IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මහින්ද විද්‍යාලයීය ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු මධ්‍යස්ථානය හෙට විවෘත වෙයි

ගාල්ල මහින්ද විදුහල් ගෘහස්ථ ක‍්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය ලබන බ‍්‍රහස්පතින්දා (25) පෙරවරු 8.30ට මහින්ද විද්‍යාලයීය කී‍්‍රඩාංගනයේ දී විවෘත කෙරේ. ආදි මහින්ද කි‍්‍රිකට් පදනමේ සභාපති හා සිංගර් සමාගමේ අලෙවි අධ්‍යක්‍ෂ කුමාර් සමරසිංහ මහතා ප‍්‍රමුඛ එම පදනමේ සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් මෙම ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු මධ්‍යස්ථානය ඉදි කෙරුණි. ඒ සඳහා රුපියල් මිලියන හයකට ආසන්න මුදලක් වැය කර තිබේ. මෙම ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා මහින්ද විදුහලේ දෙස් විදෙස් ආදි සිසුන් හා ආදි ශිෂ්‍ය සංගම් ද අනුග‍්‍රහය ලබා දී ඇති අතර එය දකුණු පළාතේ පාසලක ඉදි කෙරුණු පළමු ගෘහස්ථ කි‍්‍රකට්  පුහුණු ශාලාවද වේ. මේජර් ජී.ඩබ්ලිව්.එස්. ද සිල්වා අනුස්මරණ ක‍්‍රිකට් පුහුණු මධ්‍යස්ථානය ලෙස එය නම් කර ඇති අතර එම මහත්මිය වූ ලිලියන් ද සිල්වා මහත්මිය විසින් මෙම මධ්‍යස්ථානය විවෘත කරනු ලැබීමට නියමිතය. මේජර් සිල්වා වසර 18 ක් මහින්ද ගුරු මණ්ඩලයේ සේවය කළ අතර වසර 10 ක් විද්‍යාලයේ ක‍්‍රිකට් පුහුණුකරු ලෙස ද ක‍්‍රියා කළේය. මේජර් සිල්වා මහතාගේ පුහුණු වීම ලද මහින්ද විදුහලේ ක‍්‍රිකට් තරු රැසක් ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ ක‍්‍රීඩකයන් බවට පත්වූ අතර ඇතමෙක් ක‍්‍රිකට් ලෝක වාර්තා ද පිහිටුවීමට සමත් වූවෝ වෙති. නැසී ගිය ඞී.එල්.එස්. ද සිල්වාට අමතරව අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, උපුල් චන්දන, ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා නායකත්වය දැරූ මාවන් අතපත්තු ද ඒ අතර වෙති. ආදි මහින්ද ක‍්‍රිකට් පදනමේ සභාපති කුමාර් සමරසිංහ මහතා -ලංකාදීප”යට පැවසුවේ මහින්ද ක‍්‍රීඩකයන්ට හා දකුණු පළාතේ දක්‍ෂතා ඇති සෙසු ක‍්‍රීඩකයන්ටත් මෙහි දී සේවය ලබා ගත හැකි බවයි. මෙම කි‍්‍රකට් පුහුණු මධ්‍යස්ථානයේදී විදුලි ආලෝකාධාර මැද ක‍්‍රීඩා කිරීමේ අත්දැකීම් පවා කී‍්‍රඩකයන්ට ලබාගත හැකි අතර පැයට කිලෝමීටර් 160 ක් තරම් වන වේග පන්දුවලට මුහුණ දීමේ ලොව නවීනතම යන්ත‍්‍ර පවා එහි සවි කර තිබේ.



අදහස් (0)

මහින්ද විද්‍යාලයීය ගෘහස්ථ කි‍්‍රකට් පුහුණු මධ්‍යස්ථානය හෙට විවෘත වෙයි

කුරේ නාවලගේ Thursday, 25 October 2012 07:35 PM

අර පැරදුණ හතර මතක් වෙද්දී ඕවා කොච්චර හැදුවත් වැඩක් නැහැ. (නි)

:       0       0

සරසි Wednesday, 24 October 2012 03:44 PM

ගොඩක් හොද වැඩක් (ස)

:       0       0

සිල්වා Wednesday, 24 October 2012 11:04 AM

පෙනුමෙන්නම් හොඳයි වගේ ,ඇතුල කොහොමද දන්නේ නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 685 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1357 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 297 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1248 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 447 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1141 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39634 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site