IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘මහින්ද වැනි නායකයන් ප්‍රංශයත් හොයනවා‘

ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු ත්‍රස්තවාදය අවසන් කළ නායකයා දැන් උසාවි සහ කොමිසම් ගානේ රස්තියාදු කරවන බවත් පසුගිය සිකුරාදා ප්‍රංශයේ පැරිස් නුවරට එල්ල කළ අයිඑස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයද මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයකු සොයන බවත්  කොළොන්නාවේ පැවැති ජාතික නිදහස් පෙරමුණේ පාක්ෂික රැස්වීමකදී එම පක්ෂ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

‘මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය නොවැම්බර් 18 වැනිදා. ඊට පසුවදා ඔහු කොමිසමකට කැඳවා තිබෙනවා. ඒ කේක් ගෙඩියක් කපන්නද දන්නේ නෑ‘ යනුවෙන්ද විමල් වීරවංශ මහතා කීවේය.

 

වීඩියෝ - ශාන්ත සෙනෙවිරත්න



අදහස් (0)

‘මහින්ද වැනි නායකයන් ප්‍රංශයත් හොයනවා‘

ඇරශාන් Monday, 16 November 2015 07:40 AM

අනේ ශාන්, රතන හාමුදුරවො තමයි අර මිලිබැන්ඩලා, ක්ලුශ්නලව එහෙම හම්බවෙලා ජාත්‍යන්තරයෙන් එන බලපෑම් නතරකරේ? ශාන් ඉපදුනේ 2009 වගේ ද?(ස)

:       0       0

ඩී.උපුල් Tuesday, 17 November 2015 05:46 AM

ඇයි දන්නෙ නැහැ එයාව හොයන්නේ? (නි)

:       0       0

ප්‍රියංකර Monday, 16 November 2015 07:38 AM

ප්‍රන්සෙන් අනික් රටවල් වලින් යුද්දේ නවත්තන්න කියපු වෙලේ මහින්ද මහතා නැවැත්තුව නම් ෆීල්ඩ් මාර්ශල් තුමා කරයි යුද්දේ. ෆීල්ඩ් මාර්ශල් තුමා තනියෙන් කොළ නම් ප්‍රභාකරනුත් නිදහස් කරන්න කියාවි. (ස)

:       0       0

නාමල් Tuesday, 17 November 2015 06:22 AM

ශ්‍රී ලංකාවේ ජීවත්වන බොහෝ දෙනෙකුට දැන් අතීතය අමතකයි (නි)

:       0       0

කුමාර Monday, 16 November 2015 08:03 AM

තමන්ගේ තාත්ත බලුකුඩුවට දාන රටක මේවාගේ කෙලෙහි ගුණ නොදන්නා පිරිසක් ඉන්න එක අහන්න දෙයක් නෑ.අපිට කණගාටුයි.(ම)

:       0       0

ඩයස් Monday, 16 November 2015 08:03 AM

මේ වගේ අනුන්ගේ වල්පල් දොඩවන අය නෙවි දැන් අපිට ඕනේ.. රටේ ආර්ථිකය සහ සමාජය ජයගන්න පුළුවන් දැක්මක් තියෙන බුද්ධිමත් සැබෑ ජනහිතකාමීන් (ම)

:       0       0

නුවන් Monday, 16 November 2015 08:02 AM

මහින්ද විතරක් නෙවෙයි....ඒකට හොඳ හමුදාවකුත් ඉන්න ඕනෙ.....(ම)

:       0       0

සමිත් Monday, 16 November 2015 12:56 PM

දැන් ඔය මහින්ද මහත්තයට බනින හැම කෙනාම 2005 කලින් හිටියේ කොහොමද කියලා දන්නවනේ. (ර)

:       0       0

ජොන් Monday, 16 November 2015 08:16 AM

මේවාගේ හොඳ රාජ්‍ය නායකයන් ප්‍රංශයට ගන්නේ නැත. එයාලා ගැන හොඳට දන්නා නිසා (ම)

:       0       0

තිලක් Monday, 16 November 2015 08:23 AM

මේවගේ තැන් වල කමෙන්ට් දාලා තමයි මේ දේශද්‍රෝහියෝ රට විනාශ කරන්න මාන බලන්නේ. ඒක ගොඩාක් දුරට ඒ අයගේ ජොබ් එක. ආර්ථිකය කඩා වැටිලා ඩොලර් එක 200 ට ගියාම ඒගොල්ලෝ ලබන දොළ පිදේනියත් ඉහළ යනවා. අද ගොඩාක් අය, අපේ වීරයෝ කාඩ් බෝඩ් ලෑලි කරන්න හදනවා. සාමාන්‍ය මිනිසුන්ගේ අනන්ත වූ තෘෂ්ණාව මේ අයගේ ආයුධයක් බවට පත්වෙලා. මිනිසුන්ගේ සල්ලි බිලියන ගානක් හොරා ගත්තා කියලා 60 පාරක් ජප කළාම, ඉතාම කුහක භයානක වෛරයක් වෙලා, තමාව ගලවා ගත් මව්බිම බේරාගත් සහ ඔහු වටා ඉන්න අය මේ රට විනාශ කරපු පිරිසක් බවට පත්වෙනවා. (බ)

:       0       0

රත්න Tuesday, 17 November 2015 02:38 AM

තිලක් මහත්තයා, අමතකද 88-89 කාලය? ඒ වගේම 2000 වසර ආසන්න කාලය? (නි)

:       0       0

දිලුම් Monday, 16 November 2015 08:24 AM

අතුල වගේ ගුණමකුවන් අතර සිටින ඇසල වැනි මිනිසුන්ට මගේ ප්‍රණාමය. ෆොන්සේකා මහතාත් වීරයෙක් එහෙත් හමුදාවට අවශ්‍ය නායකත්වය නැත්නම් රාජ්‍ය අනුග්‍රහය නැත්නම් ඔවුන්ට වැඩක් කරන්න අවශ්‍ය පරිසරය සකස් වෙන්නෙ නෑ. ෆොන්සේකා මහතා මහින්ද මහතා ජනපති වන්නට පෙරත් හමුදාවේ සිටියා ඒත් ඔවුන්ට අවශ්‍ය කෙලින් තීරණ ගන්න නායකත්වයයි නැතිව තිබුණේ. එය ලැබුණාම හමුදාවේ දක්ෂතාවයත් එකතුවෙලා අපේ රටට සාමය උදා වුණා. අද කථා කරන යූ.ඇන්.පී ඇතුළු 1983 - 2009 දක්වා කාලයේ ආණුඩු කරපු සෑම ආණ්ඩුවකටම මහින්ද මහතා කළ දේ කරන්නට අවස්ථාව තිබුණත් ඔවුන් කළේ කොටියා හුරතල් කළ එක මිසක් උන්ට විරුද්ධ වුන එක නෙමෙයි. අද උන් මහින්ද මහතාට ඔරවා එතුමාගේ ජනප්‍රියත්වය දැක රැව්වාට වැඩක් නෑ.(බ)

:       0       0

සමන් Monday, 16 November 2015 08:36 AM

වීරවංස මහතාණනි , ඔබතුමා මුළු රටේම ජනතාවට මොන තරම් කරදරයක්ද යන එක ඔබතුමාට නොතේරෙන එක රටේම අවාසනාව.(ම)

:       0       0

පැතුම් Monday, 16 November 2015 08:37 AM

අනේ මෙයාටත් යන්න පුළුවන් .පාස්පෝර්ට් එක නම් හදාගන්න එක සුළුදෙයක්. (ම)

:       0       0

සිල්වා Monday, 16 November 2015 08:40 AM

හොඳම රාජ්‍ය නායකයා .........ප්‍රංශයට එක අවුරුද්දකට දීල බලමු ...(ම)

:       0       0

සන්යා Monday, 16 November 2015 01:34 PM

කව්රු මොන කතා කිව්වත් යුද්ධ කරනවද නැද්ද කියන එක දේශපාලන තීරණයක් .. ව්‍යවස්ථාවෙන් ඒ බලය තියෙන්නේ ජනාධිපති ට .. හමුදාපතිට නෙවෙයි .. යුද්දේ ඉවර කරන්න බැරි උනේ හිටපු නායකයෝ ගැහුවේ දවසේ මැච් .. හමුදාවට පුර්ණ බලතල දුන්නේ නැහැ කකුලෙන් ඇද්දා.. (රේ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 16 November 2015 08:46 AM

එදා වඩමාරච්චි මෙහෙයුමේදී ජනරාල් කොබ්බැකඩුව මහත්තයා ප්‍රභාකරන්ව අල්ලපු වෙලාවේ ඉන්දියාවට නොබියව මුහුණ දෙන්න මහින්ද මහත්තයා වගේ නායකයෙක් අපට එදා රටේ හිටියනම් අවුරුදු 30 වැනි කාලයක් ඒ යුද්දය ඇදීගෙන යන්නේ නැ.මෙච්චර විනාශයක් අපේ රටට වෙන්නෙත් නැ.ඉන්දියාවෙන් ඇවිල්ල පරිප්පු දැම්ම කියල එදා හිටපු නායකයෝ බයවුණා. එ්ක නිසා එදා ප්‍රබාකරන්ව නිදහස් කළා.30 අවුරුද්දට බිහිවෙච්ච හැම නායකයෙක්ම කළේ යුද්දේ වවාගෙන කාල අපේ කොල්ලන්ව බිල්ලට දීපු එක. මහින්ද මහත්තය නොහිටින්න අපි තාමත් යුද්ද කරනවා. (බ)

:       0       0

හෆීල් Monday, 16 November 2015 09:02 AM

බංකර් හදන්නද?(හේ)

:       0       0

දීමාල් Monday, 16 November 2015 09:08 AM

මේ ලෝකේ ඔහොම කියන එකම කෙනා වීරවංස පමණයි (හේ)

:       0       0

රන්දික Monday, 16 November 2015 09:17 AM

වෙන්නත් පුළුවන් එහෙම නායකයෝ දැන් ගොඩක් අඩුයිනේ.(හේ)

:       0       0

රත්න Monday, 16 November 2015 02:54 PM

එහෙමනම් අපි මහන්ද මහත්තයා ප්‍රංශයේ ජනාධිපති කරමු.(හේ)

:       0       0

නිහාල් Monday, 16 November 2015 09:17 AM

වීරවංස ඔබ කෙලින් කතා කරන කෙනෙක් ,බහුතර පිළිගනිම එය නිසයි මනාප තුන්ලක්ෂ ගානක් ගත්තේ (හේ)

:       0       0

කුමාර Monday, 16 November 2015 03:00 PM

යුද්දේ කරපු අපි දන්නවා කවුද වීරයෝ කියලා (හේ)

:       0       0

නිහාල් Monday, 16 November 2015 09:22 AM

වීරවංස වාසියට පනින කෙනෙක් නොවයි (හේ)

:       0       0

ගයාන් ලක්සිරි බණ්ඩාර Monday, 16 November 2015 09:27 AM

ශ්‍රී ලාංකිකයා යනු, දුක විදහාපාන්නෙක් මිස එය බෙදාගන්නෙක් නොවේ. වසර ගණනක් පැවති ශ්‍රී ලාංකීය යුද්ධය තුරන් කළ බවක්වත් අමතක ශ්‍රීලාංකීකයා හට දෙයක වටිනාකම පවතින්නේ එය මතකයේ රැඳෙන තාක් කල් පමණි. මතකයෙන් ගිලිහීම තුළ යලි කවරදාකවත් එය ඔවුනට ආවර්ජනයක් වන්නේ නැත. (අ)

:       0       0

බණ්ඩා Monday, 16 November 2015 09:24 AM

මේ බලාගෙන ඉන්නේ අයි එස් ත්‍රස්ටයන්ට කියල හරි මහින්දව අයෙත් රටේ නායකයා කරන්න ...ඒවා සුම්ම මල්ලි .(අ)

:       0       0

බණ්ඩා Monday, 16 November 2015 09:25 AM

කටට හක්ක පටස් එකක් දාන්න ඕන .(අ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Monday, 16 November 2015 09:29 AM

නුවන් අපේ රටේ එදා ඉදලම හොඳ ත්‍රිවිද හමුදාපතිවරු සහ ත්‍රිවිද හමුදා සෙබළුන් හිටියා යුද්ධ කරන්න ඔවුන් යුද්ධය වෙනුවෙන් අසීමිත කැපවීම් කරා නමුත් වසර 30 ක් අපේ රට පාලනය කරපු පාලකයින් රටවල් වලින් එන බලපෑම් වලට යුද්ධය නැවැත්තුවා. බලපෑම් වලට නොබියව මුහුණ දුන්න එකම නායකයා මහින්ද විතරයි. (ර)

:       0       0

ජානක Monday, 16 November 2015 09:31 AM

17 වසරක් රනිල් වික්‍රමසිංහල කරපුදෙවල් මෙයාලට අමතක හැටි (බ)

:       0       0

ප්‍රසාද් Tuesday, 17 November 2015 09:31 AM

සියලු බාධක හමුවේ සියලු වරප්‍රසාද හමුවේ සිය ප්‍රතිපත්ති පාවා නොදුන් උතුම් මිනිසා.(ම)

:       0       0

සත්‍යයා Wednesday, 18 November 2015 12:26 AM

යුද්ධය අවසන්කළේ අහවල් පුද්ගලයා කියමින් වසර ගණනාවක් තිස්සෙ අපේ අය රණ්ඩු කරගන්නවා. දෙවන ලෝක යුද්ධය අවසන්කළේ චර්චිල් කියලා එංගලන්තයේ මිනිස්සු උඩපැන්නෙ නැහැ. ඒ වෙනුවට ඔහු ගෙදර යැව්වා. අපේ රටෙත් එහෙම කළේ කෘතගුණ නොදන්නා නිසා නොවෙයි. රට මහා පරිමාණ දූෂණයෙන් බේරාගන්න. (නි)

:       0       0

සුසිල් Monday, 16 November 2015 03:36 PM

මහින්ද හොඳ නායකයෙක්. (ර)

:       0       0

අනුර Monday, 16 November 2015 10:23 AM

මහින්ද හොඳ නායකයෙක්. (ර)

:       0       0

නුවන් Monday, 16 November 2015 10:21 AM

ඔව්.... කිංග්ස්ලි ඔයා හරි. (ර)

:       0       0

තිලක් Monday, 16 November 2015 03:51 PM

ශාන්.ඔබ හරි.(හේ)

:       0       0

පාලිත Monday, 16 November 2015 06:23 AM

ඔබට ජය. මහින්ද මහතාට ඔබ සහ අපි පමනයි. (ස)

:       0       0

තිලක් Monday, 16 November 2015 03:52 PM

විමල් අයියා කියන දේවල් දැන් අහන්න කවුරුත් නෑ.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 November 2015 03:59 PM

මොනවද ඉතින් ප්‍රංශයත් අවුරුදු 3-4 යන්න කලින් ඉතියෝපියාවක්,සොමලියාවක්,සුවසිලන්තයක්,උගධාවක්,කෙන්නියාවක් කරලම තමයි පස්ස බලන්නේ.අපි නොදන්නා මහින්ද?(රේ)

:       0       0

උද්ධික Monday, 16 November 2015 10:39 AM

අපේ මිනිස්සු කොහොමත් ඉක්මනින් අතීතය අමතක කරනවා.(හේ)

:       0       0

රංජන සිල්වා Monday, 16 November 2015 06:37 AM

අපිට බැරිද මහින්ද සහ විමල් දෙන්නම සදහටම ප්‍රංශයට දෙන්න ? ලොකු දෙයක් ලංකාවට. (ස)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 November 2015 04:27 PM

මහින්ද ප්‍රංශයයට ගියා කියන්නේ අපේ රටටනම් කරන ලොකුම උපකාරයක්. එ්ත් ප්‍රංශයයට/ජනතාවට නම්.. (බ)

:       0       0

ස්මිත් Monday, 16 November 2015 06:41 AM

සීත නාන කාමර වල ඉඳන් යුද්ද කරන්න ඔබ තුමා, ගම්මන්පිල, වාසු, දිනේෂ්, බන්දුල වගේ අයත් හොයනවාලු. පාස්පෝර්ට් එකක් හදා ගන්න. යන්න පුළුවන්. (ස)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 November 2015 04:30 PM

ප්‍රංශයේ අසරණ මිනිසුන්ට වේලක් හැර වේලක්වත් කාල හරි දෙවියනේ කියල ජිවත් වෙන්න ඉඩ දීපල්ලා. (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 November 2015 04:32 PM

රටක් "නැති බංගස්ථාන" කරන්න ඕනෙනම් ඒක කරන්න. මොනවද අවුරුදු 2-3 ක් යනකොට ඒ රටේ මිනිසුන්ට කන්න අදින්න නැතිව දරුවන් සමගම ගගට මුහුදට පැනල ජිවිතේ විනාශ කර ගන්න හිතේවි..(බ)

:       0       0

අතුකෝරල Monday, 16 November 2015 06:43 AM

මෙයාට පිස්සුද? (ස)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 November 2015 04:31 PM

පසුගිය අවරුදු 5-7 තුලදී අපි විදපු දුක තවත් රටක ජනතාවට දෙනවට මම නම් තරයේ විරුද්ධයි.(රේ)

:       0       0

අතුල Monday, 16 November 2015 06:40 AM

අනේ යන්න. මුළු රටම විකුණලා යටිමඩි ගහපු අය. සරත් ෆොන්සේකා නොහිටින්න මහින්ද කරාවි යුද්ද. මොන කයිවාරු ගැහුවත් ඔහු තම යුද්දයේ සැබෑ විරුවා. එහෙමනම් මහින්ද හොරකම් ගැන මොකද කියන්නේ? රට ගොඩ ගන්න බැරි තරමට විකුනපු සල්ලි අද කොහෙද තියෙන්නේ? මේවටත් දෙන්න උත්තර. (ස)

:       0       0

චමල් Monday, 16 November 2015 06:40 AM

මෝඩ කතා කියන්න එපා. අයිඑස් ත්‍රස්තවාදය සහ එල්ටීටීඊ කියන්නේ වෙනස් යුද්ද දෙකක්. මේ වගේ ගැලරි කතා කියල පාලිතල වගේ කට්ටියව උත්තේජනය කරනවා වීරවංස මහත්තය. (ස)

:       0       0

තිලක්-ඩුබායි Monday, 16 November 2015 04:40 PM

නීතියක් රීතියක් කියල දෙයක් තිබෙන රටකනම් කරලා තිබෙන දුෂණ වංචා වලට මේ වෙනකොට ඉන්න වෙන්නේ කොමිෂන් ගානේ නෙමෙයි, ජීවිතාන්තය දක්වා මහගෙදරයි.(රේ)

:       0       0

ඉසුරන්දි Monday, 16 November 2015 06:48 AM

මහින්ද මහතා ගැන නැතුව මෙතුමාට කතාකරන්න වෙන මාතෘකාවක් ඇත්තෙම නැද්ද? (බ)

:       0       0

පරාක්‍රම Monday, 16 November 2015 11:04 AM

මහින්ද වැනි නායකයින් ප්‍රංශය හොයනවා කියලා හිතමුකෝ. හරි, එතුමන්ව භාර ගන්නවා කියලත් හිතමුකෝ. නමුත් එතුමන්ගේ ඇඟේ එල්ලිලාම එගොඩ වෙන්න බලා ඉන්න කූඩැල්ලන් , මැක්කන් එහෙම භාර ගන්නේ නැහැ නේ. (බ)

:       0       0

ටෙහාන් Monday, 16 November 2015 06:47 AM

මහින්ද වගේ කොන්ද කෙලින් තියාගෙන ත්‍රස්තවාදය නැති කරන්න වෙන කිසිවෙක් ලොවේ නැත. (බ)

:       0       0

තිලක් Monday, 16 November 2015 07:05 AM

ජනවාරි 8 වැනිදා, අප ලක් පොලොවේ මේ තාක් සිදුවූ ඛේදනීයම ඉරණම අප විසින්ම උදා කරගත්තා. තම වාසිය, පරම්පරාගත දේශපාලනය, පුද්ගලික කෝන්තර, අන්තර්ජාතික අත පෙවීම සහ ඩොලර් වල වටිනාකම තම දෙමාපියන්ටත් එහා වටින මවුබිම මේ සියල්ලන්ටම වඩා යටවුණා. සල්ලිවලට යට වුන පෑන සහ ඇමරිකාවේ මුහුණු පොත අපගේ අවුරුදු තිහක කාලකන්ණි කාලය සුරංගනා කතාවක් බවට පත්කළා. පැරිසියට ආවේ එක දවසයි. අපිට ඒවගේ දවස් 10,950 ක් උදා වුණා (බ)

:       0       0

ඇසළ Monday, 16 November 2015 07:05 AM

අතුල ෆොන්සේකා අවුරුදු 30 ක් යුද්දෙට ඉස්සෙලා හිටියේ කොහෙද හමුදාවේද ළදරු පාසලේද. මහින්ද නියෝග දෙනකම් හිටියද යුද්දේ ඉවර කරන්න. ඕව කිවුව නම් හොදයි මෝඩයින්ට. කාපු පිගාන අනිත් පැත්ත හරවල පහරපු එකේ ප්‍රතිපල තමයි එයා අද ලබන්නේ. (බ)

:       0       0

ඉමේෂ් Monday, 16 November 2015 07:09 AM

පන්චායුද කුමාරයෝත් හොයනවලු. හැබැයි විසා දෙන්න බැරි ප්‍රශ්නයක් නිසා යන්න විදිහක් නැහැ ලු. (බ)

:       0       0

රොහාන් දයාදර Monday, 16 November 2015 07:08 AM

ත්‍රස්තවාදය කෙසේ වෙතත් මහින්ද ප්‍රංශයේ හිටිය නම් ඇතුළේ ,,(ම)

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 November 2015 07:14 AM

මහින්ද රාජපක්ෂ නමැති ශ්‍රේෂ්ට රාජ්‍ය නායකයාව විනාශ කර රටට මේ තත්වය උදාකර දුන්නේ විමල් වීරවංශ නමැති ව්‍යාජ නමින් පෙනී සිටින පනික්කිරාළ මහතා වැනි දැලිපිහි අතින් ගෙන ක්‍රීඩා කරන රිලවුන්ගේ ගති ලක්ෂණ ඇති මිනිසුන්ය.(ම)

:       0       0

කුමා Monday, 16 November 2015 07:14 AM

කොන්ද කෙලින් තියාගෙන රටට වැඩක් කර නායකයෙක් .(ම)

:       0       0

ලංකා Monday, 16 November 2015 07:15 AM

මහින්ද මහත්තයා අද උසාවි ගානේ කොමිසන් ගානේ යන්නේ එතුමා යුද්දේ ඉවරකළ එකට නෙමේ අනේ. එතුමා අපේ රටේ මහා ජනතාවගේ මුදල් හුරන් කාපු එකට අද උසාවි ගානේ කොමිසන් ගානේ යන්නේ. එතුමා යුද්දේ ඉවර කළා කියල මහජනතාවගේ සල්ලි මංකොල්ල කන්න ඉඩ දෙන්න බැනේ නේද? (බ)

:       0       0

මාධවී Monday, 16 November 2015 07:14 AM

අතුල වගේ හිතන පතන කට්ටියත් තාම ඉන්නවා. (බ)

:       0       0

කපිල ඩුබායි Monday, 16 November 2015 07:19 AM

කුමා, රටට වෑඩක් කරපු නිසාදෝ පවුලේ එවුන්ට නිකම් ආන්ඩුවෙ ගෙවල් දුන්නෙ? ඔයාල වගේ හරක් ඉන්නකම්, මේ වගේ අය නිවන් යනවා (බ)

:       0       0

සඳරුවන් Monday, 16 November 2015 07:16 AM

ඇසළ හරියට හරි (බ)

:       0       0

ශාන් සෞදි Monday, 16 November 2015 07:16 AM

එහෙනම් ගෝඨාබය හෝ සරත් ෆොන්සේකාව යවන්න ඒ මිනිස්සුන්ට ඕන ත්‍රස්තවාදය නැති කරන නායකයෙක් මිස අනුන් කළාම තමන් ලකුණු දාගන්න නායකයෙක් නොවේ (බ)

:       0       0

ශාන් සෞදි Monday, 16 November 2015 07:22 AM

ප්‍රංශයෙන් තව හොයනවලු එක්කෙනෙක් එ්කට විමල් යවන්න (බ)

:       0       0

සමන්ත Monday, 16 November 2015 11:52 AM

හොද නරක නොදන්නා යුතුකම් නොදන්නා කළගුණ නොසලකන විඳපු දුක් අමතක මිනිසුන්ට මහින්ද මහත්තයාගේ වටිනාකම දැන්මම තේරෙන්නේ නැහැ. (ර)

:       0       0

සෙබස්තියන් Monday, 16 November 2015 07:24 AM

අතුලට ...සරත් ෆොන්සේකා යුද්දේ ඉවර කරපු වීරයා වුනාට ..එයත් අවුරුදු 30 යේ යුද්දේ හැම දාම හිටපු කෙනෙක් විතරයි .. යුද්දේ ඉවර කරපු එකේ ගෞරවය මුළු ත්‍රිවිධ හමුදාවටම අයිතියි .. මහින්ද ආවට පස්සේ තමයි යුද්දේ ඉවර කළේ ... මහින්ද නොහිටින්න තාමත් යුද්දේ කරනවා. (බ)

:       0       0

ශාන් Monday, 16 November 2015 07:25 AM

මහින්ද නෙමෙයි යුද්දේ දිනුවේ සරත් ෆොන්සේකා ඇතුළු පිරිස. මහින්ද යුද්දේ අන අනා ඉන්නකොට රතන හාමුදුරුවෝ තමයි මුලිකත්වය ගත්තේ. මහින්ද ප්‍රංශයට ගියොත් ඒ රටටත් දෙවි පිහිටයි. (බ)

:       0       0

ඩී.උපුල් Monday, 16 November 2015 07:23 AM

උපන්දිනේට පස්සේ දවසෙත් කේක් කපනවාද, විමල්? (බ)

:       0       0

ප්‍රියාන් Monday, 16 November 2015 11:58 AM

පිට රටවලින් එන බලපෑම් වලට උත්තර දුන්නේ කවූද? යුධ්දේ අවරුදු 30 තිබ්බා. නායකයෝ කියක් හිටියද? එයාලටත් එහෙනම් යුද්ධේ ඉවර කරන්න තිබුනනේ. බලපෑම් වලට යට නොවන එකම නායකයා මහින්ද විතරයි. (ර)

:       0       0

පාලිත Monday, 16 November 2015 07:27 AM

ණයට කහිනවා. ලෝකේ කොහේ හරි දෙයක් මහින්ද මහත්තයට පටලවල උඩු බුරලනවා. ඒ මනුස්සයව කෑවේ තමුන්ලා සෙට් එක තමයි. දැන්වත් ඒ මනුස්සයට පව් නොදී ඉන්න පැත්තකට වෙලා. කට කියවන්නේ නැතුව. (ස)

:       0       0

ගෝවින්ද මුතුකුමාරන Monday, 16 November 2015 06:52 PM

මේ මිනිස්සුන්ට නම් පිස්සු බොරුවට මරාගන්නවා.ප්‍රංසය කියන්නේ පස්වෙනි බලවතුන්ගෙන් කෙනෙක් .පැරිසියේ එකදවසකට මිනිස්සු පරිබෝජනයකරන දේවල් අපේරටේ අවුරුදු 10 කටවත් පරිබෝජනය කරන්නේ නැහැ.ලෝකයේ හොදම කුලී හමුදාව ඉන්නේ ප්‍රංශයේ.ඒ මිනිස්සු සරණාගතයන්ට පිහිටවෙන්න ගිහින් තමයි මේ විනාසය උනේ.

:       0       0

රේණු Monday, 16 November 2015 07:28 AM

අතුල, යුද්ධය අවසාන වන මොහොතේ වෙච්ච දේවල් හමුදාපති කෙනෙකුගේ සීමාවෙන් එහා ගිය දෙයක්. විදේශ බලවේග වලට තනියම මුණ දුන්නේ ජනාධිපති පමණි. හමුදාපති නොවේ. (ස)

:       0       0

ප්‍රසාන් Monday, 16 November 2015 07:31 AM

ශාන් ඔබතුමා යුද්ධයට සම්බන්ධ වෙලා හිටිය කෙනෙක්ද..මම නම් වසර 19 මේ යුද්ධය වෙනුවෙන් දායක වෙලා හිටිය නිලධාරියෙක්...ඒ සිද්ද වෙච්ච දේවල් අපි ඇස් දෙකෙන් දැක්ක..කොහොම නායකත්වයක්ද අපිට ලැබුනේ කියල. නොදන්නා දේවල් මේ වගේ ප්‍රසිද්ධ මාධ්‍ය වල දාන්න එපා.අපිට පක්ෂ පාට නැහැ, (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 150 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1650 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2073 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5646 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1634 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6116 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18020 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 276 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site