IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


මහින්ද මයුරා මැඳුරට එයි?

හිටපු  ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවුලේ උදවියත් සමඟ නාවල රාජගිරිය  ‘පීකොක්‘  (මයුරා) මන්දිරයට  අවුරුද්දෙන් පසුව එතියි  එහි හිමිකරු ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතාට සමිප ආරංචි කියයි.

හිටපු ජනපති රට වෙනුවෙන් කළ උදාර මෙහෙවර අගයා කෘත ගුණ සැලකීමත් වශයෙන් මේ මන්දිරය ඔහුගේ පදිංචියට ලබා දුන් බව ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ එස් පී ලියනගේ ලියනගේ මහතා කියයි.

රාජපක්ෂ මහතා මන්දිරයට පැමිණිමට පෙර වාස්තු විද්‍යාඥයින්ගේ හා නක්ෂත්‍රකරුවන්ට මේ මන්දරය පෙන්වා  ඔවුන්ගේ උපදෙස් අනුව වැදගත් වෙනස්වීම්  කිහිපයක් ලහි ලහියේ සිදු වන බවත්  එම වෙනස්වීම් සියල්ලම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරය අනුව සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව මන්දිරයේ උතුර දෙසට පිහිටා ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට වෙනස් කැරෙයි.දොරටුවට දැන් ලොකු ජනෙල් පියන් දෙකක් සවි කැරේ.

මන්දිරයට ඉදිරියෙන් තිබෙන නාන තටාකය රාජපක්ෂ මහතාට එතරම් සුබදායක නොවන බව ජ්‍යෙතිශාස්ත්‍රඥයින් හා වාස්තු විද්‍යාඥයින්  පෙන්වාදීම නිසා  එය මුහුදු  වැලි වලින් වසා දැමෙයි.

මුහුදු වැලි වලින් පුරවන ලද නාන තටාකයට අයත් භූමියේ වැලි දෙපසේ ස්පර්ශවීමෙන්  ගන්නා තීන්දු තීරණ වලින් ප්‍රතිපල ලැබෙතියි නැකැත්කරුවන් කියා ඇත.

ඒ හේතුවෙන් දැනට නාරහේන්පිට අභයාරාමයේ  පැවැත්වෙන ප්‍රධාන මෙහෙයුම්  කාර්යාලයය නාන තටාකයේ පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි තතු දන්නෝ පවසති.

කෝන මාසයක නිවසට ගෙවදීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ඒ තරම් සුබදායික නොවුනත්  රාජපක්ෂ මහත්මියගේ කේන්දරය අනුව සුබ ගෙන දෙන බව  ශාස්ත්‍රකරුවන් පෙන්වා දීමෙන් අනතුරුව තව දින කිහිපයකින්  අලුත් අවුරුද්දේ  වත් පිළිවෙත් තංගල්ලේ කාල්ටන් නිවසේ  සිදු කර ඉන් අනතුරුව පීකොක් මන්දිරයට පැමිනෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

ප්‍රශ්නය - ‘පි කොක් ‘ මන්දිරයේ  යම් යම් වෙනස් කිරීම්   සිදු කරනවා  කියන්නේ ඇත්තද?

ඒ එස් පී ලියනගේ  -කාලෙන් කාලෙට එහෙම වෙන්න එපායෑ

ප්‍රශ්නය- හිටපු ජනාධිපති කේන්දරේ අනුව  මන්දිරයේ වෙනස් කිරීම් කරනවා.කියලයි දැනගන්න තියෙන්නේ.

පිලිතුර -කෙන්දරේ අනුව ද කියන්න මං දන්නේ නෑ.මම මීට පෙරත් මාධ්‍යට  පැවසුවා එතුමා රට වෙනුවෙන් කළ සේවය අගයමින් කෘත ගුණ දැක්වීමක්  වශයෙන් රට වැඩියා වෙනුවෙන් එය ලබා දෙනවා කියලා.එතුමාට එය තියෙනවා මම බලන් ඉන්නේ පදිංචියට එනකල්.

ප්‍රශ්නය-මන්දිරය ඉදිරිපිට  තියෙන නාන තටාකය මුහුදු වැලි වලින් ගොඩ කරනවා කියලා දැනගන්න ලැබුණා.ඒ  ඇයි කියලා දැන ගන්න ලැබුණා.ඒ ඇයි කියලා   දන්නවාද?

පිලිතුර

ඒකනම් මටත් දැනගන්න ලැබුණා. ඒගැන වැඩි යමක් කියන්න දන්නේ නෑ.

ප්‍රශ්නය -හිටපු ජනාධිපතිතුමාට ඔබතුමාගේ ශ්‍රී ලංකා කම්කරුපක්සයේ  කැන්ගරු ලකුණත් දෙන්න ඔබ සූදානම් ,ඒ වගේම පී කොක් මන්දිරයත් ලබා දෙනවා.වෙස්සන්තර කෙනෙක් වෙන්න යනවාද?

පිලිතුර-

 දුන් තරමට තමයි ලැබෙන්නේ .බුදු බණෙත් සඳහන් වෙන්නේ ඒ ආකාරයෙන්.අද මහින්ද මහත්තයාට හෙට රනිල් මහත්තයට ,ඊළඟ දවසේ මෛත්‍රීපාල මහත්තයට .මම ඒ හැමෝටම ගෞරව කරනවා .උදව් කරනවා.මම නිහඩ දේශපාලනඥයෙක්ග

ප්‍රශ්නය

ඔබ කෙන්දර  විශ්වාස කරනවාද?

පිලිතුර

අවිශ්වාසයෙන් කිසිදු දෙයක් කරන්න බැහැ

 

DSC05644

DSC05649 DSC05655 DSC05658 DSC05671 DSC05676 DSC05680 DSC05683 DSC05687 DSC05691 DSC05694

 

 

 

 



අදහස් (0)

මහින්ද මයුරා මැඳුරට එයි?

ජි නන්දන Monday, 06 April 2015 09:11 AM

මෙි වැඩෙි කරන්නෙත් සුමනදාස මහත්තයමද? (ම)

:       0       0

නිශාන්ත අයේෂා Wednesday, 08 April 2015 08:50 AM

අයියෝ සල්ලි. කමක් නැහැ බිලියන් ගණන් ලඟ තියෙනවනේ නේද. (නදී)

:       0       0

අනුර Friday, 10 April 2015 12:46 PM

රට බේරාගත් මෙවන් උත්තමයෙකුට ඔබ කරන දෙය උතුම්! (නි)

:       0       0

දුමින්ද Monday, 06 April 2015 04:12 AM

ජනමතය මොන මතයටත් වැඩිය ඉහළය (නි)

:       0       0

ශාන්ත Tuesday, 07 April 2015 01:47 PM

මේවා විකාර කියලයි මම හිතන්නේ (දී)

:       0       0

බන්දුල Monday, 06 April 2015 12:46 PM

රාජසිංහ රජුට ජනතාව විරුද්ධවෙලා සුද්දට රට ගිය හැටි මට මතක්වුණා (නි)

:       0       0

සහන් Monday, 06 April 2015 01:15 PM

නන්දන මහත්තයා කිව්වා වගේ මේකත් සුමනදාසට කිව්වා නම් හරි. (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 15 April 2015 08:31 PM

රාජසිංහ රජු විදෙස් මත්පැනට ඇබ්බැහි කරවා නිලමේවරුන් රජු සමඟ බිඳුවා එතුමා ජනතා අප්‍රසාදයට පත්කරනු පිණිස බොරු ප්‍රචාර පතුරුවා යුද්ධයෙන් නොගත හැකිවූ රට කූට ගිවිසුමකින් අත්පත් කරගත් උන්ට රැවටී රට සුද්දාට පාවාදුන් දේශීය නියෝජිතයෝත් එදත් සිටියහ. සයිබර් අවකාශයේ බොරු වපුරා ෆේස්බුක් නොදරුවන් රවටා, ජනතාව බිඳුවා, රට විදේශ සහ ජාතිවාදී බෙදුම්වාදී බලවේගවල කෙළිබිමක් කරදී ජයපැන් බොන දේශද්‍රෝහීන්ද ඔවුන්ට ආවඩන්නෝද දැනුදු සිටිති. (නි)

:       0       0

සුමුදු හේවා Wednesday, 15 April 2015 08:38 PM

මයුරා මැඳුර එතුමාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබෙන තැනක්ද? වටපිට ඇති ගෙවල් ගොඩනැගිලි ආදියෙන් එතුමාගේ ආරක්ෂාවට බාධාවක් වියහැකිද යනාදියත් ගෙට වෙනස්කම් කිරීමේදී සැළකිල්ලට ගතයුතු කරුණු අතර වේයැයි සිතමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 5 0

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 52 0

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 106 0

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 87 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


පොලිසියේ දී මදන විසේ ඇවිස්සී කූඩුවේ
2024 සැප්තැම්බර් මස 29 274 0

පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.


බේකිරි නිෂ්පාදන මිල වෙනසක් කරන්න බෑ
2024 සැප්තැම්බර් මස 29 323 2

බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38033 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25045 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 783 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 284 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site