IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහින්ද සාකච්ඡාව මග හරී

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට 25 වැනිදා දිනයක් ලබාදුන්නද තමන් කාර්ය බහුල නිසා ඊට සහභාගී විය නොහැකි යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇතැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද (24) පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.

ඒ සඳහා වෙනත් දිනයක් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමට තමාත් ටී.බී.ඒකනායක මන්ත්‍රීවරයාත් කටයුතු කරන බව ඔහු කීවේය.

මහින්ද රාජපක්ෂ මහතා පන්සලක උත්සවයකදී පවසා ඇත්තේ සිරිසේන මහතා තම පක්ෂයේ සභාපති බවත් තමා අනුශාසක බවත් දෙදෙනාට කථා කිරීම සඳහා අමුතු දෙයක් නැති බවත්ය.

 



අදහස් (0)

මහින්ද සාකච්ඡාව මග හරී

ප්‍රේම් Saturday, 25 April 2015 03:53 AM

ඒ ගැන එතුමා බලාගනීවි (නි)

:       0       0

රේණුකා Saturday, 25 April 2015 04:02 AM

ඇත්ත ඇති සැටියෙන් වටහා ගත නොහැකි බුද්ධිය විපරිත වුන ය නිසා ඉදිරියේදී රටට වන්නේ මහත් විනාශයක්.බව වටහා ගනු.රට ඉදිරියේ වැටී ඇති මහා භයන්කාර සෙවනැලි නොපෙනේද?ඇස් ඇර බුද්ධිමත්ව සිතා බලනු.ගුණමකු කම් නොකරනු.අපගේ රට බේරා ගත නායකයා මෙතුමා බව (මහින්ද මහතා) බව සිතනු. (බ)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 09:46 AM

අනේ තිස්සගේ ටිකිරි මොළේ! විවේක ගන්න කෙනෙකුට වුණත් කලින් යොදාගත්තු වැදගත් වැඩ තියෙන්න බැරිද ? (බ)

:       0       0

රංචාගොඩ Friday, 24 April 2015 09:51 AM

එතුමා කියල තියෙන්නේ පසුවට කල් දාමු කියලනේ! (බ)

:       0       0

පියල් Friday, 24 April 2015 09:52 AM

ජනපතිට විවේකය තියෙනවා, රෙස්ට් කරන කෙනාට විවේකය නැහැ. (බ)

:       0       0

සුමුදු Friday, 24 April 2015 09:56 AM

කොන්ද පණ තියෙන නොතියෙන අය දැන ගන්න මේ ලිපිය ඕනේ නෑ වසන්ත. විදේශීය බලවේග හමුවේ කකුල් වෙව්ලන්නේ කාගේද සුළුදිය පහ වෙන්නේ කාටද කියලත් එහෙම නොවෙන්නේ කාටද කියලත් මේ රටේ සිහි බුද්ධියෙන් ඇහැ කණ ඇරගෙන ජීවත් වෙන හැමෝම දන්නවා. විදේශ බලවේග වල නොදැරිය හැකි පීඩනය හමුවේ තමුන් අන්ත අසරණ වෙලා ඉන්නා බව ශ්‍රීලනිප පක්ෂයේ පික්පොකට් නායකයා මේ මෑතකදී කියල තිබුණා මතක ද? (ස)

:       0       0

මහනාම - කඳාන Friday, 24 April 2015 04:21 PM

මේක නම් අනුමත කරන්න බැ, මොකද මොන වැඩ තිබුනත් මුලික දෙයට මුල් තැන දෙන්න ඕනේ , අනෙක දෙදෙනාම තම තමන්ගේ පෞද්ගලික් න්‍යාය පත්‍ර අමතක කරලා රට වෙනුවෙන් එක්වෙලා පරණ දේවල් අමතක කරලා වැඩ කරලා මේ දිනා ගත් නිදහස් රැකගත යුතුයි . (ස)

:       0       0

කමල් Friday, 24 April 2015 04:40 PM

මහින්ද කෝමත් ගැලරියට ඉදිරිපිට විදුලි පුටු වීරයෙක් බව පේනවා. අල්ලස් කොමිසුමට බයවෙලා තියෙන්නේ අයියල මල්ලිලා කරපු දේවල් දැන් ටික ටික එලියට එනවනේ බැසිල් ඔක්කොම වමාරනකොට පෝලිමේ එන්න වේවි සියලු දුෂණ වංචා වලට වග උත්තර දෙන්න.(ස)

:       0       0

මහානාම-කඳාන Friday, 24 April 2015 04:42 PM

ජනාධිපති අවංකව හා වැදගත් ලෙස ආරාධනය කළා නම් සහ මහින්ද මහතා අකාරුනිකව ප්‍රතික්ෂේප කළා නම් එය ඉතා පහත කියාවක්. වදින්නද කියන්නේ? (ස)

:       0       0

චාන් Friday, 24 April 2015 10:22 AM

අනේ සුමුදු ඔයා ඊයේ රෑ ජනාදිපති ගේ කතාව ඇහුවේ නැද්ද? දැන් අපේ රට විදේශ ප්‍රතිපත්තිය කොච්චර හොඳද කියල. ඉස්සර අපි චීන කොලනියක්. දැන් ලෝකයම පිලිගන්නවා. (ර)

:       0       0

චන්න බුවනක Friday, 24 April 2015 10:33 AM

කතාව හදා ගන්නත් වෙලාව එපැයි. (ර)

:       0       0

අබේ ටෝකියෝ Friday, 24 April 2015 05:04 PM

අනුර යන්නේ කොහෙද මල්ලේ පොල් (ස)

:       0       0

ප්‍රකාශ් Friday, 24 April 2015 10:33 AM

මහින්ද මහත්මා කියන්නේ රටට ආදරය ඇති හොඳ කොන්දක් තියෙන රට බේරා ගත එකම නායකයාය. එතුමා ඕනෑම දේශීය ,විදේශීය බලවේගයකට එරෙහිව රට සහ ජනතාව ආරක්ෂා කල හැකි එකම නායකයාය. (ර)

:       0       0

ටෙනිසන් Friday, 24 April 2015 10:34 AM

චාන්, ජනපති තුමා මීට දින කිහිපයකට පෙර කී කතාවේ හා ඊයේ කියපු කථවෙයි විසාල පරතරයක් තිබෙනවා. (ර)

:       0       0

වසන්ත Friday, 24 April 2015 10:37 AM

දැන් ලෝකයම පිලිගන්නවා....අපි ඊළම ‍දෙන්න හදන්නෙ කියලා (ස)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 05:24 PM

නිවට ද්‍රෝහියෙක් එක්කලා හිටපු ජනපති වැනි උදාර නායකයෙකුට මොන කතාද? මොකෝ එතුමා කිව්වත් මේගොල්ලෝ විදේශ රටවල් එක්ක ගහපු හොර ගිවිසුම් අතහැරලා රටට හිතවත් ව වැඩ කරන්න ගනීවිය? (ස)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 05:24 PM

යහපාලන නඩේට ලෝකේ කියන්නේ ඔය ගරා වැටෙන බටහිර රටවලුයි ලෝකෙම හිනස්සන හඳටත් යන බඩ ගිහිනුත් මැරෙන මෝඩ උද්දච්ච ඉන්දියාවයි විතරයි. හැබැයි ඇත්තම කතාව නම් දැන් ඇමරිකාවත් චීනෙන් ණයට කන බවත් සෙසු බටහිර රටවල් පවා වැඩෙන ආර්ථිකයක් සහිත චීනය වැනි රටවල් වලින් තමන්ගේ ගරා වැටෙන ආර්ථික වලට මුක්කු ලබාගැනීමට උත්සාහ කරන බවත් ය. හැරත් අපේ රට කොලනියක් කර ගැනීමේ සිහිනය 1947 සිටම දකින ඉන්දියාවට නිවට වෙන යහපාලක විදේශ ප්‍රතිපත්තියකට වඩා එබඳු සිහින නොමැති චීනය සමග හිතමිතුරු බව අපේ රටට ආශීර්වාදයකි (ස)

:       0       0

ප්‍රා Friday, 24 April 2015 10:39 AM

නූතන බෘෘටස්ලා ජුදාස්ලා එක්ක මොන කතා ද ?

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 05:25 PM

චාන් ගේ ලෝකය සීමා වෙලා තියෙන්න බටහිර රටවලටයි ඉන්දියාවටයි විතරයි වගේ. හර්ෂලාල්ගෙයි (2015-04-24 12:22:04) ජෝහාන්ගෙයි (2015-04-24 11:42:07) උත්තරත් බලන්නකෝ (ස)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 05:27 PM

ජොහාන්ගේ කතාව සහතික ඇත්තයි. බටහිරට ගැති වීම නිසා අපේ රටේ අභිමානයත් ස්වෛරීභාවයත් අපට අහිමි වෙයි.වහල් භාවයට පත් වෙයි. එයින් ඔබ්බෙහි ඇති වින්නැහිය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැත. (ස)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 05:29 PM

හර්ෂලාල්ගේ කතාවට මාත් එකඟයි. මේ වන විට ඇමරිකාව ද චීනයෙන් ණයට කයි. හඳටත් යන බඩ ගිහිල්ලත් මැරෙන මිනිස්සු ඉන්නා වැසිකිළිත් නැති ඉන්දියාවේ වැසිකිළියක් වීමට වඩා චීන කොලනියක් වීම අප රටට දාහෙන් සම්පතකි. හැරත් හිටපු ජනපති තුමා තම රට බාල්දු නොකර වෙනත් රටවල් සමග මිතුරුකම් වැඩීමට දන්නා නායකයෙක් වන බැවින් එතුමා බලයේ සිටියදී අපට කිසිවකුගේ හෝ කොලනියක් වීමට සිදු වන්නේ ද නැත. (ස)

:       0       0

සමන්ත Friday, 24 April 2015 10:50 AM

ඒ අයට එපා නම් අපට මොකටද. (ස)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 05:31 PM

අනුර නොදන්නවා වුණාට මෙතන තියෙන්නේ තමන්ට වරදානයක් සේ අල්ලස් කොමසරිස්කම ලබා දුන් අයගේ මනදොළ පුරවනු පිණිස අල්ලස් කොමසාරිස් තමන්ගේ බලතල ඉක්මවා කටයුතු කිරීමක්. හිටපු ජනපතිතුමා ඇයගේ නියෝගයට අවනත නොවිය යුත්තේත් අල්ලස් කොමිසමට නොපැමිණිය යුත්තේත් එබැවිනි. මෙය බිය පිලිබඳ ප්‍රශ්නයක් නොවන බවත් බියගුල්ලෙකුට කොටි පැරදවීමට හෝ බටහිරයන්ට කොන්ද නොනමා සිටීමට හෝ නොහැකි බවත් දන්නෝ දනිති. (ස)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 05:35 PM

අනුර, ගැමුණු රජතුමාගෙන් පස්සේ අපේ රට එසේසත් කළ වීරයා ගැලරියේ විදුලි පුටු වීරයෙක් වගේ ඔයාට පෙනෙනවා නම් ඉතින් ඔයාට අර අහවලා සැබෑම වීරයෙක් වගේ පෙනෙනවා ඇති නේද? විනාශ කාලේන විපරීත බුද්ධි කිව්වලු. (නි)

:       0       0

ඉන්දික Friday, 24 April 2015 10:59 AM

චාන්, ලෝකේ පිළිගත්තා නායකයෙක් වෙන්න එච්චර අමාරු නැහැ. ඕන දුර්වල ජනාධිපතිකෙනෙකුට උනත මේ විදියට ලෝකේ (ඇමරිකාවයි යුරෝපෙයි) පිළිගත්තා නායකයෙක් වෙන්න පුළුවන්. මහින්දට උනත් ඇමරිකාව කියන විදියට ඉන්නම් කිව්වනම් ලෝකෙම පිළිගනී. (ර)

:       0       0

රිතික් Friday, 24 April 2015 05:44 PM

මේ අනුර, මහින්ද හැංගි හැංගි කළ එක වැඩක් කියනවා බලන්න. කට තිබුනට ඔහොම කතා කියන්න එපා. (නි)

:       0       0

රිතික් Friday, 24 April 2015 05:46 PM

අනුර, අනේ ඔහේගේ මොළේ! (නි)

:       0       0

අනුර Friday, 24 April 2015 05:52 PM

සුමුදු හේවා, අද මහින්දම පිළිගන්වා ඔහු වැරදි කළ බව. ඒ වගේම රටේ නීතිය ගරුකරන පුද්ගයෙක් නම් අල්ලස් කොමිසුමට පිළිතුරක් ලබා දෙන්න ඕනෑ. (නි)

:       0       0

පද්මිණී Friday, 24 April 2015 11:01 AM

දැන් ඉතින් මල්ලිලා බලන්න යන්න වෙලා. විවේකයක් කෝ.? ර (ර)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 11:02 AM

ප්‍රා ට නම් කාරණේ තේරෙනවා. මෙහෙම කට්ටියත් එක්ක හිටපු ජනපතිතුමන්ට මොන කතාද? නේද? අනික මොන යටි උගුලක්ද කවුද දන්නේ? (ර)

:       0       0

ජොහාන් Friday, 24 April 2015 11:42 AM

ලෝක පිළිගැනීම යනු එකකි. නිවට කම යනු තව එකකි. බටහිර ගැතිවීම තුලින් අප රටට ලැබෙන දෙයට වඩා නොලැබෙන දෙය වැඩි යැයි මගේ මතයයි. (අ)

:       0       0

ෂෙල්ටන් Friday, 24 April 2015 11:59 AM

කෑමට තියෙන්නේ ආප්ප කිව්වලු. වෙලාව හදල දීලා තියෙන්නේ සුමනදාස. (ස)

:       0       0

හර්ෂලාල් Friday, 24 April 2015 12:22 PM

චීන කොලනිය හොඳයි ඉන්දියන් වැසිකිලියක් වෙනවට වඩා (අ)

:       0       0

ජනහිත Friday, 24 April 2015 10:41 PM

අනුර, මහින්ද හැංගි හැංගි කුමන්ත්‍රණ වැඩ කළා කියලා ඔයා කියන්නේ කොහොමද? හැංගි හැංගි කරපු එක වැඩක් කියන්න අපිටත් දැනගන්න.එතකොට අපිට පුළුවන් අවශ්‍ය දේ කරන්න. කවුරුත් කියන්නන් වාලේ මුසාවාද කියන්න එපා. (නි)

:       0       0

අනුර Friday, 24 April 2015 12:57 PM

මහින්ද හැංගි හැංගි කුමන්ත්‍රණ වැඩ කරාට කෙලින්ම කතා කරොත් වැඩ වරදිනවා මොකද එයා දානවා සංවර්ධන මුවාවෙන් කරපු ප්‍රෝඩාව දුෂණය වංචාව අල්ලස් කොමිසමට යන්න බය මහින්ද කොහොමද ජනාධිපති තුමත් එක්ක කෙලින් කතා කරන්නේ ඒ වුණාට ගැලරිය විදුලිපුටු වීරයෙක් බව පේනවා.(අ)

:       0       0

රේණුකා Friday, 24 April 2015 01:18 PM

මේ අනුර කියන්නේ කවුද (අ)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 01:28 PM

ප්‍රා, ඒක තමයි අනේ දේශප්‍රේමී උදාර නායකයෙකුට මොන කතාද? (අ)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 01:45 PM

චාන් ගේ ලෝකය සීමා වෙලා තියෙන්න බටහිර රටවලටයි ඉන්දියාවටයි විතරයි වගේ. හර්ෂලාල්ගෙයි (2015-04-24 12:22:04) ජෝහාන්ගෙයි (2015-04-24 11:42:07) උත්තරත් බලන්නකෝ (බ)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 01:50 PM

සමහරවිට අර යුඑන්පියේ තරුණ සංවිධානයේ ඉන්නා තරුණ නැති අනුරම වෙන්න ඇති. එ්ක එහෙම වුනා නූනා අනුර කියන්නේ කවුරු වුණත් කතා කරන්නවත් වටින්නේ නැති දේශද්‍රෝහියෙක් බව නම් පැහැදිලියි. මෙහෙම කතා කියන්නේ එවැනි අයයි කියලා රටම දන්නවා. (බ)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 02:01 PM

ජොහාන්ගේ කතාව සහතික ඇත්තයි. බටහිරට ගැති වීම නිසා අපේ රටේ අභිමානයත් ස්වෛරීභාවයත් අපට අහිමි වෙයි.වහල් භාවයට පත් වෙයි. එයින් ඔබ්බෙහි ඇති වින්නැහිය ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැත. (බ)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 02:03 PM

හර්ෂලාල්ගේ කතාව සහතික ඇත්තයි. මේ වන විට ඇමරිකාව ද චීනයෙන් ණයට කයි. හඳටත් යන බඩ ගිහිල්ලත් මැරෙන මිනිස්සු ඉන්නා වැසිකිළිත් නැති ඉන්දියාවේ වැසිකිළියක් වීමට වඩා චීන කොලනියක් වීම අප රටට දාහෙන් සම්පතකි. හැරත් හිටපු ජනපති තුමා තම රට බාල්දු නොකර වෙනත් රටවල් සමග මිතුරුකම් වැඩීමට දන්නා නායකයෙක් වන බැවින් එතුමා බලයේ සිටියදී අපට කිසිවකුගේ හෝ කොලනියක් වීමට සිදු වන්නේ ද නැත. (බ)

:       0       0

වසන්ත Friday, 24 April 2015 08:27 AM

කොන්ද පන තියෙන සහ නොතියෙන අය කව්ද කියා මේ ලිපියෙන් පැහැදිලි වෙනවා (බ)

:       0       0

ඉසුරු Friday, 24 April 2015 02:20 PM

ඒක එතුමාගේ තීරණයනේ. මොකද කට්ටිය කලබලවෙලා (නි)

:       0       0

සුමුදු හේවා Friday, 24 April 2015 02:25 PM

ප්‍රකාශ්ගේ කටේ මසුරං දාන්න ඕනෑ. ඔන්න මමත් ඇලපිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකරම කියන්නම් "මහින්ද මහත්මා කියන්නේ රටට ආදරය ඇති හොඳ කොන්දක් තිබෙන රට බේරාගත් එකම නායකයා කියලා. එතුමා ඕනෑම දේශීය ,විදේශීය බලවේගයකට එරෙහිව රට සහ ජනතාව ආරක්ෂා කළ හැකි එකම නායකයාය." (නි)

:       0       0

බුවනෙක Friday, 24 April 2015 02:27 PM

එතුමා කවදත් කරන්නේ හරි දේ (නි)

:       0       0

රෝහිත් Friday, 24 April 2015 02:32 PM

මේ අනුර, මහින්ද හැංගි හැංගි කරපු එක වැඩක් කියනවා බලන්න. (නි)

:       0       0

රිතික් Friday, 24 April 2015 02:39 PM

අනුර, ඔහේ හිතාගෙන ඉන්නේ මහින්ද මහත්තයාට කෙළින් කතාකරන්න බැහැ කියලද? (නි)

:       0       0

තරංග Friday, 24 April 2015 02:45 PM

සමහරු හිතන්න ඇති මහින්ද මහත්තයා බයවෙලා ඇති කියලා (නි)

:       0       0

තිස්ස Friday, 24 April 2015 09:03 AM

අනේ ඔබතුමා විවේක ගන්නවා කියල එකපාරක කියනවා තවපාරකට අවිවේකි කියනවා . ඇත්ත මොකක්ද? (ස)

:       0       0

ලියොන් Friday, 24 April 2015 09:14 AM

මැතිවරණය ප්‍රකාශයට පත් වෙනකම් ඉන්නකෝ. එතකොට ඇත්ත බලාගන්න පුළුවනි. (ස)

:       0       0

ලාල් Sunday, 26 April 2015 03:59 PM

අනුර හරි.මහින්දට කෙලින් කථාකරන්න බැහැ තමයි.මැතිවරන කාලේදි මෛත්‍රිපාල මැතිතුමා අභියෝග කළා මහින්දට ප්‍රසිද්ධ වේදිකාවක කථාකරන්න.මහින්ද මගහැරියා.මේ මගහැරිය දෙවන අවස්ථාව.ඔන්න සමහරුන් හදුන්වන ගැමුණු රජතුමාගෙන් පස්සේ අපේ රට එසේසත් කළ වීරයාගේ වැඩ.හිනහත් යනවා මේවට.ගැමුණු රජතුමාටත් කළ අපහාසයක් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2494 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 431 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1728 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5076 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3409 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3757 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site