IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘මහින්ද යළි දේශපාලනයට ගේනවා‘ - විමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ගෙදරට වී ඉන්නට ඉඩ නොදෙන බවත්, ඔහු දේශපාලනයෙන් ඉවත් වී නැති බවත් හිටපු ඇමැති විමල් වීරවංශ මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ඩලස් අලහප්පෙරුම, අනුර ප්‍රියදර්ශන යාපා යන හිටපු ඇමැති වරු ද, පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද ඊට එක්වූහ.

හිටපු ඇමැති විමල් වීරවංශ මහතා -

‘ජනාධිපතිතුමා වැදගත් විදියට අරලිය ගහ මැදුරෙන් පිටවෙලා ගියා. ඔහු පිටවෙලා යද්දී දිවයිනේ බොහෝ දෙනෙකු හඬා වැටෙන්නට වුණා. මුළු රටම කඳුළු සැලුවා. ඔහු දේශපාලනනේ සමු ගත්තේ නෑ. ඔහුට නිකන් ගෙදරට වෙලා ඉන්න දෙන්නේ නෑ. ‘

හිටපු අැමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා - 

‘දින සියයත් ඇතුළත කරන දේවල් ගැන ප්‍රතිපත්ති ප්‍රකාශයකින් එළි දැක්වූ දේවල් රටේ වැඩි කොටසක් අනුමත කර තබෙනවා. ඒ පොරොන්දු ඉටු කරන්න ශක්තිය ලැබෙන්න කියා අපි අලුත් ජනපතිට සුභ පතනවා.

අලුත් අගමැති දිවුරුම් දුන්නා. ඔහු දිවුරුම් දුන් ආකාරය ගැන යම් යම් ගැටළු තිබුණත් තාක්ෂණික ප්‍රශ්න ගැන අපි මේ වෙලාව අවධානය යොමු කරන්නේ නෑ. දින සියයේ වැඩ සටහන අවහිර කරන්නේ නෑ. එහි හොද දේවල් ක්‍රියාත්මක කරන්න අපේ පූර්ණ සහාය ලබා දෙනවා.‘



අදහස් (0)

‘මහින්ද යළි දේශපාලනයට ගේනවා‘ - විමල්

ඇන්ටන් Saturday, 10 January 2015 12:49 PM

විමල් දැන්වත් බොරුවට උඩ බුරන්නේ නැතිව හිටියොත් ඇඟට හොදයි (නදී)

:       0       0

අමිල Sunday, 11 January 2015 08:02 AM

ඔබ එනතුරු රට ඉකිබිඳිනවා (නි)

:       0       0

දහම් Saturday, 10 January 2015 01:21 PM

දින 100 යටතේ සහන ලැබෙන තුරු ජනතාව නොඉවසිල්ලෙන් ඉන්නේ. ගෑස්, ඉන්ධන, සීනි, පරිප්පු මිල අඩු වී පඩි වැඩි වෙනකම් බලාගෙන ඉන්නේ.(නදී)

:       0       0

භාරත Saturday, 10 January 2015 01:22 PM

අපේ ජනපතිතුමන්ව අපට නැවතත් අවශ්‍යයි. ඔහුව කෙසේ හෝ නැවතත් අප ඉදිරියට ගෙනවිත් ඔහුගේ ජනතාව පනගන්වන්න. (නදී)

:       0       0

නුවන් Saturday, 10 January 2015 01:27 PM

නිමල් සිරිපාල මහතා කියපු දේ අනුමත කරනවා. මහජන මතයට හිස නමල, කුමන පක්ෂයේ උනත් පවතින රජයේ "හොඳ" දේ අගය දකින්නත්, නරක දේ විවේචනය කරන්නත් විපක්ෂයකට කොන්දක් තිබිය යුතුයි. පාට පක්ෂ භේදයක් නැතිව අපේ රට ඔසවා තැබීමට අපි සැම හැකි පමණින් දායක විය යුතුයි. (නදී)

:       0       0

අසෝක Saturday, 10 January 2015 01:46 PM

අනේ වඳින්නම් ඔය පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද ? ඔයා සිරිසේන මහත්තයට ගහපු බොරු මඩ අපහාස නින්ද නිසා තමයි මහින්දට ඡන්ද අඩුවුණේ. මේ පර ඡන්දෙන් පෙනුන තණකොළ කන අයට වැඩිය බත් කන එවුන් වැඩියි කියලා (නදී)

:       0       0

සුරංග Saturday, 10 January 2015 01:48 PM

රට බේරගත්ත නායකයා විදියට, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත දේශපාලනයට පැමිණිය යුතුයි. (නදී)

:       0       0

දියෝනිස් Saturday, 10 January 2015 02:21 PM

අනේ මෙහෙමත් මිනිස්සු! දිවුරුම් දුන් ආකාරයේ ගැටළු කතා කරනවා විලි ලජ්ජා නැතුව! මොකෝ? එතනත් විදේශ කුමන්ත්‍රණයක්ද? (ස)

:       0       0

මුදිත Saturday, 10 January 2015 02:53 PM

එකත් හරි . එකට කාපු අයනේ. (ස)

:       0       0

ප්‍රියන්ත Saturday, 10 January 2015 02:54 PM

ඔව් ඉතින් වීරවංසට කූඩැල්ලෙක් වගේ කාගෙහරි එල්ලුනේ නැත්නම් කොහෙද අනාගතයක් (ස)

:       0       0

ගයනි Saturday, 10 January 2015 02:56 PM

අපි අපේ සහය රට බේරා ගත් අපේ නායකයා වෙනුවෙන් ලබා දෙනවා. ඔබ තුමා නැවත ආ යුතුයි (නදී)

:       0       0

ප්‍රසාද් නිශාන්ත Saturday, 10 January 2015 03:01 PM

අපි උපරිම සහය දෙනවා (නදි)

:       0       0

හේමචන්ද්‍ර බංඩාර Saturday, 10 January 2015 03:02 PM

ඔබ තුමා යලි යලි අපේම ජනපති වේවා ! අපේ එකම පැතුම අප වෙනුවෙන් යලි පැමිණ ශක්තියක් වෙන්න (නදී)

:       0       0

පුෂ්පලතා Saturday, 10 January 2015 03:08 PM

ඇති ගරු ජනපතිතුමනි, ඔබ අපේම ජනපති වී අප අතරට පැමිණෙන්න. (නදී)

:       0       0

බිමල් Saturday, 10 January 2015 03:11 PM

මෝඩ කතා කියන්න එපා බලය ගිලිහුන මිනිස්සු වැඩිකල් ඉන්නේ නැහැ.(නදී)

:       0       0

ජයදේව Saturday, 10 January 2015 03:20 PM

ලෝවැඩ සඟරාවේ කවියක් තියෙනවා කකුළුවා නටන්නේ වතුර රත්වී උතුරන තුරු පමණි කියලා. තව ටික දවසකින් බලාගන්න බැරි යැයි.(නදී)

:       0       0

නිලු Saturday, 10 January 2015 03:20 PM

කව්රු උනත් වගකීමෙන් කතා කල යුතුයි. නිකන් කට තියන පලියට කතා කරන්න එක හොඳ දෙයක් නෙවෙයි. තමන් උපන් රට කියන්නේ මව හා සමානයි. රාජ්‍ය දේපල අනවශ්‍ය ලෙස පරිහරණය කරපු කෙනෙකුට අනුකම්පා කරන එකත් බරපතල වරදක් (නදී)

:       0       0

අමා Saturday, 10 January 2015 03:42 PM

විමල් මෙහිදී කතා කළේ ඔලොක්කුවකටය. දින 100 කරන්න යැයි ඔබ කීමට අවශ්‍ය නැත. ඒවා කරනු ඇත. ඔබලා කී දේවල් කලින් කෙරී නැත. දැන්වත් ජෝක් නොවී ඉන්න.(නදී)

:       0       0

රෝයි Saturday, 10 January 2015 04:08 PM

ඔබලා වැනි අය නොසිටියා නම් මහින්ද මහත්තයා පරදින්නෙත් නෑ (දිල්)

:       0       0

කුමාර Saturday, 10 January 2015 04:18 PM

සිංහල හිතකාමී නායකයෙක් ආයේ ලංකාවට බිහි වෙන්නෑ,,,,මහින්ද මහත්තයා පැරදුණ එක සිංහලයෝ ලබපු විශාල පාඩුවක් (දිල්)

:       0       0

අසංක ප්‍රභාත් Saturday, 10 January 2015 04:39 PM

විමල් විරවංශ මැතිතුමනි කලාවැවේ ආසනයේ සිටින අප ඔබ සමගයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සමග ඔබ සමග අපිත් සිටිනවා හැමදාම (දිල්)

:       0       0

සරත් බංඩාර වීරසේකර Saturday, 10 January 2015 04:39 PM

හොඳ අදහසක්. සුභ අනාගතයක් (නදී)

:       0       0

බණ්ඩා Saturday, 10 January 2015 05:09 PM

දවල්ද ?

:       0       0

අශාන් Saturday, 10 January 2015 05:58 PM

හැමදාමත් අපේ ජනපති ඔබයි (දිල්)

:       0       0

චන්දිමා Saturday, 10 January 2015 06:48 PM

මනුස්සකම් දන්නා රජු. මනුස්ස කම් නොදන්නා සුළු පිරිසක් නිසා අපිට නැති වුණා. (දිල්)

:       0       0

සැම් Saturday, 10 January 2015 08:48 PM

අනේඔබේ උපදෙස් කියන්න මහින්ද වගේ සාස්තර පස්සේ යන මිත්‍යා මත පස්සේ දුවන මිත්‍යා දෘෂ්ඨිකයකුට (බ)

:       0       0

බණ්ඩා Saturday, 10 January 2015 09:07 PM

මෙයා තාම මරු කියවනවද ? (බ)

:       0       0

නෙතුසරා Saturday, 10 January 2015 09:39 PM

ඔබට අපගේ ආචාරය මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි (බ)

:       0       0

කෝබි Saturday, 10 January 2015 10:16 PM

ඔබලා නිසයි ඒ මන්නුස්සයට යන්න වුනේ ඔබලා නැතුව ඡන්දෙ ඉල්ලුව නම් උඩින් දිනනවා . මගේ ඡන්දෙ එතුමාට නැති වුනෙත් එහෙමයි (බ)

:       0       0

ප්‍රියා Saturday, 10 January 2015 10:30 PM

අනේ මහත්තයෝ දැන්වත් ඒ මනුස්සයට පාඩුවේ ඉන්න දෙන්න, ජනාධිපතිට ඔය තත්ත්වය උදා කළේ තමුන් තමයි උදව් කළා හොඳටම ඇති, ලංකාවේ මිනිස්සු බත් කන බව දැන් දැන ගත්ත නේද, ජනාධිපති තුමා හොඳ වුනාට වටේ ඉන්න එවුන්ට මහජනතාව කැමති නෑ, එ්කයි රහස (බ)

:       0       0

යොහාන්‍ Saturday, 10 January 2015 09:28 AM

මහින්ද මහත්තයාව නැතිකළේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

ඉම්රාන් Saturday, 10 January 2015 09:33 AM

දුසණය වංචාව නැති රටක් රැගෙන යන්නට ලැබේවි කියා හිතනවා වත්මන් ආණ්ඩුවට (දිල්)

:       0       0

නිර්මාල් Saturday, 10 January 2015 11:37 PM

මේ ගොල්ල නිසා තමයි මහින්ද මහත්තයට මෙහෙම වුණේ (දිල්)

:       0       0

ජනක Saturday, 10 January 2015 09:44 AM

හොරු නොහිටියා නම් එතුමා තාමත් ජනාධිපති (නි)

:       0       0

යොහාන්‍ Saturday, 10 January 2015 09:45 AM

ජයවේවා! (නි)

:       0       0

කෝනාර Saturday, 10 January 2015 09:46 AM

අන්න ඒකයි වෙන්න ඕනෑ (නි)

:       0       0

ලංකා Saturday, 10 January 2015 09:46 AM

අනේ විමල් මහත්තයෝ,පින්සිද්ධ වෙයි දැන්වත් කට පියාගෙන ඉන්න කරුණාකරලා (නි)

:       0       0

ඔවිදු Saturday, 10 January 2015 09:48 AM

කටවල් තාම වැහිලා නැහැ වගේ (නි)

:       0       0

සමන් Sunday, 11 January 2015 12:37 AM

වීරවංශට රාජපක්ෂල නැතුව අනාගතයක් නැති නිසා මහින්ද මහත්තයව තවත් සවුත්තු කරනවා (නදී)

:       0       0

මංජුල Sunday, 11 January 2015 12:52 AM

අනිවාර්යයෙන් ගේන්න. සිංහල අපේ ජනපති ඔහුම තමයි (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 10 January 2015 09:57 AM

දවස් සීය ඇතුළතද? (නි)

:       0       0

චින්තක Saturday, 10 January 2015 10:05 AM

අනිවාර්යයෙන්ම.... (නි)

:       0       0

රෝයි Saturday, 10 January 2015 10:08 AM

බොහොම හොඳයි (නි)

:       0       0

කොස්වත්ත Saturday, 10 January 2015 10:13 AM

විමල් මහත්තයෝ, ඒ මනුස්සයාට පාඩුවේ ඉන්න දීලා පැත්තකට වෙලා ඉන්න දෙන්න. (නි)

:       0       0

සමරසිංහ Saturday, 10 January 2015 10:15 AM

ගිය කෙනා ගේන්න කලින් එතුමාට තම පක්ෂයෙන් තනිවම තරඟ කරලා පෙන්වන්න කියමු බලන්න (නි)

:       0       0

වෙනුක Saturday, 10 January 2015 10:16 AM

අනේ! අපි දන්නවා ඇත්ත (නි)

:       0       0

පුෂ්පකුමාර Saturday, 10 January 2015 10:17 AM

මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට ජය වේවා! (නි)

:       0       0

හෂාන් Saturday, 10 January 2015 10:22 AM

මොනවා වුණත් මහින්ද මැතිතුමාගේ පරාජයට කවුරු කවුරුත් වගකියන්න ඕනෑ (නි)

:       0       0

රංජිත් Sunday, 11 January 2015 04:21 AM

ඔව් මහින්ද මහත්තය විතරයි සන්ධානේ ඉතුරුවෙලා හිටියේ යමක් කරන්න.(හේ)

:       0       0

කනංකේ Saturday, 10 January 2015 10:41 AM

විමල් ගේ කතා විලාසයත් හිටපු, ජනාධිපති තුමාගේ පරාදයට හේතුවක් වුණ බව ගොඩක් අය කියනවා (දිල්)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 10 January 2015 10:46 AM

විමල් වීරවංශ මහත්තයෝ, ඔයාට ඉස්සරහට ගොඩක් වැඩ තියෙනවා (නි)

:       0       0

ටි‍රෝන් Saturday, 10 January 2015 10:53 AM

දැන්වත් වැරදි හදාගන්න බලන්න (නි)

:       0       0

රත්නායක Sunday, 11 January 2015 05:33 AM

ඒක වෙන දෙයක්ද කියලා බලමු.(හේ)

:       0       0

පත්මසිරි Saturday, 10 January 2015 10:56 AM

ඔබ ඇතුළු විපක්ෂයට ශක්තිය ලැබේවා මහින්ද නැවත දේශපාලනයට ගෙනෙන්න (නි)

:       0       0

කුරේ Saturday, 10 January 2015 10:58 AM

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික වීරයෙක් (නි)

:       0       0

අනුර Saturday, 10 January 2015 11:03 AM

අනිවාර්යයෙන්ම අපේ රටේ නැවත රජවෙනවා (නි)

:       0       0

සිරි පැරිස් Saturday, 10 January 2015 11:05 AM

ජයවේවා! (නි)

:       0       0

සරත් Saturday, 10 January 2015 11:06 AM

රටකට කලාතුරකින් පහළවන මේවගේ නායකයින් රටක සිටිය යුතුයි. කෙළෙහිගුණ නොදත් මිනිසුන් නිසා ශ්‍රේෂ්ඨ නායකයෙක් රටට අහිමිවුණා (නි)

:       0       0

ඉන්දික Saturday, 10 January 2015 11:06 AM

යහපත් පාලනයකට අකමැති දේශපාලන වාසි පමණක් සිතන පිරිසක් තවමත් ඒ තැන්වලම සිටින නිසා පුරුදු වෙලා තියෙන විදියටම ඒ අය වැඩ කරයි. ඕනනම් ඒ ගොල්ලන්ටම පුලුවන් කොටි ආවා කියලා පෙන්නන්න නැත්නම් එක පාරට කොටි ඇති කරන්නේ කවුද ? (නදී)

:       0       0

සදාජිත් වික්‍රම Saturday, 10 January 2015 11:08 AM

ඒක හොඳයි (නදී)

:       0       0

සුමන මානන්දුව Saturday, 10 January 2015 11:10 AM

හිටපු ජනාදිපතිතුමාව පරදවන්න ඔය කෛවාරු කාරයන්ගේ බොරු පුච්චානම් කතාවල් මුලික හේතුවක්. ඔතන ඉන්නවා "පන්සිල්" රකිනවා කියලා ප්‍රසිද්දියේ බොරු කියන හිටපු දකුණේ ඇමති කෙනක්. (නදී)

:       0       0

රෝහිත උපාලි Saturday, 10 January 2015 11:12 AM

රට නිදහස් කල නායකයා ලෙස ඔහු තවදුරටත් දේශපාලන නායකත්වයේ රැදී සිටිය යුතුයි. නව රජය වැරදි තීරන ගැනීමේදී නිවැරදි කිරීමට ඔහුගේ සහය අවශ්‍ය වෙයි (නදී)

:       0       0

සුරේෂ් Saturday, 10 January 2015 11:14 AM

ඉටපු ජනපති අමාරුවේ දාන්න වගෙයි හදන්නේ. (නදී)

:       0       0

හොන් Saturday, 10 January 2015 11:17 AM

සමහරුන්ට තේරෙන්නේ නැහැ එතුමාට එහෙම වෙන්න තමන්ගේ නොහොබිනා කට බලපෑවා කියලා. (නදී)

:       0       0

කේ පෙරේරා Saturday, 10 January 2015 11:21 AM

ඔබගේ එක කතාවක් ඇහුවම ඡන්දදයකයෝ 100 - 200 පමණ නැතිවෙනවා, දැන් වත් එතුමාට පාඩුවේ ඉන්න දෙන්න.(නදී)

:       0       0

පුරවැසිය Saturday, 10 January 2015 11:27 AM

මහින්ද මහත්තයා ආවට කමක් නෑ (දිල්)

:       0       0

සිරිපාල ජයකොඩි ආරච්චි Saturday, 10 January 2015 11:32 AM

අනිවාර්යෙන්ම රටට විය යුතු දෙයක් (දිල්)

:       0       0

හෆීල් Saturday, 10 January 2015 11:36 AM

මෛත්‍රීගේ දින 100 වැඩ සටහන 9 වැනිදා කුණු බක්කිය දානවා කියලා නේද කිව්වේ (දිල්)

:       0       0

ටිරෝන් Saturday, 10 January 2015 11:46 AM

ඇදපු කෙප්ප වල විදිහට මෙයා ඉතින් ඔතනම එල්ලෙනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද ඔහොමවත් කරලා බලමුකෝ (නදී)

:       0       0

එ්ඩ්‍රියන් ද මෙල් Saturday, 10 January 2015 11:47 AM

රටේ බහුතර ජනතාව එය බලාපොරොත්තු වෙනවා (නදී)

:       0       0

ලසන්ත Saturday, 10 January 2015 11:56 AM

අනේ මහත්වරුනේ දැන් වත් කට පියාගෙන ඉන්නවද? තව අවුරුදු දෙකක් ජනපති වෙලා ඉන්න එක නැති කළෙත් ඔය ගොල්ලන්ගේ ඔය මෝඩ කතා තමයි (නදී)

:       0       0

නුවන් Saturday, 10 January 2015 12:07 PM

මහින්දට යන්න සිද්දකල එක්කෙනෙක් තමයි විමල්. ලැජ්ජා නැතුව අායෙත් කට ඇරිය නේද ? ඒවා කරන්න කලින් විමල්ට එරෙහි දුෂණ වලට උසාවි යන්න ලැහැස්ති වෙන්න වෙයි. භාවිතා කරණ නම පවා වංචනිකයි නේද ? (නදී)

:       0       0

ගාමිණී සිසිර Saturday, 10 January 2015 12:09 PM

විමල් නුඹලා නිසා නේද පැරදුනේ. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 10 January 2015 12:10 PM

දැන්නම් මෙයාගේ කටේ සවුදම ටිකක් විතර බැහැල වගේ. බලය තියෙන කොට මෙයාලට වැඩිය ලොක්කෝ තවත් හිටියේ නැති ගානයි. විලි ලජ්ජා නැති කම මහා මුදලි කමටත් වැඩියි ලොකුයි කියනවනේ. (නදී)

:       0       0

ප්‍රභා Saturday, 10 January 2015 12:17 PM

යන්න පාර කපලා දුන්නෙත් මේ අයම නේද (දිල්)

:       0       0

උපුලි Saturday, 10 January 2015 12:23 PM

ඉතින් අායුබෝවන් මහරජුණි ගරු.... සිංහයෙකු වැනි ඔබ, බලය කොතරම් තිබුනද, නමා හිස ජන බලයට, නික්ම ගිය අයුරු, හිරු උදාවටත් පෙර, නගයි කඳුලු බිඳු දෙනෙතට, උදාරයි ඔබ රට රැකුමට, නොනැමුනි නිවටයින් අබියස, එඩිතරය රුපුන් නැසුමට, මතකයන් නොමැකෙයි සදහට,(දිල්)

:       0       0

අශෝකා Saturday, 10 January 2015 12:25 PM

එතුමාට නැවත දේශපාලනයට එන්න ශක්තිය ලැබේවා (දිල්)

:       0       0

තුසිත Saturday, 10 January 2015 12:29 PM

ඔව්, මහින්ද නැතුව විමල්ගේ පැවැත්මක් නැහැ. මේ වගේ කඩේ යන අයව ජනතාව ප්‍රතික්ෂේප කළ යුතුයි (නදී)

:       0       0

නිරෝෂ් Saturday, 10 January 2015 12:43 PM

එතුමා නැවතත් දේශපාලනයට පැමිණිය යුතුයි(නදී)

:       0       0

චන්දිම Saturday, 10 January 2015 12:48 PM

ජාතික නිදහස් පෙරමුනෙන්ද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 1410 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 592 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 422 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 680 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 439 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1230 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38676 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 280 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 956 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site