IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


මහින්ද සුමනදාසගේ ගෙදර ළඟටම යයි

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති සිකුරාදා සවස ගාල්ල කච්චිවත්තේ පුරාණ විහාරයේ පැවති උත්සවයකට ගිය නමුත් ඔහුගේ රාජකීය දෛවඥයා වු සුමනදාස අබේගුණවර්ධන  හමු නොවීය.

සුමනදාස අබේගුණවර්ධනගේ ජාත්‍යන්තර ජෝතිර්වේදී මධ්‍යස්ථානය පිහිටියේ එම පන්සලට යන පාරේය.

පස් මහල් ගොඩනැගිල්ලක් වු එම මන්දිරයේ ඔහුගේ  නිවසද පිහිටියේය.

ගාල්ලේ මාධ්‍යවේදීන් පවසනුයේ සිකුරාදා සවස ඔහු නිවසේ සිටි බවයි.

මහින්ද රාජපක්ෂ පන්සලට ගොස් පැය භාගයක් එහි ගත කළේය.

රැස්වීම අවසානයේ ඔහුගේ රථය කොග්ගල දෙසට ගමන් කළේය.



අදහස් (0)

මහින්ද සුමනදාසගේ ගෙදර ළඟටම යයි

කරුණාදාස Saturday, 25 April 2015 10:50 AM

මහානාම - කඳාන, මේ වගේ දෙයක් වෙනුවෙන් පිටු ගනන් ලියන්න මහන්සි වීමෙන්ම පේනවා එයා සිතන විධිය. රටට වැඩක් ඇති දෙයක් ගැන ලිව්වා නම් තව කමක් නැහැ. (ස)

:       0       0

ලලිත් Saturday, 25 April 2015 11:03 AM

මටනම් හිතෙන්නේ රට ගලවාගත් වීරයා ජනාධිපතිතුමා නමෙයි මේ සුමනදාස කියලයි. (ස)

:       1       0

සුමුදු හේවා Sunday, 26 April 2015 04:14 PM

අනේ සඳුන්, කාටද ආඩම්බර මේ ලෝකල් අපිට විරුද්ධව ලොකු ලොකු ලෝකයෝ කුමන්ත්‍රණ කරන කොට නේද අනේ..? කව්දෝ ලෝක බවලතෙක් අත් මේස් ගලවලා අත දුන්න වගේද? දන්නෝ දනිති මේ කෝලං (බ)

:       0       0

පණික්කියා Saturday, 25 April 2015 11:33 AM

අනේ අම්මාපල්ලා මෙහෙමත් මිනිස්සු! (ස)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 12:54 PM

පහත දැක්වෙන අදහස මගේ නමින් මෙම පුවතේ සංස්කාරක විසින් පල කර ඇතත් එය මගේ අදහසක් නොවන බව දැනුම් දෙමි. .සුමුදු හේවා 2015-04-25 06:46:37සුමනදාස මැතිඳුනි, නිසි ලෙස මග පෙන්වන්න. මහින්ද මහත්තය ජය ටැඹ කරා ගෙන යාම ඔබට බාරයි මැතිදුනි. සුමුදු හේවා 2015-04-25 06:48:21 ආණ්ඩුව වෙනස් වූ පමණින් සුමනදාස මැතිදුන් රාජකීය දෛවඥයා යන තනතුරෙන් ඉවත් නොකළ යුතුයි. මේ කිසිවක් මගේ අදහස් නොවන බව යළිදු පවසමි. (බ)

:       0       0

සෙනරත් Sunday, 26 April 2015 07:41 AM

සුමනදාසට හපන් සුමුදු හේවා. මේ සුමුදු හේවා ඉස්සර ලිව්වේ බන්දුල පෙරේරා කියල. ඉස්සරත් මොනවා හරි කියල ඇන ගත්තහම මගේ නෙමේ . මගේ නමින් වෙන කව්රුහරි දාල කියනවා. ලැජ්ජාවක් කියල නාමයක් නැහැ. බන්දුල උන්නැහේ ඉස්සර කියා කියා හිටියේ මහින්ද පැරදුනොත් අයෙත් මෙතන ලියන්නේ නැහැ කියල. මහින්ද ,සුමනදාස ,සුමුදු හේවා සේරම එක බෝට්ටුවේ (බ)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 01:08 PM

අපේ රට දිනෙන් දින අගාධයකට ඇදී යනු පෙනෙන මොහොතක ජනතාවගේ අවධානය යොමු විය යුතු ඉතා වැදගත් සිදුවීම් කොතෙකුත් ඇති මොහොතක මෙබඳු නොවැදගත් සිදුවීමකට මෙලෙස ප්‍රමුඛත්වය දිය යුතු යැයි නොසිතමි. (බ)

:       0       0

සෙව්වන්දි Sunday, 26 April 2015 07:44 AM

ඇසළ කිව්වට මම හිතන්නේ නැහැ මහින්ද ,සුමනදාසව අගමැති අපේක්ෂකයා විදිහට ගෙන්න හදනවා කියල. මහින්දට ඕනේ එයාට එන්න. (බ)

:       0       0

සත්‍යයා Sunday, 26 April 2015 07:47 AM

මේ කර ගත්ත පිනෙන් සුමනදාස මතු බුදු වෙනවා. (බ)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 01:24 PM

ජෙහාන්, සමන්ත, උමේෂ් මෙම පුවතට අදාළ මගේ නමින් පළ කරන ලද මගේ නොවන අදහස් දෙකක් (2015-04-25 06:46:37 සහ 2015-04-25 06:48:21) මගේ යයි සිතා ඔබ විසින් ප්‍රතිචාර දක්වා ඇතත් එකී අදහස් මගේ නොවන හෙයින් ඒ අරබයා ඔබ දක්වන ප්‍රතිචාර ද මා විසින් භාර නොගනිමි (බ)

:       0       0

සුමුදු Saturday, 25 April 2015 01:31 PM

ජෙහාන්, සමන්ත, උමේෂ් , ලංකාදීප පත්‍රයේ මෙම පුවතට අදාළ මගේ නොවන අදහස් දෙකක් (2015-04-25 06:46:37 සහ 2015-04-25 06:48:21) මගේ යයි සිතා ඔබ විසින් ප්‍රතිචාර දක්වා ඇතත් එකී අදහස් මගේ නොවන හෙයින් ඒ අරබයා ඔබ දක්වන ප්‍රතිචාර ද මා විසින් භාර නොගන්නා බව ඉතා කාරුණිකව දැනුම් දෙමි. ස්තුතියි. (ස)

:       0       0

චතුරි Saturday, 25 April 2015 01:32 PM

සියලු ජාතින් ඔබගේ වටිනා කාලය මෙම අදහස් වෙනුවෙන් නාස්ති නොකරන්න. මෙහි ඇති දෙයින් ඔබගේ වටිනා දැනුම මෝඩයින් අයුතු ප්‍රයෝජන ගනී. මෙයට යොදන කාලය ඔබගේ දරුවකුට දැනුම දෙන්න. යහපාලනය නමැති ගහේ දල්ල කන්න යන්නේ. දුප්පත් මිනිසකුට වචනයකින්වත් උදව්වක් නැහැ. නමුත් දේශන දෙනවා. පරණ පුස්කොල පොත් බලාගෙන. (ස)

:       0       0

මහනාම - කඳාන Saturday, 25 April 2015 01:43 PM

කරුණාදාස මහතාණෙනි , මේ අදහස දාන මට පිටු ගණන් ගියෙත් නෑ, පැය ගණන් ගියෙත් නෑ . මට අවශ්‍ය වුනේ රටේ ජනතාව එලඹගෙන සිටින වැරදි මතය නිවැරදි කිරීම පමණි , එය පිලි ගැනීම හෝ නොගැනීම පාඨකයාගේ කාර්යකි . ඔබ තුමාට මෙය නොවැදගත් වුවාට ඇත්තෙන්ම මෙය වැදගත් , මොකද රටේ දේශපාලනය හෝ ආනාගතය තීරණය කරන්න නක්ෂත්‍ර කරුවන්ට බැරි බව ජනතාව තේරුම් ගත යුතුයි, මන්ද මේ 21 වෙනි සියවසේ රටේ දේශපාලන ධාරාව නොවේ, අපගේ ජිවිත වල ද කිසිම දෙයක් නක්ෂත්‍ර කරුවන්ට අනාවැකි කීම හෝ තීරණ කල නොහැක . ඉතින් කරුණාදාස මහතාණෙනි මේ ගැන ලිවිම වරදක්ද ? (ස)

:       0       0

මහානාම - කඳාන Saturday, 25 April 2015 01:50 PM

දිනෙන් දින , වෙනත් අයගේ නම් වලින් අදහස් දැක්වීම වැඩිවෙමින් පවතින අතර , මේ සංවාදයේ වැදගත් බාවය රැක ගැනීමට ලේකඛයාගේ අනන්යතාවය පිළිබද සලකා බලන්න සිදුවෙන දවස වැඩි ඇතක නොවේ . ප්‍රශ්නය ඇයි මිනිසුන් මෙතරම් පහතට වැටෙන්නේ ? (ස)

:       0       0

රකිත් Saturday, 25 April 2015 01:50 PM

එහෙනං මේ මහා ලොකුවට ජෙහානුයි , සමන්තයි , උමේෂුයි ඔලොක්කුවට කතා කරලා තියෙන්නේ ඩුප්ලිකේට් සුමුදු කෙනෙකුගේ කතාවක් ගැනයි. හූ හූ රැවටිච්චි පොල්කිච්චි. කැන්ද ගහේ එල්ලිච්චී. (ස)

:       0       0

විකුම් Saturday, 25 April 2015 04:56 AM

ඇයි නාවෙ මා සොයලා... (නි)

:       0       0

රංගා Saturday, 25 April 2015 02:04 PM

මමත් පිවිතුරු යහපාල කියන දේ එක සිතින්ම අනුමත කරනවා. අපි සුමනදාස මහත්තයාට එදා වගේම අදත් ආදරය කරනවා. රාජපක්ෂ පාලනයෙන් රට මුදා ගත් තැනැත්තා හැටියට. (ස)

:       0       0

ද.ස.විජේවර්ධන Saturday, 25 April 2015 02:15 PM

සුමනදාස වැනි අයකුගේ අනාවැකි පිළිගන්න තරම් රටේ ජනාධිපතිව සිටි මහින්ද ජනදිපති තුමා පහල වැටීම ලොකු ප්‍රශ්නයක්. (ස)

:       0       0

දිසානායක Saturday, 25 April 2015 02:34 PM

සුමුදු හේවා ඔබ හරි. (ස)

:       0       0

ජොහාන් Saturday, 25 April 2015 05:11 AM

මේ ඔක්කොම ජාත්‍යන්තර බොරුකාරයෝ කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

තරංග Saturday, 25 April 2015 05:13 AM

අනේ අපරාදෙනේ! (නි)

:       0       0

රොහාන් සෞදි Saturday, 25 April 2015 05:14 AM

දීපු ලණුවේ හැටියට සහ කාපු ලණුවේ හැටියට කොහොම යන්නද එයාගේ ගෙදර. (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 05:17 AM

සුමනදාස මැතිඳුනි,නිවසට නොපැමිණියද මහින්ද මහතාගේද , ජාතියේද මහා රාජකීය දෛවඥයා ඔබයි.අපි සැමදා ඔබ සමඟයි. (නි)

:       0       0

සඳුන් Monday, 27 April 2015 12:49 AM

"මෙවර ප්‍රහාරයට පැමිණි යහපාලන කල්ලියේ කුලී මැරයන්" සුමුදුගෙ දැනුම දෙකොනින් බේරෙනවා. මැරයන් මේවගේ ලිය ලිය ඉන්නවද (ස)

:       0       0

ඇසළ Saturday, 25 April 2015 05:25 AM

අද ඇතැම් මාධ්‍යවේදීන් සුමනදාස මහත්තයත් මහින්ද මහත්තයත් අතර බිඳීමක් ඇති කිරීමට උත්සාහ කරනවා. මේ දෙදෙනාට වෙනත් කටයුතු යෙදීම නිසා මේ සඳහා අවස්තාවක් නොලැබුණා වෙන්නට පුළුවන්. කෙසේ නමුත් මහින්ද මහත්තයාගේ අනාගත සියලු දේශපාලන කටයුතු සුමනදාස මහත්මයාගේ උපදෙස් අනුව ජෝතිශයට අනුව සිදුවිය යුතුයි. (ස)

:       0       0

මුදියන්සේ Saturday, 25 April 2015 03:23 PM

දැන් ඉතින් ඕව කියල වැඩක් නැහැ කොහොමත් හොර ගුරුන්නාන්සෙල ඇසුරු කරන මෝඩයන්ට ඕව හොඳ පාඩම්. (ස)

:       0       0

පිවිතුරු යහපාල Saturday, 25 April 2015 05:29 AM

සුමනදාස මැතිදුනි. අපි ඔබට එදා වගේම තවමත් ආදරෙයි. මහින්ද මහත්තයට දිගටම මග පෙන්වන්න. සුළු පසුබෑම් වලින් පසුබට නොවන්න. (ස)

:       0       0

සදුන් Sunday, 26 April 2015 10:36 AM

සුමුදුහේවාට විරුද්ධව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වගේ(දිල්)

:       0       0

මහානාම - කඳාන Saturday, 25 April 2015 06:04 AM

මෙතන ඇත්තේ හදා ගත් මවා ගත් , හැදු හෝ මැවූ ප්‍රබන්ධයකි . සුමනදාස මහතා හෝ වෙන යම් කෙනෙක් කීව නිසා ජනාධිපතිවරණ තිබ්බේ නෑ, දිනෙන් දිනම සන්ධානයේ ජනප්‍රියත්වය පිරිහුණා , බස්නාහිර , දකුණ පළාත් සබා යාන්තම් දිනූවද , සැබෑපසු බෑමක් පෙනුනා . නමුත් සන්ධානය එය එතරම ප්‍රබලව ගණන් ගත්තේ නෑ, ඊළඟට උෟව පළාත් සභාවේදී මෙය හොඳින්ම තහවුරු උනා , නමුත් මේ වනවිටත් සන්ධානයේ ජනප්‍රියත්වය අඩු වෙමින් පැවතුනද , මහින්ද මහතා ගේ පුද්ගලික ජනප්‍රියත්වය පැවතුනා . නමුත් එන්න එන්නම් සමස්තයක් වශයෙන් සන්ධානය දුර්වල් වූ නිසාත් , මාර්තු වල ජිනීවා මානව හිමිකම් සමුළුව ට කලින් ජය ලබා ගන්න ඕනේ නිසා තමයි ඡන්දෙ පෙබරවාරි 8 තිබ්බේ. පාප් වහන්සේ එන කට ළඟ. එහෙම නැතිව මේ සුමනාදාස මහතා කිව්ව පලියට ඡන්දෙ තිබ්බේ නෑ , හැබැයි එතුමා මහින්ද මහතා දිනනවා කිව්වා. එ්ක මහින්ද මහතා තදින්ම විශ්වාස කළා. ජ්‍යොතීෂයන්ට ඡන්ද ප්‍රතිපල ගැන කියන්න පුළුවන් නම් ඉතින් මොනවා කරන්න බැරිද ? එයා ලා කියනවා , දිනනවා හෝ පරදිනවා , සම වෙන්නේ නෑ නේ , ඉතින් 50% 50% කතාවක් තියෙන්නේ .පවතින දේශපාලන වතාවරනය අනුව තමා දේපාලන මතය අනුව අනාවැකිය කියනව. හරි ගියොත් ගොඩ , පැරදුනොත් සද්ද ඕෆ් කර ටික කාලයක් ඉන්නවා . (ස)

:       0       0

ඇන්ජෙලෝ Saturday, 25 April 2015 06:11 AM

සුමනදාස මහතා ඔහුගේ රැකියවටත් රටටත් නිගරු කරපු මිනිසෙකි. (ස)

:       0       0

සිරිමල් Saturday, 25 April 2015 04:33 PM

ජෝතිස්ශය ගොඩක් අය වැරදි විදිහට අවබෝධ කරගෙන තියෙන්නේ. බෞද්ධයෙක්නම් තමන් කරන පවු පින් මතයි ඔහුගේ අනාගතය තීරණය වෙන්නේ, මිනිස්සු ගොඩක් මේ බොරුකාරයන්ට රැවටෙනවා ..තමන් පෙර කල කුසල කර්ම හා තමා දැන් කරන කුසල කර්ම අනුව තමයි තමන්ගේ ඉදිරිය තීරණය වෙන්නේ.තමන් යහපත් දේ කරනවානම් යහපත් සිතුවිලි සමග දිවි ගෙවනවා නම් ජීවිතය අනිත්‍ය බව දන්නවනම් තවත් මොකටද සුමනදාසල. (ස)

:       0       0

නුවන්සර Saturday, 25 April 2015 06:26 AM

මොහු සහභාගි වූ සත්‍යාගාරය වැඩසටහන බැලු කෙනෙක් ජෝතිෂ ශාස්ත්‍රය කිසිදා විශ්වාස නොකරනු ඇත.මෙනයින් බලන කල හිටපු ජනාධිපතිතුමා බොහෝ පාඩම් ඉගෙනගත් බවක් පෙනේ. (නි)

:       0       0

ජෝන් Saturday, 25 April 2015 06:30 AM

සුමනදාස රට බේරාගත් වීරයෙකි (නි)

:       0       0

සිරිනිමල් කරුණාරත්න. Saturday, 25 April 2015 06:38 AM

සුමනදාස අතිගරු මැතිඳුනි, ඔබතුමා කළ මෙහෙය ඉතා අගනේය. වන්චනිකයන්ගෙන් හොරුන්ගෙන් රටබේරා ගැනීමට මග සැලසූ අයගෙන් කෙනෙකි ඔබතුමා, උත්තරීතර පාර්ලිමේන්තුවේ පාපිස්සකට මැක්කන් හලා දැමීමම ඔබතුමන් අතින් සිදුවීමත් ගෞරවයට හේතුවක්. "පිවිතුරු යහපාල" ද වටහා ගැනීම ලොකු දෙයක්. (ස)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 25 April 2015 06:41 AM

රාජපක්ෂ සමයේ පල් හොරු රාජපක්ෂව අන්දලා රටේ සල්ලි වලින් තට්ටු පහ දහය ගහගත්තා. (ස)

:       0       0

සම්පත් Saturday, 25 April 2015 05:13 PM

2009 වන විට මම ජීවත්වුණේ රජයේ නිවාසයක කුළියට. 2014 වන විට මම නිවසක් සාදා එහි පදිංචිවුණා. මෝටර් රථයක් මිළදී ගත්තා. මේ සියල්ලම කළේ මට මාසිකව ලද වැටුපෙන්. මම හොරකම් කළේ නැහැ. ඒත් 2009 රු 5090/- ක් වූ මගේ වැටුප 2014 රු. 20300/-යි. ඒ විතරක් නොවෙයි. අපට බැංකු ණය ගැනීමට අවශ්‍ය ඇප කොන්දේසි ලිහිල්කර තිබුණා. මිනිස්සු ගෙවල් හැදුවේ හොරකම් කරලා නම් මට කවදාවත් ගෙයක් හදාගන්න ලැබෙන්නෙත් නැහැ. වාහනයක් මිළදී ගන්නත් බැහැ. සත්‍ය කිසිදිනක වසන්කළ නොහැකි සේම අසත්‍ය සැමදා පවතින්නෙත් නැත. (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 06:46 AM

සුමනදාස මැතිඳුනි, නිසි ලෙස මග පෙන්වන්න. මහින්ද මහත්තය ජය ටැඹ කරා ගෙන යාම ඔබට බාරයි මැතිදුනි. (ස)

:       0       0

සුමුදු හේවා Saturday, 25 April 2015 06:48 AM

ආණ්ඩුව වෙනස් වූ පමණින් සුමනදාස මැතිදුන් රාජකීය දෛවඥයා යන තනතුරෙන් ඉවත් නොකළ යුතුයි. (ස)

:       0       0

ඇසළ Saturday, 25 April 2015 06:50 AM

සුමනදාස මහත්තය මහින්ද මහත්තයාගේ පැත්තෙන් අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් විය යුතුයි. (ස)

:       0       0

නිමල් Saturday, 25 April 2015 06:54 AM

මේ බොරු සමයන් විශ්වාස කරන පිවිතුරු යහපාලල වගේ මිනිස්සු තමා මහින්ද වටේ ඉන්නේ. මෙලෝ දෙයක් ගැන කිසි තේරුමක් නැහැ. (ස)

:       0       0

සුමුදු හේවා Monday, 27 April 2015 04:35 PM

සඳුන් නොදන්නවාට පෑනෙනුත් (හෝ පරිගණක යතුරු පුවරුවෙනුත්) කළ හැකි මැරකම් අපමණකි. (නි)

:       0       0

සිරි Saturday, 25 April 2015 07:00 AM

ඔහු ජ්‍යොතිෂය නමැති කඩුවෙන් මෙතුමාගේ ප්‍රතිරූපය මොටකර දැම්මා (නි)

:       0       0

ලුම්බිණි Saturday, 25 April 2015 07:02 AM

මම හිතනවා සුමනදාස කලේ රටට සේවයක් කියල. (ස)

:       0       0

අ.බ. ශ්‍රීලාල් Saturday, 25 April 2015 07:10 AM

රටකට පාලකයෝ ඕන රටේ මිනිසුන්ගේ යහපතට. ජෝතිර්වේදය හරි ආගම් හරි ජනතාවගේ යහපතට යොදවන්න මිසක් තම බලය රැකගන්න නෙමෙයි. දැන් රටේ වෙන සමහර ජවනිකා හාස්‍ය මවන දේවල් විතරයි . (ස)

:       0       0

ශාන් Saturday, 25 April 2015 07:11 AM

සුමනදාස වගේම මහින්ද ත් යන එන තැන් අපිට වැඩක් නෑනේ, මහින්ද පැරදුන මිනිහෙක් විතරයි. අපි බලයේ ඉන්න අය කරන වැඩ ගැන කතා කරමු. (ස)

:       0       0

නසාර් Saturday, 25 April 2015 07:21 AM

සුමනදාස දෙවි කෙනෙක්ද ? (බ)

:       0       0

අපොන්සු Saturday, 25 April 2015 07:23 AM

ඔබ ජාතිය බේරාගත් වීරයෙකි, සුමනදාස මැතිදුනි. (බ)

:       0       0

දමින්ද Saturday, 25 April 2015 07:29 AM

මහින්ද මැතිදුන්ගේ සෑම අසීරු වෙලාවකම සුමදාස මහත්තයා ලඟින්ම හිටිය. මහින්ද මහත්තය ලඟ හිටිය ඕනම කෙනෙක් එ්ක දන්නවා.මේවෙලාවෙ ජනාදිපතිවරනයකට ගියේ සුමනදාස මහත්තය කිව්ව නිසා කියල ටොයියො කියන කොට ඒක විස්වස කරල එතුමට බනින මෝඩයොත් ඉනනවා.මහින්ද මහත්තයා ඡන්දෙකට ගියෙ සුමනදාස මහත්තයා කියපුනිසා නම් මහින්ද තරම් මෝඩයෙක් තවත් ඉන්නවද..දසක තුනක ඉදන් මහින්ද රාජපක්ශ මැතිතුමට තිබුන ප්‍රබල ශක්තියක් අද ටොයියො එකතු වෙලා ලස්සනට බිදල දැම්මා. (ස)

:       0       0

දිනූෂා Saturday, 25 April 2015 07:29 AM

අනේද කියන්නේ නිමල්. යහපාලමයා මෙලෝ රහක් නෑ. ලංකාවේ ඉන්න මිනිස්සු තමා දන්නේ කතන්දරේ. මෙයා ඉතින් වඳුරට දැලිපිහිය අහුඋනා වගේ අදහස් දානවා හැම මගුලකටම. වැඩක් නැත්තම් පහුගිය මාස තුනට සුරා බදු ආදායම සීයට 125 කින් වැඩි උනේ කොහොමද කියල බලලා අපටත් කියන්නකෝ යහපාල මහත්තයෝ. (ස)

:       0       0

අනුර Saturday, 25 April 2015 07:30 AM

මහින්දට අත් විඳින්න සිද්ද උනේ දිට්ඨධම්ම වේදනීය කර්මය. මොකද පසුගිය වසර 10 තුල ජනතාවගේ මුදල් ගසාකෑම සංවර්දනය කියමින් මිනිසුන් මුලා කර ජාතික ධනය එක පවුලක් විසින් අත්තතොනෝමතික ලෙස පාලනය කිරීම, ඒ තුළින් රට විශාල අගාදයකට ගෙනයෑම සෑම අංශයකින්ම රට දුර්වල කර පටු දේශපාල වාසි ලබා ගැනීම උදෙසා රට ජාත්තරය ඉදිරියේ උගස්කර ජාතිවාද අවුස්සා එ්කාධිපති වියරුව තර කරගනීමට උත්සා කිරීම ඔහුගේ පරාජයට හේතු විය. (ස)

:       0       0

කෙවින් Saturday, 25 April 2015 07:41 AM

තමන්ට රජකම අහිමි කරවපු මනුස්සය බැහැ දකින්න යන්න මොලේ අමාරුවක් තියෙන්න ඕනේ. (ස)

:       0       0

පියල් Saturday, 25 April 2015 08:28 PM

සුමනදාසට මල්තියලා වඳින්න වටිනවා (නි)

:       0       0

දර්ශන Saturday, 25 April 2015 07:47 AM

මමනම් කියන්නේ පිවිතුරු යහපාල මහත්තයෝ පහුගිය ජනාදිපතිවරණයේ තරඟයේ විරයා සුමනදාස මහත්තයයි, එතුමා නොහිටින්න රටට මොනවයින් මොනවා වෙලාද කියන්න බැහැ. (ස)

:       0       0

සඳුන් Saturday, 25 April 2015 09:18 PM

මේ රට මොකක් කියලද දන්නෙ නැහැ හිතාගෙන ඉන්නේ? (නි)

:       0       0

දිසානායක Saturday, 25 April 2015 08:07 AM

සුමනදාස මොකෙක්ද ? එයාගාවට යන්න මහින්දට පිස්සුද (බ)

:       0       0

පතිරණ Saturday, 25 April 2015 08:23 AM

ඔය යනගමන් ගිහිල්ල අල්ලස් කොමිසුමට කට උත්තරයක් දෙන්න එතකොට මේ කරගෙන යන වැඩ ටිකට පහසුයි විශාල පිරිසක් දැන් නීති විරෝධී වැඩ කරලා අද නීතියට වැලි ගැසීමට උස්සහ කරනවා ඔබතුමාගේ කාලේ නිතිය වල් වැදුණු බව ඇත්ත නමුත් වර්තමාන රජය රටේ යහපාලනයක් ගොඩ නැගීමට උත්සහ කරනවා අපි කාගේත් වගකීම අවංකව ඒ දේට සහ යෝගය ලබා දීමයි! (බ)

:       0       0

සත්‍යපාල Saturday, 25 April 2015 08:27 AM

පක්ෂේ ඇතුලෙත් නායකකම ඡන්දෙන් පැරදිලා තමන්ගේ නායකයන්ගේ අකාල මරණ වලින් ලුලා නැති වලේ කනයා පණ්ඩිතයා ලෙස නායකයා වුන 29පාරක් මහජන ජන්දයෙන් පැරදුන තමන්ගේ ආසනෙත් පැරදිලා අනුන්ගේ පානෙන් එලිය බලන පින් අගමැති කව්ද? (බ)

:       0       0

සත්‍යපාල Saturday, 25 April 2015 08:26 AM

පක්ෂේ ඇතුලෙත් නායකකම චන්දෙන් පැරදිලා තමන්ගේ නායකයන්ගේ අකාල මරණ වලින් ලුලා නැති වලේ කනයා පණ්ඩිතයා ලෙස නායකයා වුණ 29පාරක් මහජන ජන්දයෙන් පැරදුන තමන්ගේ ආසනෙත් පැරදිලා අනුන්ගේ පානෙන් එලිය බලන පිනා අගමැති කව්ද? (අ)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 25 April 2015 08:28 AM

සුමනදාස නම්වූ රටට ආදරය කරන මිනිසා මේ රටේ නැතිවෙමින් තිබූ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකල බව මගේ හැඟීමයි. (ස)

:       0       0

ජෙහාන් Saturday, 25 April 2015 08:30 AM

බලන් යනකොට මහින්ද මහතාට කේන්දර බලන්න සුමනදාසව රෙකමදාරු කරලා , එතුමාව අමාරුවේ දාල තියෙන්නේ සුමුදු හේවාද කොහෙද ? (ස)

:       0       0

සෑම් Saturday, 25 April 2015 08:32 AM

මමත් පිවිතුරු යහපාල කියන දේ එක සිතින්ම අනුමත කරනවා. අපි සුමනදාස මහත්තයාට එදා වගේම අදත් ආදරය කරනවා. රාජපක්ෂ පාලනයෙන් රට මුදා ගත් තැනැත්තා හැටියට. (ස)

:       0       0

සමන්ත Saturday, 25 April 2015 08:34 AM

අනේ ඇත්තට සුමුදු හේවාට ලැජ්ජාවක් නැති හැටි. සුමනදාසටත් වැඳගෙන කඩේ යනවා . මහින්ද මහතාට කඩේ යාම නම් අපිට තේරුම් ගන්න පුළුවන්. (ස)

:       0       0

දිල්හානි Saturday, 25 April 2015 11:26 PM

සුමනදාසලා වැනි අය කියන පදයට නටන අය රට කරවීම මහත් භයානකි දෙයකි. එහි ප්‍රතිඵල ඒ අයට මේ වනවිටත් ලැබි ඇත. (නි)

:       0       0

උමේෂ් Saturday, 25 April 2015 08:59 AM

සුමුදු හේවා ඔයා සුමනදාසටත් කඩේ යනවානේ. ඔයාගේ කේන්දරේ බලන්නෙත් එයාද ? (ස)

:       0       0

පාලිත Saturday, 25 April 2015 09:01 AM

සුමුදු හේවා බලන් යනකොට කඩේ යන්නේ නැති කෙනෙක් නැහැනේ. මහින්දගේ කෝකියාටත් කඩේ යනවාද මන්දා . (අ)

:       0       0

කෙවින් Sunday, 26 April 2015 12:11 AM

සුමනදාසලා තට්ටු ගණන් බිල්ඩින් ගැහුවා. අධ්‍යක්ෂකවරු වුණා. ලක්ෂ ගණන් පඩි ගත්තා. සැප වාහන වල ගියා. ළමයි පිටරට වල උගන්වන්න යැව්වා. මේවට දන්දුන්නේ අපේ සල්ලි. ඒකයි හිතට දුක. (නි)

:       0       0

ජෙනි Saturday, 25 April 2015 09:03 AM

අපොයි අපොයි ලජ්ජා නැතිව කේන්දර කාරයන්ටත් කඩේ යන කට්ටිය මෙතන ඉන්නවා නේ.. (අ)

:       0       0

කපිල Sunday, 26 April 2015 12:11 AM

කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් බළලෝ කිව්වලු. (නි)

:       0       0

ලසිත Sunday, 26 April 2015 12:13 AM

සුමනදාස දැන් ගතකරන්නේ සැඳෑ සමය. එයා කරගන්න ඕනෑ සියල්ල කරගෙන ඉවරයි, අපේ සල්ලි වලින්. උපදෙස් ගත් පාර්ශ්වයත් එසේමයි. අපි තමයි රැවටුණේ. අපේ සල්ලි තමයි පිල්ලි ගියේ. අපේ සල්ලි තමයි දන් දුන්නේ. (නි)

:       0       0

දිල්හානි Sunday, 26 April 2015 12:24 AM

ලෝකයේ උසම ගොඩනැගිල්ල හැදුවේ, ඔබාමා ජනාධිපතිවරණයට ඉල්ලුවේ, කේන්දරය, සුබ නැකැත් බලලාද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

පියදාස Sunday, 26 April 2015 12:25 AM

සුමනදාසට මේ කළ පිනම ඇති (නි)

:       0       0

කාන්ති Saturday, 25 April 2015 09:10 AM

එතනින් කේන්දර අහන්න බය ඇති . එකටත් එක්ක මේ පාඨක පිටුවේ ඔය ඉන්නේ හොඳ හොඳ අනාවැකි කාරයෝ දෙතුන් දෙනෙක්. ගියපාර මැතිවරණයට කලින් කිරි ගහට ඇන්න වගේ කිව්වේ. නවසඳ බලනවා කියල එක්කෙනෙක් කිව්වා අපි මේ තාම අහස බලනවා. (අ)

:       0       0

කෙවින් Saturday, 25 April 2015 09:12 AM

සුමනදාස නෙවෙයිද එතකොට ගිය වතාවේ මහින්දව ජය ටැඹ කරා ගෙදරම අරන් ගියේ එතකොට (අ)

:       0       0

දිලාන් Saturday, 25 April 2015 09:14 AM

ඇයි ඇසළ ඒ විතරක්ද ? කේවට්ටයාගේ තනතුරට සුමුදු හේවා ඉන්නවනේ. (බ)

:       0       0

සිරිබිරිස් Sunday, 26 April 2015 12:55 AM

"නැකුත් බලා කරපු මඟුල් කැඩිලා යන්නෙ ඇයි? හිතුමතේට බැඳපු එවුන් ජොලියෙ ඉන්නේ ඇයි?" (නි)

:       0       0

සරණපාල Sunday, 26 April 2015 12:59 AM

සුමනදාස වෙන කේන්දර බලන්න කලින් වෙන කාටහරි දීලා හරි තමන්ගෙ කේන්දරය හරියට බලාගත්තා නම් මේ සන්තෑසිය වෙන්නෙ නැහැ නොවැ. (නි)

:       0       0

දිල්රුක් Sunday, 26 April 2015 01:01 AM

මෝහෙන් මුලාවෙලා... මානෙන් උදම්වෙලා... තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ..... මිනිසා කොහේද මේ..... රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ.... මිනිස් ගුණේ සැමදා බැබළේ... (නි)

:       0       0

විජේසුන්දර Sunday, 26 April 2015 01:04 AM

අපරාදෙනේ තේ එකක් බීලා යන්නනේ තිබුණේ (නි)

:       0       0

කෙවින් Sunday, 26 April 2015 01:05 AM

සිරිබිරිස් මහතාගේ ප්‍රශ්නයට උත්තරය මොකක්ද දන්නවද? ඔය නැකැත් කේන්දර ඔක්කොම බොරු. තමන් කළ හා කරමින් සිටින පව් පින් හා තමන්ගේ ප්‍රඥාවත් වීර්යයත් තමයි හැමදේටම මුල්වෙන්නෙ (නි)

:       0       0

මෙවන් Saturday, 25 April 2015 09:28 AM

අනේ මන්ද සුමුදු හේවා ළඟදීම මහින්දගේ ගෙදර කෝකි අප්පුටත් කඩේ යාවි මේ යන කඩේ යාමේ විදියට ! සුමනදාසට මෙතන පසඟ පිහිටුවා වැන්දාද කොහෙද ! (බ)

:       0       0

නිහාල් Sunday, 26 April 2015 01:15 AM

සුමනදාසට මේ කළ පිනම ඇති ලබන ආත්මෙත් රාජකීය දෛවඥයා වෙන්න. (නි)

:       0       0

කසුන් Sunday, 26 April 2015 01:18 AM

සිංහ හම් පොරවාගෙන හැමදාම ඉන්න බැහැ. බොරුව සදාකාලික නැහැ. (නි)

:       0       0

ෆවුල් Sunday, 26 April 2015 01:38 AM

කියන්නා කෙසේ කිවුවත් අසන්න සිහිබුද්ධියෙන් ඇසියයුතුයි. ඕනෑම විද්‍යාවක් වැරදි විදියට භාවිතා කිරීම පාපයක්. (නි)

:       0       0

පාලිත Sunday, 26 April 2015 01:38 AM

රකිත් කියන කෙනා තරමක මොළය සෙමෙන් වැඩෙන කෙනෙක් බව ලියා තිබෙන දෙයින් වැටහෙනවා. (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 26 April 2015 02:57 PM

කොහොමත් යහපාලනය කියන්නේ ම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් නිසා යහපාලන මාධ්‍ය මාෆියාවටත් ජාත්‍යන්තර සහය ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ සඳුන්. මතකනේ අපේ ෆේස්බුක් බේබිලා ලන්ඩන් ඉඳලා අන්තර්ජාලයෙන් කොටි ගිල්ලපු ලණු යාළුවන් අතරේ බෙදා හදා ගෙන අනුභව කරපු හැටි. (බ)

:       0       0

පණ්ඩුක Sunday, 26 April 2015 01:44 AM

රකිත් සහ සුමුදු හේවා කියන්නේ එක්කෙනෙක්ද කොහෙද? නැත්නම් මොකටද මේ සුමුදුට ලැබුන ප්‍රතිචාර ගැන රකිත් ඔච්චර කෙකරගාන්නේ? (නි)

:       0       0

සුමුදු හේවා Sunday, 26 April 2015 02:59 PM

කඳානේ මහානාම මහතාණෙනි, දිනෙන් දින , වෙනත් අයගේ නම් වලින් අදහස් දැක්වීම වැඩිවීම මේ සංවාදයේ වැදගත් භාවය සේ ම මෙම පත්‍රයේ විශ්වසනීය භාවය ද රැක ගැනීමට බාධාවකි. ලේඛකයාගේ අනන්‍යතාවය උදෙසා අපි අපගේ ඊ මේල් ලිපිනය හෝ ෆේස් බුක් ගිණුම හෝ පිලිබඳ තොරතුරු ලබා දෙන හෙයින් මෙයට පිලියමක් යෙදීමට පත්‍රයට හැකි විය යුතු යයි සිතමි. (බ)

:       0       0

සුවඳරත්න Saturday, 25 April 2015 09:44 AM

සුමණදාස සූරින් ජාතියේ පිනෙන් පහල වු පඬිරුවනක්,එතුමා දල්වන ආලෝකයෙන් හිටපු ජනාධිපතිතුමත්,එතුමාගේ පුත්‍ර රත්‍රණයත් යන ගමන් මග සැමදා එකලු කරනු ඇත,එළඹි ඇති රුදුරු ග්‍රහ තත්වය සිර ගෙවල්,අල්ලස් කොමිෂන් තුළ ගත කලත් , සූරින් තෙපලන ඊලඟ වදනින් සෑම දෝෂයන්ම දූරින්භූත වනු ඇත. (ස)

:       0       0

අමර Saturday, 25 April 2015 09:49 AM

ජෝතිර්වේදය විස්වාස කලා නම් එයා තමයි මෝඩය. සුමනදාස නෙමේ. (ස)

:       0       0

සුමුදු හේවා Sunday, 26 April 2015 03:11 PM

විරුද්ධ අදහස් දරන්නන්ට වටකර පහරදීමේ ක්‍රමෝපාය ක්‍රියාත්මක කරනවෝ... මෙවර ප්‍රහාරයට පැමිණි යහපාලන කල්ලියේ කුලී මැරයන් අතරින් පාලිත, පණ්ඩුක, සෙනරත් සහ සඳුන් මේ වන විට හඳුනා ගෙන ඇත. (බ)

:       0       0

අවන්ති Saturday, 25 April 2015 10:05 AM

මම නම් කියන්නේ හිටපු ජනපති තුමා මේ දේවල් විශ්වාස නොකළ යුතුයි. තව අවුරුදු 2ක් කල් තියෙද්දී එතුමාට දිනනවා කියලා බොරු ප්‍රකාශ කළා. එතුමා පරදින බව දන්නව නම් කලින් කියන්න තිබුනා. මේවා ඇත්ත දේවල් කියලා පිළිගන්න බැහැ. (ස)

:       0       0

ලාල් Sunday, 26 April 2015 03:38 PM

සත්‍යය අනාවැකිය කිව්වේ හිටපු එක්කෙනාගේ අාන්ඩුඩේ හිටපු අගමැති.එයා හුගක් වයසක කෙනානේ.එයා සුමනදාස අබේගුණවර්ධනට වඩා දක්ෂයි සත්‍යය අනාවැකි කියන්න. (බ)

:       0       0

බණ්ඩාර Sunday, 26 April 2015 05:04 AM

සුමනදාස මහත්තයා මීට අවුරුදු 20කට පෙර නම් හිටියේ තට්ටු නිවාසයක නොවේ (දිල්)

:       0       0

මහනාම - කඳාන Sunday, 26 April 2015 03:50 PM

සුමුදු හේවා මතාතාණෙනි ඔබ ගේ අදහසට මම එකගයි. කතා කරන අය තමා කියන දේ ගැන වග කිව යුතුයි . වගකිමක ඇති ලංකා දීප පුවත් පත මේ ගැන අනාගතයේ අවශ්‍ය පියවර ගනු ඇතයි සිතමි . මේ සිදුවන් දේවල් තේරුම් ගන්න බැරි අපේ අය දේශපාලය විද්‍යාවක් සහ ආගමක් ලෙස සිතා එයට වන්දනා මාන කරන නිසා , දේශපාලනය යනු තත්පරයෙන් තත්පරය , තැනින් තැනට , පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන කලාවකි . කලාවට මූලධර්ම නැත (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 25 April 2015 10:40 AM

මේ එකක්වත් නෙවෙයි ඇත්ත , යුද ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද මහත්තය හිතුව එතුමා මොනවා කලත් ශ්‍රී ලාංකිකයෝ එතුමාව අතහරින්නේ නැහැ කියල , එතන ඉඳන් එතුමා වැඩ කලේ එ් විශ්වාසයෙන් අත්තනෝමතිකව බලයෙන් උදම් වෙලා. තමන්ට වඩා කෙනෙක් ලොවෙත් නැහැ ලොවි ගහෙත් නැහැ කියල, නිකමට හරි පරාබව සූත්‍රය එතුමා කියවල තිබුනා නම් එතුමාට මේ වගෙන් ගැලවෙන්න තිබුන , කරුමෙට ළඟ හිටපු හාමුදුරුවන් වහන්සේලවත් මේ වටින සූත්‍ර දේසනාව ගැන අවබෝදයක් ලබා නොදීමෙන් තමන්ගේ වල තමන්ම කපා ගත්ත , ඇත්ත කතාව මේකයි , සුමනදාස කියන්නේ ජෝතිර්වෙදියෙකුට වඩා දක්ස කට්ටඬියෙක්, කට්ට ආඬි = කපටි හිඟන්නා කියන තේරුමයි. දැන් තේරෙනවා නේද පිවිතුරු යහපාලගේ මොලේ තරම. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2571 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 436 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1750 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5113 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3418 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3774 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site