IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහින්ද මැදමුලනට යයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති අද (9) පසුවරු 3ට පමණ මැදමුලනට ළඟවිය. පරාජය බාර ගැනීමෙන් පසු සිය ගමට ගිය ඔහු පිළිගැනීමට බොහෝ පිරිසක් එහි පැමිණ සිටියහ. තමා රට හැර යන්නේ නැතැයි කී හිටපු ජනපති මැදමුලනේ පදිංචි වන බව කීවේය.

තමාට ඡන්දය දුන් හම්බන්තොට ජනතාවට ස්තුති කළ ඔහු පැවසුයේ උතුරු නැගෙනහිරින් තමාට ඡන්දය නොලැබුණු බවයි.

62 63

65 64

 

 



අදහස් (0)

මහින්ද මැදමුලනට යයි

සංජීව Saturday, 10 January 2015 02:08 AM

ඔබ අපේ නායකයායි සැමදා. අපි සැමදා ඔබට කැමතියි. ජය වේවා ඔබට! (නි)

:       0       0

විපුල Saturday, 10 January 2015 02:19 AM

මහින්ද ජනපතිඳුනි, සිංහල අප ඔබව අමතක කළේ නැත. ඔබ දේශපාලනයෙන් සමුගන්නේ නැති බවට අපි විශ්වාස කරන්නෙමු. සිංහල අපි ඔබට සදා ණයගැතියි. ඔබතුමා විවේකයක් ගෙන නැවත දේශපාලන කරළියට පිවිසෙන්න. (නි)

:       0       0

රාජා ගුණවර්ධන Saturday, 10 January 2015 07:11 AM

අතිගරු ජනාධිපති තුමනි! පැරදුනේ ඔබ නෝවේ මුලු මහත් ජාතියමයි. නුදුරු දිනයක එය ඔවුන්ට පසක්වෙයි. අපට නැවත ඔබතුමා ඕනෑ වෙනවාමයි. එදාට පැමින නැවත ජාතියට නායකත්වය දෙන්න. ඔබ තුමාට ඳළදා සමිදු පිහිටයි. (අ)

:       0       0

රවීන්ද්‍ර Saturday, 10 January 2015 02:21 AM

ඔබතුමා පැවරුන වගකීම් ප්‍රශංශනීය ලෙස සාර්ථකව ඉටුකළා. ඔබතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවී අවසන්. ශ්‍රී ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළින් රට පාලනය කළා. ඔබ රටට මහත් අභිමානයක්. (නි)

:       0       0

මංජුල Saturday, 10 January 2015 02:21 AM

ජනපතිතුමනි, පැරදුනේ ඔබ නොවේ.අපියි. (නි)

:       0       0

කැකණඳුරේ හේමාලංකාර හිමි Saturday, 10 January 2015 02:22 AM

ඔබ බලයට වඩා රටට ආදරේ බව බොහෝ දෙනාට වැටහුනේ පසුවයි. ඡන්දෙට වඩා " මගේ රට වටිනවා" යැයි ඔබ පැවසූ කතාව ඇත්ත (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 10 January 2015 07:22 AM

ඔබ නිර්භීත සේනාදිපතියෙක් අපේ රටට. වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යමු.(නදි)

:       0       0

සදුන් Saturday, 10 January 2015 02:28 AM

ඔබ උදාර නායකයෙකි. අපිට ඔබ අවශ්‍යයි (නි)

:       0       0

ශෝබනී Saturday, 10 January 2015 02:36 AM

උදාර නායකයාණෙනි, ඊයෙත් අදත් හෙටත් අපි ඔබ සමඟයි. රටට ඔබ අවශ්‍ය වන්නේ හෙටයි. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       1

සුරංග Saturday, 10 January 2015 02:38 AM

මේ වගේ ශ්‍රේෂ්ඨ නායකයෙක් නැවත අපිට ලැබෙන්නේ නැහැ.කවුරුන් බලයට ආවත් අදටත් අපේ සිත් තුළ නායකයා ඔබයි මහින්ද ජනපතිතුමනි. ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

බටගල Saturday, 10 January 2015 02:48 AM

රටට අවශ්‍ය තැනදී සේවයට පැමිණ, කිසිම ලෝක බලවතෙකුට යටනොවී, ත්‍රස්තවාදී පිළිලය රටින් තුරන් කිරීමට ඔබතුමා කළ මෙහෙවර සදාකාලිකවම ජනතාවගේ සිත් තුළ තියේවි. ඔබට නිදුක් නිරෝගී සුවය පතමි. (නි)

:       0       0

නාමල් Saturday, 10 January 2015 02:49 AM

පූර්ණ, මෙතන අඬන්න දෙයක් නැහැ. (නි)

:       0       0

චින්තන Saturday, 10 January 2015 07:29 AM

ජනාධිපතිතුමනි ඔබ ශ්‍රේෂ්ඨයි එහෙත් ඔබගේ වට පිටාව අමිහිරියි (නදි)

:       0       0

සමන්ත Saturday, 10 January 2015 07:36 AM

ඔබ පරාජය කිරීමට උවමනාවක් තිබුනෙම නැත. බෙසිල් සහ නාමල් පරාජය කිරිමටයි අවශ්‍ය උෟයේ. ඒ දෙදෙනාගේ අදුරදර්ශී පාලනයේ වන්දිය ගෙව්මට සිදුවුයේ ඔබට වීම කණගාටුදායකය. (නදි)

:       0       0

ශාන්ත Saturday, 10 January 2015 03:08 AM

අපේ ජනාධිපති ඔබයි. ඔබට තෙරුවණ් සරණයි! (නි)

:       0       0

සෙනෙවි Saturday, 10 January 2015 07:36 AM

මොනව වෙන්නද අමිල, නීතිය යහපාලනය හරියට යනව නම් ඉබේම රට හොඳ වේවි. කව්රුත් වෙනම රටවල් ඉල්ලන එකක් නැහැ. ජාතිවාදය අවුස්සල මිනිස්සුන්ට නැවත මර බිය ඇතිකලේ නැතිනම් මෙයා දකුණෙනුත් පරාදයි (නදි)

:       0       0

කුමාර් Friday, 09 January 2015 12:26 PM

රටේ ජනතාව ඔබට අදත් ආදරෙයි, ඔබට දීර්ගායුෂ පතමි.! (ර)

:       0       0

දිනේෂ් Friday, 09 January 2015 12:43 PM

කවදත් රටේ ජනපති නුබමය මාගේ... (ර)

:       0       0

ඉසුරන්දි Saturday, 10 January 2015 07:40 AM

ජය පැරදුම කාටත් පොදුයි. වැරදුනේ කොතැනද එතැනට පිලියමක් කරගෙන ඉදිරියට යමු.ඔබතුමා රටට උවමනා පුද්ගලයෙක්!

:       0       0

තිලින Friday, 09 January 2015 12:51 PM

බුදු සරණයි අපේ ජනාධිපති තුමනි.! අපි හැමදාම ඔබ සමගයි. (ර)

:       0       0

ඉදුනිල් විතානගේ Friday, 09 January 2015 12:57 PM

මර දුකයි මටනම්. (ර)

:       0       0

උපුල් Friday, 09 January 2015 12:59 PM

හොදම නායකයෙක්. පිරිපුන් මිනිහෙක් මහින්ද මහතා. (ර)

:       0       0

ගුණසේකර Saturday, 10 January 2015 03:23 AM

ඉතා ඉක්මනින් අපේ මිනිසුන්ට ඔබතුමාගේ අගය දැනේවි. (නි)

:       0       0

තාරුක Saturday, 10 January 2015 03:24 AM

ඔබතුමා වැනි නායකයෙක් අපේ රටට නැවත බිහිවන්නේ නැහැ. ඔබට බුදු සරණයි! (නි)

:       0       0

මහී Friday, 09 January 2015 01:00 PM

ඔබ සිංහල ජනතාවගේ නායකයා බව හැමෝම දනී. (ර)

:       0       0

දුලීප් Friday, 09 January 2015 01:04 PM

අපේ ජාතියට ටික කලක් යද්දි හැමදේම අමතකයි (දිල්)

:       0       0

අචලා Friday, 09 January 2015 01:09 PM

අපට ඔබ අවශ්‍යයයි (දිල්)

:       0       0

චරිත Saturday, 10 January 2015 03:27 AM

ඔබතුමා නිසයි අද අපි මෙසේ ජීවත්වෙන්නේ. අපි හැමෝම අපේ ජීවිත වලින් ඔබතුමාට ණයගැතියි. පැරදුනේ සිංහල අපි මිස ඔබ නොවේ. ජනතාව ඔබතුමාට දැක්වූ ප්‍රතිචාරය ගැන බොහොම දුකයි. අපි ඔබට ණයගැතියි. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

දිල්ශාන් Friday, 09 January 2015 01:10 PM

ඔබ හැමදාමත් අපිට රජෙක් (දිල්)

:       0       0

කේ. සිරි Saturday, 10 January 2015 03:32 AM

අපි ඔබ සමඟයි. ලෝකය ඉදිරියේ කේසර සිංහයෙක් වූ ඔබ සදා අමරණීයයි. (නි)

:       0       0

වසන්ත Friday, 09 January 2015 01:13 PM

අසහාය නායකයාණෙනි ඔබ රටට කළ අගනා සේවය රන් අකුරින් ඉතිහාසයට එක්‌ වනවා ඇත.අපෙගේ හදවත් තුලද ඔබගේ නාමය සදා රැදෙනු ඇත.දැන් ඔබ කළ යුත්තේ නිදහස් ජීවිතය බුක්ති විඳීම පමණි.දීර්ගායු වේවා ඔබට.(දිල්)

:       0       0

හෂාන් Saturday, 10 January 2015 03:35 AM

ජනපතිඳුන්ට ලැබුණු උතුම් පදවිය රැකගන්න ඔහු වටා සිටි මිතුරන්ගෙන් සහයෝගයක් ලැබුණේ නැහැ (නි)

:       0       0

දිල්ශාන් Friday, 09 January 2015 01:14 PM

ඔබතුමා අපිට නිදහස් රටක් දුන්නා එත් මේ සිංහලයන්ට මුල අමතක වුණා. හරිම දුකයි (දිල්) 

:       0       0

නිමල් Friday, 09 January 2015 01:14 PM

එතුමාට ඡන්දය දුන් නොදුන් සියලු දෙනාට එතුමා නික්ම ගිය මොහොත සංවේගයක් ඇතිකළ අවස්ථාවක් වුණා. මම සිතන්නේ එක තමයි අපේ සිංහල කම සහ බෞද්ධකම . එතුමා රටට කළ විශිෂ්ට සේවාව සලකා අනාගතයේ එතුමාට හිමි නිසි ගෞරවය ආරක්ෂාව ලබා දෙනවනම් අප වඩාත් කාලගුණ දත් පිරිසක් වනු ඇති (දිල්)

:       0       0

කේෂා Saturday, 10 January 2015 02:52 PM

ජනපතිඳුනි, ඔබ එදත් අදත් අපේ ජනපති. ඔබට උතුරෙන් ඡන්දය නැති උනේ රට බේරාගත් නිසා (නදී)

:       0       0

පද්මසිරි Saturday, 10 January 2015 03:39 AM

රාජපක්ෂ මැතිතුමනි, අපි ඔබට සදා ණයගැතියි.අපේ පපුව තුළ ලියලන වේදනාව නිවන්න කෙනෙක් අද අපිට නැහැ.අපි අමතක නොකරන්න.ඔබට වේදනාවක් දැනෙන හැමවිටම එය අපටද එලෙසම දැනෙන බව සිතන්න.ඔබට දෙවියන්ගේ පිහිටයි! (නි)

:       0       0

ෂෙල්ටන් Saturday, 10 January 2015 07:46 AM

සාස්තරකාරයෝ පස්සේ නොගියා නම් තවත් අවුරුදු දෙකක් රට කරන්න තිබුනානේ. අපරාදේ කරගත්ත ගොන් කම.(නදී)

:       0       0

ලෙස්ලි ජයකොඩි Friday, 09 January 2015 01:28 PM

සිංහලයිනේ , නුඹලා ඊයේ බිව්වේ ජයපැන් නොවේ, ජාතියේ කදුළුය (නි)

:       0       0

අසංග Saturday, 10 January 2015 03:39 AM

ඔබතුමාට ඉදිරි වසර දෙක ඉන්න තිබුනා. ඇමති මණ්ඩලය අඩුකොට, වටේ සිටි දූෂිතයන් ඉවත්කොට,ඔවුන්ට දඩුවම් දී, නීතිගරුක සමාජයක් ස්ථාපිත කරන්නට තිබුණා. යුද්ධය නිමාකළ ඔබතුමාට හිමි ජනතා ගෞරවය සදාකාලිකවම ජන හදවත් වල පවතීවි. ජනතාව කලකිරුණේ ඔබතුමා ගැන නොවේ. ඔබතුමා වටා සිටි අය ගැනයි. ඊට දඬුවම් ලැබුවේ ඔබයි. ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය පතමි. (නි)

:       0       0

ජානක Saturday, 10 January 2015 07:48 AM

ඔබ ඉතාම නිර්භීත නායකයෙක්. ලං කරගත්ත ජරා මිනිස්සු නිසා ඔබ පැරදුනා. ඔබේ අඩුව ලගදීම ලංකාවට දැනේවි.(නදී) .

:       0       0

සරත් Friday, 09 January 2015 01:40 PM

ඔබ විශිෂ්ටයි (නි)

:       0       0

ජයකොඩි Saturday, 10 January 2015 03:41 AM

ඔබ කළ මහඟු සේවයට අපගේ හෘදයාංගම ස්තුතිය ඔබතුමාට පිරිනමනවා.ඔබතුමාට සතුටු වෙන්න පුළුවන් ඔබ මේ රටට කළ සේවය ගැන හිතලා.තෙරුවන් සරණයි! (නි)

:       0       0

අමිල Saturday, 10 January 2015 03:41 AM

ජනපතිතුමනි, ඔබතුමාට 47% මහජනයා ඡන්දය දුන්නේ ඔබ හොඳ නායකයකු නිසයි. ඉදිරියට මොනවද වෙන්නේ කියලා බලමු. සුබ අනාගතයක්! (නි)

:       0       0

සචින් Saturday, 10 January 2015 07:51 AM

මහින්ද හොඳයි. නෑදෑයෝ නරකයි. (නදි)

:       0       0

රත්මල්ගස්වැව Friday, 09 January 2015 01:41 PM

අපි මේ තරමට අවාසනාවන්ත වන්නේ අැයි?? (නි)

:       0       0

අනුරුද්ධ Saturday, 10 January 2015 03:42 AM

රටට අාදරය කරන සිංහල ‍බෞද්ධ අපගේ ජනපති ඔබයි... (නි)

:       0       0

අනිල් Friday, 09 January 2015 01:47 PM

ඔබ ගෞරවනීය නායකයෙකි. ඔබ පරාජය බාරගත්තේද උතුම් මහත්මයෙක් සේය. ඔබ ඉතිහාසගත වන පාලකයෙකි. (නි)

:       0       0

ඉන්දික Saturday, 10 January 2015 03:43 AM

ඔබ සදා අනුස්මරණීයයි! (නි)

:       0       0

නිලූක Friday, 09 January 2015 01:48 PM

වටේ සිටි මිනිස්සු එතුමා නැතිකළා (නි)

:       0       0

බණ්ඩාර Friday, 09 January 2015 01:54 PM

ඉතිහාසයේ අසමසම නායකයන් අතරට ඔබතුමාගේ නම ඉහළින්ම ලියැවී තිබේ. ඔබතුමාට චිරන් ජයතු! (නි)

:       0       0

නදීක Friday, 09 January 2015 02:00 PM

ඔබතුමාට වැරදුනේ කොතැනද කියලා හොඳට හිතලා බලලා ශක්තිමත්ව නැවත නැගිටින්න. ඔබට තෙරුවන් සරණයි. (නි)

:       0       0

හසන්ති Saturday, 10 January 2015 08:03 AM

මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබයි අපේ ලක් රජු. නැවත එනු මන අපේ ජනපතිවී නුදුරු දිනේ...ඔබට දීගයු..! (අ)

:       0       0

කුමාර Monday, 12 January 2015 05:10 PM

ඉතා ඉක්මනින් ඔබේ සේවය රටට ඕනෑ වේවි. තමා ළඟ හිටි සර්පයෝ ගැන දැනගන්න මේ ලැබුණු පරාජය ආශිර්වාදයක් ලෙස සළකන්න.ජය ශ්‍රී ! (නි)

:       0       0

සුදත් Friday, 09 January 2015 02:02 PM

නායකයෙක් වුණාට මදි. ගෝලයෝ හදාගන්නත් ඕනෑ. (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 09 January 2015 02:05 PM

ඔබතුමා පරාජයවූයේ නැත. සිංහල අපියි පරාජය වුණේ (නි)

:       0       0

සුජිත් Friday, 09 January 2015 02:06 PM

රට බෙදීමට විරුද්ධ වූ ඔබට රටේ බෙදුම්වාදීන් හරස්විය.යුගයේ වීරයාණෙනි, අපි සදා ඔබ පුදන්නෙමු. (නි)

:       0       0

ලාල්සිරි Saturday, 10 January 2015 08:09 AM

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබ පරාජය වුයේ නැත. රටක් ලෙසට ශ්‍රී ලංකාව සහ අපි පරාජය වී ඇත. අභීත ශ්‍රේෂ්ඨ නායකයෙක් අපට අහිමි වුණා (දිල්)

:       0       0

යොහාන්‍ Friday, 09 January 2015 02:08 PM

මට පුදුමාකාර දුකක් දැනෙන්නේ (නි)

:       0       0

අශ්විනී Saturday, 10 January 2015 04:04 AM

ජනාධිපතිතුමනි, ඔබ මුළු ලෝකයේම දරුණු ත්‍රස්තවාදය මෙරටින් නැතිකළා. කවුරු කොහොම මඩ ගැහුවත් ඒක අපිට මතකයි. (නි)

:       0       0

සමදරා Saturday, 10 January 2015 08:14 AM

ඔබ වැනි නායකයෙක් ඉතිහාසයේ සිටියේ නැත. මතුවට යළි බිහි වෙන්නේද නැත. ඔබ ලංකා ඉතිහායේ සදා අමරණීය ජන නායකයා බව සිංහල අපි හැමෝගෙම මතයයි (දිල්)

:       0       0

අනුෂ Friday, 09 January 2015 02:14 PM

මේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනා අද හදවතින් වැළපෙනවා ජනපතිඳුනි. (නි)

:       0       0

අභයරත්න Saturday, 10 January 2015 08:15 AM

සේනාධිපතිවරයාණෙනි අදටත් ඔබ අපේ ජනපතියි ඔබ සදා අමරනීයයි ඔබේ නාමය ඉතිහාසේ රන් අකුරෙන් ලියැවේවි (දිල්)

:       0       0

නයන කුමාර Saturday, 10 January 2015 04:08 AM

ඔබ පරාජය වූයේ නැත.පරාජය වුයේ අපයි. ඔබතුමා වැනි උදාර නායකයෙකුගේ අවශ්‍යතාවය යථා කාලයේදී අපිට ලබාදෙන්න. මිතුරන් සේ ඔබ අවට සිටින සතුරන්ගෙන් ඈත්වී දැහැමි රටක් ගොඩනැඟීමට ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා! (නි)

:       0       0

නිසාල් Friday, 09 January 2015 02:18 PM

මෙතුමාව සදා ආරක්ෂා කරගනිමු! (නි)

:       0       0

චන්දන Saturday, 10 January 2015 08:18 AM

අපේ සදා ආදරණීය ජනපති ඔබයි. ඔබ අපට සහ අප රටට කළ සේවය අමතක කළ ගුණමකුවන්ටද ඔබගේ අගය දැනෙන දිනය වැඩි ඈතක නොවේ. ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 10 January 2015 04:12 AM

එතුමා කළ යහපත් කටයුතු බොහොමයි. අපි ඒවා අගය කරමු. ඊයේ මැදමුලනට පැමිණීම ඉතාම දුක්බර අවස්ථාවක් ලෙස ජනතාවගේ සිත්වලට දැනුනා යැයි මම සිතනවා. (නි)

:       0       0

ගාමිණී සිසිර Saturday, 10 January 2015 08:23 AM

මහජන කැමත්තට අනුව දැන් පාඩුවේ ගෙදරට වෙලා ඉන්න (නදී)

:       0       0

සාරංග Friday, 09 January 2015 02:24 PM

පරාජය හමුවෙත් නොසැළී හිනා වී ඔබතුමා හිටියාට අපිට හරිම දුකයි රජතුමනි.... (නි)

:       0       0

චතුල Saturday, 10 January 2015 04:17 AM

මහා රජාණෙනි, ඔබට ඉදිරි වසර දෙකත් ඉන්න තිබුණා.ඔබේ අගය අපේ මිනිසුන්ට ළඟදීම දිනක දැනෙනු ඇත. ඔබට නිදුක් නිරෝගී සුබ අනාගතයක් පතමි. (නි)

:       0       0

සරත් කපුදුවගේ Saturday, 10 January 2015 04:19 AM

ඔබට කිරීමට තව බොහෝ දේ ඇත. දුක් නොවන්න. බුදුන්ගේ ධර්මය මෙනෙහි කරන්න. ඔබට දීර්ඝායුෂ වේවා. (නි)

:       0       0

ජයන්ත Friday, 09 January 2015 02:31 PM

ඔබ අපේ හදවතේ සැමදාම රැ‍ඳේවි (නි)

:       0       0

ජෙසී Friday, 09 January 2015 02:33 PM

යුද්ධය නිමකළ ජාතික වීර ලැයිස්තුව උඩින්ම සිටින්නේ ඔබයි (නි)

:       0       0

සිරිවංශ Friday, 09 January 2015 02:33 PM

ආර්යාවයි දරුවොයි ගියේ නැද්ද? (නි)

:       0       0

ජනක Saturday, 10 January 2015 04:25 AM

ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය පතමි (නි)

:       0       0

ගයාන් Friday, 09 January 2015 02:37 PM

ඔබ දිනුම් උතුමාණනි. අපි තමා පරාජය වුණේ. (නි)

:       0       0

කෝකිලා Friday, 09 January 2015 02:38 PM

ඔබතුමා විශිෂ්ට නායකයෙක්.ඔබතුමාගේ නාමය ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇත. (නි)

:       0       0

නිශාන්ත Friday, 09 January 2015 02:39 PM

ඔබ අපේ හදවතේ සදා අමරණීයයි (නි)

:       0       0

ජයන්ත Friday, 09 January 2015 02:50 PM

ඔබතුමා අපිට ජාති ජාතිත් ජනයාට අධිපති කෙනෙක්. (නි)

:       0       0

කමල් Friday, 09 January 2015 02:50 PM

ඔබ යුගයක් එකලුකළ අභිමානනීය නායකයෙකි. ඊයේ මෙන්ම අදත් හෙටත් ඔබගේ කීර්තිය අපගේ හදවත් වල සදාකාලිකය (නි)

:       0       0

කමල් Sunday, 11 January 2015 11:28 AM

වීරෝදාර සෙන්පතියාණෙනි, ඔබගේ අගය එදාටත් වැඩිය අද ශ්‍රී ලාංකිකයින් හඳුනාගෙන ඇත. ඔබ නිලයෙන් සමු ගෙනත් මව්බිමේ ඒකීයත්වය සහ ආරක්ෂාව ගැන මතක් කළා. අලුත් ජනපති දෙවරක් ජාතිය ඇමතුවත් එක වරක්වත් ඒකීය ලංකාවක්ගැන කතාකලේ නැහැ. කොහොමද ප්‍රතිපතියේ නැති ඒවා කියන්නේ. එනිසා අපිට ඉක්මනින් ඔබව ඕනෑ වෙයි. රට ගලවාගන්න. (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 10 January 2015 04:37 AM

අදටත් හෙටත් ඔබ මගේ ජාතිික වීරවරයායි (දිල්)

:       0       0

උපාලි රන්ජිත් Friday, 09 January 2015 02:53 PM

ඔබතුමා සැමදා අපේ සිතේ සිටී (නි)

:       0       0

ප්‍රියංගා Saturday, 10 January 2015 04:38 AM

අතිගරු මහින්ද ජනාධිපතිතුමනි , ඔබතුමා අති ගෞරවනියයි. ලංකා මාතාවට අභිත පුතෙක්.අප සැමට ආඩමිබර පියෙක්. රට, ජාතිය, ආගම ගැන සිතන විට ඔබ තුමා අපට අගෙයි. ඔබතුමාගේ අගය දැනෙන්නෙ අද නොව හෙටයි. ඉඳුරාම සපත කළ හැකි ඇත්ත එයයි. එම නිසා අප අතහැර නොයන්න. දිර්ඝායු සම්පත් ලැබෙවා. සියළු දෙවි රැකවරණයි. තෙරුවන් සරණයි.(දිල්)

:       0       0

ලියනගේ Friday, 09 January 2015 02:59 PM

ඔබ අපිට දෙවියෙක් (නි)

:       0       0

මහීන් Saturday, 10 January 2015 09:06 AM

නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)

:       0       0

රාජපක්ෂ Saturday, 10 January 2015 04:44 AM

ඔබ තුමාට අපගේ උත්තමාචාරය (දිල්)

:       0       0

ධනුෂ්ක Saturday, 10 January 2015 09:10 AM

කවුරු කෙසේ කිවුවත් තාත්තේ ,සිංහල ජාතියේ පියා ඔබමයි (නි)

:       0       0

විජිත Friday, 09 January 2015 03:21 PM

ඔබ පැරදුනාට සිංහල අපට වීරයෙක් (නදී)

:       0       0

රෝහණ‍ Saturday, 10 January 2015 09:11 AM

මහින්ද රාජපක්ෂ මහතා ගැන බොහෝ දේවල් ලිවිය හැකිය. එහෙත් ඒවා යුතුකමක් නොවේ. එතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. (නි)

:       0       0

කවිඳු Friday, 09 January 2015 03:22 PM

ඔබ කල සේවය සදා අමරනීය වනු ඇත. අදට වඩා ඔබ තුමන්ගේ අගය හෙට දින බොහෝ දෙනෙකුට වැටහේවී. සුවහසක් අම්මා වරුන්ගේ නෙතු කදුලු පිසලූ නුබට අප සදා නය ගැති වන්නෙමු. ඔබ තුමන්ගේ නාමය මේ ලක් දරනී තලය මත රන් අකුරින් ලියවෙනු ඇත. ඔබට දිගාසිරි වේවා. (නදී)

:       0       0

රාජපක්ෂ Saturday, 10 January 2015 04:47 AM

ඔබ තුමා පරාජය නැත මෙතෙක් කල් රටට කල සේවය සදා අමරනීයි පියාණනි ඔබට දිගයු වේවා අප ඔබ තුමාට සදා ණයගැති සුබ අනාගතයක් (අ)

:       0       0

කමල් Friday, 09 January 2015 03:26 PM

එතකොට තුන්මුල්ලේ විමලේ කොහෙද දන්නේ නැද්ද (නදී)

:       0       0

චානක Saturday, 10 January 2015 04:48 AM

අතිගරු ජනපතිතුමනි මා දුටු දෙවැනි දුටුගැමුණු ඔබයි. පැරදුනේ සිංහල අප මිස ඔබ නොවෙයි. කලගුණදත් අප සමද ඔබ සමගයි.නිදහස් නිවහල් දේශයක් බිහිකර නික්මයන උදාර නියමුවණනි,ඔබට අපගේ උත්තම ආචාරය. (අ)

:       0       0

නිශාදි Friday, 09 January 2015 03:27 PM

ඔබ නම් ඉතාමත් ශ්‍රේෂ්ඨ නිහතමානී උත්තමයෙක් බව අප දනිමු. ඔබේ වටිනාකම හැමටම දැනෙයි‍. සැනසිල්ලෙන් සහ විවේකයෙන් සිටිය යුතුවේ. ඔබට ජය හා සතුට. ගමේ අපි ඔබ සමගයි. (නදී)

:       0       0

දුෂාර Friday, 09 January 2015 03:28 PM

මෙය දුර්දාන්ත පාලනයට එරෙහි සටනකි. දෙමල හා මුස්ලිම් පක්ෂ ඔබ සමග එකතුවී නම් සිහලුන් ඔබට විරුද්දවෙනු ඇත. නැවතත් පවුල්වාදී, මැරබල, දේශද්‍රෝහී, මත්කුඩු රජයකට ඉඩ නොලැබේ (නදී)

:       0       0

රංජිත් Saturday, 10 January 2015 04:51 AM

සිංහලයට මේ රට නැතිවෙලා ඉවරයි උතුරු නැගෙනහිර හැමෝටම අප‍ ජාතියෙන් සංස්කෘතියන් වැඩක් නැත.(අ)

:       0       0

දිනිති Saturday, 10 January 2015 09:17 AM

අපේ රටේ අහිංසක මිනිසුන්ගේ සල්ලි ගසාකන්න කාටවත් අයිතියක් නැහැ (නි)

:       0       0

උපුල් Saturday, 10 January 2015 04:53 AM

ලාංකික ජනතාවගේ උවමනාවට නැවත ඔබව හොයාගෙන එන දවස ඈතක නොවේ . (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 09 January 2015 03:45 PM

පාප් වහන්සේ පිළිගන්නේ නව ජනාධිපතිතුමා විසින් බව හිටපු අගමැති දී මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවේදී එදා කල ප්‍රකාශය අද සත්‍ය කරමින් හිටපු ජනපතිතුමාට ගෙදර යන්න සිද්ධ උනා. (නදී)

:       0       0

සම්පත් Saturday, 10 January 2015 09:25 AM

නැවත එන්න.ඔබට ජය සහතිකයි (නි)

:       0       0

සිරිමෙවන් Saturday, 10 January 2015 04:55 AM

ඔබතුමාට අපි බොහෝම ණයගැතියි (නි)

:       0       0

සුමේධ Saturday, 10 January 2015 04:56 AM

මෙම මැතිවරණ පරාජය සිදු වූ වැරදි මෙනෙහි කරන්නට ලැබුණු විවේකයක් පමණයි. ඔබතුමාගේ සේවය රටට ඉදිරියේ දී නැවත අවශ්‍ය වනු ඇත. (නි)

:       0       0

ලසන්ත Saturday, 10 January 2015 04:56 AM

රට ජාතිය ආගම බේරාගත් ඔබ අපේ මිනිසුන්ට මෙච්චර ඉක්මනට අමතකවීම මට නම් අරුමයක්,අදහාගත නොහැක්කක්!! (නි)

:       0       0

මංජු Saturday, 10 January 2015 09:29 AM

ඒ ශ්‍රේෂ්ඨ නායකයව ගෙදර යවල දැන් අඬන්න එපා (නි)

:       0       0

නුවන් Friday, 09 January 2015 04:04 PM

අදත් හෙටත් ඔබ අප හද තුල ජීවමානයි. රට එක්සේසත් කල යුග පුරුෂයා ඔබයි..(නදී)

:       0       0

සෙනෙවි Saturday, 10 January 2015 05:03 AM

උතුරු නැගෙනහිර මේ රටේ කොටසක් නොවේද? මෙතුමා යළිත් දේශපාලනයට නොඒවා ! (නි)

:       0       0

රංජිත් Friday, 09 January 2015 04:07 PM

මහින්ද මහතාව විනාශ කළේ ඔහුගේ වටේ ඉන්න අයයි (නදී)

:       0       0

ප්‍රදීප් Friday, 09 January 2015 04:09 PM

යුද්ධය ඉවර කරලා, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදල, විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරලා,මැතිවරණ ක්‍රමයත් මීට වඩා හොඳ විදියට වෙනස් කරලා, වන්දනීය විදියට ගෙදර යන්න තිබුණු අවස්ථාව නේද මේ බලයට ඇති ආසාව නිසා නැති කර ගත්තේ.(නදී)

:       0       0

සෙනෙවි Saturday, 10 January 2015 05:05 AM

කේන්දරකරුවන් නැකත්කරුවන් විශ්වාස කරන අයගේ දෙබිඩි රංගනය නිමාවී ඇත. (නි)

:       0       0

දසනායක Saturday, 10 January 2015 05:08 AM

අපගේ වටිනා ඡන්දය වෙනතකට හරවා අපේ දරුවන්ගේ හා රටේ අනාගතය නැතිවීමට ඉඩසැළසු අයට ශාපකිරීමට කිසිසේත්ම නොහැකි බැවින් මම හඩා වැළපෙමි (නි)

:       0       0

ශාන් Sunday, 11 January 2015 12:34 AM

මහා රජාණනි, ඔබව යුද අදිකරණයකට ගෙනයාමට කෙනකු සිතුවොත් එය ලක්ෂ 58 කගේ මළමිනී උඩින් ගෙන යාමට සිදුවනු ඇත. ඔබට ආයුබෝ වේවා! (නදී)

:       0       0

සෙනෙවි Saturday, 10 January 2015 05:09 AM

මෙවැනි ජනාධිපතිවරයෙකු යළිත් දක්නට නොලැබේවි (නි)

:       0       0

සිල්වා Saturday, 10 January 2015 05:15 AM

ජනාධිපතිතුමනි, ඔබ වන්දි ගෙව්වේ දූෂිතයන්ගේ වැරදි වලටයි (නි)

:       0       0

ජයන්ත Saturday, 10 January 2015 09:53 AM

ඊයේ ඔබතුමා අරලියගහ මැදුරෙන් ගියා කියද්දී මට දුක වාවාගන්න බැරුව කාමරේට ගිහින් ඇඩුවා. (නි)

:       0       0

සොනාලි Saturday, 10 January 2015 05:17 AM

ඔබ අපට සිටි ශ්‍රේෂ්ඨතම නායකයායි. ඔබට දීර්ඝායු නිරෝගී සුව ලැබේවා! (නි)

:       0       0

සනත් Sunday, 11 January 2015 01:34 AM

ඔබ තුමාට මෙහෙම දෙයක් වුනේ ඹබ තුමාගේ ලඟින් හිටපු අත්තනොමතික මන්ත්‍රි ගොල්ල නිසා, ඹබ තුමා නිදුක් වෙත්වා ! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!.(හේ)

:       0       0

අබේපාල Friday, 09 January 2015 04:35 PM

ඔබතුමා රටට නැවත උවමනා වන යුගය වැඩි ඇතක නොවේ . ඔබතුමාට දළදා සමිඳු සරණයි! (නි)

:       0       0

මධුෂා Saturday, 10 January 2015 10:07 AM

සතුරු බියසැක නැති නිදහස් ස්වාධීන මවූබිමක ජීවත්වන්නට ඉඩහසර ලබාදුන් උතුම් පියාණනි, අපි ඔබට සැමදා ණයගැතියි. අපේ සිත් තුළ ඔබ සදා අමරණීයයි. (නි)

:       0       0

කුමාර ජයතිස්ස Friday, 09 January 2015 04:38 PM

ගැමුණු, විජයබා, මහා පැරකුම් හෙළයේ මහා විරුවන්ගෙන් පසු සිංහලයට පහළවු ශ්‍රේෂ්ඨ නරපතියාණනි, නැවත ජාතියට ජයග්‍රහණය රැගෙන නුදුරු අනාගතයේ ඔබේ සේවය අපට අවැසිය. එය ඉටුවන තෙක් සිංහල ජාතිය ඇස් දල්වා බලා සිටී. නව යුගයක් උදෙසා සැබෑ නායකයින් සමඟ එකතු වී හෙළයේ නායකත්වය වෙනුවෙන් අපගේ සුභ පැතුම්. (නි)

:       0       0

බිමල් Saturday, 10 January 2015 05:23 AM

ඔබට කිරීමට තව බොහෝ දේ ඇත. දුක් නොවන්න. (නි)

:       0       0

දුම්මලසූරිය Saturday, 10 January 2015 10:12 AM

මහින්ද රාජපක්ෂ මැතිඳුනි,ඔබතුමාට ජයපතනවා!! (නි)

:       0       0

සම්පත් Saturday, 10 January 2015 05:30 AM

අතිගරු ජනාධිපතිතුමනි, මා දුටු දෙවන දුටුගැමුණු ඔබයි.පැරදුනේ සිංහල අපි මිස ඔබ නොවේ. කළගුණදත් අපි ඔබ සමඟය (නි)

:       0       0

අසංක Friday, 09 January 2015 04:54 PM

ඔබතුමා සදා අමරණීයයි (නි)

:       0       0

කසුන් Saturday, 10 January 2015 05:30 AM

ඔබ පරාජය වූයේ නැත. ඔබට එරෙහි සියලු බලවේග හමුවේ මුහුණදී තනිව සටන්වැද ජයග්‍රහණය කළේය. (නි)

:       0       0

රණේපුර Friday, 09 January 2015 04:58 PM

ජනතාවගේ තීරණය නිසා පරාජය වූයේ ඔබතුමා නොවේ. මදා අප ඔබ සමඟයි. (නි)

:       0       0

අචින්ත Friday, 09 January 2015 05:14 PM

ගරු ජනාධිපතිතුමනි, ඔබ අද ඔබේ ධූරයෙන් සමුගෙන ගියත් සදා අමරණීයයි. ඔබ අද යන්නේ මුළු මහත් ජාතියටම ඉතා අමිහිරි කඳුලක් එක්කරමිනුයි. (නි)

:       0       0

යොමාල් Saturday, 10 January 2015 05:34 AM

නැවත එන්න (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 10 January 2015 05:34 AM

එතකොට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිකළේ, කේ ,පි .ට රජසැප දුන්නේ, ජනතා මුදල් ගසාකෑවේ, පිටරට මුදල් තැන්පත් කළේ, මාධ්‍ය තමන්ගේ බුදලයක් කරගත්තේ අපිද? (නි)

:       0       0

කුමාරි Friday, 09 January 2015 05:26 PM

නායකයාණෙනි, ඔබ දිගුකල් වැජඹේවා! අපි ඔබ සමඟයි (නි)

:       0       0

රූපවතී Friday, 09 January 2015 05:30 PM

උතුරෙන් , නැගෙනහිරින් ඔබට ඡන්දය නොලැබුනාට, මෙවර ඔබ ජයග්‍රහණය නොකළාට ජනතාවගේ හදවත තුළ ඔබ ලැබූ ජයග්‍රහණය කිසිදාක කිසිවෙකුට පරාජය කළ නොහැකියි. ජනතාවට වෙනසක් අවශ්‍යයි. ජීවන බර වෙහෙසින් ඔවුන් ටිකක් හෝ විවේකගත යුතුයි.වසර කීපයකින් සමහරවිට ජනතාව ඔබව ඕනෑවෙයි. සියල්ල ජනතාව තීන්දු කරාවි (නි)

:       0       0

සුජිත් Saturday, 10 January 2015 05:43 AM

" කවදා හෝ.........ඔබ දුක්වෙවී....මගේ සේවය වැටහෙනා මොහොතක් එයි ......ළඟදීම එයි...." (නි)

:       0       0

තුෂාන් Friday, 09 January 2015 05:34 PM

ඔබට ස්තුතියි කළ සේවාවට.ඔබට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.කළ වැරදි නිවැරදි කරගැනීම කළයුතුව ඇත. (නි)

:       0       0

ශ්‍රියානන්ද Friday, 09 January 2015 05:39 PM

ඔබව හැමදා අප මතකයේ තිබේවි ශ්‍රේෂ්ඨ නායකෙයාණෙනි (නි)

:       0       0

උයන්ගොඩ Saturday, 10 January 2015 10:21 AM

ඔබ රටට කළ සේවය මෙන්ම , රටට කළ වින්නැහියද අපමණය. කෙසේවුවත් අන්තිම මොහොතේ ඔබ ක්‍රියාකළ ආකාරය අගය කරමි (නි)

:       0       0

රත්නායක Friday, 09 January 2015 05:49 PM

ඔබට තුණුරුවනේ සරණයි! (නි)

:       0       0

චමින්ද Friday, 09 January 2015 05:58 PM

ඔබ අපිට සැමදා වීරයෙකි. රජතුමනි, අපිට ඔබ තවත් එක දුටුගැමුණු කෙනෙකි (නි)

:       0       0

චමින්ද Saturday, 10 January 2015 10:24 AM

පැරදුනේ ඔබ නොවෙයි,අපියි (නි)

:       0       0

චේතිය Saturday, 10 January 2015 10:24 AM

මම ඔබතුමාට ගොඩක් ආදරෙයි (නි)

:       0       0

චාමර Saturday, 10 January 2015 05:52 AM

රටට අාදරය කරන සිංහල ‍බෞද්ධ අපගේ ජනපති ඔබයි.ඔබතුමාට නිදුක් නිරෝගී චිරජීවනය පතමි (නි)

:       0       0

උපුලි Saturday, 10 January 2015 10:25 AM

ඔබතුමා නොවන්නට ඊයේ මිනිසුන්ට ජයග්‍රහණයක සතුටක් සමරනවා තියා ඡන්දෙ දාන්නවත් යන්න බැරිවෙනවා. කළ මෙහෙයට හිස නමා ආචාර පුදකරන අතර ඔබ සදා අමරණීය උතුම් පුද්ගලයෙක්. (නි)

:       0       0

ධනුෂ්ක Saturday, 10 January 2015 05:54 AM

තව නොබෝ දිනකින් ජාතියට ඔබ අවශ්‍ය වේවි අප බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමනි, සැමදා අපි ඔබ සමඟයි (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 09 January 2015 06:26 PM

දෙවැනි ලෝක යුද්ධය දිනවූ වින්ස්ටන්ට් චර්චිල් යුද්ධය අවසන්වීමත් සමඟ පරාජයට පත්කළා නම් අප ලංකාවේ මොනවා සිදුවෙන්න බැරිද? (නි)

:       0       0

අබ්දුල් රාසික් Friday, 09 January 2015 06:31 PM

ජය පරාජය පොදු දෙයකි.යුද්ධය නැතිකළ ඔබට අපගේ ගෞරවය සැමදා අපගේ සිත් තුළ ඇත. (නි)

:       0       0

සරත් කුමාර Saturday, 10 January 2015 05:58 AM

ඔබ ඉල්ලගෙන කරගත්ත දෙයක්. (නදී)

:       0       0

සහන් Saturday, 10 January 2015 05:59 AM

තාම මොලේ පෑදුනේ නැද්ද ? (නදී)

:       0       0

සුදත් Friday, 09 January 2015 07:03 PM

‍ඒ උතුම් ජනපති සමඟ මම සදාකල් සිටිමි (නි)

:       0       0

චතුරිකා Saturday, 10 January 2015 06:01 AM

යුද්ධය නිම කළ නායකයාණනි, පැරදුනේ ඔබ නොව අපයි. ඔබට නිදුක් නිරෝගි චිර ජීවනය පතමී. (නදී)

:       0       0

සමුද්‍රිකා Saturday, 10 January 2015 10:48 AM

ගරු ජනාධිපතිතුමනි, සැමදා අපේ ජනපති නුඹයි (නි)

:       0       0

සමන් Friday, 09 January 2015 07:30 PM

ආයුබෝ වේවා මහරජාණෙනි! (නි)

:       0       0

අල්විස් Friday, 09 January 2015 07:49 PM

රටේ නිදහසින් පසු ලොකුම සේවයක් කළේ ඔබතුමා පමණි. කවුරු කොහොම මඩ ගැසුවත් මුළු මහත් ලංකාවම ඔබට ණයගැතියි! ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Friday, 09 January 2015 08:20 PM

අතිගරු ජනාධිපතිතුමනි, මා දුටු දෙවන දුටුගැමුණු ඔබය.පැරදුනේ සිංහල අපි මිස ඔබ නොවේ. කළගුණදත් අපි ඔබ සමඟය (නි)

:       0       0

දිනේෂ් Saturday, 10 January 2015 06:18 AM

ඔබතුමාට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ලංකා Saturday, 10 January 2015 11:04 AM

ඔබ කළ මහඟු ‍සේවයට අප‍ෙ‍ග් හෘදයාංගම ස්තුතිය! (නි)

:       0       0

ශ්‍රීනාත් Friday, 09 January 2015 08:47 PM

රට ජාතිය ආගම බේරාගත් ඔබ අපේ මිනිසුන්ට මෙච්චර ඉක්මනට අමතකවීම මට නම් අරුමයක් නෙමෙයි (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Friday, 09 January 2015 08:53 PM

ලක්මවගේ අභීත දෙටු පුතකු වන මහින්ද රාජපක්ෂ මැතිඳුනි, ඔබතුමා අප නිර්භීත ලක් පුතුන් පෙරටුකරගෙන කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදවාගනිමින්, පසුගිය සමය තුළ රට ගොඩනඟමින්, බිය සැක නොමැතිව ලක් ජනතාවට පමණක් නොව ලෝ දනන්ට ලක්සිරි නරඹන්නට සැළසු අන්දම ලක් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙනු ඇත (නි)

:       0       0

සෑම් Friday, 09 January 2015 08:59 PM

මෙතුමා රට ත්‍රස්තවාදෙයෙන් බේරාගත්තා. ඒකට ජනතාව දුන්න ත්‍යාගය තමයි දෙවන වරටත් "ජනපතිකම" ට අවස්ථාව ලබාදීම. නමුත් අවිද්‍යාව ඕනෑවට වඩා පිළිගැනීම නිසා ඒ ත්‍යාගය භුක්ති විඳින්න නොහැකි වුණා. (නි)

:       0       0

පූර්ණ Friday, 09 January 2015 09:24 PM

ඔබ උදාර නායකයෙක්. රටට ලැබුණු සම්පතක්. අපි ඔබට ණයගැතියි. තෙරුවන් සරණයි! සුබ අනාගතයක්! (නි)

:       0       0

සිතුම් Friday, 09 January 2015 09:28 PM

මේ වගේ රටක ඉපදුන එක ගැන මම ඇත්තටම දැන් කණගාටු වෙනවා (නි)

:       0       0

පූර්ණ Friday, 09 January 2015 09:37 PM

අම්මාවරුන්ගේ කදුළු නිමාකර අපිට රටක් ඉතිරි කරදුන් නායකයා ඔබයි. ඔබ සමඟ සැමදා අපි ඉන්නවා. බුදු සරණයි! (නි)

:       0       0

මජිඩ් Friday, 09 January 2015 10:29 PM

ජනාධිපතිතුමනි, ඔබ රජෙක්. ඔබට සියලු දෙවියන්ගේ පිහිට පතමි. (නි)

:       0       0

සරත් Saturday, 10 January 2015 06:26 AM

ජය පරාජය කාටත් පොදු ධර්මතාවයක් ඔබ තුමාට රට බාරගන්න. රටවැසියො බලා ඉන්න ව ඔබ තුමාට තෙරුවන් සරණයි! (අ)

:       0       0

වීරසිරි අදිකාරී Saturday, 10 January 2015 11:15 AM

ඔබ තුමාට අප බොහෝ සේ ආදරය කළෙමු. අවිද්‍යාව දුරු කර, දුෂිතයන් ඉවත් කර, ඔබ නැවත එනතුරු අපි බලා සිටුමු. (නදී)

:       0       0

රූපසිංහ Friday, 09 January 2015 10:56 PM

ඔබ අභීත සහ ප්‍රෞඪ නායකයෙකි. ඔබ රට හැරයාමට අවශ්‍ය නැත. (නි)

:       0       0

ජූඩි Saturday, 10 January 2015 06:29 AM

ඔබ අපේ හිත තුල එදත් අදත් හෙටත් එකම ජනාදිපති තුමා ඔබට ජේසු ගේ අශිර්වාදය ලැබේවා! (අ)

:       0       0

ප්‍රභාත් Saturday, 10 January 2015 12:23 AM

මහින්ද රාජපක්ෂ පියාණෙනි, ඔබ කිසිදා අපිට අමතක නොවන විරුවෙකි. ඔබ සදාකාලිකවම අප හදවත් තුළ ජීවත්වේ. ඔබේ සේවය රටට අවශ්‍ය අද නොව හෙටය. එනිසා පියාණෙනි, අප හැර නෙයන්න. (නි)

:       0       0

කාන්ති දිසානායක Saturday, 10 January 2015 11:42 AM

ඔබතුමාට අප බොහෝ ආදරය කළෙමු .යුද්දය නිම කර අනාගත පරපුරට නිදහස් රටක් උරුම කර දුන් ඔබ කිසිදා පැරදුණේ නැත .කළගුණ අමතක කළ සමහරක් සිංහල මිනිසුන් කරහි ඇතිවන කලකිරීම හදවතට වාවා ගත නොහැකිය .ඔබ නැවත පැමිණෙන තුරු අප මග බලා සිටිමු .ඔබතුමාට තෙරුවන් සරණ පතමු . (දිල්)

:       0       0

රණසිංහ Saturday, 10 January 2015 12:44 AM

ඔබ ශ්‍රේෂ්ඨයි. අපේ සැබෑ ජනපති ඔබයි (නි)

:       0       0

සුරංග Saturday, 10 January 2015 06:37 AM

ඔබතුමා පරාජයට පත්කළ ජනතාවට කවද හරි තේරේවි , අපි කලේ රටට ද්‍රෝහි වීමක් කියල.(අ)

:       0       0

විජේදාස Saturday, 10 January 2015 12:52 AM

ඔබ නියම ශ්‍රී ලංකා පුත්‍රයෙක්. ඔබට සියළු දෙවි පිහිටයි! (නි)

:       0       0

ප්‍රේමතිලක Saturday, 10 January 2015 06:43 AM

රාජගිරියේ බෝම්බයට මුහුණදුන් මා ඔබතුමා මතක්වෙන හැම වෙලාවේම ඇසට කඳුලක් එනවා. ඔබට බොහොම පින් රට යුද්ධෙන් රට නිදහස්කලාට. නැවත අප අතරට එන්න. (අ)

:       0       0

නිමල් පීරිස් Saturday, 10 January 2015 06:45 AM

වසර 30 ක් තිස්සේ සටන් කරලා පරද්දන්න බැරිවෙච්චි සිංහල ජාතිය සහ රට සුළු ජාතිකයින් එකතු වෙලා පරාජයේ මාවතට යොමුකලා, ජනපතිදුනි පැරදුනේ ඔබ නොවේ මුළු මහත් සිංහල ජාතියයි (අ)

:       0       0

ප්‍රියන්ත Saturday, 10 January 2015 01:11 AM

උදාර නායකයෙක්! (නි)

:       0       0

සමන්ත Saturday, 10 January 2015 06:50 AM

ගරු ජනපති තුමනි, අපත් අවන්කවම ඔබේ පරාජය ගැන කණගාටු වන්නෙමු. එහෙත් ඉදිරි වසර කීපය ඔබතුමා සිටියානම් රටේ ඇතිවීමට තිබෙන ප්‍රශ්න හමුවේ ඔබට බරපතල අපකීර්තියකට ලක්වීමට ඉඩ තිබුනි. 2024 වනතෙක්ම රටේ ජනපතිකම දරන්නට පිං ඇතිව ඉපදුන ඔබතුමන්ගේ වාසනාව අඩු වන්නට හේතු ගනනාවක් ඇත. ඉන් එක් ප්‍රබල කරුණක් වන්නේ ඔබතුමාගෙන් කිසිදු උපකාරයක් නොලබා ඈත සිට සිල් ගුණ පුරන උතුමන් දිගින් දිගටම ඔබතුමන්හට කළ ආශිර්වාද නතරවීම අනිත් කරුණු බොහෝමයක් වැඩි දෙනා දන්නා කරුණුය. ඊට හේතු ඔබතුමාම දනී. ඔබතුමන් අතින් විය යුතු නමුත් ඔබතුමන්හට මග හැරුණු තවත් වැඩ කොටසක් කීරීමට ඉතිරිව ඇත. කෙසේ වෙතත් නැවත කීර්තිමත් ජන නායකයකු වීමේ පින ඔබ සතු බව සිහිතබා ගනිමින් අඩුපාඩු හදුනා ගෙන ඉදිරියට එන්න. නැවත ඔබතුමන්හට ආසිරි ලැබෙනු ඇත. සූවිසි ගුණ බලෙන් තුන් මිණි රුවන පිරි දළදා සමිදු ජයසිරිමහ සමිදු සරි රට රැක වරණ දෙන දෙවියන් පිනෙන් පිරි මැතිදුන් රැකදේව නිති දී දිගා සිරි......!!!

:       0       0

ලක්ෂ්මී Saturday, 10 January 2015 06:52 AM

ඔබ තුමා අපිට දැවැන්ත යුග පුරුෂයෙක් (නදි)

:       0       0

සමන් Saturday, 10 January 2015 06:54 AM

නැවත උපන් දුටුගැමුණු ඔබතුමයි! සිංහල ජනතාව මෙවරත් ජනාධිපති කලේ ඔබවයි ! සිංහල ජාතියට බැරිඋනා ඔබතුමා රැකගන්න. (නදි)

:       0       0

මුණසිංහ Saturday, 10 January 2015 01:21 AM

අදටත් අපේ ජනපති ඔබයි. (නි)

:       0       0

ජයලාල් Saturday, 10 January 2015 01:25 AM

අතිගරු මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨ ජනපතිඳුනි, ඔබ ජාතියට අවශ්‍යම මොහොතයි මේ. අප සමඟ රට ජාතිය ආගම රැකගන්න. චිරං ජයතු අපේ වීරයාට! ඔබට සියලු දෙවි පිහිටයි! (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 10 January 2015 01:42 AM

ඔබතුමා කිවුවා හරි. අපි පරාජය වී නැහැ. සදා අපේ ජනපති ඔබතුමායි. (නි)

:       0       0

රත්නායක රජරට Saturday, 10 January 2015 06:58 AM

හිටපු ජනපති මහින්ද මැතිතුමනි, ඇත්ත වශයෙන්ම ඔබගේ මැතිවරණ පරාජයෙන් මා උගත් ලොකුම පාඩම නම් දෙවියන් බුදුන් එක් සිතකින් අදහා ගෙන හදහන පැත්තකට දැමීමය.(නදි)

:       0       0

චන්දන‍ Saturday, 10 January 2015 01:50 AM

ජාතියේ පියාණෙනි, අප සටනකින් පරාජය වූ මුත් ජාතියේ දු පුතුන්ගේ මෙහෙයුම පරාජය වී නොමැත. මව්බිමට ඔබ ඇවැසි මොහොත වැඩි ඈතක නොවේ (නි)

:       0       0

නිලංක Saturday, 10 January 2015 07:00 AM

ඔබේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙයි. රටට ලබා දුන් නිදහසට අපි සදා නය ගැති වෙමු. ඔබේ අගය අදට වඩා හෙටට අවැසිය. දේශපාලන කුහකයන්ගේ කොන්ද පන නැති එක ඔබේ තාවකාලික පරාජයට හේතු වී ඇතත් හෙට රටට ඔබ අවැසිමය. ඔබට දිර්ගායුවේවා (නදි)

:       0       0

ජයන්ත Saturday, 10 January 2015 02:00 AM

පැරදුනේ ඔබ නොව අපියි. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

අශෝකා Saturday, 10 January 2015 07:04 AM

ජනාධිපතිතුමනි, ඔබතුමාගේ ශක්තිය රටට අවැසියි (නදි)

:       0       0

ජයලත් Saturday, 10 January 2015 07:04 AM

ඔබ තුමා දෙයක් කලා අපි එය පිළිගනිමු. එනමුදු ඔබ තුමා නොකළ දේ සහ වංචා දූෂණ බොහෝය. සිතා බලන්න හැමෝම හදවතින් නොව මොලයෙන් සිතන්න. මේ රට තුල ජීවත් වන තවත් බොහෝ දුප්පතුන් ඇත. උන්ගේ බඩ ගැනත් රටේ මිනිසුන්ගේ දියුණුව ගැනත් සිතන්න.(නදි)

:       0       0

ලක්මාල් Saturday, 10 January 2015 02:07 AM

සිංහල අපේ ජනපති ඔබයි. කරුණකර අපි වෙනුවෙන් ඊළඟ මැතිවරණයට තරඟ කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1396 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 590 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 437 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1228 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site