ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ගෙන ඒමට සන්ධානයේ දේශපාලන පක්ෂයක් යෝජනාවක් ගෙන ඒමට යන බවත්, ඊට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමැතිවරුන් පිරිසක් නව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්වීමට සූදානම් බවත් දේශපාලන ආරංචි කියයි.
එම ඇමැතිවරුන්ගෙන් කිහිප දෙනෙකු සෙනසුරාදා (11) නව රජයට මේ බව දන්වා ඇතැයි ද දැනගන්නට ඇත.
නව ජනපතිට සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙක් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව ද දේශපාලන ආරංචි කියයි.
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මහින්ද මැතිසබේට එනවාට විරෝධයක්
මිහිර Sunday, 11 January 2015 08:45 AM
බලලෝබය කාටවත් සුදුසු නැහැ (නි)
ජූලි Sunday, 11 January 2015 08:45 AM
දින සියයේ වැඩපිළිවෙළ අවුල් කරගන්න එපා (නි)
ශාන්ත Sunday, 11 January 2015 08:46 AM
වෙනස පේනවා නේද? විධායක ජනපති තනතුර රට ගැන පළමුව හිතන තණ්හාව දුරුකළ කෙනෙකුට තමා හරියන්නේ. (නි)
සංජය Sunday, 11 January 2015 08:56 AM
යු.එන්.පී එකට කඩේ යන්න එපා (නදී)
දිනේෂ් වීරසුරිය Sunday, 11 January 2015 08:58 AM
කව්රු ගත්තත් කමක් නැහැ කුඩු කාරයෝ හොරු වාචාලයෝ අවස්ථාවදියෝ නම් ගාවගන්නවත් එපා. අපිටත් එතකොට අමාරුවෙන් හදාගත්තු ආණ්ඩුව එපාවෙයි (නදී)
කුරුවිට Sunday, 11 January 2015 09:07 AM
හොරුනම් ගන්න එපා හොඳට හොයා බලන්න (නදී)
ඒඩ්‍රියන් ද මෙල් Sunday, 11 January 2015 09:13 AM
අඬන්න ඉන්න ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගෙයි (නි)
අංජුල Sunday, 11 January 2015 09:34 AM
සමහරු කොච්චර කිවුවත් හැදෙන්නේම නැහැනේ! (නි)
කසුන් Sunday, 11 January 2015 10:15 AM
මහින්ද රාජපක්ෂ මෙතිතුමා අනිවාර්යෙන්ම නැවත දේශපාලනයට පැමිණිය යුතුයි (නදී)
මාධව Sunday, 11 January 2015 10:16 AM
පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවී නැඟිටින්නේ. තවම පැරදී පැය කීයද ? බලය තාවකාලිකයි මහින්ද මහත්තොයෝ. මෙව්වා හිතන්න තිබ්බේ ඉස්සල්ලා (නදී)
කුමාර් Sunday, 11 January 2015 10:28 AM
එනවට ඇයි ඔච්චර බය ? (නදී)
නිලූ Sunday, 11 January 2015 10:47 AM
නියමයි! (නි)
ලෝචන Sunday, 11 January 2015 10:58 AM
මහින්ද මහත්තයාට තියෙන බය තමයි ඉතින් (නි)
සමන්ත Sunday, 11 January 2015 11:00 AM
අපි දන්නවා මොකක්හරි පොටක් හදාගෙන මෛත්‍රීට ළංවෙන්න කට්ටිය බලාගෙන ඉන්නේ කියලා. ඔය ක්‍රමය තම මුලින්ම ඉවත් කරන්න ඕනෑ (නි)
කුමාර Sunday, 11 January 2015 11:15 AM
මහින්ද ජනපති තුමනි, යන අය ඔක්කොටොම යන්න දෙන්න. නියම පාක්ෂිකයන් පමණක් ඉතිරි වේවි. අන්න එතන ඉඳන් 'නැවත නැගිටීම' පටන් ගනිමු. සටන අත අරින්න එපා. මේ රූකඩයා පන්නා දමමු. (නදී)
වසන්ත Sunday, 11 January 2015 11:20 AM
දැන් එන අයව ගන්න එපා (නදී)
රත්නායක ආරච්චිගේ Monday, 12 January 2015 05:03 AM
කොහොමද ආයෙත් පාරක් පාර්ලිමේන්තු එන්නේ ?මෙතැනදී තමන්ගේ ගරුත්වය රැකගන්න කටයුතු කළොත් හොදයි නේද ?(දිල්)
චාමර Monday, 12 January 2015 08:43 AM
හිටපු ජනපතිට අපි ගරු කරනවා. මොකද එතුමා තමයි මේ රටේ යුද්ධය නැතිකලේ. එම ගෞරවය රැකගෙන බල කාමයෙන් තොරව විශ්‍රාම ගන්නේනම් ඔහුගේ එම ගෞරවය සදහටම සුරැකී අනාගතයේ ඉතිහාස පොතේ නම ලියවෙනු ඇත (දිල්)
තිවංක Sunday, 11 January 2015 12:23 PM
හබැයි හොරු නම් ගන්න එපා. (නදී)
විජේරත්න Wednesday, 14 January 2015 04:46 PM
යුද ජයග්‍රහණයකට වැදගත් කරුණු දෙකක් සැපිරිය යුතුය.එකක් එඩිතර යුධ නායකත්වයයි. ජෙනරල් ෆොන්සේකා එම කාර්යය ඉටුකළේය.එසේම හොඳ දේශපාලන නායකත්වයක් ඇවැසිය. මහින්ද රාජපක්ෂයෝ එය මනාව ඉටුකළහ. ඊට වාදයක් නැත. එහෙත් පසුව තත්ත්වය වෙනස්විය. ඒවා පරාජයට හේතුවිය. (නි)
හෆීල් Sunday, 11 January 2015 01:00 PM
රටේ යහොපතට නව ජනපති සමග ඉදිරියට යන්න. හිටපු ජනපති දැන් නූල් කැඩිච්ච සරුංගල් වගේ.(හේ)
උපුල් Sunday, 11 January 2015 01:09 PM
පක්ෂ භේදයකින් තොරව හැමෝම එකතුවිය යුතුයි. (නි)
යසංග Sunday, 11 January 2015 02:23 PM
අපි නම් කැමතියි (නි)
ඉමල්කා Sunday, 11 January 2015 03:02 PM
එතුමා අනිවාර්යයෙන්ම පැමිණිය යුතුයි (නි)
ප්‍රදීප් Monday, 12 January 2015 01:33 PM
මහින්ද ගෙදර යවලා හරියන්නේ නැහැ. මහින්දගේ වටේ හිටපු අයගේ වැරදි නිසයි එහෙම උනේ (නදී)
හසාර Tuesday, 13 January 2015 01:27 AM
මම නම් මහින්ද රාජපක්ෂ මහත්මයා එනවට කැමතියි. එතුමා යමක් කරන්න උත්සහ කළ නායකයෙක්. එතුමා අත වැරදි ඇතත් රටට දෙයක් කළා.සමහර අය හොඳ ඇති.හැබැයි රට එක තැන පල්වුණා (නි)
චන්දන Monday, 12 January 2015 09:33 AM
හොඳයි (බ)
පණ්ඩුක Monday, 12 January 2015 06:15 AM
ඇත්තට මොකද්ද මේ ආයෙත් බලයට එන්න තිබෙන කලබලය? තමන්ගේ වැදගත්කම හෑල්ලුවට ලක්වෙනවා නේද ? (නි)
සන්ධ්‍යා Tuesday, 13 January 2015 09:58 AM
ඔහු එනවනම් අපි ගොඩක් කැමතියි (දිල්)
රන්ජනී Sunday, 11 January 2015 08:45 PM
හිටපු ජනපති එක එක නම් ගොඩක් හොඳයි. ඒකෙන් අපිට ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා (නි)
සරත් විමලවීර Monday, 12 January 2015 03:19 PM
මහින්ද පාර්ලිමේන්තුවට අවොත් හොඳ විපක්ෂ නායකයෙක් ඔහුගේ පැමිණීම අපට ශක්තියක් (නදී)