IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


"මහින්ද විදුලි පුටුවෙන් බේරගත්තේ මමයි"

මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වුවහොත් තමාව විදුලි පුටුවට ගෙන යාමට උත්සහයක් ඇතැයි කියමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනතාව මුලා කිරීමක් සිදු කළ බවත් නමුත් තමා බලයට පත් වූ නිසා මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරා ගැනීමට හැකි වූ බවත් මෛත්‍රීපාල සිරිසේන ජනපති  අද (13) පොළොන්නරුව වැලිකන්දේ පැවති පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහනේ උත්සවයකට සහභාගී වෙමින් පැවසීය.

ජනපති වැඩි දුරටත් ප්‍රකාශ කළේ  යුද්ධ නතර කිරීමේන් පසු සිදු වූයේ  බොම්බ පිපිරීම්, අවි ආයුධ ප්‍රශ්න හා කපා කොටා ගැනීම අවසන් වීම පමණක් බවත් යුද්ධය ඇතිවීමට විසඳුම් නොලැබුණු බවයි. මේ රජය යුද්ධය ඇතිවීමට විසඳුම් ලබා දී නැවත යුද්ධයක් ඇතිවීම වැලැක්වීමට විසඳුම් ලබා දෙන බව ද කීවේය.

එසේම මෙම රජය පසුගිය රජය මෙන් තෝරා බේරා ගත් ප්‍රදේශ පමණක් සංවර්ධනය නොකරන බවත් මුළු රටටම සමබර සංවර්ධනයක් ලබා දෙන බවත් ජනපති කියා සිටියේය.



අදහස් (0)

"මහින්ද විදුලි පුටුවෙන් බේරගත්තේ මමයි"

චතූ Monday, 15 February 2016 09:01 AM

අනේ අපේ මහින්ද මහත්තය බේරා ගත්තට ඔබ තුමාට පින් (බ)

:       0       0

බමුණු ආරච්චි Saturday, 13 February 2016 03:29 PM

මොනවද මේ කතා? මුළු රටම සහ ජාතියම ත්‍රස්තයින්ගෙන් බේරාගත්තේ මහින්ද. අපි අද ඊයේ ඉපදුනා කියලා හිතන්න එපා. (නි)

:       0       0

බමුණු ආරච්චි Saturday, 13 February 2016 03:38 PM

මුළු රටටම සමබර සංවර්ධනයක් ලබාදෙන එක කරලාම පෙන්වන්නකෝ. (නි)

:       0       0

සමන් Sunday, 14 February 2016 05:10 AM

ඉතින් කෝ ඔය කියන සංවර්දනේ? තිබිච්ච ටිකත් පරිහානියට පත් වෙන හැටි තමා පෙනෙන්න තියෙන්නේ. (ර)

:       0       0

බමුණු ආරච්චි Saturday, 13 February 2016 03:34 PM

යුද්ධය ඇතිවුණේ රටින් කෑල්ලක් ඉල්ලලා. ඉතින් කෑල්ල දුන්නහම යුද්ධය නවතින නිසා එය දෙන්නද හදන්නේ? එහෙනම් අපිට යුද්ධය හොඳයි. (නි)

:       0       0

සෙනරත් Saturday, 13 February 2016 03:39 PM

කෙනෙක් විදුලි පුටුවට යවනවට වඩා, යම් විදියකින් රට, ජාතිය සහ ආගම අනාථ වී ගියහොත් එය ලොකු පාපකර්මයක් වියහැකියි (නි)

:       0       0

රිතූ Sunday, 14 February 2016 06:41 AM

පෙරලුන පිට හොඳයි කියනවා... (ර)

:       0       0

ශානක Sunday, 14 February 2016 07:55 AM

අපොයි ඔව් මෙයා තමා බේරාගතේ. (ර)

:       0       0

අසංග Saturday, 13 February 2016 09:16 AM

රට පවාලදීල මොනවා කලත් වැඩක් නැහැ (ම)

:       0       0

රොහාන් Saturday, 13 February 2016 09:24 AM

ඔබල සන්හිදියාවට මුවාවෙලා කරන දේවල් වලින් වෙන්නේ මහා විනාසයක් දකුණේ (ම)

:       0       0

සංජු Saturday, 13 February 2016 09:21 AM

අනේ මන්ද මේවට උත්තර දීලත් බෑ නොදීත් බෑ. මූනට හම්බවුනොත් හොද උත්තරයක් දෙන්නම්. (ර)

:       0       0

අමා Saturday, 13 February 2016 09:34 AM

ඇත්තම කියනවනම කියනවනම් ජනාදිපතිට ස්තුතිකරන්න ඕනෑ විදුලි පුටුව මහින්දගෙන් බේරගත්තට. (ර)

:       0       0

සලිත ප්‍රේසාද් Sunday, 14 February 2016 08:27 AM

මොකටද මගෙ කට. ෆේස්බුක් එකේ කොමෙන්ට් ටික බලන්න. (ර)

:       0       0

අමා Saturday, 13 February 2016 05:11 PM

තෝරන්න බේරන්න දෙයක් නෑ කොහෙවත් සංවර්ධනයක් නැති නිසා. (ම)

:       0       0

කුමාර Saturday, 13 February 2016 09:41 AM

සමබර සංවර්ධනේ කොහෙද දැන් නැ...තියෙන්නේ (බ)

:       0       0

යාපා Saturday, 13 February 2016 10:03 AM

ඔබතුමා සැබෑ දක්ෂයෙක් (නි)

:       0       0

රන්ජිත් Saturday, 13 February 2016 10:04 AM

කතා නතර කරන්න කාලය ඇවිල්ලා. වැදගත් වැඩ ටික කරන එකයි (නි)

:       0       0

කරීම් Saturday, 13 February 2016 05:58 PM

මේ රට මහින්දට විතරක් හිමි රටක් කියලද හිතන්නේ. දැන් තියෙන්නේ නව යුගයක්. එය වට්ටන්න බැහැ. (නි)

:       0       0

සුමනසිරි Saturday, 13 February 2016 10:14 AM

කරුණාකරලා පළාත් පාලන ඡන්දෙ තියලා නිදහස් පක්ෂයේ බලය තියෙන්නේ කාටද බලන්න (නි)

:       0       0

චමින්ද Sunday, 14 February 2016 11:01 PM

කෝ ඉතින් අපිට සංවර්ධනයක් පෙනෙන්න නැහැනේ (නි)

:       0       0

අතුල Saturday, 13 February 2016 10:15 AM

මොනාව කියන්නද කියලා හිතාගන්න බැහැ (නි)

:       0       0

මහින්ද සෞදි Sunday, 14 February 2016 10:05 AM

අහසින් ගිය ඉබ්බාට උනුදේ තමයි මේවට කතා කලොත් අපිටත් වෙන්නේ. (ර)

:       0       0

යෝනක Saturday, 13 February 2016 09:08 PM

අනේ මෙහෙමත් කතා! අපිට නම් ඇතිවෙලා (නි)

:       0       0

දිමුතු Saturday, 13 February 2016 10:39 AM

ඔබතුමා දසත මෛත්‍රීය පතුරන සැබෑ ජන නායකයෙක්. මහින්ද මහත්තයාට මම මගේ ඡන්දය දුන්නත් ඔබගේ කරුණාබර පරිපාලනය ඉහළින් අගය කරනවා. ඒ වගේම මහින්ද මහතා බේරාදීම පිළිබඳව අපගේ ස්තුතිය පළකරනවා. නමුත් අපි කවදාවත් මහින්ද මහත්තයා දාලා යන්නේ නැහැ. අපි ඔහු සමඟයි. (නි)

:       0       0

රොෂාන් Saturday, 13 February 2016 10:45 AM

මහින්ද මහත්තයා ගැන අපි හිතන්නේ ජාතියේ පිනට පහළවුණ කෙනෙක් කියලයි (නි)

:       0       0

ශේශාන් Saturday, 13 February 2016 10:50 AM

එදා ඔබතුමා නිදහස් පක්ෂයෙන් නැතුව ඡන්දය ඉල්ලීම ගැන නිදහස් පාක්ෂිකයන් වශයෙන් අපි ගොඩාක් දුක්වුණා. නමුත් අද ඔබතුමා අපේ මහින්ද මහත්තයාගේ ජීවිතය බේරලා ලොකු පිනක් කරගත්තා. ඔබ අපේ නිදහස් පක්ෂයේ සැබෑ නායකයායි. (නි)

:       0       0

ඇසළ Sunday, 14 February 2016 10:26 AM

දන්නේ නැද්ද මන්දා දැන් එකේ විදුලිය නැහැ කියාලා. (ර)

:       0       0

අරුණසිරි Saturday, 13 February 2016 11:01 AM

මහින්ද මහතාව බේරාගැනීම ගැන ඔබතුමාට පින්. (නි)

:       0       0

නෙලුම් Saturday, 13 February 2016 11:04 AM

මහින්ද මහතා විදුලි පුටුවෙන් ගළවා ගැනීම සැබෑ රාජතාන්ත්‍රික නායකයෙකුගේ යුතුකමක්. ඔබට ස්තුතියි. මොන පක්ෂයේ වුණත් රනිල් මහතාටත් මෙහි ගෞරවයෙන් කොටසක් හිමිවිය යුතුයි. (නි)

:       0       0

සිරිමෙන් Saturday, 13 February 2016 11:05 AM

ජනපතිතුමාගේ ක්‍රියාව අගය කරනවා. (නි)

:       0       0

කළුආරච්චි Saturday, 13 February 2016 11:06 AM

සැබෑ නිදහස් පක්ෂ නායකයෙකු ලෙස ඔබ හිටපු නායකයා බේරාගැනීම අගය කරනවා. (නි)

:       0       0

ඩිලාන් Saturday, 13 February 2016 11:11 AM

ජනාධිපතිවරයෙක් විදුලි පුටුවෙන් බේරාගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. රටවල් වැඩි ප්‍රමාණයක් විරුද්ධවෙද්දී. මේ පින්කමම ඇති ඔබතුමාට මතු බුදුවන්න. (නි)

:       0       0

ගුණසේකර Saturday, 13 February 2016 11:13 AM

නියමයිනේ! (නි)

:       0       0

කුමාර Saturday, 13 February 2016 11:20 AM

අපිට තියෙන්නෙ මේ රට විතරයි මොනවා කරන්නත් (නි)

:       0       0

පොල්වත්ත Saturday, 13 February 2016 10:34 PM

දැන් කතා ඇති මහත්තයෝ (නි)

:       0       0

ටිරෝන් Saturday, 13 February 2016 11:43 AM

දැන් දෙන්නකො මේවට උත්තර? (නි)

:       0       0

සාගර Saturday, 13 February 2016 11:58 AM

ගොඩක් මහන්සිද දන්නේ නැහැ...(බ)

:       0       0

අහිංසා Saturday, 13 February 2016 12:06 PM

මුළු රටම කිව්වේ පොලොන්නරුවද? (බ)

:       0       0

රුවන් පෙරේරා Saturday, 13 February 2016 11:42 PM

ඒ කියන්නේ විදුලි පුටුවේ කතාව ඇත්ත නේද? (නි)

:       0       0

සෙනරත් Sunday, 14 February 2016 11:06 AM

එක පළාතක්වත් සංවර්ධනය නොකර හිටියත්, එතකොටත් සියලුම පළාත් වලට සම සංවර්ධනයත් තමයි තියෙන්නේ (නි)

:       0       0

අරවින්ද Sunday, 14 February 2016 11:30 AM

අනේ අපි නම් ඕවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

විකුම් Saturday, 13 February 2016 12:41 PM

බලාගෙන ගියාම මෙතුමා මොනතරම් හොඳ කෙනෙක්ද? (නි)

:       0       0

ස්ටැන්ලි Sunday, 14 February 2016 11:56 AM

දන්නා යකාට වඩා නොදන්නා යකා වඩා හොඳයි කියා සිතපු මිනිසුන්ට වෙච්ච දෙයක් (නි)

:       0       0

චතුරි Saturday, 13 February 2016 01:15 PM

දැන් මහින්දට ඕවා මතක නැහැ. එයා දඟලන්නේ නැවත බලයට එන්න. මහින්ද රටේ ජනාධිපතිකම කළේ රටට ආදරේටද? (නි)

:       0       0

දීපාල් Saturday, 13 February 2016 01:39 PM

ඔය විදුලි පුටු කතාව බොරුවක් කියලා ඔබතුමාගේ පර්ශවයෙම අය කියනවා නේද? (නි)

:       0       0

අංගොඩ ලාල් Saturday, 13 February 2016 01:33 PM

විදුලි පුටුවෙන් බේරාගත්ත එක හොඳයි. ඒකට රටේ ජනතාව ඔබතුමාට ස්තුතිවන්ත වේවි. හැබැයි ඔබතුමා විසින්ම මැතිවරණ කාලයේදී ප්‍රකාශ කළ විදියට ඔහු මේ රටේ මහජන මුදල් කාබාසිනියා කරලා තියෙනවා නම්, රාජ්‍ය මුදල් අවභාවිතයේ යොදවා තිබෙනවා නම් ඒවායින් බේරන්න එපා කියලයි අපි ඔබට කියන්නේ (නි)

:       0       0

එරංග Saturday, 13 February 2016 01:44 PM

එහෙම කළා නම් කොච්චර දෙයක්ද? (නි)

:       0       0

බන්දුල Saturday, 13 February 2016 02:12 PM

අපි ඔය කියනකම්ම ඔහොම දෙයක් දන්නෙ නැහැනේ (නි)

:       0       0

ඉන්දික Saturday, 13 February 2016 02:39 PM

අපෝ අපි මොකද නොදන්නේ ඒ ගැන? (නි)

:       0       0

දුමින්ද Saturday, 13 February 2016 02:46 PM

අනේ අපි නම් ඕවට මොකුත්ම කියන්නේ නැහැ (නි)

:       0       0

රත්න Saturday, 13 February 2016 03:10 PM

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා මහින්ද රාජපක්ෂ මහතා විදුලි පුටුවෙන් බේරාගත්තා කියන්නේ ඔබ ඔහු වරදක් කළා කියන එක පිළිගන්න නිසාද? එහෙනම් සාක්ෂි පෙන්වන්න අපිට. (නි)

:       0       0

මහින්ද සෞදි Saturday, 13 February 2016 03:29 PM

අනේද කියන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 401 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 2224 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 1629 0

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 700 1

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 609 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 707 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37708 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24856 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 728 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 258 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site