IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මහින්ද සන්ධාන අගමැති අපේක්ෂක?

එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් පාලන ආයතන නියෝජිතයෝ අද (18) පස්වරුවේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරිපත් කිරීම සඳහා යෝජනා තුනක් සම්මත කළහ.

කඩිනමින් පළාත් පාලන මැතිවරණය පවැත්වීම, ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් එම ධූරවලින් ඉල්ලා අස්වීම, හා අගමැතිට විශ්වාසභංගයක් සම්මත කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පත් කිරීම එම යෝජනා තුනයි.

ඉදිරි මැතිවරණයේදී සන්ධාන අගමැති අපේක්ෂක ලෙස මහින්ද රාජපක්ෂ මහතා නම්කරන ලෙසත් යෝජනා කෙරේ.

web web3



අදහස් (0)

මහින්ද සන්ධාන අගමැති අපේක්ෂක?

කමල් Monday, 18 May 2015 09:15 PM

ජයවේවා! අපිත් කැමතියි (නි)

:       0       0

නලීන් Monday, 18 May 2015 09:39 PM

මේ ගොල්ලන්ට දැන් පාඩු ඇති. හිතටත් හරිම අමාරු ඇති. අපි දන්නවනේ ප්‍රාදේශීය දේශපාලුවෝ කරන දේවල්. (නි)

:       0       0

කැනඩා දිසා Monday, 18 May 2015 10:01 PM

අවුරුදු ගාණක් ජනතාවගේ මුදල් මංකොල්ලකාලා දැන් සමහරු පිස්සුවෙන් වගේ කෑ ගහනවා (නි)

:       0       0

නන්දලාල් Monday, 18 May 2015 11:15 PM

රට කොතරම් පහතට අැදවැටිලාද කියා මෙයට අදහස් දක්වන කාටවත් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

පීරිස් Tuesday, 19 May 2015 06:01 PM

ඔබ කළ නරකම දෙය අවුරුදු 30 තිබුණු කුරිරු යුද්ධය නිමකිරීමයි. රටට සාමය ගෙනා එකයි. අපේ සිංහල වර්ගයාටම සියල්ල දැන් මතකයක් නැත (නි)

:       0       0

චන්දන - ඕස්ට්‍රේලියා Tuesday, 19 May 2015 12:37 AM

මෙයාලා මේ මෙච්චර දඟලන්නේ මෙයාලට මහජනතාවට සේවය කරන්න නැතිවුණා කියලද? නැත. (නි)

:       0       0

සමන්මලී Tuesday, 19 May 2015 09:19 AM

මේ රටේ අද තත්වය ගැන හරි හැටි අවබෝධයක් නෑ එ්ක නිසා මහින්ද මහත්තයට අගෞරව කරන්න එපා එතුමා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ එක දැන දැනම ඉඹින්න බැරි අත හපාකනවා වගේ වැඩක් තමයි අද හුග දෙනෙක් කරන්නේ, අගමැති නෙවෙයි එතුමා දිවි තියනතුරු මේ රටේ නායකයා වුනාට කමක් නැ ...හොරු හොරු කියල කිව්වට ඔය අදහස් දක්වන කාටවත් පුලුවන්ද එ්ක ඔප්පු කරන්න . කරුණාකරලා තමන්ගේ හිතට එකගව කතා කරන්න (බ)

:       0       0

ප්‍රසන්න Monday, 18 May 2015 12:30 PM

කොමසාරිස්ගේ පාලනයට ගියාම ඔයාලගේ ඔක්කොම වරප්‍රසාද නැතිවෙනවනේ එකට ගොඩක් අකමැති වගේ.... (බ)

:       0       0

විජයබාහු Monday, 18 May 2015 12:39 PM

බහුතරයක් නැති එකේ 9 දෙනෙක්ගෙන් ගොඩයන්න පුළුවන්නේ නේද (කේ)

:       0       0

නිතෙශ් Monday, 18 May 2015 01:14 PM

මොනවා උනත් දැන් රට යන විදිය කලින්ට වඩා හොදයි. පුද්ගලික වාසි නැති එක තමා හැමෝටම තියෙන අවුල.(කේ)

:       0       0

හේවා කු‌මාර Monday, 18 May 2015 01:17 PM

රටට ආදරයටද මේ ? (කේ)

:       0       0

සරත් උඩුගම Monday, 18 May 2015 01:21 PM

බැරි උනාම බළලුන් ලව්වා කොස් ඇට බාවනවා , (කේ)

:       0       0

රුවන් Tuesday, 19 May 2015 02:48 AM

අජිත් කළු ආරච්චි බලා ඉන්න ඔබට සුදුසු තැන ලැබෙනතුරු. රාජපක්ෂ පවුලෙන්ද ඔයා සාධාරණයක් ඉල්ලන්නේ? ඔබතුමා උගත් නම් , බුද්ධිමත් නම් , දක්ෂ නම් මෙච්චර කලක් නිරුපද්‍රිතව හිටි එක ගැන සතුටු වෙන්න. (නි)

:       0       0

ලාල් Monday, 18 May 2015 01:24 PM

ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමෙනි,ඔබතුමාගේ තින්දු තීරණ ලක්ෂ 62ක ජනතාවගේ කැමැත්ත හා රටේ අභිවෘධිය පිනිස වියයුතුයි. (කේ)

:       0       0

ක්‍රිෂාන්ත තුරුවිල Monday, 18 May 2015 01:26 PM

දැම්මම කට්ටිය බයවෙලා කියල පේනවා ....(කේ)

:       0       0

චමල් Monday, 18 May 2015 01:27 PM

ප්‍රසන්න හරි. මේගොල්ලන්ගේ ගැහිලි නවතිනවනේ (කේ)

:       0       0

ඉම්රාන් Monday, 18 May 2015 01:26 PM

ජනවාරි 8 වේ‍නිදා ජනතාව ප්‍රතික්ෂේප කලේ මදිද MR එතුමාව නැතිකරේ ඔය මැති ඇමතිවරු තමා ආයිත් ඔය ලනු කන්නැතුව විෂ්රාම ගියොත් ඔදයි නැත්තන් දිවිනසාගන්ඩ තමා වෙන්නේ (කේ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 19 May 2015 10:56 AM

සමහර ප්‍රතිචාර පලකරන අය ගුණ මකුවෝ බව අමුතුවෙන් කිව යුතු නැත.සමහරු ලොස් ඇන්ජලිස් ,කැනඩා යන රටවල් දාල ලියන්නේ තමන්ගේ තියෙන මන්ද බුද්ධික කම නිසාය. ඒ අය මහින්ද මහත්මා කල විශිෂ්ඨ කාර්ය භාරය ගැන කිසිවක් නොදන්නා ගානට තමයි ඉන්නේ. (ස)

:       0       0

විපුල Tuesday, 19 May 2015 03:11 AM

මහින්ද විශ්‍රාම ගතයුතුයි කියන්නේ මහින්දට බය නිසා. බඩුමිල අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන්නේ ප්‍රතිගාමී ස්වරූපයක්. 12% උගස් පොළී අනුපාතය 18% වැඩිකරලා. වේදිකා වල කියපුවා දැන් බොරු වෙලා. (නි)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 03:26 AM

යහපාලනය-නිලධාරිවාදය -ප්‍රජාතන්ත්‍රවාදය (නි)

:       0       0

දයාරත්න රත්නායක Monday, 18 May 2015 02:12 PM

බුද්ධිමත් ජනතාවගේ චන්ද මොවුන් කිසිවෙකුට ලබෙන්නේ නෑ.මොවුන් ජනතාව හෝ රට ගැන නොවේ සිතන්නේ මොවුන්ගේ පෑවත්මයි.(කේ)

:       0       0

මහි Monday, 18 May 2015 02:25 PM

රට කොතරම් පහතට අැදවැටිලද කියල මෙයට අදහස් දක්වන කාටවත් තේරෙන්නේ නැහැ ජනදිපතිවරණයෙන් පසුව.(කේ)

:       0       0

සත්‍යයා Tuesday, 19 May 2015 03:49 AM

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමනි! පරාජිතයෙකුගේ දුෂ්ට චේතනාවලින් නොමග යැවු ඒ වගේම තම බඩ ගොස්තරය රැකගන්න දේශපාලනයට ආ පින්ගුත්තරයන් අතලොස්සක් කරන මේ නරි නාටක වලින් නොසැලී ඉන්ද්‍ර ඛීලයක් සේ නොසැලී සිටින්න. රට රැකගන්න ගත් ඔබගේ අයෝමය අධිෂ්ඨානය ඉදිරියේ මේ නිවටයින් සියලු දෙනා හිරු දුටු කදෝ පැනියන් ලෙස පලා යනු ඇත. ජනතාව ඔබ සමගයි. අවස්ථාවාදියෝ හොරු සමගයි. (බ)

:       0       0

සමන් Monday, 18 May 2015 02:38 PM

මේ අය කියන කියන දේ ක‍රන්න ජනතිපති තුමා ලෑස්ති නැහැ. එතුමා මුළු රටේම නායකයා. (කේ)

:       0       0

කින් බෙනට් Monday, 18 May 2015 02:42 PM

පුළුවන් ජනතාවට කරන්න තියෙන ලොකුම උදවුව තමයි ඔය පළාත් සබා ක්‍රමය අහෝසි කරන එක ..(කේ)

:       0       0

ධනුෂ්ක Tuesday, 19 May 2015 03:56 AM

මෙතන අදහස් දක්වන හැමෝම ඔය අයටම අපේ තාත්තා, බාප්පා, නැන්දා, මාමා, අයියා, අක්කා, මිත්‍රයා කියලා ඡන්දේ දීලා දැන් බොරුවට කියවනවා. ඔය කවුරුත් ඡන්දේ ලබා දීමේදී උගතා, වැදගතා කියලා හොයලා බලලා ඡන්දේ දෙන්නේ නෑ. වෙන ලෝකෙකින් පාත්වෙලා ආව අය වගේ අදහස් දානවා. බොරුව නැතුව, වැදගත් නායකයින්ට අපහාස කරන්නේ නැතුව තම තමන්ගේ යුතුකම හරියට කළානම් හොඳයි නේද? (බ)

:       0       0

කළණ Monday, 18 May 2015 03:08 PM

දවල් හීන දකිනවා (නි)

:       0       0

ජගත් Monday, 18 May 2015 03:17 PM

ක්‍රිෂාන්ත තුරුවිල,බය නොවී කොහොමද?මතකනේ ඔයාලගේ ලොක්කගේ කාලෙදි පරිප්පු ඇටේ ඉඳන් හැමදේටම බදුගහලා අපිට දීපු පරිප්පුව. (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Monday, 18 May 2015 03:26 PM

බහුතරය මහින්දට ආදරේට කරන අය නොවෙයි. ලබන පරාජයට බය නිසයි මෙහෙම කරන්නේ. (නි)

:       0       0

පියල් රත්නපුර Monday, 18 May 2015 03:46 PM

ඇයි මහින්දට දෙයියනේ කියලා දැන් විශ්‍රාම යන්න බැරි? තවත් දේශපාලනයට එන්නේ මොකටද? (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 19 May 2015 04:52 AM

තවමත් කරන්නේ හෙන්චයියාන් ටිකක් නටව නටවා මම මෙහෙ ඉන්නවා කියන්න හදන එක. අනේ ඇත්තට මැරෙන දවසටත් ඔය පට්ටම් ගෙනියන්න පුළුවන් කියල සමහරුන් හිතාගෙන ඉන්න හැටි. (බ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 18 May 2015 03:54 PM

පියන් කෙනෙක් බලන්නේ ඉහළ නිලයකට යන්නයි. ඉතින් මේ බලන්නකෝ මේ සමහරු ඉහළ තනතුරක ඉඳලා පියන් කෙනෙකුගේ තත්වයට වැටීගෙන කරන්න හදන වැඩේ .... (නි)

:       0       0

චරිත Tuesday, 19 May 2015 04:56 AM

රට කාපු හොරු ටික සහ අපරාධකාරයන් රෑන දඬුවමින් ගලවා ගන්න දරන මහන්සියක්. ! (බ)

:       0       0

පියුමි Monday, 18 May 2015 04:12 PM

එහෙම වෙනවා නම් අපිත් උපරිම සහයෝගය දෙනවා (නි)

:       0       0

කසුන් ප්‍රියංකර Monday, 25 May 2015 08:13 AM

ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමනි,ඔබතුමාගේ තීන්දු තීරණ පිළිගන්න පිරිසිදූ ලාංකීය ලක්ෂ 58 ක ජනතාවගේ කැමැත්ත හා රටේ අභිවෘද්ධිය පිණිස හා සාමය සංහිඳියාව අගයන ජනතාවක් ඔඩ සමඟ බවත් ඉදිරියේදී එය ලක්ෂ 65 දක්වා ඉහළ යන බවත් කාට කාටත් දැනේවි (නදී)

:       0       0

කසුන් ප්‍රියංකර Monday, 25 May 2015 08:12 AM

මේ රටේ අද තත්වය ගැන හරි හැටි අවබෝධයක් නෑ. එ්ක නිසා මහින්ද මහත්තයට අගෞරව කරන්න එපා එතුමා නිසයි අපි අද නිදහසේ හුස්ම ගන්නේ එ්ක දැන දැනම ඉඹින්න බැරි අත හපාකනවා වගේ වැඩක් තමයි අද හුග දෙනෙක් කරන්නේ. අගමැති නෙවෙයි එතුමා දිවි තියනතුරු මේ රටේ නායකයා වුනාට කමක් නැහැ. හොරු හොරු කියල කිව්වට ඔය අදහස් දක්වන කාටවත් පුලුවන්ද එ්ක ඔප්පු කරන්න. කරුණාකරලා තමන්ගේ හිතට එකඟව කතා කරන්න (නදී)

:       0       0

කසුන් ප්‍රියංකර Monday, 25 May 2015 08:15 AM

මහින්ද විශ්‍රාම ගත යුතුයි කියන්නේ මහින්දට බය නිසා. බඩු මිල අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන්නේ ප්‍රතිගාමී ස්වරූපයක්. 12% උගස් පොළී අනුපාතය 18% වැඩිකරලා. වේදිකා වල කියපුවා දැන් බොරු වෙලා.(නදී)

:       0       0

සහන් Monday, 18 May 2015 04:40 PM

රටේ සල්ලි කාගේවත් බූදලයක් නොවෙයි‍, මේ රටේ අසරණ ජනතාවගේ සල්ලි. (නි)

:       0       0

දුමින්ද Tuesday, 19 May 2015 05:26 AM

රටකට ගිය කලක් -නැත පෙනෙන සංවර්ධනයක් (බ)

:       0       0

නීල් Monday, 18 May 2015 04:44 PM

සමහරුන්ගේ බලයට තිබෙන කෑදරකම හොඳින්ම පේනවා. (නි)

:       0       0

කපිල Monday, 18 May 2015 04:55 PM

කාටද පුළුවන් වුණේ වෙල්ලමුල්ලිවෛක්කාල් වල සිදුවුණ කොටි නැඟිටීම නවත්තන්න? (නි)

:       0       0

ෆෙර්ණන්දෝ Tuesday, 19 May 2015 05:46 AM

එක පාරක් පැරදිලා නැවතත් බලයට එන්න දඟලන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව.පේනවා නේද බල තණ්හාව ඇති වුණාම මිනිසුන්ගේ ආත්මයත් පාවා දෙනවා. (නි)

:       0       0

චාමර Monday, 18 May 2015 05:11 PM

කිසිම රැකියාවක් නොදන්නා සමහරුන්ට හොඳම තැන දේශපාලනය (නි)

:       0       0

දේශප්‍රිය Monday, 18 May 2015 05:14 PM

කොන්ක්‍රීට් පාරවල් හදලා, ඒකෙ සිමෙන්ති කොට්ටෙනුත් ගසාකාලා සමහරු එනවා දැන් ඉල්ලීම් දිනාගන්න. (නි)

:       0       0

අත්තනායක Wednesday, 20 May 2015 07:23 PM

අපිට ඕනෑ මහින්ද (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Monday, 18 May 2015 05:19 PM

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමණි, මෙරටේ ජනතාවගේ ඔබතුමන්ට ඇති ගරුත්වය කිසිවතුගේ ගිණුමකට බැරකළ නොහැක. ශ්‍රි.ල.නි.ප. නැමති මධ්‍යම දේශපාලන කඳවුර කිසිවකුගේ බූදලයක් නොවන බව සදහන් කළයුතුය. එහෙත් වර්තමානයේ උගතුන්ට, වියතුන්ට, බුද්ධිමතුන්ට, දක්ෂයන්ට තවමත් වැටකඩොලු බැඳ ඇති ශ්‍රි.ල.නි.ප.යේ සැබෑම සමාජ නියමුවන්ට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජ සේවකයන් වන්නට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අවස්ථාවක් ලබාදෙන්න. මමද එවන් අසාධාරණයට ලක් වූ කෙනෙක්. (නි)

:       0       0

පීරිස් Monday, 18 May 2015 05:34 PM

ගරු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමනි,ඔබතුමාගේ තීන්දු තීරණ පිළිගන්න පිරිසිදූ ලාංකීය ලක්ෂ 58 ක ජනතාවගේ කැමැත්ත හා රටේ අභිවෘද්ධිය පිණිස හා සාමය සංහිඳියාව අගයන ජනතාවක් ඔඩ සමඟ බවත් ඉදිරියේදී එය ලක්ෂ 65 දක්වා ඉහළ යන බවත් කාට කාටත් දැනේවි (නි)

:       0       0

කමල් Monday, 18 May 2015 05:39 PM

අගමැති අපේක්ෂකයා වුණා කියමුකෝ. ඒත් අර ඡන්ද කොටසක් නිසා පැරදුනා කිව්වා නේද? එතකොට ඒ ඡන්ද එපාද? (නි)

:       0       0

පෙරේරා Tuesday, 19 May 2015 06:51 AM

බලයට ඇබ්බැහි වුණාම බලය නැතුවම බැහැ. (නි)

:       0       0

සරත් Monday, 18 May 2015 06:13 PM

මේ කාටවත් අපි බැන්නා කියලා දැන් තේරුමක් නැහැ (නි)

:       0       0

අජිත් කලුආරච්චි - අ/පුර Tuesday, 19 May 2015 07:08 AM

රුවන් මහත්මයා, ඔබගේ අදහසට මාගේ ප්‍රණාමය! (නි)

:       0       0

ද සිල්වා Tuesday, 19 May 2015 07:30 AM

ජනපතිතුමනිi කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවලා මේ අය ගෙදර යවන්න. ඊට පස්සේ රට පාලනය කරන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 103 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1021 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 201 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 899 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3589 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2269 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site