IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මහින්ද රජයේ යුව රජෙක් ඉන්නවා : ඔහු බලන්නේ ‘බහු ජාතික ඇසින්‘

‘‘මහින්ද රාජපක්ෂ රජයේ යුව රජ කෙනෙක් සිටිනවා. ඔහු බලන්නේ සාමාන්‍ය ජනතාවගේ පැත්තෙන් නොවේ. බහුජාතික සමාගම් පැත්තෙන්‘‘

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ ගොවි සමළුවක් අමතමින් අද (13) ප්‍රකාශ කළේය.

‘‘පොළොන්නරු ගොවියන්ගේ නිරන්තර ඉල්ලීම ජලයයි. වාගවට ජලයයි. එය ඔවුන්ගේ කඳුලු කතාවයි. මොරගහකන්ද හා කලුගඟ යොජනා ක්‍රම ආරම්භ කළත් ඒ සඳහා රජය මුලින්  මුදල් වෙන් කළේ නැහැ.   ඒ සඳහා ප්‍රතිපාදන රුපියල් ලක්ෂ 9000 යි. ඒ සල්ලි  2010  වසරේදී මා මහවැලි අමාත්‍යංශයෙන් ඉවත් වන තුරු  මට ලැබුනේ නැහැ.

 එම සල්ලි ලැබුනේ මා  මහවැලි අමාත්‍යංශයෙන් වෙනත් අමාත්‍යංශයකට මාරු කළ පසුවයි.

 

 

 



අදහස් (0)

මහින්ද රජයේ යුව රජෙක් ඉන්නවා : ඔහු බලන්නේ ‘බහු ජාතික ඇසින්‘

සුගුනවතී Monday, 15 December 2014 03:55 AM

මෛත්‍රී මහත්මයා අනිවාර්යයෙන් දිනන්නම ඕනෑ. (නි)

:       0       0

වරුණ දෙව්රෝ Sunday, 14 December 2014 07:39 AM

ඔව් අමල් මාත් මේ බැලුවෙ එකම විදිහේ කමෙන්ට්ස් ඇවිල්ල තියෙන්නෙ කොහොමද කියල. අනිවාර්‍යයෙන්ම සංවිධානය වෙලා කරන වැඩක්. ඒ තියෙන කමෙන්ට්ස් වල ගොඩාක් කියල තියෙන දෙයක් තමා ඇයි ඕවා දැන් කියන්නෙ කියලා. ඉතින් ඒක තමා මේ මනුස්සය කියන්නෙ රජය ඇතුලෙ ඉදිද්දී ඒ කරන්න සහ කියන්න ඉඩ දුන්නෙ නෑ කියලා. (නදී)

:       0       0

සදුනි Monday, 15 December 2014 03:56 AM

අනේ! අපිට මෛත්‍රී මහත්මයාගෙන් තොර අනාගතයක් නැහැ (නි)

:       0       0

සුගුනවති Monday, 15 December 2014 04:00 AM

ඔය කවුරු මොනවා කිව්වත් දිනන්නේ මෛත්‍රී මහත්මයා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 December 2014 08:07 AM

ජයවීර බණ්ඩා මහත්තයෝ, මොනවද මේ කියන කතා.? (ර)

:       0       0

බමුණු Sunday, 14 December 2014 08:16 AM

වර්තමාන ස්ථාවරය පැහැදිලි කරන්න පුළුවන්ද? ස්ථාවරය අපි තේරුම් අරගෙන ඉන්නේ මෛත්‍රී මහතාට කොපමණ උවමනා වුනත් රජයේ සමහරුන් ගේ සහයෝගය මත මාෆියාව බලවත් වෙලා. (බ)

:       0       0

බමුණු Sunday, 14 December 2014 08:18 AM

විශ්වාසය අද වනවිට දියවෙලා. මෙයා කොහොමද එ්ක දන්නේ මොකද මෙයා සමීක්ෂණයක් කළාද? තමන් දියවෙලා ඇති. (බ)

:       0       0

ලංකා තිලක් Sunday, 14 December 2014 08:19 AM

ඊර්සියාව යනු බන්දුල පෙරේරාගේ ඇගෙන්ම එන දෙයකි. (බ)

:       0       0

සුගුනවති Sunday, 14 December 2014 08:24 AM

රුවන්ත මල්ලිගේ කතාවනම් සහතික ඇත්ත. (ර)

:       0       0

අප්පුහාමි Sunday, 14 December 2014 08:26 AM

ආනන්ද, දුකට කවි කියයි. (ර)

:       0       0

ජී‍වා Saturday, 13 December 2014 03:49 PM

වැඩිය පුරසාරම් එපා මහත්තයා, 09 වෙනිදාට බස් එක පාරට දාගත්තොතින් රියදුරු අසුනේ වාඩිවෙන්නේ, කවුද කියලා අපි දන්නවා. (නි)

:       0       0

චින්තක Saturday, 13 December 2014 03:50 PM

යුව රජු කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

උපුල් Saturday, 13 December 2014 04:00 PM

ඕවා එතකොට කිවුවේ නැත්තේ ඇයි? (නි)

:       0       0

හෆීල් Saturday, 13 December 2014 04:09 PM

ඔබතුමා මහවැලි ඇමැතිවෙලා ගොඩක් කල්නේ. ඇයි මෙච්චර කල් කටවහගෙන හිටියේ? දැන් බල බලා ඉන්නේ නැතුව තිබුන වැරදි සියල්ල හෙළිකරන්න. (නි)

:       0       0

අප්පුහාමි Saturday, 13 December 2014 04:14 PM

අටවෙනිදා වෙනකන් මොනවාහරි ටිකක් කියන්නත් එපායැ (නි)

:       0       0

කුමාර Saturday, 13 December 2014 04:30 PM

ඒවා පේන්නේ ගියාට පස්සෙනේ ඉතින්! (නි)

:       0       0

නුවන් වික්‍රමසිංහ Saturday, 13 December 2014 04:34 PM

ඔබතුමා කියන්නෙ පරාක්‍රම සමුද්‍රයේ පිටාර මට්ටමට එන්න කලින් සොරොව්ව ඇරියෙ කාගේ නියෝග අනුව කියලද? (නි)

:       0       0

හර්ෂලාල් Sunday, 14 December 2014 09:01 AM

මෝරා මහත්මයා, මෙය කාටත් කමෙන්ට් කරන්න පුළුවන් තැනක් නේද? (ර)

:       0       0

සිල්වා Saturday, 13 December 2014 04:39 PM

අනේ ඇත්තද මෛත්‍රීතුමනි! (නි)

:       0       0

රොබින්සන් වත්තල Saturday, 13 December 2014 04:40 PM

කියන්න බොහො දේ තිබෙන බවයි පෙනෙන්නේ. තව ඒ හැටි කාලයක් නැහැ. කියල පහදලා දීලා ජයග්‍රහණය ලබන්න. ඔබතුමා සමඟ එනවා කිව්ව යුව රජවරු ගැනත් පැහැදිලි කළොත් හොඳයි නේද? (නි)

:       0       0

ප්‍රබෝධ Saturday, 13 December 2014 05:09 PM

ඊට අමතරව තවත් නාඩගම් තියනවා. (නි)

:       0       0

විකල්ප Saturday, 13 December 2014 05:34 PM

ජනතා අවශ්‍යතා වලට වඩා සමහරුන් ඉටුකරන්නේ බහුජාතික සමාගම්වල උවමනා නොවේද? (නි)

:       0       0

මංජුල Saturday, 13 December 2014 05:40 PM

ඔබතුමාත් දැන් දැන් කලින් අනෙක් අය වගේ වේගෙන එනවා. අපි ඔබතුමා ගැන ඉහළින් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ විධායක බලය අහෝසි කරයි කියලා. ඒක නිසා ආයේ දේශපාලකයෝ කියන සාම්ප්‍රදායික කතා කියලා නාගන්න එපා. (නි)

:       0       0

සිල්වා Saturday, 13 December 2014 05:40 PM

ඒක නුදුන්න එක කොච්චර හොඳද? නැත්නම් ඒ මුදලුත් අද ඔය පැත්තෙනේ (නි)

:       0       0

ප්‍රියන්ත උපුල් Sunday, 14 December 2014 10:13 AM

කව්රු මොනවා කිව්වත් ඔබ තුමා අවංකයි. ජය නිතතයි (නදී)

:       0       0

ජයවීර බණ්ඩා Saturday, 13 December 2014 05:53 PM

මහජනතාව ඔයාලට වඩා බුද්ධිමත් මහත්තයෝ. ඔයාලා හැරෙනකොට මිනිසුන්ට තේරෙනවා. ඔබ මහවැලියෙන් යනතුරු සල්ලි පාස්වුණේ නැත්නම් පක්ෂයේ මහා ලේකම් හැටියටත් පළාතේ මන්ත්‍රී හැටියටත් බලකිරීමක් කරලා හරි අරගෙන දෙන්න තිබුණා නේද? ඔබට අවනත නොවන නිලධාරින් සිටින බව ඔබ දෙතුන් වරක්ම කියා තිබුණා. මමත් පොළොන්නරුවේම නිසා මේ කියන්නේ. ඔබතුමා අපට කළ එක දෙයක් කියන්න. ඔබතුමාට රටක් භාරදෙන්නේ කොහොමද අපිට නම් සැකයි. (නි)

:       0       0

දයා -නිව්සිලන්ඩ් Saturday, 13 December 2014 06:24 PM

දැන්ද ඕවා කියන්නේ? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 13 December 2014 06:28 PM

මේක තමයි මට පෙන්නන්න බැරි වැඩේ. හැම කෙනාම නම කෙළින් කියන්නේ නැතිව අවලාද කියනවා. නම කියන්න.එතකොට අපිත් දන්නවා ඊළඟ මැතිවරණයේදී කරන්න ඕනෑ ටික. නම් කියන්න බැරිවෙන්නේ තමන් හරියට නොදැන කතා කරන නිසා හෝ එහෙම නැත්නම් බොරු මඩ ගැහිල්ලක් නිසා නඩු වැටිලා ලැජ්ජාවෙයි කියලද? බය නිසා නම් වෙන්න බැහැනේ. දිවි පරදුවට තියලානේ එළියට ආවා කිව්වේ... (නි)

:       0       0

විමල් Sunday, 14 December 2014 10:45 AM

මම කියන්නේ අරයා. ඔහු තමයි ආර්ථික අමත්‍යංශයේ මුදල් ගිලින්නේ (නදී)

:       0       0

කල්ප Saturday, 13 December 2014 07:18 PM

මෙතුමා හිතාගෙන ඇත්තේ පොළොන්නරුවේ මිනිස්සු මැරිලා ඉපදුනා කියලා වෙන්න ඇති (නි)

:       0       0

ඉසුරි Saturday, 13 December 2014 07:37 PM

නොකියා කියන්නේ කවුරු ගැනද කියලා හිතාගන්න පුලුවන් (නි)

:       0       0

තිනුග Saturday, 13 December 2014 07:51 PM

අනෙක් පැත්තේ ඉන්න යුවරැජිණිය ගැනත් අපි නම් දන්නවා (නි)

:       0       0

අනිල් රෝහණ Saturday, 13 December 2014 07:59 PM

ඉස්සර එක්කෙනෙක් එක එක සතුන්ගේ නම් වේදිකා වල කියන්න පටන්ගත්තෙත් ඔන්න ඔය යුවරජෙක් ගැන කියලයි. අයියෝ! මොකද මේ වෙන්නේ? (නි)

:       0       0

රජින්ද්‍ර Saturday, 13 December 2014 08:01 PM

සහතික ඇත්ත කතාව. අවංකවම ලැජ්ජා වෙනවා ඔය පුද්ගලයා ගැන. (නි)

:       0       0

කුමුදු Saturday, 13 December 2014 08:30 PM

කවුද මේ යුවරජා? අපි කැමතියි දැනගන්න. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 13 December 2014 09:07 PM

විපක්ෂයේ ප්‍රධාන චෝදනාව තමයි විසිපන්දාහක් යන තැනට ලක්ෂයක් වියදම් කරලා මිනිසුන් ණයකාරයෝ කළා කියන එක. හැබැයි මේ ඇතැම් බහු ජාතික සමාගම් කලින් එතරම් සාර්ථක වූ ඒවා නොවෙයි. නමුත් මේ සා විශාල අමතර ආදායමක් මේ බහුජාතික සමාගම් වලට ලැබීමෙන් මේ සමාගම් අතිශයින්ම සාර්ථක සමාගම් බවට පත්වෙනවා. මේ ව්‍යාපාරිකයන් සාර්ථක වෙනවා. ඒවායේ රැකියා කරන අයට විශාල බෝනස් ආදියත් ලැබෙනවා.අපි විදේශීය සමාගම් වුණත් දියුණු වෙනකොට සතුටුවිය යුතුයි. ඊර්ෂ්‍යා නොකළ යුතුයි . (නි)

:       0       0

ඩොනලඩ් Sunday, 14 December 2014 11:24 PM

කලකදී රස කලකදී වස වෙනවාලු කලකදී මිතුරු කලකදී සතුරු වෙනවාලු..(හේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 13 December 2014 09:13 PM

ඔබ ගැන ඒ කාලයේ පටන්ම විශ්වාසයක් තිබිලා නැහැ වගෙයි. ඔබගේම කතාවෙන් එය පෙනෙනවා (නි)

:       0       0

විපුල Saturday, 13 December 2014 10:54 PM

බහුජාතික සමාගම් වල රැකියා කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ රැකියා අවස්ථා නම් නැතිකරන්න එපා (නි)

:       0       0

මාලන් Saturday, 13 December 2014 11:01 PM

අපි දන්නවා කවුද කියලා. කතාව ඇත්ත (නි)

:       0       0

ලංකා Saturday, 13 December 2014 11:08 PM

අට වෙනිදාට අපි බලමුකෝ (නි)

:       0       0

අධිකාරී Saturday, 13 December 2014 11:31 PM

ඉතින් ඇයි රණ්ඩුවෙලා හරි ගත්තේ නැත්තේ? රටට ආදරේ නම් එහෙමනේ කරන්න ඕනෑ? (නි)

:       0       0

නිහාල් Sunday, 14 December 2014 12:39 AM

ඔබට මාත් එකඟ වෙනවා (නි)

:       0       0

ඉෂානි Sunday, 14 December 2014 12:59 AM

අනේ අපේ රටේ දේශපාලනය! (නි)

:       0       0

රුවන්ත Sunday, 14 December 2014 01:16 AM

බහුජාතික සමාගම් වලට ආවඩන බන්දුල පෙරේරා, පිටරට ගිහින් තුට්ටු දෙකක් හම්බ කරගන්න ලාංකිකයන්ට කියන්නේ කළු සුද්දෝ කියලා. හැබැයි කඩේ යන තැනම කළු සුද්දෝ වැහි වහලා. මෙතන ලියන්නේ හරියට එතන හැමෝම හෙළ ඇඳුමින් සැරසිලා ඉන්න ගානට. (නි)

:       0       0

සිරිමල් Sunday, 14 December 2014 01:34 AM

මෙතන කට්ටියක් බබාලා වෙන්න හදනවා. ඔය යුවරජ ගැන කවුද නොදන්නේ? (නි)

:       0       0

ඒඩ්‍රියන් Sunday, 14 December 2014 01:44 AM

ආණ්ඩුවේ බහුජාතික යුවරජවරු එක්කෙනයි. ඔබතුමාගේ සිහින රාජ්‍යයේ බහුජාතික රජෙක් ,බහුජාතික රැජිණක් , බහුජාතික යුවරජුන් රොත්තක්ම සිටිනවා. ඔබේ සිහින රජයම බහුජාතික කුමන්ත්‍රණයක් නොවන්නේද එවිට? (නි)

:       0       0

යොමාල් Sunday, 14 December 2014 01:50 AM

අපි නම් දන්නවා කවුද කියලා (නි)

:       0       0

ආනන්ද Sunday, 14 December 2014 02:05 AM

සිරිසේන මහතාණෙනි. ඔබතුමා වෙනදා මැතිවරණ වේදිකාවල කතා කළ විදිහට මහජනයා ඉදිරියේ පදනමක් නැති කතා කරන්නට එපා. දේශපාලකයින්ට වඩා ගැමි මහජනතාව පවා අද පුළුල් විදිහට සිතනවා. ඔබතුමා මේ කියන කතාව ගැන මහජනයා නඟන ප්‍රශ්න නම් " විෂයභාර ඇමති මෙන්ම පක්ෂයේ මහා ලේකම් වූ ඔබතුමාට ඒ අනුමත කළ මුදල් ලබා ගැනීමට ශක්තියක් නොතිබුණේ ඇයි? එහෙම නම් ඔබතුමාට රටක නායකයෙකු වීමට හැකිද? ඔබතුමා දෙවැනි පෙළ නායකයෙකු නොවන්නේද? " මේවා ගැන සිතා බලන්න. (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 14 December 2014 02:07 AM

අපිව ණයකාරයෝ කරලා බහුජාතික සමාගම් පොහොසත්වීම ගැන සතුටු වෙන්න ඕනෑලු . එහෙම සතුටුවන කොටසක් තමයි මෙරට ඉන්නේ. බහුජාතික සමාගම් විතරක් නොවෙයි ඒගොල්ලොත් පොහොසත් වෙනවා. ඒවා බලා ඉඳලා සමහරු සතුටුවෙනවා. (නි)

:       0       0

තිවංක Sunday, 14 December 2014 02:10 AM

මේ රටේ අප්‍රමාණ රෝගීන් ගසාකන ඖෂධ මාෆියාව ගැන ඔබතුමාගේ වර්තමාන ස්ථාවරය පැහැදිලි කරන්න පුළුවන්ද? (නි)

:       0       0

සුනිල් Sunday, 14 December 2014 02:17 AM

මෛත්‍රී මැතිතුමා කියන එක හරියටම හරි. (නි)

:       0       0

දුරන්ග් Sunday, 14 December 2014 02:22 AM

මේ රටේ බහුජාතික සමාගම් වලට පන්දම් අල්ලන සියලු දෙනාගෙන්ම ඔබතුමා ප්‍රවේසම් වෙන්න. (නදී)

:       0       0

මාලි Sunday, 14 December 2014 12:21 PM

මුලින් තියෙන කොමෙන්ට් ටික නම් සමාගමෙන් වගේ (නදී)

:       0       0

දුමින්ද Sunday, 14 December 2014 02:23 AM

අපි කොහොම කිවත් ශ්‍රී ලංකාවේ මෝඩයන් පිරිසක් සිටි. ලංකාව නය තව අවුරුදු සිය දස ගණනකටවත් ගෙවන්ඩ බෑ. එ්ක මෝඩ මිනිසුන්ට පේන්නේ නෑ. (නදී)

:       0       0

මෙවන් Sunday, 14 December 2014 02:23 AM

සිරිමල් , දන්නෝ දනිති කියල හරියන්නේ නැහැනේ. නම කියන්න ඕනා. (නදී)

:       0       0

සදුනි Sunday, 14 December 2014 02:25 AM

ඔබතුමාට යුවරාජ කෙනෙක් නැද්ද? (නි)

:       0       0

ලියනගේ Sunday, 14 December 2014 02:33 AM

ඔබත් ඔය වෙච්ච පොරොන්දු ඇඳුම වෙනස් කලා වගේ වෙනස් කරනවද? (නදී)

:       0       0

විජේතිලක Sunday, 14 December 2014 02:36 AM

අනේ මන්දා මේ කතා! (නි)

:       0       0

ලාල් Sunday, 14 December 2014 12:32 PM

මෛත්‍රීපාල සිරිසේන කියන්නේ බොහෝම ඉවසිලිවන්තව කටයුතු කරන පුද්ගලයෙක්. මෙතුමට හුගක් අකටයුතුකම් සිදුඋනා මේ රජයෙන්. ඒ සෑම අවශ්ථාවකදිම මෙතුමා ඉවසිලිවන්තව, බුද්ධිමත්ව ක්‍රියාකල බව අප දන්නවා. ඔබතුමාගේ ජය නියතයි. (නදී)

:       0       0

සබීතා Sunday, 14 December 2014 02:42 AM

කණගාටුයි. ඔබතුමා කියන දේවල් වල කිසි සම්බන්ධයක් නැහැ. මහජනයා ඔබතුමා කෙරෙහි පටන්ගන්නකොට තැබූ විශ්වාසය අද වනවිට දියවෙලා. (නි)

:       0       0

අජිත් Sunday, 14 December 2014 02:51 AM

ඉතාලියේ රෝමයේ සිට මිලානෝ දක්වා කිලෝ මීටරයක දුර ප්‍රමානයක් අධිවේගී මාර්ගයක් තැනීමට යන වියදම ලංකාවේ කටුනායක සිට කොළඹ දක්වා කිලෝමිටර් 28 ක් සඳහා වැය වෙනවා. මේක නම් පුදුම සංවර්දනයක්. සංවර්ධනය උනේ කව්ද කියන එකයි ප්‍රශ්නය. මේ නය ගෙවන්නේ දුප්පත් අපි නේද ? (නදී)

:       0       0

අසංක Sunday, 14 December 2014 02:55 AM

විෂය භාර ඇමති මෙන්ම පක්ෂයේ මහා ලේකම් වූ ඔබතුමාට ඒ අනුමත කළ මුදල් ලබා ගැනීමට ශක්තියක් නොතිබුණේ ඇයි? එහෙම නම් ඔබතුමාට රටක නායකයෙකු වීමට හැකිද? අනේ අපේ රටේ දේශපාලනය (නදී)

:       0       0

ලංකා Sunday, 14 December 2014 02:55 AM

ඇයි ඔබ තුමාට ඉරිසියද? (නදී)

:       0       0

කුරුවිට Sunday, 14 December 2014 03:09 AM

කෙලින් කතා කරන්න බැරි මොකද (නදී)

:       0       0

නාරද Sunday, 14 December 2014 03:11 AM

ඉන්ධන මිල, කිරිපිටි මිල ,ගෑස් මිල 50%ටත් වඩා අඩුවී තිබෙනවා. එම වාසියෙන් පරිභෝගිකයාට ලැබී ඇත්තේ සොස්ච්චමක්. විශේෂයෙන්ම කිරිපිටි ගෑස් ගෙන්වනු ලබන්නේ බහු ජාතික සමාගම්. එම සමාගම් වලටද මේ මිල අඩුවීමේ සම්පුර්ණ වාසිය ලැබෙන්නේ නෑ. රුපියල් කෝටි ප්‍රකෝටි ගාණක ධනස්කන්ධය යන්නේ එක්තරා තැනකට. එම පුද්ගලයන්ට මේ අතිවිශාල ධනයෙන් මුළු ලංකාවම උනත් මුදලට ගැනීමේ හැකියාව තියෙනවා. එස් මහින්ද හිමියෝ කියල තියෙනවා ඇස්ගෙඩි වලට හෙන ගහලද සිහලුනේ කියල මටත් කීමට ඇත්තේ එ්කමයි. (නදී)

:       0       0

සුසුම් Sunday, 14 December 2014 03:39 AM

ඔක්ක‍ෝම එකයි. පොඩි පොඩි වෙනස්කම් විතරයි.(නදී)

:       0       0

ගයාන් අබේසිංහ Sunday, 14 December 2014 03:43 AM

මුන්නැහෙ කියන කතා අපිට නම් තේරෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඉන්නකන් වගකීම මගහැරපු මොහු දැන් මේ කියන්නේ මොනවාද.? සන්ධානයේ හිටපු පාටලී සන්ධානය තුළම සටන් කළා. වීරවංස සටන් කළා. (බ)

:       0       0

අමන්දා Sunday, 14 December 2014 03:58 AM

සියලු අදහස් විරුද්ධ අදහස්. කට්ටිය ජයටම වැඩ පටන් අරන් වගේ.අවශ්‍ය නැති මැතිවරණ නම් කරලා ,හිතපු නැති පොදු අපේක්ෂකයෙක් අාවහම මිනිස්සුන්ගේ සල්ලි වලින් ,රජයේ සම්පත් යොදා ගෙන මර්දනය .(බ)

:       0       0

ඉෂාන් Sunday, 14 December 2014 04:04 AM

ගොඩක් අය බොරු කොමෙන්ට්ස් දාල වගේ කියවනකොට පෙන්නේ..(බ)

:       0       0

සෙනරත් Sunday, 14 December 2014 04:14 AM

ඔබතුමාට එක අමාත්‍යාංශයක් කරගන්න බැරුව කොහොමද රටක් පාලනය කරන්නේ ? රටේ මිනිස්සු අමාරුවේ දමන්නේ නැතුව තව අත්දැකීම් එකතුකරගෙන මේ තනතුරට සුදුස්සෙක් විදියට පසුව ඉදිරිපත් වෙන්න. ඔබ වටා සිටින අයව පාලනය කිරීම ඔබට කල නොහැක. එබැවින් දිනුවත් මේ රට ව්‍යසනයකට පත්වීම වැලැක්විය නොහැක. (නදී)

:       0       0

කමල් Sunday, 14 December 2014 04:21 AM

ඔබ හරි තව කොච්චර ඉන්නවද ආණ්ඩුවේ වැරදි දැක දැක කටවහගෙන ඉන්න (නදී)

:       0       0

චන්දන Sunday, 14 December 2014 04:26 AM

මඩ ගහන්න ගිහින් නාගන්න එපා. මම හිතුවේ හොඳ සටනක් දේවි කියලා. යුවරජ කෙරෙහි සතුටක් නැහැ. (නදී)

:       0       0

තිවංක Sunday, 14 December 2014 04:31 AM

මට පේන්නේ සමහරු වෙන කතා හදාගන්න බලනවා වගේ. කරන දෙයක තේරුමක් දන්නේ නැතුව මේ වගේ දේශපාලන වැදගත් සංවාද ගොඩනගා ගත හැකි ස්ථානයක වල්පල් කතා කරනවා වගේ. අනුන්ගේ ප්‍රකාශ කියව කියව එයාලගෙන් විස්තර අහන්න ඕනේ නම් එයාලට කතා කරලා තමන්ගේ ප්‍රශ්නේ විසඳ ගන්නේ නැතුව විෂයට අදාළව තමන්ගේ අදහස් එකතු කිරීමයි වැදගත්. ඒ නැතුව 18, 20 කෙල්ලෝ කොල්ලෝ වගේ ලව් කතා මෙතන කරන එක තමන්ගේ වයසටත් ගැලපෙන්නේ නැහැ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 14 December 2014 04:35 AM

බන්දුල පෙරේරා දිගට හරහට විවිද නම් වලින් අදහස් දාල. ඇත්තටම කකුල් අත පය හොදට තියෙනවා නම් රැකියාවක් කරලා හම්බ කරන කන්නකෝ. (නදී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 14 December 2014 04:35 AM

බන්දුල පෙරේරාගේ රැකියාව මොකක්ද දන්නවද? (නදී)

:       0       0

ඉසිරී Sunday, 14 December 2014 04:37 AM

සබීතා, ඔයා කියන විදියේ දියවීමක් අපට පේන්නේ නෑ. තවත් මිනිස්සු මෛත්‍රී මැති තුමාගේ සහයට එනව කියල පේන්න තියෙනවා. (නදී)

:       0       0

ඩිලාන් Sunday, 14 December 2014 04:43 AM

9 වෙනිදට අපේ යුව රජු ඔබයි (නදී)

:       0       0

කමණී Sunday, 14 December 2014 04:51 AM

ඔබ තුමා පටන්ගත්තේ නහි වේරේන වේරානි කිසලා ජනතාවට අලුත් බලාපොරෝත්තු දීලා. ජතපතිව විදුලි පුටුවට යවන්නේ නැහැ කියලා. ජනපතිට හා මැති ඇමතිලාට ඔබ තුමා ගේ ආණ්ඩුවට ආරාධනා කලා. මෛත්‍රී පාලනයක් ඇති කරන බවට ජනතාව තුල වීශාල බලාපොරෝ්තුවක් ඇති කලා. ඒත් දැන් ඔබ තුමා කියනවා 8 වෙනිදාට කටුනායක වහලා ඔක්කොම අත් අඩංගුවට ගන්නවා කියලා. මේක නීනීය අතට ගෑනීමක් නේද? වෛරීය චෙිතනාවක් නේද? ඔබ තුමා ගැන තැබු විශ්වාශය සම්පුර්ණයෙන්ම පලදු කලා. ඔබට නුවණ පහල වෙිවා. මෛර්‍ත්‍ර චෙිතනා ජනිත වෙිවා. ඔබ තුමාට බුදු සරණයි. (නදී)

:       0       0

කුමාරි Sunday, 14 December 2014 04:55 AM

මහින්ද රජයේ රජු,යුව රජු කවුද කියල පැහැදිලියි. ඔබ තුමා බලා පොරොත්තු වෙන රජයේ රජු,රැජිනි,යුව රජු ගැනත් අපිට තේරෙන්නේ නැහැ (නදී)

:       0       0

සේන Sunday, 14 December 2014 04:56 AM

95% අදහස් තියෙන්නේ සිරිසේන මහතාට විරුද්දව, ඒ කියන්නේ මේ සැරේ මහින්ද මහත්තයා 90% ක් ඡන්ද ගනියිද? (නදී)

:       0       0

ශිරන්ති Sunday, 14 December 2014 05:19 AM

වටෙන් වටෙන් යන්නේ නැතුව කෙලින්ම කියන්නකෝ එයාගේ නම. (ර)

:       0       0

ගයනි Sunday, 14 December 2014 01:21 PM

මෙතන පසුගිය දවස් වල කුලියට ලියපු අය දැන් පෝස්ටර් අලවන්න ගිහින්ද? මායිම් ගම්මානයෙන් ආපු පරිගණක විශාරද නෝනා එහෙම දැන් පේන්න නැහැ. (නදී)

:       0       0

හර්ෂ Sunday, 14 December 2014 06:06 AM

2010 සිට ඔබතුමා රජය හැර යන තෙක් වසර 4ක් ගතවී ඇත. 2010 දී උන ගැටලුව 2010 දීම විසදා ගත්තේ නැත්තේ ඇයි? ඔබ තුමා කෙරෙහි මහජන විශ්වාසය දියවෙන ආකාරයේ කතා කියලා ඔබතුමාට පක්ෂපාතී ජනතාව අපහසු තාවයට පත්කරන්න එපා. (නදී)

:       0       0

අමල් Sunday, 14 December 2014 06:11 AM

මේ කොමෙන්ට් දාන මෙහෙයුම කෙරෙන්නේ එකම තැනකින් බව පේනවා. ලංකාදීප වහාම අයිපී ලිපින පරික්ෂා කරන්න. (නදී)

:       0       0

අසිත් Sunday, 14 December 2014 06:13 AM

සිරිසේන මහතා ඔබව අපට විස්වාසයි. (නදී)

:       0       0

බටගල Monday, 15 December 2014 03:07 AM

බන්දුල මහත්තයෝ, එදා පොන්සේකා තරඟයට ආ වෙලාවේ අපිත් ඒක අනුමත කළේවත් ඡන්ද දුන්නේවත් නැහැ. දැන් තියෙන්නේ අලුත් තත්වයක්. ඒක හංගන්න දැන් බැහැ. යුවරජතුමා කවුද කියලා කවුරුත් දන්නවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 14 December 2014 01:44 PM

බන්දුල පෙරේරා ඔහොම අදහස් දන්නේ නැහැ රුවන්ත මහත්තයෝ,,එසැණ පුවත් වල මාධ්‍ය නිදහස අනුව ඕන කෙනෙකුට ඕන කෙනෙක්ගේ නමින් අදහස් දාන්න පුළුවන්..මට එ්කට විරුද්ධ වෙන්න බැහැ. කොහොම උනත් මේ අදහස් වල හැටියට මේ ලෝකල් මෝදිව කට්ටිය නියමාකාරයෙන් හදුනාගෙන තියෙන බව නම් පැහැදිලියි ..පොන්සේකා මහත්තයට මුළු රටේම යම් ගෞරවයක් ආදරයක් තිබියදී ඔහු අද පත්වෙලා ඉන්න තත්වය බැලුවම එහෙම පදනමක් නැති ප්‍රසාදයක් ගෞරවයක් නැති ඔබ තුමාට 9න් පස්සේ අත්වෙන ඉරණම ගැන හිතුවම ගොඩක් දුකයි මෛත්‍රී මහත්තයෝ..අඩුම ගානේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නෙමෙයි ආසනයවත් දිනලා පෙන්නන්න..(බ)

:       0       0

මෝරා Sunday, 14 December 2014 06:17 AM

මේකට දැන් කට්ටියක් එකතුවෙලා ඉන්නවා මෛත්‍රීට විරුද්ධව ප්‍රතිචාර දාන. එයාලා ගැන අවධානයෙන් ඉන්න. සංවිධානාත්මකව මේ වැඩේ කරන්න කට්ටියක් ඉන්නවා (නදී)

:       0       0

ඇඩ්රියන් ද මෙල් Sunday, 14 December 2014 01:48 PM

ඒ වුනාට ලාල් එතුමා මෑතක ඉඳල කතාකරන්නේ අාවේගයෙන් . ඒක එතුමාට අවාසියක්. එතුමා දේශපාලනයේ කෘතහස්තයෙක් වුනත් මේ අවස්ථාවේදී ප්‍රතිවාදියාගෙන් යමක් ඉගෙන ගත යුතුව ඇත. (බ)

:       0       0

එඩ්වර්ඩ් Sunday, 14 December 2014 06:20 AM

ඔබතුමාලට අයිති සුදු අරළිය හෝටලය තියෙන්නේ පරාක්‍රම සමුද්‍රයේ වැව් තාවුල්ලේ. එය වැව පිරෙනවිට යටවෙනවා. මෙතෙක් කාලයක්ම කල්තබාම සොරොව් ඇරියේ එය බේරගැනීමටයි. (නදී)

:       0       0

සමීර Sunday, 14 December 2014 03:08 PM

අද ඉඳල එක තැනකින් පොදු අපේක්ෂකයාට විරුද්ධව අදහස් එයි. ඒවා අව්‍යාජ ඒවා නෙවෙයි. (බ)

:       0       0

කරුණාජීව Monday, 15 December 2014 03:53 AM

ඒරියන් ද මෙල්, තත්ත්වය ඔබට තේරුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 113 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 596 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 651 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 259 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 722 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2009 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38637 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site