IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මහින්ද බලන්න තංගල්ලට මහ පිරිස්

කොළඹ පැවැති ශ්‍රීලනිප විධායක කාරක සභා රැස්වීමට සහභාගී නොවීම ගැන ප්‍රකාශයක් කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තංගල්ල කාල්ටන් නිවසේ දී අද (15) පැවසීය.

ඔහු එම රැස්වීමට සහභාගී නොවූයේ කලින් යොදා ගත් නොවැලැක්විය හැකි රාජකාරියක් නිසා යැයි පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියක් මගින් දන්වා තිබිණි.

එම රැස්වීමට නොගියේ ඇයිදැයි ලංකාදීපය ඔහුගෙන් ඇසීය.

හිටපු ජනපති බැලීමට දිනපතාම වාගේ හිතවත්තු තංගල්ලට එති.

ජනවාරි නව වැනි දා සිට අද (15) දහවල් වන විට ලක්ෂ 25කට වැඩි පිරිසක් එහි එන්නට ඇතැයි නම හෙළි නොකළ ප්‍රකාශකයෙක් කීවේය.

අද (15) සවස ද බස් අසූවකින් පිරිස් පැමිණීමට නියමිතව සිටි බව ද ඔහු කීවේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ද අද (15) හිටපු ජනපති හමු විය.

1(58) 2(49) 3(54) 7(20)



අදහස් (0)

මහින්ද බලන්න තංගල්ලට මහ පිරිස්

සොපියා Monday, 16 February 2015 02:25 PM

ඔබතුමා යලිත් මව් බිමේ සේවයට ආ යුතුයි . (අ)

:       0       0

චන්දන.මිලානෝ Wednesday, 18 February 2015 06:29 PM

මහින්ද මහත්තයාට ගරහන කාටකාටත් අද 18 දවල් තරු පෙනෙන්න ඇති නේද, නුගේගොඩට ගලපු ජන ගඟ දැකලා. ඒ වගේ උතුම් අයෙක් නැතිකරගන්නෙ නැහැ රටට ආදරය කරන අවංක කළගුණ දන්න මොළය ඇති මිනිස්සු.නැවතත් අපේ රටේ නායකයා වෙනතුරු අපි රටෙන් ඈතක සිටියත් ආශාවෙන් බලාසිටිමු. ඔබට සදා ජය පතමි. (නි)

:       0       0

වාසේන Monday, 16 February 2015 03:00 PM

ඔය වගේ මෝඩ මිනිස්සු ඉන්නකොට මහරජට හොරකකම් කරන එක හරි ලේසි. උගතුන් පෙන්වලා දෙනවා හොරකම් කරපු දේවල් වැඩක් නැහැ ගොන් රැල යන්නම පිදුරු කන්න. (අ)

:       0       0

තනුජ Tuesday, 17 February 2015 07:29 AM

ඔහු සොරා ගත්තේ අපේ හදවතය (නදී)

:       0       0

නාලනී Monday, 16 February 2015 03:10 PM

මහින්ද ,ඔබ තවමත් අපේ නායකයායි.අපේ හදවතේ රජ ඔබයි. (අ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 16 February 2015 06:15 AM

එක දෙයක් පැහැදිලියි. අප්පච්චි මළේ නැහැ. නැවත එනවා.මළත් අපි වළෙන් නැගිට්ටවලා හරි ගන්නවා. (නි)

:       0       0

නිලක්ෂි Thursday, 19 February 2015 09:41 AM

ඔබ තාමත් අපේ හදවතේ රජතුමා, ඔබට අපි සදා ණයගැති .(හේ)

:       0       0

කෙවින් Monday, 16 February 2015 08:01 PM

පලයල්ලකෝ වට වන්දනාවේ. තංගල්ලට යන්න කලින් ජනරාල් ෆොන්සේකාව බලන්න යන්න හිතෙන්නේ නැද්ද? (නදී)

:       0       0

ශාන්තමුතු ඉතාලියේ සිට Monday, 16 February 2015 09:10 PM

අපේ මව්බිමට අැත්තටම අාදරය කළ එකම ජනාධිපතිතුමා ඔබයි. තිස්වසරක් තිස්සේ හිඟන්නාගෙ තුවාලය වගේ තිබුනු කුරිරු යුද්ධය මුලිනුපුටා දැමුවෙ ඔබතුමා . (නි)

:       0       0

සේරසිංහ රත්නවීර Monday, 16 February 2015 11:23 PM

මිනිස්සු මහින්දට ඔයතරම් කැමතිනම් ඡන්දෙ දිනවන්න තිබුනනේ. ඇයි පැරදුනේ?ඔය තංගල්ල මිනිස්සු මහින්ද බලන්න ගියාට රටේ ඉන්න බුද්ධිමත් මිනිස්සු බලන්න ගියේ නැහැ. බලයේ ඉන්නකොට දුප්පත් මිනිසුන් නිකන්වත් බලන්න යන්න බැහැ. අනේ මේවා කාට කියන්නද? (නි)

:       0       0

සුදේශ් Thursday, 19 February 2015 01:13 PM

නියම සිංහල මිනිසෙකි (නදී)

:       0       0

සම්පත් ශ්‍රී Monday, 16 February 2015 10:16 AM

රුවන් ඔයා කියපු කතාව ඇත්ත (දිල්)

:       0       0

චන්දන.මිලානෝ Monday, 16 February 2015 10:23 AM

ඔබ තුමා නැවතත් අපේ රටේ නායකයා වන බව අපිට ඉර හඳ වගෙ විස්වාෂයි. ඔබ තුමා යලි එන තුරු අප සැම නොයිවසිල්ලෙන් බලාසිටිමි. ඔබතුමාට ගරහන කිසිවක් අපි පිලි නොගන්නෙමි. අප මවු බිමෙ මරබිය නැතිකල පින පමනක් ඇත ඔබට. අපි ඔබ සමගින් ඊයෙත් අදත් හෙටත් මතුවටත් ඉන්නෙමු. අපි කිසිඳා හැරනොයමි. ඔබතුමා යලින් එතැයි දැඩි විස්වාසයක් අප සිත්තුල ඇත. ඔබතුමාට ජයෙන් ජය. (නදී)

:       0       0

දුමින්ද Monday, 16 February 2015 11:14 AM

යහපාල, ඔය රාවනා රජුත් මරණයෙන් අවදි වෙන බවට විශ්වාසයක් තියනවා (නදී)

:       0       0

සෑම් Tuesday, 17 February 2015 04:21 AM

තව ඉස්සරහට යනකොට හොඳ හොඳ සෙල්ලම් බලන්ට පුළුවන් වෙයි. අද නුගේගොඩ රැස්වීමෙන් පස්සේ ගොඩක් සිදුවීම් වලට මුල පිරෙයි. ඒවා නවත්වන්න මේ ලෝකේ කිසිම කෙනෙකුට බැහැ.(නදී)

:       0       0

තරංග Tuesday, 17 February 2015 04:25 AM

සමහර අය මහින්ද මහතා පෙන්වීම ජාවාරමක් කරගෙන එයාලගේ හොද්ද බොරකරගන්නවා. සහබාගිවෙන අය ට්‍රිප් යනවා. අවසානය ආපු අය ගැන ගණන් හදල කව්රුහරි පණ්ඩිතයෙක් මහින්ද මහතාට ලනුවක් දෙනවා. ඒ මහතාත් ලනුව කාල අායෙමත් අමාරුවේ වැටෙනවා. මේ දේ තමා මීට කලිනුත් වුනේ. (නදී)

:       0       0

සරත් Tuesday, 17 February 2015 04:50 AM

උගතුන් පෙන්වා දෙන දේ නොතේරෙන හරකුන්ට පුන්නක්කු සහ තණ කොළ දෙන්න (නදී)

:       0       0

සාලිය Wednesday, 18 February 2015 03:50 AM

සියළු දෙනාටම බොහෝ දේ අමතකවෙලා නේද? මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා කෙවින්. (නි)

:       0       0

අලුදෙනිය Tuesday, 17 February 2015 05:06 AM

ඔබට සැමදා ජයවේවා! ඔබේ වැරදී නිවැරදි කරගෙන ඔබ නැවත පැමිනිය යුතුයි (නදී)

:       0       0

ටෙහාන් Sunday, 15 February 2015 08:45 AM

බලය තිබෙන වෙලාවේ මේ වගේ දුප්පත් මිනිහා එක්ක හිටියා නම් අදත් ඔබතුමා නායකයා. දැන්වත් අපිත් එක්ක ඉඳලා අපේ ජීවිතය විඳලා අපිව හොඳට දැනගන්න. නැවත වෙනස් වෙන්න එපා. එදත් අදත් හෙටත් අපේ වීර නායකයා. ඔබට බොහොම පින් උතුමාණෙනි. (නි)

:       0       0

රුවන් Sunday, 15 February 2015 08:52 AM

මහින්දගේ වැරදි පළවෙනකොට හෝ ගාලා ප්‍රතිචාර දක්වන අය මේ වගේ දේවල් දැක්කහම සද්ද නැහැ. (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 17 February 2015 06:28 AM

රණවන, ටෙහාන්,ජනාධිපති තනතුර දරන විට ඔහු ලාංකික හා විදේශික සතුරනට ගොදුරක් !! විශ්‍රාම ගිය ඔහු දැන් ජනාධිපති නෙමේ . නමුත් ඔහුට පරාජිත කොටින්ගෙන් අනතුරු දායක තත්වයක් තාම පවතිනවා.(බ)

:       0       0

අර්ජුන රණවන Sunday, 15 February 2015 08:58 AM

හිටපු ජනපති බැලීමට දිනපතාම වාගේ හිතවත්තු තංගල්ලට එන්නේ දැන් තමයි ගමේ ඉන්නේ. කලින් හිටියේ රජ මැදුරේ රැකවල් මැද. කොහොමද මිනිස්සු රජතුමා බලන්නේ. බලය තිබුන දා දුන් දන්සල් දැන් කාල්ටන් වලත් දෙනෙවාද ? (නදී)

:       0       0

සුරේන් Monday, 16 February 2015 03:21 AM

අපහු දේශපාලනයට එන්න රජතුමනි. වෙච්ච හැම වැරද්දක්ම ඔබතුමා දන්නවා. මේ රටට ඔබ හැර වෙන කව්රුත් නැහැ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 0 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 41 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 536 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1263 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 166 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 87 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38401 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site