපේ කොන්ද පණ තිබෙන්නේ එයා නිසාලු. මොන විහිළු කතාද? අපි දුක් විඳින්නේ ඒ පවුලේ කට්ටිය නිසා. (නි)

:       0       0

ප්‍රගීත් Monday, 23 February 2015 04:25 AM

මොනවා බලන්නද එයාගේ? (නි)

:       0       0

රණවක Sunday, 22 February 2015 09:58 AM

රටට ආදරය කරන මිනිසුන්, රට බේරාගත් මහින්ද මහත්තයා සමග කවදත් ඉන්නවා.ඒ කෙළෙහිගුණ දන්නා මිනිසුන්ගේ ගතියයි.(හේ)

:       0       0

රමණි Sunday, 22 February 2015 10:00 AM

අපේ දිවි තිබෙන තුරා අපි ඔබ සමගයි.(හේ)

:       0       0

විජිත Sunday, 22 February 2015 10:00 AM

අපේ පණ බේරාගත් නායකයා ඔබයි. 1948ණ් පසුව බිහිවූ කොන්ද පන ඇති සිංහලයන් වෙනුවෙන් නොබියව ලෝකයට මුහුණදුන් නායකයා ඔබයි. නමුත් ඔබ මීට වඩා සිහියෙන් කටයුතු කළ යුතුව තිබුණා. එසේනම් මේ කුමන්ත්‍රණ වලට ඔබ අසු නොවනු ඇත. ඔබට තෙරුවන් සරණ වේවා. (හේ)

:       0       0

තුෂාර Monday, 23 February 2015 04:30 AM

රජෙක් වගේ සිටි කෙනෙක් නේද මේ? (නි)

:       0       0

අනිෂ්ක Sunday, 22 February 2015 10:05 AM

ශ්‍රි ලංකීකයන්ට ආරක්ෂාව ලබා දුන්න නායකයා බලන්න කළගුණ දන්නා මිනිස්සු යනවා. (හේ)

:       0       0

වජිර Monday, 23 February 2015 02:18 PM

මමත් සෙනසුරාදා මහින්ද මහත්මයා බලන්න ගියා.අද අපිට නිදහසේ ජීවත්වෙන්න අවස්ථාව ල‍ැබුනේ මෙතුමා නිසා කියලා අමතක කරන්න එපා.මෙතුමාට පෙර රට පාලනය කළ පාලකවරුන් කළේ යුද්ධය වවාගෙන කාපු එක කියලා අමතකද? (නි)

:       0       0

විදුර Monday, 23 February 2015 04:46 AM

ඔක්කොම අය හොඳට පරීක්ෂා කරලා ගත්තොත් හොඳයි. (නි)

:       0       0

චන්න Sunday, 22 February 2015 10:32 AM

මේ වගේ දෙයක් දැක්කමයි.බලය නැති වූ පසු එ් නායකයා බැලීමට මෙතරම් පිරිසක් එනවා දැක්කමයි.එතුමා වටේ විශාල පිරිසක් ඉන්න බව මෙයින් පැහැදිලියි.(හේ)

:       0       0

සුරේන් Sunday, 22 February 2015 10:40 AM

මීගමුවෙන් බවලතුන් එහෙම එන්න ඇති. මෙහෙට ඇහුණේ විලාප තිය තියා අඬන හැටි !(දිල්)

:       0       0

ධම්මික Monday, 23 February 2015 05:04 AM

රට ‍බේරාගත් නායකයා, රට පාවානොදුන් නායකයා, සිංහලයාට ආදරය කළ සිංහලයා රැකගත් නායකයා... එතුමන් රැකගැනීම සැබෑ සිහළුන්ගේ වගකීමක් (නි)

:       0       0

දුල්මි Sunday, 22 February 2015 10:43 AM

දැන් එතකොට මේ පවුලේ උදවිය විතරද යුද්දෙන් රට බේරා ගන්න වැඩ කරලා තියෙන්නේ.? ත්‍රිවිධ හමුදාව සහ රටේ අනෙකුත් වගකිවයුතු උදවිය නිදාගෙනද හිටියේ (දිල්)

:       0       0

සරත් හෙට්ටිආරච්චි Sunday, 22 February 2015 10:44 AM

කේ පී හරි පොට්ටු අම්මාන් හරි පෙන්නුවනම් මීට වැඩිය මිනිස්සු යනවා (දිල්)

:       0       0

මහේන්ද්‍ර Sunday, 22 February 2015 10:45 AM

ආව අයගෙන් වැඩිපුරම අඩන්න ඇත්තේ කවුද (දිල්)

:       0       0

සරත් විජේසිංහ Sunday, 22 February 2015 10:49 AM

මේ රටේ මිනිස්සුන්ට පිස්සුද දන්නේ නැහැ පෝලීමේ මේ වගේ යන්නේ (දිල්)

:       0       0

සුරියබණ්ඩාර Monday, 23 February 2015 05:15 AM

මේ එන්නේ ගමේ ගොඩේ නගරයේ ජීවත්වන සාමාන්‍ය අහිංසක ජනතාව. එහෙම නැතුව බල ලෝභයෙන් රජයේ ඉහළ තනතුරු හෝ ව්‍යාපාරික අවස්ථා හොයාගෙන් පිල්මාරු කරන අවස්ථාවාදීන් නෙමෙයි. එවන් අයට පුන්නක්කු ආරෝපණය කරන්න හදන සුදුමහත්වරු ලංකාවේ ඉපදුන අය වීම නම් රටේ කණගාටුවට කරුණක් (නි)

:       0       0

පණ්ඩුක Sunday, 22 February 2015 10:53 AM

අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රඥාව , සාක්ෂරතාවයෙන් මනින්න බැරි බවට හොඳම උදාහරණය මේක (දිල්)

:       0       0

සමන් Sunday, 22 February 2015 10:54 AM

ගමගේ ඔයාට මේවා බලන්න බැරි නම් නොබලා ඉන්න එතුමාට ගරු කරන අය තව දුරටත් යාවි (දිල්)

:       0       0

ඉඳුනිල් Monday, 23 February 2015 05:22 AM

ගමගේ, සම්පුර්ණ ඇත්ත. "අරලිය" දන්සැල සාධාරණීකරණය කළේ, 'මම ගමේ මිනිහෙක් ගෙදරට එන අයට කෑම වේලක් දෙන එක සිංහල පුරුද්දක්' කියමින්. නමුත් ඔය ආවා කියන ලක්ෂ 25කට දන්සල් දීලා දැන් බිල් යවන්න තැනක් නැහැනේ.ඒකයි වෙනස. (නි)

:       0       0

නාමල් Monday, 23 February 2015 03:33 PM

දහඅට සන්නිය නැටුවෙ ඕකටද? මහින්ද හිටියා නම් අපිට නොබෙදූ රටක්වත් තිබෙනවා. (නි)

:       0       0

සහන් Sunday, 22 February 2015 10:57 AM

තිලක් හරි. පුන්නක්කු ගණන් ගියොත් මේ මිනිස්සු හාමතේනේ (දිල්) 

:       0       0

වීරසිංහ Sunday, 22 February 2015 11:02 AM

දුර සිට එන අපිට කෑම බීම දුන්නොත් හොද දෙයක්.(හේ)

:       0       0

මහිම Sunday, 22 February 2015 11:04 AM

සිහියක් නැති නම් එතන මොන නායකත්වයක්ද විජිත ? (හේ)

:       0       0

ජනක Sunday, 22 February 2015 11:06 AM

අනේ ඇත්තට මේ දකුණු ආසියාවේ ඉහළම අධ්‍යාපනික මට්ටමක් තිබෙන රට නේද ? (හේ)

:       0       0

ප්‍රසාද් Sunday, 22 February 2015 11:19 AM

තිලක් ඔබ හරි.(හේ)

:       0       0

ෂෙරිෆ් Sunday, 22 February 2015 11:22 AM

හතරවෙනි වතාවටත් ඉල්ලන්න තියෙන්නේ,(හේ)

:       0       0

චමින්ද Sunday, 22 February 2015 11:30 AM

මහින්ද බලන්න යන්නේ එයාට කැමති කට්ටිය. (හේ)

:       0       0

සොපියා Sunday, 22 February 2015 11:41 AM

තාමත් ජනප්‍රියයි .(හේ)

:       0       0

ෂෙල්ටන් Monday, 23 February 2015 06:08 AM

අනෙක් අය බලන්නත් ඔයවගේ යන්න ඇති නේද? (නි)

:       0       0

සුනෙත් Monday, 23 February 2015 06:22 AM

විරාජ්, ෆොන්සේකා බලන්න හිරේට ගියේ ඔයත් හිරකාරයෙක් වෙලාද? (නි)

:       0       0

කමණී Sunday, 22 February 2015 11:52 AM

අපිට නිදහසක් ලැබුනේ මෙතුමා නිසා. නැතිනම් අදටත් අපි කුරිරු යුද්දෙන් බැට කනවා . මෙතුමාට අපි සදා ණය ගැති. මහින්ද ජනපතිතුමනි ඔබට තෙරුවන් සරණ ලැබේවා .(හේ)

:       0       0

කුමාර Monday, 23 February 2015 06:37 AM

මහින්ද බලන්න යන අය ගියාවේ. බලන්න නොයන අයට ඇයි ඔච්චර අමාරුවක් හැදිලා තියෙන්නේ. දෙන දේ කාලා වෙනදේ බලාගෙන හිටියා නම් ඉවරනේ. (නි)

:       0       0

දයාවතී Sunday, 22 February 2015 12:36 PM

මහින්ද මැතිදුනි, අපේ රටට ඔබ කළ සේවය වෙන කිසිම නායකයකින් ඉටු වී නොමැත. ඔබට තෙරුවන් සරණයි. දීර්ගයුෂ.(හේ)

:       0       0

ප්‍රිය Sunday, 22 February 2015 01:03 PM

මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යාගයයි චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල් නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම් එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස.(හේ)

:       0       0

දම්මික Sunday, 22 February 2015 01:15 PM

ඔබයි අපේ සිංහලයන්ගේ ජනාධිපති ඔබගේ කීර්තිය නැති කරන්න බොරු ගොතනවා. ඔබ අසම සමයි.(හේ)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 01:38 PM

මිනිස්සුන්ට කලගුණ අමතක නැත.නමුත් නායකයන්ට .(හේ)

:       0       0

දිනේෂ් Sunday, 22 February 2015 01:43 PM

ඔබට තෙරුවන් සරණයී මගේ ජනපති තුමනි.ඔබ ක්‍රියාකාරී දේශපාලනය කරනු දැකීම අපගේ එකම බලාපොරොත්තුවයි.ඔබට සදා ජය.(හේ)

:       0       0

සමන් Monday, 23 February 2015 09:27 PM

දැන් කතරගම වන්දනාවේ යන හැම බස් එකම තංගල්ල ටවුම මැද්දේ නවත්වා මැදමුලන දෙවියෝ වැඳ නමස්කාර කොට නොයන්නේ බොහෝම කළාතුරකිනි (අ)

:       0       0

කපිල Sunday, 22 February 2015 02:42 PM

තිලක් ආත්මාර්ථකාමී වෙන්න එපා. ඔයා කන කෑම වලට පමණක් සහන දෙන්නේ කොහොමද? (හේ)

:       0       0

ජොනී Sunday, 22 February 2015 02:51 PM

අනේ පව් මේ මිනිස්සුන්ට, මෙතුමා රජතුමා කාළේ හම්බ වෙන්න අවස්ථාවක් තිබුනේ නැහැනේ. (හේ)

:       0       0

සමන් Sunday, 22 February 2015 03:34 PM

ඔබ තාමත් අපේ ජනාධිපති,එය මෙයින්ම පැහැදිලි වෙනවා.(හේ)

:       0       0

නිමල් Sunday, 22 February 2015 03:36 PM

මොලේ තිබුනට බුද්ධිය කියන එක දෙන්න බෑ. එහෙම අයට තමයි මන්තරත් නොඅඩුව වැඩ කරන්නේ.(හේ)

:       0       0

ජයන්ත Sunday, 22 February 2015 03:51 PM

මේ කැමැත්තෙන් එන මිනිස්සු ඒක නිසා අපිට මුකුත් කියන්න බෑ.(හේ)

:       0       0

ක්‍රිස් Sunday, 22 February 2015 04:24 PM

කපිල ඔබ තුමා හරි තිලක් වගේ අයට දෙන්න ඕනේ පුන්නක්කු නොවෙයි ඔටු කිරියි (නදී)

:       0       0

අබේ-ටෝකියෝ Sunday, 22 February 2015 04:38 PM

අපිට මරණ බයෙන් තොරව ජීවත්වන්නට මග සලසා දුන් විරුවනානි. ඔබට දළදා සමිදුගේ රැකවරණය ලැබේවා! (නදී)

:       0       0

සමන් Sunday, 22 February 2015 04:41 PM

අපේ අාච්චි කියනව "කත් කෑවෝ කත්දඩු කති" කියල. "අපේ හාමුදුරුවනේ, මම ඉන්නෙ නීතියට උඩින්, මට මුකුත් කරන්න කාටවත් බැහැ". මේ ඒ පුද්ගලය නේද ?. (නදී)

:       0       0

ඉරන්ත ගමගේ Sunday, 22 February 2015 04:42 PM

තිලක් මොහොමඩ් ඔයාට තමයි පුන්නක්කු හරියන්නේ (නදී)

:       0       0

අබේ - ටෝකියෝ Sunday, 22 February 2015 04:43 PM

ජය වේවා ! (නදී)

:       0       0

මාලා Sunday, 22 February 2015 05:03 PM

මහින්දට මොන මොලේ තිබුනත් අතේ තිබුන අවුරුදු 2 ක ඉන්න වාසනාව නැහැනේ. ප්‍රභාකරන් හිටියානම් සිංහලයෝ ප්‍රභාකරන් බලන්න යන්නෙත් ඔහොම තමයි (නදී)

:       0       0

සෑම් Sunday, 22 February 2015 05:18 PM

යු.එන්.පී කට්ටිය කියන්නේ ඔබ තුමා මහජන මුදල් හම්බ කරගත්ත කියලා. නමුත් අද අපට තේරෙනවා ඔබ තුමා හම්බ කළේ මොනවද කියලා. ඒ තමයි මහජනයාගේ හදවත් කියන එක. අපට අභය දානය දුන්න ඔබතුමන්ට අපි සදා නය ගැතියි. ඔබ තුමන් පැරදුනේ නැත. පැරදුනේ මගේ මව් බිම සහ ජනතාවයි. දිගුකල් දිනේවා නරනිඳු මහින්ද. (නදී)

:       0       0

චමිලා Sunday, 22 February 2015 05:32 PM

මට යන්න තිබුනා නම් මමත් යනවා. අද අපිට ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් වුණේ ඔබ නිසා. (නි)

:       0       0

සම්පත් Sunday, 22 February 2015 05:32 PM

මොන දේ වුනත් මෙතුමා අපේ රටේ හිටපු නායකයනේ.(හේ)

:       0       0

දසුන් Sunday, 22 February 2015 05:33 PM

මෙතුමා නිසයි අද අපි ජීවත් වෙන්නේ.(හේ)

:       0       0

අතුල Sunday, 22 February 2015 05:33 PM

මේ එන අයටත් දන්සල් දෙනවද?(හේ)

:       0       0

චමිල Sunday, 22 February 2015 05:34 PM

පරාජිත නායකයෙක් බලන්න මිනිස්සු යනවා දැක්කමයි.(හේ)

:       0       0

චමිලා Sunday, 22 February 2015 05:34 PM

මට යන්න තිබුනානම් මමත් යනව. අද අපිට ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියල ආඩම්බරයෙන් කියන්න පුළුවන් වුනේ ඔබ නිසා (බ)

:       0       0

අනුර Monday, 23 February 2015 08:24 AM

ලංකාවේ කිසිම ජනාධිපති කෙනෙක් පරාජය වෙලා මෙහෙම වැඳුම් පිදුම් ලැබුවේ නැහැ. මහින්ද රාජපක්ෂ මාහත්තයා ගොඩක් පින්කරලා තිබෙනවා (නි)

:       0       0

චමිලා Sunday, 22 February 2015 05:35 PM

මට යන්න තිබුනා නම් මමත් යනවා. අද අපිට ලෝකේ කොහේ ගියත් මම ශ්‍රී ලාංකිකයෙක් කියලා ආඩම්බරයෙන් කියන්න පුළුවන් වුනේ ඔබ නිසා .(හේ)

:       0       0

ප්‍රේමලාල් Sunday, 22 February 2015 05:58 PM

මහින්ද බලන්න එන එක ජනතාවගේ කැමැත්ත.(හේ)

:       0       0

ජගත් Sunday, 22 February 2015 06:09 PM

අපි නම් හිතන්නේ මේ වැඩේට බස් ඕනි නෑ කියලා (දිල්)

:       0       0

සෝමචන්ද්‍ර Sunday, 22 February 2015 06:14 PM

ජනපතිතුමනි අප ඔබ සමඟයි (දිල්)

:       0       0

සෝමචන්ද්‍ර Sunday, 22 February 2015 06:19 PM

මහින්ද රජපක්ෂ මැතිතුමනි 58 ලක්ෂයක් ජනතාව ඔබ සමගයි.(හේ)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Sunday, 22 February 2015 06:23 PM

රටේ කර තිබෙන දුෂණ හරියට එළියට ගතහොත් ඔය සෙනගට බලන්න යන්න වෙන්නේ කොහෙද?(දිල්)

:       0       0

ඉඳුනිල් Sunday, 22 February 2015 06:46 PM

ජගත්, බලන්න එන කට්ටියගේ බබාලා ජයවේවා! කියල කෑ ගහන්නේ එහෙම නැත්ද කියලත් අහමු. (දිල්)

:       0       0

ඉඳුනිල් Sunday, 22 February 2015 07:00 PM

තිලක්ගේ අදහසට අපි එකඟයි (දිල්)

:       0       0

මිහිඳුකුල Sunday, 22 February 2015 07:05 PM

වීරසිංහ,දුර සිට එන ඔබට කෑම බීම දුන්නොත් හොඳ දෙයක්. (නි)

:       0       0

රජීව Sunday, 22 February 2015 07:11 PM

මිනිස්සු යන්නේ ඒ අයගේ කැමැත්තටනේ.කවුරුවත් බලෙන් අරගෙන ගියා කියලා ආරංචියක් නැහැනේ.ඉතින් මෙතන ඉන්න පුන්නක්කු නොකන අය කෑනොගහා ඉන්න.නැත්නම් ඒ අය පුන්නක්කු වෙනුවට තණකොළ පාවිච්චි කරන බව අනිත් අය දැනගනීවි. (නි)

:       0       0

ඉඳුනිල් Sunday, 22 February 2015 07:19 PM

ෂා! ලංකාවේ ජනතාව කොච්චර දේශප්‍රේමීද? රට ජාතිය ආගම වෙනුවෙන් කිසි පැකිළීමක් නැතුව ජීවිත වුණත් දෙන්න සුදානම් අය කොච්චර ඉන්නවද? ඒ වගේමයි කළගුණ සැළකීම.කළගුණ සැළකිය යුතුයැයි තමන් සිතන ඕනෑම අයෙකුට ජීවිත කාලයම කළගුණ සළකමින් ජීවත්වෙන්න අපේ ජනතාව සුදානම්. මොන තරම් ශ්‍රේෂ්ඨ රටක්ද? (නි)

:       0       0

නන්දලාල් Sunday, 22 February 2015 07:33 PM

අරලියගහ මන්දිරයේ වගේම බත් දන්සැල් එහෙමත් මැදමූලනත් තිබුනාද? (නි)

:       0       0

නන්දලාල් Sunday, 22 February 2015 07:37 PM

මේ දවස්වල එහාට මෙහාට සෙනඟ අදින බස්වලට නම් හොඳට වාසියි වගෙයි. අනේ කාටහරි වාසි වෙනවා නම් හොඳ නැද්ද? (නි)

:       0       0

සල්ගාදු ප්‍රංශය Sunday, 22 February 2015 07:39 PM

මමත් ලබන වාරයේ ලංකාවට ගියාම බලන්න යන්න ඕනෑ (නි)

:       0       0

නන්දලාල් Sunday, 22 February 2015 07:40 PM

අපිත් ළඟදි ගියා, පැය ගණනක් පෝලිමේ ඉඳලා බලන්න. (නි)

:       0       0

නදී Sunday, 22 February 2015 08:52 PM

අපේ මිනිස්සු හිතන්නේ රට ගැන නෙමෙයි (නි)

:       0       0

ගමගේ Sunday, 22 February 2015 09:18 PM

"අරලිය" දන්සැල සාධාරණීකරණය කළේ,ගෙදරට එන අයට කෑම වේලක් දෙන එක සිංහල පුරුද්දක් කිව්වා. ඒක ඇත්ත. පිළිගන්නවා. නමුත් ඔය ලක්ෂ 25ක් විතර ආවා කිව්වනේ. බත් කටක් දුන්නා කියලා අපිට ආරංචි වුණේ නැහැනේ (නි)

:       0       0

ඒකනායක Sunday, 22 February 2015 09:26 PM

ඔබතුමාගේ සේවය අවසාන නැත. රට වේගවත් සංවර්ධනයක් කරා රැගෙනයනු පිණිස වහා නැවත පැමිණෙන්න යැයි ආරාධනා කරමි (නි)

:       0       0

බණ්ඩාර Sunday, 22 February 2015 10:00 PM

මොකද මේ කාන්තාවන් අඬන්නෙ......? (නි)

:       0       0

අමල් Sunday, 22 February 2015 10:22 PM

වාසනාවන්ත මිනිසෙක්. අපි ඔබට ආදරෙයි. නිර්භීත නායකයාණෙනි, සමහර අය‍ට ඇත්ත තිත්තයි කියනවනේ. මේවා දකින සමහර අයට බලන්න දකින්න අපහසුයි. (නි)

:       0       0

වාසනා Sunday, 22 February 2015 10:48 PM

හත්වලාමේ වෙච්චදේට මක්කරන්නද? සුමනදාස කරපුදෙයක මහත... (නි)

:       0       0

කුමාර Sunday, 22 February 2015 10:51 PM

මෙතන අදහස් දාන සමහරු බයවෙලා, දින 100න් පස්සේ වෙන්නේ මොකක්ද කියලා හිතෙනකොට (නි)

:       0       0

නාමල් Sunday, 22 February 2015 10:57 PM

අනේ මේ වගේ මිනිස්සු ටිකක්? (නි)

:       0       0

හේමන්ත Tuesday, 24 February 2015 03:08 AM

මහින්ද හින්දයි අපි බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර ඉන්නේ. ඒක මිල කළ නොහැකි දෙයක්. මිනිසුන්ට ඒක අමතක නැහැ. මේ එන අය පවසන්නේ එයයි. නමුත් යුද්ධයෙන් පස්සේ ඔහුගේ පාලනය ගැන නම් සතුටු වන්න බැහැ. එතුමාගේ මතයට පමණයි වැඩකළේ. මේ දුප්පත් මිනිස්සු ගැන ඔබතුමා සිතුවේ නැහැ. හිතවත් අයට ඇතිතරම් සල්ලි ගැරීමට අවස්ථාව ලබාදුන්නා විතරක් නෙමෙයි, ඕනෑම පහත් වැඩක් කර හිනාවෙලා ඉන්න පුළුවන් ජනතාවක් තමයි බිහිවෙමින් සිටියේ. ඒක නැවතුන එක රටට ගොඩක් හොඳයි. ජනතාව මෙය තේරුම් ගතයුතුයි. (නි)

:       0       0

අබේපාල Monday, 23 February 2015 12:22 AM

යහපාලන අයට ඊර්ෂ්‍යා ඇති (නි)

:       0       0

සමන්ති Monday, 23 February 2015 12:23 AM

සමන්, දැන් ජනාධිපතිවරණය ඉවරයි. (නි)

:       0       0

අමිල නයනජිත් Tuesday, 24 February 2015 12:20 PM

ඔබ තුමාට අපි තාමත් ආදරෙයි. ශ්‍රී ලංකාවේම එකම රජතුමා ඔබ පමණයි . (නදී)

:       0       0

චන්දන Monday, 23 February 2015 01:18 AM

මහින්ද මහත්තයා බලන්න යන්නේ බුද්ධිය අඩු අය කියලා තීරණය කළ අය ගොඩක් බුද්ධිමත් කියලා තමන්ම සහතික කරගත් දක්ෂයෝ. (නි)

:       0       0

දිසානායක Monday, 23 February 2015 01:35 AM

මෙසේ හිතන මිනිසුන් මේ ලක් දෙරණේ ඇතැයි කියා කීමටත් ලැජ්ජයි (නි)

:       0       0

ලලිත් Sunday, 22 February 2015 05:49 AM

ඔය යන හැම දෙනෙක්ම එතුමාගේ ආධාර කරුවන් කියලා හිතන්නම හොඳ නැහැ. දැක බලාගන්න අසාවෙන් යන අයත් ඉන්නවනේ. අපේ ගමේ පරම්පරාගත ශ්‍රී ලංකා කාරයොත් ඒකාලේ ඩඩ්ලි සේනානායක මහත්තය එන රැස්වීම් වලට ගියා.(දිල්)

:       0       0

මුදිතා Sunday, 22 February 2015 05:53 AM

ෆොන්සේකා වැඩිය නම් වාසනාවන්ත වෙලා නේද? (දිල්)

:       0       0

චන්දන Sunday, 22 February 2015 05:55 AM

මිනිස්සු තාමත් ඔබතුමාට ආදරෙයි ජය වේවා ! (දිල්)

:       0       0

ධනරාජ් Sunday, 22 February 2015 06:10 AM

මහින්ද කියන නම සදාකාලිකයි ! මොන තරම් මඩ ගැහුවත් සත්‍යය යට යන්නේ නෑ ! කොළඹ වැඩ කරන අපිට ආපහු පණ පිටින් ගෙදර යන්න පුළුවන් යුගයක් ඇති කළේ ඔබතුමා! ඒ පිනම ඇති ඔබතුමාට !(දිල්)

:       0       0

ගමගේ Sunday, 22 February 2015 06:18 AM

අපි ඉන්නේ 21 වන ශත වර්ෂයේ නෙවෙයි මම හිතන්නේ. පවට පින දෙන්න හෝ ලේ දුන්නට මොලේ දෙන්න බැරි පාටයි. පව් අපේ බහුතර ලාංකිකයෝ.දුකයි (දිල්) 

:       0       0

ප්‍රේම් Sunday, 22 February 2015 06:27 AM

දැන් මිනිස්සු දෙහිවල යන්නේ නැහැ වගේ. (නදී)

:       0       0

රකිත් Monday, 23 February 2015 02:00 AM

රජකම් කළත් කළකම් පළදෙන බව කට කැඩෙනතුරු කිව්වත් කෝ ඇහුවේ නැහැනේ. දැන්වත් හැදෙන්න බලන්න (නි)

:       0       0

අශාන් Sunday, 22 February 2015 06:32 AM

කොළඹ කටුගෙට ආවනම් නරකද ? (නදී)

:       0       0

සමන් Sunday, 22 February 2015 06:41 AM

පව් අනේ, ඉස්සරනම් සී.ටී.බී බස් වලින් නොමිලේ සෙනග ටික ඇද්ද ගන්න තිබුනා. දැන් ඉතින් බස් වලට ලක්ෂ ගණන් අතින් සල්ලි ගෙවන්න එපායැ (නදී).

:       0       0

සරත් Sunday, 22 February 2015 06:46 AM

ජය වේවා ඔබ තුමාට (නදී)

:       0       0

සරත් Sunday, 22 February 2015 06:46 AM

ජය වේවා ඔබ තුමාට (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 22 February 2015 06:47 AM

කොච්චර සෙනග ආවත් ඔතන ඉන්නේ අර 58 ලක්ෂයේම කොටසක් විතරයි. නුගේගොඩට ආවෙත් එම 58 ලක්ෂයෙන්ම එක්කගෙන ආපු මිනිස්සුමනේ. මයිත්‍රී යහ පාලනෙත් එක්ක ඉන්න 62 ලක්ෂෙ කට්ටිය ඕවට යන්නේ නැහැ නේද?(නදී)

:       0       0

මාලි Monday, 23 February 2015 02:14 AM

මුළු ජාතියම ඔබට සදා ණයගැතියි . කුහකයන් නොපිළිගත්තත් ඔබේ නාමය සදා අමරණීයයි. සිදුවූ වැරැද්ද ගැන පසුතැවිලි වෙන කාලය වැඩි ඈතක නොවෙයි. ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 06:56 AM

බැලුවට විතරක් මදි යුතුකම් ගැනත් දෙගොල්ලොම හිතන්න ඕනේ (නදී)

:       0       0

කිර්ති Monday, 23 February 2015 02:17 AM

බස් වල සින්දු කිය කියා එනවා ඇති. ආයෙත් සින්දු කිය කියා යනවා ඇති. (නි)

:       0       0

දයා Sunday, 22 February 2015 07:00 AM

ඔබ තුමාගේ වටිනාකම අපිට තේරෙනවා(නදී)

:       0       0

මාලා Sunday, 22 February 2015 07:01 AM

මට මතකයි ලලිත් ඇතුලත් මුදලි ඇමතිතුමාගේ මලගෙදරටත් මෙහෙම දිග පෝලිම් ගැහිල මිනිස්සු බලන්න ගියා. (නදී)

:       0       0

වීරසේකර Sunday, 22 February 2015 07:05 AM

මෝඩ මිනිස්සු. (නදී)

:       0       0

කෙවින් Monday, 23 February 2015 02:23 AM

මේ යන මිනිස්සු දිහා බැලුවහම පේනවා රටේ එක්තරා පන්තියකට අයත් කොටසක් කියලා. පව් ඇත්තටම. (නි)

:       0       0

තෝමස් Sunday, 22 February 2015 07:09 AM

ගමගේ නවීන විද්‍යාව රජ කරන 21 වන ශත වර්ෂයේ නෙවේ 41 වන ශත වර්ෂයට ගියත් කළගුණ අමතක කිරීම නම් හොඳ වැඩක් නොවේ. බුදුන් වහන්සේත් මුලින්ම කල දේ තමා කළගුණ සැලකීම. (නදී)

:       0       0

ශ්‍යාමා Sunday, 22 February 2015 07:14 AM

ගමගේ ඔබ හරි (නදී)

:       0       0

වසන්ත Sunday, 22 February 2015 07:20 AM

ආදාර පෙට්ටියකුත් තිනෙවද ඡන්දෙට ගත්ත ලංගම බස් වලට ගෙවන්න. පව් සල්ලිත් නැතුව ඇතිනේ. (නදී)

:       0       0

ආන්නද Sunday, 22 February 2015 07:20 AM

මහින්ද රාජපක්ෂ කියන නම සදාකාලිකයි ! ඔබගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් මුදාගැනීම ලංකික අපට අමතක නැත. නමුත් කුහක ආකල්ප ඇති අපේම අය නිතරම හිතන්නේ එවැනි තත්වයක් අප ර‍ටේ නොතිබුන බවයි. (නදී)

:       0       0

දුමින්ද Sunday, 22 February 2015 07:23 AM

රටට යුතුකම් ඉටුකරන්න බලන්න (නදී)

:       0       0

කපිල Monday, 23 February 2015 02:58 AM

දුප්පත්කමයි නූගත්කමයි එකට එකතුවීම හරිම භයානකයි. (නි)

:       0       0

සරත් Sunday, 22 February 2015 07:33 AM

ඔය කියන එක දෙපැත්තටම පොදු කාරණාවක් ගමගේ මහත්තයෝ (නදී)

:       0       0

විරාජ් Monday, 23 February 2015 03:01 AM

එදා පැරදුන සරත් ෆොන්සේකා බලන්න යන්න වුණේ අපිට හිරගෙදරට. හොඳට හිතලා බලන්න අද වෙනස. (නි)

:       0       0

නදීකා Sunday, 22 February 2015 07:35 AM

ගමගේ මහත්තයා ඉපදිලා තියෙන්නේ 2010 වෙන්න ඇති. සිංහල ජාතිය ගැන ප්‍රභාකරන් කීව දේවල් ඇත්ත කියල දැන්නම් මට හිතෙනවා. (නදී)

:       0       0

එ්ඩ්‍රියන් දි මෙල් Sunday, 22 February 2015 07:44 AM

මොලය දුන්නත් සමහරක්ගේ කුහක කම නැතිකරන්න බැහැ(නදී)

:       0       0

සිල්වා Sunday, 22 February 2015 07:55 AM

ලංකාවේ මිනිස්සුන්ගේ දේශපාලන බුද්ධිය. මේ සිදු වන දේවල් දැක්කම හොදට හිතාගන්න පුළුවන් අපි බැලිය යුත්තේ පුද්ගලයෙක් නොව රට ගැනයි මිනිසුන් නුගත් වෙන තරමට ඒකාධිපති පාලකයින්ට හොදයි (දිල්)

:       0       0

පරිමේ Sunday, 22 February 2015 07:58 AM

ගමගේත් ගියානම් ඉවරනේ (දිල්)

:       0       0

ලසිත Monday, 23 February 2015 03:07 AM

"මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු".....ගායනය හරියටම හරි වගේ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 2 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 12 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 26 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 45 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 91 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 110 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site