IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මහින්ද රාජපක්ෂගෙන් ආණ්ඩුවට දොස්

කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටා තිබෙන මන්දිරයක් හා සම පැරණි නිවසකි.බි‍්‍රතාන්‍යය මහ ලේකම් කාර්යාලයට ගලක් ගැසිය හැකි දුරකින් පිහිටා තිබෙන මෙම නිවස, මෑත සමයේ ශී‍්‍ර ලංකාවේ ඉතාම වැදගත් සහ විචිත‍්‍ර පුද්ගලයින් කිහිපදෙනෙකුටම සෙවණ ලබා දුන්නකි.

මෙරට සිටි කීර්තිමත් විදේශ අමාත්‍යවරුන් අතරින් මුල් තැනෙහි ලා සැළකෙන ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ නිල නිවස්නය වූයේ මෙයය.2005 වසරේ ඔහුගේ ඝාතනයෙන් පසු එවක සෞඛ්‍යය ඇමැතිවරයාව සිටි වත්මන් ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා තම වාසය සදහා මෙම නිවස තෝරාගත්තේය.පසුගිය වසරේ ජනවාරි මස ශී‍්‍ර ලංකාවේ ජනපති ලෙස තේරී පත්ව මාස ගණනාවක් ගතවන තෙක්ම එහිම ඔහු වාසය කළේය.ගෙවුනු වසර කිහිපයේ සිදුකැරුනු නොයෙක් සංවර්ධන කටයුතු හමුවේ අද මෙම නිවස, එදා පැවැති පැරණි තත්ත්වයේ සිට, නව , සුඛෝපභෝගී මන්දිරයක තත්ත්වයට පත්ව ඇත.

ප‍්‍රධාන පිවිසුම සමගම තිබෙන, දැන් කිරිගරුඩ පුවරු වලින් අලංකාර කර ඇති බිමක් සහිත කාමරය, මෙරට ඉතිහාසයේ ගන්නා ලද නොයෙක් වැදගත් තීන්දු හා තීරණයන්ට සාක්කි දරන්නකි.බරපතල ගණයේ ලා සැළකිය හැකි විදෙස් ප‍්‍රතිපත්ති තීරණ මෙම කාමරයේදී ගැණින.ජනපති සිිරිසේන, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හා එක්ව එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් මණ්ඩලය තෝරාගැනීමට සාකච්ඡුා පැවැත්වූයේයද මෙහි සිටය.

මෙම මන්දිරය දැන් වෙන්කර තිබෙන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස්නය ලෙසය.මා ඔහු සමග ඉදිරිපස කාමරයට වී සාකච්ඡුා කරමින් සිටිනාතුර, විවිධ පුද්ගලයෝ ඔහු හමුවීමට පැමිණියේ වැල නොකැඞීය.බුලත් කොළ පුරවා, සුදු රෙදි කඩකින් ආවරණය කර තිබූ හේප්පු දෙකක් රැුගත් පවුලක් වරක් ඔහු හමුවට පැමිණියේය.පෙරවරු 10.06 ට යෙදුනු සුභ නැකතින් ඔවුහු එය හිටපු ජනපතිවරයාට පිළිගැන්වූහ.එය විවාහ උත්සවයක් වෙනුවෙන් කැරුනු ආරාධනයක් විය.

දින දෙකකට පෙර හිටපු ජනපතිවරයා දෙමළ මාධ්‍යවේදීන් වෙනුවෙන්ම සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡුාවකට සහභාගී විය.උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් යනු ජාතිවාදියකු නොවන බව ප‍්‍රකාශ කළ ඔහු, එල්.ටී.ටී.ඊ සංවිධානය හා සබදතා පැවැත්වීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින, නමුත් මේ දක්වාම කිසිඳු චෝදනාවක් නැගී නොමැති පිරිස් නිදහස් කළ යුතුව ඇතැයිද පිළිගත්තේය.මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුනේ රාජපක්ෂගේ හිටපු දෙමළ මාධ්‍ය සම්බන්ධීකාරක රාමසාමි සිවරාජා මහතාය.හිටපු ජනමාධ්‍යවේදියකු වන ඔහු දැන් මෙරටට පැමිණ සිටින්නේ ජර්මනියේ බර්ලින්හි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ වසර දෙකක සේවා කාලය නිමා කැරය.සේවා දිගුවක් ලබා දෙන ලෙස ඔහු මෙන්ම, ඔහු වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රබල දේශපාලඥයින් දෙදෙනකු කළ ඉල්ලීම් විදේශ කටයුතු අමාත්‍යංශය ප‍්‍රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ වත්මන් නායකත්වය පිළිනොගන්නා කණ්ඩායමේ නිල නොලත් නායකයා වන්නේ රාජපක්ෂය.ඒකාබද්ධ විපක්ෂයේ ආශිර්වාදය ඇතිව මෙම කණ්ඩායම දැන් සූදානම් වෙමින් සිටිනුයේ නව දේශපාලන පක්ෂයක් සමග කරළියට පැමිණීමටය.නව වසරේදී පැවැත්වීමට යෝජිත පළාත් පාලන මැතිවරණය සහ, නව ව්‍යවස්ථාව සකස් කැරුනු පසු එය සම්මත කරගැනීමේ එක් පියවරක් ලෙස සිදුවනු ඇති ජනමත විචාරණය ඉලක්ක කර කි‍්‍රයාත්මක වීමට සැළසුම් කර ඇති මෙම කණ්ඩායමේ අරමුණ වන්නේ රජයට අභියෝගයක් වීමය.රාජපක්ෂ සහ ඔහුගේ හිතවතුන් පවත්වන මහජන රැුළි වලට ක‍්‍රමයෙන් ජනතාව එක්වෙමින් සිටින බව රහසක් නොවේ.එය නව දේශපාලන පක්ෂයක් තැනීමට යන ගමනේ ඔවුනට ශක්තියකි.නමුත් රාජපක්ෂ මේ දක්වාම නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමක් සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකර නොමැත.නමුත් ඔහුගේ කණ්ඩායමේ කටයුතු සම්බන්ධයෙන් සැළකිලිමත් වීමේදී, නව දේශපාලන පක්ෂයක් පිහිටුවා මිස ඔවුන් හැරී නොබලනු ඇති බව මොනවට පැහැදිලි වේ.

’‘ මගේ ලොකුම වරද වුනේ මා වටා සිටි ද්‍රෝහීන් කවුරුන්ද යන්න හදුනා නොගැනීම.අපට විරුද්ධ දේශපාලඥයින් එක්ක මේ කට්ටිය වැඩ කරමින් සිට තිබෙන්නේ අතට අත දීගෙන.ඒ වගේම විවිධ විදෙස් බලවේගයන්ගේ සහය ලබාගෙන, සමහර වෙලාවට මගේ රජයෙන්ම සහය ලබාගෙන, පිටත විවිධ කලබල කරමින් හිටපු, ආගම් සහ ජාතීන් අතර ගැටුම් ඇතිකරමින් හිටපු, විවිධ බලවේගයන් මර්දනය කරන්න මැදිහත් වෙන්නත් මට නොහැකි වුනා.‘‘ සන්ඬේ ටයිම්ස් හා අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා පැවසුවේය.

’‘ අපි මේ ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡුා කළා.මේ කෘතිමව ඇතිකරලා තියෙන ආගමික ගැටුම් විසඳාගැනීමට අපි අනුගමනය කළ යුතු පියවර මොනවාද කියා.ඒ අවස්ථාවේදී එක ඇමැතිවරයෙක් නැගී ඉදලා කිව්වේ මොනවාද දන්නවද?, ඔහු කිව්වා ඔය කියන විදිහට විදෙස් ආධාර මත කි‍්‍රයාත්මක වෙනවාය කියලා සැක කරන බලවේගයන්ට එරෙහිව රජය පියවර ගත්තොත්, මහා සංඝරත්නය දහස් ගණනින් පාරට ගෙනල්ලා විරෝධය දක්වනවා කියා.එවන් තර්ජනය හමුවේ රජයේ පැවැත්ම තකා නිහඩව සිටින්නට මට සිදුවුනා.‘‘ ඔහු කීවේය.මෙම තත්ත්වය හමුවේ ජනපතිවරණයේදී සුලූතර ජනකොටස් වල සහය නොලැබීම රාජපක්ෂ පිළිගන්නා බව ඔහුගේ මෙම අදහස් වලින් පැහැදිලිය.

’‘ අපි දැන් දකිනවා මේ ඇමැතිවරයා එදා ඉදන්ම කටයුතු කරලා තියෙන්නේ අපේ සතුරන් සමග යන වග.මගේ රජය අස්ථාවර කරපු ඔහු අද එහා පැත්තට පැනලා සම්බන්ධතා ඇති කරගෙන සිටිනවා.2012 වසරින් පසු ඇතිවුනු කලබල වලට මුල් වුනු පුද්ගලයින් ඔක්කොම දැන් ඉන්නේ එක පැත්තක.ඒ මට විරුද්ධ පැත්තේ.‘‘ හිටපු ජනපතිවරයා පැවසුවේය.මෙම ඇමැතිවරයා කවුරුන්දැයි සන්ඬේ ටයිම්ස් විමසුවද, රාජපක්ෂ එයට පිළිතුරු දීම ප‍්‍රතික්ෂේප කළේය.

’‘ අපේ රජය පරාජයට පත්වීම පසුපස තිබෙන්නේ මහා කුමණ්ත‍්‍රනයක්.එක පැත්තකින් වීදි වල කලබල සිදුවෙමින් තිබුනා ආගම ජාතිය මුල් කරගෙන.මේවායින් සිදුවුනේ අපේ රජයට එරෙහි මතයක් වෙනත් ජාතීන් අතර ඇතිවීම නිසා අපට සහය දැක්වීම සම්බන්ධයෙන් ඔවුන් තමන්ගේ අදහස් වෙනස් කරගැනීම.අනෙක් පැත්තෙන් සිදුවෙමින් තිබුනේ ඉතාම නිද්දිත අයුරින් මට, මගේ පවුලේ සාමාජිකයන්ට, සහ මගේ රජයට නොයෙක් චෝදනා එල්ල කිරීම.මේවාට කිසිම සීමාවක් තිබුනේ නැහැ.වෙබ් අඩවි හා සමාජ ජාල අඩවි තමයි මේ චෝදනා එල්ල කරමින් සිටි අයගේ ප‍්‍රධාන සන්නිවේදන මාධ්‍යය වුනේ.මේ චෝදනා වලට ප‍්‍රතිචාර නොදැක්වීම මගේ පාර්ශවයෙන් සිදුවූ බරපතලම වරදක්.මම ප‍්‍රතිචාර නොදැක්වීම නිසා බොහෝ දෙනෙක් මේ දේවල් ඇත්ත ලෙස විශ්වාස කරලා අනෙක් පැත්තට යන්න ඇති.ඒ වගේ වැරදි ගොඩක් මගේ රජයෙන් සිදුවුනා.මේ නිසා තමයි අපේ සතුරන්ට අපව පරාජය කරන්නට හැකිවුනේ.නමුත් මම කිව යුතුමයි, මේ අයට කුමන්ත‍්‍රණය කරන්න, කතා ගොතන්න, ඉතාම හොද හැකියාවක් තිබුනත්, රජයක් පවත්වාගෙන යන්න, රටක් පාලනය කරන්න, කිසිම හැකියාවක් නැති බව.‘‘

නව දේශපාලන පක්ෂයක් පිහිටුවීම සම්බන්ධව විමසූ විට ඔහු පිළිතුරු දුන්නේ ප‍්‍රවේසමිනි.

‘‘ දේශපාලන පක්ෂයක් කියන්නේ නීතිමය ව්‍යුහයක් විතරයි.කාට හරි මතකද, ජනපති මෛතී‍්‍රපාල සිරිසේන පසුගිය ජනපතිවරණයේදී තරග කළ පක්ෂය මොකක්ද කියා? හැමෝටම මතකයි හංසයා ලකුණ.නමුත් පක්ෂයේ නම මතක නැහැ.වැදගත් වෙන්නේ පක්ෂය නෙවෙයි, ජනතාව.රජය අනුගමනය කරන ජාති විරෝධී, පුද්ගල විරෝධී, ප‍්‍රතිපත්ති වලට එරෙහි ජාතික මතවාදයක් ඇතිකිරීමයි අපේ එකම වුවමනාව.‘‘ ඔහු කීවේය.

රත්නපුර පැවැත්වීමට නියමිතව තිබූ ජන රැුළිය සම්බන්ධයෙන්ද ඔහු අදහස් දැක්වූයේය.

‘‘ වැට් බදු වැඩිවීම, පොහොර මිල වැඩිවීම, ඉන්දියාව සමග එක්ටා ගිවිසුම අත්සන් තැබීම, අපේ යුද විරුවන් සිරගත කිරීම, විපක්ෂ දේශපාලඥයින්ට සිදුවන හිරිහැර, මාධ්‍ය බියගැන්වීම, සහ තවත් බොහෝ දේ සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු කිරීමට අප බලාපොරොත්තු වනවා.‘‘ රාජපක්ෂ පැවසුවේය.

පහත දැක්වෙන්නේ සන්ඬේ ටයිම්ස්, හිටපු ජනපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡුාවේදී දැක්වූ අදහස් වල සංක්ෂිප්තයකි.

වත්මන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වය සහ ඔහු අතර උද්ගතව තිබෙන තත්ත්වය

‘‘ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය තීරණය කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සමග සභාග රජයක් පිහිටුවාගැනීමට.නමුත් අප තීරණය කර තිබෙන්නේ විපක්ෂයේම රැුදී සිටීමට.අප අතර වෙන්වීමක් සිදුවීමට ප‍්‍රධානම හේතුව වන්නේ මෙයයි.එස්.ඩබ්ලියු.ආර්.ඞී බණ්ඩාරනායක මහත්මයාවත්, මගේ පියා වන නැසී ගිය ඞී.ඒ.රාජපක්ෂ මහත්මයාවත්, ඔවුන්ගේ දේශපාලන ජීවිතයේ එක් අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂය අතහැරලා ගොස් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගූයේ, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත එක්සත් ජාතික පක්ෂයේ වලිගයක තත්ත්වයට පත්වනු දැකීමට කැමැත්තෙන් බව, මම නම් විශ්වාස කරන්නේ නැහැ.එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සභාග රජයේ පළමු සංවත්සරය පැවැති මාතරදී ජනපති සිරිසේන දැක්වූ අදහස් වගේම, කැම්බල් පිටියේ එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය පැවැති අවස්ථාවේදී එහි නායකයන් දැක්වූ අදහස් වලින්, මේ එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ දීගය, දිගටම පවත්වාගැනීමට යන බව පැහැදිලි වූවා.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති හා කොහෙත්ම පෑහෙන්නේ නැහැ.නමුත් දැන් පවත්නා සභාග රජයේ ප‍්‍රතිපත්ති සකස් කරන්නේ එක්සත් ජාතික පක්ෂය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට හිමිවෙලා තියෙන්නේ සහායක තනතුර.‘‘

‘‘ 2015 ජනවාරි මාසයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට පාර්ලිමෙන්තුවේ ආසන 150 ක් හිමිව තිබුනා.නමුත් අගමැති ධූරය පිරිනැමුනේ ආසන 46 ක් හිමිවෙලා තිබුනු එක්සත් ජාතික පක්ෂයට.ඒ එක්කම බහුතරය එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තිබුනු පළාත් පාලන ආයතනයන් විසිරුවා හැරුනා, එම ආයතනයන්ගේ ධූර කාලය දිගු කිරීමට නීතියෙන් අවකාශ සළසා දී තිබියදී.අනතුරුව එළැඹුනු පාර්ලිමෙන්තු මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වය වුවමනාවෙන්ම හැසිරුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණය ව්‍යාපාරය කඩාකප්පල් වන ආකාරයට.එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කළත්, මම අගමැතිවරයා ලෙස පත් නොකරන බව සදහන් කරමින් ඔහු විවෘත ලිපි විවිධ පාර්ශවයන්ට යොමු කළා.මැතිවරණය පැවැත්වීමට දින කිහිපයක් තිබියදී ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරුන් ඔවුන්ගේ තනතුරු වලින් ඉවත් කළා.ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක, මහ ලේකම්වරුන්, මැතිවරණය පැවැත්වීමට ඔන්න මෙන්න තිබියදී මේ අයුරින් ඉවත් කර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වූ බව කීමේ හැකියාවක් තිබෙනවාද? වත්මන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වය දිගින් දිගටම කටයුතු කරමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ සහයකුගේ තැනට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පත්වන ආකාරයට.‘‘

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දැනට ඇතිව තිබෙන බෙදීම් සම්බන්ධයෙන් -

’‘ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දැනටමත් කොටස් දෙකකට බෙදී සිටිනවා.එක් පාර්ශවයක් රජයට පක්ෂව සහ අනෙක් පාර්ශවය විපක්ෂයේ රැුදී සිටින ලෙස.මැතිවරණයකදී ජනතාව රජයට පක්ෂව සහ විපක්ෂයට පක්ෂව ලෙස කණ්ඩායම් දෙකකට බෙදෙන බව අප මතක තබාගත යුතුයි.රජය ජනපි‍්‍රය නම් එය ජයග‍්‍රහණය කරාවි.එසේ නොමැති නම් ජයග‍්‍රහණය හිමිකරගන්නේ විපක්ෂය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා සිටියද එයින් එක්සත් ජාතික පක්ෂයට අත්වන කිසිදු වාසියක් නැහැ.එයට හේතුව වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් බෙදී ගොස් ඔවුන් හා එක්ව සිටින පාර්ශවය හැදින්වෙන්නේ රජය ලෙසටම වීම.එනිසා මේ රජයට කැමැති අය ඒ වෙනුවෙන් තම මනාපය ලබා දේවි.අකමැති අය රජයට එරෙහිව මනාපය පල කරාවි.මොන පක්ෂයද කියන එකෙන් දැන් වැඩක් නැහැ.‘‘

රට හමුවේ තිබෙන ප‍්‍රධාන ගැටලූ සම්බන්ධයෙන් -

‘‘ අපට අවධානය යොමු කිරීමට බැරි තරමට ගැටලූ තිබෙනවා.කොතැනින් පටන් ගනිම්ද කියා සිතාගැනීමටවත් හැකියාවක් නැති තරමට.මේ රජය ඇතිකරලා තිබෙන දේශපාලනිකමය සහ ආර්ථිකමය අර්බුදයකට අද අප මුහුණදෙමින් සිටිනවා.දේශපාලනික වශයෙන් සැළකුවහොත් අද අපේ රට පවතින්නේ යහපාලන ලෙස හදුන්වන ආඥාදායකත්වයක් යටතේ.පාර්ලිමෙන්තුවේ රජයේ පාර්ශවයේ සහ විපක්ෂ පාර්ශවයේ මුල් තැන් හිමිවෙලා තියෙන්නේ යහපාලන කුමණ්ත‍්‍රනයේ හවුල්කරුවන්ට.පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් 51 දෙනකුගේ සාමාජිත්වය තිබුනත්, යහපාලන කතානායකවරයා ඒකාබද්ධ විපක්ෂය, පාර්ලිමෙන්තුවේ ප‍්‍රධාන විපක්ෂය විය යුතුය යන්න හදුනාගන්නේ නැහැ.නීත්‍යානුකූලව පත්විය යුතු විපක්ෂයකට, මේ ආකාරයෙන් සැළකුනු අවස්ථාවක් මිීට පෙර අප දැකලා නැහැ.ඒ එක්කම විපක්ෂ දේශපාලඥයින් බියගන්වන, ඔවුන්ට තර්ජන එල්ල කෙරෙන වාතාවරණයක් ඇතිවෙලා තිබෙනවා.මාධ්‍ය ඉතාම දැඩි ලෙස මර්දනය කෙරෙමින් තිබෙනවා.අගමැතිවරයා ප‍්‍ර‍්‍රසිද්ධියේම මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට තර්ජනය කරනවා අප දුටුවා.‘‘

‘‘ පොහොර සහනාධාරයට මේ රජය අත තැබුවා.දැන් මොකද වෙලා තිබෙන්නේ? පොහොර මිල දෙගුන වෙලා.කුඩා තේ කර්මාන්තකරුවන්ට වගේ අයට මෙයින් හොදටම පහර වැදී තිබෙනවා.ඊළගට ඔවුන් මොකද කළේ? අත තැබුවා පාසල් ළමයි වෙනුවෙන් නිල ඇදුම් බෙදා දීමට.එතැනත් ගැටලූ ඇති කළා.රාජ්‍ය සේවකයින්ට වාහන මිලදී ගැනීම වෙනුවෙන් ලබාදී තිබූ බදු සහන කප්පාදු කිරීමට උත්සාහ කළා, ප‍්‍රතිඵලය වුනේ රට පුරා ඇතිවුනු විරෝධතා.රේගු පණත වෙනුවට නව නීතියක් හදුන්වාදීමට උත්සාහ කළා.ප‍්‍රතිඵලය වුනේ රේගු නිලධාරීන් අකුරට වැඩකිරීමේ කි‍්‍රයාමාර්ගයකට එළැඹිීම.දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ, සුරාබදු දෙපාර්තමෙන්තුවේ, කම්කරු දෙපාර්තමෙන්තුවේ, වතු කම්කරුවන් අතර, පාසල් ගුරුවරුන් අතර, විශ්වවිද්‍යාල සිසුන් අතර, නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවෙමින් තිබෙනවා.විශ්ව විද්‍යාල වලට සිසුන් බදවාගැනීමේ ප‍්‍රතිපත්තියට ඇතිකර තිබෙන වෙනස්කම් හමුවේ සිසුන් සිටින්නේ රජයට එරෙහිව නැගී සිට.හැමතැනම ගැටලූ.2016 අයවැය ගැන කතා කිරීමත් නිශ්ඵල දෙයක්.වැට් බදු ඉහළ දැමිීම සම්බන්ධයෙන් ලොකු ආන්දෝලනයක් ඇති වුනා.බදු ඉහළ දැමිීමත් සමග භාණ්ඩ හා සේවා මිල සහතිකයෙන්ම ඉතාම ඉහළට යාවි.ඒ එක්කම එන්නේ තවත් ගැටලූ තොගයක්.ලෝකයේ වෙනත් රටවල අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා මිල පහතට යමින් තිබියදී, ශී‍්‍ර ලංකාවේ විතරයක් එය ඉහළට යනවා.ඇයි? රජයේ බදු ප‍්‍රතිපත්තිය නිසා.‘‘

‘‘ මේ රජය බලයට පත්වූ විගසම කරේ අප ඒ දක්වා කි‍්‍රයාත්මක කරමින් සිටි ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන් සියල්ල නැවැත්වීම.මෙයින් සිදුවුනේ ආයෝජකයින් අප රට මත තබා තිබූ විශ්වාසය ඉතාම දැඩි ලෙස පලූදු වීම.විදෙස් ආයෝජකයින් වහාම බැදුම්කර වෙළපලෙන් සහ කොටස් වෙළදපලෙන් ඉවත්වීමට පටන් ගත්තා.බි‍්‍රතාන්‍යය පවා චීන ආයෝජනයන් සොයමින් සිටින අවස්ථාවක, ශී‍්‍ර ලංකාව චීනයට ප‍්‍රසිද්ධියේ පරිහව කරමින්, එරට ආධාර මත කි‍්‍රයාත්මක වූ ව්‍යාපෘතිද අත්හිටවූවා.මේ හමුවේ සිදුවුනේ ආයෝජකයින් තවත් බියපත් වීම.පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණ සමයේදී දුන් පොරොන්දු ඉටු කිරීමට අති විශාල මුදලක් වැය කිරීමට සිදුවූ නිසා සංචිත ක‍්‍රමයෙන් දියවී යමින් තිබූ තත්ත්වයක වෙන කිසි දෙයක් කරගත නුහුනු නිසා රජයට සිදුවුනේ වියදම් ආවරණය කරගැනීමට තව තවත් ණය ගැනීමට.යථාර්ථය නොසළකා හරිමින් දුන් මේ පොරොන්දු ඉටු කිරීමට ගොස් රජය කළේ රට තවත් ගැටලූ ගොන්නක පැටලැවීම.‘‘

‘‘ 2015 ජනවාරි මාසයේ සිට මේ දක්වා ගතව තිබෙන කාලය සැළකීමේදී අප ඩොලර් බිලියන 10.5 ක අති විශාල මුදලක් ණය ලෙස පමණක් ලබාගෙන තිබෙනවා.යහපාලන රජය බලයට පත්වූ දිනයේ පටන් රටේ ණය බර සියයට 12 කින් ඉහළ ගොස් තිබෙන බවත්, විදේශ මුදල් ආධාර ලබාගැනීම් සියයට 25 කින් ඉහළ ගොස් තිබෙන බවත්, නමුත් මුල් පෙලෙහි ලා සැළකිය හැකි සංවර්ධන ව්‍යාපෘතීන් එකක් හෝ කි‍්‍රයාත්මකව නොමැති බවත්, ෆොර්බ්ස් සගරාවේ සදහන් වනවා.මම බලයෙන් ඉවත්වූ අවස්ථාවේ අපේ විදෙස් සංචිත වල වටිනාකම ඩොලර් බිලියන 8.2 ක්.නමුත් අද එය ඩොලර් බිලියන 6.2 ක් දක්වා පහත බැස තිබෙනවා.ඔබේ ආයතනයෙන් ප‍්‍රකාශයට පත්කරන පුවත්පතක සදහන්ව තිබුනා දැන් ශී‍්‍ර ලංකාවේ ආර්ථිකය, දකුණු ආසියාවේ ඉතාම මන්දගාමිීව සංවර්ධනය වෙමින් තිබෙන ආර්ථිකයක තත්ත්වයට පත්ව තිබෙන බව.මම බලයේ සිටියදී කලාපයෙන්ම ඉතාම සීඝ‍්‍රයෙන් සංවර්ධනය වෙමින් තිබූ ආර්ථිකය හිමිව තිබුනේ අපට.ඉතින් බලන්න අද අප සිටින තැන.‘‘

වැලිගම පැවැත්වූ ජන හමුවේදී රුපියල් බිලියන 5.2 ක ලාභයක් ඉපැයූ සහ තවත් රුපියල් බිලියන 2.5 මුදලකට සිදුව ඇති දේ අනාවරණය කරගත යුතුව ඇතැයි, එක්තරා සමාගමක් සම්බන්ධ කරමින් දැක්වූ අදහස් පිළිබදව -

‘‘ මහ බැංකුවේ බැදුම්කර ගැටලූවේ ප‍්‍රධාන හවුල්කරුවෙක් වන මෙම සමාගම උපයා තිබෙන ලාභය රටේ ප‍්‍රධාන බැංකු උපයන ලාභය වලටත් වඩා ඉතාම ඉහළයි.මේ සමාගම පිහිටුවා තිබෙන්නේ 2013 වසරේදී.දැනි විගණකාධිපතිවරයා වාර්තාවක් නිකුත් කර තිබෙනවා 2015 වසරේ ඇතිවූ මෙම බැදුම්කර ගැටලූව නිසා රුපියල් බිලියන 1.6 ක අලාභයක් සිදුව තිබෙනවාය යැයි සදහන් කරමින්.එයත් එක් ගනුදෙනුවකින් පමණයි.‘‘

‘‘ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන්ට එල්ල වන චෝදනා සැළකිල්ලට ගත්තොත්, ඔබට පෙනේවි එදා එල්ල කළ චෝදනා සහ අද එල්ල කරන චෝදනා අතර පැහැදිලි වෙනසක් තිබෙනවාය යන්න.ජනපතිවරයට ඉස්සෙල්ලා කෝටි ගණන් වංචා ගැන චෝදනා කරපු උදවිය අද කියන්නේ වාහන අවභාවිතය ගැන, ගමන් බලපත‍්‍ර ගැන, කැරම් පුවරු මිලදී ගෙන බෙදා හැර තිබෙන ආකාරය ගැන.ඉතින් මේ වගේ සුලූ දේවල් ගැන තමයි අද මේ කට්ටිය චෝදනා නගමින් සිටින්නේ.නමුත් යහපාලන රජයේ වංචා ගැන කතා කරනවානම් ඒවා වෙලා තියෙන්නේ කෝටි, ප‍්‍රකෝටි ගණන් වලින්.උදාහරණ හැටියට බැදුම්කර වංචාව සහ ගල් අගුරු ටෙන්ඩරය ගන්න පුලූවන්.මේ දේවල් කෝප් කමිටුවෙන් වගේම ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් පිළිගෙන තිබෙනවා.‘‘

තම ප‍්‍රතිරූපය නංවා ගැනීමට දියත් කළ ව්‍යාපෘති වලින් රටේ ආර්ථිකය බිද හෙලූ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් -

’‘ මොනවද මේ කියන ව්‍යාපෘති? මගේ පාලන සමයේ කි‍්‍රයාත්මක වූ මිල අධිකම ව්‍යාපෘතිය වුනේ නොරච්චෝලේ විදුලි බලාගාරය.නමුත් එයට යටකළ මුදලට සරිලන ප‍්‍රතිලාභ අද රටේ ජනතාව භුක්ති විදිනවා.මම ඉදිකළ අධිවේගී මාර්ග දිනපතාම ආදායම් උපදවනවා.ඒම ආදායම් වැඩි වීමක් මිස අඩුවීමක් සිදුවන්නේ නැහැ.රට පවතින තාක්කල්ම මෙම මාර්ග රටට මුදල් උපයා දේවි.ගැටලූ තියෙන්නේ මත්තල ගුවන් තොටුපලේ විතරයි.හම්බන්තොට වරායත් දැන් ක‍්‍රමයෙන් කි‍්‍රයාකාරී වෙමින් වසරින් වසර වැඩි වැඩියෙන් මුදල් උපයමින් සිටිනවා.මේ ව්‍යාපෘති සියල්ලක්ම දීර්ඝ කාලීන ප‍්‍රතිලාභ ලබාදෙන ව්‍යාපෘතීන්.මහවැලි ව්‍යාපාරය සම්පූර්ණ කැරුනු අවස්ථාවේ, වසරකින් දෙකකින් ප‍්‍රතිලාභ ලැබේය කියා කවුරුවත් අපේක්ෂා කළේ නැහැ.‘‘

’‘ ඒ නිසා නව වරායෙන් සහ නව ගුවන්තොටුපලෙන් ප‍්‍රතිලාභ ලැබෙන්න තවත් කාලය අවශ්‍යයි.මේ කටයුතු ඊළග පියවරට ගෙන යන්න තරම් කාලයකට බලයේ රැුදී ඉන්න මගේ රජයට නොහැකි වුනා.නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ විහිදෙන, හම්බන්තොට කේන්ද්‍ර වුනු නව ආර්ථික කලාපයක් ඇති කිරීමට අප සැළසුම් සකස් කර තිබුනා.නව කර්මාන්ත ආරම්භ කළ යුතුව තිබුනා.නව දුම්රිය මාර්ග ඉදිකළ යුතුව තිබුනා අමුද්‍රව්‍ය සහ මිනිස් ශ‍්‍රමය හම්බන්තොට වෙත ගෙන ඒමට.නමුත් මොනවාද මේ රජය කරලා තිබෙන්නේ? ඔවුන් නැවත වරක් බස්නාහිර පළාතට අවධානය යොමු කර තිබෙනවා.බස්නාහිර පළාත් සහ රටේ වෙනත් පළාත අතර තිබෙන අසමතුලිතභාවය අවම කිරීමේ ප‍්‍රතිපත්තියක් අප අනුගමනය කළා.හම්බන්තොට සහ නැගෙනහිර පළාත් වලට ආයෝජනයන් සහ රැුකියා කැදවාගෙන ගොස් නව ආර්ථික කලාපයක් සහ ජනතා මධ්‍යස්ථානයක් ඇති කිරීමට අප උත්සාහ කළා.පසුගිය ශතවර්ෂය පුරාවටම සිදුවූ බස්නාහිර පළාත කේන්ද්‍රකරගත් සංවර්ධනය රට පුරාවටම ව්‍යාප්ත කිරීමයි අපේ අරමුණ වූයේ.දැනට කි‍්‍රයාත්මක බස්නාහිර පළාත කේන්ද්‍රකරගත් සංවර්ධනය ඉදිරි දශක කිහිපයේදීත් සිදුවුවහොත් රටේ සංවර්ධන කටයුතු වල ඉතාම බරපතල අසමතුලිත බවක් ඇතිවන බව සැකයක් නැහැ.දේශපාලඥයින් වර්තමානය ගැන වගේම අනාගතය ගැනත් සිතිය යුතුයි.‘‘

බටහිර හා වෛර බැදගැනීම හමුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ යෝජනාවලියට මුහුණදීමට සිදුවීම සම්බන්ධයෙන් -

‘‘ බටහිර හා වෛර බැදගැනීම ගැන කියනවානම්, ඇතැම් බටහිර රටවලට වුවමනා වුනා අප එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව දියත් කර තිබූ යුද්දය නතර කරනු දැකීමට.අප එයට දැඩිව විරුද්ධ වුනා.ඒ නිසයි ඔවුන් අප හා අමනාප වූයේ.මම ඔවුන් කී අයුරින් කටයුතු කර, එල්.ටී.ටී.ඊ යේ පැවැත්ම සුරක්ෂිත කළා නම් ඔවුන් අනිවාර්යයෙන්ම මගේ මිතුරන් වන්නට තිබුනා.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලය මගේ පාලන සමයේදී ශී‍්‍ර ලංකාවට විරුද්ධව නොයෙක් යෝජනාවලීන් සම්මත කරගත් බව ඇත්තක්.නමුත් කවුරුවත් විශ්වාස කළ යුතු නැහැ යෝජනාවලියක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ ඡුන්ද විමසීම් සිදුවන්නේ නිදහස් හා සාධාරණව කියා.බලවත් බටහිර රටවල්, දුබල කුඩා රටවලට බලපෑම් එල්ල කරනවා තම අරමුණ සාක්ෂාත් කරගැනීමට.ඉදින් එම කුඩා රටවලටත් සිදුවනවා හෘද සාක්ෂියට විරුද්ධව එම අරමුණු වෙනුවෙන් පෙනී සිටින්නට.ශී‍්‍ර ලංකාවට එරෙහිව යෝජනා සම්මතවූ සෑම අවස්ථාවකදීම ඔබාමා පරිපාලනයට පිළිවන් වුනා කිසියම් රටවල් සංඛ්‍යාවක් ඡුන්දය ප‍්‍රකාශ කිරීමෙන් වළක්වා ගන්නට.එම රටවල ඡුන්ද ගණනයට ලක් කෙරෙන්නේ නොමැති නිසා අපේ රටට එරෙහිව යෝජනා සම්මත කරගැනීමට ඔවුන් සමත් වුනා.මානව හිමිකම් කවුන්සිල සැසිවාරයෙන්ගේ වාර්තා අධ්‍යනය කළොත්, අපට පෙනී යනවා එසේ ඡුන්දය ප‍්‍රකාශ නොකළ රටවල් සියල්ල, එදා සිටම ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පෙනී සිටි රටවල් බව.ඒ නිසාම පැහැදිලි වනවා ඔවුන් අප රට වෙනුවෙන් ඡුන්දය ප‍්‍රකාශ නොකළේ කිසියම් බලවේගයකට ඔවුන් නතුව සිටි නිසාවෙන් බව.‘‘

‘‘ එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමට අපගත් තීරණය හමුවේ අන්තර්ජාතික ප‍්‍රජාව අපට සැළකූයේ මේ අයුරින්.එම රටවල් බොහෝමයක පිහිටා තිබෙන ආන්තික මැතිවරණ කොට්ටාශ වල තීන්දු තීරණ ගැනීමේ බලය හිමිව තිබෙන්නේ දෙමළ ඩයස්පෝරා සාමාජිකයන්ට.ඒ නිසා ඔවුනට හැකියි බටහිර දේශපාලඥයින්ගේ අදහස් තමන්ට වුවමනා හැටියට වෙනස් කිරීමට.ශී‍්‍ර ලංකාවේ බි‍්‍රතාන්‍යය රාජ්‍යතාන්ති‍්‍රකයකු හමුවීමෙන් පසු ඇමරිකා තානාපති කාර්යාල නිලධාරියකු යොමුකළ ලිපියක් සම්බන්ධව විකිලීක්ස් වෙබ් අඩවිය කළ අනාවරණයක් ඇතැම් ටි ඔබත් දන්නවා ඇති.එම ලිපියේ සදහන් වූ ආකාරයට බි‍්‍රතාන්‍යය රාජ්‍යතාන්ති‍්‍රකයා, ඇමරිකා තානාපති කාර්යාල නිලධරයාට දැනුම්දී තිබෙනවා බි‍්‍රතාන්‍යය පාර්ලිමෙන්තු මැතිවරණ සමයේ ප‍්‍රධාන අපේක්ෂකයකු වූ ඬේවිඞ් මිලිබෑන්ඞ්, ඔහුගේ කාලයෙන් සියයට 40 ක් පමණම වැය කොට තිබෙන්නේ 2009 වසරේ සිට ශී‍්‍ර ලංකාවේ ඇතිව තිබෙන තත්ත්වය අධ්‍යනය කිරීමට බව.විදේශ රටක ඉදන් එන මේ වගේ පීඩනයක් එක්ක රටක් පාලනය කරන්න හැකියාවක් නැහැ.මම රට පාලනය කළේ ශී‍්‍ර ලංකාව සහ ඇයගේ ජනතාව වෙනුවෙන් මිසක්, විදෙස් රටක්, එහි පාලකයින්, ඔවුන්ගේ මැතිවරන ජයග‍්‍රහණ, ආදිය වෙනුවෙන් නෙවෙයි.එල්.ටී.ටී.ය පරාජය කිරීමට ගත් තීරණය හමුවේ ඇතැම් බටහිර නායකයෝ මා හා ඉතාම උරණ වූවා.නමුත් මගේ රටේ ජනතාව පිළිගනීවි, වන්දියක් ගෙවීමක් ලෙස බටහිර අමනාප කරගැනීමට අපට සිදුවූවත්, එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීම ඒ සියල්ලට වඩා වටිනා බව.‘‘

තම පවුලේ සාමාජිකයන්ගේ සහ ආධාරකරුවන්ගේ ඇතැම් කටයුතු අරබයා පැවැත්වෙන විමර්ෂණ පිළිබදව -

’‘ මේ විමර්ෂණ සිදුකෙරෙන්නේ නැගී තිබෙන සාවද්‍ය චෝදනා සාධාරණීකරනය කිරීමේ අරමුණ ඇතිව.ඒ නිසයි මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය ලෙස අලූත් ඒකකයකුත් පිහිටුවා තිබෙන්නේ.වංචා විමර්ෂණ කටයුතු සදහා පොලිසියට වෙනම ඒකකයක් තිබුනා.ඒ වගේම අල්ලස් හෝ දුූෂණ විමර්ෂණ කොමිසමත් තිබුනා.නමුත් යහපාලන රජය තීරණය කර තිබෙනවා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් සහ අගමැතිවරයාගේ නියමයෙන් පත් කෙරුනු කිහිපදෙනෙකුගෙන් සමන්විත වන විශේෂ කමිටුවක නිර්දේශ මත අලූතින් පිහිටුවා තිබෙන මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය කි‍්‍රයාත්මක විය යුතුය යන්න.මේක ඇත්තටම විපක්ෂයට එරෙහිව ගෙනයන සංවිධානාත්මක දඩයමක්.‘‘

තම ඥාති පුත‍්‍ර, රුසියාවේ හිටපු තානාපති, උදයංග වීරතුංග, ප‍්‍රකාශයක් ලබා දීමට පවා නොපැමිණ, සැගවී සිටීම සම්බන්ධයෙන් -

’‘ මම හිතන්නේ නැහැ නීතිමය අයුරින් ප‍්‍රකාශයක් ලබාදීමට කෙරෙන කැදවීමක් ඔහු මගහරිනු ඇතිය කියා.ඔහුට නැගී තිබෙන චෝදනා සම්බන්ධයෙන් නැවත නැවතත් පරීක්ෂණ සිදුකර තිබෙනවා.ගල්කිස්ස දිස්ති‍්‍රක් අධිකරණයත් මේ ගැන විශේෂ සදහනක් කර තිබෙනවා.අදාළ සියලූ ලිපි ලේඛණ තිබෙන්නේ මේ අධිකරණය භාරයේ.ඒ කොහොම වුනත් උදයංග, ඔහුගේ ස්ථාවරය පැහැදිලිව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.යහපාලන රජය රාජපක්ෂවරුන් සහ පවුලේ වෙනත් සාමාජිකයන් දඩයම් කිරීමේ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින නිසා, තමා දඩයම් කරගැනීමට රජය නොයෙක් බාධක හා අභියෝග වලට මුහුණ දෙමින් කටයුතු කරනු දැකීම තම පරම අභිලාෂය බව ඔහු මාධ්‍ය සාකච්ඡුාවකදී සදහන් කර තිබුනා.‘‘

චෝදනා වලින් ගැලවී ගැනීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු කැබිනට් අමාත්‍යවරුන් නව රජය හා එක්ව සිටීම සම්බන්ධයෙන් -

‘‘ මට සහ මගේ පවුලේ සාමාජිකයන්ට වගේම, මගේ ආධාරකරුවන්ට නැගෙන චෝදනා සහ පැවැත්වෙන විමර්ෂණ, දේශපාලන අරමුණු දිනා ගැනීම වෙනුවෙන් සිදුවන බව දැන් බොහොම පැහැදිලියි.ගිය අවුරුද්දේ මහා බැදුම්කර වංචාවක් සිදුවුනා.මේ අවුරුද්දේ ගල් අගුරු ටෙන්ඩර වංචාවක් සිදුවුනා.ඉහළ කුලී ගාස්තු ගෙවමින් ඇතැම් අමාත්‍යවරුන් ගොඩනැගිලි ලබාගනිමින් සිටින බවටත් චෝදනාවක් තිබෙනවා.ඉතාම පහළ මිල ගණන් වලට වී විකිණෙන බවට චෝදනා තිබෙනවා.නමුත් මේ කිසිවක් සම්බන්ධයෙන් විමර්ෂණ පැවැත්වෙන බවක් පෙනෙන්නට නැහැ.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට ඇදගෙන යමින් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් පමණයි.‘‘

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත එක්සත් කිරීම සදහා ගෙන ඇති උත්සාහයන් සම්බන්ධයෙන් -

’‘ උත්සාහයන් රැුසක් ගෙන තිබෙනවා.නමුත් ඒ හැම අවස්ථාවකදීම ගැටලූ වූයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ එක් පාර්ශවයක් එක්සත් ජාතික පක්ෂය සමග සභාග රජයක් පවත්වාගෙන යමින් සිටීම.මේක අපට නොසළකා හැරිය හැකි වාතාවරණයක් නොවෙයි.එක්සත් ජාතික පක්ෂ රජයක් එක්ක අපට කිසිම දෙයකට හවුල් වෙන්න කිසිම වුවමනාවක් නැහැ.මේ රජයට සේවය ලබාදෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට මම කියන්න කැමතියි, පක්ෂයේ නමින් කිසිම වැඩක් නැහැ කියන එක.රජයට කැමැති අය රජය වෙනුවෙන් මනාපය ලබා දේවි.අකමැති අය විපක්ෂය වෙනුවෙන් මනාපය ලබා දේවි.ඒ වගේම මම කැමතියි රජයේ සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කරන්න.හැකියාවක් තිබෙනවානම් ජනතාවගෙන් විමසා බලන්න ඔවුන් රජය ගැන ප‍්‍රසාදයකින් සිටිනවාද නැතිද යන්න.පුලූවන් ඉක්මනට ඔය ගිලෙන නැවෙන් පිට වෙන්න කියන එකයි මම ඔවුන්ට දෙන අවවාදය.ඒකට තවමත් කාලය තිබෙනවා.‘‘

ජනතාව තමන් ප‍්‍රතික්ෂේප නොකරනු ඇතැයි දැඩි විශ්වාසයක් රාජපක්ෂට ඇත.එමෙන්ම ඔහුගේ අදහස් දැක්වීමෙන් රජයේ දුබලතා ප‍්‍රයෝජනයට ගනිමින් රජයට පහර ගැසීම විපක්ෂයේ අරමුණ බව පැහැදිලිය.මේ හමුවේ උද්ගත විය හැකි වාතාවරණයට මුහුණදීමට රජයට හැකියාවක් නොමැත.වංචා හා දුූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ වල ප‍්‍රගතිය නිසි අයුරින් ජනතාවට වාර්තා කිරීමේ ක‍්‍රමවේදයක් තවමත් ඇතිකරගත නොහැකිව තිබීම රජයේ මෙම නොහැකියාවට ප‍්‍රධානම හේතුවකි.කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමු පැවැත්වෙතත්, ඒවා සීමා වන්නේ එම තීරණ වලටම හා කැබිනට් ප‍්‍රකාශකයාගේ පෞද්ගලික අදහස් දැක්වීම් වලට පමණකි.

රජයේ හා ජනතාව අතර පවතින මෙම දුරස්ථ භාවයෙන් ප‍්‍රයෝජන ගනිමින් සිටින්නේ විපක්ෂයයි.විමර්ෂණ පැවැත්වෙන්නේ නම්, වරදකරුවන් අත්අඩංගුවට ගැනෙන්නේ නම්, එම තොරතුරු ප‍්‍රසිද්ධ කිරීමට රජය කටයුතු කළ යුතුමය.රජයේ කි‍්‍රයාකාරීත්වය කෙරේ ජනතාව දැන ගන්නේද, විශ්වාසය ඇති කරගන්නේද එවිටය.නමුත් ඒ කිසිවක් නැති තැන, ජනතාව රජයට සැකමුසු ආකල්පයක් පෙරදැරිව සැළකීම වැළැක්වීමට හැකියාවක් නැත.

 



අදහස් (0)

මහින්ද රාජපක්ෂගෙන් ආණ්ඩුවට දොස්

වින්සන්ට් Sunday, 09 October 2016 01:22 PM

ජනතා විමසුමකට පිළිතුරක් සපයන්නේ නම් කියන්න ඇත්තේ, ගිලුන නැවේ සිටි මීයන් දැන් ගිලෙමින් ඇති නැවට පැමිණ ඇත. ගිලුන නැව් ගොඩගැනීමට පනින මීයන්ව සොයාගැනීම අවස්ථාවාදීන්ට කජු කනවා වගේය. තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මන්ත්‍රීවරු මිලයට ගත් යුගය අපට එය සිහිකරවන්නකි. කොහොම බැලුවත් දෙගොල්ලම රට කන එකම වර්ගයට අයත්ය. (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 09 October 2016 05:11 PM

මහින්දගේ කතාව දිග තමයි. නමුත් එහි කිසිම හරයක් නැත. අගක් මුලක් නැත. මුල සිට අග දක්වාම රජයට මඩ ගැසීමට ඔහු හැම අවස්ථාවක්ම උපයෝගී කරගෙන තිබෙන බව පෙනේ. ඔහු නැත්නම් ශ්‍රී ලංකාවක් නැත යන්න එයාගේ තේමාවයි. රටට, ජනතාවට අවශ්‍ය විදියට අවංකව, භීෂණ වංචා නොමැතිව රට පාලනය කළා නම්, පිට පිට මැතිවරණ දෙයක් පරාජයවීමේ හේතුව කියන්න බැරි තරමටම ඔහුට වචන නැතිවී ගියා. (නි)

:       0       0

සෑම් Sunday, 09 October 2016 10:31 PM

මෙතුමාගේ පාලන කාලයේ මෙතුමා වටේ සිටිය අය මෙතුමාගේ පහනින් එළිය බලමින්ම, මෙතුමාව පාවාදීලා පරාද කරන්න උදව් කළා. නමුත් අවාසනාව කියන්නේ අදත් තියෙන්නේ ඒ තත්වයමයි කියලා මෙතුමාට තේරුම් ගැනීමට නොහැකි තරමට බල තණ්හාවෙන් අන්ධ වී සිටීමයි (නි)

:       0       0

වීරසේන Sunday, 09 October 2016 11:50 PM

දැන් සුපිරි මාළිගාවක් ලැබුනා. ජනතාව සියළු වියදම් දරනවා. හැබැයි ආප්ප කෝකියෙක් නම් ගන්න එපා (නි)

:       0       0

නිකොලස් Monday, 10 October 2016 12:21 AM

දැන් ඉතින් බණ කියනවා. ඉන්නකොට කරපු වැඩ අපට මත්කයි. (නි)

:       0       0

සාමා Monday, 10 October 2016 12:24 AM

මොහු දැන් කියවන්නේ මොනවද කියලා දන්නේ නැහැ වගේ. එයාගේ කාලේ රට සුඛිත මුදිත වෙලා තිබුණා වගේ කතාව. දන්නෝ දනිති මෙයාගේ කෙරුවාව. (නි)

:       0       0

වසන්ත Monday, 10 October 2016 01:15 AM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

ජගත් Monday, 10 October 2016 01:54 AM

මේ රජයේ මොන ප්‍රශ්න තිබුනත්, ඔබව නැවත බලයට පත්කරගන්න බහුතර ජනතාව කිසිසේත්ම සුදානම් නැත. (නි)

:       0       0

හාජා Monday, 10 October 2016 02:09 AM

කරන හොරකම් සියල්ල කරලා සුදනා වෙන්න බලන්න එපා (නි)

:       0       0

උදාර Monday, 10 October 2016 02:10 AM

තවත් මේ දෙගොල්ලෝ එකිනෙකාට බැනගෙන අවසන් නැද්ද? (නි)

:       0       0

උදාර Monday, 10 October 2016 02:29 AM

එක එක් කෙනාට දොස්කියලා තේරුමක් නැහැ (නි)

:       0       0

තිස්ස Monday, 10 October 2016 02:48 AM

දැන් මහින්ද ඔය අඬන්නේ කා වෙනුවෙන්ද? හොරු අතහැර පක්ෂයක් පිහිටවුවහොත් අන් සියලු කොටස් දේශපාලන බේද හැරදා එක්විය යුතුයි (නි)

:       0       0

සජී Monday, 10 October 2016 03:02 AM

ඔබතුමා හැමදාමත් රට රැක ගත්තා. රටට ආදරේ ඇති සියලුම දෙනා ඔබ සමගයි (බ)

:       0       0

ඇසළ Monday, 10 October 2016 03:14 AM

උදාර ඔබ හරියටම හරි අපිට දැන් මේක හරි වදයක් .(හේ)

:       0       0

බණ්ඩාර Monday, 10 October 2016 03:31 AM

මේ හොර නඩය නැවත ආවත් කරන්නේ ඔය ටිකම තමයි. (හේ)

:       0       0

හර්ෂ Monday, 10 October 2016 03:31 AM

මේ විට හැගෙන්නේ හිටපු ලොක්කාද බලය රැකගැනීමට කළ යුතු වුවත් නිවරැදි දෙය කරන්නේ නැතිව නිහඩව සිටි බවකි ,(හේ)

:       0       0

අතුරා Monday, 10 October 2016 04:32 AM

මේ එකපාර රජ කම නැතිවුන එකේ සොකාලාපයද?(හේ)

:       0       0

රජින්ද Sunday, 09 October 2016 11:22 AM

ඔබතුමා යථාර්ථයේ එළිපත්තට පැමිණි සෙයියාවක් මේ කතාවෙන් විද්‍යාමාන වේ. එය ඉතාම හොඳ ප්‍රවණතාවයකි. ජනතා මතයට කන්දෙන සැබෑ ජනවාදී නායකයෙක් වීමට ඔබතුළ පැවති අඩුපාඩු ඔබ හඳුනාගෙන තිබේ. ඔබට ජය.! (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 10 October 2016 08:29 AM

පෙන්ෂන් පඩි නිල මාලිගා සමග මන්ත්‍රී පඩියකුත් ගන්න එක සුදුසුද (බ)

:       0       0

ජයරත්න Sunday, 09 October 2016 12:28 PM

ඉංග්‍රීසි පුවත්පතට එක විදියක්. දෙමළ මාධ්‍යවේදීන් ඉදිරියේදී තව විදියක්. සිංහල මිනිස්සු ඉස්සරහ තවත් විදියක්. මිනිස්සු මේවා කවදා තේරුම් ගනියිද මන්දා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 685 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1357 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site