IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මහින්ද විදුහල්පති ඡන්ද වේලාව වෙනස් කරයි

ගාල්ල මහින්ද විද්‍යාලයේ තැපැල් ඡන්ද ප‍්‍රකාශ කිරීම නිසි වේලාවට ආරම්භ නොකළ බවත් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඊයේ (23) සවස සහ අද (24) විදුහලට පැමිණෙන ලෙස විදුහල්පති ගුරුවරුන්ට දැනුම් දීමෙන් ඡන්ද අයිතිය උල්ලංඝනය කළ බවත් ලංකා ගුරු  සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

ඡන්දය ප්‍රකාශ කිරීමේ වේලාව උදේ 8 සිට සවස 4.15 දක්වා නියම කැර ඇත. එහෙත් මහින්ද විදුහලේ ගුරුවරුන්ට දන්වා ඇත්තේ පස්වරු 2 – 4.15 වේලාවේ ඡන්දය දැමිය හැකි බවයි.

ස්ටාලින් මහතා පවසන්නේ තැපැල් ඡුන්දය ප‍්‍රකාශ කිරීම ස`දහා 23 හා 24 දිනයන්හි නිශ්චිත කාල සීමාවක් මැතිවරණ කොමසාරිස්වරයා විසින් ලබා දී තිබිය දී මෙලෙස එම අවස්ථාව පැහැර හැරීම බරපතල වරදක් බවයි. එවැනි තීරණ ගැනීමට කිසිදු ආයතන ප‍්‍රධානියකුට හැකියාවක් නැතැයි ද ස්ටාලින් මහතා පවසයි.

මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා මෙසේ කීවේය.

‘‘ අද අත්‍යාවශ්‍ය රාජකාරී කටයුත්තක් යෙදී තිබූ නිසා මා ඒ ගැන ගාල්ල දිස්ති‍්‍රක් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා සමග සාකච්ඡුා කළා. එතුමාගේ අවසරය ඇතිව මේ තීරණය ගත්තේ. තැපැල් ඡුන්දය ඉල්ලූම්කර තිබූ ගුරුවරුන් 48 දෙනාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා. අවසරය ඇතිව නීත්‍යනුකූලව කරනු ලැබූ දෙයක්.’’

ගාල්ල දිස්ති‍්‍රක් සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා මෙසේ කීවේය.

‘‘ මහින්ද විද්‍යාලයේ විදුහල්පතිතුමා රාජකාරී කටයුත්තක් යෙදී ඇති බව දැනුම් දුන් විට මා අපගේ ප‍්‍රධාන කාර්යාලය සමග සාකච්ඡා කර එහි තැපැල් ඡන්ද ප‍්‍රකාශකරණ අයට ඒ සඳහා නිශ්චිත වේලාවක් දැනුම් දෙන ලෙස උපදෙස් දුන්නා. එහි වරදක් නැහැ. මැතිවරණ නියෝජිතයන් ද මේ සම්බන්ධයෙන් දැනුම්වත් කැර තිබෙනවා. කිසිදු දූෂණයක් හෝ අක‍්‍රමිකතාවක් එතැන ඇත්තේ නැහැ. ඡුන්දය ඉල්ලූම් කර තිබෙන්නේ 48 දෙනෙක් පමණයි. ඔවුන්ට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අවස්ථාව දී තිබෙන්නේ නීත්‍යනුකූල ආකාරයෙන්. ’’



අදහස් (0)

මහින්ද විදුහල්පති ඡන්ද වේලාව වෙනස් කරයි

මහින්ද Tuesday, 23 December 2014 12:05 PM

කරුණු දැනගෙන කතා කරන්න ජෝසප් මහත්තයෝ. චෝදනාව ඉල්ලා අස් කරගන්න . අපේ ඉස්කෝලේ කන්න එපා. ඔයා කැමති දේශ පාලනයක් ඔයා කරන්න. බොහොම අමාරුවෙන් ඉස්කෝලේ ගොඩ ගන්න යන්නේ. පරිපාලනයේ බේද ඇතිකරන්න එපා. (නදී)

:       0       0

මනූෂ Tuesday, 23 December 2014 09:57 PM

දන්නෙ නැති නිසා අහන්නේ. ඇත්තටම මහින්ද මහත්තයෝ බොහොම අමාරුවෙන් ගොඩගන්න තරම් දෙයක් පාසලට වෙලා තියෙනවද? (නි)

:       0       0

ශාන්තලාල් Tuesday, 23 December 2014 12:23 PM

අවසර නැතිව කළ දෙයක්නේ. මම නම් මෙහි වරදක් දකින්නේ නැහැ (නදී)

:       0       0

තරිඳු ගනේගොඩ Tuesday, 23 December 2014 08:51 AM

කාළගුණේ වරදක්ද ? (නදී)

:       0       0

පබිදු Tuesday, 23 December 2014 03:08 PM

කමක් නැහැ. අවසර අරගෙනනේ... (නි)

:       0       0

කාවින්ද ගමගේ Tuesday, 23 December 2014 03:08 PM

අපේ පාසලට ඔහොම කියන්න එපා (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 23 December 2014 03:32 PM

ඕවා ඔහොම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 826 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 467 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 348 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 608 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 402 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1104 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site