IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මහනුවරටත් බහුවිධ ප්‍රවාහන පර්යන්තයක්

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මට්ටමේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයකට ඇතුළත් වන බස් හා දුම්රිය ඒකාබද්ධ ප්‍රවාහන සේවාවන් සහ පෞද්ගලික වාහන නවතා පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කිරීමේ පහසුකම් ඇතුළු සියලු පහසුකම් සහිත බහුවිධ ප්‍රවාහන පර්යන්තයක් මහනුවර ස්ථාපිත කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් පසුව වසර තුනක කාලයක් ඉදිකිරීම් ඇනහිට තිබීම හේතුවෙන් මහනුවර නගරයට පිවිසෙන විශාල පිරිසක් පීඩාවට පත්වවන බවත් එබැවින් මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතට පවරාගෙන ලබන වසර තුළ ලෝක බැංකු ආධාර යටතේ යළි ආරම්භ කිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර්  කැඳවා ඇති බවත් අමාත්‍යවරයා කීය.

එම ටෙන්ඩරයේ කටයුතු දින 45 ක් තුළ අවසන් කර වසර තුනකින් එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (1)

මහනුවරටත් බහුවිධ ප්‍රවාහන පර්යන්තයක්

Kumar (Gulf) Tuesday, 04 October 2022 12:15 AM

තව හොඳ ගැහිල්ලකට සුදානම් වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 0 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 7382 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1164 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 629 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1094 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2472 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site