IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘මහින්ද බුවාගෙ කේන්දරේට වඩා මෛත්‍රී බුවාගෙ කේන්දරේ බලවත්‘

බොසා දිනනව කියල වාසල බේගල් ඩබල් ටි‍්‍රබල් කරල දීපු ටෝක් එක රිවස් වෙච්ච එකෙන් වුනු නස්පැත්තිය නිසා බේගල්ට දැන් එලියට පහලියට යන්නත් බැරිය. යම්තම් හරි බේගල්ට මුරිච්චිවෙච්චි ගමන් ජනම්ස්ල අහන්නෙම තව ටිකකාලයක් ඉන්ඩ තිබුණු බොසාට ලණුවක් දීල බොසාව චක බ්ලාස්ට් කරා නේද? කියලමය. මේ ජල්බරියෙන් ගැලවෙන්නේ කොහොමද කියල බේගලයා ඬේ ඇන්ඞ් නයිට් එකේම සයිකො පාර දාලම දැන් එපාවෙලාය.

බේගලයා වගේම බොසා වින් කරනව කියල කියපු තව පොරවල් ටි‍්‍රබලක් ඉන්න නිසා බේගලයාට පොඩි පහේ ත‍්‍රිල් එකක් තියෙනවාය. ඒ වුණාට උන් ටිකත් මේ දවස්වල මිසින්ය.

දවසක් මහ රෑ ත‍්‍රිවිල් එකෙන් ආපු පොරවල් ටිකක් බේගලයාගේ දොරට තට්ටු කළාය. දොර ඇරල බලපු ගමන්ම බේගලයාට මාර හැපීය. ඒ කනේමයිල් පියා නොහොත් රත්තා දැකපු නිසාය. අල වගේද ගෝවා! යකෝ අපේ මේ ගිනිකන්නානේ. අම්මට සිරි මේ ඉන්නේ අපේ සඳසිරි චේතිය බණ්ඩාරයත්? වරෙල්ලා වරෙල්ලා යයි කියමින් පොරවල් ටික ගේ ඇතුළට දාගත් බේගලයා දොර වසාගත්තේය.

දවාලක ගමනක් බිමනක් යන්න බෑ. ජනම්ස්ල දැකපු ගමන් අහන්නේ ”මේ අපේ බොසාට ලණු දීපු පොර නේද කියල” ගහන්ඩ පනිනවා. යන්තම් ෂේප් වෙවි ඉන්නේ පොරවල් 3ම බේගලයාට දුක කීවේය.

මටත් එහෙම තමයි. අපේ වයිපරය තමයි කඬේ ගිහින් බඩු ගේන්නේ. වයිපරයත් නැත්නම් නොකා නොබී මැරෙන මාර ජල්බරියක්නේ මේ අපට වුණේ. බේගලයාත් කියාගෙන ගියේය.

මෙහෙම හැමදාම සද්දේ වහල ඉන්න බෑ. මේක පාර මරිසියක්. මේකෙන් කොහොම හරි ගැලවෙන්න ප්ලෑනක් ගැන කථා කරන්න තමයි ආවේ. කනේ මයිල් පියා ආපු කාරණය කීවේය.

දැන් මොකක්ද සෙටප් එක සුමනයා ඇසීය.

අපි කල්පනා කලේ මේ පත්තර බුවාලව ගෙනල්ල වෙච්ච දේ කියමු. එතකොට පත්තර බුවාල  ඕවා පත්තරවල දානවා. එතකොට පොඩි චාන්ස් එකක් පාත්වෙයි. යන්තම් එළියට බහින්න. සඳසිරි චේතිය හෙවත් තුන් හුලස්  යෝජනා කළේය.

”මතක් කරන්ඩ එපා. ඔය පත්තර බුවාල ගැන.  ඕකුන් මඩකරියෝ. ඉස්සෙල්ලම මට ගැහුව මට හාර්ට් ඇටෑක් කියල. හැමදාම උන් මාව කාටුන්වලට දාල බයිට් එකට ගන්නවා” බේගලයා යෝජනාවට අකමැත්ත පළ කළේය.

මෙහෙම රිවස් එකට ගියොත් මේ ජල්බරියෙන් නම් ගැලවෙන්න බෑ. අපි උන්ට බටර් පාරක් දාල ෂේප් එකේ අපේ වැඬේ උස්සමු.  ඕකුන්ට කැත්තට පොල්ල වගේ හිටියොත්  ඕකුන් අපිව පීචං කරලම දානවා. ගිනි කන්නා කන්නලව්වක් කළේය.

එහෙනම් වැඬේ සෙට් කරපල්ලකෝ බේගලයාටත්  ඕන මේ ජිල්මාට් එකෙන් ගැලවෙන්ටය.

මේක සෙට් කරන වැඬේ කනේමයිල් පියා නොහොත් රත්තාට  භාරදෙමු. පොර පත්තර බුවාලත් එක්ක ඉස්සර ඉඳන්ම සෙට්නෙ. බේගලයා තවත් යෝජනාවක් කළේය. දාන්න පහක්! ගේමට ගේමෙන් තමයි රිටන් එක දෙන්නේ දැන්. කනේ මයිල් පියා අතගැහුවොත් එළකිරි වගේ තමයි. කනේ මයිල් පියා නොහොත් රත්තා ජොබ් එකට පුල් ඇටේන්වෙලාය.

කනේ මයිල් පියා බජාර් එක ටෝක් කරගත් විදියටම පත්තර බුවාලගේ කොන්පරන්ස් එක සෙට් කළේය.

පත්තර බුවාලයි, කැමරා බුවාලයි සූ ගාලා හෝල් එක පිරෙන්ට ඇවිල්ලය. ”අද නියම බයිට් එකක් තමයි” කියමින් පත්තර බුවාලත් පුල් ඇලට්වෙලාය.

ශාස්තර බජාර් එක දැන් ගෙඞ්ටේබල් එකේ වාඩි වී ගුලිය අඹරන්ට රෙඩිය.

”ගරු මැතිඳුන්ලාගෙන් අවසරයි” වාසල බේගලයා ලාවට සයිංකා පාරක් දාමින්ම ටෝක් එක පටන් ගත්තේය.

”මූ පටන් ගත්තේ පුල් ටොස් එකක්ම එවල” කටකාර පත්තර බුවෙක් ළඟ හිටි පොරට කීවේය.

”අද මේ රටේ නම්බර්වන් ප්‍රොබ්ලම් එක වෙලා තියෙන්නේ අපේ මේ ශාස්තරය බ්ලාස්ට් වෙච්ච එක. මේක චක බ්ලාස්ට් වුණේ ඇයි? කියන්න තමයි මේ බුවාල ටික මීට් වුණේ” වාසල බේගලයා ටෝක් එක ස්ටාට් කළේ එහෙමයි.

”ඔය බොසාගේ වැඬේ තිබුණු දවසේ පවර්පුල් ග‍්‍රහ මැන්ස්ල තුන් දෙනෙක් හිටියා.පොරවල් තමයි ශනිය,ගුරා, චන්ද්‍ර. ශනිය 9 කොටුව, ගුරා 10, චන්ද්‍ර 11 කොටුවෙ. හරියට බැලූවොත් එදා තිබුණේ කොටු පැනීමක්. ශනියට තිබුණේ එදා දවසේ 10 කොටුවට ගිහින් ගුරාත් එක්ක සෙට් වෙන්න. එතකොට ඔබලම පවර්පුල් වෙනවා. බොසා නිකම්ම ගොඩයනවා.  ඕක තමයි සෙටප් එක. නමුත් මොකද වුණේ. ශනිය ගුරාගේ කොටුවට ෂේප් එකේ ජිරාමාර් වෙන්න තිබුණ එකේ වැඩකිඩ දාන්න ගියා. ගිහින් කකුල පැටලිලා වැටිල කකුල කැඩුනා. ගුරා බලන් හිටිය ශනිය එනකන්. ශනිය මිසින් නිසා ගුරා 11 හිටපු චන්ද්‍ර ගාවට සෙට් වෙලා චන්ද්‍රත් එක්ක හෙමින් මාරු වෙලා. 10, 11 කොටු දෙකේම පොරවල් නෑ. 9 කොටුවෙත් ශනිය නෑ. කකුල කඩාගෙන ශනියව ඇක්සිඩන්ට් වෝඞ් එකට අරන් ගිහිල්ලා. ඉතින් මෙහෙම කොටු පාලූ වුණාම බොසා නෙමෙයි ඊට වැඩි ඔස්තාර් කෙනෙක් වුනත් බ්ලාස්ට් වෙනවාමයි. ඉතින් මම මොකද කරන්නේ ශනියගෙ තිබිච්ච මදාවි දාංගලේට. වාසල බේගලයා වැඬේ විස්තර කළේය.

සුමනයා ටෝක් එක නවත්වපු ගමන් පත්තර බුවාල ජොබ් එක පටන් ගත්තේම චක බ්ලාස්ට් ප‍්‍රශ්නයකින්ය.

පත්තර බුවෙක්: ඔය කියන විදියට ශනිය කකුල කඩා ගන්න එක කල් ඇතිව කියන්ඩ බැරි වුණේ ඇයි? පත්තර බුවා ඇසුවේ සිරාවටය.

වාසල බේගල්: ඒක ඉතින් ඉමර්ජන්සි වැඩක්නේ. ඔහොම ඉමර්ජන්සි ගේම් එකින් එක කියන්ඩ බෑ. වාසල බේගලයා දුන්නේ පුල්ටොෂ් රිප්ලයි එකක්ය.

පත්තර බුවා: බොසා පරදින බව දැනගෙන හිටිය. ඒත් කිව්වේ නැත්තේ බොසට තියෙන බය නිසා කියල පොරීන් මීඩියා බුවෙකුට ඔබ කියල තිබුණා නේද?

වාසල බේගල්:  ඕක කියන්න ගියා නම් මට වෙන්නේ අම්බානට කන්න. බුවාල දන්නවනේ ඔය බොසාගෙ ගෙදර තිබිච්ච කාමරය ගැන.  ඕක ඇතුලේ කීදෙනෙක් කෑවද?

එක පොරක් තමයි අර හුඹස් ගැමුන. අනික මර්විය. එතකොට අර ඉන්ටලිජන්ස් රිපෝට් දෙන්න ආපු පොලිස්කාරයා. ඌත් බජාර්එකම අම්බානට කෑව. මං  ඕක කියන්න ගියානම් මටත් ඒ සන්තෑසියම තමයි වෙන්නේ.

පත්තර බුවා: ඔච්චර බොසා ඩවුන් යන බව දැන දැන දිගට හරහාට පත්තර බුවාලට කිව්වෙම බොසා දිනනවා කියලම නේද?

වාසල බේගල්: ඒක ඉතින් මහත්තයො මගේ ජොබ් එකනේ.  ඕක නොකියා මට කියන්නේ පරදිනවා කියල කියන්ඩ කියලද? කිව්ව නම් වෙනදේ මම කිව්වේ. මේ සේරටම මුල අර නසරානි ශනිය.  ඕක තමයි අපිව චකබ්ලාස්ට් කරේ. අපි මේ වැටිල ඉන්න අමාරුව ලේසි පහසුද? ශනිය හරියට ඩියුටිය කළා නම් අපි ගොඬේගොඩ.

පත්තර බුවා: බොසා ආයිත් පාරක් ඇටෙන්වුනොත් ඔය ශනිය හරියට සපෝට් එක දෙයිද?

වාසල බේගල්: පිස්සු ඩබල් තමයි. මතක් කරන්න එපා මහත්තයෝ ආයි නම්  ඕව කියන්නෙ නෑ. මේ කන පරිප්පුව හොඳටම ඇති. ෂුවර් කරපු එකත් අබ්ලික් වුණාට පස්සේ මොන ශාස්තරද?

පත්තර බුවා: කලින් කියල තිබුණණේ එය පරාක‍්‍රමබාහු, දුටුගැමුණු බුවාලගෙ ඒරියා එකෙන් ඒ කාලෙට පස්සේ බොසෙක් ආයිත් එන්නේ නෑ කියල. ඒ වුණත් අලූත් බොසා පරාක‍්‍රමබාහු බුවාගෙ ඒරියා එකෙන්නේ ආවේ.

වාසල බේගල්: ඔබතුමාත් අහන්නේ පිස්සු පීකුදු ටෝක් එකක්.  ඕක මම එළිකිරි වගේ කියු කථාවක්. අලූත් බොසා පරාක‍්‍රමබාහු බුවාගෙ ඒරියා එකේ පදිංචි බව ඇත්ත. ඒ වුණාට මහත්තයෝ එයා අවුට්සයිඞ් පොරක්. ඉපදුණේ වෙන දිහාවක. එතකොට මගේ ප්‍රෙඩික්සන් එක තාමත් එළකිරි වගේ. මේ වගේ ප‍්‍රශ්න අහන්නේ මගේ මේ ශාස්ත‍්‍රය බ්ලාස්ට් කරල දාන්නනේ.

මේ බුවාලා බජාර් එකෙන්ම ඉල්ලන්නේ  ඕන නම් ඩප්පියක් ගහල මාව බ්ලාස්ට් කරල දාන්න. මගේ ශාස්තරය බ්ලාස්ට් කරන්න එපා. මම මේ ශාස්තරය ඉගෙන ගත්තේ ඉන්දියාවේ හිමාල වනයේ තාපසයෙකුගෙන්.

පත්තර බුවා: අපි යෝජනා කරනවා තව අවුරුදු දෙකක් තියෙද්දී බොසාට හිතාමතාම ලණුවක් දීල බොසාව බිලාස්ට් කරා කියලා.

වාසල බේගල්: මම අවුරුදු 42ක් තිස්සේ බොසාට ශාස්තර ඇඞ්වයිස් දීම කළේ. එකක් වත් අබ්ලික් වුණේ නෑ. කලිනුත් කිව්ව වගේ ශනියගෙ අප්සෙට් එක තමයි මේකට මුල.

පත්තර බුවා: පැරදුනාට පස්සේ බොස් හමුවුණාද?

වාසල බේගල්: රෙද්දක් ඇඳගෙන කොහොමද යන්නේ. මට නම් මූණ බලන්නත් බෑ. මං දවසක් අපේ වයිපරය ඇරියා බොසාව බලල එන්න.

පත්තර බුවා: බොසාගේ ඉදිරියට කල දසාව කොහොම වෙයිද? අවුරුදු 32ක් තිස්සේ  ඕකමනේ අතපතගාලා බැලූවේ.

වාසල බේගල්: ආයේ නම් ජීවිතේට කියන්නේ නෑ.

පත්තර බුවා: බොසත් කියල තියෙනවා ශාස්තර ගැන මීට පස්සේ කිසිම විශ්වාසයක් නෑ කියලා.

වාසල බේගල්:  ඕව ඇහෙනකොට ඩප්පියකින් මම මටම ගහගෙන බ්ලාස්ට් වෙන්න හිතෙනවා.

පත්තර බුවා: මේ ප‍්‍රශ්නය අපේ කනේ මයිල් පියාට බොසා දිනනවම කියල නේද කිව්වේ

කනේ මයිල් පියා නොහොත් රත්තා: මම විතරමද කිව්වේ! මමත් කිව්වා තමයි. මාවම කන්න හදන්නේ ඇයි? ශාස්තරයටම වුනත් කියන හැම දෙයක්ම පිට් නෑ. මං උදාහරණයක් කියන්නම් පහුගිය කාලේ ජනට්ස්ල ළඟ හෝ ගාලා පබිලික්වුණු ස්ටෝරි එකක් නේ ඔය හොරු ඇල්ලීම. සමහර පොරවල් කිව්වා එයාර් පෝර්ට් වහනවා කියලා. හොරු ඇල්ලූවද? එයාර් පෝර්ට් වැහුවද? පිස්සු ඩබල් තමයි. ඒ කථාවලින් ජනට්ස්ලට පොඩි ආතල් එකක් ලැබුණ එක විතරයි වුණේ.

පත්තර බුවා: හුඟ කාලෙකට ඉස්සර හිටපු බොසාටත් ලණුවක් දීල තිබුණ නේද? අර අපලයකට කියල කන්‍යාවියන් හත් දෙනෙකුට කියල කිරි කලහතකින් බොසාට නාගන්න කියල.

කනේ මයිල් පියා නොහොත් රත්තා : පිස්සු පීකුදු. කව්ද ඔය කථා ප‍්‍රචාරය කරන්නේ! මම  ඕවගේ මස්තබාල්දු ටෝකක් දීල නෑ. අපිව බ්ලාස්ට් කරන්න හදන ගුස්පි කථානේ මේවා.

පත්තර බුවා: මේ වගේ ලණු ඒ කාලේ බොසාට දීපු නිසා ටෙලිවිෂන් එකේ ප‍්‍රවෘත්ති කියවන්නත් ලැබුණා නේද?

කනේ මයිල් පියා නොහොත් රත්තා : මට ඔය වැඬේ ප්ලාන්ට් කරේ ඒ කාලේ හිටපු බොසා. මමත් කිව්වම ”බෑ නෑ” කියල වචනයක් නෑ තමුසේ ගිහින් කියනව කියලා මට බර බරේ දැම්මා. වැඬේ පෝරියල් වෙයි කියල බයට මමත් ගිහින් එදා අම්බානට ඇන ගත්තා. අනික බොසාත් එක්ක ළඟින්ම ප්‍රෙන්ඞ්සිප් වුණාම ඔය වගේ ජිල් පිට් අපිට මාට්ටු කරනවා.අපේ සුමන අයියත්  ඕව හොඳට කාල තියෙනවනේ.

පත්තර බුවා: ඔය කියන ශනියගෙ ගුස්පිය ගැන ඔබේ ශාස්තරයෙන් මොකද කියන්නේ?

කනේ මයිල් පියා නොහොත් රත්තා : මම කියන්නේ ගුරාගෙත් පෝල්ට් එකක් තියෙනවා. ගුරාටත් තනියම ඉඳල හරි මොකක් හරි ජිල්මාල් එකක් දාන්න තිබුණා. ගුරා ඒක කළේ නෑ.

පත්තර බුවා: මීළඟ ප‍්‍රශ්නය චේතිය බණ්ඩාරයටයි ගිනිකන්නාටයි. එක් කෙනෙක් කිව්වා රූපවාහිනියකට ගිහින් කට පුංචාගෙන් කොකා ගස්සනවා  කියලා. අනිත් එක්කෙනා කිව්වා ගිනි තියා ගන්නවා කියලා. ඒ වුණාට දෙන්නම ඉන්නවා.එකෙක් හැබැයි ගිනි කනවා.

සඳ සිරි චේතිය බණ්ඩාර නොහොත් තුන් හුලස්: පිස්සු ඩබල් තමයි. පිස්තෝලෙත් අරගෙන වෙඩි තියාගන්න ඔය රූපවාහිනියට ගියා නම් මාව අල්ලල ඇතුළට දානවා. එහෙනම් මං අදටත් ඇතුළේ. මං ඔයිට ඉස්සෙල්ලත් ඔය පරිප්පුව කෑවානේ.මාං එහෙම ගොං කරන්න බෑ.

පත්තර බුවා: ඉතින් බොසා දිනුවේ නෑනේ!

සඳසිරි චේතිය  බණ්ඩාර නොහොත්  තුන්හුලස් : මම කිව්වේ වින් එක ගැන නොවෙයි. මම ටෝක් එක දුන්නේ බොසා ජොබ් එක රැක ගන්නවා කියලයි. ජොබ් එකට මොකුත් වෙලා නෑනේ. මාසෙට ගතම් එක එනවා කාර් බාර් තියෙනවා. ක්වාටස් එකකුත් තිබෙනවා. ඔපීස් එකයි කට්ටියයි වැඩටත් ඉන්නවා. යන යන තැන්වල ජනම්ස්ලා පොරකනවා. බොසා බදාගන්න ඉස්සර වගේම අත අල්ලනවා,පුංචි එවුන් වඩාගන්නවා. මොනවද අඩු අර පරණ විදියමයි. ජොබ් එකට මොකුත් වෙලා නෑ. ඉතින් මම මොකටද මැරෙන්නේ?

ගිනි කන්නා: මමත් රිප්ලයි එකක් දෙන්න  ඕනේ.  ඕගොල්ලො මේ බණ ටෝකින් දාන්වා. දවසකට මේ රටේ පොරවල් කීදෙනෙක් ගිනි තියාගන්නවා කියලා කියනවද? කී දෙනෙක් ගිනි තියා ගන්නවද ඔහොම දේවල් වෙනවා. අනික මං ගිනි තියාගන්න යනකොට පොලිසියට මාට්ටු වුණොත් වැඬේ අබ්ලික්නේ. මට ඉන්න වෙන්නේ ඇතුළේ. කොටින්ම  ඕක මේ ආතල් එකට කියපු කථාවක්නේ.

පත්තර බුවා : මේ ප‍්‍රශ්නය කනේ මයිල් පියාටයි. සඳසිරි බණ්ඩාරයටයි, ගිනිකන්නටයි. දැන් ඉතින් වෙච්ච දේ ඉවරයි. ඉස්සරහට බොසාගේ ග‍්‍රහයින් ගැන මොනවද කියන්නේ. බුවාලා ග‍්‍රහයෝ ගැන දන්නවනේ.

තිදෙනාම : බොසාගෙන් සම්තිං ගන්න පොරවල් තමයි බොසාට හිටපු ග‍්‍රහයෝ. උන් තමයි බොසාට ජල්බරිය දැම්මේ. ඒ ග‍්‍රහයෝ. දැන් මාරුවෙලා. ඒ නිසා බොසාට ගොඩ යන්ඩත් බැරි කමක් නෑ. කොහොමත් මේ පාර අපි ටික කාපු පරිප්පුව හොඳටම ඇති. ආයි නම් බොසලට ශාස්තර, ප්‍රෙඩික්සන් නම් මතක් කරන්නත් එපා  අහන්ඩත් එපා. අපි මේ ජනම්ස්ලගෙනුත් ඉල්ලන්නේ මේ අපිව පස්සේ එලවන්න එපා. ඔය මේ දවස් වල එලවන්න  ඕන තරම් බඩු තියෙන්නේ. ඔය හොරු පස්සේ එලවන්න අද අපේ ජනම්ස්ටලත් වෙන ජොබ් එකක් නෑ. වැඬේම ඬේ ඇන්ඞ් නයිට් එකේම කරන්නේ පසුගිය බොසාත් එක්ක හිටපු හොරු පස්සේ එලවන එක. මාර ආතල් ජොබ් එක. ඒ හින්ද ජනම්ස්ලගෙන් වැඳල ඉල්ලන්නේ ශාස්තර පස්සේ එලවන්නේ නැතිව හොරු පස්සෙම එලවන්න කියලයි.

 



අදහස් (0)

‘මහින්ද බුවාගෙ කේන්දරේට වඩා මෛත්‍රී බුවාගෙ කේන්දරේ බලවත්‘

දුමින්ද Monday, 16 March 2015 06:45 AM

මොකටත් වඩා ජනමතය වැඩගත් සහ බලවත් (අ)

:       0       0

ශාන් සෞදි Monday, 16 March 2015 07:48 AM

මොනවද මේ ලියල තියෙන්නේ ලියපු එකාට මොලේ අමාරුව හැදිලද මොකක්ද මේ භාෂාව? (බ)

:       0       0

දුමින්ද Monday, 16 March 2015 08:00 AM

ෂාන් ඔබ හරි රස බසකමට කාට අවසර (අ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 16 March 2015 08:03 AM

පළමුව මම පත්තර බුවාට තැන්ක්ස් කරනවා අපේ බාසාවෙන් මේ ස්ටෝරි එක පත්තරේට එන්ටර් කරපු එක ගැන . පිස්සු පීකුදු කාලෙකට පස්සේ රියල් අතල් එකක් ගත්තා. ඇත්තනේ බොස් වාසල බේගල් කියන එක අර නසරාණි ශානිය ගියේ නැත්නම් බොසා තාමත් රජ කරනවා .(අ)

:       0       0

සීලා ද සිල්වා Monday, 16 March 2015 10:01 AM

මෙවැනි වැදගත් පුවත් පතකට මේ පළකරන සටහන නම් ඉතා අශෝබන බව නොලියා බැරිය. (බ)

:       0       0

ගමගේ Monday, 16 March 2015 10:27 AM

මේ සිදුවීම ලියන්නත් ඕනේ ඔය අපුරු භාෂාවෙන්ම තමයි. (ම)

:       0       0

තිලක් -ඩුබායි Monday, 16 March 2015 10:28 AM

මොනවා වුනත් අවරුදු 2 කකට කලින්ම බොසා "චුත කරපු" එකනම් රට පැත්තෙන් සහ දරුවන්ගේ අනාගතය පැත්තෙන් හොඳ දෙයක්.නැතිනම් රටත් විකුනම් කනවා. කන්න දෙයක් නැති වුනහම "මොළ හෝදපු හරක්" ටිකත් "මසට"විකුනන් කනවා.(බ)

:       0       0

සිරි Monday, 16 March 2015 10:47 AM

මේ වාගේ පල් හෑලී දාන්න ගියොත් එසැණ පුවත්/ලංකාදීප නිකම්ම නැති වෙලා යාවි. (බ)

:       0       0

මොරිස් Monday, 16 March 2015 12:21 PM

මේවා වල් බුත නෙමෙයි. උපහාසාත්මක කොලම් ලිපි සෑම පුවත් පතකම වගේ මේවා තියෙනවා. (ස)

:       0       0

සුරංග Monday, 16 March 2015 04:04 PM

මේක අපුරු ප්‍රබන්ධයක්-කරන වැඩවල හැටියට තමයි භාෂාව.ලංකාවේ දේශපාලන පුවත්පත් කලාවට ආලෝකයක්. (අ)

:       0       0

කල්ප Saturday, 14 November 2015 01:46 AM

නියම ලිපියක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 114 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 484 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 513 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 321 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 926 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38161 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site