IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මහින්ද රාජපක්ෂ සාක් පාපන්දු තරගාවලිය දෙසැම්බර් 2 දා සිට

”මහින්ද රාජපක්‍ෂ කුසලාන යටතේ පාපන්දු (ලීග්) තරගාවලිය වාර්ෂිකව පැවැත්වීමට තීරණය කර ඇතැයි කී‍්‍රඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. මෙම වසරේ සිට පැවැත්වෙන තරගාවලිය ලබන දෙසැම්බර් 2 වැනිදා නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගනයේදී පැවැත්වේ. කී‍්‍රඩා අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඇමැතිවරයා තරගාවලිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව මුල්වී කි‍්‍රයා කළ බැවින් තරගාවලිය දිගටම මහින්ද රාජපක්‍ෂ කුසලාන සඳහා පැවැත්වීමට කලාපයේ රටවල් එකඟවී සිටින බව පැවසීය. ඒ අනුව ලබන වසරේදී තරගාවලිය මාලදිවයිනේ පැවැත්වීමට නියමිතය. කලාපයේ සෙසු රටවල් වලටද එතැන්  සිට තරගාවලියේ සත්කාරය පිරිනැමේ. නාවලපිටියේදී ආරම්භ වන  තරගාවලියේ ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් 15,000ක් (රුපියල් ලක්‍ෂ 19කට වැඩි) හා අනුශූරයන්ට  ඩොලර්  10,000ක් ප‍්‍රදානය කෙරේ. ශ්‍රී ලංකා පාපන්දු  සම්මේලනයේ සහයෝගයෙන් කී‍්‍රඩා අමාත්‍යාංශය පළමු ”මහින්ද රාජපක්‍ෂ” කුසලාන පාපන්දු  තරගාවලියට අනුග‍්‍රහය දක්වයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් තරගාවලියේ සමාප්ත උත්සවය දෙසැම්බර් 8 වැනිදා පස්වරුවේදී පැවැත්වීමට නියමිතය. මහින්ද රාජපක්‍ෂ ශූරතා සාක් පාපන්දු තරගාවලිය පැවැත්වෙන ආකාරය. *දෙසැම්බර් 2 -: බංග්ලාදේශය හා පාකිස්තානය අතර  ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර. *දෙසැම්බර් 4 :- පාකිස්තානය හා මාලදිවයින අතර ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර. දෙසැම්බර් 6 :- මාලදිවයින හා බංග්ලාදේශය අතර ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර. දෙසැම්බර් 8 :- අවසන්  මහ තරගය. (පස්වරු 2ට හා පස්වරු 4ට තරග පැවැත්වේ. වැඩිම ප‍්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් දෙක අවසන් මහ තරගයට සුදුසුකම් ලබති).



අදහස් (0)

මහින්ද රාජපක්ෂ සාක් පාපන්දු තරගාවලිය දෙසැම්බර් 2 දා සිට

ලලිත් - කටාර් Monday, 19 November 2012 02:03 PM

ඇයි මේ නමම මේකට දාන්න හිතුණේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 87 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 208 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 252 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 192 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 137 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 336 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39442 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25706 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 348 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site